බානුමතී...

මැද පෙරදිග 'පුංචි කේරළය'නමින් හැඳින්වූවාට වරදක් නැත. එපමණක්ම කේරළ [මලබාර්] ජාතිකයන් ගෙන් ඒ වැසී ගොසිනි. මලබාර් ජාතිකයන් ගැන අනෙකුත් ඉන්දීයයන්ගේ මෙන්ම අනෙකුත් ජාතිකයන්ගේත් ඇත්තේ තරමක අපුලකි. ඒ මන්ද යැයි කීමට තරම් සැලකිය යුතු කාරණාවක් මට තාම අසුවී නැත. මගේ සේවා ස්ථානයත් ඔවුන් ගෙන් ගහනය. නොබෝදා අප මලබාර් ජාතික ලේකම් වරියත් මගේ මිත්‍ර මලබාර් ජාතික ඉන්ජිනේරු වරයාත් ද්‍රවිඩ ජාතික ආචාර්‍ය පට්ටමක් ඇති පරිසර වේදිනියත්, අප කළමණාකාරවරයා නැති වෙලාවක් බලා මාගලක් දිග ඇරගන්ට විය. අප දිග අරින්නේ පැදුරු වුවුද ඔවුන් බොහෝ විට දිග අරින්නේ මාගල් ය. ඉවසුම් නොදෙන තරමට කරච්ච්ලය වැඩිවූ විට Volume Please යයි කීමට මට සිදුවේ. නොපහන් සිතැතිව වුවද ඔවුන් බොහෝවිට කථාව නවතයි. එහෙත් මෙදා මටද සාකච්ඡාව්ට සම්බන්ධ වීමට සිත්වූයේ 'ගුන්ඩුමණී' යන නම ඇසීම නිසාමය. ඔවුන්ට අනුව එහි තේරුම නම් 'පිරිපුන් කාන්තාව'යන්නය.
-------------------------------------------------------------------------------------------------------------
ආවේණික ද්‍රවිඩ සංගීතයනට අනුව ගැයුනු සිංහල ගී අතර ෆ්‍රෙඩී සිල්වාගේ කුණ්ඩුමණී ගිය සිංහල රසිකයන් අතර ඉමහත් ජනප්‍රිය ගීයකි.

බන්දු සමරසිංහගේ කදිම නැ‍ටුමක් ඇති කස්තුරි සුවඳ චිත්‍රපටියේ එන;

"ගිගිරි ජගරි හඬමිනා
කසෙන් අසුට තලමිනා
තීරු[?] පට්ට තීරු තීරු කළම්බා එමි
කඩුද කොඩිද වනමිනා
පනම් පෝරු උතුරනා
නම්බුකාර ‍තෝම්බුලගේ මහාරාජා මං.."

ගීයද එළෙසම අපූරු ගීයකි.
-------------------------------------------------------------------------------------------------------------
බානුමතී නම් මේ ගීයටත් දශක තුනක්  හෝ හතරක් ඇති යැයි සිතමි. ෆ්‍රෙඩී සිල්වා මේ ගීය ඉතාමත්ම ලගන්නා ස්වරූපයකින් ගායනා කරයි. අත්හදාබැලීමක් ලෙස යොදාගත් මෝල්ගස් හා පෙනේර හඬ ගීයට චිත්‍රයක් ඇඳ දෙයි. අත්හදා බැලීම් කරන්නන්ට උවමනානම් මේවා අධ්‍යයනය කර බැලිය හැක. සරත් බාලසූරියයන් ගේ හඬ මුසුව නම් ඉතාම අපූරුය. මම හිතනා හැටියට ප්‍රේමකීර්ති ලියූ මේ ගීය ගීයකට වඩා චිත්‍රයක් හා සමානය....

ඒත් අද කාලේ දනක් ලඟට දිග කොණ්ඩයක් හැබැහින් බලා ගැනීම හාවා හඳ දකින්නා වාගේය...

බානුමතී... බානුමතී...
බානුමතී... බානුමතී...
බානුමතී...
බානුමතී...
බානුමතී...

කෝපි කැළේ මල් වැස්සේ
උදේ පාන්දර පින්නේ
ඒ දණ්ඩේ නාන තොටේ
හැන්දෑවට හමුවන්නේ
කුඹුක් ලිඳේ...... වතුර කලේ
උකුලේ තියා නලවන්නේ
දනක් ලඟට දිග කොණ්ඩේ
පනාවෙන්ද පීරන්නේ
බානුමතී...

පිටි කොටලා පිලිකන්නේ
මුහුණෙ පියර ගෑවාසේ
පෙනේරයෙන් ඇතුල් පතට
පිටි හලනා තාලේ ඇසේ
අප්පොච්චිගේ...... කෝපි කඩේ
නුඹ හදනා කෝපි රසේ
හරි උණුසුම් හැමදාමත්
ඒකයි එන්නේ මෙලෙසේ

ගීතය අහන්න... ඕන්නම් බාගන්න....

24 ප්‍රතිචාර:

Miyuru said...

හරි ලස්සන සින්දුවක්... මට මේක අමතකම වෙලා වගේනෙ තිබ්බෙ... මතක් කරල දුන්නට ගොඩක් ස්තුතියි... ප්‍රේමකීර්තිගෙ සින්දු නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ... අර කිව්වත් වගේ මෝල්ගස් සද්දෙයි, පෙනේරෙ හඬයි.... හරිම අපූරුයි....

Bindi said...

අගෙයි අගෙයි ..විකට නළුවෙක් වුනත් බලන්නකෝ මේ මනුස්සයට මේ වගේ හැකියාවකුත් තිබුනනේ . දනක් ලඟට දිග කොන්ඩ...තවමත් ඉඳහිට නෝක්කාඩු දනෙනුත් අඩියක් විතර පහලට තිබුන කොණ්ඩය කපා දැම්මයි කියල .
තිස්ස අය්යට මතකද කවි පෙළක් තිබුන ගෑනු ළමයින්ගේ නම් ගොඩක් එක්ක අන්තිම පද තුනක් මතකයි .''භානුමතියි නයනයි සඳ රේඛයි....දිය ගෙනියන්නට එන ලිඳ මේකයි ...මේ ලිඳ ළඟ කවදත් අවිවේකයි ''..කේයස්ගේ හරි පි බි අල්විස් පෙරේරාගේ හරි සමකාලින කොළඹ යුගයේ කවියෙක්ගේ . කොහෙද මතකයත් බොඳවෙලා ..

Praසන්ன said...

අහල නැති සින්දුවක්. හැමදාමත් වගේ ලස්සනයි.

අභීත said...

මේ සිංදුව අහනකොට මතකෙට එන ෆ්‍රෙඩී සිල්වාගේ සිංදු දෙකක් තියෙනවා....

1. මන්නාරම් පිටි වැල්ලේ මඳටිය වැල් ඔංචිල්ලේ....

2. තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

කවුරු මොනා කීවත් ෆ්‍රෙඩී කියන්නේ අපූරු හැකියාවක් එක්ක ඉපදුනු සුන්දර මිනිසෙක්... ප්‍රෙමකීර්ති ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. සරත් බාලසූරියයන් ගැන තව පොඩ්ඩක් හොයන්න ඕන....

හැමදාමත් වගේ සුපිරි වැඩක් තිස්ස අයියේ....

පොත් ගුල්ලා said...

හදවතින්ම ස්තුතියි!
අවුරුදු ගණනාවකට පසුවයි මේ ගීය ඇහුවේ, ළමා කාලේ ගුවන් විදුලියෙන් ඇහුවට පසුව.

සංගීතය තුළ උඩැක්කි නාදය වගේම මෘදංග බෙරයකුත් ඇහෙනවා. හරිම අපූරුයි!

Praveena Palipana said...

කුන්ඩුමනී සිංදුව අහලා තිබුනට මේක ඇහුවමයි. ලස්සන සිංදුවක්. මම කල්පනා කලේ ඔයා දන්න සිංදු ගොඩ කියලා. ගොඩාක් ස්තූතියි අපි එක්ක ඒවා බෙදා ගන්නවට.

මොකද මන්දා මේ වගේ සිංදු ඇහෙනකොට මගේ හිතට දුකක් දැනෙනේ?

දුකා said...

අඩේ පට්ට සින්දුව බන් . . කිව්වත් වගේ ඉස්ස්‍ර රේඩියෝ එකෙන් ඇහුවට පස්සේ ඇහුවමයිද කොහෙද?

සරත් බාලසූරිය මියුසික් කරපු සී ඩී එකක් මගේ ලඟ තියේ . . උඹට වෙලාවක දෙන්නම් . .

මාර ගති බන් . . .

මියුසික්, ලිරික්ස්, වොයිස් ඔක්කෝම හොඳටම සංයෝජනය වුනු සින්දුවක් . . .

පට්ටයි . ..

මාරයාගේ හෝරාව said...

අච්චර වැඩ පල කරන කෙලීගේ කේස කල්‍යාණෙත් රූප සෝබාවත් හිතේ ඇදෙන විදියට ගායනය ලතාවකට ගලා යන හැටි අපූරුයි.
මමත් මේක ඇහුවේ මුල්ම වතාවට.

පින් සිද්ධ වෙයි අර ගිගිරි ජඟිරි ගීතයත් දාහංකෝ..ඒක උඩ ක්ලික් කලාට ඒ ලින්ක් එක වැඩ නැහැ..මං ආසම සින්දුවක් ඒකත්..මං හිතං හිටියේ ඒක ජනේෂ් සිල්වා කියන සින්දුවක් කියලා..මං ඕක හොයන්න දැන් අවුරුද්දකට විතර කලින් දවස් ගානක් වලි කෑවා..ම්හූ ඒත් හම්බ උනේ නැහැ...

Praසන්ன said...

@ මාරයාට,
http://www.youtube.com/watch?feature=player_detailpage&v=RS04_pu1_m8

රූ.... said...

මේ සින්දුවෙ අළුත් වර්ශන් එක
“පොඩි කඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ..“ හික්ස්

ලස්සනයි සින්දුව.ගොඩාක් පරණ චිත්‍රපටියක් බැළුවා වාගේ..

Anonymous said...

නයිස් ට් ඩී

ගල්මල්-Coral said...

පුංචි කේරළය කියන එකට නම් එකඟ නැහැ, උන්දැලාගේ පිරිමි පාර්ශවයෙන් හර්තාල්, ස්ට්‍රයික් මෙහෙයවන රජයේ රැකියාවන් කරන සුළුතරය හැර බහුතරයක් උන්නේ මැදපෙරදිග රටවල. මෑතක ඉඳන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියා නිසා ඒ තත්වය පොඩ්ඩක් වෙනස් වෙලා, ඒත් ප්‍රාන්ත රජය වමට බර වුනොත් ඒකත් වෙනස් වෙන්න පුලුවනි. මැ.පෙ රටවල ප්‍රසිද්ධ කතාවක් තමයි මලයෙක් ආවාම තවත් දොලහක් ගෙන්න ගන්නවා කියන එක.

එවුන් මේ ලෝකේ මොකා මුණ ගැහුණත් කිසිම ලැජ්ජාවක් නැතිව "මලයාලියා..." කියලා එයාලගේ බාසාවෙන්ම අහනවා. හැබැයි මලයාලියෙක් නම් කිසිම භේදයක් නැතිව සලකන එකයි කේරළකාරයින්ගේ එකම හොඳ ගතිය.

ෆ්‍රෙඩී සිල්වා විසින් ගයපු හැම සිංදුවකම සුවිශේෂතාවයක් තියෙනවා. එය පාන්කිරිත්තා, කිතුලට නැග්ගා කතාව, සමූපකාරේ මීයෝ, අලුත් කලාවක් (පෙත්සම්), තේ කූඩේ, ගහපි කොටපිය (සර්පයෙක් මරන කතාව) වගේ සින්දුවලින් පෙන්නුම් කරා. ඔබ ඉදිරිපත් කර ගීතයන් වගේම මේ සඳහන් කර ඒවාත් යටපත් වෙලා දැන්.

kumari said...

හරිම අපූරු ගීතයක් වෙනදා වගේම..අපිත් මැද පෙරදිග ඉන්න නිසාම මලබාරි ජාතිකයන් ගැන අනික් ජාතිකයන් අතර තියෙන අප්‍රසාදය හොදට දන්නවා .මට නම් හිතෙන්නේ ඔවුන්ගේ පිළිකුල් සහගත හැසිරීම තමි එයට මුල.බත් කැවම අරින රාම තෙලම මදැයි ...:)

Buratheno said...

සිංදුව අහන්න වෙලාවක් නැතෝ, වැඩට යන්ට ඕන, පස්සෙ ඇවිත් කමෙන්ට් එකක් දාඤ්ඤං..

පලි: ආං බින්දි පත නයෙක් ඇරලා... :D

Bindi said...

@ බුරා ..
ඇයි ඔහේව නයා කෑවද..බුරෝ . D

Dude said...

මතක් වුනා සින්දුව කාලෙකින්.
අපිත් එක්කත් වැඩකරන මලයාලි රොත්තක් ඉන්නවා බං. අපෝයි ලන්ච් බ්‍රේක් එකට තියන කරච්චලේ.
මෙයාලගෙ තියෙන විශෙෂය තමයි එයාලා කේරලය ගැන කතා කරන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්තයක් හැටියට නෙවෙයි. වෙනම රාජ්‍යයක් හැටියට. ඉන්දියාවෙම අනිත් අය ඔක්කොම එයාලා තරම් උගත් බුද්ධිමත් සහජ හැකියාවෙන් යුක්ත අය නෙවෙයිලු.

henryblogwalker the Dude

ඉන්දික උපශාන්ත said...

මං බැලුව මොකෝ මේ කලු කොරල කියල. මේ මේ බුරා ඉස්ත්‍රික්කෙකට විරුද්ධව යමක් කියලනෙ. :D

බින්දි කියන්නෙ ,

ලීලයි කමලයි චම්පයි රේඛයි
භානුමතියි නයනයි සඳලේඛයි
දිය ගෙන යාමට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ නිතරම අවිවේකයි


ෆ්‍රෙඩීගෙ ඔය තිසා කියපු සින්දු දෙක සහ "ගිගිරි ජගිරි", "බොරු කකුල් කාරයා" කියන්නෙ අමතක කරන්නම බැරි සින්දු. එව්ව ගැනත් ලිහං ඉඩ තීන වෙලාවක.
මලයො මට පේන්න බැරි උන් ගාව ගඳ නිසා.

දයානන්ද රත්නායක said...

ෆ්‍රෙඩීගෙ ගී අතර ලස්සනම ගීයක්.ප්‍රේම්ගේ පදවලට ගැලපෙන්නම සඑත් බාලසූරිය තනුව හදලා තියනවා. උඩැන්නිය, මෘදංගය, වගේ සංගීත භාන්ඩ පාව්ච්චිකරලා දෙමල ගීයක තනුවක් විදිහටයි හදල තියෙන්නේ.

සරත් බාලසූරිය නම් තවමත් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ඉන්නවා. මට හිතෙන්නේ ඔහු දැන් වාදක මණ්ඩල ප්‍රධානියා.

නාට්‍යවලට නම් තාමත් සංගීතය සපයනවා. වැඩිය ජනප්‍රිය නොවුනත් හොඳ වැඩකාරයෙක්.

රද්දොලුගම නිවාස සංකීර්ණයේ ඉන්නේ. මට නම් කීපවතාවක්ම හමුවුණා හරිම සුන්දර මිනිහෙක්

ඕනයා said...

අපෝ. . . කේරලයො ගැන කතා කරන්න එපා. ඊක්ක

@බින්දි,
ඔය සිංදුව ඩෙස්මන් ද සිල්ව කියනව තමයි මම අහල තියෙන්නෙ

Chandi said...

තිස්ස, බොහොම පින් මේ වගේ පරණ ගීත මතක් කරල දෙනවට. ෆෙඩී සිල්වා වගේ කලාකරුවෝ අපේ රටේ අතලොස්සක් හිටියෙ. මේ ගමන රිදී රැයක් වැඩ සටහනේ කොළවෙඩි ගීතයට නැටුව කලා කරුවාගේ අපූරු හැකියාවක් දැක්කා.

Observer said...

ෆ්‍රෙඩීගෙ අනෙත් සින්දු අහල තිබුනට මේක ඇහුවෙ පලවෙනි වතාවට.

මලබාර් කාරයොත් මට පේන්නෙ මෙහෙ ඉන්න පන්ජාබියො වගේ....

TG said...

ඉස්සෙලම මලබාරි එහෙම නැත්නම් කේරල වැසියො ගැන කියල ඉමුකො . මටත් දැනිලා තියේ බ්ලොග් ලෝකේ සමහර අය කේරල උදවියට මනාප නැති වග හා හා :) :) .මට නම් එහෙම අමනාප වෙන්න බෑ ඉතින් .මම කේරල කල්චර් එකට කැමතියි . කෑම ජාති හරි රහයි ලංකාවේ තියෙන දෙවල්ම තියේ. ටිකක් කලු රලු පෙනුමක් තියෙන වේට්ටි අඳින මහත උස මහත උන්දැලා තමයි .ඒත් හොඳ මිනිස්සු මට ගොඩක් දෙනෙක් මුනගැහුනේ කේරලේ ප්‍රසිද්ද කර්මාන්තෙක රිසර්ච් ඉන්ස්ටිටියුට් එකකදි . උගත් කම අතිනුත් ඉහලයි

හා දැන් සින්දුව දිහාට හැරෙමු.යාන්තන් මතකේ තියේ පොඩි කාලේ මේ සින්දුව ඇහුව වගේ . මම ප්‍රෙඩීගේ ආසම සින්දු තමයි පාන් කිරිත්තා , තේ කූඩේ , මන්නරම් පිටි වැල්ලේ වගේ සින්දු.බානුමතී අහද්දී මතක්වුනේ වික්ටර්ගේ "පෙම්මාද බින්දුමතී" හා ජෝතිගේ" මම ගන්නෙමී කරකාර බන්දා වලව්වේ පුංචි හාමිනේ දැන්
' කියන සින්දු. සමහර විට එකම රිද්ම නිසා වෙන්න ඇති

වර්ණා said...

අනේ හරිම ලස්සන සින්දුවක් :)

නලිනි චන්දිමා said...

විකට චරිත රඟපෑ නිසා ෆ්‍රෙඩීගෙ ගායන හැකියාවට ලැබෙන්නට තිබුණු පිළිගැනීම අඩු වුණාද මන්දා. මේ ගීතයනම් හුඟක් ලයාන්විතයි. බොහොම ස්තුතියි.

කේරළ වැසියන් පෙනුමෙන් ලාංකිකයන් වගේ කියනවා නේද? :D මමනම් දැකලා නැත.

Post a Comment

 
Blogger Wordpress Gadgets