"මොකද අනේ මේ පාර ලඟට වෙලා කරන්නේ...? ගිනි අව්වේ...?".... "නෑ, මං මේ මොකද පරක්කු කියලා බලන්න ආවා..." "ඇයි, මොකෙක් හරි මාව පැහැරගෙන යන්න ඇති කියලා හිතුවද..." සඟවාගත් හිනාවෙන් යුතුව අඩෝවැඩිය මලු කිහිපයත් රැගෙන ගෙතුලට යන්නේ මගේ සිත දන්නා ඇයයි.... කුඩා කල හැන්දෑවට නිදා අවදිවන මා, මගේ මව ලඟ නොසිටියහොත්, නොනවත්වා පැය දෙකක් පමණ එකදිගට අඬන බව (මව ඊට පසු පැමිණියත්) ගමේ අහල පහල වයසක උදවිය මා සමග පවසා ඇත... ඇත්ත... අදත් ඒ කාංසිය මටනම් දරා ගන්නම බැරි දෙයක්.... පලමු දරුවා ඉපදෙන තෙක් අවුරුද්දක් පමණ රැකියාවට ගිය ඇය, දරුවා බලා ගැනීමටත් මගේ වැඩ පල බලා කියා ගැනීම පිණිසත්, එක සිතින් නිවසේ නැවතුනු අවස්ථාවේ මගේ සිත ඔල්වරසන් දුන් හැටි ඇයට ඇසුනානම්...? මා ඇය දමා රැකියාවට ගොස් පැමිණියත්, ඇය මා දමා හන්දියටවත් ගොස් එනතෙක් බලා ඉන්න බැරි තරමට මගේ සිත බොලඳ වූයේ කෙසේද...? ඇගේ සෙනෙහේ සෙවණේ එසේ ගත කල කාලය නිමාකොට, ගව් දහස් දුර ගමනක් එන්නට පාර කැපුණේ කෙසේද...? හිත් පිත් නැති මේ කාබන්, සිලිකන් අංශු හරහා ගොඩනගාගත් කව්ලුව නොවන්නට, මා නරුමයකු, සල්ලාලයකු වන්නට හොඳටම ඉඩ තිබුණි....
මේ දවස් කිහිපය ගතකිරීම ඉතාම අසීරු වීගෙන එයි... නියමිත නිවාඩුව කල් නියමයක් නැතුවම ඉස්සරහට යන සැටියෙකි... යාම ගැන කල්පනා කරන විට ඒම ගැනද සිහියට ඒ... ඒ සිහිලැල් උරමඬලේ මුහුණ හොවා, කප්පරක් කඳුලු වලින් නහවා නැවතත් මෙහි ආපසු ආයුතු බව සිහියට ඒ... තනියට ඇත්තේ ඈ එවූ හසුන් පත් පමණි... ඒවාද විටෙක මා අන්ත අසරණ භාවයකට පත් කරයි....
මේ එයින් එකක මා ගැන ඈ...
"උන්මත්තකයාය ඔබ...
නිබඳ මවෙත දැවටී සිටින...
හිතුවක්කාරයාය ඔබ...
ඇසිල්ලකින් කෝපවන...
සෙනෙහෙවන්තයාය ඔබ...
ජීවිතය පුදා මා රකින....
යාචකයාය ඔබ...
නොසන්සිඳෙන ආදරය අයදින...
හිමි සඳුය ඔබ... මගේ දිවිය...
ආදරයෙන් පුරවාලන... "
ඒ ආදරය වෙනුවෙන් කව් ගී ගොතන්නට මට නොහැකිය...
අනුන් ලියූ, ගැයූ, ගීයක් සටහන් කරමි....
සඳ වැසුනට, ඉර ගිලුනට, කමක් නෑ...
මල් වැටුනට, තරු නිවුනට, කමක් නෑ...
ඔබ ආයේ දකින තුරු මට ඉවසුමක් නෑ...
සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ...
ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ...
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ...
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි...
ඇහුලූ මැණිකද සුරකිණ එක එයිට අසීරුයි.... සොඳුර...
එයිට අසීරුයි....
ඔබ සිටින පාලු සොහොනක් වුව මට හොඳයි කියා...
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා...
මුලු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ...
ඒ මොහොතක මගේ අවසානය ලඟා වුනාවේ... අවසන්
හුස්ම ගියාවේ......
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!