මින් අවුරුදු දහයකට දොලහකට පමණ පෙර යුරෝපීය රටක පුහුණුවක් සදහා යාමට මට අවස්ථාවක් ලැබුණි... මාස එකහමාරක පමණ කාලයක් ගතවන ඒ පුහුණුවට මගෙන් පසු යාමට ලැබුනේ අලුතින් පත්වූ මගේ කලමණාකාරවරයාටය... රාජ්‍ය සේවයේදී විදේශීය පුහුණු වලට ඇති පොරය දන්නේ රාජ්‍ය අංශයේ සේවය කල අයම පමණි... යන්නාවූ රට ආර්ථික වශයෙන් ලංකාවට වඩා ඉහල තැනක ඇත්තක් නම් මේ පොරය ඉතාම උග්‍රවේ...
මෙවැනි බොහෝ පුහුණු පාඨාමාලා අවසානයේ සංස්කෘතික දැක්මක් අනිවාර්‍ය වේ... සහභාගී වන්නන්ද තමතමනට ආවේණික සංස්කෘතිකාංගයක් එලිදැක්වීමද කලයුතු වන අවස්ථාද සුලභ වේ... ඊලඟට පුහුණුව සඳහා යායුතුව තිබූ මගේ කණිෂ්ඨ සගයාද පසෙකට තල්ලු කොට, මේ ගමන ගොස් පැමිණි කලමනාකරු, ගමන් විස්තර විමසනාතුරේදී මෙවැණි කථාවක් අප හමුවේ තැබීය... "බලන්නකෝ මේ හැම රටකම මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ කියලා ඉදිරිපත් කරන්න යමක් තියනවා.. අපිට මොකුත් නෑනේ...!"
------------------------------------------------------------------------------------------------------
1950 අග භාගයේ චිත්‍රපට ගීතය අරක්ගෙන තිබුණු ඉන්දියානු ආවේශයට නොබියව මුහුණ දුන් තවත් එක් අසහාය කලාකරුවෙක් නම් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය... 1958 "එකමත් එක රටක" චිත්‍රපටියේ සිට 1994 "යුවතිපති" චිත්‍රපටය දක්වා චිත්‍රපට දහතුනකට පමණ හේ නොබියව ස්වතන්ත්‍ර තණු නිර්මාණය කලේය... පලමු, දෙවනි චිත්‍රපට ගී ජනප්‍රිය නොවුනද 1959 දී "The Fabulous Señorita" (හින්දි - "අල්බේලා" - රාමචන්ද්‍ර 1951) ඇසුරෙන් නිපදවුනු "ගැහැණු ගැට" චිත්‍රපටයේ එන "ආලේ මිහිර පෙන්නා..." නැමැති මේ ගීය අදද බොහෝ කන්කළුය... මා මේ ගීයට තවත් ප්‍රිය කරණ තවත් හේතුවක් නම් මේ ගීය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්ම සර්පිනාව වයමින් ගායනාකරනවා මා අසා තිබීමය... පසුබිමින් ඇහෙන සතුන්ගේ නාද පලමු වරට අත්හදා බැලීමක් ලෙස ගීයට එක්කල බව ඔහු එදා කීවේය... එච් ආර් ජෝතිපාලයන් හා ඇන්ජලීන් ගුණතිලකයන් ගේ බොහෝ සොඳුරු තාරුණ්‍යයේ කටහඬද මේ ගීයට මුසු වී ඇත්තේය... ගීයේ පද නිර්මාණය සිසිරකුමාර මානික්ක ආරච්චි කලාකරුවාණන්ගෙනි...
"හෙලවෙන කොට වැල් පාලම...", "යුද්දෙට මං ගියා..." ඇතුලු ගීත ඇති හෙන්රි ජයසේනයන්ගේ "හුණු වටයේ කථාවේ සංගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේය... මේවායින් බොහෝ කලකට පසුව වුවද පද රචනය කොට තණු නිමවා කාංචනා සඳමාලී විසින් ගයන්නා කරවන්නට යෙදුන "හෙලේ වලේ ලෝ එලමා..." ගීතයද, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්, රුසියාවට ශිෂ්‍යත්වයක් ලැබ ගොස් ආපසු පැමිණ "ස්වර හතරක් තියාගෙන අපේ සංගීතයෙන් මොකක්ද කරන්න පුලුවන්...?" යැයි ඇසූවනට මුවින් නොබැන දුන් පිලිතුරු වලට තවත් ජීවමාන සාක්කියකි...
ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා...
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා...
හෝ....ඕ...
ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා...
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා...
හෝ....ඕ... ම්ම්ම් ම්ම්ම්....
මුව පැටවුන් හා රඟන නිදැල්ලේ....
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ...
ගිජිඳුන්ගේ ආලෙන් වනමල් සිනාසේ...
ආදරේ රසේ ඒ තමා ලොවේ...
ආලේ මිහිර...
නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා...
ඒ ප්‍රේම කිරුල ඔබේ හිසේ පලන්දා...
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්...
විඳිමු ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර....
---------------------------------------------------------------------------------
හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හේලයියා හේලා... හේලවලේ හේලා....
හේලයියා හේලා... හේලවලේ හේලා....
ඕරුද ලොකු මෝරූ... දඟලපි ලඟ පාරූ....
ඇදපන් දැල මාරූ... නොදොඩන් කයිවාරූ...
අඟුලෝ සාවාලයෝ කකුලුවෝ වට්ටාලයෝ...
හුංගොද ලොකු සාලයෝ... ඉන්නවා තව කීලයෝ..
හෙලේ වලේ ලෝ එලමා...
හුරුල්ලෝ කටුවල්ලෝ... තොණ්ඩයෝ කාරල්ලෝ....
බෝල්ලු කිරලාවෝ... ඉන්නව ලොකු දැල්ලෝ....
හුලුන්නෝ කන්නාවෝ... කලන්දෝ කට්ටාවෝ...
මරින්නෝ අයිරාවෝ... නගරයො පොරකෑවෝ...
හෙලේ වලේ ලෝ එලමා...
කොළඹ යවන මාලූ... ඔහෙ ඇදපන් යාලූ....
මඩියත් තදවීලූ... බරටම දැනුනේලූ....
ගින්නටි හඳපානෝ... කෑහැකි සිරිමානෝ...
හොයි ඇදපන් බෑනෝ.... මණ්ඩඩි අතපානෝ....
ගීත අහන්න... .

පුදුම සංතෝෂයක් බං දැනෙන්නේ අයියේ..දැන් ඉස්සර වගේ නෙවෙයි සිංදු ටික අහලාම වචනයක් ලියන්න පුළුවන් වෙච්ච එක ගැන...
ReplyDeleteනැත්තං ඉස්සර පද පේලි දිහා බලලා ගීතය හිතේ මවාගෙන යන්න යනවානේ..
අර එක තැනකට අල් කිරීමක් එන්න ඕන නේද බං අයියේ..ඒක ටිකක් ඇදෙනවා..
"හෙලයියා" කියන එක "හේලයියා" කරහං අයියේ
බලහං ඉස්සර ඉතිං ඔය මගුලක් නැහැ කියවෙන තාලෙට මාත් කියවනවා යනවා..
විඳින්න පින් නැති කොට මක් කොරන්නද..?
කතාව වගේම පදවැල් දෙකත්..ඒ වගේම කන හාරන්නේ නැති සංගීතයත් එක්ක උඹේ මනුස්සකම මුහු කරාපු මේ ලිපියට මගේ ස්තූතිය
අඩේ වැඩේ රවා වෙලා නේදෑ...? හදන්නෙමි...
ReplyDeleteඉතින් දැන් කොනෙක්සං එක අපූරුයි වාගේ...
එලසි...!
නොදකින් නොදකින්..නොදෝමකින්..තොපිට කොමෙන්ටු ලියන අපිට ගහන්ට ඕන බූ වල්ලෙන්..
ReplyDelete(රවා මේක දැක්කානං ඉතිරි ටික අහගත්තෑකි..හික් හික්)
සිංහල සාහිත්‍යයේ අළුත්ම යෙදුම...
දැන් කොනෙක්සොම ටිකක් ඉස්සරට වඩා පිළිවෙලයි නෙව
ඒකනේ කියන්නේ හරි කලේ එනකල් අල්ලං ඉන්ටම වෙනවා...
ReplyDeleteඕකවත් දිගටම කරං යමං... ;-)
කොහෙද තිස්ස අයියේ අතුරුදහන් වෙලා උන්නේ? මං උන්නද මළාද කියලා හොයලා බලන්න, ඊයේ එව්ව sms එකටවත් කිසි සද්දයක් තිබ්බේ නෑ නෙව..
ReplyDelete:D
අනේ මේකේ දෙවෙනි සින්දුව බාගන්න විදියක් නැද්ද??? :D
ReplyDeleteනංගී දන්නේ නැති සුකුරුත්තමක් කරන්න ගිහින් ඔපීසියෙන් දීපු සිම් එක දැන් අංජබජල් වෙලා...
ReplyDeleteඅර DivShare කියන එක උඩ ඔබන්න...
ඔයාට ඕනෑ තැනට අරන් යයි...
ලොකු සර් . . අද දවල් ඔබ තුමාට කෝල් එකක් ගත්තා . . . පිලිතුරු දුන්නේ නෑ නොවෑ . . අපි ඉතින් නිවාඩුත් ගිහින් ආවයි කියමුකෝ ඕන්. ඔබ තුමා නිවාඩු වෙලාවක මට හලෝ පාරක් දාන්ඩකෝ . . .
ReplyDelete@දුකා: මම කථාකරන්නම් මචෝ... උඹලටත් ඉස්පාසුවක් එපායෑ නේ...
ReplyDelete@අන්ශ්: http://www.divshare.com/download/14242888-d61
සින්දුව බාගතිමි. බොහොම ස්තූතියි..!
ReplyDelete:)
මන්නම් අදමයි ඕන් මේ සින්දු 2 ඇහුවේ.
ReplyDelete(මේක ඉතින් හැමදාම මේ පැත්තේ ආවොත් කියන්න වෙන කතාවනෙ.)
අප්පා තවත් මන් ආස කරන සින්දුවක් තමා ආලේ මිහිර. ස්තූතියි තිස්ස අයියා. සින්දුව වගෙම කතාවත් රස වින්දා
ReplyDeleteඇත්ත තමා දැක්කේ නෑ කලෙකින්
@අනුරාධ මල්ලි මේ දවස්වල කාංසියෙන් කියා ආරංචියක් ආවා ඇත්තද මන්දා...
ReplyDelete@නිශ්: ඔහේ....! නිෂ් මලයත් මරු රසිකයෙක් නෙවෑ...!
ජයවේවා...
තනිකඩ ජීවිතේනෙ අයියා.... කාංසිය පුදුමයක් නෙවෙයි. :D
ReplyDeleteනියමයි සහෝ.... මම හිතන්නෙ මේ බ්ලොගිය මම ආපු පලවෙනි දවස අද... කවද හරි නම් ෆලෝකරල තිබිල.. එල එල.. :D :D ලොල්ය...
ReplyDeleteආයුබෝවන්ඩ සුලැඟිලි මහතුන්...
ReplyDeleteමමනම් ඔබේ බ්ලොගය අද උදේත් බැලුවා... මීට කලිනුත් බලාතිබෙනවා... :-)
ස්තූතියි මේ පැත්තේ ආවට...
අර පලමු කතාව අර උත්තමයාගේ කලමනා-කරේ-ණය තමයි ඉතිං.
ReplyDeleteගීත දෙක අතරින් හෙලේ වලේ ලෝ එලමා සිංදුව නම් අපූරු ලස්සනක් තියෙනවා, මා ගොඩාක් ආස සින්දුවක් කාලෙකට පසුව ඇහුවා. පිං.
ඔයාව අපි දකින්නෙ මෙහෙම තමයි.
ReplyDeleteකාලෙකි මම මෙ පැත්තෙ ආවෙ.....
අපුරු සින්දුවක් නෙ දෙවැනි සින්දුව..
නියමයි සද්දෙ.. සද්දෙ නියමෙට තියනවා.. ඇත්තටම තිස්ස අයියා නියමයි....
නියමයි තිසා, ෂෙල්ටන් ප්‍රේමරත්න කියන්නෙ මට හිතෙන විදිහට හරි හමන් ඇගයීමකට ලක් නොවුනු අපේ අග්‍රගන්‍ය සංගීතඥ්ඥයෙක්.
ReplyDeleteමේ ගීත දෙකම මම ඉස්සෙල්ලාම ඇහුවෙ දැන්. ගීත දෙකම රස වින්දට අමතරව නොදැන හිටිය මාළු සෑහෙන ගණනක නම් දැන ගත්තා....)
ලස්සන ගීත දෙකක්...
ReplyDeleteඅර අන්තිමට තියෙන "මියෙන තුරාවටම" කියන එකේ තේරුම මොකක්ද? ෂෙල්ටන් ප්‍රේමරත්න කියන්නේ සමුද්‍රදේවී නාට්‍යයේ "ගෝවේ ගෑණු පරාදයි" වගේ අපූරු ගීත නිර්මාණය කරපු සංගීතවේදියා නේද?
ReplyDeleteගල්මල් මහත්තයාට නම් මෙව්වා ගැන "ඉසේ කෙස් ගාණට" අත්දෑකීම් ඇති නේ... ;-)
ReplyDeleteඔව් රවෝ ඒ සින්දුව අර ඔයිට සමාන නන්දා මාලිනීගේ "අඩි ඒලවලෙයි ඒවාලෙයි..." කියන සින්දුවට වඩා මට හිතට ඇල්ලුවා...දැලක් අදින රිද්මයට මේක කිට්ටුයි වාගේ නේද?
දුමී, මාත් හරියට නොදනී මචෝ.. ඇහෙන විදිහට ලීවේ...
ප්‍රසන්න මෙහෙම වචනයක් හරි දාලා යනවා ගොඩක් තැන්වල මම දැකලා තියනවා... ඒක බොහෝ බ්ලොග් ලියන්නනන්ට දිරිගැන්වීමක්.. ස්තූතියි ඔබට...
ලකී මේක මගේ පුද්ගලික දැක්මක්... සමහර කලාකරුවො තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේදී, ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යය උපරිමව තිබූ කාලයේ දී කරාපු නිර්මාණත් එපාවෙන විදිහේ දේ කියන්ට කරන්ට පෙලඹෙනවා... එහෙම වෙච්චි සමහර කෙනෙක් සාම්ප්‍රදායික සිංහල සංගීතයට ගරහාපු හැට් මම අහලා තියනවා.. ෂෙල්ටන් මහත්තයා නිහඬවම තම ස්ථාවරයේ ඉඳන් සිංහල ගීයේ උන්නතියට දෙයක් කලා මිසක අතීතයට, අපේ දෙයට ගැරහුවේ නෑ...මිනිස්සු මතවාදීව හෝ නිර්මාණ කරනයේදී වෙනස් වෙන එක අන්තිම සාමාන්‍යයි... ඒත් තමන් කලින් හිටි ස්ථාවර වලට ගරහන එක නම් අපුල වැඩක්... තම තමන්ට මොන මොන විදිහට සාධාරණ කරගෙන තමන්ගේ ස්ථාවරයන් වෙනස් කරගත්තාට කමක් නෑ... නමුත් යම් යම් දේට ගැරහීමෙන් වෙන්නේ පුද්ගලයෙක් විදිහට කලින් හිටි තැනට වඩා පිරිහුණු කෙනෙක් වීම පමණයි කියලා මට හිතෙන්නේ...
"සමුද්‍ර දේවී" නාට්‍යයේ සංගීතය ගැන වගතුග නොදනිමි... සොයා බලන්නම්...
ගොඩ කාලෙකින්.... ආ බව සටහන් කරමි.... :)
ReplyDeleteආලේ මිහිර ගීතය නම් කීප වතාවක් රසවිඳ ඇති හදවතේ රැඳුණු ගීතයක්. එය නැවත එළියට ගැනීම ඉතා වටින වැඩක්. අනෙක් ගීතය නම් ඒ තරම් සවනේ රැඳුණු එකක් නෙවෙයි. අහලා බලන්නට බා ගත්තා. ස්තුතියි තිස්ස අයියා...
ReplyDeleteඔහ් ඉඳහිට මේ පැත්තේ ඇවිත් යනවා නෙවෙද...!
ReplyDeleteස්තූතියි චතුර මල්ලී...