රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...

බිත්තියේ එල්ලා ඇති උෂ්නත්වමාණයේ පහල ඇතිආර්ද්‍රතාමානයේ පෙන්වන අගය ඉතා පහලය. වාතය බොහෝ සෙයින් වියලිය. හිසට දිනපතා තෙල් දැමීමට කම්මැලි කමක්ද වෙයි. විපරීත සිහින බොහෝ පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාද? හිස පනාවෙන් පීරා මදක් ඉහලට ගත් සැනෙකින් ආරෝපිත කෙස් පනාව මුණගැසෙන්නට විත් නැවතත් "බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්" මෙන් නැවතත් හිස මත පහත් වේ. 

සූක්ෂ්ම උපකරණවලින් මිනිසාගේ හිසවටා ඇති යම් රෂ්මි ප්‍රභා මණ්ඩලයක් නිරීක්ෂණය කල ඉන්දීය විද්වතෙකු හිසට තෙල් දැමූ විට මේ නිරීක්ෂණය කල නොහැකි යයි  කියා ඇත. ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථාවර වන්නේ පරිවාරක තුලය. සිහින් තඹපත්‍රයක් යම් මන්ත්‍රයක් හෝ ගාථාවක් කොටා සුරයක් තුලට බහා ශරීරයේ ගැටෙන්නට තබාගන්නේ, භෞති තත්ව නිසා මේ කැලඹෙන මනස නිරවුල් කරන්නට උදව්වක් වශයෙන්දෝහෝයි නොදනිමි.
------------------------------------------------------------------------------
"හලෝ... ආ..කොහෙද ඉන්නේ?"
"අද පොලට ආවනේ... පොල දවසනේ..."
" ඊයේ හීනෙන් දැක්කනේ..."
"අපොච්චියේ..." ඈ පහත් හඬින් සිනාසෙයි..."මොකක්ද
ඉතින් දැක්කේ...?"
" අපි දෙන්නා අර මියුසියම් එක ලඟ බස් හෝල්ට් එකේ, බස් එකක් එනකල් තාප්පෙට පිටදීලා වාඩි වෙලා උන්නානේ...!"
" දෙයියනේ...!!!" පොල මැද්දේ ඈ කෙසේ මෙලෙස සිනාසෙනවාදැයි
නොසිතේ...
------------------------------------------------------------------------------

වුරුදු විසි ගනනකට උඩදී මුණගැසුණු අප, ඉසිඹුවක් ලද විගස හමුවී දොඩමලු වන්නට බොහෝ ප්‍රියකළෙමු. නුසුන් වූ ඒ ආසාවන්, සිරුරෙන් දුරස් වූ මෙකල, උඩුහිත නිසල වූ මොහොතක් බලා මතුපිටට පැමිණියා විය හැක.  මොහොතක් සැඟවී ලොවෙන් මුවාවී දොඩමළුවීමට එකල අපට තුබුණේ සීමා සහිත පරිසරයකි. හඩ්සන් සමරසිංහයන් "රඟහල දැන්......" ගීය රචනා කරන්නට ඇත්තේ අප වැනි අසරණයන්ට මග පෙන්වීමටදෝ යැයි මතක් වෙන විට දැන් නැගෙන්නේ මන්දහාසයකි.
-------------------------------------------------------------------------------
මෙවර නිවාඩුවට ගෙදර ගිය මට, මා එකළ ගුවන් විදිලියෙන් කැසට් පට වලට පිටපත් කරගත් පැරණි ගී ගොන්නක්
හමුවුණි. එයින් එක් ගීයක මුල් පද කිහිපය කොළයක් මත්තෙහි සටහන් කොට මාවිසින් එය කැසට් පටයේ කවරය තුලට රිංගවා සකසා තිබුණි. 

"න් තරු මිණි මුතු ආභරණ ඇඳන්
අඩ සඳ වත පවසන කොමළ වදන්
ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්
මට දෙනු මැන මුවරද සුවය නොදුන්..
"

අද ඒ කඩදාසිය බොහෝ කහ පැහැ ගැන්වී ඇත්තේය... කාබන් පෑනෙහි අකුරු ඒ මත්තෙහි බොඳව ගොස් ඇති ලෙසකි.... එහෙත්..... ගීයෙහි අරුතත්, ඒ විසින් කුළු ගන්වන අතීත මතකයනුත් සිතෙහි ඇතිකරන හ්ලාදය නම් එදා මෙන්මය.

රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...
අඩ සඳ වත පවසන කොමළ වදන්...

   ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්...
   මට දෙනු මැන මුවරද සුවය නොදුන්...

පුබුදනට පියුම් පෙතී පරිදි විලේ...
නෙක සොඳුරු දසුන් දෙන උවන දිලේ

   මධු බඳුන් පුරා ලද නිමල සුවේ
   කඳු පෙළින් රිදී දිය විලස සැලේ

        කඳු පෙළින් රිදී දිය විලස සැලේ...

රණ මොණර ‍රැඟුම් ලෙස සිතැඟි හැඟුම්
කොඳ කැකුලට සඳ මෙනී නෙතග බැලුම්

   මිණි බරණ හැඬුම් දෙන අමර පැතුම්
   සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්

        සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්...

.

27 comments :

  1. උඹ දොඩවන විකාර දැක්කම මගෙත් කෙස් විතරක් නෙවෙයි ඇගේ තියෙන රෝම කූපත් නිකං කරන්ට් වැදුනා වගේ කෙලින් හිටිනවා..ඇයි උලව්වේ කොහේ ගිහිං කොහේ නැවතිලාද..?

    අඩේ කොණ්ඩෙට තෙල් දාපු කාලයක් මතක නැහැ...

    සින්දුවනං ටොප්... "සන්ධ්‍යා" කාලයකටනං අහන්න ටොපේ ටොප්..:D

    ReplyDelete
  2. අයියගේ ලිපි බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා තියෙනවා දැක්කම කමෙන්ට් එකත් හිතේ තියාගෙනමයි ක්ලික් වෙන්නේ... දන්නවා ඉතින් සුපිරි දෙයක් තමයි අපිට දීලා තියෙන්නේ කියලා.. හැමදා වගේම අදත් ලස්සන සිංදුවක්....

    ReplyDelete
  3. ආයේ අමුවෙන් කියන්න ඕන නෑ නේ.. මේ සිංදුවත් මම මීට කලිං අහලා නෑ.. ඔන්න බෑ වෙනවා...
    තව සුට්ටයි...
    ආ.. බෑවිලා ඉවරයි...
    ඉන්න අහලා එනකන්...

    සා සා සා එල සිංදුවක්නේ....

    ReplyDelete
  4. ආදර කතාව අල්ල පනල්ලේ මට විද්‍යාව පාඩම මතක් වුනා..
    හැබෑට කවුද මේ සින්දුව කියන්නේ?

    ReplyDelete
  5. මාහෝ: නිකංයෑ _ලා කියන්නේ :-)
    දාන්ට දාන්ට ඔය හීනෙන් ඇහැරෙයි එතකොට
    මොනවදෑ මේ මතක් කරන්න්නෙ ඈ...

    අභීත: ජයවේවා මල්ලී

    සෝරෝ: හෙහ් හෙහ් හෙහ්
    සජීවී විචාරයක් ම දීලා තියෙන්නේ

    රූ: මාලිනී බුලත්සිංහලයි රෝහණ වීරසිංහයි රූ නෝනේ...
    ස්වර්ණ පත්‍ර විද්‍යුත් පරික්සාවත් මතක් වුනාද?

    ReplyDelete
  6. මේකත් හීනෙන් වගේ තමයි මතක . විද්‍යාවෙන් පටන්ගෙන සින්දුවෙන් ඉවර වෙන මේවගේ ලිපි අපි වෙන කොහෙන් බලන්නද . අපේ අක්කට පොඩි කාලේ සුරයක් දැම්ම එක වතාවක් .ඒ කලේ නම් ඔව්වට හිනා වුනා . දැන් ඔය තඹ වළල්ලක් අතේ දාන එක බටහිර පැත්තේ අලුතින් වෙනවා නේද . අනේ මන්ද අපි තඹ සුරේ විසිකරලා දැම්ම නේද කලකට පෙර . තෙල් ගාල තවන එක අපි නතර කලාට දැන් ස්‌පා වල aromatheraphy කොයිතරම් ගණන්ද . මාත් ඉස්සර අලි ලොක්කෙක් වගේ ඔය පරණ දේවලට හිනා වුනකෙනෙක් . දැන් නම් ටිකක් මැද මාවතේ හිතනවා

    ReplyDelete
  7. සුරය මොන ලෝහය වුනත්, මොන ක්‍රමයට සැකසුනත් දකුණු ආසියාතික රටවල් හැම එකකම එක හා සමව දකින්න තියෙන එකක් නොවැ. තවද මැදපෙරදිග, පර්සියාව, තුර්කිය ප්‍රදේශවලත් දකින්න තියෙන දෙයක්.

    ඇත්තෙන්ම රන්පත් පරීක්ෂණය වගේම බාගෙට ලියපු පදපෙලක් තිබුණා කියන එකත් මතක් වුනා.

    සින්දුව පසුව අහන්නම්, ගී එකතුව ගොඩදාන්න කල ඔබේ උත්සාහය සාර්ථකවීම ගැන ලොකු සතුටක් දැනුනේ. ජය!

    ReplyDelete
  8. පොස්ට් එක කීප සැරයක් කියෙව්වා තිස්ස අයියෙ..තේරෙන්න ටික වෙලාවක් යයි වගෙ...
    ගීතය නම් හරි ලස්සානයි. දැන් තියෙන ටින් බෙලෙක්ක සිංදු වගේ නෙවෙයි...

    අරුත්බරයි කියන්න නම් බෑ..අරුත වැටහෙන්නෙම නෑ..මගේ රසායන විද්‍යා ගුරු කේසිරි සර් දවසක් කිව්වා ළමයො "කුණුහරුප" කියන්නෙ තේරුමක් නැති දේවල් වලට කියලා. හැබැයි නොතේරෙන හැමදේම කුණුහරුපද කියලා කිව්වෙ නෑ..සමහරවිට එහෙම වෙන්නත් බැරිකමක් නැති නිසා මේකෙත් සමහර වචන මට මහ අසභ්‍ය විදියට බ්ලා බ්ලා බ්ලා බ්ලා ..........................හපොයි මට බෑ තිස්ස අයියෙ..පිස්සු වගේ...අනේ මේ වගේ ඒවා ලියන කොට අපි වගේ අසරණයො ගැනත් හිතපං තිස්ස අයියෙ..හරියට අර හඩ්ඩා මහත්තයා " රඟහල" ලියනකොට හිතුව වගේ...

    ReplyDelete
  9. හෙන සම්භාව්‍ය ප්‍රශ්නයක් අහන්නද? තව අවුරුදු 30-40කට පස්සේ එන අයට මේ දැන් කාලේ තියෙන අපි ටකරං කියන සිංදු මේ වගේම රසවත් වෙන එකක් නැද්ද? මට මේ ඊයේ ද කොහෙද හිතුණ අපි මේ සිංදු වලට කැමති ඒවායේ තියෙන සරල ගතිය පොඩි කාලේ අපේ කනට ඇහිල හුරු නිසා අපිට ඒව රසක් විදියට දැනෙනව ඇති කියල...

    ReplyDelete
  10. බින්දි: විවේක බුද්ධිය ඔක්කොටම වඩා වැදගත් කියනවනේ...
    ගෙදරට වැඩම කරවන සංඝයා වහන්සේලාගේ දෙපා දොවන්න ඕනේ ගෘහ මූලිකයා... එහෙම සිරිතක් ඇතිවෙලා ඇත්තේ දැනුමක්, සිතිවිල්ලක්, පිනක්, හිතේ ධාරණය වෙන්න "මානය" බාධාවක් වෙලා තියන බව අත්දැකීමෙන් දැක්ක නිසා වෙන්නැති...

    ගල්මල්: මහත්තයෝ පොඩ්ඩක් සොයා බලා ලියමුකෝ ඔව්වා ගැන
    ඇල්ෆා අංසු පහර දෙන්න බලාවිද රන්පත් පරීක්සාවේ වාගෙම ;-)

    මටත් සතු‍ටුයි බොහොම - මම හිතුවේ නෑ අවුරුදු විසි ගනනක් පරණ ටේප් එකක් ගොඩදාන්න පුලුවන් වේවි කියල

    හපොයි ලකි සිරි, එකයි එකයි එකට එකතු කලහම දෙකයි වෙන්නෑ නෙව සමාජ විජ්ජාවේදි.. ඒ නිසා තම තම නැණ පමණින් ගත්තයි කියල මොන දොසක්ද; හැබැයි සින්දුවෙන්නම් ආලවට්ටම් දාල කියල තියෙන්නේ ආලිංගනයක් ගැන මයේ හිතේ

    පැතුම්: ප්‍රස්න සම්මතයේ සම්භාව්‍ය වෙන්නේ බැලූ බැල්මට උත්තර කිහිපයක් තියෙනකොට නේද?
    ප්‍රස්නෙට මගේ දැක්ම නම් "එහෙම නෙමේ" කියන එක. ජෝතිපාල 'සීත සුනිල් දිය දහරා...' කියාගෙන නිවිහැනහිල්ලේ ඇවිත් අන්තිමට ආප්ප බාන්නා වාගේ සින්දු කරන්න ගිහිල්ල 'පීචං' ලේබලේකුත් ගහගත්ත විතරක් නෙමේ - මිනිස්සු අතරට එහෙම පිටකරපු සින්දු ගියෙත් නෑ. සුජාතා අත්තනායකට, පුන්සිරි සොයිසට, නිහාල් නෙල්සන්ට ඔය දේ වුණා... නියමිත දින ගනනක් ඇතුලත හදල එලියට දාන්නේ බ්‍රොයිලර් වාගේ එව්වා නේද - ඒවා ඉතින් අන්තිමට නවතින තැන පැතුම් මල්ලි දන්නවනේ..!!!
    ඒත් මහන්සි වෙලා කල කෘති වුනත් හිට් නොවෙන අවස්ථාත් නැතිව නෙමේ - සම්භාව්‍ය වාදයකට කෙනෙකුට ඔන්න තව කොණක්!!!

    ReplyDelete
  11. මොකෙන් පටන් ගත්තත් සිංදුවකින් ඉවර වෙන බව දන්නවා නේ,අනික මම ඉතින් මේ සිංදු බානවා කියවන්නත් ඉස්සල්ලා

    ReplyDelete
  12. කියන්න දෙයක් නෑ. හැමදාමත් වගේ අයියා දෙන්නේ හොඳ සිංදුවක්නේ. ඔන්න මමත් මේ පළවෙනි වරටයි මේ සිංදුව ඇහුවේ...:D

    ReplyDelete
  13. අදනං විද්‍යාව පාඩමකින් පටන් අරන් ලස්සන සිංදුවකින් ඉවර කරල තියෙන්නෙ.
    නියමයි.

    ReplyDelete
  14. /* මඳු බඳුන් පුරා ලද නිමල සුවේ
    කඳු පෙළින් රිදී දිය විලස සැලේ */

    මටත් ඔහොමයි බියර් බීලා ටොයිලට් ගියාම....

    (ඇත්තටම මොකක්ද මේ පදේ ඇත්ත තේරුම?)

    ReplyDelete
  15. ඩිලාන්:හෙහ් හෙහ් හෙහ් - කොහෙන් කැපුවත් වර්ග අඟලක් කිලෝ එකයි කීවලු නේ :-)

    ප්‍රියා: ඔන්න රේඩියෝවට සින්දු මගෙන් ඈ!

    ප්‍රසන්න: විජ්ජාව !

    කසූ: හනේ අම්මේ කක්ක වලටයි චූ වලටයි මෙහෙමත් ලවක්!
    "ඇත්ත" තේරුම කෙසේවෙතත් ලියූ කෙනාගේ [මා නොදන්න] අරමුණ නම් උන්දෑගෙන්ම තමයි අහන්න වෙන්නේ ආයුබෝවන්ඩ!
    මමනම් ගත්තේ 'ආලිංගනයෙන් මුසපත් වෙලා සතුට දෝරේ ගලා ගියා' වාගේ තේරුමක් [මඳු නෙමේ මධු කියලයි මට හිතුනේ]

    ReplyDelete
  16. තිස්සගේ බ්ලොගේ කොපි පේස්ට් කරන් බැරි හින්දා මං අළුතින් ටයිප් කරද්දී මධු කියන එක මඳු කියා වැරදිලා වැදිලා.

    මාත් කිව්වේ මධු තමා. මධු විත, මධු බඳුන යනාදියේ එන.

    බියර් බීවාම හෝ ගාලා චූ යන බව නොබොන අයත් දන්නවා!

    ReplyDelete
  17. 'රිදී දිය' කෙසේ වෙතත් 'රන් දිය' වෙන්ටෑ ;-)

    ReplyDelete
  18. තිස්ස අයියාට හීන පේන එකත් හොඳයි වගේ, අපිට අලුත් සිංදු අහන්න පුලුවන්,

    ReplyDelete
  19. හිත අතීතෙට ගියා පොලේ සීන් එක කියවල.

    ආයෙත් ඇවිල්ල සිංදුවත් ඇහැව්ව. කලින් අහළ තියෙන බවක් මතක නෑ.

    ReplyDelete
  20. පලවෙනි පාරට ඇහුවේ සිංදුව...තැන්කු තිස්ස අයියා(මාමේ)

    ReplyDelete
  21. රෝහණගේ හඬත්, මාලනීගේ හඬත්,බොහොම තරුණයි. පරිණත ගායනවලින් පස්සෙ මේ ගීත ඇහුණම දැනෙන්නෙ පුදුම වෙනසක්.
    මාලනී නම් අප අතර නැහැ. ඒත් ඉඳ හිටල හරි රෝහණ ගීයක් දෙකක් ගැයුවනම් කොයිතරම් හොඳද කියල හිතෙනවා.

    ReplyDelete
  22. තිස්සත් සින්දුවට එන්ටර් වෙන හැටි මම කල්පනා කලේ!!

    මම නම් ජීවිතේට ඔලුවට තෙල් දාලා නැත්ද කොහෙද?

    henryblogwalker the Dude

    ReplyDelete
  23. හරී: වෙලාවකට පිස්සු හැදෙනව හරී ඒ වුනාට

    observer: කඩේ යන මතකයන්ට වඩා පොලේ යන මතකයන් සොඳුරුයි නේද ඔබ්සර්වර් මහත්තයෝ :-)

    දයා: අන්න හරි දයා - උඹට පික් වුණා ඒක - හරිම තරුණයි - රෝහණ වීරසිංහ කොහොමත ලෝ ප්‍රොෆයිල් මනුස්සයානෙව - ඒත් නිර්මාණකරණයේදී නම් එහෙම වෙන්න ඕනෑ නෑ නේද - ඔබ හරි - මටත් එහෙම හිතෙනව

    Dude:ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් පාවිච්චි නොකරන යාළුවෙක්, ලෝක ජනගහනයට වඩා ෆෝන් විකිණිලා තියෙද්දි. කවුරුහරි එකෙක් දෙකක් අරන් ඇති! (:P) අර තමන්ගෙ මිතුරෙක්ගෙ, අපේ රටේ, පින්තූර ඒ වගේම කාටූන් බ්ලොග් වලට යොදාගන්න එක මම නම් කරනවා. කාටූන් නම් මගෙමයි.

    henryblogwalker the ඪුඩෙ

    ඔබේ පලමු කමෙන්ටුව එහා මෙහා වෙලා - ඔන්න මම දැම්මා ඒක ආපහු - ඒක වටිනවා ඩූඩ් - දක්ෂ කමක් තියේනම් උත්සාහා කරලා පුලුවන් වෙලාවට තමන් ගත්තුවා නිර්මාණැය කරපුවා දාන්න පුලුවන් නම් මරු තමා - ඔහ් ඔබ කාටූනුත් අඳිනවද...

    ඔය මාරයා නම් මට බනිනවා Beating around the bush කියලා :-)

    ReplyDelete
  24. අයියේ බොරු කියනකොට ටිකක් හොයලා බලලා කියහං..ඔය උඹ කිව්ව වචන ටික මොනවගේද කියලවත් නොදැන මං කොහොමද ඔහොම බනින්නේ..ඔන්න සුද්ද සිංහලෙන් තිබුනන් ආන්න ඒ තමා මං බනින විදිය..:D:D:D

    ReplyDelete
  25. @මාරයා,

    ඒක නේන්නං බං, ඒ මදිවට මේ කොහෙවත් ඉන්න Bush වත් ගාවගෙන.. ඒ අසරණයා මක්කා කොරන්ටද..!? :D

    ReplyDelete
  26. හොඳ වෙලාවට Bush (පඳුර)ව ගාව ගත්තෙ...Bush ගෙ නෝනා (පඳුරි)ව ගාව ගත්තනම් මෙතන මල විජ්ජුම්බරයයි..:D:D

    ReplyDelete
  27. @ලකී,

    යන්න වල් පඳුර... ඔයාටත් ඔය ඕන්නැති ඒවමයි මතක්වෙන්නෙ.. :D

    ReplyDelete

 
Blogger Wordpress Gadgets