අපි ලෝකෙට කොච්චර බණ කියනවද... අන්තර්ජාලයත් එක්ක අනුන්ව විවේචනය කරන එක, අනෙකාගේ ඇහැටම ඇන, අපහාස, උපහාස, පරුස වචන කීම රස්සාවක් වෙන තරමටම ඇවිල්ලා නේද...? නමුත් අපි ලෝකයෙන් බලාපොරොත්තු වෙනදේ අප අසලම ඉන්න තමන්ගේම එක්කුස සහෝදරයා හරි සහෝදරිය හරහා හරි කරවලා බලන්න උත්සාහ කරලා තියනවද...? කාරණය වඩාත්ම බරපතල වෙන්නේ දරුවන් උස් මහත් කරන්න ගියහම....
හෙළ බසට ඉහලම සේවයක් කල පඬිරුවනකගේ පුත්‍ර රත්නයක් ගැන මා දන්නවා... ඒ වාගේමයි අපේ ගැමි වහර ගැන බොහොමයක් පොත් ලියා පල කල තවත් ආචාර්‍යවරයෙක් ගේ පුතෙක්.... සිංහල ගීත රචනයේ අමරණීය පිටුවක් පෙරැළූ වෙකුගේ පුතෙකුන්... ඒ රචකයා ගේ ගී බොහොමයක් ගායනා කල හෙලයේ මහා ගාන්ධර්වයකුගේ පුත්‍ර රත්නය...(ඔහු මගේ පාසැල් සගයකුද විය)... මොවුන් කිසිවෙක් තම පියාණන් වරුන්, ඔවුන්ගේ නිර්මාණ හරහා තනන්නට උත්සාහ කල ලෝකය තනන්නට අද උරදෙත්ද...? ඔවුන් ඒවාට ඉඳුරා පටහැනි මාර්ග වල ගමන් කරන්නේ ඇයි...? ජාතියම උරාගන්නා නිර්මාණ වල හරයන් ඒවා ලඟින්ම ඇසුරු කරනා දරුවන් උකහා ගන්නේ නැත්තේ ඇයි...? මගේ සිතට හැමදාමත් වදදෙන ප්‍රස්නයක්...
එකට පාසල් ගොස් එකට උස් මහත්වුනු මගේ ඉතා කිට්‍ටු සගයන් කිහිප දෙනෙකුත් මේ පැනය අර පුතුන් දෙස බලා එකල නිතර විමසා ගතිමු... අප ඉනික්බිති එක් එකඟතාවයකට පැමිණියෙමු... මඩිහේ හාමුදුරුවන් කීවා වාගේ ලෝකය හදන්නට බැහැ... අප ආදරයෙන් ගෞරවයෙන් රකිනා දේ රකින, ඒවා ඉදිරියට ගෙනයන, මිල මුදල් වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා නොදෙන, උපන් මාතෘ භූමියට නොගරහන, එහි මිනිසුන්ට නිගා නොකරන, එක් පුතෙකුන් පුලුවන්නම් අප හදමු... අපි සෑම දෙනෙක්ම එලෙස කලහොත් වැදි බණ දෙසා හදන්නට සමාජයක් ඉතිරි වනු ඇත්ද...? එනිසා දැන් මා පුද්ගලිකව අදහන මතයද එයම වේ... මා දරුවන් යහපත්ව හදන්නට බැරි මා ලෝකයට කෙසේ නම් ඔවදන් දෙම්ද...? පන්සිල් රකින්නට බැරි මා කෙසේ නම් ශ්‍රමණ උතුමන් විවේචනය කරම්ද...? යම් විද්‍යාවක් කෙළ නොපැමිණි මා, ඒවා යම් පමණින් උගෙන උගතුන් වියතුන් සභා මැද ශිල්ප දක්වන්ට යාම අණුවන නොවේද... නමුත් ඒ වෙනුවට කල හැකි යමක් අත ලඟම ඇත...
ගල් අරනේ හැංගෙන්නා...
උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි...
නෑ එන්නට දෙන්නේ...
මා පුතු ලඟ ඉන්නේ...
නාඬා නිදියන්නේ...
සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ...
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ...
සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ...
සසල ලොවේ නිමල සෙනේ සිතට ගෙනාවේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
හෙළ බසට ඉහලම සේවයක් කල පඬිරුවනකගේ පුත්‍ර රත්නයක් ගැන මා දන්නවා... ඒ වාගේමයි අපේ ගැමි වහර ගැන බොහොමයක් පොත් ලියා පල කල තවත් ආචාර්‍යවරයෙක් ගේ පුතෙක්.... සිංහල ගීත රචනයේ අමරණීය පිටුවක් පෙරැළූ වෙකුගේ පුතෙකුන්... ඒ රචකයා ගේ ගී බොහොමයක් ගායනා කල හෙලයේ මහා ගාන්ධර්වයකුගේ පුත්‍ර රත්නය...(ඔහු මගේ පාසැල් සගයකුද විය)... මොවුන් කිසිවෙක් තම පියාණන් වරුන්, ඔවුන්ගේ නිර්මාණ හරහා තනන්නට උත්සාහ කල ලෝකය තනන්නට අද උරදෙත්ද...? ඔවුන් ඒවාට ඉඳුරා පටහැනි මාර්ග වල ගමන් කරන්නේ ඇයි...? ජාතියම උරාගන්නා නිර්මාණ වල හරයන් ඒවා ලඟින්ම ඇසුරු කරනා දරුවන් උකහා ගන්නේ නැත්තේ ඇයි...? මගේ සිතට හැමදාමත් වදදෙන ප්‍රස්නයක්...
එකට පාසල් ගොස් එකට උස් මහත්වුනු මගේ ඉතා කිට්‍ටු සගයන් කිහිප දෙනෙකුත් මේ පැනය අර පුතුන් දෙස බලා එකල නිතර විමසා ගතිමු... අප ඉනික්බිති එක් එකඟතාවයකට පැමිණියෙමු... මඩිහේ හාමුදුරුවන් කීවා වාගේ ලෝකය හදන්නට බැහැ... අප ආදරයෙන් ගෞරවයෙන් රකිනා දේ රකින, ඒවා ඉදිරියට ගෙනයන, මිල මුදල් වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා නොදෙන, උපන් මාතෘ භූමියට නොගරහන, එහි මිනිසුන්ට නිගා නොකරන, එක් පුතෙකුන් පුලුවන්නම් අප හදමු... අපි සෑම දෙනෙක්ම එලෙස කලහොත් වැදි බණ දෙසා හදන්නට සමාජයක් ඉතිරි වනු ඇත්ද...? එනිසා දැන් මා පුද්ගලිකව අදහන මතයද එයම වේ... මා දරුවන් යහපත්ව හදන්නට බැරි මා ලෝකයට කෙසේ නම් ඔවදන් දෙම්ද...? පන්සිල් රකින්නට බැරි මා කෙසේ නම් ශ්‍රමණ උතුමන් විවේචනය කරම්ද...? යම් විද්‍යාවක් කෙළ නොපැමිණි මා, ඒවා යම් පමණින් උගෙන උගතුන් වියතුන් සභා මැද ශිල්ප දක්වන්ට යාම අණුවන නොවේද... නමුත් ඒ වෙනුවට කල හැකි යමක් අත ලඟම ඇත...
ගල් අරනේ හැංගෙන්නා...
උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි...
නෑ එන්නට දෙන්නේ...
මා පුතු ලඟ ඉන්නේ...
නාඬා නිදියන්නේ...
සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ...
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ...
සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ...
සසල ලොවේ නිමල සෙනේ සිතට ගෙනාවේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Good thinking!
ReplyDeletenice song !!!!! good job ayya, thanks for sharing !!
ReplyDeleteඅපි ලෝකය වෙනස් වෙනතුරු කිසිත් නොකර බලාන ඉන්නවා..ලෝකය විවේචනය කරනවා ( මේ මොහොතෙත් මම කොරන්නේත් ඒකම තමයි...)...ඒත් අපිට අමතක වෙලා ලෝකය කියන්නේත් අපි අපිම බව....අපි වෙනස් නොවෙන තාක් ලෝකය එලෙසම පවතිනවා.....ජෝන් මේයර්ගේ මේ සරල ගීපෙලින් මෙක නියමෙට කියවෙනවා....It's hard to beat the system
ReplyDeleteWhen we're standing at a distance,So we keep waiting,Waiting on the world to change.....
ඉටුකොට කල යුතු යුතුකම්
ReplyDeleteලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
පුතා නුඹයි මගේ උතුම්
ඇත්ත තමයි අයියා .........
ReplyDelete[මේ ලිපියට අදහස අවෙ බස් එකෙදි දාපු ලිනික් එක හින්දද ]
@හරී : තැන්කූ හරී...
ReplyDelete@හේමලයා: ආන්න හරි මලේ මගේ අදහසක් ඒකමයි...නමුත් ඔබ කලේ විවේචනයක් නෙමේ නේද...?
@චානක: ඔව්... නොසැලෙන් මලනුවනේ...
@වැප්: මම කාලයක් තිස්සේ මේ මතේ ඉන්න උත්සාහ කරනවා මලේ...ඔබේ පෝස්ට් එකෙන් ඒ මතය ආයේ උඩට ඉස්මතු වුන කීවොත් හරි... එහෙම බලන කොට ඒකෙන් මට වැඩක් වුනා නේ...
සිංද්ව ගැන නම් මම දන්නේ නෑ..
ReplyDeleteඒත් උඹ හිතන විදිය ගැන නම් මට කියන්න වචන නැහැ.
සෑහෙන කාලයක් තිස්සේ මම හිතලා, හිතලා අන්තිමට තේරුම් ගත්තු දේවල් බොහෝමයක් තියෙනවා.මට ලැබුණු අත්දැකීම් එක්කම.
මම දැන් කාවවත් හදන්න උත්සහ කරන්නේ නැහැ.
ඊට වඩා මම කියන පුද්ගලයා නිවැරදි කරගන්න බලනවා මිස..
ඒත් මට තාම මාව නිවැරදි කරගන්නත් බැහැ.
හේතුව නිවැරදි කියන එක මොකක්ද කියලා නොදන්නා කම.
අපි නිවැරදි කියලා හිතන දේවල් හුගාක් දේවල්..තවත් පැත්තකින් ගත්තහම වැරදියි.
වරද තියෙන්නේ ක්‍රියාවෙ නෙවෙයි..
මිනුම් දණ්ඩෙ..
පළමුවෙන්ම අද අයියගේ ලිපියත් විවේචනයක්.
ReplyDeleteදෙවනුව විවේචනය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒක නරක දෙයක් වෙන්නේ තව කෙනෙක්ගේ අදහස් ගරහල, උපහාසයට ලක්කරල වෛර සිතකින් කරන දෙයක් නම් විතරයි.
විවේචනය හොද දෙයක් නිසා තමයි ස්කෝලෙදිත් අපිට විවේචනය කරන්න උගන්නන්නේ.
ඒවගේම විවේචන දරා ගන්නත් අපිට පුලුවන් වෙන්න ඕනි.(මට නම් ටිකක් අමාරුයි. කියන දේ හද පතුලටම වදිනව)
කියන දේ නාහාන අය මග හැරීම හෝ අත හැරීම තමයි මම නම් කරන්නේ. හිතවත් ලෙංගතු සමහර අයව නිසි මගට ගන්න හිතන් අපි කියන කරන දේ සමහර විට ඔවුනට තේරුම් යන්නේ නැහැ.ඒ වගේ වෙලාවට අකමැත්තෙන් වුනත් ටිකක් දුරස් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ඇත්ත අයිය අපිට ලෝකය හදන්න බැහැ. ඒත් උත්සාහයක් හරි දරන්න ඕනි. බැරි වුනොත් සිත නොතල ගෙන ඒ ඒ මිනිස්සුන්ගේ ලැබීම කියල හිතල හිත හදා ගන්න ඕනි.
අයියේ ... අනිත් මිනිසුන් ගැන හිතල හිද ඔද්දල් කර ගන්න එපා.
දරුවන් ගැන වුනත් මධ්‍යස්ථව හිතන්න එකයි හොද. හොද දේ දෙන්න. හොද දේ කරන්න. හොද චින්තනයකට හුරුකරන්න. අනිත් දේවල් එයාලගේ අතේ.
අවසාන වශයෙන් ගීතය ගායනා කරන ගායිකාවගේ හඩ නම් හරිම මිහිරියි...
හැමෝම කල්පනා කළ යුතු දේ, හරියටම කියලා තියෙනවා. තිස්ස, ඔබ සැබැවින් ම මිනිසත් කම අවුස්සනවා. ඒක හරිම පිනක්
ReplyDeleteමඟ වැරදිලා දෝ බැදි වල නුඹ යන්නේ
ReplyDeleteනැතිනම් නොදැන ගමනක් දෝ නුඹ යන්නේ
හරි මග පෙන්නුවත් නුඹ නැහැ පිළිගන්නේ
නුඹෙ මඟ යන්න නැත අවහිරයක් වෙන්නේ
කියල මම ඒ වගේ අයට කියනව...
මට මඟ කියල දුන්න අය මට කීවේ ඇත්ත කියල මට පහුවෙලා තමයි තේරෙන්නේ.විශේෂයෙන් මගේ අම්ම. ඇය කියන දෙයක් කිසිදිනක වැරදිලා නැහැ. ඒ නිසා දැන් ඇය කියන දේ ගැන පූර්ණ විශ්වාසයක් තියන්න මට පුලුවන්.
ඒ වගේ අයට මම කියනව
මා යන මඟ වැරදියි නුඹ කියාලා
හරි මඟ සදාදී කඳුළක් හෙලාලා
නුඹ මට දුන්න ඔවදන් සිහි කරාලා
දුක් වී තැවී කුමටද හිත රිදීලා
අයිය ... මම යන්න හිතන් හිටිය පාර මම වෙනස් කරන්න තීරණය කරා.( අයිය දන්නව ඇති කියල හිතනව මම කියන දේ)
මචෝ . . මේක නම් මාර ම මාර වැඩක් බන් . . . අද හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් මේ සිංදුව නිකමට මට මතක් වුනා බන් . . ඉත්ං මේක මුමුන මුමුන තමයි ආවේ සෑහෙන දුරක් එනකම් . .. ටෙලිපතිම තමයි බන් මම හිතන්නේ . . සිරාවට . .. .
ReplyDeleteමාරයාගෙ කවියට තවත් එක කවියක් එකතු කරන්න කැමතියි....
ReplyDeleteකරදර දහසක් හමුවී
සිටියැකි නම් හිනා වෙවී
ඔහු මෙලොවට පහළ දෙවී
රජකැයි සැළකුව මැනවී....
මම මේක ගැන කමෙන්ට් එකක් ලිව්වොත් ඒක ඔයාගෙ පෝස්ට් එකටත් වඩා දිග එකක් වෙයි තිස්ස අයියා... පුතෙක් ඉන්න අප්පච්චි කෙනෙක් විදිහට මට මේ ගැන කොච්චර දේවල් කියන්න පුළුවන් වේවිද?
ReplyDeleteසින්දුවට ස්තූතියි තිස්ස අයියා....
හැමදාම දකින කුකුළගේ කරමලේ සුදුයි කියනවනේ.....ඕකයි හේතුව......
ReplyDeleteඅනුන් හදන්න කලින් තමන් හැදෙන්න කියන එක යහපත් චේතනාවක් මචං . .
ReplyDeleteඒත් සමහර වෙලාවට මට මෙහෙමත් හිතෙනවා.
තව කෙනෙකුගේ මිනුම් දන්ඩට අනුව අපි නොහැදුනු අය කියලා හිතමු.
ඒත් අපේ හර්ද සාක්ෂිය ට අනුව අපි අනුන්ට හිරි හැරයක් කරදරයක් නැති සාමකාමී කෙනෙක් කියලා අපි දන්නවා කියලත් හිතමු.
තව දුරටත් මම විනීත රියදුරෙක් කියලා හිතමු . ..
මම රථයක් ධාවනය කරගෙන පාරේ කාටවත් හිරිහැරයක් නැතුව සීරුවෙන් ගමන් කරනවා කියලත් හිතමු. . ඒත් එක් වාහනයක් හෝ වාහන කීපයක් අපේ වාහනයටත් අනෙක් වාහන වලටත් හිරිහැර වෙන විදිහට නොහික්මුනු විදිහට ගමන් කරනවා.
"අනේ මට මුන්ව හදන්න ඕන නෑ. . මම මගේ පාඩුවේ ඉන්නවා " කියලා මම හිතලා ඒ නොහික්මුනු උන් මගේ වාහනේත් අනෙක් අයගේ වාහන වලත් හප්පන කම් සූරන කම් මම කට පියාගෙන ඉන්නවනම් මට හිතෙන්නේ ඒක මම අසාධාරනේ ඉවසුවා කියන දීන වැඩක් කියලා . . .
මගේ ආරක්ශාව ගැන හිතලා වත් "ඕයි පාරේ යනකොට පොඩ්ඩක් පරිස්සමින් යනවා බූරුවෝ " කියලා අර වැරදි කරන එකාට බනින එක මම නොහැදී ඌව හදන්න දරන වෑයමක් වගේ මට නම් පේන්නේ නෑ මචං . ..
අපේ පරන සංවාදේත් මතක් වුනා මේ අල්ලපනල්ලේ
@අභීත...
ReplyDeleteහෑ..මම මෙකේ කවි ලිවුවදෑ..?
මළ සේක කිවුවළු...
@මාරයා: හිතත් එක්ක ගනුදෙනුවේදී නිවැරැද්ද ගැන හිතන්න තමා මට හිතෙන්නේ, හිත දියුණු කලා යැයි අපි හිතන අයගේ මග යාම... නැත්නම් මේ වැඩේ පටන් ගන්න තැනක් නැතිවෙයි නේ මලේ...? ඔය හැම බටහිර විද්‍යාවකමත් මුල ඇත්තේ විශ්වාසය නෙව.... අපිත් අපට හුරු ශාස්තෲන් වහන්සේලා ගේ දැනුම, අතීත දැනුම, අපි හුරු කල ප්‍රාමාණික තර්කය, හිත ඩිංගිත්තක් විතර සුසර වෙනකල් විශ්වාස කලොත්, ආරුලු බූරුලු ඉවත් වෙලා, ගැටලු නැති "නිවැරැද්දක් " හොයාගන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා...
ReplyDeleteදැන් මෙතැන හිත යන්නත් විශ්වාසය යන්නත් කී ගමනක් පාවිච්චි වුනාද හැබෑටම ඈ....?
මේක හරියට බස් එකක් ඇතුලේ ඉඳන් බස් එක තල්ලු කරන්න හදනවා වාගේ වැඩක් අම්මපා....
@වත්ගේ කාරණයත් සමග එකඟ වෙන්නේ විචාරය විවේචනය කරන කෙනා ප්‍රායෝගිකව ඒක පිලිපැදිමට හෝ ප්‍රායෝගීකව කලහැකි දෙයක් බව පෙන්නා ඇත්නම් පමණි... නැත්නම් විචාරයත් විවේචනයත් කලකදී තමන්ට නොදැනීම විවේචනය උදෙසාම වන විවේචනයක් වේවි... වැදි බණ යන්නත්, සුභාෂිතයෙහි ඔවා දෙනු පරහට යන්නත් බිහිවී ඇත්තේ මෙනිසාම යැයි හඟිමි... අපි කියන දේ දුරින් ඉන්න අය අහන්න පෙර ලඟින් ඉන්න අය සම්බන්ධයෙන් Pilot Run එකක් කොට බැලිය යුතුය... තමා හඳුනන වටහාගත් අයට තමා කියන දේ ගැටලුවක් නොමැතිව අනුගමනය කිරීමට බැරි නම් අන් අය ගැන කවර කථාද නගේ...?
හේමලයාගේ කොමෙන්‍ටුව කියවන්න සන්සුන්ව... ලෝකයා යනු ඔබමයි...
මාරයාගේ කොමෙන්‍ටුව කියවන්න... නිවැරද්ද තෝරාගැනීම ඔබටද පහසු නැත....
ගායිකාව නම් නීලා වික්‍රමසිංහයන්ය...
@නිලන්ත පියසිරි: සන්සුන් මනසකින් යුතු ඔබට අපට එළියක් දිය හැක...
@වත්ගේ දෙවැනි කොමෙන්‍ටුවේ වචනයක් පාසා එකඟයි... බෝධිසත්වයෝ සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාත් ගුරුවරු කීයක් මාරු කොලාද... අපි මොක්කුද පාර වෙනස් කරන බැරි...?
@දුකා: පලමු ටෙලිපති - "සීතාවනි ඔබ හැඩ රුව ඇති බව..."
දෙවැන්න - "මගේ හද වෙණ් පිරිමැදලා "
මෙය තුන...
@අභීත: කාගෙන් තහන්චියත් ද මලේ අදහස් වලට... දෙමව්පියන්ට තමා මේ ගැන හරියටම කිව හැකි...
@හසියෝ අද හරුපේ නම් අඤ්ඤකොරොස් මට...???
@දුකා: බොහෝ විට වෙන්නේ....
"ඕයි... පාරේ යනකොට පොඩ්ඩක් පරිස්සමින් යනවා බූරුවෝ.."
"උඹ පලයන් මීහරකෝ..."
ඌ හැදෙයිද උඹෙත් මල පනීද...?
උඹල දෙන්න මල පැනලා රේස් යන්න ගිහින් වාහන නොපැද්ද උන්ටත් කෙලවෙයිද....?
http://dl.dropbox.com/u/9040688/Ugathun%20Mada.mp3
ReplyDeleteonna okatath ayyya kemethi wei...
හපොයි වැම්පි මලේ...
ReplyDelete"අපේ පැතුම් මතු ඉටුවෙන්නයි...
පුතා උතුම් මිනිසෙකු වෙන්නයි..."
කව්ද අකමැති...? අධික වැඩ වාගේ මේ දිනවල...
@වත් : උපහාසයයි, අපහාසයයි අතර ලොකු වෙනසක් තියෙනවා නේද? උපහාසය කියන්නෙ නරක දෙයක් නෙමෙයි කියලයි මටනම් හිතෙන්නෙ. ඒක රස විඳින්න පුලුවන් දෙයක් කෙනෙක්ට නොරිදෙන ලෙස ඇහැට ඇනලා.
ReplyDelete@තිස්ස : උඹේ ලියැවිල්ල ගැන හරිම සතුටුයි මචං. මට එක්තරා "කොන්සුලේට්" කාර්‍යාලයකින් කුඩා දරුවන් වෙනුවෙන් කළ වැඩසටහනකට සහභාගි වෙන්න ලැබුණා දැනට අවුරුදු කීපයකට උඩදි. "අපේ බස හා අපේ කම සුරකිමු" කියන මාතෘකාව යටතෙ බොහොම ලස්සනට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් භාවිතා කරමින් ජාතික ඇඳුමින් සැරසුනු මහත්වරුන් කීප පොලක්ම හරවත් දේශණයන් කළා. එය අවසානයෙ මා ඔවුන්ට යෝජනා කළා පිටරටක වෙසෙන මේ අපේ දරුවන්ට අපේ සාහිත්‍ය කෘති හා කලා කෘති හදාරන්න පොඩි පුස්තකාලයක් හදලා ලංකාවෙන් පොත් ගෙනැල්ල කියවන්න සලස්වමුද කියලා. ඔවුන් එක හෙලාම ඊට විරුද්ධ වෙමින් කියා සිටියේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න අපේ දරුවන් කොහොමද ඔය දේවල් කියවන්නෙ, එහෙම වුනොත් ඔවුන්ට සිංහල ඉගෙන ගන්න එකත් එපා වෙයි කියලා. මම නිහඬ වුණා. පසුව, ඒ ජාතික ඇඳුමින් සැරසිලා අපේ දේ රැක ගනීම ගැන කතා කළ එක් මහත්මයෙක්ගෙ කිට්‍ටු හිතවතෙක් මට කිව්වා ඔහුගේ දරුවන් සමග ඔහු ගෙදර කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන් කියලා.
ලංකාවට නිවාඩුවට ගිය වෙලාවක බස් එකක බෝඩ් ලෑල්ලක් කියවගන්න එහෙම නැත්නම් කඩ සාප්පුවක බෝඩ් ලෑල්ලක් කියවගන්න තරමට දරුවන්ට භාෂාව උගන්වලා අපේ දේ රැකගන්න පුලුවන් කියල හිතන්න අමාරුයි. කෙනෙක් දෙයක් රැකගන්නෙ ඒකට ආසනම්නෙ. ආස වෙන්නෙ එයින් තමන්ට වින්දනයක් ආශ්වාදයක් ලැබෙනවනම්නෙ.....ඉතිං භාෂාව සම්බන්ධයෙන් ඒ වින්දනය ලබා දෙන්නෙ ඒ භාෂාවෙන් කෙරුනු සාහිත්‍ය හා කලා කෘතීන් තුලින් නේද??
අනේ පාලියෝ...මේ වයසට අපි ඔය වාගේ සිදුවීම් කොපම්ණ දැක ඇත්ද නේ...? වෙලාවකට විශ්වාස කරන්නත් බැරි තරම්...
ReplyDeleteමට හිතෙන්නෙ බොහොමයක් කලකරුවන්ගෙ දරුවන් ඒ ක්ශේෂ්ත්‍රයෙ නොරෑඳෙන්නෙ නම් ලංකාවෙ හොඳ නිර්මාණ කරන කලාකරුවන් මුහුණ පාන ආර්ථික ප්‍රශ්න නිසා කියල..
ReplyDeleteඔයා මුලින් ලියන කතාවට සම්බන්දයක් කෙලින්ම නොපෙනුනත් මට මේක දැක්කම මතක් වුනේ නම් "අල්ලට ශිල්ප සිඟා සරසවි පායේ" කියන සිංදුව...
චේජනා
@තිස්ස : මම කිව්ව උදාහරණය පිටරටවල වාසය කරන අපේ දරුවන් සම්බන්ධයෙන් වුනත්, ලංකාවෙ ඉන්න දරුවන්ටත් අපෙ භාෂාවෙ නියම රසය විඳින්න ලැබෙනව අඩුයි කියලයි මට නම් හිතෙන්නෙ. මං වැරදි වෙන්නත් පුලුවන්. උඹ කිව්වා වගෙ මේක දෙමව්පියන්ගෙ අතේ තියෙන දෙයක්, බොහෝ දුරට. කුඩා කාලයෙ ඉඳන්ම දරුවන්ට පරිඝණක තාක්ෂණය උගන්වන්න හදන දෙමව්පියන් හිතනවානම් සිංහල සාහිත්‍යය දරුවන්ට ගැඹුරු වැඩිය කියලා, ඒක පිළිගන්න අමාරුයි නේද?
ReplyDeleteසිංදුව කලින් අහල තිබුනේ නැහැ.. ඉස්සෙල්ලම ඇහැව්වේ හද ගී පොතෙන්.
ReplyDelete- පහුගිය කාලේ යුද්දේ හින්ද අපිට ලැබුන දේවල් දැන් ඉපදෙන උන්ට හම්බවෙන්නේ නැහැ.. උන්ට හම්බවෙන්නේ වෙනස් අත්දැකීම්, එක නිසා යුද්දේ ගැන උන් හිතන්නේ වෙනම විදිහකට. ( ඉස්සරහට එන ඇමෙරිකානු චිත්‍රපටි වලින් යුද්දේ කියන්නේ මොකද්ද කියල ඉගෙනගනියි ) .. උන්ට කවදාවත් අපේ හිත්වල තිබුන හැගීම් දැනෙන්නේ නැති වෙයි.
මිනිහෙක්ව ගස් බදිනකොට ඒක ගැන අපිට දැනුනේ නැත්තේ . . අපි මිනිස්සුනේගේ නිදහස, වහල්කම වෙනුවෙන් සටන් නොකරපු නිසා..අපි ඉපදෙනකොට අපේ මුතුන්මිත්තෝ ඒක අමාරුවෙන් දිනාගෙන තිබුන නිසයි..
ඒ අතින් තිස්ස අය්යා හරියටම හරි, මේ පොස්ට් ඒක ලොකු සේවයක් . . . අපි දැනගන්න ඕනේ පොඩි එවුන්ට හොද නරක කියල දෙන්න.
"ඕයි... පාරේ යනකොට පොඩ්ඩක් පරිස්සමින් යනවා බූරුවෝ.."
ReplyDelete"උඹ පලයන් මීහරකෝ..."
hhhmmmmmmm
උඹ කියන එව්වා උත්තර දෙන්න තරම් මට අත්දැකීම් නෑ බොල. මොනා නමුත් අපේ තාත්තා අපි වෙනුවෙන් කොරපු හරිය මත්ක කරගතෑකි.
ReplyDeleteඋඹ ලියන ලිපි වගේම, ඒවට වැටෙන කමන්ට්ස් වලිනුත් ගන්න ගොඩක් දේ තියෙනවා.
ජය වේ...
සිංදුව ඇහුවා කන් දෙක පුරාම. උපරිමයෙන්ම වින්දා. වෙහෙස නිවා ගත්තා. මෙන්න තුති මල් මිටක්.
ReplyDeleteහදගීපොත ට ඉස්සර අපි ආවේ පැරණී ගීතයක් අහන්න , අහල නැති අපේ පැරණි එකතුවක් එක්ක ඒකාත්මික වෙන්න හිතාගෙන.. ඒත් ඒක දැං වෙනකොට ගොඩක් මුහුකුරා ගිය සාංකල්පනික හා බුද්ධිමය සංවාදයක තෝතැන්නක් වෙලා. වෙලාවකට මං දකින්නේ අපි ගීතය ගැන වචනයක් වත් නොදොඩා ගීතය හරහා නුඹ මතුකරන්නට තනන සමාජයීය සංකල්පය එක්ක එකතුවෙන බවකුයි - ඊට සමපාත හා විරුද්ධ අදහස් එකතු කරමින්.
ReplyDeleteපැරණි සිංහල ගීත පිලිබඳ බොහෝ වෙබ් අඩවි තිබුණත් හද ගී පොත වටා කිසිදා වැඩි මිස අඩු නොවන සහෘද කැලක් එකතුව ඉන්නේ ඒ හේතුවෙන්.අඩුම තරමේ මේ එකතුවෙන මිතුරු පිරිස හරහා වත් අපි බලාපොරොත්තු වෙන ලස්සන හෙට දවස ගැන කතිකාවතක මතකසටහන් ඉතිරි වෙනබව විශ්වාසයි.ගීතයට පෙම් කරන නුඹට, මේ අඩවිය හරහා කළ හැකි උපරිමය ඒ කතිකාවත වෙනුවෙන් සිදුවෙන බවට නම් සැනසෙන්න පුළුවන්..
ගීතයට පෙරවදනක් ලෙස නුඹ ලියූ දේ සමඟ බොහෝ දුරට එකඟ විය හැකියි.අපි අපේ අත ලඟින් පටන් ගත යුතුයි. ඒත් විශිෂ්ඨයෙකුගේ පුතෙක් වූ පමණින් ඔහුට පියා මෙන් විය හැකි නොවෙයි. අපිට ඒ දේ බලාපොරොත්තු විය හැකිද නොවේ.වික්ටර් රත්නායකයන්ගේ පුතුගෙන් අපිට තවත් වික්ටර් කෙනෙක් බිහිවේයැයි බලාපොරොත්තු විය හැකිද? එවන් විශිෂ්ඨයෙකු බිහිවන්නේ යුගයකට එක්කෙනෙක් විය හැකියි.අමල්ගෙන් අපිට මර්වින් පෙරේරාගෙන් කෙනෙකු දකින්නට ලැබෙයිද? නමුත් වැදගත් දේ නුඹ කලින් මතුකළ අදහසයි.ඔවුන් යෝධයන් වියයුතු ම නොවේ. මිනිසුන් විය යුතුය.
මේ තත්වය අපේ රටේ බහුල දෙයක් වුවද ඉන්දියාවේදී අපිට දකින්නට තිබෙන්නේ එවන් තත්වයක් නොවේ. ලෝක පූජිත තබ්ලා වාදකයා alla rakha ගේ පුතු zakeer hussain අද පියා ගේ ම තලයේ විශිෂ්ඨ වාදකියෙකි.ඉදිරි කාලයේදී පියාගේ හැකියාවන් ඉක්මවා යා හැකි පුළුල් පරාසයක ඔහු විහිදෙමින් හිඳී.Ravi Shankar ගෙන් Anoushka Shankar ටත් , Vidwan Narayan ගෙන් N Rajam ටත් ලැබුණු දේ අමරදේවයන්ගෙන් සුභානිටත් විකටර්ගෙන් ලෙළුම්ටත් නොලැබුනේ ඇයි දැයි විමසිය යුතු කාලය එළඹ තිබේ..
-ජය
මේ මට හිතෙන හැටි.... අපි හැමෝම අතින් වැරදි සිද්ද වෙනව... එහෙමයි කියල අමු අමුවේ එළිපිට සිද්ද වෙන වැරදි නොදැක්කා වගේ ඉදීම නොකල යුතුයි නේද? ඇත්තටම අවශ්‍ය කරන්නෙ විවේචනයටත් වඩා සංවාදය කියලයි මට හිතෙන්නෙ..... එතකොට අන් අයගෙ වැරදි අපිට කියන්න පුලුවන් වගේම, අන් අයට අපේ වැරදි පෙන්නන්නත් පුලුවන්...... ඒ සංවාදය එකට එක කීමක් නොවිය යුතුයි. සමාජය තුල තැනින් තැන මේ සංවාද ඇති විය යුතුමයි. එකිනෙකට සම්බන්ධ නොඋනත් කල්ලි ගැහෙන්න ඕන. දුකා කිවුව අර බස් ඩ්‍රයිවර් අපිට හදන්න බැරි වෙයි සමහර විට. ඒත් එවැනි කෙනෙක් නැවත බිහිවීම අපිට වලක්වන්න පුලුවන් වේවි......... කාලයක් යාවි...... කටවල් පියාගෙන හිටියොත් වෙන දේට වඩා හොඳ දෙයක් ඒ කාලය අතර තුර සිද්ධ වේවි....
ReplyDelete@Pali: අනිවා...එකඟයි ඒක එක්ක සම්පූර්ණයෙන්ම...
ReplyDelete@චේජනා: මම මේ ක්ෂේත්‍රයේම ඉන්න ඕනෑ කියනවා නෙමේ නගේ... ඒ නිර්මාණ වල හරයෙන් කියවෙන දේ ඒවා නිතර ඇස, කන ගැටෙන්නන් වන දරුවන්ට නොයන්නේ ඇයිද කියන එකයි....
@නොම්බරේ: අන්න හරි මලේ ... කොයි දේත්...
මී මැස්සෝ කොහොමත් ෂඩාස්‍රාකාරවට මීවද කුහර බඳිනවා ජ්‍යාමිතිය නොදැනම... (දන්නවද දන්නෙත් නෑ...) වඩු කුරුල්ලන් අපූරු ගෙවලුත් බඳිනවා.... නමුත් මිනිසුන්ගේ පරම්පරා ගනනාවක ඤාණ ධාරාවන්ගේ හරය, දැනුම, පුරුද්ද, එක පරම්පරාවකින් සුනු විසුනු වී ගිය හැකියි නේද...? මම මට උත්තරයක් හොයාගත්තා... තව ක්‍රම ඇති...
@දුකා බොහෝවිට වෙන දේ දුකෝ මම කිව්වේ...
@කුෂාන්: අන්න හරි.... මොළේ කුරුවල් වෙන්න කලින් හරිහමන් පාරකට අපව නොදාලා තිබ්බානම් ඒ උත්තමයෝ නේද මලේ...... ස්වෝත්සාහයෙන් ගොඩ එන උනුත් ඉන්නවා... නමුත් අපට නොදැනී මොනතරම් දේ අපට උගන්වන්න ඇතිද...?
@priyantha: ඔව් බන්.... අපූරුම සින්දුවක් මේක....
@යෝගියෝ: බ්ලොග් වලින් දකින්නට නොලැබෙන "නුඹ" මෙහෙමවත් දකින්නට ලැබීම කොච්චර දෙයක්ද...? මම චේජනාට කියූ දේමයි ආයෙත් කියන්නේ.. අතිජාත පුතුන් ඒ දේම නොකෙරුවාවේ... නමුත් ඔවුන්ට දෙමව්පියන්ගේ නිර්මාණ වල හරය දැනුනාවේ...
අවසන් ඡේදයනම් අපූරු කථාව.. මා ඒ දැන සිටියේ නැ...
@කංචු: ඔන්න මලේ උඹ කදිම රිකිල්ලක් මතුකලා... මිටියාවතේ....
බොහොම සරල, අපි නිතර අමතක කරන කුඩා සත්‍යයක් ඔබ මතු කරනවා...
"ඇත්තටම අවශ්‍ය කරන්නෙ විවේචනයටත් වඩා සංවාදය කියලයි මට හිතෙන්නෙ..... එතකොට අන් අයගෙ වැරදි අපිට කියන්න පුලුවන් වගේම, අන් අයට අපේ වැරදි පෙන්නන්නත් පුලුවන්...... ඒ සංවාදය එකට එක කීමක් නොවිය යුතුයි"
ආයේ මොනවද.... මේ රටට උඹලා වගේ උන් ගොඩාක් ඕනේ මචෝ.......
මචෝ, නීලා ඩුබායි වල පවත්වපු 'මාස්ටර් සර්' ප්‍රසංගයේ ගයපු එක් ගීතයක් මේක. මට වාසනාව ලැබුනා ඒ ප්‍රසංගයේදී ඇයට වාදනයෙන් සහාය වෙන්න. මගේ ගාව ඒ ප්‍රසංගයේ විඩියෝ එක තියෙනවා. මම මූනු පොතේ මේ සිංදුව දාන්නම් ආපහු ආවහම.
ReplyDeleteහැබැයි ප්‍රසංගයේදි මේ ගීය වාදනය කලාට වඩා රසයක් මම දැන් වින්ඳා ....... !
දුමී: හෑබෑටම... හප්පට සිරි...!!! මං ඒකනේ කියන්නේ අපි උඹලට සලකනවා ඉන්තේරුවෙන්ම මදි කියලා...
ReplyDeleteඅනේ බං මොන සැලකිල්ලක් ගැනද බං උඹ දොඩවන්නෙ ?
ReplyDeleteඋඹට තේරෙන්නේ නෑ නෙව ඉතින් කොච්චර කිව්වත්...!
ReplyDeleteමම සිංදුව කීප වතාවක්ම අැහුව මට හිතාගන්න බැරි විදිහට සිංදුව හදවතටම වැදුන මට අැහුනෙම මගෙ අම්මගෙම කටහඩමයි
ReplyDeleteලස්සන සිංදුව ගිටාර් part 1ත් නියමයි
thank you ලස්සන සිංදුවක් දුන්නට
හපොයි wasa මගේ බොක්කටම වැදුනා ඒ කථාව....!!!
ReplyDeleteසමාවෙන්න ඕන.... මාරයා නෙමෙයි... මකරා.. මකරා..
ReplyDeleteරයිම් වෙන නම් දාපුවම ඔන්න වෙන දේ....
විලි ලැජ්ජාවේ අඩම්බරේ බෑ........
@ අභීත
ReplyDeleteඒක කවියක් නෙවෙයි. සුනිල් එදිරිසිංහ මහත්තයා කියන සින්දුවක කෑල්ලක්. :D
@ අභීත
ReplyDeletehttp://www.youtube.com/watch?v=hzhPVeLOZJg
චානක + අභීත : දෙන්නම හරි නේ...? ඇස් මහින්ද හාමුදුරුවන්ගේ කවි පෙලකින් හැදූ ගීයක් නෙව...
ReplyDelete@Chanaka :
ReplyDeletehttp://www.elakiri.lk/forum/showthread.php?t=566533
මෙහි කවි අංක 17, 19, 51, 66, 70 බලන්නකෝ...
ස්තූතියි. ඒවා මහින්ද හාමුදුරුවන්ගේ කවි කියලා දැනගෙන හිටියේ නෑ. වෙන වෙනම කවි එක දෙක අහල තිබ්බට මේ කවි පන්තියම හම්බ වුනේ අද :D
ReplyDeleteමේ සින්දුව කලින් අහලා තිබුණට මේකේ තේරුමත් එක්ක හරියට ඇහුව්වේ අදයි... ඇත්තටම හිතට වදින සින්දුවක්.... මගේ අම්මත් මට මෙච්චරම, මීටත් වඩා ආදරේ කරනවයි කියලා මට මතක් වෙනවා...
ReplyDeleteඒත් එක්කම ලෝකයේ හරි වැරැද්ද හා විවේචන ගැන පොඩි සංවාද ටිකක් ගිය හන්දා ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරන්න හිතුනා. (මාතෘකාවෙන් පිට පැන්නද මන්දා)
කෙනෙක් කරන දෙයක් විවේචනයක් වෙන්නේ ඒ දේ දිහා බලන විදිහ අනුව නේද..? සමාජයේ හොඳ නරක කියලා දෙකක් ඇතිවෙන්නේ ඒ අනුවනේ... මම හොරෙක් නං මගේ පැත්තෙන් ගත්තොත් මම හරි. මොකක් හරි හේතුවක් හින්දා මම හොරකම් කරන්නේ.
මම මිනී මරුවෙක් නම් මගේ පැත්තෙන් මම නිවැරදි කාරයෙක්. ඒත් කරුණු කාරණා විවේචනය කරන සමාජයේ හෝ නීතියේ පැත්තෙන් ගත්තොත් මම වැරදි කාරයෙක්.
හැමෝම මාව පිළිකුල් කරයි හොරෙක්, මිනී මරුවෙක් කියලා. ඒත් කවුරුත් බලන්නේ නැහැ මම හොරෙක් වෙන්ඩ බලපාපු කාරණාව. එහෙම නැත්නං මාව ඒ සමාජය අර්ථකතනය කරන 'වැරැද්දෙන්' මුදවා ගන්න පිළියම. ඒ වෙනුවට කරන්නේ මාව හිරේ දාලා, එහෙම නැත්නං මාව විවේචනය කරලා තවත් වැරුද්දකට පොළඹවන එකම නේද..?
මනුතාපය කතාවේ ජනවර්ජනට වුණා වගේ, මොන්ත ක්‍රීස්තෝ කතාව වගේ තමන්ගේ පැත්තෙන් වරදක් නොවන ක්‍රියාවක් හන්දා සමාජයටම වෛර කරන මිනිහෙක්ව ගොඩනඟන්නේ අපේ සමාජයම නේද...?
මං කාගේ හරි වැරැද්දක් දැක්කහම ඕක වැරදියි කියලා කියා දීලා ඔහු/ඇය ඒ වැරැද්ද හදාගන්නේ නැතිනම්, "උන් හැදෙන්නේ නැත්නං මං හැදිලා මගේ පාඩුවේ ඉන්නවා" කියලා අතගසා දාලා පැත්තකට වෙනව නම් මං ඊට වඩා වැරදි කාරයෙක්. මට කරන්ඩ තියෙන්නේ උපදෙස් දෙන එක ද, එහෙම නැත්නම් වැරදිලා තියෙන තැන හොයලා ඒක හදා ගන්ඩ උදව් දෙන එකද..?
මමත් 'සමාජය එහෙමනං මම මෙහෙම' කියලා බේරුණොත්, අපේ දරුවන්ගේ සමාජයටත්, උන්ගේ දරුවන්ගේ සමාජයටත් වල කපලා තියෙන්නේ අපිමයි. ඒ හින්දා අපේ දරුවන්ව හරියට හදන ගමන් ඒ දරුවෝ පය ගහන්ඩ යන සමාජයට ඒවායේ අඩුපාඩු හදාගන්න උදව් කරනවා නම් මේ ලෝකේ ලස්සන කරන එක මටවත්, මගේ දරුවන්ටවත් එච්චර අමාරු වෙන්නේ නැහැ.
(කොච්චර මෙහෙම ලිව්වත් මමත් සමහර වෙලාවට ඔය වැරැද්දම කරනවා... මටත් ඒ දේ වැරදි කියලා කල්පනා වෙන්නේ පහු වෙලයි. හැබැයි ඒ වෙලාවට මම ආයෙම කල්පකා කරලා ඒකට පිළියමක් දාන්න උත්සහ කරනවා.)
මේ සංවාදය මට සන්තුෂ්ඨියක් ගෙන දෙනවා...
ReplyDeletejeew ගේ අදහස් ව්ල අපැහැදිලි ගතියක් නෑ මටනම්...
මාරයා කියා තියන විදිහට "නිවැරැද්ද" පරිස්සමින් තෝරා ගත යුත්තක්...
හෙමින් හෙමින් තමන් අවට වසන්නන්, ඇසුරු කරන්නන් ප්‍රායෝගිකව, ඒ පරිස්සමින් තෝරා ගත් නිවැරද්දට යොමු කල හැකිනම් අන්න එයයි මම කරන්නේ... සම්පූර්ණ ආගන්තුකයින් අර "නිවැරදි" මාවතට ගැනීමට පෙර...
තමන්ගේ දරුවන්, සොයුරන්, ඤාතීන්... විදිහට...
ස්තූතියි තිස්ස අයියා...
ReplyDeleteනිවාඩු වෙලාවක අපේ පැත්තෙත් ගොඩවෙලා යන්ඩ...
http://jeew-jeew.blogspot.com/
උගතුන්ගෙ, වියතුන්ගෙ හදවත් වල තරම දැනගන්න පුළුවන් එ අයත් එක්ක ටික දවසක් ජිවත් වෙනකොට. කොහොම උනත් තිස්ස අයියා අමුතු විදියකට හිතන කෙනෙක්නෙ. මෙ සින්දුව අරන් අහලා එන්නම්. එක නෙමෙ තිස්ස අයියා. හැමදාමත් වගෙ ඔයා දිපු සින්දු දෙකක් තියනවා මම නිතරම අහාන, යසොදරා, බිඳුනු පෙමට නාඩන්... ලස්සන සින්දු දෙකක්. ඔයා එ සින්දු දෙක දාලා ගොඩාක් කල්.
ReplyDelete@ හරි jeew මලේ අනිවා එනවා....
ReplyDelete@රවා: යසෝධරා ගැන කීප දවසක් කීවා මතකයි... !!!
එතකොට බිඳුනු පෙම... කව්ද මේ නැගනිය....???
හ්ම්ම්ම්ම්ම්ම්ම්...
අන්ත කිහිපයක් ගැලපුවහම මට මහ අමුතු කල්පනාත් එනවා රවෝ උඹලා ගැන....
@දුමී : උඹ බබා. අනේ පලයන් යන්න. උඹේ හැකියාවන්ගෙ වටිනාකම උඹට නොතේරුනාට අපිට තේරෙනවා :)
ReplyDelete@ මල්ලිගෙ අදහස් සමග මාත් එකඟයි. බොහොම හොඳ කතිකාවතක් ගොඩනැගුනා නේද? හරිම සතුටුයි උඹලා වගේ උන් මෙහෙමවත් ඇසුරු කරන්න ලබීම ගැන. තමන්ට හැකි පමණින් බොහොම සුළුවෙන් උඹලා කරන මේ දේවල් බොහොම වටිනවා කොල්ලො.
@පාලි,
ReplyDeleteහරි හරි මට පෙන්නපන් මුරුංග ගහ . . . මම ම නැග ගන්නං . . . . :)
@Chanaka Aruna Munasinghe(මකරා)
ReplyDeleteමහින්ද හිමිගේ ජාතික තොටිල්ල කවි මන්තියනේ මෙයා ඔය..
@දුමී : මතක ඇතිව ගිටාර් එකත් අරගෙනම නැගපං :)
ReplyDeleteපමණක් වෛද්‍යවරුන් තම දුව, පුතා එම වෘත්තීයට යොමු කරන්න බොහෝ වෙහෙසෙති. රටේ අධ්‍යාපන කඩඉම් අසලටවත් එන්න බැරි බව දැන දැනත් පිටරටක හෝ උගන්වා දෝස්තර කරනවා උත්සාහ ගන්නවා.
ReplyDeleteනීතිඥවරුන් ද බොහෝවිට තම දරුවන් ඒ ක්ෂේත්‍රයේම රඳවා ගන්න උත්සුක වෙති.
උදාහරණයක් හැටියට මෙ වෘත්තීයන් දෙක ගත්ත ද එවන් තවත් බොහෝ ඇති.
විශේෂඥ නොවුවත් ජනප්‍රිය සාමාන්‍ය වෛද්‍යවරයෙකු එසේ කරන්න උත්සාහ ගනු ඇත්තේ තමන්ගේ පෞද්ගලික සායනය දිගටම පවත්වා ගෙන යෑමේ අදහසින් වෙන්න පුලුවනි. එහෙමත් නැති නම් තම දෙමාපියන්ගෙන් ලද ඒ සායනය රැක ගන්න වෙන්න පුලුවනි.
ප්‍රසිද්ධ නීතිඥයෙක් තමන්ගේ ලියාපදිංචි "ප්‍රසිද්ධ නීතිඥයෝ" කන්තෝරුව, පෙලපත රැක ගන්න එසේ කරනවා ඇති.
මේ ජනප්‍රිය වෘත්තීකයින් බොහෝවිට දක්වන්නේ තමන් ගේ වෘත්තීය තෘප්තිය, ඔවුන්ගේ සමාජ ආර්ථික සෑහීම නොවේද? ඒ ක්ෂේත්‍රවල තම දරුවන් යොමුකරන්න ඇති විශ්වාසය, ඒ තුලින් දරුවන් වෘත්තීය හිනිමගේ ඉහළට යාවි කියන විශ්වාසය.
ලාංකීය සාහිත්‍යය හා කලාව ඔපකල ප්‍රවීණයින්, බුලත් කොළේ ඉතසිතින් පිළිගෙන වෙදකම් කල වෙදැදුරන්, රටේ දරුවනගේ ඥානය හා බුද්ධිය නංවාලන්න වසර විසි තිස් ගනන් පාසැලවලට දියවූ ගුරු පියවරු-මව්වරු; ගරුසරු අඩු නැති වුනත් තමුන් ගෙවූ හෝ ගෙවන ජීවන රටාව හොඳින් දැන දැන තම දරුවෙකු ඔවුන් ප්‍රිය කල ඒ වෘත්තීයනට යොමු කරන්න උනන්දුවේවිද? විශේෂයෙන් මේ රුපියල් සත රජකරන සමාජයේ.
විවේචනය: වැඩදායක විවේචනය (Constructive Criticism) යහපත්, ඒත් අද කලයේ නම් රැල්ලට කරන්නේ අනික් පැත්ත - විනාශකාරි විවේචනය (Destructive Criticism) නොවැ. ඒකත් ඉතිං මතයක් ඇති හිතක්, පාට විදුරු සවිකල අව්කණ්නාඩි පැලඳි දෑසින් බලනවා වගේ වැඩක්.
මගේ සටහනත් විවේචනයක් වුනා නොවැ!
තිසා අයියා...
ReplyDeleteදැන් මං ටිකක් පරක්කුවෙල එන්නෙ ගීතය රසවිඳිනවට අමතරව මෙතන ගොඩනැගෙන සංවාදය බලාගන්නත් එක්කයි.. මොකද හද ගී පොත හරහා දිග හැරෙන මේ වගේ සංවාදයන් මේ සයිබර් අවකාශයේ වෙන කිසිම ඉසව්වකදි මං දැකල නැහැ.. මීට යම් තරමකින් හෝ ළඟින් යන්නේ දුකා අයියාගෙ අඩවිය විතරයි...
ගීතයට ස්තූතියි අයියා...
ඒ වගේම මේ සංවාදය..
මට කියන්න වචන නැහැ... විවිධ දෘෂ්ඨි කෝණවලින් ඉදිරිපත් වෙන මේ අදහස් හරිම වටිනවා...
ස්තූතියි සහෘදයෝ හැමෝටම
@ගල්මල්: සටහන සටහනක් ම වුනා සිත් පහන් කල... !
ReplyDelete@සන්සරසිදු: "ස්වකීය දෘෂ්ඨියට" හැමෝම ලොබයි මලේ... මම මගේය කියන "සක්කාය දිට්ඨි" යත් ගොඩනැගෙන්නේ ඔහොම්ම වෙන්නෑති...
අර්ථවත් සුන්දර ගීයක් වෙනුවෙන් කරන ලද අර්ථවත් විග්‍රහයටත් ගීතයටත් ස්තුතියි සහෝ..
ReplyDelete