කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවමාරුවක් පසුගිය ගීයත් සමග සිදුවුණි. සිංහල කණ්ඩායම් සංගීතයද ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයක් නැතිවම ආරම්භ වුණද, පසුව එයින් ලද යම් අනුග්‍රහයක් නිසා උපරිමයකට නතුවී "සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ" මෙන් දැන් නැත්තටම නැතිවී ඇත්තාසේය. හුදෙක් පුද්ගලයන් සමූහයක් එක්ව කරන ගායනයක්, වාදනයක් කණ්ඩායම් සංගීතයක් ලෙස ගැනිය නොහැක්කේය. කණ්ඩායම, පුද්ගලයන් ඉස්මතු නොවී, කණ්ඩායම ලෙස ඉස්මතුවී පෙනෙනා නිර්මාණ තුලින් බිහි කරන සංගීතයෙන්ම එහි අනන්‍යතාව රඳවාගනී. සංගීත කණ්ඩායම් බිඳී යන්නට මූලික හේතුවක් ලෙස, පුද්ගලයින් කණ්ඩායමෙන් ඉස්මතුව ගොඩනගා ගන්නා ප්‍රතිරූපය ගැන කරගන්නා අධි තක්සේරුවකුත් හේතු වේයැයි මට සිතේ. සංගීත කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, පවත්වා ගෙනයාම, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීම අධික පිරිවැයක් සහිත කාරියකි.
සිංහල කණ්ඩායම් සංගීතය, ලොස් කැබෙලෙරොස්ලා ගෙන් පටන්ගෙන, ලා සිලොනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, සමනළයෝ, මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස් හරහා පසුව ජිප්සීස්, ශක්ති, සිහ ශක්ති හරහා මේරියන්ස් ලාගෙන් ඉවර වුණි යැයි සිතිය හැක.
සන්ෆලවර්, ෆෝචූන්ස්, ෆ්ලැෂ්බැක්, අපසරාස්, මාරිම්බා, [ගෙම්බා කියා එකකුත් ඇතිද?] "සංගීත කණ්ඩායම්" මිසක "සිංහල කණ්ඩායම් සංගීතයේ" කොටස් කරුවන් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ
සිංහල කණ්ඩායම් සංගීතයේ අවගමනයට බලැපෑ, ආර්ථික කරුණු, ප්‍රාසාංගික කලාවන් ඇහිරීම, "සාහිත්‍යය කන්ඩද?" වැනි සංකල්ප, පසෙක තියෙද්දී අප නැවතත් ලංකාවේ සංගීත වියතුන් "සිංහල කණ්ඩායම් සංගීතය" ගැන තුබූ දැක්ම හා ඒ පිලිබඳ ඔවුනගේ විචාරාක්ෂිය, අතීතයේ යොමු වූ ආකාරය සොයා බැලීම අද දවසේ අංකුර සංගීත නිර්මාපකයින් හඳුනා ගැනීම, ඔවුනට අතදීම, අගය කිරීම, සම්බන්ධයෙන් කෙතරම් වටීදැයි සොයා බැලීමට අවස්ථාවක් වන්නේය.
[පිටුව 114] "ගුවන් විදුලි සංගීතය උසස් තලයකට නැංවීමට ප්‍රමිති ගත කිරීමට අනූපමය මෙහෙයක් කළ එහි සංගීත පාලක පී ඩන්ස්ටන් ද සිල්වා කණ්ඩායම් සංගීතය පිටු දුටු ප්‍රධාන උද්ඝෝෂකයෙක් විය. සිංහල සංගීතයට බටහිර සංගීතය මුසු වීම නො සිදුවිය යුත්තකැයි ඔහු විශ්වාස කළේය. ඩන්ස්ටන් ද සිල්වා, ජෙරාල්ඩ් වික්‍රමසූරියට [සූරිය ලේබල් තැටි නිශ්පාදක] කියා සිටියේ ඔහුගේ ලේබලයෙන් එන කන්ඩායම් සංගීතය විෂ බවත් ඒවා කසල ගොඩට විසිකල යුතු බවත්ය. [පිටුව 115 ] ඩන්ස්ටන් ද සිල්වා අතුලු සම්භාව්‍ය සංගීත කරුවන් කණ්ඩායම් සංගීතය හැඳින්වූයේ "තුප්පහි සංගීතය" යන නමිනි."
[පිටුව 115] "බටහිර සංගීතය ප්‍රියකලද කණ්ඩායම් සංගීතය ප්‍රිය නොකල කේමදාස 'සරසවිය' පත්‍රයට ලිපියක් ලියමින් මෙසේ කියා සිටියේය. 'මාගේ ලොකුම විරුද්දත්වය මේ වාගේ විකාර දේවල් කණ්ඩායම් සංගීතය ලෙස හැඳින්වීම ගැනයි. මේවාට සංගීතය කියන වචනය යෙදීමත් නින්දාවක් මොවුන්ගේ ගීත වල සාහිත්‍යයක්වත් සංගීතයක්වත් නැහැ. ඇත්තේ එකම හඬක් ඔස්සේ කරන ඝෝෂාවක් පම්ණයි. .... මේ නවීන විකාර දේවල් බටහිර සංගීතය ලෙස හැඳින්වීම බීතෝවන්, ශූබ'ට් වැනි බටහිර සංගීතඥයණයනට කරන නින්දාවක්"
[පිටුව 115] "ප්‍රවීණ සංගීතඥයකු වන සෝමදාස ඇල්විටිගල 'සරසවිය' පුවත් පතට - අලුත් සංගීත කණ්ඩායම් නිසා සිංහල සංගීතයට වෙලා තියෙන්නේ විශාල හානියක්. මෙය අපේ දේශයේ සංගීතය ට බෝවුණු වසංගතයක් වාගේ... මේ සංගීත කල්ලි වල සමහර ගීත අහගෙන ඉන්න බැරි තරම් කංකරච්චලයක්. හැම තිස්සේම වාදනය කරන්නේ කිසිම විවිධත්වයක් නැති එකම රිද්මයක්."
[පිටුව 116] "...අමරදේවයෝ මෙසේ කීහ - නා නා විද මිනිස් කොටස් වලින් සැදුම් ලත් අපේ සමාජයේ කණ්ඩායම් සංගීතය වැනි දෙයක් බිහි වූයේ ඊට ප්‍රිය කරන එක්තරා කොටසක් සිටි නිසයි. ඔවුනටත් සංගීතයක් තිබිය යුතුයි. හැමදෙනාගේම රස වින්දනය එක මට්ටමක නැහැ. අපේ සංගීතයේ භාහිර ලක්ෂණ ඒ ඒ කාලයට අනුව වෙනස් වේවි. එහි මූලික හරය හැමදාම නොනැසී පවතීවී..."
[පිටුව 116] "ෂෙල්ටන් ප්‍රේමරත්න - සංගීත කණ්ඩායම් නිසා අපේ දේශීය සංගීතයට හානියක් වන්නේ නැහැ. සමාජයට අවශ්‍ය දෙයක් තියනවා නම් එය සමාජයේ ජීවත් වෙනවා. සමාජයට අනවශ්‍ය නම් නිරායාසයෙන්ම නැතිවෙලා යනවා. සමාජ විපර්‍යාස සීදුවන මෙවනි කාලයක මේ අලුත් සංගීත කල්ලි ජනප්‍රිය වෙන්න හේතුව එවැනි සංගීතයක් සමාජයට අවශ්‍ය නිසයි. ඒවායේ වචන වලට වඩා බලපාන්නේ රිද්මය. මිනිසුන්ට ඒකාකාරී බවෙන් මිදෙන්ට අවශ්‍යයි. එක් එක් අවස්ථාත් සඳහාත් එක් එක් විදිහේ සංගීත ශෛලීන් අවශ්‍යයි. එකම දේකින් සියල්ල පිරිමහා ගන්න බැහැ. මේ බටහිර ශෛලියේ ගීත අපේ රටේ ජනප්‍රිය වීමට එක් හේතුවක් මේ මිශ්‍ර ජාති රිද්මයයි... මේ අලුත් සංගීත ක්‍රමය නරකයි කියල බැහැර කළයුතුයි මට හිතෙන්නේ නෑ. මන්ද ඒ ගීතවල එක්තරා ක්‍රමවත් රටාවක් ශාස්ත්‍රීමය හරයක් තිබෙන නිසා.."
ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.
ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.

පහත උධෘතයන් මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" පොතිනි

[උධෘතයන් නිමයි]
ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.
ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.
ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණමිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...
බොලඳ සිතුම් ඉවතට යයි...
වෙළඳ පැතුම් අහකට වෙයි...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී ...
සිලිටි දෙතොල් හිතට නැගේ...
දිගටි දෙනෙත් පියාසලයි..
හදවතේ යහන් මලුවේ..
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
හදවතේ යහන් මලුවේ...
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණ මිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.
hi Thissa,
ReplyDeletewhy dont you add the Sinhala converter to this blog which developed by Danika. It is really helpful to those guys who dont have Sinhala fonts in their office PCs'.
Dear Friend: will do it right away. Was planning to do that many times. Extremely thankful for reminding.
ReplyDeleteඔය විචාර කරන කට්ටිය කරන්නෙ තමන්ට හරියි කියල හිතන දේ කියල දාන එකනෙ. ඒක හැමෝටම ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවං.
ReplyDeleteජෝතිපාලත් පීචං ගායකයෙක් කියලනෙ ඒ කාලෙ කිවුවෙ.
ලස්සන සිංදුවක් තිස්ස.
ඔව් ප්‍රසන්න නමුත් කලින් එකේ කීවා වාගේ අලුත් අයට වාගෙම රසිකයින්ටත් විචාර හොඳ නිර්මාණකරනයට මග පෙන්වනවා. ඒත් විචාරකයින්ටත් දැනුම, පරිචය වාගෙම ඉදිරි දැක්මකුත් ඕනේ කියලා හිතෙන්නේ උඩ තියන විචාර දැක්කම. අමරදේවයන්ටත් ෂෙල්ටන් ප්‍රේමරත්නයින්ටත් ඒ දේ නොඅඩුව තිබුණා කියා සිතේ.
ReplyDelete@Mayya: Job Done dear - Thanks again
මට නං මේ සින්දුවේ පදවල අර්ථයක් නෑ.
ReplyDeleteඔගස්ටස් ලියපු සින්දු සාමානයෙන් අමුතුයි. අමරදේව ගේ "නිම්හිම් සෙව්වා මා සසරේ", විජය ගේ "ගඟ අද්දර මා", නීලා ගයන නිමල් මෙනඩිස් ගේ "මාස්ටර් සර්" ගීතයේ පරිවර්තනය, මිල්ටන් ගේ "උපුල් නුවන් විදහා" - මතකයට නැගෙන කීපයක්.
ඔව් කසූ ඒ කාලේත් තිබ්බ ලොකු චෝදනාවක් තමාලු අරුත් සුන් වචන ඔබා ගීත නිපදවීම. ඒත් මේකට මම පැරැණි උදාහරණයකින් අදහසක් ගෙන එනවානම් - "හයිඩ්‍රජන්" හෝ "ඔක්සිජන්" ගුණ ඇසුරෙන් ජලයේ ගුණ නොකී යුතු - යන්නයි...
ReplyDeleteෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ අදහසට මාත් එකඟයි.
ReplyDeleteබොහෝ කලා මාධ්‍ය ඇති නිසා පෙරට වඩා සංගීත විචාරකලාව තර්කානුකූලව දියුණුවිය යුතු වූවද අද එසේ නොවී තිබෙන්නේ ඇයිද යන්න විමසිය යුතු පැනයක්.
ගීත අසනවාට වඩා බලෙන් ඇස්සවීමට සලස්වන නිසාත් ගීතයේ ප්‍රචාරය මුදල් මත රැදී තිබීමත් මෙයට හේතුවිය හැකියි. මේ කිසිම දේකට වඩා අසන්නන්ගේ මතයට ඉඩක් නැතිවීමත් හේතුවක් විචාර කලාවේ පිරිහීමට හේතුවක්.
කණ්ඩායම් සංගීතය ගැන බොහෝ වාද විවාද ඇති සමයක ක්ලැරන්ස්ගේ ඇනස්ලිගේ සහ සිහ ශක්තිගේ ගී අප මනාව රසවිදින්නේ ඒවා අපේ නොදැන සිටි අපේ රස නහර ස්පර්ශ කරන නිසා විය හැකියි.
ස්තුතියි බ්ලොග් මානයේ ඇස නොගැටුනු කතිකාවක් ඇති කලාට..
සහතික ඈත්ත රූ.
ReplyDeleteමිනිස්සු අමුතුවෙන් යමක් හිතන්න කරන්න කම්මැලි වෙලාද? වෙබ් අවකාශයේත් බලන්නකෝ. ආප්ප බානවා වාගේ පෝස‍්ට් දානවා. අසන්නන්ටත්, කියවන්නන්ටත්, අහන්නටත් කියවන්නටත් පිපාසාවක් ඇතිවේවිද එකකොට? අහන යමක් කියවන යමක් ටිකක් ඇඟට වදින්න කාලයක් ඕනෑනේ. විචාරකයින්ටත් වුනේ මේකමද? ටිකක් නිවිහැනහිල්ලේ විමසලා බලන්න ඉස්සරම උඩින් පල්ලෙන් අතගා විචාරන්ට හදිසි වීමද?
පෝස්ට් එක දිග වැඩි වන නිසා කියන්නට හිතා හිටි යමක් ඔබ ආයේ මතුකලා. ඒ නම් "සිංහල කණ්ඩායම් සංගීතය" හරහා ඉස්මතුවුණු පුද්ගලයින්... නෙවිල්, එරල්, ධර්මරත්න, ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල් භාරතී, සුනිල් හා තවත් බොහෝ අය..
සංගීත කණ්ඩායම් සම්බන්ධව කියන්න මහලොකු දෙයක් දන්නේ නැහැ
ReplyDeleteඒ වුනාට ඔය කොයි දේටත් කැමති මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවනේ, ඒක ඔය ප්‍රබුද්ධ උදවියත් කිව්වා කියල තියෙන්නේ ඒ කාලේ
මොනවා උනත් මේ සින්දුවට මමනම් කැමති නැහැ....
විචාරයන් අතරින් අමරදේවයන් හා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දුටු හැටි මොනතරම් නම් හරවත් ද? ප්‍රවීණයන් මොනවා කිව්වත් අදටත් රසවිඳින්න පුලුවන් විදියට කණ්ඩායම් ගී සරළයි, සුන්දරයි.
ReplyDeleteගල්මුල් වරුසා මැද ක්ලැරන්ස්, මාලේවන එකතුව හින්දි හන්දියෙන් වෙනතකට අපේ සංගීතය හැරෙව්වා කියන අදහසේ මං ඉන්නේ. මොනවා කිව්වත් රසය සාපේක්ෂයි නොවැ.
ලොකු පුතා: දැනගන්න පටන් ගත හැකි මේකෙන්.. :-)
ReplyDeleteගල්මල්: අන්න හරි මහත්තයෝ.. මටත් පුද්ගලිකව හිතුනේ ඕකම තමා..
රස සාපේක්ෂ නිසාමයි විචාරකයින් බුද්ධිමත්, දැනුවත්, දැක්මකින් සමන්වියයුතු.. එහෙම නේද..?
මම නම් ඔය හැම වර්ගයෙම සංගීතයට, සින්දුවලට ඇහුන්කන් දීලා සහෘදයෙක් වෙන්න බලනවා..නවනළු රසයම විඳින්න බැරි නම් ආනන්දයෙන් ප්‍රඥාවට කොහොම වඩින්නද මන්දා ?
ReplyDeleteමම පුටුවෙන් නැගිටලා අප්පුඩියක් ගහනවා තිස්ස ඔබේ මේ කතාවට නම් "ඔක්සිජන් හා හයිඩ්‍රජන් ගුණ ඇසුරින් ජලයේ ගුණ නොකී යුතු "
ඔව් වෙනී.... අමරදේව මහත්තයා ඔය "අනාන්දයෙන් ප්‍රඥාවට" කථාව බොහොම ලස්සනට කියනවා.. එතුමා තමන්ගේම ගීයක් සරසවියෙන් "මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" බවට පත්වීම ප්‍රසිද්ධ සභාවක කීවේ මහත් සේ සිනාවෙමින්.... ඒ මිනිස්සු නම් හැබෑවටම අපේ පිනටම උපන් අය....
ReplyDeleteඅපි ඉස්සර ගෙදර ඉන්නදාට දවල් රේඩියෝ එකේ කණ්ඩායම් ගී ඇහුවා . මගේ ප්‍රියතම සංගීතය එක නොවුනත් සමහර සින්දු ලස්සනයි . පොඩි ඒකාකාරී බවක් තිබුන සංගීතයේ . හැබැයි දැන් හැදෙන සමහර සින්දු වලට වඩා එව්වා හොඳයි . තව කාලයක් ගියහම දැන් සින්දු හොඳයි කියල හිතෙයිද මන්දා . මැදහත් විචාරයක් අවශ්‍යයි . හැබැයි බොහෝ විට විචාරයකින් වැඩක් ගන්නවද කියන එක නම් ප්‍රශ්නයක් . ජිප්සිස්ලගේ සමහර ගී වලට මන් කැමතියි . බොහොමයකට අකමැතියි . රස වින්දනය සාපේක්ෂයි . හැබැයි මන් බය නැතුවම පිළිකුල් කියන එක සින්දු ජාතියක් තියෙනවා . බස් වල නිතර දාන කට්ටියගේ සින්දු . අන්න ඒ ගායකයින්ට කියක් හරි දීලා සින්දු කියන එක නවත්වන්න හරි බස් වල කැසට් දැමීම තහනම් කරන හරි වැඩපිළිවෙලකට මගේ සම්පුර්ණ සහය .පුද්ගලිකව ඇහුවට අපිට කමක් නැහැ . අපිව බේරලා .
ReplyDeleteකණ්ඩායම් ගී ගත්තොත් සමහර හෝටල් වල විශේෂයෙන් මුහුදු බඩ සින්දු කියන කුඩා කණ්ඩායම් බොහොමයක් හොඳයි . [ලඟදි ඇහුවේ නැහැ ]. හැබැයි ඒ අය කියන්නෙත් බොහෝ විට පරණ ගී තමයි . දැන් කණ්ඩායම් වලට වඩා දෙන්න සින්දු කියන එකයි කලාව .
නර්තනයේ යෙදෙමින් ගී ගයන කණ්ඩායම් කොරියාවේ ජනප්‍රියයි . මේ කොරියන් කණ්ඩායම් තමයි මේ කලාපයේම අලුත්ම විලාසිතාව . වියට්නාමයේ නම් අමු අමුවේම කැතක් නැතුවම කොපි කර ගන්නවා .
මේ තිස්ස කියන සින්දුව හොඳට අහල තියෙනවා . කණ්ඩායම් ගී ගැන එදා මගේ තිබ්බේ බයිලා වලට වඩා කැමතියි කියන අදහසක් . බයිලා වලට ආසම නැහැ . හැබැයි එදා කණ්ඩායම් ගී අද අහද්දී ලස්සනයි කියල හිතෙනවා .
ඔබ අපේ කතිකාවට යස අනුපාන සපයනවා බින්දි මෙතැනට යන්න එන්න පටන් ගත් දා සිට.
ReplyDeleteසියලු දේ සාපෙක්ෂව දැනෙන කල, යහපත් සම්මුතීන් ගොඩනගා ගෙන ආනන්දයෙන් ප්‍රඥාවට හෙමින් සීරුවේ මිනිහා පොලඹවන එක තමා විචාරකයා සතු කාර්‍ය භාරය... මට හිතෙන හැටියට.
"බයිලා" ගැන නම් දැන් හැමෝම දන්නවා වුනත් ඒ ගැනත් පසුව සටහනක් තබමු නේ බින්දි?
අනේ මන්දා අයියා මේවා කොහෙන් හොයන් එනවද කියා. අපූරුයි අයියේ. හරිම අපූරුයි.
ReplyDeleteඅපේ කණ්ඩායම් සංගීතයේ කියන්නේ සරල ගී වලත් සරලතම ගීත යැය් කෙවොත් මා වැරදි නැතිව ඇති. ඒවායේ සාහිත්‍යමය පැත්ත ගැන එතරම් සැලකිල්ලක් දක්වා නොතිබුනත් ප්‍රිය සම්භාෂණයක රසවත් කිරීමට අවශ්‍ය සැහැල්ලුව තිබුණා . ( අද තියෙන ඒවා කොහොමද)
ReplyDeleteමම මේ කොමෙන්ටුව ලියන්නේ ඒ ගැන කියන්ට නම් නොවෙයි . තිස්ස ලිපිය පටන් ගනිත්දිම කියා තිබු දෙයක් ගැන කියන්න. ඒ තමා අපගේ ගීත වලට යහපත් විචාරයක් නොමැති කම. ගීතයක් රසවිඳිනව කියන්නෙයි ගීතයක් අහනව කියන්නෙයි එකක් නොවෙයි. ගීත රසවින්දිනට යම් දැනුමක් සහ සමහර විට සංවාදයකුත් අවශ්‍යයි. අන්න ඒ සංවාදය ඇතිකිරීමේ ගෞරවය ඔබට හිමිවිය යුතුයි.
මෙම ලිපියේ තවත් තිස්ස කෙනෙකුන් ගැන සදහන්.
තිස්ස අබේසේකර මහතා.
එතුමා නියැලී සිටි අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර නිසා එතුමාගේ ගීත විචාර ගැන කතා වෙන ව අඩුයි .
ඒත් මම හිතන්නේ සිමා මායිම් ( පෙරදිග , බටහිර , ඉන්දියානු ආදී ) නැතිව හොඳ සංගීතය විඳීමට හැකියාව තිබු සහ එම රසය බෙදා හදා ගැනීමට හැකියාව තිබුණු හොඳම සංගීත විචාරකයා තිස්ස අබේසේකර . ඊට අවශ්‍ය තන්වැසි බවත් විවිධ සංගීත පද්ධති හා ක්‍රම පිලිබඳ ප්‍රමාණික දැනුමකුත් එතුමාට තිබුණා (එවැනි දැනුමක් ඇතිව දැනට සිටින සංගීතඥයෙකු නොවන අනෙක් කෙනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් )
කොහොම නමුත් තමන් විඳිනා දෙය අනුන් සමග බෙදා හදා ගන්න එක තිස්සලා ගේ හැටියක් වෙන්න ඇති
සුසර මහත්තයෝ ඔබ මට මේ පෝස්ට් දෙකෙන්ම කියන්නට අවශ්‍යව තිබූ දේ එක මිටට අරන් කීවා...
ReplyDeleteහෑබෑටම තිස්ස අබේසේකර මහත්තයා අපට හිටි හොඳම තිර නාටක රචකයෙකුත් නේද..? ඔහු හරි අදීනත්වයක් පෙන්නුම් කලා ඔහු කල කී දෑ මොකවුවත්...!
සුනිල් ආරියරත්න මහත්තයාත් සංගීත විශාරද විභාගය සමත් වූවෙක් බව මම මේ මෑතකදී දෑනගත්තා...
බොහොමත්ම ස්තුතියි මහත්තයෝ මේ වැඩේ කරන්න යන්න ඔබ වැනි අය අපව උනන්දු කරනවාට.....
ප්‍රියන්ත මලේ මම පොඩි කාලේ රේඩියෝ තාක්ෂණික විද්‍යාව ඉගෙන ගන්න පිපාසයක් තිබුණා... ඉතින් කොයි ගෙදරට ගියත් "කැඩිච්චි රේඩියෝ තියනවද" අහන්න පුරුදු වෙලා හිටියා.... ඒ අපට මම කුඩාකල තිබිච්චි ආර්ථිකයත් එක්ක ඒවාට අදාල කෑලි ගන්න මුදල් නැති නිසා, කැඩිච්චි අහකදාපු රේඩියෝ වලින් එව්වා ගලවා ගන්න... දැන් කරන්නේ පරණ සින්දු සොයන එක... නිවාඩුවට ආහම ගෙදර කට්ටියත් එක්ක එළි පහලියට ගියහම ඒ ගොල්ලන්ට ඒ වැඩ කරගන්න කියලා මම හීන් සීරුවේ කැසට් කඩ ගානේ කරක් ගහනවා.. දැන් ගෙදර ඇත්තෝ කියන්නේ "පුතේ තාත්තා පේන්න නැත්නම් ඔය අහල පහල කැසට් කඩවල බලන්න.." කියලා.. ඉතින් සින්දු එකතු වෙන එක අහන්න දෙයක්ද..? :-)
ReplyDeleteඅනේ මන්දා බන් මම නම් මේ කන්ඩායම් සංගීතයට බොහොම කැමතියි . .
ReplyDeleteඑකම දේ අහනකොට එපා වෙන්නත් පුලුවන්නේ . . මී පැනි වුනත් හැමදාම කනකොට තිත්ත වෙනව කියලා කතාවක් තියෙනවනේ . .
මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ අහලා තියෙනවා කියලා මතක් උනා අයි අහද්දී . .
සම්භාව්‍ය උත්තර දෙන්නෙ තේරෙන්නේ නෑ...මම නම් කණ්ඩායම් සිංදු අහන්න එච්චර ආස නෑ... ට්‍රිප් යනකොට තියෙන කණ්ඩායම් සංගීතෙට නම් ආසයි......
ReplyDeleteගීතයෙ අතීතය ඉගෙන ගනිමින් පවතින්නෙ නම් මේ කාලයෙයි. වැඩියක්ම හද ගී පොතෙන්.
ReplyDeleteමම ගීයක සුරුවම් බව කියන ගුණාංග ගොඩක් නම් දන්නෙ නෑ. ඒත් මම සොඳුරු ගීතයක් කියන ස්කේල් එකට වැද්ද ගන්න ගී ගොන්නට , ඇතැම් විට අද කාලෙ බිහිවන ඉතාම ලයාන්විත ඉතාම ස්ලෝ, ඉතාම හැඟුම්බර ගීත උනත් පෑහෙන්න නෑනෙ.(තිබුනත් ඒ කිහිපයක්. ඒ කිහිපය උනත් ආයෙ ආයෙ අහද්දි එපා වෙන්නෙ ඇයි?? - කොහෙද මොකක්ද අඩු??? මොකක්දෝ අඩුවක්)
මේ ගීතය ඇත්තෙන්ම මගෙ මතකයේ මැකිල ගිය, ඉස්සර රේඩියෝවෙ හරිම ආසාවෙන් අහපු ගීයක්. සයිබර් අවකාශයේ නම් මේ ගීය ඇහුන සංවාදයක් දුටුවමයි.
හදවත හා සුසර වන තාලය , හඬ සහ අරුත මේ ගීත වල කොහොමෙන්දෝ අපූරුවට සුසර වෙනවනේ. ඒ නිසාම මේ වගෙ ගීත හද ගැස්මට හරි සමීපයි කියලයි මට හිතෙන්නෙ. අයිවෝ ඩෙනිස්ගෙ හඬට තමයි මම නම් පොඩිකාලෙ කැමතිම.
මේ වගෙ පෝස්ට් නම් බ්ලොග් පිටුවකින් එහා ඉමට (පොත් පිටුවකට) යා යුතු බව තමයි මගෙ හැඟීම..
ජය!
@පැතුම්: මටත් තේරෙන්නේ නෑ මලේ. මම සම්බන්ධයෙන්නම් ඒ මම ඒ හැටි පොත පත කියවා, නිර්මාණකර්ණයේ නොයෙදුනු නිසා.
ReplyDelete@ජීවිතේ මල්: "ඒ කිහිපය උනත් ආයෙ ආයෙ අහද්දි එපා වෙන්නෙ ඇයි?? - කොහෙද මොකක්ද අඩු??? මොකක්දෝ අඩුවක්" The million Dollar Question - ✌
මේ ගීතය රහස් දූපත චිත්‍රපටයේ ද? පැංචා චිත්‍රපටයේද?
ReplyDeleteමේ ගීය 1969 දී තිරගතවූ "පැංචා" චිත්‍රපටියේ ගීයක්. "රහස් දූපත" 1967 දී ප්‍රදර්ශනය වුණෙ. එහි සංගීත නිර්මාණය නෙවිල්ගෙ. රුක්මනී ගැයූ ගීයක් එහි තිබුණා. රචනය ඒ. ජේ. ද සොයිසා. මිමී 16 චිත්‍රපටියක් වූ මෙහි විස්තර පූර්ණ වශයෙන් සංරක්ෂණය වී නැහැ. ගීය ගැන වැඩිමනත් තොරතුරු කියන්න දන්නෙ නැහැ.
ReplyDelete