මේවාට පි‍ටුපෑවද ආදරේ....?

පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේ
තිරසර ගතිය ගැන මම සිහි කරමි පණේ
ජය පැරදුම දෙකම ඔබ හට එකද අනේ
මහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේ

කුළුණු ගුණේ සුදන සෙණේ  - හිත උණුවන තරම අනේ
මේවාට පි‍ටුපෑවද ආදරේ - වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ

ඔබේ හද විමණේද කරුණාව මැවුණේ
දු‍ටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ
සෝ දුක නිවුණේ....

බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටී
සීනේකි මායාවකි ආදරේ
වෑවේද මේවාට පි‍ටුපෑවද ආදරේ....

ඇට ක‍ටු මස් මාගෙ සටනක යෙදිලා
ඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා
සටනක යෙදිලා....

සුර්‍ය රජුගෙ ගගන ගැබේ
තීරසාර ගතිය ඔබේ
මේවාට පි‍ටුපැවද ආදරේ.....

බැරිවුණු විටදී පිහීටට පැමිණී
දෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී
මගෙ තනි නැසු
ණී ....


19 comments :

  1. කෝ අද අඩු වැඩිය..?

    සිංදුවනං මල් හතයි...

    ReplyDelete
  2. පරිප්පු නැති හෝටලේ වගේ.....:-D

    කලින් හිනා මූණා දාන්න බැරි උනානේ.. ආයෙ සීරියස් ගත්තොත් එහෙම.. ඔං හිනා මූන දැම්මා.. සිංදු අහන්න බෑ ඔපිසියේ.. කියවන්න දෙයක් නෑ වෙනදා වගේ.... ඉතින් පරිප්පු නැති හෝටලේ වගේ තමා. :-D

    ReplyDelete
  3. පෞද්ගලිකව මම ඉන්ද්‍රානි සේනාරත්නගෙ ඥාව් ඥාව් වොයිස් එකට ආස නෑ.. ඒත් ඒක පැත්තකින් තියලා ගීතය ඇහුවා.. :-)

    හැමදාමත් වගේ සුපිරියි ආ!

    ReplyDelete
  4. මේ ගීතය තරුණ කාන්තාවක් ගයනවා මා ඇසූ දවස අද වගේම මතකයි. ඒ මීට අවුරුදු 30 කට පමණ පෙර. මා පසුව දැන ගත්තා ඇය තමන්ගේම අත්දැකීමක් නිසා තමයි මෙයට කැමති කියා!

    හින්දි සින්දුවකුත් තියෙනවා නේද?

    ReplyDelete
  5. කාලෙකින් ඇහුනෙ මේ ගීය. ඒ කාලෙ ඉන්ද්‍රාණි ගේ ගීත අපිත් ප්‍රියකලා නෙ. කෝ අද විස්තර සටහන?

    ReplyDelete
  6. කෝ මේකේ අපිට කියවන්න කතාවක්?
    එහෙම බෑ තිස්ස තුමෝ අපිට ඔය සම්බන්ද කතාවකුත් ඕනේ.

    ;)

    ReplyDelete
  7. සිංදුව ලස්සණයි. මුල කෑල්ල අහමින් ඉන්න ගමන්, එකපාරටම සිංදුව පටන් ගන්න ගතියක් තියෙනවානේ. පොඩ්ඩක් ගැස්සිලා ගියා. :D

    //දු‍ටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ
    සෝ දුක නිවුණේ....// :)

    ReplyDelete
  8. ඔපිස් එකේ සිට බ්ලොග් බලන අපි ගැන නොහිතා මෙහෙම සිංදු විතරක් දාන එක වැරදියි තිස්ස අයියා.. අනිත් එක මේ සිංදුවේ තාලේ හිතා ගන්න බෑ... කතන්දරේ නැත්නම් අහවල් තාලය කියල ප.ලි එකක් වත් දාන්න.. :D

    ReplyDelete
  9. මොනවාට නොලිව්වද විස්තරේ...

    ReplyDelete
  10. බුරාට තියෙන රෝගය මටත් තියෙනවා තිස්ස.

    ReplyDelete
  11. මේ ගැන මුහුණු පොතේ වූ සංවාදය මම දැක්ක. ඒ තොරතුරුත් එක්ක යම සටහනක් මෙයට එක්කලානම් වටින්නෙ අනාගතයටයි. ස්තූතියි බෙදා ගත්තාට!

    ReplyDelete
  12. • මාහෝ / පසන් / IMDUPP / ප්‍රසන්න / චාන්දි අක්කා/ පැතුම් : කථාවක් පින්තූරේ ඇත :-)

    • බුරා / අරු_ : මටත් කුඩා කල ඔහොම හිතුණ. ඒත් "ඈත ගගනතේ පායන චන්දෝ" "කිංකිණි දැල් නංවන රාවේ" වගේ ගීත වලට ඇලුම් කරන්න ගත්තු දා ඉඳන් ඒ ගතිය නැතුවුණා

    • පොඩ්ඩි සාස්තර කියන්න ගත්තනම් හොඳා වගේ

    • කතන්දර සූරීන්ට බොහොම ස්තූතියි හින්දි ගීය දාලා සටහන සම්පූර්ණ කලාට. මට ගීයක් තියේ කියල යාන්තං මතක තිබ්බට කිසිම නිනව්වක් තිබ්බෙ නෑ අදාල ගීය ගැන. අර අනෙක් කථාව කොහේවත් ලියා තිබ්බේ නෑ?

    ReplyDelete
  13. ටැම්ප්ලේට් එක වෙනස් කලාට මෙන්න ම‍ගේ ආචාරය.! :-)

    ReplyDelete
    Replies
    1. හප්පා වින්ද දුකක් ඒකට :)
      අපට කොයින්ද ඕවට දැනුම අතැඹුලක් සේ
      සතෙන් සතේ සොයා ගන්ට එපායෑ!

      Delete
    2. යකෝ අපි කලු හින්දද රිප්ලයි එකක් නැත්තෙ! කමක් නෑ. ඔය ටෙම්ප්ලේට් එක වෙනස් කල එක නං ලොකු දෙයක්.

      Delete
    3. හපොයි හපොයි ඉන්දික - පිස්සුද බං :-)
      ටැම්පලේටුව ටැස්කරන්න දාපු හින්ද මිස් වුණා
      ඔව් ඔව් සටහනක් එක්කහු කරන්න තිවුණනම් හොඳා!
      'අඩුව' පෙනුනමත් 'වැඩිය' වැඩියෙන් පෙනේවි නේ පසුව

      Delete
  14. මගේ බ්ලොගේ පොස්ට් එක ඉවරකරලා කලින් එකේ රිප්ලයි එකට රිප්ලයි එකක් දෙනවා කියල හිතල මේ පැත්තට ආව.
    මෙන්න යකෝ මූ තව පොස්ට් එකක් දාල
    අරක හෙට තමයි

    ReplyDelete
  15. ඇන ඇන කියන්න වෙලා කියලා දොස් කියන්නේ නැත්නම් පහදනවද මේ සින්දුවෙන් කියන්නේ ඈත් වෙලා ඉඳලා ආපහු තමන්ගේ වුනු පෙම්වතෙක් ගැනද?

    තාලය නම් හැමතැනම දුවන පාටයි..!!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets