හිතත් එක්ක ඔට්‍ටු සෙල්ලං කර තිබෙනවාද...? ගොඩක්ම පුංචි කාලෙදී "චොකලට් එකක් ඕනෙද, අයිස් ක්‍රීම් එකක් ඕනෙද" කියල කවුරු හරි අහපු කාලේදී ඉඳලාම හිත දෙගිඩියාවෙන් පෙලෙනවා නේද තීරණ ගන්න වෙලාවට... මොළේ ඇට්ටකුනා වෙච්චි කාලෙක නම් "චොකලට් අයිස්ක්‍රීම් එකක් කමු..." කියලා දෙකම ගොඩ දාගන්නත් තිබුනා... නමුත් වෙලාවක් එනවා, යම් යම් කාරනා වලදී, හිත ඇතුලෙම බලවත් ප්‍රතිවිරුද්ධ තාවයන් ගොඩ නැගෙන... එතකොට කොහොමද තීරණ ගන්නේ...? මට හිතෙන්නේ යම් යම් ක්‍රීඩාවලදී අසීරු කාර්‍යයන් කරන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, යම් යම් සංගීත භාණ්ඩ වයන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, හිතත් මෙයට පුහුණු කලයුතුයි කියා.... මොකද හිතේ කොටසක් A හරිය කියා කියනවා... තවත් කොටසක් B හරිය කියා කියනවා...එතකොට ඒ හිත තුලම ඉඳන් තමයි මේ දෙකෙන් තේරීමක් කරන්න වෙන්නෙත්... ඒ හා බී වලින් නතර වුනොත් හොඳා... තවත් බොහෝ විකල්ප එකතු වුනහම...? හිතේ දමනයකුත් නැතිවුණහම...?
ගතත් සිතත් එක්තැන් කරන ක්‍රීඩා වලිනුත් මේ සිත දමනය කරගන්න උදව් ගන්න පුලුවන් කියා මට හිතෙනවා... පිහිණීම, දිගු දුර දිවීම, සරල ක්‍රීඩා වුවත් සිතේ ශක්තිය, මෙල්ල කිරීම පුහුණු කරවන්න උදව් වෙනවා... බෝධිධර්ම භික්ෂුව විසින් ඉන්දියාව හරහා චීනයට, එතනින් ජපානයටත් ව්‍යාප්ත වුණු කරතේ ක්‍රීඩාවෙත් මේ වාගේ "නිසල මනස" [Peaceful Mind - Heian] නමින් "කාතා" වර්ගයක් තිබෙනවා... ඉංග්‍රීසි අයි අකුරේ හැඩයට චලනයන් දක්වන මේ "කාතා" සරලයි... නමුත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන්ම වර්ධනය කල ඒවා වෙනවා... විශේෂයෙන් නවකයන් උදෙසා ලබාදෙන... යෝග ව්‍යායාමත් අනිවාර්‍යයෙන්ම සැකසී ඇත්තේ ඒ වෙනුවෙන්මයි මගේ හිතේ... අමාරු ඉරියව්වක විනාඩි දෙකක් ඉන්න, හිතේ බලවත් ශක්තියක් ඕනෑවෙනවා...
අසංවේදීව හිතත් එක්ක කරන ඔට්‍ටු සෙල්ලන් ජීවිතයේ එමට වුවත්, සිහියෙන් යුතුව සෙල්ලමක් කර බැලුවොත්... තමන්ට නතර කර ගත නොහැකි සමහර චර්යා... කෑමෙන් පසු ලොසින්ජරයක් කැම, සිගරැට්‍ටුවක් පානය, රැට අඩියක් ගැහීම... වගේ දෙවල් එක්ක අත් හදා බැලුවොත්....? මම හිතන්නේ ඒක අපේ හිතේ හයිය පිලිබඳ නියම "අම්ල පරීක්ෂාව - Acid Test" කියා... උප්පත්තියෙන්ම දැමුණු සිතැත්තන් ඉන්නා අතර වෙහෙසවී සිත් දමනය කරගත්තවුන්ද අප අතරම මා දැක තියනවා... ඔවුන් නියතයෙන්ම මට නම් මග එලි දක්වන්නන්... අවසන් පදයේ තණුව වෙනස් වන අයුරු නිස්කාන්සුවේ විඳින්න..
දලින් අනින පයින් මඬින රුදුරු සැහැසි කම් කල ඇතු....
අන්න බලන් සැදැහැ සිතින් කරඬුව ගෙන යනවා...
ආ.... කරඬුව ගෙන යනවා.... කරඬුව ගෙන යනවා....
දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු....
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා...
ආ... රජුට අසුන දෙනවා... රජුට අසුන දෙනවා...
අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආ... කිරි දෙන්නට එනවා... කිරි දෙන්නට එනවා...
නින්දා රලු බස් පහරින සසල නොවී නිසසල වන...
අන්න බලන් දැමුණු දනා...
අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...
නෙත රසඳුන් වෙනවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

කෙතරම් හද රිදවුනු මුත්
ReplyDeleteසිනාවකින් එය ඉවසා
අන් අය සිත් සනවිට
සතුටු කඳුළු නැගෙනා..
අති විශිෂ්ඨයි සර්..!!
ReplyDeleteඅහ්... ඒකත් ඒ තණුවටම ගායනා කල හැකි...! පුදුමයි නගේ...!
ReplyDelete@වැම්පි: නොකා එහෙම... කෑවහම...!
ReplyDeleteමටත් තිබුණා ඔය උපන්ගෙයි මල පැනිල්ල මුල ඉඳලම...
ReplyDeleteසෑහෙන අමාරුවෙන් තරමක් දුරට හරි පාලනය කරගෙන ඉන්නවා..
නැත්නං මේ රස්සාව කොරන්ඩ බැහැ නෙව...
ඒක නම් මේ ආරෙට ලැබ්ච්ච දායාදයක්ද කොහේදො....
ආ ඔව්මයි නේද??
ReplyDeleteසිංදුව අහන ගමන්ම හිතුන දේවල් ලියාගෙන ගියේ ..ඒ නිසා වෙන්න ඇති එහෙම උනේ.:-)
තිසා, මේ සින්දුව 'ඇහිල' තිබුනට අද තමයි සවන් දුන්නෙ. උඹේ විස්තරයත් එක්ක නියමෙට වැදුනා. හරිම වෙනස් සාහිත්‍යමය නිර්මාණයක්. කෝරස් එහම නැතිනම් කණ්ඩායම් ගැයුම හරිම අපූරුයි.
ReplyDeleteමම හිතන්නෙ මේක රෝහණ වීරසිංහයන්ගෙ සංගීතය වෙන්න ඕන. මේ වගේ කෞශල්‍යයක් පෙන්නන්නෙ එතුමගේ සංගීතයෙන්ම තමයි.
චෙලෝ, වයලින් ට්‍රම්පට් යොදා ගනිමින් සිම්ෆනි ක්‍රමයට ඝෝෂාකාරි සංගීතය යොදා ගනිමින් සිතේ ඇති ව්‍යාකූල භාවය ඉතාමත් කදිමට නිරූපණය කරල තියෙනවා.
ඒ වගේම ගීතයේ අවසාන කෝරස් එක ග්ලොකන්ස්පීල් කියන 'සීණු' හඬ දෙන සංගීත භාණ්ඩය සහ ස්ට්‍රින්ග්ස් (වයලින් පවුලේ භාණ්ඬ සමූහයක් එකට වාදනය කරන විට හඬ ) උපයෝගී කර ගනිමින් ඉතා සෞම්‍ය සංගීතයක් උපයෝගී කරගෙන දැමුණු සිතක් නිරූපණය කරලා තියෙනවා.
හරිම අපූරුයි.
දුමීයෝ.. එල කොල්ලෙක් නෙ ඔයා. හරියටම හරි.. රෝහණ වීරසිංහ මහත්තය තමයි කලේ..ඕක ලිව්වෙ මහින්ද දිසානායක. කපුගේ මහත්තය රජරට ඉන්න කාලෙ තමයි මහින්ද දිසානායක කියන පදරචකයා කරලියට අරගෙන එන්නේ. මම පොඩි පෝස්ට් එකකුත් දාල ඇති...මේං..
ReplyDeletehttp://blogvampa.blogspot.com/2010/07/punishment-transfer-of-gunadasa-kapuge.html
නියමයි...
ReplyDeleteහ්ම්.....මේ දවස් වල පාඩම් කරන්න ඉස්සෙල්ලා මේ වගේ සිංදුවක් අහපුවහම පාඩම් කොරන එක බොක්කටම වදිනවා......
ReplyDeleteසුනිල් එදිරිසිංහ මහතාගේ නේද මේ සිංදුව අයියේ.....මම මීට කලින් නම් අහල නෑ...අනර්ඝයි අයියේ.....
අර දුමී අයියා කීවදේ නම් මටත් දැනුනා....මුලින් පටන් ගනිද්දි තිබ්බ ප්‍රචණ්ඩ කාරී ස්වභාවය ගීතයේ අග බාගය වෙද්දි අඩු වෙලා ගිහින්.......ම්ම්ම්ම්ම හොදට මල පැන්න වෙලාවක මේක අහල බලන්න ඕනි...මට දැන්වුනත් දැනුනේ මහ අමුතු හැඟීමක්...මොකද මේ දවස්වල ඉන්නේ විභාග මානසිකත්වයෙන් නිසා ටිකක් මනස පීඩනයකින් තියෙන්නේ....ඇත්තටම ඇයියේ මේ සිංදුව ඇහුනාම ඒ තිබ්බ පීඩනය නැත්තටම නතිවුනා වගේ....
බොහෝමත්ම ස්තූතියි අයියේ රස විනදනයට අනර්ඝ ලිපියකුත් එක්ක අනර්ඝ ගීතයකුත් දුන්නාට.....
@සන්සරසිදු: එතකොට රස්සාවෙන් දෙයාකාරයක වාසි ලැබෙනවා ඈ...?
ReplyDelete@දුමී: හප්පට සිරි... ඔන්න මම ආයෙමත් මා දැමූ ගීයම නැවත වරක් අහනවා...!!! මේ ගී වල ණිර්මාපකයෝ වෙලාවකට වෙදැඳුරෝ වාගේ නේ දුමී....? බොහොම ස්තූතියි විග්‍රහයට...
@වැම්පි: ආයේ දුමී ගැන කියනුම කවරේද...
උඹ ඔය තොරතුරු ඔච්චර භාරදූර වැඩක් අස්සේ කොහොම හාඩ් ඩිස්ක් එකේ තියන් ඉන්නවද මන්දා... මොනා වුනත් ස්තූතියි වැම්පියෝ... කියවන්නන්ට මෙව්වා පරිපූර්ණ වින්දනයකට මග පෙන්නවනවා...
@ඔබටත් හේමලයෝ....
@෴ හසියා ෴ : ඔලුවේ පීඩනයකට නම් ගීය තරම් වෙන අවුසදයක් වෙන කොයින්...?
හැබැයි කේන්තිය පාලනය අමාරු වැඩක්... මම ඒ හින්දා පොඩි දේවල්, හැඟීම්, පුරුදු, වාගේ නවත්තන්න බෑ වාගේ හිතුනු ඒවා එක්ක ඔට්‍ටු වෙනවා... එක ජයග්‍රාහී වටයකින් තවත් අමාරු වටයකට වාගේ...බලමු.. දිනන්නම ඕනේ...
දැන්නම් ඉතින් මටත් මෙවා අහන්න පුළුවන් නෙව..
ReplyDeleteඅළුත් කොනෙක්ෂන් එකට පින් සිද්ධ වෙන්න.
හරි අපූරුයි නෙව..
මට වෙලාවකට හිතෙනවා මට දැන් මෙ මක්කද වෙලා තියෙන්නේ කියලත්..
කියල වැඩක් නෑ අයියේ ඕක සිය වාරයක් විතර ඇහල ඇති. ඒත් හරියට ඇහුනේ අදනේ. ඇත්තට අපගෙ හිත් පාලනය කරන්න පුළුවන් අපටම නේද. මම නම් ඒක පුරුදු කරනවා. සෑහෙන දුරට සාර්ථකයි.
ReplyDeleteගොඩාක් ස්තුතියි මේ සිංදුව අර්ථයක් ඇතිව අහන්න දුන්නට. තව දෙයක් සිංදු අහනවනම් ඔය කේන්තිය වගේ දෙවල් බොහොදුරට සමනය වෙනවා. මම ඒක හොදට අත් විදල තියනවා.
අපූරු ගීතය. මම හිතන්නේ මට අයියගේ එක පෝස්ට් එකක් මඟ ඇරිල වගේ....
ReplyDeleteඒත් අයිය මට හිතෙනව.සමහර වෙලාවට සමහරු නිහඬව ඉන්නේ තරහ යන්නේ නැති නිසාම නෙමෙයි.." හිටහන්කෝ මටත් වෙලාවක් එයි නේ.. දෙන්නම් බොට" කියල වගේ...
තවත් සමහරු කපන්න බැරි අත සිඹිනව... දැන් ගොඩක් දෙනා රජුට පුටුව දෙන්නේ , ආහ් මාත් කැමති කියල අත උස්සනේ හිතට එකඟව නෙමෙයි කරන්න දෙයක් නැති කමට....
පෙරහැරේ යන අලිය වුනත් කුලප්පු වෙනව වුට ඔලොක්කු කරෝත්.. අනික වු ඉන්නේ කකුල් බැදල දම් වැල් දාලා....
අනික අයිය අහල නැද්ද.. කොටන් අදින ඇතා හෝ අලියව කවදාවත් පෙරහැරක එක්ක යන්න ගන්නේ නෑලු..( අලි අඩු නිසා දැන් නම් මේක වෙනස් වෙලා ඇති )
අපූරුයි ආයෙත් කියනව ඇත්තටම අපූරුයි...
@මාරයා: ඔහ් අලුත් ක්නෙක්ෂන් එකක්... ???
ReplyDeleteඔය තියෙන්නේ...හැබෑව හැබෑව.. ඒ වෙලාවට තමා සින්දු ඇහෙන්නේ රසවත්ව... කවුරුත් ඉතින් කලින්ම කිව්වේ ඕක තමා බොට...
මොනවා වෙන්නද සාමාන්‍ය කීක් වගේ ඉන්නවා...
@priyantha.ඒ.බී : ආන් ඒක තමා මන් කිව්වේ පුරුදු කල අයත් ඉන්නවා කියලා... මම නම් බොහොම මුල...හෙමින් හෙමින් එන්නම්....
@මේන් අලුත්ම කියවීමක් වත් ගෙන් සින්දුව ගැන...!!!!
හ්ම්...වෙනදා වාගේම ජීවිතේ ගැන හිතන්න ගොඩාක් දේවල් විවර කරපු නිර්මාණයක්..සුනිල් එදිරිසිංහයන්ගේ සිංදු 75ක් විතර තියෙනො..ඒත් මේක නෑනේ...සඳුදාට තමා අහන්න වෙන්නෙ..
ReplyDeleteජයවේවා!!!
ඒකනේ සම්පත් කාරනය... පරසිදු වෙන්නේ එකම සින්දු ගොන්න... හැන්ගිලා තියනවා මැණික්.... සඳුදට එන්න එහෙනම්...
ReplyDeleteඅඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
ReplyDeleteඅන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආසම හිතෙන්නෙ ඒ වචන ටිකට...කාලෙකින් මට ගොඩක් ආස හිතුන සින්දුවක්...
@චේජනා: ඔව් ලස්සනම ප්ද වැලක්...
ReplyDeleteඔබ කොහොමටත් සුනිලයන් ගේ ගී වලට කැමතියි නෙව...
නියම සිංදුවක්
ReplyDeleteඅළුත් කිවුවෙ ඩයලොග් බං අයියේ...
ReplyDeleteබොහොමත්ම ස්තුතියි තිස්ස අයියා !! මම ආසම කරන ගීතයක්
ReplyDelete@wasa: ඔව්... හෑබෑටම අපූරු ගීයක්...
ReplyDelete@මාරයා: හෙහ් හෙහ් හෙහ්...දන්නවා බන්... අරෙහෙම කියන්නත් අපට දවසක් එයිද...?
@ස්වප්නා: අහ් ඔබත් අපූරු රසවිඳින්නෙක් බව මම දන්නවා නෙව...
මේක කොච්චර නං අහලා ඇත්ද? තේරුමත් ඕකයි කියලා දන්නවා. ඒවුනක් මහලොකු රසයක් මට ඒ දවස් වල දැනුනේ නෑ. ඒත් බං උඹලා දුන්නු "වචන මාලේ" නිසා දැන් මට ඊළග පාර ගීතය ඇහෙද්දී ඇත්තටම රසවිඳින්න පුළුවන්. නිකම්ම අහනවාට වඩා. බොහෝම ස්තූතියි.
ReplyDelete"එතකොට රස්සාවෙන් දෙයාකාරයක වාසි ලැබෙනවා ඈ...?"
ReplyDeleteදෙයාකාරයක විතරයෑ අයියේ...
පරස්තාවත් හරි ගියොත් තුන්ආකාරයකටම වාසි ලැබෙනවා කියල වෙනස් කරන්න වෙනවා...
ස්තුතියි සහෝ... මං අහලා තිබුණේ නැති ඒත් අපූරු ගීතයක්. සටහනත් අගෙයි.
ReplyDeleteපිස්සට ත් ඔය මල පැනිල්ල තියෙනව නොවැ හොඳින්ම... සින්දුව 2 පාරක්ම ඇහුවා.. වටින ගීතයක් මට නම්...
ReplyDeleteඅයියගෙ විස්තරය්ත් එක්ක ගීතය ලස්සනට අහන්න පුලුවන් උනා...
@කුෂාන්: ෂහ් මරි වචනේ... "වචන මාලය"... ඇත්ත කථාව... දුමීගේ වචන මාලයට පස්සේ මමත් ඇහුවා කීප වතාවක්...
ReplyDelete@සන්සරසිදු: හෙහ් හෙහ් හෙහ්..හැබෑම නේන්නම්...
@චතුර සහෝ... සෑහෙන කලකින්....! ඉතින් තුති...
@පිස්සා පලාමල්ල: ඔව් මලේ...මල පැනිල්ල නතර කරගන්න කලින් මම සුටිටි සුට්ටි පුරුදු වාගේ එව්වා ටැස් කොරලා බලනවා... එකපාර කිලෝ 50 උස්සන්න බැ නෙව... 10 න් 15 න් පටන් අරන් බලනවා...