මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන සතුන්ගෙනුත් ගන්න පුලුවන් කියල තේරුණේ "විද්‍යාව"ට පින්සිද්ධ වෙන්න. එකෙක් මදිනම් දෙන්නෙක් දාලත් අදින්න පුලුවන් "පවර්" එක වැඩි කරගන්න...
ජහ් මහ් මගෙ වයිර පුතා...
මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...
මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....
තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....
ජහ් මහ් මගෙ වයිර පුතා...
මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...
මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....
තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....
ඒකනෙ අප්ප. ඔය කාර් වැඩිකළැයි කියල අඬන උදවියට ඔය තියෙන්නෙ ඔප්ෂන්ස්.
ReplyDeleteට්වින් ඇන්ජින් එකක්ම ගන්න පුලුවන්නෙ. හැක්..
ඒකනේ ජෙනරල් ලක්ෂරි (GL) ඇන්ඩ් සුපර් ජෙනරල් ලක්ෂරිත් (SGL) තියේ!
Deleteමේ හින්දි තනුවට මේ පදවැල ලියවී ඇතිබව අමතකව ගොස් තිබුනා තිස්‌ස
ReplyDeleteතනුවට වචන යෙදීම තරමක අසිරු කටයුත්තක් යෑයි අසා තිබෙනවා
මානවසිංහ මහත්තයා රුක්‌මණි දේවි ට ලියලා දුන්න දේ ට වඩා මෙතන වඩාත් තනුවට ගැලපෙන දේ ඇති බවයි පෙන්නේ
මොකද බරබාගේ තාලයට මේ තනුව වඩාත් සුදුසුයි කියලා හිතෙනවා අර වගේ දේශාභිමානී පදවැලකට වඩා
ඔව් "දේකො කම් හේ.." කියන එකට "මං පොඩි කාලේ දැක්කට පස්සේ.." තනුව දැම්ම වගේ... අර්ථය ගැලෙපෙන්නේ ඒ වාගේ යන ඒවට තමා..
Deleteකවදා කොහේදි මගේ හිතට මුලින්ම ආවද කියලා මට මතක නැති උනත් සතුන් ලවා කුමන හෝ මිනිස් වැඩක් කරවා ගැනීම දකිද්දි ලොකු දුකක් දැනෙනවා මිනිස් සතා ගැන.. ඔය තැන් දෙක මාරු උනොත් ......
ReplyDeleteඔව් නිතවිහිද ඒත් මිනිස්සුන්ගෙනුත් වැඩගන්නෙ වැටුප්දීල වුණත්...
Deleteතමන්ගෙ දරුවන් වයසක් දෙමව්පියන්ට දාලා යන්නෙ බලාගන්න..
මිනිහත් කපුටා වාගේ සතෙක්.....
ඒක ඇත්ත .. මට අදයි තේරුනේ "නිතවිහිද" කිව්වෙ ඇයි කියල.. එක ලස්සනයි. ස්තුතියි. කපුටා කූඩු හැදුවා වගේ තමා ගොඩක් මිනිස්සුන්ගෙ වැඩ..
Deleteකොහෙන්ද කොහොමද මේ පරණ සින්දු හොයා ගන්නේ.. මෙහෙම හොයාගන්න පුලුවන් විදිහට ආරක්ෂා වෙලා තියන එකත් පුදුමයි අපේ සිරිලංකාවේ..
ReplyDeleteඔයා ලංකාවෙද අඟහරු ලෝකෙද? නෙට් එකේ සර්ෆ් කරලා බලනවකො පරණ සිංහල සින්දු කොච්චර තියනවද කියලා.
Deleteඔව් නිතවිහිද ගොඩක් අය කරන්නෙ අන්තර්ජාලය කාල් ගගා එක තැනකින් අනෙක් තැනට දාන එකයි...
Deleteආසාවක් උනන්දුවක් තියන අය කොහෙන් හරි සොයාගන්නවා අර දුර්ලභ කාසි එකතු කරන අය වාගේ!
සහතික ඇත්ත තිස්ස අයියේ..
Delete.හින දකින්නි
Delete...අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන ඔයාගේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස අනුව හොයලා බලන්න
මේක ලිවේ ඇයි කියල අපි දන්නවා. නියමයි තිස්ස අය්යා
ReplyDeleteදේසේ හැටියට බාසේ!
Deleteඅපේ පෙදෙසෙ මාගාල වගේ නම් ඇති තැන්වටලට අරුතක් එපැයි. කරත්ත නැතත් සතා නම් රැල පිටින් ඉන්නවා හරියට ගාල් කරලා.
ReplyDeleteපහුගිය වැහි සමයේ ඔරුගොඩවත්ත කියන එක තේරුම් කරලා තිබුණා. හලා-වත, ල-තැවිල්ල, පා-නම්-පත්තුව වචන වලටත් ඒ මොඩල් එකේ තෙරුම් නරක නැහැ.
හැබැයි කොන්ක්‍රිට් කොලම් උස්සලා සිටියට කොලොම්-තොට කියාවි වරද්දන්නේ නැතිව.
කදිම සතා - ටිකිරි සුදා
Deleteඅපෙ හොඳ ගොන් වස්සා - මේ අපෙ හොඳ ගොන් වස්සා
බරබාගේ - ඇදලා කරනා අපෙ මුලු පවුලම රක්ෂා!
දෙහිවල ඇලන් ඇවනියු එකේ ( යූසී එක පහුවුනාම ) ඉස්සර ගාලුපාරෙ ආව කරත්ත ගාල් කරපු තැන
Deleteme sinduwa rap eka neda ara "pilli gonaa purudhu karayaa" :P
ReplyDeleteදින කීපයකට පෙර මඩකලපුවේදී සේබු/බ්‍රාහ්මින් ගොන්නු දෙනෙක් බැඳපු කරත්තයක් දැක්කා, ඔය පින්තූරෙ ඉන්න හරක්ටත් වඩා උසයි උන්. පින්තූරෙ මෙතන දාන්න මං දන්නෙ නෑ
ReplyDeleteIf you need to add any image or picture in your Blogger comment, we will need to use the tags below BEFORE and AFTER the address of your image:
Delete[img]your-image-url[/img]
thanks
Deleteමටත් මතක් වුනෙත් දුකා උඩින් කියලා තියෙන "පුල්ලි ගොනා පුරුදු කාරයා"සිංදුවනේ තිස්ස අයියේ,
ReplyDeleteකරත්ත පොඩ්ඩක් ප්‍රමෝට් කරලා ගත්තා නම් කාර් ගැන බර බර ගාන්න ඕනෙත් නැහැනේ එහෙනම්.
ඉතාම හොඳින් පැහැදිලි ශ්‍රවණය කළ හැකියි, ගීතය පැරණි එකක් වුවත්. ස්තුතියි.
ReplyDeleteස්තුතියි තිස්සයෙනි
ReplyDelete