මා සුකුමාලි... මහද දිනූ රමණී...

ජීවිතය ගැන අලුතින් සිතන්නට පටන් ගනිමින් සිටිමි... ආදරය ගැන අබමල් රේණුවක්වත් වත් හිතේ නොතිබූ කාලයක හිතට අපූරු හැඟීම් කාවද්දන්නට ඇය සමත් වූවාය... කව්, ගී වල සොඳුරු තැන්, හදටම සමීප කරන්නට, මගේම සිතට පෙලඹවීම් කරන්නනට වදනකුද නොදොඩා ඈ සමත් වූවාය... අනෙක් අතට ඈ ඒ හා සමාන ආදරයක්ද ආපිට බලාපොරුත්තු නුවූවාය... "පුතේ කසාදේ කියන්නේ පිරිමියකුගේ දෙවෙනි උප්පත්තියයි..." මට මගේ මාමණ්ඩිය දුන් පළමු හා අවසාන අවවාදයයි...ඉන් පසු ඔහුත් මමත් මිතුරන් වීමු.... එයට අඩි තාලම දැමූයේද ඇයයි... දුෂ්කරම අවස්ථාවලිනුත් ඔබ්බට ඇති අවස්ථා, කඩ ඉම්, බොහොමයක්ම ඇගේ වාරුවෙන් මා පසු කළෙමි... රාමදාන් සමය නිසා රාජකාරි පටන් ගන්නේ ප්‍රමාදවය... ගුවන් විදුලියේ උදේ ධර්ම ප්‍රචාරයට දිගටම සවන් දීමට හැකිවිය... වියත් යතිවරයන් ගේ සුමධුර දේශනයන් උදයේ හිතට තදින් කාවදී... මම ඇය ගැනද මෙනෙහි කළෙමි... උපේක්ෂාව ලයෙහි පුරවාගත් ගත් ඈ වැන්නකගෙන් මා මෙතෙක් කල් පාඩම් ඉගෙන නොගත්තේ මන්ද යැයි මට මහා කනස්සල්ලක් දැනුනි... ආදරයත් ජීවිතයත් යනු මිනිසෙකු තවත් මිනිසෙකුට මාරු කරන යෂ්ටීන් බඳුයැයි මට සිතේ... නිසි වෙලාවට මාරු කලහොත් සියල්ලන්ටම දිනිය හැක... ජීවිතයෙන් මට ලැබිය යුතු දේවල් පිලිබඳ කනස්සලු වීම ඒ කල්පනාවත් සමගම දියවෙන හැටියක් දැනෙන්නේය... ඈ මට නිහඬ මුවින් බොහෝ දේ උගන්වන්නීය... මා අකීකරු ශිෂ්‍යයකු සේ ඉවක් බවක් නැතිව හැසිරේ... ඈ මද සිනහ නගන්නීය... ජීවිතයෙන් හති වැ‍ටුනු මට, ඈ ගැන පෙරටත් වඩා ආදරයක් උපදී...

මා සුකුමාලි... මහද දිනූ රමණී...
කෝමල පාණී... සුන්දර කල්‍යාණී...
මා හද ප්‍රීතී... දැනූනම පෙම්රසෙහි...
ඔබ වේ මාගේ... හද මන්දිරේ... ‍රැජිනී ප්‍රියේ....

සිහිල ගෙන දෙන මේ.... නාමු පෙම් නදියේ...
ගීත ගයමිනි මේ....ලාල් ලල්ල ලල... ලාල් ලල්ල ලල...
ප්‍රේම නැති ලෝකේ.... දුකට මුල පෑදේ...
විරහ ගිනිදැල්ලේ... කැබලි යනසෙයි මා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

31 ප්‍රතිචාර:

Muthu Paba said...

ආදරණීය ලිපියක්.. ආදරණීය ගීතයක්.. දෙකම නොඅඩුව රසවින්ඳා..

තිස්ස දොඩන්ගොඩ said...

ඔබතුමිය යසයි කියනවානම් එය එසේම විය යුතුය...

sansarasidu said...

තවත් පළමු වර එකක්!
මේ ගායකයා කවුද අයියෙ... හිතාගන්න අමාරුයි වගේ...

අයිය ඇත්තෙන්ම හරිම වාසනාවන්තයෙක්...

වෙලාවකට හිතෙනවා අනේ මටත් ඒ වගේ දවසක් උදාවෙනවනම් කියල..
මොනව කරන්නද අපි පතා ගෙන ඔතා ගෙන ආපු හැටිනෙ...
කාලයට ඉඩ දීල බලාන ඉන්නවා...

ස්තූතියි අයියා ඇත්තටම රසවත් ගිතයක්!
ආයේ පහුවෙල එනවා සංවාද මණ්ඩපය දැක බලාගන්න...

තිස්ස දොඩන්ගොඩ said...

සී ටී ප්‍රනාන්දු මහත්තයා මල්ලියේ... ඔයගේම හිත තමා මල්ලියේ ඒක කරලා දෙන්නේ... දෑනට සුබවාදීව ඉමු... ඔයා හරි... කාලය ගොඩක් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා මොන්ත ක්‍රිස්තෝ සිටුවර කථාවෙත් තියනවා නෙව....

දුමී said...

තිසා, මචෝ මේ සිංදුව මම කලින් අහල තිබුනට මෙච්චර සුන්දර විදිහට ඒක දැනුනේ අදයි . . . උඹ දාන විස්තරයත් එක්ක සින්දුවම අමුතුම විදිහකට විඳින්න පුළුවං. උඹ මේකෙ දාපු ගොඩක් සිංදු ඉස්සෙල්ලාම දැක්කෙ ඇහුවෙ මේකෙන් . . . සිරාම සිරා බං .

අර කපුගේ කිව්වට "බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝද ඇලේ නැම්මේ" කියල ඒක පට්ටපල් බොරු මචං. රංබණ්ඩා සෙනෙවිරත්න එහෙම ලියන්න ඇත්තෙ අම්මගේ සෙනෙහස උලුප්පන්න උනත් බිරිඳකගේ සෙනෙහසට ලොකු අසාධාරණයක් කරල තියෙනවා එතන . . . !

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්තම කියන්න දුමී මට මේකේ තණුව එක්කම උඹලගේ සෙට් එකත් මතක් වුනා... ආයේ සෙට් වුනු දවසක මේක මා වෙනුවෙන් වයන්න ඕනෑ හරිද...?
ඇත්ත... රං බණ්ඩා මහත්තයට වුනු පුද්ගලික දෙයක් නෙව ඒක... අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, ඔෆිස් එකේ බොසා, ලඟින්ම උන්නු යාලුවෝ අත පිහදාපු පිස්නාවක් වගේ විසි කරනකොට, ඒක අරන් හෝදලා, මැදලා, සුවඳ ඩිංගකුත් මුහු කරලා ලඟින් තියාගන්නේ ඈ තමා...

දුමී said...

"අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, ඔෆිස් එකේ බොසා, ලඟින්ම උන්නු යාලුවෝ අත පිහදාපු පිස්නාවක් වගේ විසි කරනකොට, ඒක අරන් හෝදලා, මැදලා, සුවඳ ඩිංගකුත් මුහු කරලා ලඟින් තියාගන්නේ ඈ තමා..."

මේ කතාව නම් කියල වැඩක් නෑ . . . !

උන්නැහේ (පිලේ පැදුර) said...

හිතන්න දෙයක් ලැබුණා තිස්ස අය්යා. මෙච්චරකල් ඒතරම් සීරියස් ගත්තු නැති දෙයක්.
සාමාන්‍ය සරල ගීතයක් උනත් ඒකෙ ගැඹුර හොඳින් පෙන්නල දීල තියෙනවා
හිතට වදින සටහනක්!!

දුමී said...

හරි මචෝ . . මේ සින්දුව අනිවා ප්ලේ කරමු . . . !

තිස්ස දොඩන්ගොඩ said...

@උන්නැහේ(පිලේ පැදුර): හප්පොච්චියේ මේ අපේ රසවතා නේදෑ...?
මොකදෑ මල්ලියේ වෙලා හිටියේ... කා‍ර්‍ය බහුල වෙන්ටෑ මයේ හිතේ... ?
ආව එකම මදෑ ඉතින්...
සීරියස් ගනටම ඕනෑ මලේ...! දරුවොත් පියාඹලා යනවා... ඔච්චරයි අන්තිමට...!

වැම්පයර් said...

හ්ම්ම්.. පාන්දරම සිතන්නට යමක්!

Jeew said...

ඇත්ත කතාව... විවාහ වෙන්න ඉස්සෙල්ලා අවුරුද් ගණනාවක් තිස්සේ කරපු බොරු දේවල් ගොඩක් වෙනස් කළා. ඇය මා වෙනුවෙන් කළ අළුත්ම දේ ගැන කතාවක් ලියලා තියෙනවා. පින්තූරයක් එවනකල් තමයි ඉන්නේ. එහෙම නැතත් හෙට මගේ බ්ලොග් එකේ ඇය ගැන පළවේවි....
මේ සින්දුව අදමයි ඇහුවේ... ඇත්තටම ලස්නයි.. ස්තූතියි තිස්ස අයියට මේ වගේ දේවල් හොයලා දෙනවට....

priyantha.ඒබී said...

ආයේත් පරණ සිංදුවක්. මට මතක හැටියට අපි පුංචිකාලේ රේඩියොවෙන් ඇහුව මේ සිංදු දැන් ඇහෙන්නෙම නෑ. අයියගේ විස්තරේ එක්ක කවදාවත් නැති ලස්සනකට සිංදුව වින්දා. හදවතටම දැනුනා. මම සීටී ගෙ සිනුදුවක් ඇහුවේ අවුරුද්දකින් විතර. මෙක නම් අවුරුදු 15කින් වගේ ඊටත් වැඩිද මන්දා.

ස්වප්නා said...

මට සින්දුව නං එච්චර නැගල ගියේ නෑ :) හැබැයි ඔයාගෙ කතාව නං හිතට ඇල්ලුවා

හරී said...

සෝමතිලක ජයමහ මහතා ගයන "දමා යන්නට නොහැකි මිහිමත" කියන ගීතයත් බිරිඳගේ සෙනෙහස ගැන කියවෙනවා අපූරුවට,, රචකයා බන්දුල නානායක්කාරවසම් (මට මතක විදිහට )

ගල්මල්-Coral said...

"අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, ඔෆිස් එකේ බොසා, ලඟින්ම උන්නු යාලුවෝ අත පිහදාපු පිස්නාවක් වගේ විසි කරනකොට, ඒක අරන් හෝදලා, මැදලා, සුවඳ ඩිංගකුත් මුහු කරලා ලඟින් තියාගන්නේ ඈ තමා..."

සහෘදයාණෙනි පෙරාපු මසුරන් කතාව. හැම දෙයම රුපියල් සත වලට ලන්සු වෙන මේ කාලයේ අමිල දායාදය එයම නොවේද? ඒ වාසනාව දිනෙන් දින වැඩෙමින් දිගුකල් වැජඹේවා!

පසුගිය දිනෙක අපේ සහෘදයෙක් බිරිඳ ගැන ලියූ අපූරු කවිපන්තියක් කියෙව්වා. ලින්ක් එක මෙන්න.

http://www.seegiri.com/forum/showthread.php?t=2241

එයට ලියූ මගේ සටහනේ කොටසක් "අද කාලයේ නොයෙක් ලේඛන කලාවන් රැල්ලට දෝ බටහිර අභාශයෙන් ගැල්වනයිස් කරන අදහසින් දෝ බිරින්ඳෑ ගැන ලියන්නේ අනුම්පද, ගැරහීම් විලසින්. එවන් නිර්මාණ කියවන පාඨකයා තුල ඇති වන්නේ සෘණාත්මක අදහසක්. එය තරුණ/විවාහ වෙන්න බලාපොරොත්තු වන අය අතර වැරදි මතයක් ගොඩ නගන්න පුලුවනි. ඔබේ පද රචනයෙන් මතුකරන සුගුණය සමාජ මෙහෙවර ඉමහත් යැයි මගේ අදහසයි."

ඒ සටහන මෙ කතිකාවටත් එසේම නේද?

කංචු said...

ගීතයක් මුලින්ම හෝ කාලෙකට පස්සෙ අහන්න ලැබුනහම කෙනෙකුට එකපාරටම හිතට වදින්නෙ තනුව.
ඒත් මේ බ්ලොග් එකේ තියෙන ගීත වලට, ඒ සම්ප්‍රදාය පොදු නැහැ. තනුව සහ අර්තය මනාව රසවිදින්නත්, ගීතයෙන් ජීවිතයට යමක් එකතු කර ගන්නටත් අයියගෙ බ්ලොග් එක නියම තැනක්.
මේ ගීතයත් මම ඇහුවෙ පලමු වතාවට.... අයිය ලියල තියෙන සටහනෙන් ගීතයට ලැබෙන ආලෝකය ගැන කියන්න වචන නැහැ.
("ගල් අරනේ හැංගෙන්නා... උන් රහසේ ලංවෙන්නා" ගීතය මම හැමදාම රසවිඳිනව.......)

nimanthi said...

හ්ම්ම්ම්ම්
දරුවොත් පියාඹලා යනවා... ඔච්චරයි අන්තිමට...!

නිලන්ත පියසිරි said...

තිස්ස,
ඔබ වැනි, සැමියෙකු ලද ඇය ද මහත් පින්වන්තියකි. මම කල්පනා කළේ ඇයි ඔබ ගේ මේ හද හෑරෙන සංකල්පනා පොතක් ලෙස පළ නොකරන්නේ ඇයි කියලා.

"අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, ඔෆිස් එකේ බොසා, ලඟින්ම උන්නු යාලුවෝ අත පිහදාපු පිස්නාවක් වගේ විසි කරනකොට, ඒක අරන් හෝදලා, මැදලා, සුවඳ ඩිංගකුත් මුහු කරලා ලඟින් තියාගන්නේ ඈ තමා..."

කියන වැකිය ම තුළ මොන තරම් ආදරයක් ගොනු වෙලා තියෙනවා ද? ඔබ වැනි කළණ මිතුරෙකු ගේ අදහස් බ්ලොග් අඩවියකින් හෝ දැන ගැන්මට ලැබීම සතුටකි. තව දුරටත් ලියන්න. ජය වේවා.

තිස්ස දොඩන්ගොඩ said...

@Jeew : අන්න මේ අවිවාහක අයටත් හොඳ උදාහරනයක්... ඒ වාගේ ආදරේකට මොනවාද කරන්න බැරි...?ඔබේ කථාව එනකල් ඉන්නවා... මග බලාගෙන අපි...

@priyantha.ඒ.බී: ඔව් මල්ලී ඒකනේ කාරණේ... මේ චැනල් වලට මොනවා වෙලාද මන්දා...

@හරී:ෂහ් ඒකත් අපූරුම ගීයක්... මගේ මතකෙන් ඈත්ම වෙලා තිබුනු... බොහොමත්ම තුති මතක් කලාට...

@ගල්මල්: අපොයි මහත්තයෝ අර කවියනම් හරිම සුන්දරයි... ඔබ මතුකල කාරණයත් ඒ වාගෙමයි.. අසුභ පැත්ත වාගෙම සුභ පැති ගැනත් කථාකල යුතුමයි...

@ඔව් කංචු ඔබ හරියටම හරි... යම් යම් ගී කුඩා කල ඉඳන් මගේ හිතට ලංවෙලා ඇත්තෙත් එහෙම්මම තමා... ඔබේ සියුම් අදහසුත් අපිට කියන්න මලේ.... ඔබත් සංවේදී අදහස් ඇත්තෙක් නෙව....

@එහෙම නෙමෙයිද නිමන්ති නගේ...? සුසුමකින් කොහොමද අපි කියන දේ තේරුම් ගන්නේ....

@නිලන්ත මහත්තයෝ... අර සමහර ආගම් වල කියන්න වාගේ මම දැන් පස්චාත්තාපයෙන් පෙලෙන්නෙමි... මම ඒ හිතට බොහොම දුක් දීලා තියනවා... වංක වෙලා, වෙනතක ගිහිල්ල නෙවේ.. නමුත් පාලනය කරගන්න බැරි කේන්තිය හින්දා... හිමින් සීරුවේ එතනින් මෙහාට එමින් ඉන්නවා... ඒකයි මම ලිව්වේ ජීවිතය ගෑන අලුතින් හිතනවා කියා ... එහෙම වෙනස් වෙන්නට මේ කොමෙන්‍ටුත්, ඔබේ වැනි බ්ලොග් සටහනුත් මට ඒකට බොහෝ උදව් වෙනවා....

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

හැමදාම වගේ උපරිමයි. තවම නොබැන්දට ඔබ කියල තියෙන දේවල් මටත් සෑහෙන්න තේරිලා තියෙනවා. අපේ අම්මා තාත්තට ආදරේ කරපු විදිහම කරකාරේ ගන්න ඉන්න කෙනාගෙන් දකින්න ලැබීම මගේ වාසනාව මයේ හිතේ...

"අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, ඔෆිස් එකේ බොසා, ලඟින්ම උන්නු යාලුවෝ අත පිහදාපු පිස්නාවක් වගේ විසි කරනකොට, ඒක අරන් හෝදලා, මැදලා, සුවඳ ඩිංගකුත් මුහු කරලා ලඟින් තියාගන්නේ ඈ තමා..."
මේ කතාව නං මසුරං. මට නං කවදාවත් ඔය කතාව අමතක වෙන එකක් නෑ...

Anonymous said...

දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.

011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.

Anonymous said...

මංත්‍රී ගැන ලියූ ඇනෝ:
ඇයි රත්තරං මේ අඩවිය මියුරු ගී වලින් පිරුණ තැනක් කියලා දැණුනේ නැද්ද ඔය කීඩාරම මෙතැන හලන්න කලින් :)

Grey said...

සරලවම කිව්වොත් හරි කෙනෙක් ලැබුනොත් ගොඩමතමා.නමුත් මගේ හිටපු ගෑනු ලමයාවගේ එකක් ලැබුනොත් ඉතින් විදිනවට වඩා ව්දවන එක තමා වෙන්නේ.
අනික තමා අයියා ජීවිතේ අපි හති වැටිලා කියන කතාව සම්පූර්න ඇත්ත. මටත් හිතිලා තියෙන්නේ දැන්නම් ගොඩක් මහන්සියි කියලා. මොනවා කරන්නද ඉතින් මෙච්චර දුවපුඑකේ ඔන්නඔහේ වැටෙනකන්ම දුවනවා.

සම්පත් / jt said...

හ්ම්...නියම ලිපියක්..මේ දවස්වල අම්බානෙට වැඩ..රෑට හොස්ටල් ඇවිත් ඉබි ගමනෙන් තමා ජංජාලෙ සැරිසරන්නෙ..හෙට කොහෝ ම හරි බාගෙන ඇවිත් අහන්න ඕනේ..
ඒ වගේ කෙනෙක් ලබන්න ඉතින් පෙර පින් තියෙන්න ඕන....
ජයවේවා!!!

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඔන්න ආව කොහොමහරි ගීතය අහන්න බැරිඋනත් ලියලා තියෙන පද ටික කියෙව්වා හරිම ලස්සන‍ට පූර්විකාව ලියලා තියෙනවා.
නැවත හමුවෙමු.

ඔබේ රටේදි ළගදීම අපි හමුවෙමු.....
ගීටාරයත් එක්ක

තිස්ස දොඩන්ගොඩ said...

@ස්වප්නා: හ්ම්ම්ම් හැබෑවටම.....?

@කුෂාන් : අනිවාර්‍යයෙන්ම.... කථා දෙකක් නැතුවම ඔබ වාසනාවන්තයි...

@Grey : හරි මචෝ හරි... පොඩ්ඩක් ඉවසලා ඉම්මු.... ක්ෂිතිජයේ ක්ෂේම භූමියක් පෙනෙනවා නෙව...?

@සම්පත් /jt: ස්තූතියි සම්පත් හෘද්‍යංගම සටහනට....
යහපත් මිතුරන් ලබන්නටත් පෙර පින් ඕනේ මගේ හිතේ...

@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය : දෙවියනේ දක්ක කල්... මොනවා ඔබ මෙහේ එනවා... නියමයි.....ආපු ගමන් මේල් එකක් දාන්න... අනිවා මුණගැහෙමු....

Grey said...

ගොඩක් වෙලාවට ඔය ක්ෂේමභූමි මිරිගුවක් විතරයි :)

Anonymous said...

CT the best....

තිස්ස, ඔබෙ සින්දු බොහොමයක් ආදර බිරින්දා වෙනුවෙන්...
රට ගිය ඈත්තෝ බොහොමයක් එහෙමයි ලු...
මෙහෙ ඉන්නකොට හොස්ස ලගින් මෑස්සා යන්න බෑ..
හෑබෑයි රට ගියාම ආදරේ උතුරා ගලා යනවා..
ඔබ එසේ නොවෙයයි මම හිතනවා...

මිනිස් සිත හෑසිරෙන විදිය..
එසේ උනත් දොසක් කියන්න බෑ...

මම
"මෙ මොහොත"
"The Present Moment"

sansarasidu said...

සංවාද මණ්ඩපය ගොඩ නැඟෙන හැටි බලන්න ආයේම ආවා...

ඇත්තටම අයියේ මේ ගීතය මටත් ගොඩක් හිතට අල්ලල ගිය එකක්!

දුමී අයියගෙ කතාවට මාත් එකඟයි.. මවකගේ සෙනෙහසත් බිරිඳකගේ සෙනෙහසත් සංසන්දනය කරන්න බැරි වුණත් වෙන් වෙන්ව ගත්තහම ඒ දෙක දෙවිදිහකට අපට නැතුවම බැහැ... පුතෙක් මවක් ළඟ ඉන්නේ අවුරුදු විසිපහක් තිහක්.. තවත් ඒ වගේම කාලයක් ඔහු ඉන්නේ ඈ ගාව..

තිසා අයියගේ අර කතාව නම් මසුරන් ඈ..

"මෙහෙ ඉන්නකොට හොස්ස ලගින් මෑස්සා යන්න බෑ..
හෑබෑයි රට ගියාම ආදරේ උතුරා ගලා යනවා.."
"මෙ මොහොත" දක්වන ඒ අදහසේ ලොකු ඇත්තක් තියෙනවා කියල මටත් හිතෙනවා.. මං කියන්නෙත් අයියා වගේ අය ගැන නෙමෙයි...
මට අහන්න දකින්න ලැබිල තියෙන දේවල් අනුව.. ගොඩක් අය එහෙම තමා... ඈත්වෙල ඉන්නකල් කටින් පිටවෙන්නෙම ආදර වදන්! ගෙදර ඇවිත් එකට ඉන්නකොට අමු තිත්ත කුණුහරුප...
ඕකට හේතුව හරිම සරලයි..

හැමදාම දකින කුකුළගේ කරමලෙත් සුදුපාටයි කියනවනෙ...

තිස්ස දොඩන්ගොඩ said...

@Ano: මුලින්ම තියෙන්නේ අලුතින් හිතන්න පටන් අරන් කියලා නේ...?

@සන්සරසිදු: ඔව් මල්ලී... නුමුත් කසාද බැන්දට පස්සේ පිරිමයෙක් ලෝක දෙකක එක වර ජීවත් වෙන්න ගියොත් තමන්ගේ සහකරුට අසාධාරණයක් වෙනවා.. අනෙක් පැත්තටත් එහෙමයි... මම ගොඩක් දැකලා තියනවා ගැහැණු තමන්ගේ අම්මලා කියන හැටියටම තමන්ගේ පවුල් ගෙවන්න උත්සාහා කරනවා.. සමහර පිරිමිත්... මම හිතන්නේ පවුල් වුනහම සියලු දේම ඒ දෙදෙනාම තීරණය කල යුතුයි කියා... එවිට දුක සැප සියල්ල සමසිතින් දරාගන්න පහසු වෙනවා පවුල් ජීවිතයේ...

Post a Comment

 
Blogger Wordpress Gadgets