සිංහළුන්ගෙ කීර්තී - කීර්ති ලොවේ මෙදා....


සිංහළුන්ගෙ කීර්තී - කීර්ති ලොවේ මෙදා
නංවා ගෞරවේ රකිවු - පෙන්නා සව්රුපුන් මැදා
උන්ගෙ දප් සිඳා බිඳා - සිංහළුන්ගෙ කීර්තී....

සිංහලේහි ඒ උතූම් මී මුතූන් නාමයෙන්
ධීර වීර ධෛර්‍ය පා සිංහයන් වගේ හදා
දැන් ගොසින් රුපුන් මැදා....

සිංහලේහි තේජසීන් සින්දලා සව් රුපූන්
ඒ රුපූන් රුධීරෙනී මාතෘ භූමි සෝද දා
දූ පුතුන් රකිව් සොඳා....

වංශයේ පුරාණෙහී ජාත්‍යානුරාගයෙන්
දුෂ්ඨ ශතෘ සෙන් නසවු පා විකුම් අපේ එදා
මේ තොපේ දිවී පුදා....

රාජවංශ රත්න සේ ජීවිතේ පිදූ පියෝ
දැන් දැන් අවධි වී මේ සොහොන් ගැබේ නිදා
ගාති ගී විකුම් නදා....

තුම් ජයා ජයා ජයා ගී ගයවු ගයවු ගයවු
ලෝ දිගම්බරේ වසවු කීර්ති  සේසත් රඳා
සිංහලේ කොඩී බැඳා....

ගායනය: යූ ඩී පෙරේරා ඇතුලු පිරිස

චිත්‍ර: හඟුරන්කෙත විෂ්ණු දේවාලය - දේව අංගම් පැතිකඩ
 සෙනරත් බණ්ඩාර දිසානායකයන්ගේ  " දියතිලක නුවර"  ග්‍රන්ථයෙන්

23 comments :

  1. අහලා ම බලමු... (අසමින්)

    ReplyDelete
  2. බොහොම පැරණි ගීතයක් වගේ . අදමයි ඇහුවේ .
    …ස්තූතියි අපිටත් අහන්න සැලසූවට .

    ReplyDelete
  3. මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කියපු එකක් වගේ නේ.. පට්ට ඇන්ටික් එකක්..

    ReplyDelete
  4. හි හි හි පැතුම්...

    මටත් හිතුනේ ඔය වගේ එකක් තමයි... අහගෙන ඉද්දි තේරුනෙත් නැහැ මේ මොනවද කියන්නේ කියලා... වෙලාවට බ්ලොගේ ඇඩ්මින් තුමා වචන ටික දීලා තියෙන්නේ... :)

    දැන් ඉන්න ගායිකා මහත්මීන්ගේ හඬයි ඒ කාලේ අයගේ හඬයි අතර වෙනස කොච්චරක්ද කියලා හිතුනා

    ReplyDelete
  5. ම්..සිංහල සින්දුවක් නේද?
    ටිකක් වෙලා ගිහාමයි තේරුනේ..නැත්තං දෙමළ වගේ..

    ReplyDelete
  6. හෙන පරණයි වගේ.

    ReplyDelete
  7. මන් මේ දවස්වල අපේ ඉතිහාසේ ගැන ලියවෙච්ච පොත් දෙක තුනක් කියෙවුවා....ඒවා කිවවනකොට දැනෙන හැඟීම විස්තර කරන්න හරිම අමාරුයි.....මේ සින්දුවෙන් ඒ හැඟීම තවත් වැඩි කරනවා...ස්තුතියි අයියේ මේවා අපිත් එක්ක බෙදා ගන්නවට

    ReplyDelete
  8. මේ ඔයයි පොඩ්ඩියි කතා වෙලාද පෝස්ට් දාන්නේ

    ReplyDelete
  9. සෑහෙන ද‍වසකින් ‍ආවා... මේ අතීත ගීතාවලිය තවම ලියෙවෙනවා.. අපූරුයි තිස්ස.

    ReplyDelete
  10. නියමයි තිස්ස...පොඩි කාලෙ ඇහුවට පස්සෙ ඇහුවමයි :)

    ReplyDelete
  11. අදමයි ඇහුවෙ තිස්ස අයියෙ. ස්තූතියි !!!

    ReplyDelete
  12. ලස්සන පරණ සිංදුවක්

    ReplyDelete
  13. තිස්ස භයියා, ඕං අපිත් බෑවා.. මේවා ඉතිං මුතු-මැණික්-දියමන්ති වලට වඩා වටිනවා.. පිං!!

    පලි: දාලා තියෙන නුවර යුගයේ චිත්‍ර දෙකත් මැක්සා..

    ReplyDelete
  14. අෆ්ෆේ ග්‍රැමෆොන් යුගයේ සිංදුවක් නේ..

    ReplyDelete
  15. තනි ඇහැට ඇඬුනා... පස්ට සිංදුවක්..

    පැතුම් අයියා මම හිතන්නේ මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ නෙවෙයි විජය රජ්ජුරුවන්ගේ කාලේ වෙන්නෝන.. :D

    ReplyDelete
  16. පුරුදු පෙරවදන නොමැති වූ තැන
    දැනේ පාලුව පෙර නොවූ ලෙස

    ReplyDelete
  17. බලවත් පාට රුචිය අනුව මතුවෙන යටවෙන ජාතික දිනයන්ගෙන් එකක් ජනරජ දිනය. තවත් ජනරජ දිනයක් දින කීපයකින්, මේ සින්දුවේ පදපෙලේ අමුතු ගැම්මක් දැනුනි.

    ReplyDelete
  18. අහලා බලලා තමයි කමෙන්ට් කරන්ට වෙන්නේ. අර පින්තූරේ නම් ලස්සනයි.:)

    ReplyDelete
  19. මම මේ සින්දුව අහපු වෙලාවෙ ඉඳලා ඒක මගෙ ඔළුවෙ. බොහොම ස්තුතියි අහන්න සැලැස්සුවට. පළමු වතාවටයි ඇහුවෙ.
    හිනත් යනව හුස්ම අල්ලන් මුළු සින්දුවම කියාගෙන ගිහිල්ල, අන්තිම වචනෙ කියල ඉවර වෙනකොටම හුටස් ගාල සංගීතෙත් නතර වෙනව ඇහුනම. :D

    ReplyDelete
  20. මේ දවස් වල අහන්නෙම මේකෙන් download කර ගත්ත සින්දු ටික.. කියල වැඩක් නෑ...

    ReplyDelete
  21. මට දියතිලක නුවර පොත ගන්න තැනක් තියෙනවද?

    ReplyDelete

 
Blogger Wordpress Gadgets