'හිස් ටින්' & Nihal

ධනුෂ්ක හිස් ටින් එක නැවත කරළියට ගෙනාවේය. සමාන්තරව එම්. එස්. ආයෙමත් වෙබ් අඩවි වලින් මතුවෙන්නට පටන් ගත්තේය. ඒ පැරණි ශිල්පීන්ගේ නිර්මාණ ආනුභාවයෙන් හා තමන්ගේ දක්ෂතාවයෙන්, ධනුෂ්ක ලැබූ ආඪ්‍ය සම්පත්තීන් ගැන මුදිතාවෙන් තොරව බලා 'මෑන් හොඳා හැබැයි එම්. එස්. තමා පොර' කීමක්දෝයි නොදනිමි. නැත්නම් අතරින් පතර කථාවුනු එම්. එස්.ට හදිසියේම කෘතිම ශ්වසනය දෙන්නට සැමට මතක්වුයේ ධනුෂ්කගේ දක්ෂතාවය විසින් ඇඟිල්ලෙන්ම ඇන පෙන්වීම නිසා විය හැක.

එම්. එස්., ගී පද රචකයෙකු, සංගීතඥයෙකු හා ගායකයෙකුද වෙති. එනයින් හේ වාග්ගේයකාර පදවි ලැබීමට  සුදුසුය. ක්ලැරන්ස්, අමරදේව, සෝමතිලක ජයමහ මේ පදවි හිමි කරගත් මට මතක්වන අනෙක් අයවළුන්ය. තමාගේ රිද්මයට සුදුසු ගී නිර්මාණය කරගන්න ලැබීම මේ වාග්ගේයකාරයන් ලබාගත් වාසනාවක් නොව අප වන් රසිකයන් ලැබූ පිනකි! නිහාල්ට ඒ වාසනාව නොවීය - ඒ වෙනුවට යස අපූරුවට හැල්මේ තම සංගීත දිවිය පටන් ගත් නිහාල් මතට හිස්ටින් ලොරි ලෝඩ් දෙක තුනක් නොව, කන්ටේනර් ගනනාවක්ම පෙරළිණි. ඒ ගොඩට යටවුණු නිහාල් ඒ බර දරාගෙන අවුරුදු පණහක්ම ගත කලේය. හැබැයි නිහාල් ඒ ටින් වලට යටවී නිකම් හිටියේම නැත. තමන්ගේ දෙපාත්, කොන්දත් සවි ශක්තිමත් කරගැනීමට එය ආශීර්වාදයක් කරගත්තේය. පාඩුව වූයේ අපටය!!  මේ සා බරක් ඉසිලීම වෙනුවෙන් ඔහුට ගිය අවුරුද්දේ උත්සවයක් පවත්වා උපහාරද ලබාදුණි!  උපහාර උළෙලට සමගාමීව පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවන්හිදී මෙහෙම ප්‍රස්නද ඔහුගෙන් විමසෙයි! ඔහුද මෙසේ උත්තර දෙයි!

අද කලා ක්‌ෂේත්‍රය ගැන ඔබට සතුටුද?: ගායක ගායිකාවන්ට කලාකරුවන්ට විශ්‍රාම වැටුප්, අර්ථසාධක නෑ... ස්‌ථිර ආදායම් මාර්ග නෑ... ඒත් රජයට ගෙවිය යුතු ගෙවීම් ඔවුන් හිඟ නැතිව මාසිකව ගෙවනවා... ලයිට්‌ බිල්, වරිපනම්, වතුර බිල් දුරකථන බිල් නොපමාව ගෙවනවා. කෑම බීමට, බේත් හේත්වලට ගෙවනවා... කලාකරුවන් කිසි කෙනෙක්‌ ලයිට්‌ කපා ගත්තේ නෑ... වතුර බිල් නොගෙවා වතුර කපා ගත්තේ නෑ. අපි ආණ්‌ඩුවට සලකන්නේ එහෙමයි.... ඒත් කලාකරුවාට... කලා ක්‌ෂේත්‍රයට මොනවද වෙලා තියෙන්නේ... කලා ක්‌ෂේත්‍රයට යමක්‌ කළොත් එහි ප්‍රතිලාභ ඉබේම කලාකරුවාට ලැබේවි.
ඔබ තෘප්තිමත්ද?: ඔව්... මම කලා ක්‌ෂේත්‍රය තුළ බයත් නෑ.... ණයත් නෑ... මගේ ගමන පාඩුවේ යනවා.... මා කළ යුතු දේ කර තිබෙනවා.
- දිවයින -අජිත් අලහකෝන්

'සොමියට වරෙන් පුතා' නැත්නම් ආතල් එකට සෙට් වෙන්න කතා කරපු 'ගුණේ අයියගෙ' කාමරේ තාමත් ආතල්ද?: ඒක ඉතින් සමාජය තමයි තීරණය කරන්නේ. ඒක මිනිස්සු අතරට කොයි තරම් ගියාද, කොයි තරම් ආතල් ගත්තද කියලා මට හරියටම කියන්න බැහැ. මම හිතන්නේ ඒ ආතල් එක තවමත් හිත්වල ඇති. ඒ නිසානේ ඔයා වගේ තරුණ ගෑනු ළමයෙක් අදටත් මේ ගීතය ගැන මගෙන් අහන්නේ.
නිහාල් අයියගේ සින්දුවලට මේ තරම් ආතල් වචන සෙට් වෙන්නේ කොහොමද?: මේවා ඉතින් සමාජයේම තියෙන වචන තමයි. මට තියෙන ආතල් එක තමයි ඒ වචන එකතු කරලා ගීතයක් හදලා ඒක මිනිස්සු අතරට දාන එක. දැන් බලන්න සිංහල වර්ණ මාලාවේ අ යන්නෙන් පටන් ගත්තම සෘ, සෘෘ, වෙනකන් අකුරු තියෙනවා. ඒක මම ඉගෙන ගෙන තියෙනවා. ඉතින් දෙයක් මම කළා. ඒක ඔවුන් පිළිගත්තා කියලා දැනෙන එකම මට මාර ආතල්.
Riging Tone එකකට සින්දුවක් දීලා ආතල් ගන්න අදහසක් නැද්ද?: මම ඒ අංශය නම් කරලාම නැහැ. මට වඩා හොඳ Riging Tone එකක් තියෙනවාද නෑනේ. මට උප්පත්තියෙන් ලැබුණු Riging Tone එකක් තියෙනවානේ. ඒක මම මුළු ලෝකෙටම ඇහෙන්න Riging කරලා තියෙන්නේ.
- මව්බිම - අරුණි මල්ලවාරච්චි
[මව්බිම මෙහිදී කථා කරන්නේ 'Riging(?)' ටෝන්ස් ගැනය!!]

ඔබේ මේ ගමනට අතහිත දුන් වෙනත් පුද්ගලයින් කවුරුන් ද?: අතහිත දුන්නු පුද්ගලයින් ගැන නම් නැව් ගාණක් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම ලියන්න. ඒ. ජේ. කරීම් සංගීත ශිල්පියා ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට මාව හඳුන්වා දුන්නා. චන්ද්‍රසේන මාස්ටර් ගාවට ගියාට පස්සේ තමයි මුළු රටේම ව්‍යාප්ත වෙන්න මගේ ගායන දිවියේ වැඩ පිළිවෙළ කෙරුණේ. (“ලස්සනට පිපුණු වනමල්” ගීතය සංගීතවත් කළේ ද චන්ද්‍රසේන මාස්ටර්මයි.) ඉන්පසු කරුණාරත්න අබේසේකර ශූරීන් ඇතුළු ලංකාවේ සියලුම ගී පද රචකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන් හැමෝම මට සහයෝගය දුන්නු නිසා තමයි රසික රසිකාවියෝ එක්ක එකතු වෙලා මේ ගමන එන්න මට පුළුවන්කම ලැබුණේ.
- සිළුමිණ - ජෝජ් රොබින්සන් ද සිල්වා

තවත් බොහෝ දෙනෙක් නිහාල් ගැන නොයෙක් දේ ලීවේය.
එහෙත් අර හිස් ටින් කන්දට යටව ගැයුනු අපුරු ගායනාවන් ගැන කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක් හරි හැටි කථා නොකලේය. පුවත් පත් වලට නිහාල් තවත් ස්පේස් එකකි! රූපවාහිනී වලට ස්ලොට් එකකි! ගුවන් විදුලි සේවාවලට කට ගැස්මකි!

අද දවසේ මටද නිහාල් ගැන ලියන්නට දෙයක් නැත!
ඇත්තේ සිතෙහි සිර කර ගත් උද්ඝෝෂණ පාඨයක් පමණි!
ඒ උද්ඝෝෂණ පාඨයද "ජූලි වර්ජකයෝ වහා සේවයේ පිහිටවනු!" යන්නට නොදෙවෙනි උද්ඝෝෂණ පාඨයක් බව මටම තේරේ!!

ත්‍යාගා එන් එඩ්වඩ්ට තමන්ගේ සී ඩී පටය නිකුත් කරගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!
විජේසිරිවර්ධන පොලොන්ඕවිටට තමාගේ සී ඩී තැටිය විකුනාගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!!
නිහාල් හිස කෙළින් තබාගෙන සිටී!!!

හිස් ටින් වලද ආනුභාවයක් ඇත.
එය ධනුෂ්ක, නිහාල් පමණක් නොව අපි සියල්ලන්ම වෙලාගත් ‍රැස් දහරකි!
එහිම ආනුභාවයෙන් තවත් තරුවක් 'නිහාල්වද' නැවත කරළියට ගෙනෙන තුරා ඉමු!

බන්දු සමරසිංහද මතක් වේ!
"ටින් බෙලෙක්ක තක්ක බක්ක - සද්ද අඬවලා
කබල්ම බස් එකක් සොයා - කොල්ලො ට්‍රිප් එකක් ගියා!"

35 comments :

  1. කොච්චර ටිං පෙරළුනත් නොසැලී ඉන්න පුලුවං ශිල්පියො සදාකල් ජීවමාන වෙනව. වැඩක් කරන එකෙකුට තමයි ටිං එකක් උනත් පෙරළෙන්නෙ. වැඩක් ‍නොකරන එකා හිස් ටිං එකක් වගේම පයින් ගැහිල යනව.
    කොත්තු රොටිය, උඩකරනම්, වගේ සිංදු වලින් සමාජයේ යථාර්ථය තේරුම් කරන්න උත්සාහ කරන එක අගේට කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. දැන් බැලුහාම ප්‍රසන්නත් විසාල රසිකයෙක් නෙවෑ!

      Delete
    2. වැදගත් ප්‍රසන්න ප්‍රසන්න පුද්ගලයෙක් වීමයි!

      මොකද රසිකයෝ වෙන්න වෙනම අය ඉන්නවානේ නම් තියෙන.

      Delete
    3. මොන හේතුවකට හෝ මම නිහාල්ගෙ ගොඩක් සින්දු වලට ආසයි. ඒක එයාගෙ සින්දු වල තියෙන වචන සෙට් එක හින්දද කියල කියන්න දන්නෑ.

      @රසික, :D

      Delete
    4. රසික මහත්තයගෙ කමෙන්ට් එකනම් මරේ මරු!
      සුන්දර නිහතමානද මැල් කොහොම කෙනෙක්ද මන්ද

      නිහාල්ගෙ කටහඬත් සෑහෙන කාලයක් තිස්සෙ වෙනස් නොවී තිබුණ
      ප්‍රංග වේදිකා ගායනයේදී ක්ලිෆ් රිචර්ඩ්ස්ව පොඩියක් අනුගමනය කලා මට මතක හැටියට

      Delete
  2. හිස් ටින් වලට ඉක්මනට වතුර පිරෙනවා අයියා.. එතකොට අද ඒවගෙන් බජව් දාන අයම ලස්සනට ඒවා විසික් කරලා දායි...



    ReplyDelete
    Replies
    1. නැත්තං PHI ල ඇවිල්ල නඩු දායි ඩෙංගු බෝ කරනවයි කියල. :D

      Delete
    2. කාලය පිලිබඳ ප්‍රස්නයක් විතරයි නේද හර්ෂණ!
      ඒත් එතකොට පරම්පරාවක් පහුවෙලා යන එකයි කණගාටුව

      Delete
  3. තිස්ස අයියා බ්ලොග් එක වෙනස් කරලා සැහෙන හොඳ වැඩක් කරලා තියෙන්නේ.. පරණ සිංදු ගැන දැන් රසබර සාකච්චා තියෙයි.

    නිහාල් නෙල්සන් ගේ ඕනේ සිංදුවක් ඕනේ වෙලාවක අහන්න පුළුවන්. තිස්ස අයියගේ ලිස්ට් එකේ අහල නැති සින්දුත් තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ හැටි මේ ජාතියේ බ්ලොග් බලන්නේ නෑ පැතුම් උදවිය :-)

      නිහාල් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගත්තා - චන්ද්‍රසේන මාස්ටරි හොඳ මුල් අඩිතාලමක් දාලා දුන්න

      Delete
  4. නිහාල් ගේ මා කැමතිම ගීතය නම්- ලස්සනට පිපුණු වනමල් ය. ගුණේ අයියා ගේ කාමරේ වචන හරඹයටද ඉතා කැමතියි!

    සින්දුවලට ස්තුතියි. කාළෙකට පස්සේයි මේවා ඇහැව්වේ! මං හිතන්නේ ඒලෙවල් කාළෙට පස්සේ!

    ReplyDelete
    Replies
    1. කසූ ලිපියක් ලියා තියෙනව මා දුටුව
      ගුණේ කාමරේ හිරවුණ එකයි මට තියන කණගාටුව
      මට රුචි Top 10 එකක් පල කලේ ඒකයි කසූ

      Delete
  5. පත්තර වල ඇට්ටි හැලෙන්න විචාරය ලිය ලිය නව නිර්මාණ වලට පහර ගහන උන්ගෙන් බහුතරයක් සංගීතය ගැන දන්නේ නෑ. දැනගත්තත් ඉන්දියානු සංගීතය විතරයි. මිලියන් සිය ගණන් පිටපත් විකුනපු බටහිර ගායකයින්ගේ ගීතවල නමවත් අහල නෑ. මයිකල් ජැක්සන් කිව්වොත් දන්නේ ළමා අපචාර සිද්දිය විතරයි. Earth Song එක අගල නැ.
    ඔය ප්‍රබුද්ධයෝ නිහාල් නෙල්සන්ගේ ගීතවල පදමාලාව තමයි විවේචනය කරන්නේ. සංගීතය නෙවෙයි.
    නිහාල් නෙල්සන්ගේ විශ්ෂ්ට සංගීත නිර්මාන ගැන හොඳක් නොලියන පත්තර පඩංගු ලියන්නෝ මෙලෝ සංගීත රසක් නැති එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියනකොට විසිල් ගහනවා.

    ReplyDelete
    Replies
    1. ජීවන මේව ගැන හොඳට දන්නවනේ - පුද්ගලිකව මමත් ඔය දෙකම නොදන්න බවත් ජීවන දන්නව
      මම ඉතින් රසිකයෙක් විතරයි
      'ටිකිරි සිනහ පාලා ඇය දෙපිය නගනවා' මම නොම්මර එකට තෝරන්නෙත් ඒකයි - ඒකේ 'නිහාල් නෙල්සන්' ඉන්නව
      'රෙදි වියන කෙල්ල ලස්සනයි' අමුතුම තනුවක් - එකම පදේ හතර වතාවක් කියනව!

      Delete
    2. මචං දොඩන්,
      ලංකාවේ ගායකයන් අතර අතර විශ්ෂ්ඨ නිර්මාණ බිහි කරලා තියෙන ආත්මා ලියනගේ තමයි මම දකින මෑත කාලයේ බිහිවූ හොන්දම් නිර්මාපකයා. කව්රුත් කතා කරන්නේ නැහැ.
      සංගීතය වගේම පද රචනයත් සුපිරි.
      " මාලා ලා පාට සළු පළදා ලා"
      (හැබැයි ඉතින් ඕක සාපේක්ෂයි)

      Delete
    3. ආත්මා සුවිශේෂයි! අවිවාදාත්මකයි!

      Delete
  6. ප්‍රසා කියනවා වගේ නිහාල්ගෙ සින්දු වලට මටත් මාර ආශාවක් තියෙන්නෙ. ඉස්සර ඉඳන්ම ඒක එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. සුජාතා අත්තනායකට වුණු දේම අන්තිමට වුණු එකයි මට කණගාටු!
      හැබැයි ඒ අපේ පැත්තෙන්! ඒ මිනිස්සු ස්වාධීනව ඉන්නව දැක්කම සතුටුයි!

      Delete
  7. නිහාල් ගෙ Top 10 වලින් මම අහලා තියෙන්නෙ 'කරුනා සුවඳ' විතරමයි.. සැක්! ලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. බුරා අහල නෑ කියන්නෙ පුදුමයට කාරණාවක්!
      ඒ සින්දු ටිකේ මම නිහාල්ගෙ අනන්‍යතාවය හොඳින් දැක්ක
      චන්ද්‍රසේන මාස්ටර්ගෙ ගෝලයෙකුත් දැක්ක!
      "කිංකිණි හඬට" ගීයේ "ගිගිරි සැලේ......" කොටස කියනකොට මට ඇහෙන්නෙ බයිලා ගායකයෙක්ගෙ හඬ නෙමේ කොහොමටවත්

      Delete
    2. පුදුම වෙන්ට දෙයක් නෑ තිස්ස අයියා. ඔය බුරා අතිපණ්ඩිතයා වගේ බ්ලොග්වල කියෙවුවට ඌ කියවලා, අහලා, දැකලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. ;-)

      Delete
    3. ඔය අපව නැනෝ ගොඩට දාන්ට කියන කථානෙව
      අච්චරකට මෙච්චරනං මෙච්චරකට කොච්චරද වාගේ :-)

      Delete
  8. බ්ලොගේ වෙනස්වෙලා. දැන් ඉතින් මෙයාගෙන් කෙලින් උත්තර ගත්තු හැකි. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... එහෙනං එහෙනං... හැබැයි කෙලින් ප්‍රස්න වලට ;-)

      Delete
  9. ධනුෂ්කට සුපුරි මට්ටමේ හැකියාවක් තියෙනවා. දක්ෂතාවයක් නොමැතිව අනුකරණයක්වත් කරන්න බැහැනේ. කොහොම වුනත් පරණ සින්දු ටික නැත්තං ඔය කොයි තරුවත් නැහැ. ලංකාවේ දැන් මාසෙකට සින්දු කීයක් හැදෙනවද? ඒත් ඊගාව මාසෙ වෙනකොට එහෙම සි්නදුවක් තිබුනද කියලා මතකත් නැහැ. අනිත අලුත් එකක් ආවම හැම උලව්වකම පැය විසි හතරෙම ඒක දාලා එපා කරවනවා.

    අනික අද වුනත් ට්‍රිප් එකක් ගියත් ජෝති මිල්ටන් නිහාල් වගේ ගායකයොන්ගෙ සින්දුවක් ඇරෙන්න දැන් ඔය ඇවිල්ලා ඉන්න ආප්ප බාස්ලගෙ සින්දු කියන්නේ කවුද? මට අනුවනං තව දශක කීපයකට මේ සින්දු අපෙන් ඈත් වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ධනුෂ්ක දක්ෂයෙක් හැබෑම. දැන් මේ දක්ෂයව කොහොමද අනන්‍යතාවයක් තියෙන ගායකයෙක් කරවන්නේ ටින් ගොඩකට යටකරන්නෙ නැතිව? ගුණේ අයියට බූන්දි මස්කට් දීලා මල් සුවඳින් මුසපත් කරල කාමරේට හිරකෙරුව! ධනුෂ්කට මොනව වෙයිද?
      "අනිත අලුත් එකක් ආවම හැම උලව්වකම පැය විසි හතරෙම ඒක දාලා එපා කරවනවා" සහතික ඇත්ත. මේ පොඩි රටට මේ නාලිකා හොඳටම වැඩි නැද්ද? පත්තර වැඩි නැද්ද? කෝ මේවට නිර්මාණ? කෝ මේවට නිවුස්! අලුත් දෙයක් ආපු ගමන් අල්ල ගන්න ඕන! පොඩි නිවුස් එකක් ලොකු නිවුස් එකක් කරන්න ඕන! එහෙමනම් ආප්ප බාන්න වගේ නිර්මාණ කරමු. පුවත් මවමු!



      Delete
  10. තිස්ස අයියා
    හිස් ටින් සද්දය, හැඳි අසෝක වීදුරුවට ගැටෙන සද්දය ඩොලැක්කි සද්දය කොහොමත් හද ගැස්මට ලගයි නේ තබ්ලා වයලින් සිතාර් වලට වඩා.හැබැයි සර්පිනාව හරියට ස්වර අල්ලන්න උගන්වන්නත් පැදුරු සජ්ජේටත් දෙකටම සෙට් වෙනවා නේ.
    මේ සින්දු හැම එකක්ම රසවත් වෙන්නේ ගී පද මලාව නිසා නේද? දැන් ගොඩක් ගීත වල නැත්තෙත් ඒකම නේද

    ReplyDelete
    Replies
    1. මෙන්න කමෙන්ට් එක!

      මම මේ හිස්ටින් එක සමාන කලෙත් ඔය හරසුන් පදවැල් වලටම තමා Lone Ranger!!
      නිහාල්ව එකම රටාවක හිර කෙරුවෙ ඒවම තමා!!

      Delete
  11. = හේමසිරි හල්පිට............

    ReplyDelete
  12. ඇත්තටම ස්ටාර්ස්ලා තෝරන වැඩසටහන් මට බැලෙන්නේ අහම්බයෙන්. ඔය හාදයා කියපු සිංදුවක් අහම්බෙන් අහන්න ලැබුණා.දක්ෂයෙක් වග පේනවා.හොදගමණක් ගියොත් හොදයි.
    නිහාල් මහත්තයාගේ සිංදු අහන්න ගත්තේ පොඩිකාලේ ඉඳන්.තාමත් රසවිඳිනවා.
    තිස්ස මහත්මයා හැමදාමත් හොදදෙයක්මනේ දෙන්නේ.

    ඔබට ජය!

    මේ

    සුලා...

    ReplyDelete
  13. ලොකු දෙයක් මේක වෙනස් කරපු එක නං.. ඔය අපේ ප්‍රසා කිව්ව වගේ විටින් විට ටින් පෙරලෙනවා. ඒක ස්වාභාවිකයි..

    ReplyDelete
  14. මේක දැක්කෙ අදයි නෙ. අපිත් ආසාවෙන් අහපු ගීත අයෙත් කරළියට ආව එකට සතුටුයි මල්ලි. ස්තූතියි! මේ සටහනට.

    ReplyDelete
  15. නිහාල් නෙල්සන් ගීතා ආර (වචන සෙට් එක) වටා හිටි ප්‍රධානියෙක් තමයි හේමසිරි හල්පිට.
    ඒ වගේම ඩෙස්මන් ද සිල්වා ගැ‍යූ ගී පදැවල් ගනනාවකට දායක වෙල තිබුණේ ඔහුගේම මාමා කෙනෙකු (බව ඒ පවුලේ හිතවතෙකුගෙන් දැනගන්න ලැබුනා)

    ReplyDelete
  16. (මෙන්න මගේ පමාවී ආ සටහන )

    නිහාල් ගැන බොහෝ දේ කියල, කියවිලා තියෙන නිසා වෙන දෙයක් ගැන මතක් කරන්නං. මොරටු පිළියන්දල බස් එහෙක කොන්දොස්තර කම කරපු පස්සෙ කාලෙක ගී ගඟුලක් පද බැන්ද, ප්‍රසංග වේදිකාවෙ එදා මෙදා බිහිවුන සූපිරිතම නිවෙදකයෙක් වෙච්චි හල්පිටව බස් එකෙන් බස්සල එක්කන් ආවෙ නිහාල්.

    හේමසිරිටත් කරුණාරත්න අබේසේකරට වගේම පහර ගැහුව මිසක් අගය කලේ නෑ. ඒත් "මේ මල් යායෙ, නිහඬ කල්පනා" වගේ ගී පදත් හේමසිරිගෙන් බිහි වුනා. අවාසනාවට "ප්‍රබුද්ධයො" ඒ මනුස්සයව නොසලකා හැරිය, කරුව වගේම. ඉතින් මේ සටහන අවස්ථාවක් කරගන්නව හේමසිරිව ගෙනත් නිහාල් කරපු වටිනා මෙහෙවරට උපහාරයක් පුදන්න.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets