දේදුනු සළු ඇන්දේ නැතත්...

යකඩ බිහිවී නොතිබුණි. තිබුනේ යපස්ය. යකඩ අමුතුවෙන්ම නිපදවිනි. ඒ සමගමද මළකෑමද ආරම්භවිණි. ඉන්පසු මළකෑමට එරෙහිව සටන් වැදුණි. ඒ වෙනුවෙන් යම් යම් සංයෝග නිපදවන්නට සිදුවිය. ඒ සමහර සංයෝගයන් ස්වභාවසිද්ධව බිහි නොවුන නිසා උත්ප්‍රේරක හඳුන්වා දෙන්නටද සිදුවිණි. මළකෑම බිහිවූයේ යකඩ නිපදවීම සමගමම බව අමතක විණි. 

ස්වභාවසිද්ධව බිහිනොවුණු දෑ භාවිතයෙන් පසු පලක් නොමැතිව ගොඩ ගැසෙන්නට වූයේ ඒවා නැවතත් මුල් තත්වයට ගෙන ඒමට තවත් දෑ බිහිකරන්නට සිදුවිය. අඹගසේ ප්‍රස්නය හා නෑයන්ගේ ප්‍රස්නය මෙතනදී අදාල කරගත හැක. තුමූම ප්‍රස්නයක කොටසක් වන කල්හී තමා ප්‍රස්නයේ හාත්පස දකිත්ද? තමා ප්‍රස්නයෙන් විනිර්මුක්ත තලයකදී ප්‍රස්නයක හාත්පස දකිත්ද? යන්න ඒ ප්‍රස්න දෙක වෙන්වෙන සීමා ලෙස හඟිමි. 

රූබික් කියුබයද සංයෝජනය පිළිබඳ අපූරු පාඩම් කියාදේ. කොටස් වෙන් වෙන්ව ගෙන සංයෝජනය කරන්නට යන උත්සාහයේදීම පද්ධතිය බිඳ වැටේ. ඕනෑම පද්ධතියක කොටස් වෙන් වෙන්ව ගෙන පද්ධතියට නොගැලපෙන සංයෝජනයන් කලහොත් 15 ක්‍රීඩාව මෙන් විසඳිය නොහැකි අවස්ථා ලැබීමට ඕනෑතරම් ඉඩ කඩ ඇත. 

සංස්කෘතිය යනු ඕනෑම කුණු කන්දලයක් ගෙන යන ප්‍රවාහයක් විය යුතු නැත. 
එහෙත් ස්වභාවසිද්ධ නොවන බලහත්කාරී මැදහත්වීම් වලින් ඒ අපූරුවට දූෂණය කල හැක.


දේදුනු සළු ඇන්දේ නැතත්
වරළස මල් බැන්දෙ නැතත්
රත්තරනෙන් රනින් නැතත්
අපටත් කල් යනවා...
හේනේ කුරක්කන් මල් යට
අපටත් කල යනවා...

විලක් දුටිමි සිහිළඹ මට සිහිලැල්ය
දොළක් දුටිමි දොළ හසරැළි සිඳුලොල්ය
තලක් දුටිමි තල දැකලා දිගුකල්ය
මලක් දුටිමි නිලුපුල් මල් බොරු මල්ය

රුවට රුවේ පිපී ඇතත්
නෙලා ගන්න සිතුවෙ නැතත්
අපටත් කල් යනවා...
හේනෙ කුරක්කන් මල් යට
අපටත් කල යනවා...

14 comments :

  1. ස්වාභාවික දෙයකට වඩා දෙයක් කරන්න ගියොත් අන්තිමට විනාසෙකින් තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම කීවම අවි අමෝරා එනවනේ මොකද්ද ස්වාභාවිකත්වය මොකක්ද්ද අස්වාභාවිකත්වය කියල නිර්වචන අහගෙන ප්‍රසා...

      Delete
  2. මේ පෝස්ට් එක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.
    කඩුව කොයිඅහ වැනුවත් වදින්න ඕනේ තැනටම වදිනවා...

    ReplyDelete
  3. තුලනය වීම සමහර වෙලාවට හරිම අපුරු ආකාරයට වෙනවා, අපිට පේන්නේ විනාශයක් වගේ, එත් හැම තැනකම ස්වභාවික තුලනය සිද්ධ වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම්මම තමා හිතුනේ ඉවාන්...

      Delete
  4. .පින්තුරේ දැක්ක ගමන් මතක් උනේ "පලිඟු මැණිකේ" ටෙලි නාට්‍ය

    "ස්වභාව ධර්මය රැවටීම ස්වභාවධර්මය රවටන්ට යාමෙහි දී රැවටෙන්නේ ස්වභාවධර්මය නොව මනුෂ්‍යයා ය."
    කියලා කටාවක් අහලා තිබුනා ....

    කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ
    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාෂේ
    ගන් තීරේ ගුරු පාරේ සිරිදෙව් සිනාසේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සන්කේත වූ වාසනාවේ....... ගම්මානේ
    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
    මා පුන්චි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ........ගම්මානේ

    ගායනය - රෝහණ බැද්දගේ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. අපි සමස්ථයේ කොටසක් නොවන හැටියට හිතාගෙනයි අපිම හදාගත්තු ප්‍රස්න වල උත්තර හොයන්න්නේ නේද?

      පළිඟු මැණිකේ මතක් වෙනව නේන්නම්... ඒක සිරා මතකයක්...

      ජයවේවා "ඇන්දු සිනා" :-)

      Delete
    2. "දේදුනු සළු ඇන්දේ නැතත්
      වරළස මල් බැන්දෙ නැතත්
      රත්තරනෙන් රනින් නැතත්
      අපටත් කල් යනවා ".................

      ඉස්සරහට මෙහෙම කියන්නත් බැරි වෙයි වගේ . "දේදුනු පාට" නැතිඋනොත් සොරිම තමා ...
      (ඇන්දූ සිනා ..හිකිස් )

      Delete
    3. 'එන පොට හොඳ නෑ "කොල්ලා" ගනිං ගෙට' කිව්වලු ඊට පස්සේ නේ? ;-)

      Delete
    4. Can someone help me save this to a usb please. I cannot get a url. PLEASE please.
      Thanks
      Neelika

      Delete
  5. ඕනම දෙයකට බලහත්කාරය ගේන්නේ හානියක් නෙන්නම්.

    අපිටත් දවසක ඉර පායනවා
    එදාට අපි මල් පැණියෙන් නානවා.

    ReplyDelete
  6. ස්වභාවික තුලනයක් ඇතැම්විට ව්‍යවසනයක සළු පිළි පැලැඳ එන්නටත් ඉඩක් තියෙයි.ගැටලුවෙන් බැහැරව තත්වය දකින්නට තරම් විවේකයක් ඇත්ද?
    ජයවේවා..!!

    ReplyDelete
  7. අතීත කාමය ජාගර චිත්තයේ තිතටම පැලපදියම් වෙලා තිබුනට ඒ මතම ජීවත් වෙන්න හිත හදාගන්නනම් කවදාවත් බැරි වෙවි. ඉස්සර හයේ පන්තියේ ගම්පහට ඉස්කෝලේ යනකොට නුවර පාරේ ගැල් කරත්ත නවත්තල තිබුන. අතර මගදී පාන්දර සිරීපදෙත් පෙනුනා. දැන් බස් එකක් විනාඩියක් පරක්කු වෙද්දී මුණ රතු වෙනවා. ලියුමක් ලියල තැපැල් කරපු කාලයක් මතක තියේද. ජංගම දුරකථනය නිවල දාන්න කොච්චර හිතුනත් ඒක කරගන්න හිතක් නෑ. පුළුවන් හැටියට ලෝකෙ තියෙන සේරම සැප විඳ විඳ අපි හේනෙ කුරක්කන් මල් වලට ආස කරනවා. සිස්ටම් එකෙන් එළියට එන්න හයියක් තියෙන කෙනෙකුට කියමු පළවෙනි ගල ගහන්න කියලා. එතකම් වාසනාවන් මෙහෙම සින්දු අහන්න දෙනවට.

    දැන් ලමිස්සියොනම් කලක් යනකම් පැත්තක් බලන් ඉන් නෑ.

    අර 'කලක් දුටිමි කල දැකලා දිගුකල්ය...' කියන කොටස ගලපගන්න ටිකක් අමාරු උනා.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets