වැහි පොද වැටිලා බිම් මල් පිපිලා....

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ...

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ....



wahi poda watila bim mal pipila

23 comments :

  1. මට නං මේ සින්දුව වැඩියේ මතකයේ තිබුණු එකක් නොවෙයි. ස්වදේශීය සේවයේ ළමා වැඩසටහන්වල ගිය එකක්ද?

    (ටෙම්පෝ එක වැඩි කළ නම් ලා තනකොල පෙත්තාස් ලා ට කියන්න දෙන්න තිබුණා!)

    ReplyDelete
  2. ඔව් කසූ... හැත්තෑව ගනන්වල එකක් තමා...
    මඩවල මහත්තයත් බොහොම කැමැතිව තිබූ ගීයක්...

    ReplyDelete
  3. පින්තුරය ගැන නම් මුකුත් කියන්නට සිතක් නැත . සින්දුව නම් ලස්සනයි . අහල තිබුණ මතකයක් තියෙනවා . ශිශිර කාරක නින්දෙන් අවදි වීම ගැන සතුටුයි

    ReplyDelete
  4. අපිස් සතොස් දිවියක් ගෙවූ රජෙක් සුදු පාවඩ මතින් ගිය ගමනක් බින්දි ඒක...

    ReplyDelete
  5. මං ඒත් බැලුවා රීඩරේට වැරැදිලාද කියලා, හද ගී පොතේ අලුත් පෝස්ට් එකක් වැටිලා කියලා පෙන්නනකොට..

    ReplyDelete
  6. තාම හිත හරියට එකලාසයක් වෙලා නෑ බුරා....

    ReplyDelete
  7. ෆොටෝව ගැනයි.

    මිතුර, ඔය ගමන ඔබත් මාත් යනවා මතු දවසක. Such is life!

    මාත් ඔය වගේ දවසක ගත්තු ෆොටෝ එකක් දැම්මා මෙන්න මෙතන.
    http://kathandara.blogspot.com/2011/02/blog-post_11.html

    ReplyDelete
  8. ඒකනම් එහෙම තමා කසූ....
    ඒත් තමන්ගෙ කෙනෙක් වුණහමයි හරියටම දැනෙන්නෙ...
    ඒ ඇරත් මගේ හිතත් හයිය මදි

    ReplyDelete
  9. මේ ගීය ඇසුවේ ගොඩක් කාලයකට පසුවයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. අජිත් මහත්තය ඉස් ඉස්සෙල්ලමද මන්ද කමෙන්ටුවක් දැමූවේ මේකේ...
    බොහෝම සතූතියි ඔබට

    ReplyDelete
  11. කඩියට යන්න පාරක් නැති උනොත් උෟ පාරක් හදාගෙන හරි යනව.
    බොහොම කාලෙකට පස්සෙ ආවට සතුටුයි තිස්ස අයියා.

    ReplyDelete
  12. ඒක හරි ප්‍රසා.....
    ඒ යන පාරෙන් කාටවත් බාධාවකුත් නැත.....

    ReplyDelete
  13. රජෙක් උනත් ගිලන් වෙලා එක්තැන් වුනු දා . . හිතෙනවාට සැකයක් නෑ . . නිරෝගි සෑප හැර සැපයක් ලොවේ කොයින්දා . .

    සියළු සංස්කාරයන් නැසෙන සුළුය
    එහෙත්,
    එසේ කියා අතහැර දැමීම...?



    ReplyDelete
  14. නැත සොයුර, නැසෙන බව සිහිතබාගෙන නැසෙන තුරු රැකබලාගත යුතුය.

    ReplyDelete
  15. තිස්ස අයිය කාලෙකට පස්සේ ලියපු එක නම් හොඳයි.. දුක නම් ඉතින් හැමදාම තියෙනවා.. දුකත් එක්ක ඉන්න පුරුදු වෙන එක තමා කරන්න වෙන්නේ..

    ReplyDelete
  16. මේක අපේ දුකා දැක්කනම් මොනව කියාවිද පැතුම් ;-)

    ReplyDelete
  17. කාලෙකට පස්සේ...තාම හිතට දුකද?

    ReplyDelete
  18. සතුට මෙන්ම ශෝකය ද අපිව අවදි කරනවා නේද තිස්ස.
    කුඩා කාලයේ අහපු ගීයක් එක්ක නොදන්නා හිතවතකුගේ මරණයක්..........ඔහුට නිවන්සුව!

    ReplyDelete
  19. පලිපාන මැතිණිය: ඒක නේන්නම් කාරිය... කොච්චර හයියෙන් අල්ලං උන්නද කියල දැනෙන්නෙ දැන් තමා

    ගමයා: සහතික ඇත්ත... ඒක මටවත් තේරුණේ නෑ හැබෑටම... ඔබේ කල්පනාව සියුම්... ස්තූතියි

    ReplyDelete
  20. හැම වෙලාවේම මාත් හිතාගෙන ඉන්නේ මරණය කියන නියත උරුම දේ ගැන මගේ හිත හයියයි කියලා බන්.

    ඒත් අන්තිම පාරට මේ ලඟදිත් ජනිතාගේ මරණේ අහන්න ලබුනු දා ඉඳන් ඇහට වත් දැකලා නොතිබ්බත් කතාබහ කරලා විතරක් තිබිලත් තාම හීල්ලෙනවා ජනිතාගේ අම්මයි උදාරයයි දාන ස්ටේටස් දකලා.

    සංවේදී කම මල වදයක් වෙන්නේ ඒ වගේ වෙලාවට. ඒත් ඒ සංවේදි කම නැති හිතක් පපුවක් නැති ගල් වගේ මිනිස්සු කරන වැඩ දකින වෙලාවල් වලදී හිතෙනවා එකපාර කඩා වැටුනත් හිත හදාගන්න කාලයක් ගියා උනත් ඒ සංවේදී කම වාසනාවන් කියලා.

    උඹේ අප්පච්චී නැතිවුනු එකේ වේදනාව කොයි තරම්ද කියලා තේරෙනවා බන් ඒත් . . .ඒත් කියනවා අර වෙන මක්කා කියන්නද . . .

    ReplyDelete
  21. "සංවේදී කම මල වදයක් වෙන්නේ ඒ වගේ වෙලාවට. ඒත් ඒ සංවේදි කම නැති හිතක් පපුවක් නැති ගල් වගේ මිනිස්සු කරන වැඩ දකින වෙලාවල් වලදී හිතෙනවා එකපාර කඩා වැටුනත් හිත හදාගන්න කාලයක් ගියා උනත් ඒ සංවේදී කම වාසනාවන් කියලා"
    කොයි එකද වටින්නේ කියල තේරුම් යන්න අපට තව ටිකක් කල් යාවි මචං

    ReplyDelete

 
Blogger Wordpress Gadgets