ඇගේ මතකයෙන් පිබිද මා මෙහි තබනා සටහන් ඇයට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි... වයස අවුරුදු හයේදී පමණ සිට වලං පිගන් සමග ඔට්‍ටු වන්නට පටන් ගත් බව ඈ මට කියා ඇත... ගීතයක් සිතින් වැලඳ ඈ එහි නිමග්නව සිටින්නේද කලාතුරකිනි... රසභාවයන්හි ඇගේ මේ නො ඇලෙනා බව විටක මගේ ඉමහත් නොරිස්සුමට ලක්වුවද, එයම අපගේ ජීවන ගමනට ඉමහත්ම රුකුලක් වූ බව සැබෑවකි... "සොයන රුව ඔබේ... අප්සරාවියේ...පාවෙනා නිල්වලාවේ..." ගීය වරක් දෙවරක් පමණ ඈ මුමුණනු මා අසා ඇත්තෙමි... -------------------------------------------------------------------------------
උදයේම එළියට බට අප, ආපසු එනවිට බොහෝ පමා විය... ගමනේ විඩාව, දරුදෙදෙනා පිටුපස අසුනේ දිග ඇදී යහමින් නිවාගනිමින් සිටී... කෙළින් වැටුණු දිගු මාර්ගය දිගේ ඒකාකාරීව වාහනය එලවීම තෙහෙට්‍ටුව තවත් වැඩි කරයි... මා අඩ නින්දේ උන් දරුවන්ට බාධාවක් නොවන ලෙස රේඩියෝව දැමීමි...
"...ඔබ ලඟම.. ලඟම... සිටිමි..."
ජනේලයෙන් එලිය බලා සිටි ඈ හිස හරවා මා දෙස බලා ඉදිරියට බරව රේඩියෝවේ හඬ මදක් වැඩි කලාය... ඇගේ දහදිය සුවඳ හා මුසුවූ විලවුන් සුවඳ මගේ නැහැය අතරින් රිංගා ගියේ අපේ අතීත මතක ද්වාරයන් නැවත නැවතත් විවර කරමිනි... යම් සුවඳක් මතකයක් ලෙස හිතේ තැන්පත් වන අයුරු පුදුමාකාරය...
---------------------------------------------------------------------------------
මැද පෙරදිග බොහෝ කලක් රාජකාරි කල ලාංකිකයෙක් තමන්ගේ නවාතැන් කාමරයේදීම අවසන් හුස්ම හෙලා ඇත... මේ කථාව අප සමග කී මිත්‍රයා, ඒ අසරණයාගේ එකල හොඳ මිතුරෙකුව සිට ඇත... වියෝවූ මිතුරාගේ කලමණා එකලස් කල අප මිතුරන් හද කම්පාවට පත්ව ඇත්තේ ඔහු අවසන් හුස්ම හෙලූ කොට්ටය අස් කිරීමේදීය... සුරැකිව නවා තැබූ ඒත් විලවුන් සුගන්දයෙන් යුතු තරමක් පරණ කාන්තා නිදන අඳුමකි ඒ...! මගේ මිතුරාට අනුව ධාර්මික ජීවිතයක් ගතකල දෙදරු පියෙක් වූ ඒ අහිංසකයා තම ගෙදර ඇත්තන්ගෙන් වෙන්වීමේ දුක් නොමදව අනුභව කරන්නට ඇත...
------------------------------------------------------------------------------
අවුරුදු පහලොවකටත් එපිට දුරාතීතයේ මෙවැනිම දිනක අහඹූවකින් මෙන් ලංව දැනුනු ඒ සුවඳ මතකයේ බොහෝ ගැඹුරු තැනක තැන්පත් වී ඇත්තාසේය... ආපසූ රැකියාව සඳහා පිටත්ව ඒමට සමුදෙන මොහොතේ විලවුන් බිඳක් හැලූ ලෙන්සුවක් ඈ මා අත තැබීය...
"ඔන්න මාව මතක් වෙන්න..."
කරදඬු උස් වු දරුවන් ඇති අප මෙලෙස හැසිරීම බොලඳයැයිද වරෙක සිතේ... එහෙත් මාස පහ හයක් පමණක් නොව ජීවිත කාලය පුරාම මාතුල නැවුම් හැඟීම් ජනිත කිරීමට ඒවා සමත්ය...
තුරු ලිය නිසලයි....
වැව් දිය සසලයි...
තනිකම ඉවුරු බිඳී...
මම අතරමංව හිඳිමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...
සසර පුරා සුවඳ සරා...
ඔබම සමග රැඳෙමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...
ඔබේ සුසුම් සුවඳින් පෑරී...
වෙල් ඉපැනැල්ලේ පවන් හමයි...
ගම් දොර සුහුඹුල් මතකය වැලපී...
සිත මා තෙමා වැටෙයි...
ඔබ කොහිද කොහිද සොයමී...
ඔබ ලඟම ලඟම හිඳිමී...
ඔබේ සුරත් පහසින් ගිලිහී...
ලිය ගොමු ලන්දේ සොවින් සැලෙයි...
තණපත් මුදු පිණි කඳුලින් බරවී...
ඔබ පා පහස පතයි...
ඔබ කොහිද කොහිද සොයමි..
ඔබ ලඟම ලඟම හිඳිමී...
උදයේම එළියට බට අප, ආපසු එනවිට බොහෝ පමා විය... ගමනේ විඩාව, දරුදෙදෙනා පිටුපස අසුනේ දිග ඇදී යහමින් නිවාගනිමින් සිටී... කෙළින් වැටුණු දිගු මාර්ගය දිගේ ඒකාකාරීව වාහනය එලවීම තෙහෙට්‍ටුව තවත් වැඩි කරයි... මා අඩ නින්දේ උන් දරුවන්ට බාධාවක් නොවන ලෙස රේඩියෝව දැමීමි...
"...ඔබ ලඟම.. ලඟම... සිටිමි..."
ජනේලයෙන් එලිය බලා සිටි ඈ හිස හරවා මා දෙස බලා ඉදිරියට බරව රේඩියෝවේ හඬ මදක් වැඩි කලාය... ඇගේ දහදිය සුවඳ හා මුසුවූ විලවුන් සුවඳ මගේ නැහැය අතරින් රිංගා ගියේ අපේ අතීත මතක ද්වාරයන් නැවත නැවතත් විවර කරමිනි... යම් සුවඳක් මතකයක් ලෙස හිතේ තැන්පත් වන අයුරු පුදුමාකාරය...
---------------------------------------------------------------------------------
මැද පෙරදිග බොහෝ කලක් රාජකාරි කල ලාංකිකයෙක් තමන්ගේ නවාතැන් කාමරයේදීම අවසන් හුස්ම හෙලා ඇත... මේ කථාව අප සමග කී මිත්‍රයා, ඒ අසරණයාගේ එකල හොඳ මිතුරෙකුව සිට ඇත... වියෝවූ මිතුරාගේ කලමණා එකලස් කල අප මිතුරන් හද කම්පාවට පත්ව ඇත්තේ ඔහු අවසන් හුස්ම හෙලූ කොට්ටය අස් කිරීමේදීය... සුරැකිව නවා තැබූ ඒත් විලවුන් සුගන්දයෙන් යුතු තරමක් පරණ කාන්තා නිදන අඳුමකි ඒ...! මගේ මිතුරාට අනුව ධාර්මික ජීවිතයක් ගතකල දෙදරු පියෙක් වූ ඒ අහිංසකයා තම ගෙදර ඇත්තන්ගෙන් වෙන්වීමේ දුක් නොමදව අනුභව කරන්නට ඇත...
------------------------------------------------------------------------------
අවුරුදු පහලොවකටත් එපිට දුරාතීතයේ මෙවැනිම දිනක අහඹූවකින් මෙන් ලංව දැනුනු ඒ සුවඳ මතකයේ බොහෝ ගැඹුරු තැනක තැන්පත් වී ඇත්තාසේය... ආපසූ රැකියාව සඳහා පිටත්ව ඒමට සමුදෙන මොහොතේ විලවුන් බිඳක් හැලූ ලෙන්සුවක් ඈ මා අත තැබීය...
"ඔන්න මාව මතක් වෙන්න..."
කරදඬු උස් වු දරුවන් ඇති අප මෙලෙස හැසිරීම බොලඳයැයිද වරෙක සිතේ... එහෙත් මාස පහ හයක් පමණක් නොව ජීවිත කාලය පුරාම මාතුල නැවුම් හැඟීම් ජනිත කිරීමට ඒවා සමත්ය...
තුරු ලිය නිසලයි....
වැව් දිය සසලයි...
තනිකම ඉවුරු බිඳී...
මම අතරමංව හිඳිමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...
සසර පුරා සුවඳ සරා...
ඔබම සමග රැඳෙමී...
ඔබ කොහිද කොහිද සොයමී..
ඔබ ලඟම ලඟම හිඳිමී...
ඔබේ සුසුම් සුවඳින් පෑරී...
වෙල් ඉපැනැල්ලේ පවන් හමයි...
ගම් දොර සුහුඹුල් මතකය වැලපී...
සිත මා තෙමා වැටෙයි...
ඔබ කොහිද කොහිද සොයමී...
ඔබ ලඟම ලඟම හිඳිමී...
ඔබේ සුරත් පහසින් ගිලිහී...
ලිය ගොමු ලන්දේ සොවින් සැලෙයි...
තණපත් මුදු පිණි කඳුලින් බරවී...
ඔබ පා පහස පතයි...
ඔබ කොහිද කොහිද සොයමි..
ඔබ ලඟම ලඟම හිඳිමී...
ගීතය අහන්න.... ඕන්නම් බාගන්න...
අද ඉස්සරවෙලාම මම ...
ReplyDeleteඅයියේ කියවගේන යද්දී ඈස්වල කදුලු පිරෙනවා...
සෑබෑ ආදරය කොහේ හිටියත් ඒවිදිහට ම දෑනෙනවා අයියේ එහෙම නෙද..?
සදා ජය..
මල්ලී ඔයා මම කලින් දාපු සින්දුවට දාපු කමෙන්ට් එක කියවලා මම ඒ හා සමානවම හැඟීම් බරවුනා මලේ...
ReplyDeleteඔව් ඒක හරියටම හරි... දෙකක් නෑ...
එහෙම හෘදයංගම සම්බන්ධකම් තවමත් අපි අපි අතරේම පවතිනවා...
ඇත්තටම මට ඔකේ හොඳ පැත්තකුත් තියෙනවා..ළග ඉන්නකොට සමහර විට අපිට ඔය වටිනාකම නැතුව යන්නත් පුළුවන්..අද හීන් සීරැවට මතකය අවුස්ස අවුස්ස සිහිපත් කරමින් ඒ හැම දෙයක්ම හීනියට හිතේ තවරගෙන විඳින්න පුළුවන් උනාට..සමහර විට තුන්මිය හැටපස් දවසම එකට ගෙවුවනං..ඔය සියුම් රේඛා කිසිම දෙයක් ඔය තරම් හොඳට උඹ ස්පර්ශ කරන එකක් නැහැ අයියේ..
ReplyDeleteහැබැයි ඉතිං ඒ හොඳ කෙසේ වෙතත්..මං නං කැමති උඹලා එකට වැටිලා ඉඳගෙන ගහ මරා ගත්තත් ඒකත් හොඳයි ඔය ගෙවන ජීවිතේට වැඩිය..
හැබැයි ඉතිං එදාට අපිට අහන්න සංවේදී ගීතත් නැහැ..
ඔය වගේ දර්ශනත් නැහැ...
ඔන්න කෙළිය...
ඇත්ත මාරයෝ සහතික ඇත්ත...
ReplyDeleteතිත්ත ඇත්ත....
මේව කියවද්දි නම් ඔයාට විතරක් නෙවේ, මටත් අක්කව මතක් වෙනව..
ReplyDeleteහ්ම්ම්ම්....
ReplyDeleteඅහස සේ ඔබ අනන්තයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය.
ReplyDeleteමා මිත්‍ර ඉමාන් පෙරේරා සහ උරේෂා රවි හාරී ගායනා කරන්නෙ...
එහෙන් මෙහෙන් ඇහිලා තිබුනත් ඕනකමින්ම ඇහුවේ දැනුයි. මාරම ලස්සනයි....
සංගීත ශෛල්‍යය නම් නවරත්න ගමගේගෙ වගේ... හරියටම නිච්චි නෑ..
තිසා, උඹේ පූර්ව කථනයනම් මරේ මරු...!
ඔව් දුමී මම හිතන්නෙ නවරත්න ගමගේ මහත්තයාගේ තමා සංගීතය...
ReplyDeleteඅර ෂෙෆ් ගේ මරණය මගේ හිත හරියටම සසල කලා...
තිස්සගේ බ්ලොග් අඩවියට ප‍්‍රථමයෙන් ප‍්‍රතිචාර දක්වන්න ඔට්ටු සෙල්ලමක් යනවනේ.. ෂෝක්.. :)
ReplyDeleteතිස්සගේ මේ ලිපිය කියෙව්වට පස්සෙ මට හිතුණ ඉස්සෙල්ලාම දේ තමයි "අපොයි දෙයියනේ ඇයි මම මේක කියෙව්වෙ" කියන එක.. ඒ තරම් මේ ලිපියට හද කම්පා වුණා.. :(
සිංදුවත් හරිම හරිම හරිම ලස්සනයි.. හැඟුම්බරයි.. දැන් ඉතින් මගේ වැඩේ කටපාඩම් වෙනකල්ම මේ සිංදුව අහන එක..
ඔබතුමියට කියන්න, මම මේ වැඩේ පටන් ගත්තේ පරණ ගීත ආයෙත් කල එලි දක්වන්න වාගෙම මට ආසා ගී ටික ලෝකේ කොහේ ගියත් එක තැනකින් මට බලන්නත් පුලුවන් වෙන්නයි...
ReplyDeleteමටත්, මම එදාට දාන සින්දුව දවස් ගානක් යනකල් හිතේ රැඳෙනවා...
ඒ සම්බන්ධ හැම සිදුවීමක්ම ආයෙත් ආයෙත් මතකෙට එනවා...
මම මේ සිංදුව මම තාම අහනවා.. අර මැදපෙරදිග කතාව නම් තව සෑහෙන කාලයක් යනකල් හිතේ රැව්පිළි රැව් දෙයි.. ඒ කතාව කියවලා මුළු හිතම වැහි වළාකුලකින් වැහුණා.. :( :(
ReplyDeleteගොඩාක් ස්තූතියි අයියේ මේ ගීතය පල කලාට... පහුගිය කාලෙම සමනලීට අයිතිකාරයා දකින්න ලැබුනේ හරිම අඩුවෙන්. දෙන්නම සෑහෙන දුකින් ඉන්නේ ඒ ගැන. මේ ගීතයට තියෙන ආසාව තවත් වැඩි කලා සැබැවින්ම දුරින් ඉන්න වීමෙන් ජීවිතෙන්ම ලැබුනු අත්දැකීම.... ඒ නිසාම, ගීතය නිසාම සමනලී මේ ගීතය අඩංගු ටෙලිනාට්‍යය බැලුවත් එක්ක.... හැමදාම නිදාගන්න කලින් මේ ගීතය අහලා, අයිතිකාරයට පාලුව දුක ගැන කියලා ඇස් වල කදුලුත් පුරවන් සමනලී නිදාගන්නේ.... මේ ගීතය කොහෙන් ඇහුනත් සමනලීගේ ඇස් වලට කදුලු එනවා.. අයිතිකාරයා ලග නැති පාලුවෙන් හිත හිස් වෙනවා....
ReplyDeleteඇත්තටම හරිම ලස්සන තේරුමක් ඇති ගීයක්.....
@මුතු: ඒකනම් හෑබෑව... මටත් හරිම කම්පාවක් දැනුනා ඒක අහපු වෙලේ..
ReplyDelete@සමනලී: සමහර වෙලාවල් තියනවානේ ඒ සින්දු අපටම ලියාපුවා කියා හිතෙන වෙලාවල්... ඒ අත්දැකීම් විඳපු අයටම තමා හරියටම එව්වා රස විඳින්න පුලුවන්... මාරයා කීවා වාගෙම කඳුලුත් එක්ක ජීවිත වහගෙන තියන දූවිලි හේදිලා ගිහින් අලුත් වේවි...
මමත් මේ කාලෙකින් අහපු අලුත් ලස්සන සින්දුවක් ගෙදර ඇත්තන් නිසා අවධානයට ලක්වුනු...
ෂා ලස්සන සිංදුව. දැං කියනව එහෙම නෙවෙයි "ලෝන්ග් ටයිම් නෝ සී" කියල. මං කලිනුත් ආව.වැරදිල කොමෙන්ට් කලේ අර ඹබර කඩන පොස්ට් එකේ නොවැ
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්... විසේ ගහලා නෙව ඔලුවට... යන එන තැන් කරන කියන දෑ මතක නෑ නෙව... මක් කරන්නද... මට ඒත් හිතුන...කම්පනාව අඩුයි වාගේ කියා... ;-)
ReplyDeleteතිස්සයියේ ඇත්තටම වචන ලොප් වුනා අන්තිමේදී...
ReplyDelete"කරදඬු උස් මහත් වූ දරුවන් ඇති..." එහෙම හිතන්න එපා. ඒ විදිහටවත් බොලඳ වුනේ නැත්තං වයසට යන කොට මල විකාරයක් වෙයි ජීවිතේ.
අම්මපා.... ගේමට වගේ උඩු රැවුල වවලා හිටියට උඹ කොච්චර සීරියස් පොරක්ද...?
අද නං හොඳ පෑනක් අහුවෙලා වාගේය. හිත හොඳටෝම රිදී ඇත. ලියල තියෙනව ලියවිල්ලක් යකු යන්ට ය. කියවන්නෝ ට ඇඬෙති. සිංදුව අහන්ටද අමතක වීලා පසුව ආයෙ ඇසුවෙමි.
ReplyDeleteපාළුව කාන්සිය වෙලාවකට හොඳ බේතකි. ඒ අතීත ස්මරණයන් ආපසු ගෙනවුත් සිත කම්පනය කරවයි. බොහෝ මිනිසුන් කෙරෙන් විශිෂ්ඨ නිර්මාණ බිහිවී ඇත්තේ මේ බේත පාවිච්චියට ගත් පසුවයැයි සිතේ.අද අකුරු කෙරුනු පද පේලි වල ලාලිත්‍ය බව වෙනදාට වඩා වැඩිය. විටෙක ආදරණීය බවක් ද විටෙක බොහෝ සංවේදී බවක් ද එහි වේ.තිස්ස දොඩංගොඩ නැමැති සහෘදයා අභිභවා ඒ තුළ සිටි නිර්මාණ කරුවා එළියට බැස ඇති සෙයකි.
කොහොම නමුත් ගෙදරින් ගෙනා අළුවා පාර්සල් ආදිය ඉවර වී ඇතුවාට සැක නැත. දහසක් රාජකාරි එක්කලා දුවන හිංදා අක්කාගෙන් ඉල්ලාගන්නටත් බැරිය. දැං ඉතිං බයවෙන්නට කාරි නැත. මහරගමින් අද හවසට අළුවා පාර්සලයක් එන බව සුවර්ය.
-ජය
@වන්නි: ඔබගේ සමාගමය නිතොර විඳගැනීමි අභාග්‍යය විඳිමි...
ReplyDeleteරැවුල කපන්ට මොකද්ද වාගේය... පැසුණු හිසකෙයියා වලට නොගැලපෙන ලාමක පෙනුමක් ලැබේ යැයි සිතේ මල්ලියේ...
@යෝගී:අලුවත් ඉවරයි, සීනි දාපු බැදපු දෙලුත් ඉවරයි, ලේන්සුව පාවිච්චියට නොගෙන නොසෝදා තියන් ඉමි..
හිතට බොහෝ සතුටක් ගෙනෙන සුභ පණිවිඩයක් උඹෙන් බලාපොරොත්තුව ඉමි...
කියන්න වචන නෑ අයියේ....සුපිරිම සුපිරියි...
ReplyDeleteමම නම් හිතන්නේ පෙම්වතියක් හා පෙම්වතෙක් අතර වගේම බිරිඳත් සැමියත් අතර තියෙන්නම ඕනි කාරණා තුනක් තමයි අවබෝධය, ආදරය, විශ්වාසය.මොනදේ ගැලපුනත් ඔය තුන හරියට ගැලපුනේ නැතිවුනෝත් කොච්චර උගත් දෙන්නෙක අතර වුනත් ප්‍රශ්න ඇතිවෙනවා.මොකද ඔය තුන අතර පුදුම අන්තර් සබදතාවක් තියෙන්නේ....එකක් පොඩ්ඩක් හරි බිදුනෝත් අනිත් දෙකට පොඩි හරි බලපෑමක් ඇතිවෙනවා...බොරුනම් පොඩ්ඩක් හිතලා බලන්නකෝ....ඔය මත තමයි විවාහය කියන නිවසේ අඩිතාලම වැටෙන්නේ...මොකා මොන බයිලා ගැහුවත් කැපකිරීම් මත් විවාහය ගොඩනැගෙනවා කියලා.ඒක ඇත්ත.ඒත් ඔය කැපකිරීම ඇත්තටම සිදුවන්නේ අර මුල් තුන හරියට ගැලපුනොත් විතරයි...එහෙම නේද?
මම අයියගේ පෝස්ට් වලින් අයියාගේ හැටිත් අක්කාගේ (අක්කාව දැකලා නැතත්) හැටිත් තේරුම්ගත්තා.දෙන්නා රැකියාව නිසා ඈත් වෙලා හිටියත් මනා අවබෝධයෙන් ආදරයෙන් විශ්වාසයෙන් ඉන්නේ....ඒහෙම නැතිනම් ඉතිං වෙනදේ කියන්න ඕනි නෑනේ....ගොඩාක් සතුටුයි අයියා...ඒ වගේ අවබෝධයෙන් අවංක ආදරයෙන් නොසැලෙන විශ්වාසයෙන් ඉන්න දෙන්නෙක් මේ විදිහට හරි දැන හදුනාගන්න හැකිවීම පිළිබදව....ඒක ඇත්තටම අපිටත් ආදර්ශයක්...
අර කතාවක් තියෙනවනේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා...ආදරේ ගැන අනිත් අයට බොරු පොල් ටෝක් දෙනවට වඩා අයියාගෙත් අක්කාගෙත් ආදර්ශය අපේ රටේ ඉන්නේ සියළුම පෙම්වතුන්ටත් පෙමිවතියන්ටත් වගේම සැමියන්ටත් බිරිඳෑවරුන්ටත් ගොඩාක් වැදගත්.
අයියාගෙත් අක්කාගෙත් සතුට සාමය සමගිය සෞභාග්‍යය ඇයි ආදරය සෙනෙහස පිරි ඉතිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බලං ගියහම අවංක ආදරේ කවදාවත් වයසට යන්‍නෑ කියන එක ඇත්ත නේද අයියේ....
නැ මට ඔහොම හිතුනේ අයියගේ මේ දෙවන පුර්විකාව දැකලා...හික් හික් හික්....
මට ඔව්වා ගැන මෙහෙම අදහසක් තියෙන්නේ මල්ලියේ... දැන් ක්‍රීඩා පුහුණු කරුවෙකුට ක්‍රීඩකයා තරම් හොඳට සෙල්ලම් කරන්න බෑනේ... නමුත් කියාදෙත හැක..
ReplyDeleteඊලඟට අවබෝධය කියන කාරණය ගැන මම දකින්නේ, තමන්ට රුචි නොවන අනෙකාගේ ගතිගුණ, "ඉවසීමට කොච්චර පුලුවන්ද" කියන සරල කාරනයෙන් පටන් ගෙන අර "අරුචි කාරණාවලට රුචි වෙන" එක දක්වා හිත වෙනස් කර ගන්න එකයි කියලා...
ආදරය... ප්‍රේමකීර්ති කීවේ මෙහෙමයි..
"ඔබේ දෙතොල් පෙති ලිහී..
මිදුණු හස රැල් විලේ...
හද දියව ගලා යයි..
රැලි ලමින් සැලි සැලී.."
අපේ ජීවිතත් එහෙම විසාලවට පරමාදර්ශී එකක් නෙමේ මලේ... හැල හැප්පීම් එමට තිබ්බා..ඉස්සරහටත් තියෙයි..
ඒත් බැඳීමට ඒ කිසි දෙයකින් හානි නොවන තැනකට ඇවිත් තියනවා... එච්චරයි...
ලස්සනයි.
ReplyDeleteහ්ම්ම් ලස්සන සින්දුවක් ඔය ටෙලි නාට්‍ය නම් කිසි කමකට නැහැ ඒත් සින්දුව නම් එල. ප්‍රේමය ජීවිතේ කොයි කාලෙකදි උනත් බොලඳ විය යුතුයි කියලා තමා මන් නම් හිතන්නෙ. නැත්තම් ඒ ප්‍රේමය දැනෙන එකක් නෑ.
ReplyDelete@සොඳුරු සිත: එච්චරයි...?
ReplyDelete@නිශ්: සම්පූර්ණයෙන්ම එකඟයි...!
අප්පොච්චියේ තිස්ස, අපූරු ගීයක් වගේම ඔබේ පූර්විකාවත් අන්තිමයි, අන්තිමයි කිව්වෙ අන්තිම ඉහලයි කියන එක,
ReplyDelete"You come to love not by finding the perfect person, but by seeing an imperfect person perfectly."
--Sam Keen
@Ravi: මේ සෑම් මහත්තයා නම් දෙයියෙක් අම්මපා...!
ReplyDeleteලෝකෙ කෙලවරට ගියත් ආදරේ තියේවි හිත ළඟම
ReplyDeleteඔව් හැබෑව...
ReplyDeleteසෞම්‍ය ප්‍රේම සඳ කිරණේ.....
ReplyDeletenethu
කෝ අයියා ...සින්දු කඩේ වහල ද? වෙන තැන් වල ගන්නත් නැහැ...
ReplyDelete@නෙතු: පාරාවලල්ල..
ReplyDelete@වත්: ඉක්මනම ලියමු යමක්.. :-)
@පිණිබිඳු:හැබෑව... ඊලඟ ලෝකෙටත් අරන් යන්න ඇත්නම් නේ...?
ReplyDeleteආදරය අවංක නම්, ඒක ඊළඟ ලෝකෙට අරන් යන්න ඕනෙ නෑ තිස්ස.. අපි නොදැනුවත්වම ආදරය අපි පස්සෙන්ම එනවා එතකොට.. (මගේ අදහස)
ReplyDeleteම්ම්ම්... වාසනාවත් ඕනේ අප්පා... මට හිතෙන හැටියට...
ReplyDeleteහැමදාමත් ඔබේ බොලොග් පිටුවට එනවා.මීට මාස හයකට පෙර හද ගී පොත රසවින්දේ මගේ සැමියා සමගයි. ඔහු තවමත් කතරේ සේවය කරනවා. ඔබ දෙපල අපට සැමදා ආදර්ශයක්.
ReplyDeleteතිස්ස.. ඔව් වෙන්න පුළුවන් :) ..
ReplyDeleteදෙමගක ගිය දෙසිතක් ..
ReplyDeleteඑක මගක යන සඳ ..පර්යාය පදයයි
ආදරය ..
සත් වසක ආදරයකින් පසු එක්තැන් වී , වසර එකොළහක් ගෙවෙන්නත් ලඟයි .
කොච්චර වුනත් දෙන්නෙක්ට එක වගේම හිතන්න හැම වෙලාවේම බෑ. එහෙම වෙන්න ඕනෙත් නැහැ . අපි රණ්ඩුත් වෙනවා. එත් විනාඩි පහකට දහයකට වඩා තරහ වෙලා ඉන්න බැහැ. [කොහොමත් අපේ බටු කෙල්ලෝ දෙන්නා සාම දුතිකාවෝ ]
තිස්ස අය්යගෙ මේ ලිපිය මට අපිවම සිහිකලා. ස්තුතියි ඔබට .
..කවුරුන් කෙසේ කිවත් ..
ජීවිතය ලස්සනයි ..
ගඟක් වගේ ..
කඳු ශිකර මතින් හෝ හඬින් කඩ වැටෙන්නෙත් , නිම්නයේදී ලතාවට ගල යන්නෙත් ඒ ගඟම නේද
...Chamila..
"කොච්චර වුනත් දෙන්නෙක්ට එක වගේම හිතන්න හැම වෙලාවේම බෑ. එහෙම වෙන්න ඕනෙත් නැහැ.."
ReplyDeleteමේකට ඔරොත්තු දෙනවානම් ඕනෑම සම්බන්ධකමක් හොඳින් තියාගත හැකි නේ...?
ජයවේවා චමිල..