ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ!

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

මරුට සිනා සෙව් හෙළයනි
මරුට සිනා සෙව්...

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

 
අපගේ රටෙහිම යැද යැද
ගැති වී තව තව හිඳිමුද
නිදහස නැති දිවි කුමටද
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
දෑ ගති සළකව් හෙළයනි
දෑ ගති සළකව්...

පෙර කලැ අපගේ මුත්තෝ
දිවි දී දැය රැක ගත්තෝ
වෙමුද ඉතින් අපි ගැත්තෝ
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
හෙළයට දිවි දෙව් හෙළයනි
හෙළයට දිවි දෙව්...

අප රට හෙළ
අප පෑ හෙළ
අප බස හෙළ
හෙළ හෙළ හෙළ
රුවනත් හෙළ
නිවනත් හෙළ
ඉදිරියටම යව්....
ඉදිරියටම යව් හෙළයනි
ඉදිරියටම යව්.... 

12 comments :

  1. දේශාබිමාණී ගීත දැන් ඇහෙන්නේම නැති තරම්. ස්තූතියි ! තිස්ස මල්ලි.

    ReplyDelete
    Replies
    1. මෙතනින් පොතයි සින්දු ටිකයි ඔක්කොම ගන්න චාන්දි අක්කේ

      Delete
    2. http://hadageepotha.blogspot.com/p/blog-page_1.html

      Delete
  2. කාලෙකට පස්සේ සින්දුව මතක් වුනේ - ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති එක්ක තිබ්බ සාක්ච්ඡාවකදී සුනිල් ශාන්ත මහත්තය උත්තර දෙනවා "ඔබේ කොයි ගීයටද ඔබ වැඩිම කැමති" කියන ප්‍රශ්නයට.
      "ඔක්කොම එහා මෙහා වෙන්නෙ කලං ගානකින් - ඒත් 'ඉදිරියටම යව්'ගීයෙ තියනව හරි ගැම්මක්. ඒකට තමා කැමතිම" කියලා

      Delete
  3. මාතෘකාවේ තියෙන ටික සිංදුවේ කොහේද තියෙන්නේ සොයමින්.. (ඒකත් සිංදුවේම කෑල්ලක් වගේ නිසා හිටං)

    ReplyDelete
    Replies
    1. ඒක නම් තියෙන්නෙ කමී සුනිල් සාන්ත මහත්තයගෙම "මල් මල් වාරම් - හරිමැ උදාරම් - ගයවා ගයවා ගුවනේ.." ගීයෙ

      Delete
  4. ඉදිරියටම යව් හෙළයිනි
    ඉදිරියටම යව්
    විකුණාගෙන යව් හෙළයිනි
    විකුණාගෙන යව්
    අප්පච්චිට සැප හෙළයිනි
    කොල්ලොන්ටත් සැප
    උන්ව ගේමු අපි හෙළයිනි
    විකුණාගෙන බස

    ReplyDelete
  5. දේශාභිමානී ගීතවලට දේශපාලන කුහකකම් ඇදලා පහරන්න තරම් අදබාලයන් ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.

    ReplyDelete
  6. දේශාභිමානී ගීතවලට දේශපාලන කුහකකම් ඇදලා පහරන්න තරම් අදබාලයන් ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets