සැලෙන ලෙලෙන උකුලු තලේ..

රසායන විද්‍යා මහැදුරු ජේ කේ පී ආරියරත්න මහත්තයා අනූවේ අගභාගයේ පමණ සේවාස්ථානයට පැමිණියේ දේශනාවක් සඳහාය. ආරාධනය ආයතන බෞද්ධ සංගමයෙනි. ඔහුගේ මාතෘකාව ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව හා නූතන විද්‍යාත්මක ක්‍රමය අතර ඇති "සමානාත්මතාවන්" ය.  දේශනාව අතරතුර විශ්වීය සත්‍යයක් පිලිබඳ සඳහන් කල ඔහු ප්‍රස්න අසීමේ අවස්ථාවේදී විශ්වීය සත්‍යය යනු කුමක්දැයි ඇසූකල එක එල්ලේ උත්තරයක් නොදුනි. ඉන්පසු තවෙකෙකු "උපතින්ම සංවේදන ඉන්ද්‍රියයන් පහම අකර්මණ්‍ය කෙනෙකු අතින් සංස්කාර බිහිවේද..?"යි ඇසූ කල වටේ රවුම් ගසන්නට පටන් ගති.

අපට යමක් හරියට තේරුම් ගියාදයැයි යන්න විසඳාගත හැකි එක් මගක් නම් එය තමන්ගේ මිත්තනියට අවබෝධ කරදෙන්නට උත්සාහ කිරීම යැයි කව්දෝ විද්වතෙකු කියා තිබිණ.

බොහෝ කලා මාධ්‍යයන්ගේ උන්නතිය සඳහා යහපත් විචාර කලාවක් අත්‍යාවශ්‍යම වන්නේ එබැවිණි. යම් යම් මතිමතාන්තර, සංකල්ප, පංචේන්ද්‍රියන් හරහා ඔප්පුකරලීමට තැත්කිරීම හා ඒවාට අභියෝග කිරීම, ".... සාක්ෂාත් වෙත්වා.." යැයි නිතර අසනා, අප ඉන්නා වටපිටාවෙහි, නොසැලකිලිමත් මනසකට හෝ අවියත් මනසකට හැර අනෙකෙකුට නොකල හැක්කකයි සිතේ. ආදරය යනු රසායනික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නම් එහි ප්‍රභේද ඇත්තේ කෙසේද යන්න කදිම පැණයකි.  "වදාරන්න පෙර හදාරන්න ඕනේ" යැයි වික්ටර් රත්නායක මහතා වරෙක කියා තිබිණ. ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීය "නුපුබුදු තැඹිලි මල් ඇගෙ දඟ යුගට මනකල් " කව පන්නයේ ගීයකි. සඟවා කියනා සෘංගාරය බෝහෝ කල් රසවිඳිය හැකි යැයි මට සිතේ. ඝණකාභයක් අතපත් කුඩා දරුවෙකු එය හරව හරවා විවිධ මානයන් දක්නා සේ ඒ රස විඳිය හැක.. කිසියම්ම රසයකින් තොරව එයින් බල්ලකුට දමා ගසන්නට සැරසෙන කල බාලාංස ගුරුවරිය හේ ලඟට ගෙන එයින් කල හැකි, ඒ දැකිය හැකි අපූරු මානයන් කියාදෙන්නාසේ යහපත් විචාරයෙන් ඔප්ණැංවෙන රසවින්දනය නැවුම් රසවත් නිර්මාණයටම මග පාදයි. ඒ වගත් මෙසේම....

සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කළේ...
කල මහ පින පෙනෙන වෙලේ...

ඇහැල ගහෙන් පායන හඳ
ලඳුනි මටයි විහිලු කලේ....
ලඳුනි මටයි විහිලු කලේ....නාඹර මැණිකේ....
නාඹර මැණිකේ මැණිකේ නාමල් මැණිකේ...

උකුලේ නැඟැ නැලැවි නැලැවි
ලිඳට යනෙන වතුරු කළේ...
හොවා ‍රැගෙන මම එන්නම්....නොයන්න මැණිකේ...
නාදළු මැණිකේ නාමල් මැණිකේ...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...


ඔව්වා ඔක්කොම කලාට පසු මෙතෙන්ට ගිහිල්ලා මේ සින්දුවත් අහන්න...
එතැනට පාර පෙන්නුවේ මේවා ගැන විමසුමෙන් ඉන්නා වැම්පයර්...
ඒ සින්දුව කියන්නේ මේ දරුවෝ දෙන්නා...
අපි වෘතයක යනවද, නැත්නම් වෘතයක යනවා කියලා හිතාන සර්පිලාකාරව පහලට යනවාද කියා ඔබම තීරණය කරන්න...

42 ප්‍රතිචාර:

සොඳුරු සිත said...

මාත් ආවේ අර ලස්සන යුවතිය දැකල....

මාරයාගේ හෝරාව said...

ගීතය හොඳයි..නංගි හොඳායි... කලේ වෙනුවට ගස් මුට්ටි ගෙනියන එක නරකායි...:D

Anonymous said...

ඔක්කොම කරාට පසු අහන්න කී එක ඇසුවෙමි.

මොනවා කරමුද අපි...
හඬමු ද සිනාසෙමු ද...
කා හට කියමු ද අපි...
ගැටෙමු ද පලා යමු ද...

-පැතුම් හර්ෂණ

විසිතුරු | visituru said...

:-D

අභීත said...

සියල්ල ඇසුවෙමි.. ඔහේ සිටිමි...

පෝස්ට් එක සහ ගීතය නම් වෙනදා ලෙසටම සුපිරිය...

අර පින්තූරය නම් ලෙසටම සුපිරිය..

Pasan said...

තිස්ස අයියේ.. අර ගෑණු ළමයට කලින් ලියපු එක සුට්ටක් වෙනස් කරලා දානව ඇ...:-D

නීල දෙනයන දෙස බලා ඉමි
කිමද නුඹ හද පාරවන්නේ
ලිඳට යන නුඹ හැඩව හිනැහෙන
කොහෙද මා සිත රැගෙන යන්නේ

හැඩට නැලවෙන ගමන මනරම්
විදින්නට තව කවුද ඉන්නේ
විගස ගොස් නුඹ කුඹුක ලිද වෙත
පැමිණ සැගවෙන් ම'හඳ තුරුලේ

ජීවිතේ මල් said...

තිස්ස අයියා....

සුපිරි ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප්ලස් දැම්මේ... ගීතය ඈසීමටත්, පින්තුරෙ ඉන්න ලාසන ගෑනු ලමයා දකින්නටත් පෙරය.... ගීතයේ කතාව අහන්නටත් පෙරය...

එහෙනම් ????

එහෙනම්.. එහෙනම් නෙමෙයි.. ඒකට තමයි....

හෙ හෙ හෙ හෙ හෙ .....
සුපිරි +++++++++

ඔබ තරම් සුපිරි ලෙස ඔබ තරම් ලස්සන අයුරට , වචන නැතුව කතා කරන්නට සමතෙකු මම මිතුරු කැලෙහි තවත් දැක නැත.

ජය වේවා ලොකු සහෝ !!!!

පූසා said...

හැබෑටම තිස්ස අයියේ කොයින්ද මේ පින්තූරේ හොයා ගත්තේ? :D

මාතලන් said...

ලස්සනයි.... පින්තූරේ

රූ.... said...

මේ පෝස්ටුවේ ගීය වගේම හැම ගීයකම පූර්විකාව අපි හැමදාම දකින මානයන්ගෙන් එහා රැගෙන යෑමට සමත්.
මම මේ සම්ප්‍රදායික අරුතින් මිදී ගීයක වෙනස් අරුත් සෙවීමට පුරුදු වූයේ ප්‍රේමකීර්තියන්ගේ “සඳකැන් වැසිලා,අඳුරේ ගිලිලා“ ගීයෙන්.

අනෙක් අතට සබැදියේ ඉංග්‍රීසි ගීය නම් මාගේ කිසිදු ඉන්ද්‍රියකට ගෝචර නොවන බැවින් වෘතය හෝ සර්පිලාකාර බව ගැන කොමෙන්ට් නොකරමි.

The Lion said...

එළ නියමයි තිස්ස අයියේ ........:D

Anonymous said...

ඔතන උකුලු තලේ කිව්වට බැලෙන්නෙම පස්ස දිහානෙ.
පින්තූරෙත් සින්දුවත් පෝස්ට් එකත් ඔක්කොම ලස්සනයි.
හැබෑටම කොහෙන්ද අප්පේ මේ පින්තූරෙ ඉස්සුවේ.

Bindi said...

ගෑනු ළමය නම් ''ශ්‍රී ලන්කන් බියුටි '' කියල බය නැතුව කියතහැකි. මාරයා කිව්වම නේ කලේ අවුල තේරුනේ .
බොහොම ඇත්ත පොල්ලෙන් ගහන්නැහෙ කිව්වම කිසිම රසයක් නැහැ . ලස්සන ගීතය . කව්ද මේක ගයන්නේ කිව්වොත් හොඳයි නේද . අයිවෝ ඩෙනිස් මහත්තයද . හරිම රසවත් ගීයක්.
දෙවෙනි ගිය ගැන මක්ක කියන්නද .මගේ ළමයි දෙන්න ඔය වචන වැඩිය නොදන්නා හින්ද ගොඩින් බේරුනා . මටම උදේ පාන්දර වමනේ දාන්න බැරි හින්ද බාගෙට අහල නිකන් හිටියා . මෙව්වට වැඩිය මුකුත් කියන්න බයයි දෙය්යනේ . ඊට පස්සේ ඔය වචන එක එක අරන් මෙව්වා සිංහල බාසාවේ තියෙන වචන , මොකක්ද වැරැද්ද කියල ගුත්තිලෙන් උපමා අරන් එයි කට්ටිය . අපෙ වයසේ වැරැද්ද වෙන්ට ඇති තිස්ස . මට නම් ඔහොම කෙලින්ම කියද්දී අප්පිරියයි. අමරදේවගේ කුමරියක පා සලඹ සැලුනා ගීතය ඇතුලේ තියෙන්නේ ඔය ටිකම තමයි. ඒත් වෙනස එය රසවත්. හැබැයි මන් දකින දේ තව කෙනෙක් වෙනස් විදියට දකින්න ඇහැකි. මෙව්වා රස විඳිය හැකි අය වින්දාට මගේ විරුද්ධත්වයක් නැහැ .
කොල්ලෝ දෙන්නට සින්දු කීමට හැකියාවක් නම් තියෙන බව පේනවා . නව පරපුරේ හැම ගීයම නරක නැහැ . ''කිරිකෝඩු සිතට '' සින්දුව මන් හරිම ආසාවෙන් නැවත නැවත අහන එකක් .

මාරයාගේ හෝරාව said...

අම්මපා අයියේ මං මේ බින්දි කිව්වට පස්සෙයි අර දීලා තියෙන අනිත් ලින්ක් දෙක බැළුවේ.. බුදු අයියේ තෝ මගෙන් ඊ ගාව පාර ඔය සින්දුවට හඩා ලස්සනට අහගන්නවා..සංසන්දනය කරන්නවත් මීට පස්සෙනං ඔය රෙද්දවල් දාන්න එපා..මේ කරගෙන ආවා වගේ පරණ සින්දුවක් කියාගෙන හිටිං. දැම්මා මෙතන හිඟන පැටවු දෙන්නෙක්ගේ උලව්වක්.. (හිඟන මහත්වරු මට සමාව දෙත්වා අරුං දෙන්නා නිසා ඔබලාට සිදුවූ අපහාසයට...)

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත: ලස්සන සැමදේ... දෙනෙතට සුවදේ....
ඉතිරිය ඔබ දන්නවා නෙව...

මාහෝ: කිරි රස දන්නෝ... මව් හඳුනන්නෝ... ;-)

පැතුම් හර්ෂණ: සමහර තැන්වලදී මගහැර ගිහින් පසුව නිවැරදි කලෑකිත් නේද...?

විසිතුරු: ආයුබෝවන්ඩ...!

අභීත: හැමෝම කැමතියි වාගේ ඒකට...!

පසන්: පසන් කවියනම් සුපිරි ආ...

ජීවිතේ මල්: instincts සීඝ්‍ර දියුණුවක් ලබනා සැටියකි... රහස කිම...?

පූසා: වෙබ් එකේ කරක් ගහනකොට අසෙස් ගැටිච්චි දෙයක් සේයා... තැන නම් මතක නැ නෙව.. :-(

රූ: සඳකැන් වටිලා ගීයට පිටිපස්සේ ප්‍රේමකීර්තිගේ දුකකුත් හැන්ගිලා තියේ තමා...
"කිසිඳු ඉන්ද්‍රියකට ගෝචර නොවේ" සුපිරිම කොමෙන්‍ටුව... ජයවීවා..

The Lion : සිංන්හයෙකුට හොඳනම් ආයේ... ඩෝල්ටන් අල්විස් මහත්තයා බොහෝ සතු‍ටු වේවි...

ඇනෝ: දෙන්නම ඉතින් එක ලඟනේ ගෙවල්... :-)
පින්තූරේ නම් මතක නෑ අප්පා කොහෙන් හමුවුනාද කියා...

Praසන්ன said...

ලස්සනයි..... විස්තරයද, සිංදුවද, ගෑනු ළමයද? අනේ මංද.

හරී - පිණිපළස said...

ආයෙත් ආව මාර පිටුව හරහා, මම ඊයෙ කල්පනා කරා මොකෝ මේ තිස්ස අයියට වෙලා තියෙන්නෙ කියලා, දැං නේ බොලේ තේරුණේ :D

said...

තිස්ස අයිය මේක ගැන අහලා නැද්ද?
මේක නම් හැබැයි ලංකාවේ එකක් නෙමෙයි. සිංදු නම් මාත් අහලා නැහැ

http://www.discogs.com/Elio-E-Le-Storie-Tese-Elio-Samaga-Hukapan-Kariyana-Turu/release/2529790

Weni said...

මාරයගේ පෝස්ට් එකකින් පාර අහ ගෙන මේ අහ ආවේ..බස් වලදි දැකලා තිබ්බත් ඔබව..මටම තලා ගන්න ඕනි පොල් පිත්තකින් මේ බ්ලොග් එක නොදැක්කට.. කියවන්නම් සේරම ලිපි ටික ඉඩ ලැබෙන ලැබෙන විදියකට ! ලින්ක් එකේ ඉන්න දරුවො දෙන්න සහ ඒ අයගේ දෙමව්පියො!!! තණකොල ඇට පැල වෙන්න දමලා වී බලාපොරොත්තු වෙන්න ඇහැකියැ ??? අතීතය පොහොර කර ගනිමින් ගොඩනැගෙන අනාගතයේ දිශාව නම් සර්පිලාකාර අවගමනයක්ම තමයි...

SUSARA Wijeratne said...

තිස්ස
මම සාමාන්‍යයෙන් බ්ලොග් කියවනවා මිසක comment කරන්නේ නැහැ. ඒත් මේකට මොනවත් නොකියත් බැහැ.
මට කියන්න ඕනේ දේ මෙතන කිව්වොත් උඹේ බ්ලොග් එකේ මෙතුවක් කල් තිබුන සංයමය බිඳෙනවා. ඒක නිසා ආයෙත් හමු වුන වෙලාවකම කියන්නන්.
මේ වගේ දේවල් ගැන ප්‍රසිද්දියේ කතා බහ කිරීමත් මුන්ට අනුග්‍රහ දැක්වීමක්

kassa said...

ලඳ නම හොඳා ඒ උනාට අතේ නියපොතු දැක්කාම තමා බය හිතෙන්නෙ.(ඔච්චර දේවල් බලඩ තියෙද්දි උඹට ලොකු උනේ නියපොතුද කියල අහන්ඩ එපා )

priyantha said...

මොනවා කියන්නද..
වෙනදා වගේම උපරිමයි...:DDD

තිස්ස දොඩන්ගොඩ said...

බින්දි: ඔව් අයිවෝ ඩෙනිස් තමා... ඔබ කියන එක ඇත්ත... මිනිස්සු එහෙම තර්ක කරන්න කැමතියි... සමස්තයට ඒ වාගේ දේකින් වෙන බලපෑම පැත්තක තියලා වාද වල එල්ලෙන්න රුචියි... ඊට පස්සේ ඒ වාදවල තමන්ගේ සීමාවන් සංස්ථාගත ඕනෑම හර පද්ධතියක් වෙත පුළුල් කරනවා...
වචනයෙන් තේරුම් කරලා දෙන්න බැරි, "අපිට රකින්නය කියලා එහෙමට සංස්කෘතියක් තියනවද...?" කියල අහන පිරිස් බොහොමයක් ඉන්නව මේ සිංහල වෙබ් අවකාශය තුලම... ඒත් ඔවුන් ඉන්න කුඩා කණ්ඩායම් තුලට යම් යම් රීති ඔවුන් විසින්ම අඳුන්වලා දීලා තියනවා... ඒවාට අභියෝග කලොත් හෝ වුනොත් අර වාද (බයිලා) පැත්තක තියලා අවි අමෝරා ගන්නවා...
ගීත සාහිත්‍යයටත් "හැදෑරූ වදාරන්නන්" හෙවත් යහපත් විචාරකයින් අවශ්‍යවන්නේත් මේ පරිසරය තුලමයි...

මාහෝ: මල් සුපිපුණු අතු අග කවුරුද ක‍ටු තැබුවේ...?

ම: අහලා නෑ මල්ලී...

වෙනි: ආයිබෝං කීවා ඔන්න බොක්කෙන්ම බොස්... දරුවෝ ඉන්න අයට තමා මේකේ කම්පාව දැනෙන්නේ වැඩියෙත්තම...

සුසාර විජේරත්න: ආයුබෝවන්ඩ..බොහොම සතු‍ටුයි මේ පලාතේ ආවට... "බැද්දට මල් වරුසාවක් වත් වැහැලද...?" සතුටකුත් එක්ක ගෞරවයක් ඉතින් ඔබතුමා මේ පැත්තේ ආ එක...
පියසිරි විජේරත්න මහත්තයාගේ ලේ මෙව්වට උණු වෙන එක අහන්න දෙයක් නෙමේ...

kassa: ඝනකාභය හරවා හරවා බලන්න කාගෙන් තහනමක්දෑ...?

තිස්ස දොඩන්ගොඩ said...

ප්‍රසන්න: හෙහ් හෙහ් හෙහ්... ඔක්කොම සපිරුණාදෝ..!

හරී - පිණිපළස: දැන් ආයේ අලුතෙන් මොකවත් වෙන්නවත් වැඩි කාලයක් ඉතිරි වෙලා නෑ නෙව :-)

ප්‍රියා: වලව් පැත්තේ ලිං ගානේ එහෙම යනවා නෙවේ මෙව්වා කිය කියා... නිළමෙත් නපුරුයි.. ළමාතැනිත් නපුරුයි...

තිස්ස දොඩන්ගොඩ said...

ඕං අපේ "කතන්දරසූරී" මහ්තැන් පණිවිඩයක් එවා තිබ්බා කවුරුද් නුදුටු දෙයක් ගැන කියලා... [කොහෙදෑ රූපෙට වහවෑටුනා නෙව කස්ටිය]
උන්න්නැහේ මෙහෙම දෙයක් අහනවා...
"න සහ ණ වෙනස හොඳින් පේන්නේ ගොනා තන කයි කියන කොටයි... ල සහ ළ වෙනස සාමාන්‍යයෙන් තේරෙන්නේම නෑ.
හැබැයි මේ සින්දුවේ කල මහ පිණ කියන එක කළ මහ පිණ නොවුනොත් කල ගෙඩිය එක්ක පැටලෙනවා.ඒ එක්කම විගිලු කලේ සහ වතුර කලේ දෙකක්. උච්ඡාරණය කරණ විදිය වෙනස් නේද? මං හිතන්නේ විහිලු කළේ විය යුතුයි!.."
මටත් ඒ කාරණය ඉන්තේරුවෙන්ම මගෑරුණා.. සොයා බැලුවම වතුර ගෙනියන මැටි බඳුන නම් "කළය" වාගේ තමා, "වහරනු සෙරෙන් සපයා" අනුවත්...

ඔන්න තවත් හිතවතෙක් එවා තිබෙනවා බින්දි හා තවත් අය කියූ සොඳුරු යුවතිය ඉන්න ඉසව්වක්...

පැතුම්..... said...

පරණ සිංදුවයි අලුත් නඟයි එල... අලුත් සිංදුවත් එල... ජීවිතේ පළවෙනි වතාවට රේප් කරන කොට කියන්නේ මොනවද කියල තේරුම් ගත්තා....ඒ ගී පද සංකල්පනාව කාගෙද කියල හොයල බලන්න වටිනවා.... F වචන සුද්දන් නිතර දෙවෙලේ යොදන්නා සේම සුද්ද සිංහල වචන මෙසේ සමාජ ගත කිරීමට උත්සාහ දරණ මෙම අහිංසකයින්ට මෙසේ අනුබල දීම ඉතාම වැදගත්... හද ගී පොතට පැමිණෙන තරම් ම හිට්ස් ප්‍රමාණයක් එම ගීයටත් ලැබීම ගැන ඔවුන් අමන්දානන්දයට පත්වී තවත් මෙවැනි නිර්මාණ අප වෙත නුදුරේදීම ලබා දෙනු ඇත...

පරිකල්පන said...

වඳුරට දැලිපිහිය අහුඋනා වගේ තමයි. මේ උදවිය හිතාගෙන ඉන්නෙ බොබ් මාලෙ වගේ කොණ්ඩෙ වවල, එමිනෙම් වගේ තඩි ටී-ෂර්ට් එකක් ඇඳල, ප්‍රාඩෝ එකකට හේත්තු වෙලා තාලෙට කුණුහරුප කියන එක තමයි ගීත ගායනය කියල. කාට කියන්නද?

බස්සා said...

අපුරැ ලිපියක්... මෙච්චරකල් මං හිතාගෙන හිටියේ අපි වල පල්ලට යන බව දැනගෙන නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා කියලා... දැන් බලනකොට අපි පල්ලට යන බව තාම දන්නෙත් නැත්ද ? ඒක ප්‍රශ්ණයක්... ඒ ගීතයේ තේරැනේ වචන දෙකකි.. එම (ගීතයක් කියා හිතන එකේ) කැ.. සහ වේ... යන වචන දෙක පමනි..මුන් ලංකාවේ ජීවත්වත්වන්න විය නොහැක... කනගාටුවට කරැණ මේවාට "මාකට්" එකක් තිබීමය... අද එසේය.. අද මාකට් එක තියෙන්නේ "ගේමක් දීලා වැළිකඩ" යන උන්දැලාටය... අර්ථරසයට වඩා ශබ්දරසය වැළඳගන්නා සමාජයක ජහ්...ජහු...හේ..හේ... යනුවෙන් හරක් දක්කනන්ගෙන් පිරෙන දවස උදාවී ඇත..

ලිපියට අදාල නොවුනත්...සොඳුරැ යුවතිය යුවතිය ගැන යමක් කියන්ට සිතේ... ඇයව අපුරැවට අන්දා ඇත....මුට්ටියක් කළයක් කරමින්ද...පමනට වඩා ලොකු හැට්ටයක් අන්දමින්ද... බඩේ පදාසයක් පෙන්නමින්ද... ආර්ටිෆිෂල්" ගැමිකම විකුනන තවත් "මොඩ්ලර්" කෙනෙත් කර ඇත...අපිද හාම දේකටම කලින් බලන්නේද... ඇහැ යන්නේද එතැනටය... ඇයගේ මිල තිරණය වන්නේද ඒ අනුවය...

ලකී said...

සින්දුව නම් හැමදාමත් වගෙ හොඳයි....
මට දුක අර දෙන්නගෙ අහින්සක දෙමව්පියො ගැන..මෙලහකටත් හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඇති...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

සින්දුව කෙසේ වෙතත් පිංතුරේ නං එළ ......

Bindi said...

@ බස්සා..
අපේ ඇඳුම් ගත්තම බඩේ බාගයක් එළියේ කොය්කෙත්. ලමාසරියේ ඉඳන් උඩරට ඔසරිය දක්වා . ඔන්න මෙහෙ ඉස්කෝලේ UN දිනයට අපේ පොඩ්ඩෝ දෙන්නට ලමාසරි අඳින්න වුනා . ලොක්කි මට තර්ජනය කළා බඩ වැහෙන්න මහල දෙන්න කියල . 1 වසරේදී අන්ද ලමසරියේ බඩ පොඩ්ඩක් පෙනිලා ඉස්කෝලේ කොල්ලෝ කිව්වලු ඔයාලගේ ජාතික ඇඳුම s ....කියලා .
තව ලොකු ගනු ළමයි දෙන්නෙක් ඉන්නවා UK පුරවැසි වෙච්ච . එක්කෙනෙක් ඇන්දේ රෙද්දයි හැට්ටෙයි . බඩෙන් බාගයක් එළියේ . අතුත් නැහැ . අනික් එක්කෙනා ගුජරාටි වගේ මොකක්ද අමුතුම ඇඳුමක්. මන් තාම කල්පනා කරන්නේ ඒ මොකක්ද කියල . හොඳ වෙලාවට අපේ පොඩ්ඩෝ දෙන්න ජාතික කොඩිය ගෙනියපු එක තමයි සෙනග වැඩියම බලන් උන්නේ.
තිස්ස සමාවෙන්න මාතෘකාවෙන් පිට ගියාට . මගේ බ්ලොග් එකේ මේ ගැන ලියන්න බැහැ. නිකමට හරි දැක්කොත් . මෙතන මේ රෙද්ද හැට්ටේ ගැන කතාව ඇදිල ආපු නිසා කමක් නැහැනේ .
ඇත්තටම මගේ පුද්ගලික අදහස ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕන . ඕනවට වඩා වහගෙන උන්න කියල අපිට වෙච්ච අමුතු හැදියාවක් නම් නැහැ . කෙල්ලෙක්ට පාරේ තනියම යන්නත් තව තව අමාරු වුන එක ඇර. හැබැයි ජතික ඇඳුම කියල විශේෂයෙන් නියෝජනයක් කරද්දී යුතුකමක් තියෙනවා ඒකට ගරු කරන්න . ලෝකෙම රටවල් එන තැනක රට නියෝජනය කරන කොට ඒ වගකීම වැඩියි නේද

සොඳුරු සිත said...

බින්දි...
ශ්‍රී ලංකාවේ ළමා සාරිය ගත්තත්, සාරිය , ඔසරිය ගත්තත්. කොටට අදින , පේන්න අදින අනිත් ගැහැණු ඇඳුම් වලට වඩා , ඇඟ උළුප්පා නාරි ලතාව පෙන්වන ඇඳුම්....අඩ නිරැවත් ඇඳුම් වලින් දැනෙන ,ජුගුප්සා ජනකත්වයට වඩා සාරිය ඔසරිය නිසා ඇතිවන හැඟීම ප්‍රසන්නයි කියල මම හිතනවා.

අනික මොන ඇඳුම් ඇන්දත් ,දකින කෙනා දකින්නෙ තමන්ට ඕනි විදිහට.

තිස්ස දොඩන්ගොඩ said...

පැතුම්: මල්ලී බොහොම දරුණු අතුල් පහරක් එල්ල කලාදෝ මන්දා... ඒත් අඳුරේ අතපත ගාමින් යනකාලෙක, අපේ දරුවන් වැටෙන්න තිබෙන නරාවලවල් ගැනත් පොඩි පහේ ඉඟියක් දෙන්න කියා තමා බැලුවේ...

පරිකල්පන: ඒකනම් එහෙම තමා... :-(

බස්සා: මුඛ පරම්පරාගතව, දැනුමත්, ගැඹුරු දහමකුත්, කාලයක් තිස්සේ ඉදිරි පරම්පරාවට අරන් ආපු රටක් නේ අපේ රට...?
ගිණි පෙණිලි අලු වලින් වැහුනාම ලිප නිවෙන්න යනවා වාගේ පෙනේ... හොඳ දුම් බටයක් අරන් පිම්බාම අලු ඉවත් වෙලා ආයෙත් පබසර ගිනි දැල් මතුවේ...
යුවතිය ගැන නම් ඉතින් "නාරී.. දේහේ... රූපී.... සෘංගාරී..."

ලකී: පස්පංගුව වැඩකරාන එකකුත් නැතිවෙයිද ලකී.... :-)

බින්දි: මෙව්වා හැම එකක්ම එකිනෙක ඈඳිලා නෙව තියෙන්නේ... අපි හැට්ට ගැන කථාකරනවා... ගිනි මද්දහනේ පිටකො‍ටුවේ ටයි දාගෙන බෙල්ලටම හිරවී දෛනික ‍රැකියාවේ කාරියන් උදෙසා එහේ මෙහේ යන අය ඇත්තනුත් මේ අතර ඉඳී...

සොඳුරු සිත: ඇඳුම පැලඳුම් රට රටවල බිහිවෙන්නේ ඒ ඒ රටවල කාල ගුනය දේශ ගුණය අනුව කියලයි මට හිතෙන්නේ... කොයි දේත් මුදල් ඉපැයීමේ කාරියක් කරගත්තහම ඉතින් ඔව්වැයේ අගක් මුලක් සොයන්ට බැරි වෙනවා අන්තිමේදී... බස්සා කියන්ට ඇත්තෙත් මෙහෙම නොගැලපෙන අන්දමට යොදාගැනීමක් ගැන වෙන්නැති...

ඔය "තමන්ට ඕනි විදිහට" කියා හිතුවට, යම් යම් භාවිතයන් ඉස්මතු වෙන හෝ බලහත්කාරකමෙන් ඉස්මතු කරන වටපිටාවන් අනුව තමා ඒ "තමන්ට ඕනි විදිහ" සැකසෙන්නේ නේද...? ඒ වාගේ වටපිටාවක යහපත් විචාර කලාවක උදව්ව සිංහල ගීයේ උන්නතිය වෙනුවෙන් ඕනෑමය කියන එකම තමා මේ පෝස්ට් එකෙන් මම කියන්න හැදුවෙත්...

කතන්දර Kathandara said...

කවුද ඩෝ ඔය දැරිවි ගෙනියන එකට මුට්ටියක් කියන එකා?
ඕක රා කළයක්!

මාරයාගේ හෝරාව said...

රා කලේටත් සාක්කි කාරයෝ ඇත කිව්වළු...:D:D:D
ගෂ් මුෂ්ටි=රා කලෂ් තමා අප්පා...

සොඳුරු සිත said...

ගස් මුට්ටි කියන්නේ රා කළ තමයි...

පැතුම්..... said...

තිස්ස අයියේ, හිත රිදෙන්න කිව්ව නෙවෙයි... ඔයාගේ අරමුණ ගැන කිසි අවුලක් නෑනේ.. හැබැයි මේ දවස් ටිකට ඒ සිංදුවට ලැබිච්ච හිට්ස් නිසා හදපු කට්ටිය උඩ යෑම ගැන තමයි මට හිතුණේ...

බස්සා said...

@ බින්දි හා සොඳුරැ සිත...සාම්ප්‍රධායිත ඇදුම සහ එහි භාවිතය ගැන වෙනම කථා කල යුතුයැයි සිතමි..මගේ ලොකු පුතාගේ පරිසරය පොතේ ඇඳුම් ඇත්තේ විළි වසා ගැනීමට බව නම් තිබු බව මතකය... මා ද ඒ පාඩම මගේ පරිසරය පොතේ කියවා තිබේ.. මගේ දුව ලොකු ළමයෙකු වු දාට ඇයට බඩ නොපෙනෙන ළමා සාරියක් අන්දමි... අනිත් උන් ඕනෑ මගුලක් ඇඳගෙන ගියාට මට කම් නැත...ඇන්දීමි වර්ග දෙකක් ඇත... එකක් ඇඳුම් අන්ඳීමය... අනෙක මෝඩයාට හෝ ගොනාට ඇන්දීමය... අපි බොහෝ දෙනෙක් අදින්නේ ඔය දෙවැනි ඇන්දීමය...

මට අමාරැව ඇත්තේ ඒ ඇන්දීම ගැනය..

ජීවිතේ මල් said...

දශක කීපයක් ඇතුලත ෆෝන් එක කෝල් ගෑනීමට භාවිත කරන උපකරණයක සිට අද විවිධ සුකුරුත්තම් තියෙන ඇවිදින මල්ටි පර්පස් ටූල් එකක් වූවා නම් ,
වසර දාස් ගානක් මුලුල්ලේ 'ඇඳුම' විලි වැසුම් රෙදි කැබැල්ලක සිට මේ තාක් දුර ආ එක ගැන පුදුමයක් තියේද එක අතකට ?

Chandi said...

මේව මෙහෙම උනාම ඒව කරන අය තව උඩ යනවා නේද? තිස්ස. පැරණි ගීතය නම් හරිම රසවත්. මේ දේ ගැන කවුරුත් බලන විදිහ තමයි වැදගත් වෙන්නෙ. කොහොම උනත් රට යන අත නම් ඒ..... වගේ.

බිඟූ...! said...

කෙල්ලගේ මූණ විතරනේ ලස්සන....
හික්ස් කිව්වලු

ලොකු පුතා said...

අදයි මුලින්ම මෙහෙට ගොඩ උනේ...
ලොකු කතාවක් නොවැ මෙතන.
මමනම් ඉතින් සින්දු අහනන්නෙත් ටිකක් අඩුවෙන් තමයි
හැබැයි ඇහුවත් අහන්නේ පරණ සින්දු...
අලුත් සින්දුනම් ඕනෙම නැහැ.
මට මේ ලඟදි මරු වැඩක් උනා...
මම දැක්ක යාලුවෙක් මුහුණු පොතේ අර "භා", "සං"... දෙන්නගේ සින්දුවක් දාල තියෙනවා
හිත නිමෙන ගී.. කියලා ටැග් කරලා

මට ඒක දැක්කහම නිකන් මහ දවල් අවතාරයක් දැක්ක වගේ වුනා.
ඔන්න ඔහොමයිලු දැන් කාලේ වැඩ

Post a Comment

 
Blogger Wordpress Gadgets