ත‍ටු සිඳුනා.... කිරිල්ලියේ...

ඉතින්....

විශේෂයක් නෑ....

ඒකද බුම්මන් ඉන්නේ...

කව්ද...? මම...? ඒ පේන හැටි...!

මෙච්චර දුරු කතරක් ගෙවන් ඇවිල්ලත් කථා කරන හැටි...!

ඒක පැත්තකට දාමු... ඉතින් කියන්න්කෝ ඔයාගේ වග තුග...?

නිවාඩු ඉවර වුනහම යනවා...

ගිහින්...?

ගිහින් කරන් හිටපු රස්සාව කරන් යනවා...!

දැන් හිත හැදිලද...?

හ්ම්ම් හිත හදාගන්න කියලා හිතන් තමා මේ ආවේ, මෙච්චර දුරක්...!

එක බලාපොරොත්තුවක් නැතිවුණහම, තව බලාපොරොත්තුවක් ඇතිකරගත්තම හිත හැදෙනවද...?

මම ඔච්චර සංකීර්ණවට ඔව්වා ගැන හිතන්නේ නෑ... හිතට සතුට ගේන දෙයක් ගාවට ගියහම මගෙ හිත හැදෙනවා... එච්චරයි...!

හැමෝටම එහෙම නිදහසක් නෑනේ...!

කූඩුව ඉතින් ඔයාමනේ හදාගෙන තියෙන්නේ...!

ඔයාට සමහර දේවලින් වාගෙම වගෙම මටත් ඒ කූඩුව සතුට ගේනවා...!

ඔය කියන්නේ මට යන්න කියලද දැන් මේ...?

නොකියපු දේ වලිනුත් හිත රිද්දවා ගන්නේ ඇයි....?

ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?

අපි කමුද අයිස්ක්‍රීම්....? මෙතන ඒවා හරි රසයි...!

.................................................................!

ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
යොවුන් වියේ හැඟුම් දරා...
නෙතින් නෙතට පියාසලා....
ත‍ටු සිඳුනා....

සමුදුරෙන් එහා මැවූ ලොවේ...
නෑ ඔබේ සිතුම් සැලී ගියේ....
මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ...

ජීවිතේ යොවුන් වසන්තයේ...
නැ ඔබේ පැතුම් පරාද වී...
මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිඳී ගියේ...

ගීය අහන්න... ඕන්නම් මෙතනින් බාගන්න (download)...

26 comments :

  1. මොනාද අයියා ...

    පියාඹලා එන්න පෙම් සිතට තටු අරන්
    ඉගිල්ලිලා ගිය නුඹ කූඩුවේ දොර ඇරන්
    හතක් මුදු පසුකරාන ගියත් බෝ දුරක්
    ආත්ම ගනනේ මා මඟ ඉදිමි නෙත් යොමන් ..

    ReplyDelete
  2. උණුම උණුම කොමෙන්ටුව දා ගත්ත යන්තම්... දැන් දෙන්නම් බැටේ...

    අයියා .. අයියට මොකටෙයි හැබැට තටු...සිතේ තියෙන අටික වේගයෙන් සැලෙන නොපෙනෙන තටු මදි වුනාද?

    අයියට තියෙන්නේ නිවාඩු ලැබුන ගමන් අර ලොකුම ලොකු පියාපතක ( එයාර්වේස් ද මොනාද ) අර ලොකු කුරුල්ලෙක් ඉන්නේ අන්න වුගේ පිටේ නැගල ඇවිත් රුන් ගාලා බහින්න...

    එන්න දින ළඟයි
    සිතුවිලි මඩල පොදි බදියි

    ගණින්නට ගොසින්
    දින මට වැරදුනා වගෙයි

    නාඩ ඉමු ඉතින්
    දින ටික ඉක්මනින් ගෙවෙයි

    සිතුවිලි අතර බලන්
    මම නූඹ ළඟම ඇත එතෙක්

    යසයි ..අපූරුයි ... දැන් තමයි ඕං සින්දුව අහන්නේ ...

    ReplyDelete
  3. හනේ..හනේ...හරිනෙ මම හිතුව.....

    ReplyDelete
  4. හුම් ලස්සන සිංදුව ... හුම්ම්ම්ම්

    ඉක්මනට ලංකාවට එන්න්කෝ

    ReplyDelete
  5. කතාව නම් හරියකට තේරුණේ නැහැ. ඒ හින්ඳා ඒ ගැන කිසි දෙයක් කියන්ඩ බැහැ. සිංදුව නම් අගෙයි. ලස්නසයි...

    ReplyDelete
  6. @wath: දිය ඇල්ලක් වාගේ කවි වෑස්සෙනවා.... කොහොම ලියනවාද මන්දා මෙහෙම කවි...!!!

    @නෙතාර: Mr. Watson කෙනෙකුත් හොයාගන්ට වෙයි මයේ හිතේ..

    @ඉලංදාරියා: හිතෙන් ලංකාවේ තමා මලේ...

    @Jeew: ම්ම්ම්...පටලැවිල්ලක් තමා...පින්තූරෙයි සටහනයි සින්දුවයි එකට ගන්ටකෝ....

    ReplyDelete
  7. තිස්ස අයියේ මේ නිදිමත වෙලාවේ කියන්න දෙයක් නෑ. උපරිමයි.
    දැන් අළුත් සතුටකින් වගේ. සිංදුත් කීපයක්ම ලඟ ලඟම දාල තියෙන්නේ.........

    ReplyDelete
  8. අයිස් ක්‍රීම් කන්න මේ හිතලේ...පිස්සුද?

    ඇයි නරකද? හිතල වැඩි වුනාමත් හොදයිනේ...

    මොක්කද හොදේ...

    නෑ ඉතිං ඔයාට සීතල වුනහම මට පොඩ්ඩක් තුරුල් වෙන්න පුළුහන්නේ...

    මල සමයන්.....

    ආ ඇත්තද?ඉස්සරනම් කොහොමද....

    ඇයි කොහොමද...මට මතක නෑ...

    ඔව් ඉතිං අමතක වෙනවනේ....අපිවත් අමතක වෙයි ඔහොම යනකොට....

    හ්ම්ම්ම්ම් එහෙම වෙයිද දන්නෙ නෑ...

    එහෙන්ම මම යන්නම්.....

    පුළුහන්ද දැන්ම යන්න....

    හිත රිද්දනකොට යන්නමයි හිත....

    හරි හරි එහෙනම් ආයේ හිත රිද්දන්නේ නෑ....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්බෑ...

    අන්න එහෙම එන්නකෝ....

    ඔයා එන්නකෝ......

    කොහෙද?

    ලංකාවට අපිත් එකක් ඉන්න.....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්........

    මොකද....හ්ම්ම්ම්ම්...මට හිතරිදුනාම සනසන්න තමා කවුරුත් නැත්තේ...ඔයාට හිතරිදුනාම යන්නත් හදනවා....

    හරි හරි මට තේරෙනවා.....

    මොනාද තේරෙන්නේ.....ළමයි අපියි මෙහේ ඉදන් ඔයා එනකන් බලං ඉන්නවා....ඔයා හැමදාම ඇවිත් දවසින් දෙකකින් ආපහු යනවා...

    මම ඉතිං යන්නේ ඔයාලා වෙනුවෙන්මනේ....

    කවුද දන්නේ එහෙ කෙනෙක් ඉන්නවද කියලා...

    ඔය ඉතිං ආයේ පටන් ගත්තා....මේ බලන්න...මම හැමදාමත් ආදරේ කලේ ඔයාට....ඇත්තමයි...බලන්න මගේ ඇස් දෙක දිහා....පේනවද දැනෙනවද මගේ හිතේ තියෙන සෙනෙහස ඔයා ගැන අපේ ළමයි ගැන.මම කොහේ හිටියත් ඔයාලව තමයි මගේ හිතේ ඉන්නේ.....

    මං දන්නවා සුදු මහත්තයෝ.....අනේ එන්න රත්තරනේ දැන් ඇති දුර ඈතකට වෙලා හිටියා.අපි තියෙන විදිහට කාලා බීලා ඉමු.ආදරේ සෙනෙහස කියන්නේ සල්ලි නෙමේ.ඔයා අපි වෙනුවෙන් දුක් විදිනවා බලං ඉන්න බෑ මහත්තයෝ.....අපිට මේ තියෙන හරිය ඇති‍.බලාපොරොත්තු හින්දා තමයි අපි ජීවත් වෙන්නේ...ඒත් ඒ බලාපොරොත්තු නිසා දුක් විදින්න ඕනි නෑ නේද? ආ.... කියන්න මගේ මහත්තයෝ....?

    ඔයා කියන දේ ඇත්ත සුදු මැණිකේ......

    ඇත්තනම් ඇයි එන්නේ නැත්තේ.....

    හ්ම්ම්ම්ම්ම්ම බලමු.....

    ඔය ඉතිං...අනේ හරි නරකයි සුදු මහත්තයෝ ඔයා...බලමු බෑ.හරියට උත්තරයක් දෙනකම් මම මෙතනින් හෙල්ලේනනේ නෑ......




    සුදු මහත්තයාගේ පිළිතුර ලැබෙන තෙක් බලා ඉන්න
    ඇය
    ෴ සුදු මැණිකේ ෴


    කතාව හොරෙන් අහන් හිටිය
    මං
    ෴ හසියා ෴


    අනුන්ගේ කතා හොරෙන් අහන්න මට පුරුදු කරපු
    ඇය
    ෴ වත් ෴

    ReplyDelete
  9. මල........... සමයං :)

    පලි: පිංතූරෙනං මට වැඩිය ඇල්ලුවෙ නෑ... ;)

    ReplyDelete
  10. @Priyantha: හප්පේ උඹත් අර එලිවෙනකල් නිදිමරන නඩේට වැටුනද...?

    @හසියෝ: සංදුක්කේ වත් අක්කා කරුමාන්තේ අඩුපාඩුවමක් නැතිවම කියාදීලා තියනවා ....!!!

    @Buratheno: හහ් හහ් හහ්.... ම්ව්බිමෙන් මෙච්චර නුහුරු පරිසරේක ඉඳලත් උඹට නියමෙටම අපේ වහර හොඳටම හුරුයි නේ බන්... ගැලැපෙනම වචනේ.... උඹේ මීටරෙත් නියමයි, පින්තූර කථාවත් ඔලුවට වැටුනා නේ...? උඹලා වාගේ සහෘදයෝ ආස්සරේ කරන්ට ලැබීම නම් ඉතාම සතුටට කාරණයක්ය මලේ...!!!

    ReplyDelete
  11. මාරයගෙ ලෙඩේ හැදිලද

    ReplyDelete
  12. """"""" හැමෝටම එහෙම නිදහසක් නෑනේ...!

    කූඩුව ඉතින් ඔයාමනේ හදාගෙන තියෙන්නේ...!

    ඔයාට සමහර දේවලින් වාගෙම වගෙම මටත් ඒ කූඩුව සතුට ගේනවා...!

    ඔය කියන්නේ මට යන්න කියලද දැන් මේ...?

    නොකියපු දේ වලිනුත් හිත රිද්දවා ගන්නේ ඇයි....? """""""""""



    ඇයි කියල මට වඩා හොඳට ඔයා දන්නවනේ.... ඔයාට ඔය කූඩුව හොඳ නම් ඒකටම වෙලා ඉන්න... ඒත් ඒකෙන් ඔයාටවත් මටවත් වෙන හොඳක් නැහ...

    ReplyDelete
  13. @Praසන්ன: හප්පා ඒකනම් මාර ලෙඩක්ම තමා...!

    @පිස්සා පලාමල්ල: මේං දැක්ක කල්...! පරිකල්පනයනම් ඉස්සර වාගේම එල...!!!

    ReplyDelete
  14. සිසිරය අවුදින්
    කුරුල්ලනේ ඈතට පියාඹන්
    කෝකිල ගීයන්
    පවන් සලයි අත්තටු පිරිමදිමින්

    ReplyDelete
  15. ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?
    ඒක කරන්නෙ කොහොමද? ඒ එක දවස මගෙ ජීවිත කාලෙම වුනොත්?
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. @ගල්මල්: බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ...!

    @මැණික්(සුළඟ) : අන්න නියම ප්‍රශ්නය...!!!!!
    අමතක නොකලොත් වරදින්නේ නෑ කවදාවත්.....!!!!!

    ReplyDelete
  17. දිව්‍යමය ප්‍රේමය ??

    ReplyDelete
  18. මේ සින්දුව දාගෙන උඹ භාවනා කළාද.. පූර්විකාව පින්තූරෙත් එක්ක අදනං අමුතුම මානෙක..
    කාලෙකින් ගොඩවදින්න බැරිඋන එකගැන අමනාප නොවෙයි නේද?

    කොහොමත් තටු විදාගෙන හරි ඉක්මනට ලංකාවට වරෙං. අපි බලං ඉන්නවා.

    ReplyDelete
  19. හොඳ වැඩේ... ඔහොමමයි වෙන්න ඕනෙ හිතාමතා අනුන්ගෙ හිත රිද්දවනවට... නේ... යෝගී... :)

    ReplyDelete
  20. @දුකා : එහෙමද නැත්නම් අර ඩගියගේ මොකක්ද එකද...? අර දෙයියෝ මැව්වේ තුන්දෙනයිලු.... දන්නවනේ...කේස් එක....

    @යෝගී: හෑහ්... ටී ඇම් භාවනාව පුරුදු කරන්නත් ආවා පුතයෙක් මට...මම අහුවෙයි ඕවට... ඉඳහිට චිත්‍රකථාත් බලපන්... Autobiographies ම කියවා කියවාම ඉන්නේ නැතිව...

    @චේජනා: දැන් කොමෙන්ටුත් සයිඩ් සපෝට් එකක් නැතුව බෑ වාගේ...?

    ReplyDelete
  21. අපේ ජිවිත වල හැම සන්දිස්ථානයකටම සම්භන්ධ ගීත තියෙනව කියල ඔයගේ​ බ්ලොග් එක කියවන ​කොට තේරෙනවා තිස්ස අයියා.....

    ReplyDelete
  22. රසවත් දෙබසක්.. ලස්සන සිංඳුවක්.. :)

    ReplyDelete
  23. අයියා පට්ට කොල්ලෙක්නේ අයියා. අම්මපි ඇස්වහක් කටවහක් නෑ ලස්සනට ලියනවා බං අයියේ උඹ. ජය...

    ReplyDelete
  24. නියමයි අයියේ.. එලම තමා...

    ReplyDelete
  25. ලස්සන සිංදුවක්. ලස්සන දෙබසක්. මෙහෙමත් ලස්සන සිතුවිලි නැගෙන මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා කියලා සතුටු වෙමි.

    ReplyDelete
  26. අප හැමගේම ආදරණීය අයියාණ්ඩිය වෙතටයි!!!!!!!!!!!!!!!

    එක් සාලිස් වසරකට පෙර පින්බර දිනයකදී

    පින්වත් මවක් සුපින්වත් කුමරවකුට උපතදී

    ඒ මව් තුරුලේ හා ආදර පියතුම ඇකයේදී

    වැඩුනා පුත් කුමරු යහපත් කම් උගෙන හැදී



    උගතකු වී විය යුතු සේම රටට දැයට හිත් ඇති

    මිනිසකු වී හිතවත්කම් හැමහා නිරතුරු බෙදා ගතී

    සැමියා වී පාමින් බිරිඳට හදපෙම්මල් පිරුණු ඉතී

    පියාණ වී ගරු කරමින් දෙපුතුනුවෝ සිහිකරති නිතී



    නවලොවක් හැදුනා ඒලොව අතුරුදැල් වියන මැද

    බෝමිතුරන් ලැබුනා සැම නැහැ එක ලෙසින් හොඳ

    හොඳමිතුරන් රැඳුනා සැම දෙන එකා ලෙසින් අද

    ආසිරි පැතුම් ගෙනෙනා සඳ ඇස නොතෙමා ඉන්නවද?



    පෝදා පිරුණු සඳ සිහි කරනා සිනා වත

    පහදා දෙමින් කාරණ නුඹ හදනා අපේ සිත

    කිසිදා උස් තැනක නොතබනා රුපියල් සත

    සදා තුටින් බැබලේ අයියේ ඔබ හද ගී පොත

    සුභ ම සුභ උපන්දිනයක් ඩියර් පැඟිරෝ...............

    ReplyDelete

 
Blogger Wordpress Gadgets