සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා...

තවත් සූර්‍ය මංගල්‍යයක් උදාවුනා ලංකා වාසීන්ට... කාලෙකින් නොදැක්ක නෑයෝ, නොනෑයෝ, හා සමහරුන්ට නෑයෝත් නොනෑයෝත් වන තමන්වත් නැවත දකින්න අවස්ථාවක් උදාකරමින්... දෛනික ජීවිතයේ එබිලා ඉන්න අයට තමන් දිහා බලන්න වත් , තමන් අතින් තමන්ගේ අයට වෙච්චි වැ‍රැද්දකට සමාව ගන්න වත් වෙලාවක් නෑ... ඔය කොයි දේත් සමහන් කර අලුතින් පටන් ගැන්මක් අරගන්න කියාපු කාලය... මම වරෙක පුහුණු පාඨමාලාවකට ස්වීඩන් රටේ ටික දිනක් ගත කලා... යුරෝපයටම නවීනත්වය හඳුන්වාදෙන්නේ ඔවුන් කියන සියුම් ආඩම්බරය ඔවුන් තුල තියනවා... නමුත් පුද්ගලිකව කථා කලහම බොහෝ දෙනෙක් ගේ පවුල් ජීවිත වල සීමා හරිම කෙටියි....බොහෝ දෙනෙක් තමුන්ගේ පවුලෙන් පිට නෑයෝ දෙමාපියෝ අවුරුදු ගනනකින් දැක නෑ... පුහුණුවේ අවසන් දේශනය තිවුනේ සමාජ විද්‍යා මහැදුරු තුමෙකුට... ස්වීඩන් සමාජය ගැනත් එහි නවීනත්වය ගැනත් කථාව කරගෙන යනාතුර මම ඔහු නවත්වා ඇහුවා..."මෙපමණ සැලසුම්, නිර්මාණ, ව්‍යාපෘති තිබුණත් ඔබලාගේ පවුල් ඒකකය කියන මූලික සමාජ සංරචකය බිඳ වැටිලා නේද " කියා... මා සමග වාදයට පටලැවුනු ඔහු බොහෝ පැටළිලි දේ කියාගෙන යනවාත් සමග මැදිහත් වූ පාඨමාලා අධ්‍යක්ෂක තුමා අනපේක්ෂිතව ඉදිරියට විත් "තිස්ස කියන්නේ ඇත්ත... අපි අපේ පවුල් ඒකකයේ සාමාජිය තත්වය බිඳවට්ටාගෙන හමාරයි ..."කීවා... ඒ වාදය එතනින් නිමා වුනා...
අද දිනයේත් එවැනිම වාදයක නියැලෙන්නට සිදුවුනේ බුදුදහමේ නැකැත් විශ්වාස කරන්නට එපා කියා ඇති නිසා මුලු සූර්‍ය මංගල්‍යයම මිත්‍යා දෘශ්ඨික වැඩ පිලිවෙලක් යැයි කෙමෙන් කෙමෙන් කරළියට පැමිණෙන මතවාදයක් කරපින්නා ගත් අයකුට කරුණු කියන්නයි... අවුරුදු කාලයේදී සිංහලයා, මල්වර වූ ගැහැණු දරුවෙකු ගේ තුලට වී ඉන්නා සේ දක්වන ප්‍රසිද්ධ යතිවරයකුගේ වෙබ් අඩවියක් උපුටා දක්වමිනුයි ඔහු කරුණු දක්වා තිබුණේ... සබැඳිය මෙතනින් බලන්න... හිත් රිදවා ගන්න එපා කවුරුත්... වාද කරන්න යන්නත් එපා මේ ගැන... අවදියෙන් ඉන්න... සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා...
සප්ත ගිරින් හිරු එනවිට මුලු ලොව ගීයක් වේවා...

රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා...
එකිනෙක මල් විකසිතවී ලොව මල් උයනක් වේවා...

රිද්මය හැමතැන පෑහී මිහිතලයම නැලවේවා...
දුක් පීඩා හැම සේදී ජීවන මග සැරසේවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

27 comments :

  1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  2. මම අද හිතුවත් එක්ක තිස්ස අය්ය අවුරුද්දට මොන වගේ සින්දුවක් අපිට ගෙනෙයිද කියල... සින්දුව ශෝක්.. ආත්මාර්තකාමී හැඟීමක් වුනත් ගීතය අවුරුද්දට ඍජුවම සම්බන්ද නැති වීම ගැන මම සතු‍ටුයි..(සමා වෙන්න සමහර වෙලාවට ඒ වගේ හිතෙනව..)
    අනික මේ ඊයෙ පෙරේද මට ඔය සින්දුවෙන් කමෙන්ට් එකකට reply කරල තිබුනු වෙලාවෙත් මට හිතුන සින්දුවත් දාන්න කියන්න... ඒත් ඉතින් ආයෙ ඕනෙ නෑ කියල නිකා හිටිය.. ඒකත් හොඳයි දැන් බලද්දි.. සින්දුව මම කැමතිම විදියට ලැබිල නෙ..

    ReplyDelete
  3. තිස්ස අයියේ, ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. තිස්ස පවුල කියන්නෙ සමාජයේ තියෙන එකම ස්වාභාවික කණ්ඩායම! ඒක බිඳවැටුනොත් අනාතයි තමා. ඒත් මචං අපි ලෝකෙට බණ කියාගෙන පවුල කියල රකින්නෙ පවුලෙන් භාගයයි. පවුල කියන්නේ අම්යි තාත්තයි දරුවොනුයි කියල කට්ටියක් හිතනවා. අනේ නෑ පවුනෙ එහෙම කියන්න එපා ඇයි ආච්චියි සීයයි. ඒ දෙන්නත් පුවලට අයිතියිනෙ තවත් කට්ටියක් කියනවා. මේවා පවුලේ කොටස්. පවුල කියන්නේ මහා විශාල කණ්ඩායමක්. සංකීර්ණ රුක් සටහනක් වගේ. ඉතින් ඒ සියළුම අතු සමග සම්බන්ධ වෙන්න බැරි වුණත් අඩුම ගානෙ එක බඩවැල කඩාගෙන ආව සහෝදර සහෝදරියෝ ටිකවත් එක පවුලක් ලෙස සිතුවොත්! මේ බලන්න. http://mynotion-bandula.blogspot.com/2010/01/blog-post_20.html

    ReplyDelete
  5. හැමදේම අළුත් කරගෙන හැමදේටම අළුත් අරුතක් දෙමින් ඔන්න අවුරුදු ඇවිල්ලා.
    අපේකම ගැන කොහෙ ගියත් කොන්ද ‍කෙලිං තියාගෙන කතාකරන්න පුළුවං වුනුඑකට ආපහු සැරයක් මගේ ආචාරය ඔබට..
    බොරු හිස් මිනිස්සුත් එක්ක කතාකරලා වැඩක් නෑ ලොකු අයියේ... දවසක් අනුරාධපුරේ ගිය වෙලාවක ලොකු පොරක් කිව්වා මේ දාගැබ් ප්‍රතිසංස්කරනය කරන එක වැරදී.. කාලයත් එක්ක ඒවා විනාශ වෙනවනං එහෙම වෙන්න ඉඩදෙන්න ඕනේ , ඒකයි සොබාදහම කියලා. මතක ඇති කාලෙකට ඒවගේ කතාවක් නොකියන්ඩම මං මිනිහට ඉතිහාසය යි බුද්ධාගමයි විද්‍යාවයි ඔක්කොම ඉගැන්නුවා.
    (පුද බිමක හිටපු හිංදා සංස්කෘත උගන්නන්ඩ ගියේ නෑ)

    උඹ කරපු වැ‍ඩෙත් ඒවගේ හින්දයි මතක්වුනේ..

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  6. තිසා, උඹටත් පවුලේ සැමටත්, උඹේම පවුලේ සාමාජිකයින් වගේ හැමදාම උඹත් එක්ක ඉන්න බ්ලොග් අඩවියේ හිතමිතුරු කැලටත් උඹේ සියළුම හිතවතුන්ටත් සුභ අළුත් අවුරුද්දක් ලැබේවා!
    මම බන්දුල

    ReplyDelete
  7. "පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යන එක නිවසක එකට වාසය කරන විවාහක යුවලක් හෝ ඥාතීන් ලෙස එකට බැඳෙන සමූහයකි."

    ඈත්තම කියනව නම් මම කැමති න්‍යෂ්ඨික පවුලකට. ඒ කීවෙ මායි එයයි එයාගෙයි මගෙයි ළමයි ඉන්න පවුලකට .මොකද සමහර වෙලාවට අම්ම තාත්තා වුනත් පවුල් ප්‍රශ්ණ වලට කර පොවන එක කරදරයක් (දෙගොල්ලටම) ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ දෙමාපියන්ට සලකන්නෙ නැහැ කියල.

    නැකැත් ගැන කතා කරොත් ඒවගේ යමි ඈත්තක් තියනව. දැන් බලන්න ගොඩක් වෙලාවට නැකත් දවසට වහිනව . මහ හයියෙන් නෙමෙයි සිරි පොද වැස්සක්. නැකැත් බැදිල තියෙන්නෙ ස්වභාදහම එක්ක.

    බුදුදහමේ නැකැත් ගැන කතා කරන්නෙ නැති වුනත් බුදුරජානන්වහන්සේගෙ වැදගත් අවස්ථා බොහොමයක් සිදුධ වුනේ පොහොය දවස් වල.

    ඉතින් පොහොය කියන්නෙත් එක් ආකාරයක නැකතක් .

    දැන් නම් නැකැත් නවීකරණය වෙලා . ඒකනේ දැන් අවුරුදු කිහිපයක ඉදල නොනකතේ රෑට තියෙන්නේ ....

    ඉස්සර අපි නොනකතේ දවල්ට බඩගින්නේ ඉන්න බැරිව හොරාට කාපු හැටි මතක් වෙලා හිනහයි.

    ReplyDelete
  8. @ වත්
    එක‍ ගෙදරක ඉන්නනම් හොඳම න්‍යාෂ්ඨික පවුල තමා! අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි!
    ඒත් අපි පවුල කියන සංකල්පය තුන් හතර දෙනෙක්ට සීමා නොකළ යුතුයි. අඩුම ගානෙ සිංහල අවුරුද්දටවත් සහෝදර සහෝදරියෝ එකට සෙට් වෙනවානම්!

    ReplyDelete
  9. නැකත් හඳහන් ජෝතිශ්‍ය වගේ දේවල් ගැන මගේ ඒ තරම්ම විශ්වාසයක් නම් නෑ අයියෙ..... ඒත් සිංහල අළුත් අවුරුද්දට ඉශ්ට සිද්ධ කරන මේ චාරිත්‍ර විදි හුඟක් වටිනවා...... පවුලක ගමක ඉන්න හැම කෙනෙක්ගෙම හිත් වල ටික දවසකට හරි සතුට සාමය එකමුතුකම රැකගන්න මේ චාරිත්‍ර ඉවහල් වෙනවා කියලයි මට හිතෙන්නෙ නම්....

    වත් අක්ක කිවුව දේට මමත් එකඟයි.... මමත් කැමතියි න්‍යශ්ටික පවුලකට... හැබැයි දෙමවුපියනුත් එක්ක එකම ගෙදරක ජීවත් වුනත් කමක් නෑ තමන්ගෙ පුද්ගලිකත්වය රැකගෙන..... දරුවො විවාපත් වුනාම එයාලට අවවාද කරනවා හැරුනු කොට අනවශ්‍ය විදියට තීරණ වලට බලපෑම් එල්ල නොකරන්න තරම් දෙමවුපියන් අවබෝධයෙන් කටයුතු කරන එක හොඳයි..... දරුවො හැටියට අපිත් අපෙන් විය යුතු යුතුකම් අනිවාර්යෙන් ඉශ්ටකල යුතුයි...


    අපූරු ගීතයක් තිස්ස අයියෙ..........


    තිස්ස අයියා ඇතුළු පවුලේ සියළුම දෙනාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.......

    ReplyDelete
  10. තිස්ස අයියා... ඔයාගෙ පුර්විකාවෙ තිබුන සයිට් එකට ගියා.. මම කියෙව්වා.. මිනිස්සු හරිම පුදුම ජාතියක්. ටිකක් තර්කයයි, ටිකක් දැනුමයි, තරුණ ආවෙගයයි තුනම එකතු වුනාම ඉතින් කියලා වැඩක් නැහැ.. එ අතරට ඔය පොඩ්ඩක් ඇමරිකාව , එන්ගලන්තෙ වගෙ රටකට ගිහිල්ලා ආපු හාම ඉතින් පිස්සු වගෙ.. මොනවද ලංකාවෙ තියන්නෙ.. "මෙ යක්කු පිස්සු විකාර නටනවා, කෙන්දර බල බල, මොනවද මෙ කරන්නෙ" ඔහොම තමයි.. මිනිස්සු හැමතිස්සෙම බැහැ තර්ක කර කර මුන් මුන්ටම කරගන්න විනාසයක්.. සමාන්‍ය මනසකට හසු වෙන දෙවල් පොඩ්ඩයි.. මම පොත් පත්වලත් දැකලා තියනවා.. එක මට දැනෙනවා. මට එක තර්කයෙන් එලියට ඇදලා ගන්න බැරි බවත් තෙරෙනවා.. ඉස්සර උසස් පෙළ කරන කාලෙ මම යහලුවෙක්ගෙ ආච්චි කෙනෙක්ට හිනා වුනා එයා අන්ධ විස්වාසෙන් ඉන්නවා කියලා. නමුත් දැන් මට යන්තම් හරි වැටහෙනවා මට හැම දෙම අල්ලගන්න බැහැ කියලා..

    අපිට සිංහල මිනිස්සු කියලා කියන්නෙ ඇයි.. මෙවා අපි අත හැරියොත් අපි විශ්ව වැසියොද.. දැන් අපෙ ගොඩක් දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා විශ්ව වැසියො වෙන්න..
    මෙවා අපෙ දෙවල්.. මෙව අමතක කරපු දාකට අපි අපිවම අමතක කරාවගෙ වෙනවා..

    අපෙ මිනිස්සු ගොඩක් අල්ලපු ගෙදර ජිවත් වෙන මනුස්සය කොහොම කෙනෙක්ද කියලාවත් දන්නෙ නැහැ. වැදගත් විදියට ජිවත් වෙනවා කියන්නෙ එක නෙමෙයි. ඔහොම ඉදලා පාරට බහිද්දිම ලොරි කාරයෙක් යට කරන් ගියොත් එදාට ඉස්සර වෙලාම එන්නෙ අල්ලපු ගෙදර මනුස්සයා.

    මිනිස්සු එකපාරම ලොකොත්තර වෙන්න හදනවා. එකනෙ මෙ ප්‍රශ්න ඔක්කොම..

    ReplyDelete
  11. අද හැම තැනම ප්‍රතිසංස්කරණවාදීන්, මෙය සමාජයකට හෝ ජන කොටසකට පමණක් සීමාවූ නොවූ ඕඩු දුවපු පිලිළයක්. අද සමාජයේ වැඩිපුර දැණුම තියෙනවා, ඒත් එය යොදාගතයුතු ආකාරය ගැන දැණුමක් නැහැ. අපි වැජඹෙන මෙ Net මාධ්‍යයත් එක් කාරණයක්. ඉස්සර යම් විස්තරයක් සොයාගන්න පොතක්, සමහර විටෙක පොත් ගනනාවක් කියවන්න වුනා. අද ඕන අප්‍රබංසයක් ගූගල් කරාම අදාල දෙයත් නෙවන දෙයත් ඈඳිලා එනවා. බොහෝ විට අග-මුල දන්නේ නැතිව ඇදලා අරගෙන කියවා මහාප්‍රාණයෙන් කෝට් කරන්නේ නොදන්න දෙයක්, රැල්ලට එය පිලිපදින අය ඉතුරු වින්නැහිය කරනවා පතුරුවලා.

    අබුද්දස්ස කාලෙ... කියන්නෙ මේක වෙන්න ඇති.

    අපි ලංකාවේ අලුත් අවුරුද්ද කියනවා. ඉංදියාවේ බොහෝ පෙදෙස් වල සංක්‍රාන්තිය ලෙසම හන්දුන්වමින් මෙය පිලිපදිනවා. විශේෂයෙන් බොම්බේ අගනගරය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය හා දකුනු ඉංදී‍ය ප්‍රාන්තයන්. තායිලන්තයේ (සියමය) ද ඉතා හරසරින් අලුත් අවුරුද්ද පිලිපදිනවා.

    කවදත් වගේ ලස්සන සින්දුවක මිහිර ලබා දුන්නාට තුති සොයුර.

    ReplyDelete
  12. තිස්ස සොයුරා හා පවුලේ හැමටත්,
    අපේ සොයුර සොයුරියන් හා පවුලේ හැමටත්,
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වෙවා තිස්ස අයියා.. ඔයාට ඔයගෙ පිරිසටත්..

    ReplyDelete
  14. තිස්ස අයියා ලැබූවා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද..
    අයියටත් අක්කාටත් දරු දෙපළටත්
    සාමය, සෞභාග්‍යය සපිරි
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!

    (ගීතයට ස්තූතියි අයියා...
    පූර්විකාවෙන් කියැවෙන මාතෘකාව ගැන මං පස්සෙ අදහස් දක්වන්නම්..)

    ReplyDelete
  15. ප්‍රතිසංස්කරණ වාදීන් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් බිහිවෙයි.. ඒ උන්නැහේලත් ඉතිං මොනව මොනවා හරි කියන්න එපායැ බඩගෝස්තරේ හොයාගන්න.. ඒත් ඉතිං අපේ‍ උරුමයන්, අපේකම එහෙම ලේසියෙන් නැතිවෙන්නෙ නෑ. ඒවා අපේ ඇටමිදුළුවලට බද්ධවෙලයි තියෙන්නෙ. ඕක තේරුංගන්න බැරි පුස්බූරුවොත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ තිස්ස අයියෙ, නිකං කාලෙ නාස්තිවෙන එක විතරයි..

    පවුලෙන් දුරස්වෙලා ඉන්නකොට තමයි පවුලක වටිනාකම වැඩිවැඩියෙන් දැනෙන්නෙ. මට දැං අවුරුදු 4ක් තිස්සෙ පවුලෙ අයත් එක්ක අවුරුදු සමරන්න බැරිවුනා. ලංකාවෙ ඉන්නකොට අගයක් නැතිවුනාට දැන් දැනෙනවා ඒ දවස කොච්චර වටිනවද කියලා..

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  16. @නිමන්ති: බොහොම ස්තූතියි නංගී ඇතුලු සටන් පාසැලේ ගුරුවරුන්ටත් සුභ නව වසරක් වේවා...

    @චේජනා: අවුරුද්දක් පුරාම කාටවත් වෙනසක් නැතිව අපට සේවය කරන හිරු කුමාරයාව වර්ණනා නොකලොත් හොඳ නැ නේ...(ඔය ඉඳහිට පෙත්සමක් ගහන වගේ වැඩ වුනාට)... නොවරද්දා අපේ දුක සැප සොයාබලා සුභ පතන අයව වගේ...? ඔබටත් සුභ නව වසරක් වේවා...

    @බන්දුල: මේ මාතෘකාවට යස පසුවදනක් ඇසූ පිරූ තැන් ඇති ඔබගෙන්... මා ඔබ දු‍ටු පළමු මොහොතේම මට ඒ හැඟීම දැනුනා... මගේ මනුස්සකම හඳුනන ඉව හැමදාමත් වගේ මට "මිනිසුන්" සොයා දෙනවා... හිතවත් මිතුර ඔබටත් සුභ නව වසරක් වේවා...

    @යෝගී: එක්කුස හොත් සොයුරෙක් බඳු මගේ ආදර මල්ලියාට... ඔබ මට ඒ මාවතේ තවත් බොහෝ දුරක් යන්න ශක්තිය සපයනවා... ඔබටත් ඒ වාසනාවන්ත සොයුරියටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා...

    @වත්: ඔය ගොඩක් දේ මිනිස්සුන්ට වෙන්නේ අපේ සංකෘතිය ගැන ආඩම්බරයක් කෘතවේදිත්වයක් නැතිකම නිසා... නංගීටත් අම්මාටත් සොයුරියන්ටත් සුභ නව වසරක් වේවා...

    @විශ්මි: ඔන්න ඔය දේ, ඔය වයසෙදිම ඔහොම්මම ගත්තම හොඳටම හොඳයි... සැම දේම සම සිතින්... අප මව්බිමේදී හමුවන සුභ නව වසරක් වේවා...

    @රවා: උඹේ කතාවට මට ඉහිලුම් නැතිවා ගියා මලේ... සියයට දාහක් එකඟයි උඹත් එක්ක... මේ වසරේදී අපි අනිවා හමුවෙමු... සුභ නව වසරක් වේවා...

    @ගල්මල්: මම හිතන්නේ සොයුර ලොකේ ගැන අබැටක් වත් ධර්මය නොදැන, අපේ දුකා කියන්න වාගේ නැට්ටෙන් අල්ලගෙන නැටීමකි මේ වෙන්නේ... හෙහ් හෙහ් හෙහ් දැනුමත් ගූගල් කරනය වෙලා... ප්‍රත්‍යක්ෂය හා අත්දැකීම් පහලට ගිහින්... අස්සලාමු අලෙයිකුම්... ජයවේවා...

    @සන්සරසිදු: තමන්ට ස්වභාවයෙන් ලැබුනු මනුස්සකමෙන් ලෝකෙට තවතවත් යහපතක් කරන්නට මල්ලියාට ශක්තිය ධෛර්‍යය ලැබෙන සුභ නව වසරක් වේවා...

    @Buratheno: ඔබ වාගේ සොඳුරු මිනිසුන් මා අසලින් සිටියානම් කොච්චර හොඳදයැයි සිතෙන්නේ මේ වෙලාවට මගේ මල්ලියේ... දේශ දීපංකරේ හක්කලං කෙරුවත්, අපේ කමත් මනුස්සකමත් ඉහලින්ම වැජඹවන ඔබත්, එකතුකරන් සිරුරෙන් වෙන්ව සිටියත් මනසින් අපි අපේ අවුරුද්ද සමරමු... ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා... (ඔබ මුණ ගැසීමට ඉතා ආසාවෙන් පසුවෙමි...)
    නොදැන

    ReplyDelete
  17. හැමදාම වාගේ තවත් හිත හොරාගන්න සිංදුවක්.....
    ස්තූතියි අයියේ....!!
    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  18. තිස්ස අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.

    ReplyDelete
  19. @Grey: දෙවියනේ මට ඔබතුමාව මග හැරුනානේ... සමාවෙන්න... ඔබටත් පවුලේ සියලු දෙනටත් සුභම සුභ අලුත් අවුරුද්දක් පතමි....

    @punchisamanalee: සැබෑ නම නොදන්නා නැගණියනි ඔබටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්..

    @Raven: වාසනාව උඹ ලඟින්ම ඉඳන් "ඒ මගේ හුස්ම ටික නොවෑ..." කියනා කොට මම වෙන මොන වාසනාවක් පතන්නද උඹට...? කමක් නෑ තවදුරටත් මාව ගුප්ත ලෝකයේ අතරමං කරන්න ලැබේවායි වත් පතමි...

    ReplyDelete
  20. මගේ අම්මත් ජ්‍යෝතීර්වේදිනියක්.

    ඈ නිතරම කියන්නේ "මේවා ඕඅනවට වඩා ඔලුවට ගන්න නරකයි" කියන එකයි.

    අපේ සම"හරක්" උදවිය අර කිව්ව වගේ සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන කෑ ගහනවා මෙන්න මූ දෂ්ඨ කලෝ කිය කියා . . .

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන දේ අහපු නැති මිනිස්සු බං ඔය කෑ ගහන්නේ . . .

    අහ් මේ සිංදුව නියමයි . . ඉස්සර නිතර ඇහුනා රේඩියෝ එකේ . . .සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ . .

    ReplyDelete
  21. තිස්ස අයියා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වන සාමය සතුට සපිරි සුභ නව වසරක් ඔබටත් ඔබේ පවුලටත් උදා වේවා !!!

    ReplyDelete
  22. @දුකා: සස්තරේ හරියටම දන්න අය එහෙම තමා බං ඒවායේ ගුණ පන දෙකම දන්නවා... ඒලත් හරියට නොදන්න මේකත් හරියට නොදන්න මිනිස්සු ඔය කොයි දේත් විවේචනය කරනවා...

    @Hasitha මල්ලියේ බොහෝම ස්තූතියි... අපේ මූණුවත් නොදැක සත් සමුදුරින් එහා ඉඳන් කරන මේ හෘදයංගම සුභ ප්‍රර්ථනා වලට... තනියෙන් ඉන්න අපිට මේවා බොහෝම වටිනවා...

    ReplyDelete
  23. “හද ගී පොතින්” නෙක හදවත් තුළ කවි දහසක් පද බඳින ලෙoගතු, තිස්ස දොඩන්ගොඩයාණෙනි ඔබටත් ඔබගේ අර ලස්සන දෑස් හිමිකාරියටත්,පුoචි පැoචන්ටත්….



    ලැබුවාවූ මේ අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා ගෙන එමි…



    හත් වලාමයි අමතකවුණා නෙව..(තිසෝ බැරිද මේ අමතක විල්ලට බෙහෙතක් හොයා දෙන්න )

    මේ අළුත් අවුරුද්දේ ආදරණීය තිස්ස දොඩන්ගොඩයන් හා දොඩන්ගොඩීගේ කැදැල්ලට තවත් පැoචි දොඩන්ගොඩියක් එක්කාසුකර ගැනීමට දැහැමි සිත් පහළ වේවා..!වේවා…! වේවායි ද පතමි…


    ……………………………………………………………………………………………………………


    නැකැත් යකාට ගියාවේ…………..!



    මේ හැල්මේ දුවන ජීවිතයෙන් මිදිලා වසරකට එක් වරක්වත් තමන්ගේ උන් එක්ක එකට ඉඳගෙන බත් කටක් කන්නට,උනුනුන්ට ගෞරව කරගන්නට,රතිඥ්ඥයක්දල්වා අහිoසක සතුටක් ලබන්නට,මුළු රටේම ලේ නෑයින් එක්කලා ඒකාත්මික වන්නට…. වන මේ අවස්ථාව පැහැරහැරිය යුතුද???????


    ධර්මය අතින් ගත්කළ ඔබ සියළු බැඳීම් ඉවත ලා නිවන් මඟ ගන්නේනම් මෙකී සියළු දෑඅ නිරර්ථක ක්‍රියාදාමයෝ වන්නේය….එය පරම සත්‍යයකි…



    ………………………………………………………………………………………………………….


    මේ උදාවූයේ මා මගේ උන් සමඟ නොසිටින එකම සිoහල අවුරුද්දයි….කොයි දීපoකරේ හිටියත් මොන දහන්ගැටේ දමා හෝ ගෙවුණු හැම වසරකම අවුරුදු අරන් මම මහගෙදර ගියෙමි…පහළොවක් විස්සක්වන සනුහරේ උන් එක්ක ඒ ගෙවෙන දවස් ගැන සිහින දකිමි…

    තරඟයට මෙන් ගෙවල්වල ඇවිද යන්නට ,යහමින් සප්පායන් වී සිටියත් කුමක් හෝ රස කැවිල්ලක රහ බලා උන්ගේ උණුසුම් පිළිගැනීම් වලටත් ලක්වීමට තරම් මා පින් කළ තරම..!මෙතරම් ආදරයක් මඟේ මව් බිමෙන් හැරෙන්නට වෙන කොයින්ද???



    වරක් නොව දෙවරක් රසවිඳ හමාර කළ සනත් නන්දසිරි මහතා ගායනා කල ගීතයේ පබැඳුම සමස්ථ ශ්‍රී ලාoකිකයන්ගේ සම් මස් නහර ඇට ඇට මිදුළු කකියවා දුවන ලෙන්ගතුකම, ආදරය විවරකර පෙන්වන කැඩපතක් බඳු නොවේද?????




    …………………………………………………………………………………………………………..



    හිතවත් වත්,බන්දු……..,



    “පුන්චි පවුල රත්තරන් “ කියන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයට නුඹලාත් යටවුණාවත්ද???...එකෙක් හදලා නවත්වන්න හදන්න නම් එපා පුතෝ…..හදපල්ල අඩුම ගණනේ හතරක්වත්…ලෝකයේ සීග්‍රයෙන් වඳවීගෙන යන ජාතීන් අතර සිoහල ජාතිය අද ඉන්නේ සාර්ථක තුන්වන තැන……!



    ආ….අමතක උනානේ…..ආයෙමත් අර ලෙඩේ……මේ අඩවියට යන එන සියළුම මිතුරු මිතුරියන් හැමදෙනාටමත් ශ්‍රි සුභ නවවසරක් වේවා…!!!









    මේ….





    සුලා…

    ReplyDelete
  24. තිස්ස අයියෙ මං කියන්න ආපු අදහස “සුලා“ අයිය කියල තියෙන හින්දා මුකුත් නොකියම යන්නම්...

    "නැකැත් යකාට ගියාවේ…………..!



    මේ හැල්මේ දුවන ජීවිතයෙන් මිදිලා වසරකට එක් වරක්වත් තමන්ගේ උන් එක්ක එකට ඉඳගෙන බත් කටක් කන්නට,උනුනුන්ට ගෞරව කරගන්නට,රතිඥ්ඥයක්දල්වා අහිoසක සතුටක් ලබන්නට,මුළු රටේම ලේ නෑයින් එක්කලා ඒකාත්මික වන්නට…. වන මේ අවස්ථාව පැහැරහැරිය යුතුද???????


    ධර්මය අතින් ගත්කළ ඔබ සියළු බැඳීම් ඉවත ලා නිවන් මඟ ගන්නේනම් මෙකී සියළු දෑඅ නිරර්ථක ක්‍රියාදාමයෝ වන්නේය….එය පරම සත්‍යයකි…"

    ReplyDelete
  25. @සන්සරසිදු,


    මට උඹ ගැන ආඩම්බරයි මල්ලියෝ.....

    සුලා....

    ReplyDelete
  26. පැතුම් ඉ‍ටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා සියලු දෙනාටම.

    විවිධත්වයන්, අනන්‍යතාවයන් වගේ දෙවල් නිසා තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නෙ. කිසිදු මාර්ග ඵලයකට පිවිසෙන්නට තරම් පින්මද වූ අපි වැන්නවුන්ට ඒ සුන්දරත්වය අත්‍යාවශ්‍යයි. ඒ සුන්දරත්වය අපට ලං කරදෙන දේ තමයි කලාව, සාහිත්‍යය, සංස්කෘතික ක්‍රියාකාරකම් ආදිය. ආගමකින් කරන්නෙ අපිව ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ කිරීම හා ඉන් එහාට ලෝකෝත්තර අරමුණු කරා ‍රැගෙන යාමයි. ක්ෂණික ආප්ප දානවා වගේ ඒ අරමුණු කරා දුවන්න හදන අය තමයි අර ඉහතකී දේවල් වලට පහර ගහන්නෙ ආගම මුල් කරගෙන.

    අපේ අනන්‍යතාවයන් අතහැර විශ්ව ජීවියෙකු වන්නට දැඟලීම හරියට ගහක් තමන්ගෙ මුල් කපාගෙන අහසෙ පාවෙන්න හදනවා වගේ වැඩක්.

    ReplyDelete
  27. තිස්ස, මම හිතන දේම ලියලා තියෙනවා. ස්තුතියි.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets