පෝය පහකින් ආයේ එන්නම් කියා පිටත් වූවද එලැඹෙන පොහොයක් ගානේ "අනේ මව් රටේ උන්නානම් පන්සලකට ගොහිං මලක් පහනක් පූජා කරනවා නේදැයි" සිතේ. මිනිස් සිත පාපයට ඇදෙන්නේ කාන්දමක් මෙනි. කරණවැමියාට මඛාදේව රජු standing instruction එකක් දී තිබුණේ නර කෙසක් දුටු විගසම red alert එකක් දෙන පරිද්දෙනි. අනතුරු හැඟවීම ලැබුණු සැනින් රජකම දූපුතුන්ට පවරා වනවැද උට්ඨාන වීර්‍යයෙන් භාවනා කොට බඹළොවත් ඉපදිණි. අප්පා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා වේයැයි කිව්වහේ red alert ආ කල පුතුන් දෙන්නත් ඒ මගම ගියා. පස්සෙන් පහු පොඩි රිවීව් එකක් දා බලනකොට බඹලෝකේ හිටි මඛාදේව රජ්ජුරුවන්ට පෙණුනා මේ වැඩේ දිගටම කරගෙන යන්න කෙනෙක් නැතිවෙන තත්වයක් මනුලෝකේ - ඕං ආයෙම නිමි කුමාරයා වෙලා මේ ලෝකෙට ආවා චාරිත්තරේ නොකඩවා අරන් යනු පිණිසම.
ඔහොම නිමි කුමාරයා වෙලා බොහෝ පින් දහම් කරන් ඉන්නකොට කාටත් වාගේ කුමාරයාටත් සැකයක් ආවා "මේ කරන එව්වායින් පලක් වෙදැයි" කියලා. කළින් නිමි කුමාරයාගේ ලොක්කා වෙච්චි සක්‍රයාට මේක දැනුනාම අනෙක් වැඩ පස්සට දාලා "මුන්නැහේට පෙන්නන්නම් පවේ පිනේ විපාක" කියලා, හිතුවා නිමි කුමාරයාව පොඩි චාරිකාවක් එක්ක යන්න. සඳුදා උදේ මීටිමේදී බොසා "OK guys we have a good news and a bad news" කියලා, බෑඩ් නිවුස් දෙකක්ම දෙන්නැහේ නිමි කුමාරයාව චාරිකාව එක්ක යන්ට යවාපු රථාචාරී මාතලී ඇහුවා "ඉස්සෙල්ලා අපායටද දෙව්ලොවටද යන්ට ඕනෑ" කියලා නිමි කුමාරයාගෙන්. අපිත් සඳුදාට Bad news first කියන්නැහේ මුන්නැහෙත් කියාපි "අපායම මුලින් බලමු"යි කියා.
ඕං ඉතින් නිරයන් බලාන ගිහිං ගිහිං, දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල් වනවලින් පිරී ඇති, "ඉඹුල්වන" නිරයට ආපි. මේකේ ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පැත්තේ එවැනිම වූ පහතට හැර වූ කටුත් තියේ. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. එහෙව් වදයක් දැක තැතිගත් කුමාරයා දැකලා මේං මෙහෙම විස්තරයක් මාතලීත් කියාපි "මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹු හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්" යැයි පහදා දුනි. එතනිං ගියහම "මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බව" ත් කීවා.
චාරිකාව නිමකර හොඳෙයි නරකෙයි ප්‍රථිඵල දෙකම දැකගත්තු නිමි කුමාරයා, සැකක් නැතිව, විචිකිච්චා මගෑරලා පින් දහම් වල යෙදිලා ආයෙමත් red alert ආවහම චාරිත්තරේ ඉස්සරහටම අරන් ගියා.

උතුරු සළු හැඳ... උතුරු සළු හැඳ පොරවලා උතුරු දම් හද තවරලා පතුරණා මුදිතා සිනා මිතුරියේ ඔබ දුටුවෙමී සරණ සිල් ගෙන අරණ තුල උන් උවැසියන් මැද්දේ ගුවන තරුපිරි වැරුණ සඳ සේ සිටි පබාවතියේ... සඳසේ සිටි පබාවතියේ වීතරාගී හදවතකි ඇස නැත සරාගී රස විඳින්නේ දෑත සංවරලෙස තබන් මා වෙත සෙමින් පියවර නගන්නේ නුමුමුණන්ණෙමි වදනකුදු මම ඔබට ඇති අපමණ දයාවෙන් ඉවත් වන්නෙමි වෙහෙර බිම ඇති
නොකිලිටි සුදු වැළි තලාවෙන්
ගුණසේන කඩිගමුව / සිසිර සේනාරත්න
|
පියවර තබනා හඬින්...
පියවර තබනා හඬින් පවා මට ඔබා හඳුනා ගත හැකි නම් මා වෙත හෙලනා නෙතින් නුරා මට ඔබ හැඳිනිය නොම හැකිදෝ එනමුදු හිතවත මුනිවත රකිමි සමාවෙන්න මා අන්සතු ලඳකි උදේ දිවාරෑ රසබස් මුමුණා සුවයහනක සතපන හැටි දනිමි නිබඳව ඔබේ හද සනහස ගෙනෙනා රස සිලිලාරය මම බව දනිමි එනමුදු හිතවත මුනිවත රකිමි මින්දද හීයේ පස්මල් සුවඳයි නුරාව වැහෙන ඔබෙ නෙතු කැල්මයි නිහඬව ගෙන එන ඔබේ ඇරයුමයි මගෙ සිත දනිතත් මුනිවත රකිමි සමාවෙන්න මා අන්සතු ලඳකි
ත්‍යාගා එන් එඩ්වඩ්/චන්ද්‍රසේන රංගේ/ස්ටැන්ලි එම් ප්‍රනාන්දු
|
ලස්සන පද වැලක්.කතාවෙ මුල මැද අග ගලපගන්නනම් සෑහෙන්න බොන්න වෙයි වගේ.
ReplyDeleteප.ලි
අනේ මන්දා.ළඟදි ඉඳලා තිස්ස අයියත් එක විදියක්..පිටින් තියන කතාවනම් තේරුනා. ඇතුලෙ තවත් කතාවක් තියනවද මන්දා.
ප.ප.ලි
ඔය කටු ඉඹුලයි , ඉඹුල් කිරිබතුයි අතර මොනවත් සම්භන්ධයක් තියනවද දන්නෙ නෑ නේද ? නෑ මම මේ නිකමට වගේ අහන්නෙ.
අනේ වාසනාවන් !!! කාලීනයි............
ReplyDeleteරූපයි ගීපදයි පොඩ්ඩක් හොල්ලලා ගත්තා නං ස්ථාන ගත වෙන්න.......... අපි වයසක උදවිය නෙව......... :D
ReplyDelete(මගේ බ්ලොග් එකෙත් ඔහොම එව්වා වෙනවා. වෙලාවකට හදාගන්නම බැරි වෙනවා)
සඳ පෝස්ට් එක අවුල් වෙලා නේ අයියේ.. කොහොමත් මේ දවස් වල සඳ පිස්සු නටනවා තමා..නිකං හඳටත් විකාර වෙලාලු ඉන්නේ... හී හී..
ReplyDeleteලකී: බොන්ට එපා බන් එහෙම අයට වෙනම එකක් තියේලු :-)
ReplyDeleteනෑ නෑ ලකියෝ වෙන කථාවක් නෑ ඕක විතරයි
හප්පා කිරිබත් නම් මදෑ දැන් පිඟන් දවස ගානේ
රන්දිල්: එහෙනම් එහෙනම්
පසන්: ඕ Resize කරලා Refresh කලහම හරිගියාලු රන්දිල්ට නම්
වයිට් ඇලර්ට්නම් සිය ගාණක් තිබේ මගේ ඔලු ගෙඩියෙ . ඉස්සෙල්ලම ආවෙ පොඩි එකා කාලෙ මතක හැටියට
ReplyDeleteඅලි අලි.. දැන් හරි තිත්ත අයියේ.... :-D
ReplyDeleteඅනේ අපි නම් බෝ පැල ඕන්... අන් සතු ළඳක් දෙස ඇසක් හැර නොබලමී...
ReplyDeleteසිත හීලෑ නෑ
ReplyDeleteහරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත හීලෑ නෑ.........
අයියා...දැන් සින්දු දෙක ගානේ ගලපල ලියනව නේද? ඒකත් හොඳයි ඇරියස් කවර කරන්න...
නරකෙසක් දැක්ක ගමන් යන්නේ කොහොමෙයි . අපේ සංසාරය දිග ඇති නේද . ඔහොම වනයට ගිය බිසෝවරු හෙම නැද්ද හැබෑට . අන්තිමට කරලා තියෙන්නේ බෙන්ස් රියදුරන්ට අනතුරු ඇඟවීමක් වගේ . සාදු සාදු !!
ReplyDeleteහොඳට ඉන්න එකේ විපාක කියල නෑ නේ.... මම නම් කොහොමත් කැමති නියුට්‍රල් එකේ ඉන්න...
ReplyDeleteඔය නරකෙස් වලට තියෙනව පුරාණ ඉරිසින්නාන්සෙලා හොයාගත්ත මහා හාස්කම් ඇති බේතක් ගොඩ්‍රිජ් කියලා. ඒක ගැන අහලා තිබ්බා නම් දිගටම රජකම් කොරන්න තිබ්බා අප්පා එලිසබෙත් ආච්චි වගෙ.
ReplyDeletehenryblogwalker the Dude
//පියවර තබනා හඬින් පවා
ReplyDeleteමට ඔබ හඳුනා ගත හැකිනම්//
නොදිනූ ප්‍රේමයක්ද?
අයියෝ එහෙනම් පව්...
ප්‍රශ්නයක්? මුල මැද අග නොගැලපෙන ?
ReplyDeleteමැණික්
කතාවටත් ගී දෙකටත් බොහොම පිං.. පස්සෙ වෙලාවක ගලපන්නංකෝ අවස්ථා සම්බන්ධය...
ReplyDeleteඅපුරු සින්දු දෙකක්, ඒ වගේම ඔබේ සුන්දර සිතත් අපුරුවට කැටයම් වුනා මේ පෝස්ට් එකෙන්....
ReplyDeleteඅවස්ථා සන්බන්ධයනම් යම් තරමකට නෙමේ, හොඳටම වගේ තේරුණා කියල හිතනවා තිස්ස අයියේ. :)
තිස්ස අයියේ, මම හරි ආසයි මේ වගේ සින්දු අහන්න.
ReplyDeleteඒත් මම කවදාවත් හොයාගෙන ගිහින් සින්දු අහන්නේ නැහැ.
එහෙමයි කියල හැම තැනම දකින්න තියෙන අලුත් සින්දු අහන්නෙත් නැහැ(ඔක්කොම වගේ ඒවා අහන්න අපහසු නිසා)
අලුත් සිංදුවකට කියල මම ආස කසුන් කල්හාරගේ
"ඇරඹුමම කඳුලක් වෙලා... මා බලා ඉද්දී ඒ දිහා" සින්දුවට විතරයි...
ඔයා දැන් දවස් ගානක් තිස්සේ පෝස්ට් වල දාපු ගොඩක් සින්දු මම කලින් අහල තිබුනේ නැහැ.
ඔයාට ගොඩක් පින් මේ වගේ පරණ සින්දු හොයාගෙන ඇවිත් මම වගේ කම්මැලි රසිකයින්ට අහන්න දෙනවට.
mata sunil shanthayange "ho ga rella bede' kiyan sinduwa hoyala danawada.pls
ReplyDeleteAno: methana Suni Shanthayange okkoma sindhu thiye
ReplyDeletehttp://www.videomart95.com/2010/11/sunil-shantha-mp3-songs.html
එමි යමි රස විඳිමි
ReplyDeleteආ වග ද ලියා යමි
තුති
නෙතු
අපිත් කරන්නෙ අපේ අම්මල තාත්තල, ඊට කලින් ආච්චිල සීයල ගතකරපු ජීවිතේ ඊට ටිකක් වෙනස් විදියකට රිපීට් කරන එකනෙ... මොන විදියට කළත් කරන්නෙ සංසාරෙ බදා ගැනිල්ල... ඒ චක්‍රයෙන් පිට ගිහිල්ලා මඛාදේව රජ්ජුරුවො කළා වගේ කරන්න කවදා කාට හිතෙයිද මන්දා... නර කෙසක් දකිනකොටම කුටුම්බය හැර නොගියත් අඩු තරමෙ නාකියි කියන සම්මත කාලෙ එනකොටවත්.... ඒත් එතකොට ඉතින් ලෙඩනෙ...
ReplyDeleteහරිම ලස්සන ලිපියක්....
මම අහල තිබුණෙ නෑනෙ ඔය කතාව. ඉඹුල් කිරිබත් එහෙනම් අපායෙන් ආව කෑමක් වෙන්ඩ ඇති. :D
ReplyDeleteමඛාදේව කරපු වැඩේ කලොත්, අපි දන්න කියන අයගෙන් කීදෙනෙක් අද වනගත වෙලා ඉඳීද?
ReplyDeleteසිංදු තාම අහනවා...:D
@තිස්ස අයියා,
ReplyDeleteනිකං ඉන්න ගමන් පරණ පෝස්ට් ටිකක් බැලුවා.. අර අපි වාද-විවාද-කතිකා කරපු කාලෙ, සුලා ඇවිත් ලස්සන කතා ලියපු කාලෙ.. කොහොමට තිබ්බ බ්ලොග් එකක්ද අප්පා මේ.. :)