නොසැලෙන් මලණුවනී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...

කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
ලෝකය හැඳින්නෙමී...
ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
නව මං සොයන්නෙමී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...



10 ප්‍රතිචාර:

චේජනා said...

මැයි දින සැමරුම...

නිවාඩු ද අද? උදේ පාන්දරම ඇවිත් තියෙන්නෙ ?

මාරයාගේ හෝරාව said...

මැයි දින සැමරුමටත් වඩා උඹේ පද වැල මට වෙනත් විදියකින් හයියක්...

යෝගී... said...

ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ - සඳු දැක සිවුපාවුන් මොර දෙන්නේ..
අන්න කතා කියනවනං :)

Kathandara said...

ගායනය රුක්මනී දේවී නේද? වික්ටර් කොල්ලා කාලේ මයෙ හිතේ.

මල්ලීට ඇත්තේ එක හදවතක් පමණක් නිසා හදවත්නොව හදවත ඉකිබිඳිමින් ඇඬුවාවේ විය යුතුයි.

පොටෝ ෆ්‍රේම් එකේ යට ඉඩ ඉතුරු බව දැක සැනසිල්ලක් ඇතිවිය. මල්ලිලා තව ඉන්නවා වාගේ.

Ravi said...

අපූරුයි තිස්ස, නැවත කිසිදා අත්විඳීමට නොලැබෙන එහෙත් කිසිදා මතකයෙන් බැහැරව නොයන සොඳුරු ආවර්ජනා රැසක් අවදි කලාට,

සොඳුරු සිත said...

දන්න කෙනෙක් ඉන්නව නම් , මේ පින්තූර ටික නම් කරල දෙන්න පිලිවලකට.

Pali said...

ජීවයේ පැවැත්මට ස්වභාව ධර්මයා විසින් ජීවීන්ටත් පරිසරයටත් කාවද්දා ඇති නියාමයන් ජීවයේ පැවැත්මට යෝග්‍ය වුවත්, ඉන් සියළුම ජීවීන්ට සියළු දේ සමානව නොලැබීමත් එමෙන්ම එම පැවැත්ම උදෙසා ජීවීන් කොටසකට දුක් විඳීමට සිදුවීමත් සොබාදහමටත් දුක නොහිතෙන දුක්බර යතාර්ථයක්.

එම යතාර්ථය හා අනුගත නොවී, සොබාදහමේ නියාමයන්ට එරෙහිව පොරබදපු ජීවීහු.....විටෙක අන් ජීවීන්ගෙ ප්‍රසාදයටත් විටෙක නින්දාවටත් පත්වී අවසන සොබාදහම හමුවේ පරාජය වූහ.

Sujeewa Kokawala said...

@කතන්දර

හදවත් කිව්වේ මල්ලිගේ නොවෙයි. මේ "මල්ලිලා" කතා කරන්නේ අනුන්ගේ හඬන හදවත් වෙනුවෙන් නේ.

@පාලි;

ඔය මතයම තමයි මාත් දරන්නේ. සමාජවාදය කියන්නේ, ලෝක අසාධාරනය දැක ඇතිවන මානසික ගැටුමට පිලියමක් ලෙස තමන් රවටා ගන්නා ෆැන්ටසියක්.

ලකී වික්‍රමසිංහ said...

ස්වර්ණලතා කවීශ්වර මහත්මියගේ "පියවර ගැටෙනා හඬින් පවා මට ඔබ හඳුනාගත හැකිනම් " කියන ගීතය තියෙනවද?

ශ්‍රීමාල් said...

මම කැමතිම ගීතවලින් එකක්. රුක්මණී දේවිගේ හඬ මා වශී කලා.

Post a Comment

 
Blogger Wordpress Gadgets