මංගල කසී සළු මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැලැඳ මා
සිටියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ
මල්සර මිණි බුබුළු දිලිසී
සිහිනෙන් නොදුටු රැයේ
නීල තරු පොකුරූ මා දුටුවා
නීල තරු පොකුරූ මා දුටුවා
ජීවන ගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
පද ටික කියවා මනමාලි බලා ගියෙමි..
ReplyDeleteමදෑ නේදෑ!
Deleteසුජාතා අත්තනායකගෙ මව් ගුණ ගී ගැයෙත්දි දැනෙන හැඟීම ඇගේ අනෙක් ගීත වලදි දැන්නෙ නෑ. කොහොම උනත් ඕක විශේෂ සින්දුවක් මම අහල තියෙන විදියට සුනිල් ආර් ගමගේගෙ පලවෙනි ගී රචනාව.
ReplyDeleteඔය වගේම හැඟීමක් දෙන සින්දුවක් තමයි සමිතගෙ "ගුමු ගුමුව වදුලේ" කියන්නෙ.
සුජාතා අත්තනායක සෑහෙන පරාසයක සින්දු කියා තිබේ
Deleteඇගේ ගොඩක් ගීත තාක්ෂණයේ දියුණු කම මදි නිසා අසාධාරණය ලක්වී ඇතැයි සිතමි
ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වන ගී වල ඇගේ හඬ පෙළහර එන්නේම නැත
ඇගේ ගී සංරක්ෂණය ඈ කරන්නේද නැත
"සඳ මුතු මල්දම් සිරස පැලඳ ගෙන", "කෝපි මලට.." "සුදෝ මම ආදරෙයි" ගීත, ටිකක් හෝ හොඳ තත්වයේ ඒවා සොයාගන්නට ඉතා අපහසුය.
ඉන්දික හරි - සුනිල් ආර්ගෙ විස්තරේ උඩ ප්ලේයර් එකට යට ඇති කුන්ඩලිය ඔබල බලාගත හැක
"ගුමු ගුමුව..." අපූරුම ගීයකි. සමිතා කෙටි දුරකින් නිර්මාණ කටයුතු නිම කල එක අපරාදයකි!
මම දැන් මේ සින්දුව මුමුණන්න ට්‍රයි කරාට එන්නෙම නෑ. පස්සෙ කන ගමන් කල්පනා කරාම තමා තේරුනේ වික්ටර්ගෙයි සිසිරගෙයි සින්දුව එක්ක මේක පටලැවිල කියල. ඉන් පස්සෙ ඒ සින්දුව මතක් කරත්දි ඒක ජෝති එම් එස් වික්ටර්ගෙ ස්වයංවර ගීතෙ එක්ක පැටලෙනව. ලොකුම අවුල මේ සින්දු ඔක්කොම අත ගාව තිබිලත් අහල ප්‍රශ්ණෙ විසඳගන්න බැරිකම. දැන් ඉතින් ඉවසපන් පපුව කෑමට යනතුරු.
Deleteසමිතා කෙටි දුරකින් "නිර්මාණ" කටයුතු නිම කල එක :D
මගුලෙන් පස්සෙ දෑතේ නැති රන් වළලු දැන් බැංකුවෙද?
ReplyDeleteමගුලක් කථා කරාට කෙලවර වෙන්නේ ඔතනින් තමයි ප්‍රසා!
Deleteදෙයියන්ගෙ මල්ලි!
කාලෙකට පස්සෙ මේ ගීය ඇහැවුවෙ.
ReplyDeleteඅර මක්කැයි අර සුනිල් ආර් ගමගේ ගෙ විස්තරේ හංගලා දාලා තියෙන්නෙ!?
මම රෙකෝඩ් කරාපු හද්ද පරණ කැසට් එකක තියල හම්බ වුණේ.
Deleteමේ වර්ෂන් එක ඔරිජිනල් වාගෙ
පස්සේ සී ඩී එකේ මියුසිකුත් හොඳයි
ටිකක් පේන්න තිබ්බම ගොඩක් විපරම් කරණ හින්ද එහෙම දැම්මෙ ;-)
මචාං......
ReplyDeleteජාතික ගීයෙන් පටන් ගත්තම ගොඩක් ගීත වලට මගේ නම ඇතුල් කරන්නේ මට උපහාර පිණිසද මචාං
හෙහ්හ් හෙහ් හෙහ්... ඒක හැබැයි නේද?
Deleteජීවන ගංගා ඉවුරේ අපී
ජීවන මේ ගමන
මේ ජීවනයේ
ජීවන සුවඳක් දැනෙනවා
මේ ජීවන ගංගාධාරයේ
ජීවන විල මැද
හම්මේ කොච්චරද..........
කවිය ඔබ ගීය ගැන සුනිල් ගමගේගේ කථාව...
ReplyDelete"ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්. මොකද ආකෘතික ලක්‍ෂණ වෙනස් කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක් තියන්න අවශ්‍ය බව."
සංගීතය දන්නා අයට වැදගත් කරුණක්
Deleteආයුධයක් පණපොවනව වගේ වැඩක්!
කාලෙකින් ඇහුවෙ හිතේ තිබ්බ තරමටම සංගීතය නැතත් ඔහොමවත් අහන්න ලැබුන මදැයි. තිස්ස අයියා රේඩියෝ එකේ වාදනය වෙද්දි රෙකෝඩ් කල එකක් මයෙ හිතෙ
ReplyDeleteඔව් සෑහෙන කලකට ඉස්සර - අවුරුදු 20 කට කලින් විතර.
Deleteමේ සංගීතය එක්ක, මේ ටෙම්පෝ එකත් එක්ක නෑ පසුව නිකුත් කල ඒව මගෙ හිතේ
!!!!
ReplyDelete????
Deleteලැජ්ජාවෙන් වගේ හොරෙන් බලන ඒ මනමාලි කවුද? :D
ReplyDeleteමනමාළියි ලැජ්ජාවයි කියන්නෙ හොඳට පෑහෙන දේවල් නේද?
Deleteදැන්නම් හැබැයි පෝරුවෙන් බැහැල සාරිය උස්සන් නටනවත් නේද?
ලංකාවේ මනාලියන් ඉන්න වෙබ් පිටුවකින් ගත්තෙ!
හදගී පොතේ අනිත් අයගේ සින්දු වගේම තමන්ගේ සින්දුවකුත් නිර්මාණය කරන්න තිස්සට යෝජනා කර සිටිනවා..(සින්දු ගායනා කරන්න බැරිනම් ලියන්න හරි පුළුවන්නේ)
ReplyDeleteමමම ඒක ස්ථිර කරනවා..
හපොයි රූ නෝනේ.... ඕවා සෙල්ලම් වැඩද?
Deleteලඝු ගුරු මාත්‍රා විරිත් වියරණ මෙළෝ සංසාරයක් හරියට නොදැන??
මම මේ බෝතල් පත්තර වැඩේ කරාන ඉන්නම් :-)
ළඝු ගුරු මාත්‍රා විරිත් වියරණ මක්කටැයි සින්දු ලියන්ට? ඒවා ඕනැන්නෙ කවි ලියන්ට නේ. සින්දුවක් ලියනවා කියන්නෙ හරියට සැහැල්ලු නිසඳැසක් ලියනවා වගේ වැඩක් නෙවැ. බැහැයි කිය කියා ඉන්නෙ නැතුං ඔය නිදහසේ ඉන්න වෙලාවක හිතට එන ඒවා ලියලා දාන්ට. පස්සෙ වෙලාවක හිමින් සැරේ ඒ ලියාපුවා කියෝන ගමන් එඩිට් කරන්ට. ඔහොම ටික කාලයක් යනකොට හොඳ පදමාලාවක් මතුවෙලා එයි. :-)
Deleteමේ ලඟකදී ඉඳන් මමත් සුජාතාගේ හා අමරා රණතුංගගේ සින්දු අහන්න ගත්තා . ඒ කාලේ දැනුන නැති දෙයක් දැන් දැනෙනවා . මම අහලා තියෙනවා අපි අපේ අප්පච්චිලා වෙනකොට එහෙම වෙනවාලු (when you become your father) .
ReplyDeleteසමිතා ගේ ස්වයං නිර්මාණයක් නොවුනාට මේ සින්දුවෙත් මොකක්දෝ සිත ඇලෙන ගතියක් තියෙනවා
https://www.youtube.com/watch?v=4K-WonJXRjw
ඒකනම් මරු ඩෙෆිනිෂන් එක ජේපී...
Deleteසුජාතාගේ ඔරිජිනල් ඒව තියේනම් අපටත් එවන්න
සමිතාගෙ කටහඬෙන් වැඩක් ගත්තේ නෑ හරියට
සමිතගෙ "මල් නෑනී මං....." වගේ සින්දුත් ලක්සනයි බෝම
අහමඩ් මොහිදීන්ගෙ ඔරිජිනල් "සිළුමිණි සෑය වඳිම්.." අහනවනම් මෙන්න තැන!
යූ ටියුබ් ඒවා තමා. ස්තුතියි ලින්ක් එකට . නිහාල් නෙල්සන් වර්ශන් එක අහල තියෙනවාදSilumina seya/Nihal Neson/Clarence Wijewardane/Su…: http://youtu.be/UfUyudLrGFs
Deleteසුනිල් ආර් ගමගේ ලියූ මංගල කසූ සලු ගීතය වගේම පෙම්වත තරහ වෙලා ගීතයත් සුජාතාගේ ගී එකතුවේ මනරම් ගී ගණයට වැටෙනවා
ReplyDeleteතිස්ස. චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ සුනිල් ආර් ගමගේ ලියූ“ මා මුව පියුමේ කඳුළැල් තවරා“ ගීතය ඔබ සතුව ඇත්නම් මෙහි පෝස්ට් එකක් විදියට දාන්න. ඒ ගීතයේ ඉතාමත් විරල අපූර්ව කතාවක් කියැවෙනවා. මම ඒ ගිතය වරක් හෝ දෙවරක් ඇසූ බව මතකයි
ඔව් දයානන්ද මහත්තය. සුජාතා හොඳ සීඩී කිහිපයක් කරන්න හිතන්නෙ නැත්තෙ ඇයිද මන්ද.
Deleteහරිම සුමිහිරි කටහඬක් ඇයට තියෙන්නෙ.
ඔබ කියූ සින්දුව සොයාගන්න බැරිවුණා. උත්සාහය අත් නොහරිමි.
File not Found බව පෙනෙන නිසා මේ ලින්ක් එකෙන් මුල් ගීතය අහන්න:
ReplyDeletehttps://www.youtube.com/watch?v=ZuCLppzzMqg&ab_channel=NadeshwariSujathaAttanayake