සක්කාය දිට්ඨි...!

"සියලු ආගම් වලින් කියැවෙන්නේ හොඳ දේය" ඔව් හෝ නෑ කීමට ඉක්මන් නොවෙමි... "මා" බුදු දහමද දන්නේ යන්තමිනි... ඒ යන්තම් දැනුමේ "මා සිත්" ගන්නා බොහෝ දේ ඇත... එකක් නම් ඉහත කී අඩංගු වාක්‍යයේම අඩංගු වන "මා සිත්" යන්නට මුල් වන "සක්කාය දිට්ඨිය" පිලිබඳ විස්තරයයි...

රෝහණ බැද්දගේ කලකරුවාණන් දිනක් රජයේ රෝහලක හෙදියන් සඳහා "සංගීතයෙන් මානසික සහනය" වැඩමුලුවක් පැවත්වුවා... මෙය රූපවාහිණියෙන් පෙන්වද්දී "මට" එය නැරඹීමට අවස්ථාවක් ලැබිණ... ඔහු එහිදී අපූරු කථාවක් කළා... "මට" මතක හැටියට ඒක මේ වාගෙයි....
"දැන් ඔන්න අපි මේ හීන දකිනවා... හීනෙන් පොල්ගහකින් කුරුම්බා බානවා.. පිහියෙන් වෑවරය කපා, ඇස්ස ගසා, වතුරත් බී, ලොඳත් කාලා, කෝම්බය දෙකට පලා මායිමට තියා එන්ට හැරෙනවිට ඕං ඇහැරෙනවා... පොල් ගහෙත් නැංගා, වතුරත් රස විඳ තලුමරා ලොඳත් කෑවා.. නමුත් සිහිනෙන්.. ජීවිතය ගැන කියනවානම් ඒකත් තවත් හීනයක් (පසිඳුරන් හරහා දකින?)... ඒකෙන් ඇහැරෙන එක තමා අමාරු...."
ඔහු මේ කී දෑ මොනතරම් හැබෑවක්ද...?

"අපි" නිශ්චලව ඇති වාහනයක් මත සිට එය අතින් තල්ලු කිරීමට උත්සාහ දරන්නන් වැනිය... පටිච්ච සමුප්පාදය ඉතා සුලුවෙන් තේරුම් ගත්තත්, "මා" කියවූ කිසිත් තැනක නොදැකි දහමක් එහි ගැබ්ව ඇත... ("මා" ඇසූ පිරූ තැන් බොහෝ ස්වල්ප වුවත්).. පසිඳුරන්ගෙන් ග්‍රහණය කරගන්නා ලෝකය මෙතෙක්ද, පසිඳුරන් අයාලේ යන්ට හැර අල්ලා ගන්නා ලෝකය කෙතෙක්වේද...? කන්ද මුදුනට යනතෙක් පහල ඇති සියලු දසුන් එකවර හසුනොවේ... එබැවින් දාන, සීල, භාවනා මාර්ගය ඒ ගිරි දුර්ගය තරණය කෙරීමේ අත්වැල කරගත යුතුය...

යම් දැයක විචාරයක යෙදීමට විචාරය කරණාදේ ගැන මනා පරිචයක් ඇවැසිය... පසිඳුරන්ට අසුවන අසුවන දෑ සිතින් විමසන්ටත් පෙර ඒ පිලිබඳ ලෝකයට කියන්ට අද කාලයේ බොහෝ මාධ්‍ය ඇත... එහෙත් තෙරුවණ විචාරයට යන්ට පෙර තෙරුවන පිලිබඳ අවබෝධයක් පමණක් නොව, විතර්කයද (මාරයා?) දමනය කලයුතු බව "මට" සිතේ...
පළමුව "මා දැකීම" උගැන්වන තෙරුවණ නමදිමි... දෙවැනුවත් නමදිමි... තෙවැනුවත් නමදිමි....!

ගීත අහන්න... ගීත බාගන්න...
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිතර නෑසෙන බොදු බැති ගී දොලසක්...
ගී වලින් සමහරෙක් මට එවූ අමිල සොයුරාට පින්...

16 comments :

  1. අදම තමයි බං මේ සින්දු ටික ඇහුවේ. සෑහෙන්න පරණ ට්‍රැක් ටිකක්....!

    තිසාටත් පවුලේ සියළු දෙනාටත් "සුභ වෙසඟක් වේවා....!"

    ReplyDelete
  2. ස්තූතියි තිස්ස, ඔබේ විවරණිකාව කදිමයි. සියලු දුකට මුල් වන්නේ "බැඳීම්" කියන කාරණය කොපමණ සත්‍යයක්ද?, බැඳීම් වලින් විනිර්මුක්ත වීමට නොහැකිව අප සියලු දෙනා නැවත නැවත දුකෙහි ගැලෙනවා. ඒත් මිනිස් ස්වභාවයත් එයමයි නේද?

    ReplyDelete
  3. කතරට වෙසක් සඳ පායා දිලෙනවද
    ඒ එළියෙන් නුඹෙ නෙත් දෙක තෙමෙනෙවද
    දූ දරුවනුත් බිරිඳත් සිහි කෙරෙනව ද
    ලෝ දම එයයි මේ දුක සිත නිවනව ද

    අයිය කාලකින් ලියල ( ඇඟ බේරගන්න ලියල ද මන් ද ? )

    ReplyDelete
  4. අම්මේ බං අයියේ උඹත් දෙන ඒවා...
    දැන් අහපංකෝ...
    අර මුලින්ම කිව්ව එකනං හරියටම හරි

    ReplyDelete
  5. ඔන්න මමත් ගත්තා ස්ටූටී පරක දැම්මා ඕන්

    ReplyDelete
  6. තිසා අයියේ.. දැක්ක කල් ඇ........ සුභ වෙසඟක් වේවා!!

    අපි නන් පට්ට බිසි හොදේ......:-D

    ReplyDelete
  7. නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ..

    බැඳීම්, බැඳීම් සහ තව තවත් බැඳීම්.. මක් කොරන්ටදැ අයියේ, අපි පුහුදුන් මිනිස්සු නොවැ..

    ReplyDelete
  8. සිත් පහන් වී...නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනක්

    ReplyDelete
  9. නච්ච ගීත වාදිත විසූඛ ......
    ඊයෙ සිල් ගත්ත.
    පසිඳුරන්ට අසුවන දෑ සිතින් දකින්නට ... බොහෝ මාධ්‍ය ඇත!

    ReplyDelete
  10. මට දෙයක් කියන්න තේරෙන්නේ නෑ. ඒත් මට උඹ කියපු දේ අගේට තේරුණා. තෙරුවන් සරණයි!

    ReplyDelete
  11. හම්මේ තිස්ස අයියාව දැක්ක කල්.. :D

    ReplyDelete
  12. හැමදාම වගේම අදත් සිරාම ලිපියක්....

    ReplyDelete
  13. රසවත් ලිපියක්.. ආසාවෙන් කියෙව්වා.. ස්තූතියි! තිස්ස.. පින්බර වෙසක් මංගල්‍යයකට තිස්සට මගෙන් ආසිරි පැතුම්..!

    ReplyDelete
  14. වෙසක් එකටම ගැලපෙන නිවී සැනැහුණු ගතියක් තියෙනවා ඔබේ අකුරු වල. ගීත ටිකත් පරණ දුලබ නිසා හරි වටිනවා. සම්බුද්ධ ජයන්තියට හදපු අලුත් ගීතය අහන්න ලබුනා. ඒක හරිම නීරසයි මට නම්. අමරදේව , නන්දා ඇතුළු ප්‍රවිනයින්ගේ කටහඬ. එත් හදවතට වදින ගතියක් නැහැ. නන්දා මාලිනීගේ ''බුද්ධනුභාවෙන '' වගේ ගී හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉඩක් ලදොත් මා තැනු නෙලුම් විල දිහා ඇවිත්යන්න.
    nelumwila.blogspot.com

    ReplyDelete
  15. අළුත් ලිපි සහ පරන ගීත නැද්දෝ

    ReplyDelete

 
Blogger Wordpress Gadgets