සිරීපාදේ වන්දනා කල කාලයක් මතකේ නැත... මතකයේ නොරැඳෙන තරම් කුඩා කල, කා අතටවත් මාරු වීමට අකමැති වූ මා කරපින්නාගෙන අප්පච්චී සිරිපා කරුණා කල වග අම්මා මා සමග පවසා ඇත... (උන්දෑට පින් සිද්ධ වෙන්න ඕනැ එහෙමවත් සිරිපා කරුණා කෙරෙව්වට මාව...!) ආතරයිටීස් සෑදීමට පෙරාතුව ඉස්මන් කලයුතුය... දේශාඨනයේ ඇල්මක් ඒ හැටි නැති වුවද වන්දනා ගමනක් ලෙස බොදුනුවෙකු යායුතුම ගමනක් ලෙස සිරීපාද වන්දනාව මට හැඟේ... සමනල කන්ද තරණය කොට සිරිපා වන්දනාවේ නොයෙදුනද, බොහෝ දුරින් සමනොළ ගිර දැක ඒ දසුනෙන් සිත පිනාගිය අවස්ථා කිහිපයක් හිතේ ඇත... දුරුත්තෙහි පැහැදිලි වන ආකාසයත් පරිසරයත් නිසා සමනොළ කන්ද බොහෝ ඈතට දිස්වේ... සපුගස්කන්ද යන්ත්‍රාගාරයේ වැඩ කරන සමයේ පාන්දරින් එළියට බහින මා කැළණි පාලම හරියට එනවිට උදේ හයයි තිහට පමණ වේ... බස් රිය තුල නින්දත් නොනින්දත් අතර සිටින මා හිරුට ඉදිරියෙන් දර්ශණය වන සමණොල කන්ද වරෙක දකී...
යන්ත්‍රාගාරයේ පෙට්‍රල් නිපදවන කොටසේ ඇති උත්ප්‍රේරක පරිමාව අවුරුදු දෙකකට වරක් නැවත බලගැන්විය යුතුය... එතෙක් අපේ ගෙදර ඇත්තන් සේ (හා බොහෝ මව්වරුන් සේ) හුස්මක් කටක් නොගෙන, අවුරුදු දෙකක් එක දිගටම, දිවා රැ නොබලා යන්ත්‍රාගාරය ක්‍රියාත්මක වේ... උත්ප්‍රේරක නැවත වැරගැන්වීම, ඉතාමත් පරෙස්සමින් කලයුතු කාරියකි... ඉංජිනේරුවන් දෙදෙනෙකුගේද, ක්‍රියාකරවුම්, රසායනාගාර හා නඩත්තු ශීල්පීන් විස්සක තිහක පිරිසකගේ අනලස් ශ්‍රමය මතම කෙරෙන කාරියකි ඒ... සියුම් හෝ අතපසුවීමක් රටටම බලවත් පාඩුවක් කිරීමට සමත්ය...
දවස් දහයක් දොලහක් එක දිගටම කෙරෙන මේ කාරියට ඉන්ජිනේරුවන් හය දෙදෙනෙකු වැඩමුර ක්‍රමයට යෙදවේ... වැඩ මුරය හතේ සිට හත දක්වාය... වැස්ස අඩු දුරුත්තේ යොදාගන්නා බැවින් රාත්‍රී වැඩ මුරයේදී දුරුතු හීතල සම් මස් විනිවිද යයි... වැඩමුරයේ යෙදෙන්නන්ට අමාරුම වේලාව නම් පාන්දර දෙකය... ලෝකයේම බොහෝ යන්ත්‍රාගාර වල අනතුරු සිදුවී ඇත්තේද මේ වේලාවටය... මිනිස්සුන්ට තදින්ම නින්ද යන්නේ මේ වේලාවට විය යුතුය... ක්‍රියාකරවුම් ශිල්පීන් ගේ කාරුණික තේ කෝප්පයත් බනිස් ගෙඩියත් මේ වේලාවට මසුරන්ය... පාන්දර තුන හතර වන විට කිලෝමීටර් හත අටක දුරක් යන්ත්‍රාගාරය තුලම උඩ පල්ලෙහා ඇවිද හමාරය... කම්කරුවන් එහා මෙහා වූවා කියා ඔවුන් එනතුරු ඒ කාරිය කිරීමට රසායන ක්‍රියාවලිය ඉඩදෙන්නේ නැත... සෝඩියම් කාබනේට් මුට්ට ඔසවාගෙනවුත් දියකර පොම්ප කලයුතුය... රසායනාගාර ශිල්පීන්, පෑ භාගෙන් භාගෙට සාම්පල් දැමිය යුතු සාම්පලය, වේලාව එහාමෙහා කොට පැයකට වරක් දැමීමට දරන මාන බැලීම්ද, උකුසු ඇසින් බලා සිට, අප විසින්ම සාම්පල් දැමීම කළ යුතුය...
වෙවුලන දෙපාවල තෙහෙට්‍ටුව වලකාලීමට මෝටර් පාදමක් මත, තහනම් වුවද, මදක් වාඩිවෙමි... හිස පහතට නැඹුරුවී ඉබේම නින්ද යාමට එයි... නැගෙනහිරින් එන ලාහිරු කදම්බය භාගෙට පියවුණු ඇසි පිය මත ලාරත් පහැයක් ඇතිකරයි... ඉබේම දිගහැරෙන ඇසිපිය, ඉදින් ඒ සුන්දර දසුන නෙත ගැටීමට සලස්වයි ... සිත තුල ජණිතවන අප්‍රමාණ භක්තියත්, ඒ මණස්කාන්ත දසුනත් නිදිමත සැබැවින්ම පළවා හරියි...
-----------------------------------------------------------------------------------------------------------------------
වසර කිහිපයකට පසුව නැවතත් සිරී පාදය අමුතුම කෝණයකින් දුටුවෙමි... ඒ, අප වැනි බොහෝ දෙනෙකුගේ දාඩිය මහන්සියෙන් පෝෂණය වූ ලංකාවේ තෙල් ව්‍යාපාරයෙන් කොටසක්, ලංකාවේ මිනිසුන්ගේම සල්ලිවලින් මිලට ගත් ඉන්දියානු සමාගම සමග චීන වරායට ගිය ගමනේදීය... රාජකාරිය නම් අනූනම අවුරුද්දකට අත උඩින් බද්දට දුන් චීන වරාය තෙල්සංකීර්ණයේ ඔවුන් කර ඇති "සංවර්ධන කටයුතු(?)" නිරීක්ෂණය කොට, තවමත් බලාත්මක නැති ගිවිසුම නැවත ලිවීමේ කටයුත්තය... රත්මලාන ගුවන් තොටින් අහසට නැගි සැනින් සිරී පාද කන්ද දිස්වුණි... මා ඉදිරියෙන් අසුන් ගෙන සිටි එකල සමාගමේ ප්‍රධාන විධායක වූ රාමක්‍රිෂ්ණන් මහතාට මා එය සුරතින් පෙන්වීමි... Is that Adam's Peak..? ඔහු මා නැවත විචාලේය... මා හිසින් පිලිතුරු දුනිමි... මගේ අපුල පරයා සිරී පාද කන්ද පෙරමෙන්ම උපේක්ෂාවෙන් මණස්කාන්තව පෙරඹර නැගී තිබුණි...
ශ්‍රී පා වඳිමූ මුණිගේ..... ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්....
නිරිඳා දිලිඳා එකසේ....
සිතලා සැනසු දෙසූ සදහම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
මේ ඝොර සසරේ... මහ ඝණ අඳුරේ....
තැවුණ පාපී දනා.... තැවුණ පාපී දනා....
මෙත් ගඟ නාවා... සිත් මග පෑවා....
මාරජී භගවා.... මාරජී භගවා....
පය ධූලී සේ සලකා... රාජ සෞභාග්‍යාතැරි නරදම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
පේරුම් දම් පුරා, මරුන් මන් මරා....
අනර්ඝ මෝක්ෂේ ලැබී... අනර්ඝ මෝක්ෂේ ලැබී...
ලෝහිමි ධර්මේ සදාය සාමේ....
තුන්ලොව තාම වඳී... තුන්ලොව තාම වඳී...
ශ්‍රී පාමුල ලෝ හිමිගේ.... ශ්‍රී පාමුල ලෝ හිමිගේ....
මගේ හිස පාපිස්නකට පුදම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.... ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
ශ්‍රී පා වඳිමූ මුණිගේ.....
ගීතය අහන්න...
හින්දි තණුවකට අනුව කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත මේ ගීය සංගීතය යොදා ගායනය කරමින් සිසිර සේනාරත්නයන් නිර්මාණය කර ඇත්තේ 1956 දීය...

nice song Tissa!
ReplyDeleteකාලෙකින් අයියට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. සිංදුව එහන්න දැන් ලයින් ස්පීඩ් මදි. දැනට කියවා බැලුවා...
ReplyDeleteශ්‍රී පාදේ කියල පටන් ගත්ත ට මොකද සැරින් සැරේ කෑලි කෑලි අහල තියෙන සපුගස්කන්දෙ කතාවෙන් ම තවත් කෑල්ලක් ඇහුව කියමුකො ඉත්න්..:-)
ReplyDelete@Podi Kumarihamy: අහ් ඔබහතුමියත් මේ පැත්තේ ඇවිත් නේ...? ඉස්තූතියි..
ReplyDelete@Priyantha.ඒබී: ඔව් මළේ දන්නවානේ ඉතින් නිවාඩුව ඉවරවෙලා මෙහෙට නෝමලයිස් වෙන්න කලක් යනවා මට...
@චේජනා: ම්ම්ම් ඒක විතරද අහුවුණේ... හැබැයි තව කථා දෙක තුනක්මත් තියේ... අන්තිම පේළිය වෙනකළ්ම...
is that adams peak ? මේක දැක්කහම ලිපිය කියවන කොට හිතේ තිබ්බ සුන්දරත්වය පහවෙලා දුකක දැනුනා.
ReplyDeleteඒ මලේ ඉතින් ලෝකයා සමනොළ කන්ද දැක්ක හැටි නෙව... මක්කටෙයි දුක් ගන්නේ...? අපේ භක්තිය අපේ හිතේ නෙව...
ReplyDeleteඅයියේ උඹෙ ඔය සපුගස්කන්දේ ජීවිතේ ගැන තව බොහෝම දෑ ලියන්ට තියෙනව නේද බං..?ඒ ටික ලියන්ට මීට වඩා ඉක්මන් විදියක් නැද්ද..?
ReplyDeleteමට ඔය වැඩ ගැන දැන ගන්ටත් ආසයි බං..ටික ටික නොදා ඒ ජීවිතේ ගැන ලියහංකෝ..
සිංදුව අහන්ට ලබන මාසේ පස් වෙනිදා වෙනකල් ඉන්ට වෙනවා.
මට උඹ සිරී පාදේ ගැන කිව්වහම මතක් වෙච්ච කතාවක්මත් නොවෙච්ච මතකය දැන් දැන්ම අකුරු කොරන්ට හිතුනා...
ඒක නෙවෙයි අය්යණ්ඩි මම ආයෙමත් අර වෙල ළග පොයින්ට් එකේ ෂරිය..?
ලස්සන සිංදුවක්....
ReplyDeleteමල්ලියේ: අවුරුදු දහයක් කියන්නේ බං සෑහෙන කාලයක් නෙව...වෙච්චි සංගදි බොහෝයි... ඉගෙනගත්තු දෑත් බොහෝයි... විඩෙන් විඩේ අකුරු කරමු මලේ...නැහ්නං නීරස වේවි...
ReplyDeleteපරණ තැනම..? අප්පා එහෙමද..? (නෙදකිං...තැන කියන්නෙත් මට මඩක් ගහලා...) එතැන හොඳා තමා... පිලිවෙලයි පිරිසිදුයි...
ප්‍රසන්න: ඉස්තූතියි ගොඩ වැදුනට මලේ...
මෙ අයියේ නීරස වෙනවද නැද්ද කියන එක අපි බලා ගන්නං..බොලා ලියහං..ආවා මෙතන ෂේප් වෙන්ඩ...
ReplyDeleteයකඩෝ අවුරුදු දහයක් කියන්නේ එසේ මෙසේ කාලයක්ද..?
මටනං මාසයක් හිටියත් එතැන කතා ඇති ඇති පදං..
(අනේ බං අයියේ මං මඩ ගහනවද බොට..?හෙහ් හෙහ්..)
හරි සෝක් කතාව...
ReplyDeleteසින්දුව කෝමෙයි ඉන්දි...?
ReplyDeleteඊයේත් උඹට කෝල් කලේ අලුතින් මොකවත් ලියන්නේ නැත්තේ ඇයි කියලා අහන්න.
ReplyDeleteකතා කරන්න බැරි උනාට අවුලක් නෑ කෙරෙන්න ඕන වැඩේ කෙරිලා.
නියම පොස්ට් එක.
සිංදුව නම් අහ්න්න වෙන්නේ ගෙදර ගිහින්ම තමයි
මම ත් එකම වතාවයි ගිහින් තියෙන්නේ.... :D
ReplyDeleteමෙන් විස්තරේ... http://jiiwithayawachanayen.blogspot.com/2010/05/blog-post_30.html
ලිංක් දැම්මට කමා කරන්න.... :D
ජය වේවා....!!
අප්පා ඇති යාන්තං බුවා වැඩලා.. බොදු ගීයකින්ම පට්ටාං අරගෙන තියෙන්නෙ..
ReplyDeleteපලි: මටත් ආයෙමත් සිරීපාදෙ යන්න ඕන, හතර පස් වතාවක් ගියාට තවම එපාවෙලා නෑ.. :)
මමත් මේ සිංදුව නොයෙක් වර අසා තිබෙනවා. සිත නිමන ගීතයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. නමුත් මම නොදැන හිටිය කරුණක් තමා, මේ ගීතය හින්දි තණුවකට අනුව ගැයූවක් බව. ස්තූතියි තිස්ස.
ReplyDeleteලංකාවේ බොහෝම දුර පලාත්වලට කාලෙකට බොහොම පැහැදිලිව පෙනෙන කන්ද සමනොළ කන්ද කියලයි මං අහල තියෙන්නෙ. භූගෝලීය පිහිටීම අනුව විතරක් නෙමෙයි, සමාජමය හා සංස්කෘතිකමය වශයෙනුත් ඒක ගොඩක් සුවිශේෂයි. මේ කතාව කියෙව්වාම , පුංචි කාලේ පාන්දර නැඟිටල පාසල් යද්දී නුවර පාරේ එක්තරා ස්ථානයකදි නිදිබර දෑස් හරවලා සමනොළ කන්ද පේනවද බලනව නොවරදවාම.ඒක මතක් උනා(හරියටම අර උඹ විවෘත කරපු පාලමට මෙහා හෝල්ට් එකේ)
ReplyDeleteගීතය නං ගොඩක් පුරුදුයි.. වෙසක් එකට ගමේ ඉන්න හින්ද...
-ජය
siraa siraa
ReplyDeleteකාලෙකට පසුව වෙනස්ම පොස්ට් එකක්.
ReplyDeleteඅපේ පාසැල පිහිටා ඇත්තේ කඳු මුදුනක. බලන බලන පැත්තේ ඈතින් දිස් වෙන්නේ කඳු පෙල... හරිම අලංකාරයි. සීත කාලයේ දී ඈතින් පේන සමනල කන්ද බලන්න පොරකාපු හැටි, පාසැල පටන් ගන්න කලින් පාසැල් භූමියේ ඉහලින්ම පිහිටි ලොකු පිට්ටනියට ඇදුන හැටි...
සුන්දර මතක එක්ක ඈතට අරන් ගියා මේ පොස්ට් එක.
මෑත කාලෙක පාසැල් වැත්තේ කඳු බෑවුම් වල උසට උසේ වැවිලා තිබුණ තේක්ක ගස් කපලා "එලිපෙහෙළි" කරලා ඇතැයි ආරංචි වුනා. ඒ නිසා පන්ති කාමරවල ඉඳන්ම සමනල ගිරි මුදුන බලන්න පුලුවන් ඇති.
ඔන්න අදයි සිංදුව ඇහුවේ. කලින් ඇසුවත් දැන් නම් අහන්න ලැබෙන්නෙම නැති එකක්. ස්තූතියි අයියට
ReplyDeleteවෙනස් ආරකින් ලියූවක්
ReplyDeleteකැටි කළ අත්දැකීම් නිසා තවත් අපූරුයි
සුමුදු
වැඩිපුර මූනුපොතේ නොදැක්ක හින්ද මක් උනාදැයි බැලුව? පහු උනු ටිකේ කාරිය බහුල වෙන්ට ඇති, ගිය අවුරුද්දෙ මුල් මාස 2 -3 සින්දු 20 - 30 දාපු එක අග හරියෙ ටිකක් අඩු උනේ? (අම්මප සින්දු හොයාගන්නත් එපායැ?) කොහොම උනත් අපූරු සින්දුව.
ReplyDeleteඅපූරු ගීතයක් අයියෙ...
ReplyDeleteකාලෙකින් තමා ආයෙත් අහන්න ලැබුණෙ...
මාත් ශ්‍රී පාදස්ථානය කරුණා කරල තියෙන්නෙ එකම එක වතාවයි මයේ හිතේ... ඒකත් පුංචි එකා සන්දියෙ... ඒ මතකය හරියට හීනයක් වගෙයි... මට පැහැදිලිවම මතකයෙ තියෙන්නේ සීතල දරාගන්න බැරුව පහන් වැටක් ළඟ ගුලි වෙලා ඉඳ ගෙන හිටපු එක විතරයි...
අයිය කිව්ව වගේ ආයෙමත් ශ්‍රී පාදය කරුණා කිරීමේ ආශාව මගේ හිතටත් දැනුණේ පහුගිය පෝයට ස්වර්ණවාහිනියේ විකාශය වෙච්චි සජීවි වැඩසටහනක් දැක්කට පස්සෙයි....
Adam's peak කියන වචනෙ ඇහෙන කොට මටත් දැනෙන්නේ පුදුම අපුලක් ! මෙච්චර ලස්සන නමක් තියෙන මේ පුජනීය තැනට
මොකට එහෙම නමක් දැම්මද මන්දා... සමනල කන්ද කියද්දි හිතට දැනෙන භක්තිය ලෙංගතුකම කොච්චරක් ද ???
................................................
අයියා ලංකාවට ඇවිත් ගියා කියල චේජනා අක්කා කියන කල් මං දැනන් හිටියෙ නැහැ නෙව... චේජනා අක්කව නම් මුණ ගැහුණා.. මට නං ඉහේ මලක් පිපිණා වගෙයි... නිමන්ති අක්කත් එක්ක කතා කරන්න ලැබුණා... අයියව මුණ ගැහෙන්න මට තිබුණෙ පුදුම ආසාවක් ! අයියා SBU සුහද හමුවටත් ගියාලු නේද ? ෂිහ් මට එන්න බැරිවෙච්චි එක ගැන දැන් නම් දැනෙන්නෙ පුදුම දුකක්...
සිරී පාදය ගැන අපේ ආච්චිලා සීයලා කියපෞ රසවත් කතා අනන්තවත් අහලා තියෙනව මතකයි. තුන් හතර වතාවක්ම වන්දනාවෙත් ගිහින් තියෙනවා...නැවතත් යන්න ලොකු ආසාවක් තියෙනවා දරු මල්ලොත් එක්කම.
ReplyDeleteඋඹේ ලියැවිල්ල කියවද්දි තැන් කිහිපයකදිම හිතට මහා අමුතු දුක්මුසු හැඟීමක් ඇතිවුණා මොකක්ද කියලා හරියටම වචන වලට හරවන්න බැරි. ඒ උඹ බනිස් කකා තේ කහට බිබී වැඩ කරපු එක ගැනම නෙමෙයි හැබැයි....නමුත් ඒකත් ඒකෙ කොටසක් මයෙ හිතේ.
කාලයක්ම නිහඬව ඉඳලා අපූරු ගීයකුත් එක්ක කරපු සටහන නම් එළමකිරි මචෝ.
@දුකා: අපේ ටෙලිපතිය still works.. ආහ්...
ReplyDelete@සොරෝ: ලින්ක් නොදා මොන බ්ලොග්ද මල්ලියේ...
@බුරා: හෙහ් හෙහ් හෙහ්... දුටුවා දුටුවා තමුන්නැහැගෙත් වැඩ... උඩහා පලාතේ...
@මුතු පබා: ඒක නෙව.. අනෙක මෙච්චර පරණ වෙලත් රසයේ අඩුවක් නෑනේ...
@යෝගී: අපි දෙන්නා මාරුවෙන්නත් ඇති නෙව ඒ කාළේ එතැනින්...
@මුචාස්: තෑන්ක්ස් කියනවාට උභ කැමති නෑ නෙව...
@ගල්මල්-Coral: "සංවර්ධන කටයුතු" නෙව ඔය "එලිපෙහෙළි" කියන්නේ මහත්තයෝ...
@priyantha.ඒබී: එහෙමයි... එහෙමයි...
@සුමුදු: ස්තූතියි ඔබට...
@සන්සරසිඳු: අහස් නැවට ගොඩ වුනේම අපුලකින් මලේ...
හනේ මටත් ඔය චේජනාවයි නිමතිවයි මුණ ගැහෙන්න තිබ්බානම් අගේ නෙව... ;-)
@පාලි: සින්දුව ඉන්දියාවෙන් අරන්, අපේ කරලා, අපේ මිනිස්සුන්ට රසවිඳින්න 1956 දී හදලා ගත්තට පාලියෝ, ඒවා රස විඳපු ඇයොම, අපේ දේ ඉන්දියාවට විකුණලා බලාපොරොත්තු වුණේ මොකක්ද බන්...?
අර මක්කැයි උඩහ පළාතක් ගැන කියාලා තියෙන්නෙ..?? සුවර් එකටම මඩක් වෙන්ට ඇති.. :)
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්...වලව්වල පලහිලව් තමා ඉතින්....!!!!
ReplyDeleteවලවුවල ඉතිං පලහිලවුම නේන්නං තියෙන්නෙ.. ඒක නෙවෙයි මට අමතකවුනා නොවැ කලින් කොමෙන්ට් එකේ දාන්න.. මේ තියෙන්නෙ ඔය සිංදුවෙ ඔරිමජිනල් එක.. අහලම බලන්න, කොහොමද මන්නා ඩේ ගෙ වොයිස් එක කියලා.. දැන් තියෙන සිංදු මොනාද අප්පා..
ReplyDeletehttp://www.youtube.com/watch?v=5_e5Wbs59aY
දෙවියනේ...කොහෙන්ද බන් හොයාගත්තේ... දැන් පෝස්ට් එක පරිපූර්ණයි...
ReplyDeleteහැබෑටම උඹ අර සීතල රටේ ඉන්න මනුස්සයාද ඒ ඇස්...???
රට හීතල වුනත් හදවත උණුහුම් නෙ තිස්ස අයියා, ඒකයි රහස... මේවත් ඉතිං අර ගුණසිරි බුල්ටෝ වගේ තමා, රස දන්නෝ ඉල්ලන්නෝ.. :)
ReplyDeleteගොහිං එඤ්ඤං, වැඩට යන්ට තියෙනවා..!!
තව මහර්ඝ මැණිකක් අරන් උඹ ඇවිදින්...!
ReplyDeleteමට ඉස්පාසුවක් තිබුනේම නෑ මේ පැත්තෙ එන්න උඹ අළුත් පෝස්ට් එකක් දාල කියලා දැක්කත්.
මේ සින්දුව එහෙන් මෙහෙන් මට ඇහිලා තිබුනත් අද තමයි මේක සිරාවටම රස වින්දෙ.
තනුව හරියටම මේ වචනවලටම දාපු එකක් වගේ. ඒ වගේම සිසිරගේ රත්තරන් වලට වඩා වටින ගැඹුරු හඬ අපිව වෙනම මාණයකට අරගෙන යනවා.
ඒ වගේම වචන පෙල, "ශ්‍රී පා මුල ලෝ හිමිගේ, මගේ හිස පා පිස්නෙකට පුදම්...." කොහොමද අප්පා මෙහෙමත් උපමා සිතකට නැගෙන්නෙ ....?
ආරංචියි ආරංචියි මචෝ.. එකසිය ගානට බිසී කියලා...
ReplyDeleteඔය වාගේම දෙයක් මම "මරියා මග්දලේනා" චිත්‍රපටියේ දැක්කා මචං... මරියා මග්දලේනා, සංචාරයෙන් වෙහෙස වී එන ජේසුස් වහන්සේගේ දෙපා ඇගේ කඳුලෙන් දෝවා කෙස් වැටියෙන් පිහදානවා... "මහන්සි වී ආ මට කිසිවෙක් වතුර වීදුරුවක් දෙන්නත් කලින් බලන්න ඈ මට කල සත්කාරය..." ජේසුස් වහන්සේ ඈ දක්වනවා, ඈ දෙස පිළිකුලෙන් බැලූ පිරිසට...
භක්තියත් මිනිසුන් සුමගට හරවන ද්වාරයක් නේ මචෝ...???
@තිස්ස : මුල් හයිය නැති ගස්, මුල් සවිමත් අනෙක් ගස් වලට වඩා ඉහලට ගියහම ඒවා කඩාගෙන වැටෙන්නෙ මුල් හයිය ගසුත් පෙරළගෙන කියලා කියනවනෙ.
ReplyDeleteකියලා වැඩක් නෑ පාලි...
ReplyDeleteකුඩා කලම කප්පාදු නොකල එකේ වරද...
@දුමී : අපේ භාෂාව ගැන හසල දැනුමක් වගේම ඒ භාෂාව සුන්දර ලෙස හසුරවන්න හැකියාවක් තිබූ කරුණාරත්න අබේසේකරයන් වැනි ගී රචකයන් නැති අඩුව දැනටමත් අපිට දරුණුවටම දැනෙන්න පටන් අරන් නේද මචං?
ReplyDeleteපරක්කුවෙලා කොමෙන්ට් කලාට සමාවෙන්න ඕනි...හද ගී පොතේ පෝස්ටු අහඹුලෙස කියවද්දි හිතට ආපු දේ කියලම යන්න ඕනි කියලා හිතුනා.
ReplyDeleteමමත් කවදාවත් වාරෙට සිරිපා කරුණා කරලා නෑ. හැමදාම චාරිකාව යන්න කලින් කැන්සොල් වෙනවා. නැත්නම් බාගයක් දුර නැගලා ආයෙ බහින්න වෙනවා. ඒත් සරසවි මිතුරන් එක්ක අවාරෙදි හරි කරුණා කරපු නිසා දුක නෑ...
මාත් ගුවනෙන් ගිය දවසක වලාකුළු මැදින් නැගුනු සමනොල සිරසේ ආශ්චර්යය රසවින්දා...
සින්දුව අහද්දි ආයෙත් හිතින් සිරිපා කරුණා කලා...
👍👍
ReplyDelete