ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...

අලුතින් නිවස සාදා නිමකල මා මිතුරාට යම් ත්‍යාගයක් ගන්නට මට ඕනෑ කලේ නිවාඩුවට ලංකාවට එන්නට පෙර සිටමය... ගෙදර ඇත්තන්ට පිඟන් බඩු අතපත ගාන්නට තිබු ආසාව යටින් තබා "අර සීබල් ඇවනියු එක ඉස්සරහ තියන දංකො‍ටුව ෂෝ රූම් එකේ නම් ඔයාට ඕනේ විදිහේ දෙයක් ගතහැකි...!" ලෙසින් කල යෝජනාවට මමද එකඟ වුනෙමි... තුන් හතර ගමනක් එහි උඩ පහල ඇවිද ගොස් එකඟතාවකට එන්නට අප දෙදෙනාට හැකිවිය... ගෙදර ඇත්තන් එක්ක මෙබඳු ගමන් යාමට මමද ප්‍රියකරමි.... යමක් මිලදී ගත්තත් නොගත්තත් ඈ ඒවා අතපත ගා රස විඳිනවා බලන්නට මා කැමතිය... බලාපොරොත්තු නැති අවස්ථාවක ඈ විස්මයට පත් කරන්නට මට ඉඩ ලැබෙන්නේ එලෙස පුරවා ගත් මතකය කැලැත්තීමෙනි....

මා ප්‍රිය කරන ඒ සොඳුරු ගායකයා, නිහතමානී සරල මිනිසා, ඒ ඒ සාප්පුවට ගොඩ වුනේ ඔය මොහොතේදීය... කථා කරන්නට ඉඩක් නොලැබුනත් "ඔහු දැකුමෙන්ම" මට ඔහුගේ ගී ගොන්නම මතක් වුණි... මා ‍තෝරා ගත් අයිතමය එකලස් කොට නිසි පරිදි අසුරන තෙක් මමත් ගෙදර ඇත්තනුත් ඒ කවුන්ටරයට වී දෙඩවමින් උන්නෙමු... සේවකයින් කාර්‍ය බහුලය... එය සුරුවමෙන් කල කටයුත්තකි... එවිට "සෝමතිලක ජයමහ" නම් වූ ඒ සොඳුරු මිනිසාද ඔහුගේ අයිතමය ඇනවුම් කර, එකලස් කරවාගන්නට එතනට පැමිණුනි... සේවකයින්ට ගනු දෙනු කරුවන්ගේ මුහුණු බල බලා ඉන්ට වෙලාවක් නැත... ඔහුට මා පි‍ටුපසින් පෝලිමේ ඉන්නට දෙන්න මටද සිත් නොදේ... කවුන්ටරයට ඔලුව ඔබා "මල්ලි මේ මහත්තයාගේ වැඩේ ඉස්සෙල්ල කරලා දෙන්න... " යයි කීවෙමි.... සේවකයා රොබෝවක් මෙනි... මගේ වැඩය එහෙමම් අතැරී ඔහු එතුමාගේ වැඩය කරන්නට පටන් ගත්තේය... ඔහු මා හට කාරුණික සිනහවකින් සංග්‍රහ කලේය... ගායකයින්, ගී නිර්මාපකයින් හෝල් සේල් සන්ෆ්ලවර් වන්දනාවේ යද්දී නිසොල්මන්ව වුන් අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි ඔහු...

සෝමතිලක ජයමහයන්ගේ පියාණන් ඔවුන් කුඩා කල නින්ද යනතුරු ලඟට වී ගී ගායනා කල බව මා පුවත් පතකින් කියවා ඇත්තෙමි... ගොර ගොර හඬකින් වුවද, මාද එය, මගේ වුන් කුඩා කාලයේදී කරන්නට පුරුදු වූයේ ඒ මතකය ඔස්සේ යැයි සිතමි... ලොකු හාදයා බහ ‍තෝරන වියේදීම "මුහුදු පතුල යට ඉඳලා..." ගීය මා කියනවා අසා "පාට පාට... " යන්න තාලයට කියන්න උත්සාහ කල හැටි මගේ සිතේ නොමැකී ඇඳී ඇත...

සේවකයා ඔහුගේ ඇණවුම නිම කර බාර දුන්නේය... "අපි ගිහිල්ල එන්නම්..." කියන්න තරම් ඔහු නිහතමානීය... මම පසෙකට වී දෑත් එකතු කොට ඔහුට ආචාර කළෙමි....

ඒ මතකය වෙනුවෙන් මා ප්‍රියකරනම ඔහුගේ ගීයක්...

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
සිත් විය කප් අග හිරු පායන තුරු...
යෞවන ප්‍රේමය නව දලු මල් ලා...
කුරුලු සරෙන් කන් කන් පියවයි සුමියුරු...

ආදර සෙනෙහස කිසි අඩුවක් නැත...
මා හැරදා ගිය නමුදු අතීතෙක...
පෑල දිගින් විත් මතකය පුබුදයි...
මහලු වියට පත් වසන්ත සඳවත...

ගම සතපාලන නින්ද ඇදෙන විට...
අන්ධකාර කඳු වැටියෙන් මෙපිටට...
අත ගත් පිය හිමි සමග ගයනු මැන...
මටද ඇසෙන්නට කුරහන් සී පද...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

48 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

මතකය අවදි කල සටහනක්. මගේ ප්‍රියතම ගායකයන් අතර ඉහළම හරියෙ රැඳී ඇති ගායකයෙකි සොමතිලක ජයමහ..බොහෝ විට නූතන මාධ්‍ය වලින් වැරදීමකින් වත් ඔහුගේ නම නොකියැවුනද...එක ගීතයක් හෝ අසා ඇත් නම් ඔහු පිලිබඳ අන් හැඳින්වීමක් අන්වශ්‍ය තරමය...."අපි ආයෙත් හමු නොවුනා නම්".."නවදැලි හේනක"..මගේ ප්‍රියතම ගීත වේ.......:D

වැප් said...

අයියා මේකත් අහලා බලන්න .. පරණ සින්දු තියන තැනක්
පරණ සින්දු

wath said...

අයියෝ අයියා... ඇයි ඒ මනුස්සය එක්ක කතා නොකළේ ... අපරාදේ නේ ...

අයියා එතුමාගේ ගී වලට කොච්චර කැමතිද කියල කියන්න තිබ්බ හොද අවස්ථාවක් ... අපරාදේ...

ඕක තමයි කියන්නේ සිංහල මනුස්සයන් මුහුණට ප්‍රසංසා කරන්න පැකිලෙනව

ගල්මල්-Coral said...

ඒ නිහතමානී යුග පුරුෂයා වෙනුවෙන් අගනා සටහනක්...

සොයුරාණනි ඔබේ සටහන ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුනේ

දුකා said...

උඹේ නිවාඩුව හෙන උනික් එකක් වුනු ඒ හමුවීම කියෙව්වේ බොහෝම සතුටෙන් මචෝ . . . මට හිතා ගන්න පුලුවන් උඹට දැනුනු සතුට . . ..

අහ් මේ උඹත් කොල්ලව නිදි කලේ ඒ මුහුදු පතුල යට ඉඳලා ගීතය කියලද . . අපේ එකා මගේ ගොරහැඬි සද්දේ අහන්න අකමැත්තටම නිදිමත පැත්තක තියලා මගේ කට වහගෙන ඉන්නවා . . හි හි ඒ ගන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වටිනවා දවසක . .

වැම්පයර් said...

බොහොම ගරු කරන සොඳුරු මිනිසෙක්.. පියමන් කෙරුවෙමු, දස බිම්බර මාර සෙනග මගේ ප්‍රියතම සින්දු...

යෝගී... said...

අයියේ.... පටංගත්තොත් නරකද මොකුත් ලියන්ඩ මීට වඩා. මේ විස්තරේ කියවපු හැමදෙනාටම මට වගේම ඉතාම සජීවීව මේ විනාඩි කීපයේ සිද්ධිය රූප පෙලක් වගේ මැවිල පේන්න ඇති.
කතාබහ කරන්න බැරිවුනත් , වටිනා මනුස්සයෙකුට අයියට පුළුවං විදියට එතනදි සලකලා තියෙනව .. ගරුකළයුත්තාට ගරු කිරීම..
සුන්දර සටහනක්.

-ජය

මාරයාගේ හෝරාව said...

උඹ මටද ලිවුවෙ අයියේ...?

මගේ ප්‍රියතම ගීතයක් තමයි ඔහු ගයන
"සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා"
කියන ගීතයඒ වගේමයි
"අපි ආයෙත් හමු නොවුනා නම්..."

ඉන්දික උපශාන්ත said...

සෝමතිලක ජයමහ යනු මගේද ප්රියතම ගායකයෙකි. රස්සවක් තිබුනු නිසාත්, එය ආරස්සාකරගැනීමට මොළයක් තිබුනු නිසාත් ඔහුට කැසට් මුදලාලිලා ඉදිරියෙ කොන්ද රැකගත හැකිවිය.
කෙසෙ වුවද කුණු මුල්ලෙ සිටි කල්දේරා ගෙයක් හදාගත්තේත්, බිරිඳගේ ගුරු පඩියෙන් කුලී ගෙවල්වල ලැගි කපුගේ ගෙයකුත් හදා, පුත්රයා විදේශ අධ්යාපනයට යැව්වේත් සන්ෆ්ලවර්ලාට කැස්ස මුදලින් මිස කම්පණ කර ලද ආදායමෙන් නොවේ. සෑම දෙයකම දෙපැත්තක් ඇත.

Pali said...

@ඉන්දික උපශාන්ත : හරියට හරි මල්ලියෝ.....වරක් මර්වින් පෙරේරා නැමති සුන්දර කලාකරුවාගෙන්, ඔහු සන්ෆ්ලවර් සමග ගී ගැයීම ගැන සරසවි සිසුන් පිරිසක් කල විමසුමකදී ඔහු ඔවුන්ට දුන් සරල නමුත් ගැඹුරු පිළිතුර ගැන මම අහලා තියෙනවා.

"අපෙත් ලිප පත්තුවෙන්න ඕනෙනෙ මල්ලි"

Pali said...

සුන්දර නිර්මාණ බිහි කරන, ජාතියක වටිනාම සම්පතක් වන කලා කරුවන් අතුරින් "නිහඬ" කලාකරුවන් ගැන කෙරෙන ඇගයීම නම් ඇතතටම මදි නේද? සොමතිලක ජයමහ නැමති නිහතමානි කලාකරුවා වගේම තවත් නිහඬ නමුත් විශිෂ්ඨ නිර්මාණ බිහිකළ කලා කරුවෙක් තමයි එච්. එම්. ජයවර්ධනයන්.

Anonymous said...

මා මෙවර ගම පැමිණියේ වසර දෙකකට පසුවය..දශක හයකටත් වඩා පැරණි ගරා වැටෙමින් පවතින මහගෙදර, තවමත් අවිවාහකව වසන්තයේ මහළුවිය අද්දරට පැමිණ සිටින මද්දු....අතීතයේ ප්‍රේමණීය මතකයන් පමනක් තුරුළු කරගෙන වසන්තය පමා වී හෝ එළඹෙතැයිද බලාපොරොත්තුවක් පමනක් හිත් දරා "රිදුම් දෙන දතක් දිවගින් ස්පර්ෂ කරමින් ඇතිවන වේදනාව විඳමින්"මෙන් ජීවිතය විඳවමින් ජීවත්වන හුදෙකලාව ආත්මය කොටගත් මා...මා හා දොඩමළුවන සුන්දර පරිසරය...ඇත්ත වශයෙන්ම වසර දෙකකට පසුවවත් නොවෙනස්ව පැවතීම විශ්මය දනවන සුළු විය...නොමැතිනම් මේ වෙනස්වීම් මගේ චිත්ත සන්තානය පිළිගැනීමට නොකැමතිවාවත්ද..???
මුළු පරිසරයම හීන් මී දුමෙන් වැසී පැවතියද හඳ එළියෙන් නැහැවුණු මාගේ දර්ශණ පථයට හසුවන මනස්කාන්ත පරිසර පද්ධතිය මා කුල්මත් කළෙන් එය විඳීමට වූ නොතිත් ආශාව නිසාම සඳළුතලය එළිය කළ කනාමැදිරි එළිය විහිදුවන ලාම්පුව නිවාදමා නැවුම් හුස්මක් ගතිමි..කටුක ශීතලෙන් මිදෙනු වස් ඝණකම් පොරෝනය දෙවුර වැසෙන සේ සකස්කොටගෙන කෙළවරට වන්නට වූ කවාකාර කුළුණට ශරීරය බර කෙලෙමි..
මද්දු අතින් නිතරම සැළකිලි ලබන නිසාම මල්වලින් බරවූ රෝස පාත්තියත් ගෙවත්ත වසා පැතිරුණු තේ වගාවත් මායිමේ සිට අඳුරු සෙවනැලි මවන යෝද උණ පඳුරත් හදවත රජයන පාළු හැඟීමට තව තවත් පොහොර දමන්නටවූයේයැ..ඔබ්බෙන් වූ වෙල්යායේ තැනින් තැන දැල්වුණු ලාම්පු එළි තම වගාවන් හොටබරියන්ගෙන් ආරක්ෂාකරගන්නට නිදිවරණ ගොවිරාළලාගේ පැල් වලින් නැඟෙන්නක් වියයුතුය...එයිනිඳු නොනැවතී සඳ කිරණින් නැහැවුණු කඳුවලල්ල තෙක්ම දෑස් මෙහෙය වූ මා මේ සොයනුයේ වලදැමූ අතීතයේ නටබුන්ද...?..අවසන ඇගේ නිවසින් නික්මෙන බෙළහීන ලාම්පු එළිය හඳුනා ගතිමි...වේගයෙන් ඉපදෙමින් මැරෙමින් දාවනයක යෙදුණු සිතිවිලි දාමයන් ඉද්ද ගැසුවාක් මෙන් නතරවී ගොළු වී මං මුළාවූයේ කිම..???
බිංදුත් මමත් කුඩාකළ පටන් එකට හැදී වැඩුණු,එකම පිඟානෙන් කුසගින්න නිවාගත්,පොඩ්ඩ බැරි වීමේදී සංඩු වෙමින් ඊලඟ නිමේශයේදී නැවත සිනහ වුණු යහළුවන් වීමු...මඳක් කළු වූ ජවි වර්ණයෙන්ද වටකුරු වූ තියුණු දෑඅසකින්ද,දිගු වූ කේශ කලාපයකටද හිමිකම් කී ඈ මා හට සාපේක්ෂව දඩබ්බර එකියක වූවාය..ඇයගේ දෙමාපියන් ගොවියන් වූ නිසාවෙන් බොහෝ දිනවල හවස්වරුවම අප නිවසේ ගත කලාය...අප අප හඳුණගැනීමට මේ කාළය ඉවහල්වන්නට ඇත...පවුල් දෙකම වෙලාගත් දර්ද්‍රතාවය වගකුදු නොතැකූ අප ඒවා වැඩිහිටියන්ට භාරදී අපගේ ලෝකයේ තනිවූයෙමු..වයසින් වැඩෙත්ම "හතුරු හිතක්"හි නිමල් හතුරුසිංහ කුසුම්ව දුටුයේ යම්සේද ළමාවිය අවසන මගේ හිතේද බිංදු පිළිබඳ ආලයක්ද,ලෙංගතුකමක්දැයි වටහාගනු නුහුණු හැඟීමක් මිශ්‍ර වූ අදහසක් ඇතිවූ බවනම් නොකිවමනාය...ඇයගේ කොටහළු මඟුල වූ දින මවත් සමඟ එහි ගොඩවූ සැටිත් පෙරැත්තයෙන් රස කැවිල්ලක් දෙකක් කා ඇගේ මවු එහාට මෙහාට වූ සුණංගුවේ අඩියට දෙකට වෙල මැද්දෙන් ගෙදර දිව ආවා යන්තම් මතකයට නගා ගත හැකිය..ඒ හැර එදින ඈ දෙස නොබැලූ බව නම් සහතිකය...

=====================>ඉදිරියට==========>

සුලා..

Anonymous said...

සතියක දෙකක ඇවෑමෙන් නැවත පාසැල් පැමිණි බිංදු තුළ විද්‍යාමාණ වූ සොඳුරු වෙනස මගේ හදෙහි නැවුම් හැඟුම් මතුකල බව නොකියාම බැරිය..අනතුරුව පැමිණි කාළයේදී ඈට "බිංදු"යනුවෙන් ඇමතීමේදී ඈ විලියෙන් ඇඹරෙනු මතකය..ඒ නම වූ කලී ගෙදරදී භාවිත වූ නම වේ...මෙහිදී තව යමක් එක්කළයුතු බව හැඟේ...ඇයත් මාත් අතර වයස පරතරය දෑවුරුද්දක් වුවද මා ඈටවඩා වයසින් බාල වූයෙමි..අප පවුල් දෙක අතර ඥාති සම්බන්දය ගැන වැටහීමක් ලබාදීම උචිතයැයි හඟිමි...ඇයගේ දෙමාපියන් මාගෙ මව් අමතනුයේ "ගල්වත්තේ නැන්දම්මා" යනුවෙනි...එසේ නම් නෑදෑකම අනුව ඇය මට "දුව"කි..
කෙසේවතුදු සම්මුතියක් නැතිවුවද එකිනෙකාට ලෙංගතුව කිට්ටුවෙන් ආශ්‍රය කළද ප්‍රේමයක් ගැන කිසිම විටෙක අප අතර කතාබහක් නොවුණු තරම්...ඉගෙනීමට ඈ එතරම් දක්ෂ එකියක නොවූවද පාසැල් ක්‍රීඩා උත්සවවලදී කැපී පෙනෙන චරිතයක් වූවාය...මා ද්විතීයික අධ්‍යාපනය සඳහා ගමේ පාසැලෙන් සමුගන්නා අවදිය වනවිට අප ජීවිත සීග්‍ර වෙනසකට බඳුන් වෙමින් පැවතියේය...ගැටවර විය පසුකරමින් නව යොවුන්විය එළිපත්තේ හුන් මානව මාන්විකාවන් ලෙස භාහිරින් මෙන්ම ඇතුළතින්ද බොහෝ වෙනස්කම් අත්විඳෙමු...මම හිතන විදිහට පිරිමියාට වඩා ගැහැනිය මෙම සීමාවේදී මේ වෙනස්වීම් ඉක්මණින් ග්‍රහණය කරගන්නා බවයි...ඇය මට වඩා දෙවසරකින් වැඩිමහළු යැයි කොතැනක හෝ පැවසුවා මතක තියේ...නමුදු මා පාසැලෙන් සමුගන්නා වසරේ පවා ඇය දෙවනවර සාමාන්‍ය පෙළට මුහුණ දෙමින් සිටියාය..එම වසරේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූයේය...අවසන පැවැති නිර්මාණාත්මක කුටි සෑඅදීමේ ඉසව්වේදී රාත්‍රී කිහිපයක් පාසැලේම නැවතී නිර්මාන කාර්‍යයන් කිරීමට සිදුවිය...එදාද අද මෙන් සඳපායා තිබුණු දවසක් බව නම් මතකයට නගාගත හැකිය...ඇය සැරසිලි කටයුතු කරන අපවෙත රාත්‍රී ආහාරය ගෙන පැමිණියේ ඇගේ නිවස පාසැල් බිමට මායිම්ව පිහිටි නිසාය...අප දෙදෙනා තනි වූ ඇසිල්ලේ මම ඇගේ අතකින් අල්වාගතිමි...එහි වෙනසක් නොදුටු නොහැඟුණු බැව් ඇගේ මුහුනින් විද්‍යාමාන විය..මන්ද ඒසා ලංව කෙළිදෙලෙන් සහෝදරත්වයෙන් ගතකළ අතීතයක් අපට උරුමව තිබූ බැවිනැයි සිතමි...අවසන වෙව්ලන හඬි මා ඇයට ආලය කරණ බව පැවසීමි...ඈගේ මුහුනේවූ ඉරියව් කෙසේවේදැයි පිරික්ශීමට මාගත් උත්සාහය වලකාලමින් වහා ඉවතට හැරුණු ඇය..
"හංස..උඹ මට මල්ලියෙක්වගේ බං...එයිං එහාට දෙයක් නැහැ...අනෙක මට කොල්ලෙක් ඉන්නව බං...ඒක ගොඩක් දුර දිග ගිය එකක්"
මා හිතුවා හරිය..ගැහැණිය පිරිමියාට වඩා ආදරය වැනි කාරණාවලදී ඉදිරියෙන් සිටී...නමුත් මා හිතෙ පහළවූ කුළුඳුල් ප්‍රේමය මරා දැමීම එතරම් පහසු එකක් නොවන බැවි කල්යාමේදී මට වැටහුණි...
අනතුරුව එලබි කාල වකවානුවේදී මොනයම්ම වූ ආදරයකට දොරගුළු විවර නොකල මම දරිද්‍රතාවයෙන් පෙලෙන මාගේ පවුලේ උදවිය ගොඩගැනීම සඳහාම කාලය මිඩංගු කෙලෙමි...අද දින බස් රියේදී ඇය මුණ ගැසෙන තෙක්ම හදෙහි කොහෙදෝ මුල්ලක නිදන්ව තිබූ ආදරය අවදි වූවද ඈ අත සුරතල් වූ සිඟිති දරුවා දැකීමෙන් නැවත හකුළුවා ගතිමි...දැන් ඇය ගෙවිලියකි...ඇයගේ කුටුම්භය සංතුෂ්ඨියෙන් පිරී ඇති සැටියෙකි..ඉදින් මම් කුමට තැවෙම්ද..??මම ඇයට පෑ සෙනෙහසේ අඩුවක් නම් නොදකිමි....නමුදු ඇයට ලංවිය නොහැකි බව දනිමි...

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
සිත් විය කප් අග හිරු පායන තුරු...
යෞවන ප්‍රේමය නව දලු මල් ලා...
කුරුලු සරෙන් කන් කන් පියවයි සුමියුරු...

ආදර සෙනෙහස කිසි අඩුවක් නැත...
මා හැරදා ගිය නමුදු අතීතෙක...
පෑල දිගින් විත් මතකය පුබුදයි...
මහලු වියට පත් වසන්ත සඳවත...

ගම සතපාලන නින්ද ඇදෙන විට...
අන්ධකාර කඳු වැටියෙන් මෙපිටට...
අත ගත් පිය හිමි සමග ගයනු මැන...
මටද ඇසෙන්නට කුරහන් සී පද...

සඳළුතලයේ පහන් දැල්වූයෙන් මෙතෙක් වේලා මා සමවැදීහුන් දැහැනෙන් අකමැත්තෙන් වුවද මිදීමට සිදුවිය...ඈ මද්දුබව ඉඳුරාම දනිමි...

"මේ අලිගැට පේර ගහේ ගෙඩි හැදෙන්නැද්ද මද්දු"
.........
දිගු හුස්මක් ගත් ඇය....."දැන් ඔය ගහට වයසයි මල්ලියේ...ගෙඩි වරල.."
ක්ෂණිකව විදුලියක් කෙටුවාක්මෙන් හිතතුළ ඇති වූ කම්පනයෙන්ම ඈවෙත හැරී බැලුයෙම්..වැහැරෙමින් තිබූ මුහුණ හා යටට ගිලී තිබූ දෑස මගෙන් වසන්කරමින් කොහේදෝ ඈතක නෙත් යොමා සිටි ඇය කෙරෙහි අප්‍රමාණ වූ කනගාටුවක්ද යුතුකමක් පැහැර හැරි සහෝදරයෙකු තුළ හටගන්නා පසුතැවීමක්ද හිත පුරා ඇති වී නැතිවී ගියේය...ඒ යුතුකම ඉටු කරන්නෙමියි තිරව අදිටනින් හුන් තැනින් මෑත්වුනෙමි..
"මද්දු ...මට බඩගිනියි බං...!"


සුලා..

තිස්ස දොඩන්ගොඩ said...

සුලා මල්ලියේ අපිට පිස්සු වට්ටන්නද හදන්නේ...???????

ගල්මල්-Coral said...

@සුලා: ගොඩක් දුර අරන් ගියා, නවකතාවක් කියෙව්වා කාලෙකට පසුව.

Pali said...

පිස්සු හැදෙනවා සුලා...මැක්සා

Pali said...

හද ගී පොතේ කතා බහට ලක්වුනු එක්තරා ගායකයෙකුගෙ ලස්සනම ගීයක් මගෙ හොඳ හිතවතෙක් පසුගිය සති අන්තයේදී හමු වූ වෙලාවක ගායනා කලා. ඔහුගේ මේ උත්සාහය අපේ හද ගී පොතේ හිතවතුන් හිතවතියන්ටත් රස විඳිය හැකියැයි හිතුනා. කැමති කෙනෙක් නරඹන්න.

http://www.youtube.com/watch?v=z0_C4mSwtYM

Anonymous said...

@තිස්ස,ගල්මල්,Pali,
බෝහෝම ස්තූතියි..අගයකිරීම් වලට...හැමදාමත්වගේ හිත්වත්කම ඉස්තරම්නෙ....

ගීතය ගැනත් සෝමතිලක ජයමහ මහත්තයා ගැනත් යමක් සටහන් කරන්න හිතුන...
ලස්සන පදපෙළ වගේම ගායනය උපරිමයි...එතුමාගෙ භාවාත්මක කටහඬ අපගේ හිතේ මවන චිත්තරූපය උපරිමයි..
===============================================
"හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ"යි තනිකමෙන් තනිවූ හිත්මලට හීන දුන්නේ සෝමතිලක ජයමහ ශූරීන් හැර වෙන කව්ද???....

පෙරුම් පුරල පෙරුම් පුරල දිනාගත්ත ආදරියට ඇහෙන්න "නුග සෙවනක් සේ සෙවන සදන්නටද මඳපවනක් සේ සිහිලගෙනෙන්නටද" සපථ කිරීමට සෙනෙහස පිරුවේ ඔහු හැර වෙන කව්ද???

ආදරය හදවත් ආක්‍රමණය කළදා පටන් මවන හීන ලෝක ගැන සියුම් අණතුරු ඇඟවීමක් කරමින් "ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙනෑ"යි ගයමින් සිහින ලෝකයෙන් හැබෑ ලෝකයට අපව ගෙනත් අත හැරියේ ඔහු මිස වෙන කවුරුන්ද???

තම ආදරයට දෙමාපියන්ගෙන් වැටකඩොළු බැඳි දින හදවතේ දුක්ගැනවිල්ල "නවදැලිහේනක පෑව වැඳිරිරුව ලෙස උවණින් දෙනුවන් රවටා"යි ගයමින් තමන් ගේ ප්‍රේමය හුදෙක් රූපය කෙරෙහි පමණක් ඇළුණක් නොවන වග කීවේ ඔහු මිස වෙන කවුරුන්ද???

පින්සර වූ කුටුම්භය ඇය,දුව හා පුතු සමඟ ගෙවන ජීවිතයේ නිරාමිස සුවය අපූරුවට "පොඩි දුවගේ සිනා වැලයි..පොඩිපුතුගේ කතාපෙළයි"යනුවෙන් ගැයුවේ
"සෝමතිලක ජයමහ"නම් වූ විරල සුන්දර මිනිසා ම මිස වෙන කවුරුන්ද...

සුලා..

Pali said...

එපමණක්ද නොවේ. සැඳෑ අඳුර ගලන, කවුලු පියන්පත් වැසෙන වෙලාවෙ සෙමින්විත් හදවත පාරන ඇගෙ සුසුම් ගැන ලයාන්විතව ඔහු ගායනා කළ අපූරුව. සක්විති කිරුලු අපට පළන්දා දෙනුවර එක්නුවරක් වූ අයුරු ඔහු ගැයුවේ දැහැන්ගතව රස විඳිය හැකි අයුරිනි.

මෙවන් කලාකරුවන් රටටම සම්පතකි.

Grey said...

මගෙත් කැමතිම ගායකයෙක්, මාරය වගේම මගෙත් කැමතිම සින්දුවක් තමා 'සුනිල්වන් නුවන් යුග' සින්දුව. (දැන්නම් අහන්නේ බොහොම කලාතුරකින්, අතීත මතකයන් නිසා :) )
ඒවගේම මම කැමතියි, 'පොඩි දුවගේ සිනා වැලයි' සින්දුවටත්.
සුලා දාල තියෙන සින්දු ටිකත් මගේ ප්‍රියතම ඒව අතර තියෙනවා, හැබැයි වැඩේ කියන්නේ මේ අයියා දාල තියෙන එක මන් අහලම නෑනේ.

තිස්ස දොඩන්ගොඩ said...

@වැප්: තැන්කු මල්ලියා...
@දිල්: ඉස්සර දවසක මිය ගිය සෙනෙහස...?
@වත්: මගේ යෝගී මලයා උත්තරේ දුන්නා මගේ හිතේ...
@ගල්මල්: පුංචිම පුඔචි දෙයක්...
@දුකා: හෙහ් හෙහ්... හැබැයි මටනම් හිතෙන්නේ උඹට තියෙන්නේ සිංදු කියන්න පුලුවන් වොයිස් එකක්...
@වැම්පයර්: අහ් අන්න ඒකටනම් මමත් බොහොම කැමතියි...
@යෝගී: මේ එව්වා නෙමේ ... බොගේ බොලොග් එක ...?
@මාරයා: මොකද මේ දිල් නංගියි මාරයයි එකම සිංදු වලට නේ කැමති...?
@ඉන්දික + Pali: ප්‍රස්න නම් ඉතින් කොයි කාටත් තියනවනේ... අපි කවුරුත් ඉතින් රාජකාරී කරන කොට ආත්මය පාවා දීලා ගතම් එක කපාගන්න පුලුවන්කොච්චර අවස්තා එනවද... මටනම් එමට තිවුනා... පිරිමියෙක් වුනහම ඉතින් කොන්ද කෙලින් තියන් දරු පවුලට කන්න දෙන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ... හෙන්රි මහත්තයගේ සිද්ධිය තරමක් වෙනස් වුනත්...
@Pali + සුලා: ඒ තැබුනු සටහන් නම් නියමයි මචංලා...
@Grey: ඔහ් දැන් මේ දන්න කියන ඇත්තෙකුත් ඇවිල්ලනෙව... ඔන්න ඔය unpopular ලස්සන සිංදු ටිකක් ප්‍රචලිත කරන එක තමා මගේ රාජකාරිය මල්ලියේ...

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ස්තුතියි තිස්ස සහෝ... මට නම් ලස්සනම ඔහුගේ ලස්සන ම ගීතය තෝරන්න බෑ... යාළු බාල සඳේ, හැමදාමත් යාළුවේ, පොඩි දුවගේ, අපි ආයෙත්, නුග සෙවණක්, ..

ස්තුතියි...

@සුලා,

අනේ නවකතා කියවන්න නම් වෙලාව නෑ... අනිත් එක මට කතා ගොඩාක් මඟ හැරෙන්නත් ඇති. මට මතකයි මාස ගනනක ඉඳන් ඔයා මේ බ්ලොග් එකේ දිග කමෙන්ට්ස් දානවා... ඒත් මට ඔයා කරන දේ තේරුම් ගන්න වෙලාවක් තිබුණේ නෑ. සොරි හොඳේ...

Pali said...

@තිස්ස :

උඹේ මතයට මම ගරු කරනවා. නමුත් සන්ෆ්ලවර් සමග ගී ගැයීම ගැන මම හිතන විදිය තරමක් වෙනස්. සන්ෆ්ලවර් සමග අප වඩාත් ගරු කරන කලා කරුවන් ගී ගැයීම ආත්මය පාවදීමක් ලෙස මා නොදකින්නෙ කරුණු කිහිපයක් නිසා.

වසර ගණනාවකට උඩදි මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන වැනි ගායකයින් "සුපර්ස්ටාර්ස්", "ෆොර්චූන්ස්" වැනි කණ්ඩායම් සමග ගැයූ ගී අදටත් අපට රසවිඳිය හැකි මට්ටමේ පවතිනවා. සන්ෆ්ලවර්ස් කියන්නෙත් තවත් එවැනිම කණ්ඩායමක්, නමුත් "මුදල්" කියන සාධකය අද එදාට වඩා ඉස්මතුව පෙනෙන නිසායි අප එය දෙස නොමනාපයෙන් බලන්නෙ, මට හිතෙන විදියට. අවාසනාවකට පොදුවේ අන් සියලු දේ මෙන්ම කලාවත් අද වාණිජකරණය වෙලානෙ.

ඊළඟ කාරණය තමයි සන්ෆ්ලවර් සමග කල ගායනයේදි මුල් ගීතයට වැඩක් හෝ අවැඩක් වුනාද යන්න. හෙන්රි කල්දේරා මහත්මයාගෙ ගී සම්බන්ධයෙන් නම් මම හිතන්නෙ සන්ෆ්ලවර් සමග ගැයීමෙන් ඔහුගේ ගී වඩාත් හොඳින් මිනිසුන් අතරට ගියා කියලයි, නමුත් කපුගේ මහත්මයාගෙ ගී සම්බන්ධයෙන් නම් මටත් තියෙන්නෙ ලොකු අපැහැදීමක්. සන්ෆ්ලවර් සමග ගැයීමෙන් ඔහුගේ මුල් ගී වලට හානියක් වුනාය කියන මතයෙ මාත් ඉන්නවා.

අනෙක් ප්‍රධානම කාරණය තමයි මූල්‍යමය සාධකය. ආර්ථික අගහිඟකම් වලින් පීඩිත ජනප්‍රිය කලාකරුවකුගෙ දුවා දරුවන්ට අත්විඳින්න වෙන මානසික පීඩාව අපේ දරුවන්ට වඩා වැඩියි කියලයි මට හිතෙන්නෙ. තම පියාගේ හෝ මවගේ ගීත විකුණන කැසට් කාරයගෙ දරුවන් අන්තර්ජාතික පාසැල්වල සුඛෝපභෝගීව අධ්‍යාපනය ලබද්දි, තම මවගේ හෝ පියාගේ නිර්මාණ වලින් සිත් පහන් කරගන්නා රසික රසිකාවියන්ගෙන්ද තමන්ගේ අගහිඟකම් වලට විසඳුම් නොලැබෙන වට පිටාවක් තුල, මේ දරුවන්ගේ සිත්වල ඇතිවෙන මානසික කඩාවැටීමට මුහුණ දෙන්න දෙමව්පියන්ට ටිකක් අමාරුයි නේද? එහිදී තම නිර්මාණ දරුවන් සේ සලකන කලා කරුවාට එවනිම වු තමන්ගේ ලේ මස් නහරින් හැදුනු දරුවන් ගැනත් සිතන්න වෙනවා නේද?

තිස්ස දොඩන්ගොඩ said...

@චතුර: සහතික ඇත්ත... එකකට එකක් නොදෙවෙනී...!

@Pali: මටනම් ඒ සින්දු අහනකොට සාස්පාන් ගොඩක් අස්සේ බලලෙක් දඟලනවා වාගේ මචෝ දැනෙන්නේ... මොකවුනත් ඒ මට දැනෙන හැටි... ඊලඟට සමාජ ආර්ථික ප්‍රස්න... මම මුලිනුත් කිව්වේ ඒකයි පාලියෝ... මිනිස්සු පහසු ක්‍රම වන අල්ලස්, දූෂණ, වංචා වලින් අමතර ආදායමක් හොයන්න පෙලඹෙන්නෙත් මේ හේතුව නිසාම නේද...? සන්ෆ්ලවර්ලට නිර්මාණ විකිණීම මම ඒ ගොඩටම දාන්නේ නෑ, නමුත් හේතුවයි ප්‍රතික්‍රියාවයි බැලුවහම වැඩි වෙනසක් නෑ නේද...? හැමෝම උත්සාහවන්ත වුනොත් (තුන්ලෝකෙටම බැන බැන වෛර නොකර ඉඳ) සහ උපේක්ෂාවත් හැකි පමණින් හිතට ලංකර ගත්තොත් එහෙම ඔතෙනට නොයා ඉන්න බැරි වෙයිද මචං...?

Pali said...

එහෙම පුලුවන්ය කියලා තමයි මමත් හිතන්නෙ. කලාකරුවන්ට, රජයට, ව්‍යාපාරිකයන්ට වගේම රසික අපිටත් යමක් කරන්න තියෙනව නේද ඒ සම්බන්දයෙන්??

Grey said...

අනේ මන්දා, ගීතයේ අයිතිය තියෙන්නේ එයාලටනම්, මම දකින විදිහට ගීතයට ඕනේ දෙයක් කරන්න අයිතිය එයාලට තියෙනවා. මමත් ටකරන් සද්ද තියෙන සින්දුවලට කැමති නෑ, නමුත් අපේ රසිකයෝ ඉන්නවා ඒවට කැමති. ඉතින් කලාකරුවෙක් එක රසික කොටසකට පමනක් සීමා නොවී අනිත් අයවෙතටත් යන්න හදන්න, මුදල්, ප්‍රසිද්දිය වගේ ගොඩක් දේවල් හේතු වෙන්න පුලුවන්. නමුත් මටනම් ඒකේ වැරැද්දක් නෑ. සින්දුව දෙවිදිහටම තියෙනවා, අපි කැමති එකක් අහන්න, අනික එයාලගේ සින්දු එයාල කැමති විදිහට කියන්න පුලුවන් වෙන්න ඕනෙනේ නේද?

තිස්ස දොඩන්ගොඩ said...

හම්ම්... Grey කියන කථාවට එකඟ වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා... ඔව් නැත්නම් ඒවට අදායමක් ලැබෙන්නේ කොහොමද නේද... හ්ම්ම්ම් ස්තූතියි මම කල්පනා නොකල මානයක් ඔස්සේ මාව ගෙන ගියාට...

ඔන්න ආයෙමත් ආරුලු බූරුලු කල්පනා වෙනවා.... දැන් කුඩු ගහන්න කැමති මිනිස්සු ඉන්නවා කියලා කුඩු විකුණුවොත්... ? මේ රුචිකත්වයන් සම්බන්ධ දේවලට මෙහෙම තර්‍ක කරන්න එක එක අතකට හරි නෑ කියලත් හිතෙනවා... කුඩු ගහන එකේ සරීරයට අගුණක් තිබ්බට සාස්පානක් පෙරලුනා කියලා මක්ක වෙයිද කෙනෙක් එයට ප්‍රියනම් නේද...

හොඳ අදහස් Grey, Pali, උපශාන්ත....

priyantha.ඒබී said...

මමත් ගොඩත් ආස කරන ගායකයෙක් තමා මේ සෝමතිලක ජයමහ. ඔහුගේ කටහ‍‍ඬේ පුදුම සෞම්‍ය බවක් තියනවා. දවසම උනත් අහන් ඉන්න පුළුවන්. මං මේ සිංදුව නම් කලින් අහපු බවක් මතක නෑ. මං ආසම හවස් වේගන එන වෙලාවට ඔහුගේ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" සිංදුව අහන්න. මං හිතන්නේ මං ඒ සිංදුව සිය දහස් වාරයක් සවස් කාල වල අහල ඇති. ඒත් කවදාවත් ඇතිවෙලා නම් නෑ. අනෙක මේ ගායකයාගේ තියන නිහතමානී කම.
මේවා මකත් කලාට අය්යට දහස් වාරයක් තුති.

තිස්ස දොඩන්ගොඩ said...

@ප්‍රියන්ත: කියලා වැඩක් නෑ මල්ලී...දැන්නම් මේ තනියම ඉන්නකොට ඔයා කියාපු සින්දුව පුදුම කාන්සියක් ගෙන එනවා... මෙව්වා නම් අපට කවමදාවත් ඇතිවෙන එකක් නෑ...

Anonymous said...

වසර දහයක් ,සමහරවිට ඊටත් වඩා ජීවිතය හා බැඳුණු ඇත්තවශයෙන්ම ජීවිතයම උනු පාසැල් මෑණියන් හැරදා ඉන් නික්මෙනදිනය මා හිතන්නේ හැම පුද්ගලයෙකුටම අමතක නොවන දිනයක්...

ඉදින් ඔහුගේ මුවින් ගැයෙනා මේ ගීය අතීතයේ සොඳුරු මතකයන් අතරට අපව නොගෙනයාවිද????

නිල් තන පලසෙහි ගැටුණු දෙපාවයි..
කෝළ හැඟුම් කෙළි කවට සිනහවයි..
මල් නැටුමයි කලගෙඩි නැටුමයි..
මගේ දෑස තුල යළිත් ඇඳේවිද..

පියමන් කෙරුවෙමු මහවන මැද්දෙන්...

සුලා..

මිගාර said...

කාලෙකට පස්සෙ තිස්ස ඇවිත් වගේ! මමත් පහු ගිය කාලෙටම වැඩිය ආවේ නෑ. මගේ ප්‍රයතම සිංදුවක් තමයි මේ සින්දුව. මේක අහන විට අමුතුම හැඟිමක් සිතට ගලා ගෙන එනවා. ඒක අහිමි වූ සුන්දරත්වයද, එහෙම නැතිනම් උපේක්ෂාවද එහෙම නැතිනම් මොකද්ද කියල කියන්න අමාරුයි.

අප ආදරවන්තයන් වූ යුගය ගෙවී ගිහින් වැඩිහිටියන් ලෙස හමු වෙනවා. ඇය සිටින්නේ ඇය දරුවාත් අතින් දර්‍රගෙන. මමත් විවාහකයි. ඇය නැතිවුනාට මට ලැබෙන ආදරයේත් අඩුවක් නැහැ. අපේ ඒ සුන්දර පවුල් ජීවිත වල වූ ප්‍රහර්ෂය ලොවට හඬ ගා කියන්නට කෙරෙන අහිංසක ඇරයුමක් මේ ගීතයෙන් කෙරෙනවා.

බොහොම ස්තූතියි මේ ගීතය අරන් ආවට. විභාග පීඩාවෙන් පිළී ඉන්නා විටෙක වුවත් මේ ගීතය ගෙන එන්නේ මහත් අස්වැසිල්ලක්.

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් ඔබව මුණගැහෙන්න බැරි වීමේ දුක දැන් තදින් දැනේ....

මිගාර said...

තිස්ස අයියා, අපි දවසක හමු වෙමු. ලංකාව මහ ලොකු රටක් නෙවෙයි නෙ?

තිස්ස දොඩන්ගොඩ said...

අනිවාර්‍යයෙන්ම මල්ලී...!!!

ඉලංදාරියා said...

තිස්ස අය්යේ හරිම ල්කස්සන් අසිදුවක්......මම පදටික කියෙවුවා...මගෙත් ප්‍රියතම ගයකයන් අතරින් එක්කෙනෙක්...


සුලා අයියාට කරන විවෘත අරාධනාවයි.....!!!!!!!!!!!!!11

සුලා අයියේ ඔයත් බ්ලොග් එක්ක් ලියන්න්කෝ කරුනා කරලා..ලියන්න පුලුවන්නම්...හරිමහොදයි.....ඔයාගේ ...ජිවිතෙනුත් ගොඩක් අයට ගොඩාක් දේවල් ගන්න තියනවා වාගේයි......

ඉන්දික උපශාන්ත said...

තිස්ස.

සන්ෆල්වර් සමඟ ප්‍රබුද්ධයන් ගී ගැයීම සරළවම ගතහොත් මගේ පෙම්වතිය වෙනකකු සමඟ යෑම වැනි වේදනා දෙන කරුනකි. අනිවාර්යයෙන්ම සන්ෆ්ලවර් සංගීතයට මම අකමැති අතර ඒ ගැන ඔබේ උදාහරණයට එක්සිතින් එකඟ වෙමි.

කපුගේ ගේ සිංදු ඇසිය යුත්තේ අප පමණක් නොවේ. වෙනත් රසවින්දනයක් ඇත්තෝද එය විඳිය යුතුය. ඔවුන්ට ගැලපෙන ලෙස එය ඉදිරිපත් කල යුතුය. ඒ එක පැත්තකි.

කපුගේගෙ ( මේ නමින් නියෝජනය වන්නෙ ඒ ගායකයන් කුලකයමය ) සිංදුවලට හරි වටිනාකමක් කැසට් නිෂ්පාදකයන්ගෙන් ලැබුනේ නැත. සිංග්ලංකා හෝ අනෙකුත් රේඩියෝ නාලිකා ඒ සාධාරනය ඉටුකරානම් ඔවුන්ට සන්ෆ්ලවර් සමඟ ගැයීමට පෙර නැවත සිතන්නට හය්යක් ලැබෙන්නට තිබුනි. ඒ තවත් පැත්තකි.

අපි රෙකෝඩ් බාර් වලින් සිංදු තෝරා කැසට්වපට වලට නොගසා කෙලින්ම කැසට් පට මිලදීගත්තේනම් කැසට් නිෂ්පාදකයාටද බිය නැතිව හොඳ මිළක් කරන්නට හිකිව තිබිනි. කොපි කිරීමේ පහසුකම බහුලව නොතිබූ ඒ යුගයේ CD එකක ඇති උසස් තවයත් ගීතවලට ඇති ඉල්ලුමත් නිසා උපුල් ජයසිංහට ඒ දේ කරන්නට හැකිවිය. එහෙත් අද අමරදේව සන්ෆ්ලවර් සමඟ ගැයුවද CD 500ක් වත් විකුනාගැනීමට නොහැකිවන නිසා එදා කපුගේට තරමවත් ඔහුට ගෙවීමට අද උපුල්ටද බැරිවෙනු ඇත. මේ තවත් තත්වයකි.

කුඩු නොවික්කද අරක්කු හා සිගරට් විකිනීමට ඇත්තේ ඒවා මස් හා කිරි තරමකට හෝ ගුණ නිසා නොව යම්තරමකට හරි සැවොම ආතල් ගතයුතුනිසාවෙනි. ඒ වෙනස්ම තත්වයකි.

අනවශ්ය වාදයෙන් මිතුරා නැත්නම් ජය අහිමිවේ! මම ඔබ වැනි සුන්දර මිනිසෙකු අහිමිකරගැනීමට අකමැත්තෙමි. එනිසා මේ ගැන මෙහි මින්මතු යමක් නොලියමි. මේ අලුත්ම තත්වයයි.

තිස්ස දොඩන්ගොඩ said...

හෙහ් හෙහ් හෙහ්...මරු උත්තරේ මචෝ...!!!
ඔව් ඔබත් එක්ක එකඟ විය හැකියි මටත්... !!!

Anonymous said...

සොමතිලක ජයමහගේ අපුරු ගීතයක්... ස්තුතියි, තිස්ස

"පොඩි පුතු ගේ සිනා වැලයි, පොඩිපුතුගේ කතා පෙළයි..."
ඔහුගේ, මම කෑමතිම ගීතය..

සුලා ගේ රචනය ගෑන යමක් සදහන් කල යුතුමයි..
එය එතරම්ම සුන්දරයි...

සුලා මෙවා උම්බෙ නිර්මානයන්ද? නෑතිනම් තවකෙකුගේ ජීවිත අත්දෑකීම්ද?....

මම
"මෙ මොහොත"
"The Present Moment"

Anonymous said...

තිස්ස මහත්තයෝ අළුත් පරණ සිංදුවක් නැතෙයි...වලාමේ ..නිවාඩු ගොහිල්ල මාසයක් හිටිය...දැන් ආපහු ඇවිල්ලත් දෙමාසයක්ම ගෙවුණා නෙව..අපි පව් නේද අප්පා...?

=======================================
ඉලංදාරියා,මේ මොහොත,

ඇත්තටම යාළුවනේ නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට අත්දැකීම් බහුල වියයුතුයි..විශේෂයෙන්ම ලේඛකයෙකුට...යමක් ලියන්න පුළුවන් උන පලියට එයා ලේඛකයෙක් වෙන්නෙ නැහැ...අනුන්ගේ අත්දැකීමක් උනත් තමන්ට සිදුවුණු දෙයක් විදිහට ලියන්න පුළුවන් පරිකල්පණ ශක්තියක්ද තියෙන්න ඕන..සංයමයක්ද තිබිය යුතුයි...තමා කරන්නේ කුමක්ද යන්න ගැන තක්සේරුවක්...අඩුම තරමේ එයින් සමාජයට සිදුවන්නේ යහපතක්ද..අයහපතක්ද යන වගවත්...සමහර ඈයො ලියන්නෙ පලිගැනීමට නැතිනම් වෛරයෙන්...මේ සයිබර් අවකාශයේ සමහර උදවියගෙ අඩවි වලට එබෙන්නත් මොකද්ද වගේ...මොකද මාතෘකාවෙන්ම කියවෙනවා උන්ගේ හදවත...කණ්නාඩියකින් දැක්ක වගේ..හොඳම වචනය උතුරලා ගඳ ගහන "වැසිකිළි"වගේ...
යාළුවනේ...ගම්පෙරලියේ මාතරහාමිනේ ගේ චරිතය මතකද???...තමන් තුළටම යොමුවුණු මනසක් තිබුනු බවට කතාකාරයා විස්තරකරනවා...මමත් අන්න ඒවගේ ප්‍රාණියෙක්..සමාජයේ ඒ ඒ සංඝඨක වල ජීවත්වන අයවළුන්ගේ නානාප්‍රකාර ගැටළු මා තුලින් දකින්නට උත්සහකරණ කෙනෙක්...ඉතිං සමහරවිට මා ලියන සිදුවීම් ස්වාභාවික සංසිද්ධි විදිහට ඔයාලට හැඟෙන එක වලක්වන්න බැහැ...ඒ කියන්නෙ මං සාර්ථකයි...මම විඳිනවා නිහතමානී සතුටක්..!
ඕං ඉතිං මේ අඩවිය හිමිකරුවාට මගේ ගවුරවය පුදකළයුතු වෙනවා...මගේ සිතිවිළි අවදිකරන්නෙ උන්නැහැ නෙව...නිමිත්ත දෙන්නෙ ඔහුයි...

සුලා..

තිස්ස දොඩන්ගොඩ said...

සුලා... මල්ලියේ: "සබඳ ඔබේ හද අංජලිකරණීයයි..."

Anonymous said...

සුලා, ස්තුතියි, දිගු පිලිතුරට, එහි සියල්ල ඈතුලත්...

නිමිත්ත නිරතුරුවම දෙන තිස්සටත් ස්තුතියි...

මම හිතනවා තිස්ස ගේ ගී පොතයි, සුලා ගේ සන්කල්පනවයි..
අපුරුවට ගෑලපෙන, විරල සම්මිශ්‍රනයක් කියලා...
එයට බොහොදෙනෙක් මා සමග එකන්ග වෙවි...

මම
"මෙ මොහොත"
"The Present Moment"

ජීවිතේමල් said...

සෝමතිලක ජයමහ කියන්නේ මගෙත් ප්‍රියතම ගායකයෙක්... ඔහු ගැයූ ගී වලින් සොඳුරු නොවන ගී කියා දෙයක් සොයා ගත නොහැකියි... එතරම්ම ඔහුගේ හඬ , පද හා තනු හැඟුම්බරයි... සොඳුරුයි... " යාලු බාල සඳේ " එවන් සොඳුරුතම ගීයක්... අද යුගයේ එවන් සොඳුරු ගී බිහි නොවන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයක්... ??????????

පුතා said...

අදමයි ඕං අයියගෙ බ්ලොග් එකට ගොඩවුනේ... මේක කොටන වෙලාවෙත් මං අහගෙන ඉන්නේ "අපි ආයෙත් හමු නොවුනානම්" සිංදුව..
මං අහල තියෙන විදිහට සෝමතිලක ජයමහ කියන්නේ බොහොම සරල මනුස්සයෙක්... අපි පොඩි කාලේ වීරයෝය කියලා හිතාගෙන හිටපු කලාකාරයෝ සල්ලියි බලයයි ඉස්සරහ දියවෙලා යද්දි නියම ජීවිතේ කියන්නේ මේකයි කියල පෙන්නපු මනුස්සයෙක්...
ලොකු හාදයාට සිංදු කියපු කතන්දරෙ කියවද්දි මතක් වුනේ.. අපේ තාත්තත් නංගිටයි මටයි නින්ද යනකම් සිංදු කියනවා.. නංගි වැඩියෙන්ම කැමති "චන්ඩි කමට රන්ඩුවක් වෙලා..."කියනවට ඇයි එකෙ තියෙනවනෙ "අයියට ගහලා..." කියලා කෑල්ලක්.. ඉතින් ඔය සිංදුව තුන් හතර පාරක්වත් කියන්ට වෙනවා තාත්තට... තැන්කූ වේවා අයියා ටික වෙලාවකට හරි ලංකාවට යන්ට උදවු කරාට...

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් ලස්සන මතකයන් තියනවානේ "පුතා" මල්ලිටත්... දවසක හමුවෙමු...අපේ ම මව්බිමේදී...OK...?

පුතා said...

අනිවා... හම්බවෙමු කවදහරි දවසක අයියා...

හරී said...

සෝමතිලක ජයමහ තරුණයා කාලෙ ( ගුවන් විදුලියෙ රැකියාව කරන කාලෙ වෙන්න ඕනැ ) එක්තරා තරුණියකට විවාහ යෝජනාවක් ගෙනාවා. ඇය අකැමති උනාලු. වයලීනයක් හොයන මුවාවෙන් ඇගේ ගම් පැත්තෙත් ආවලු. කොහොමින් කොහොම හරි ඊටත් වසර 20කට විතර පස්සෙ( ඊට වැඩි මිසක් අඩු නෑ ) අර තරුණිය (එතකොට තරුණ නෑ අප්පා ) විභාග දෙපාර්තමේන්තුවට ගිහින් තියෙනවා කැනඩාවෙ ඉන්න එයාගෙ මල්ලිගෙ සහතිකයක් ගන්න. එතනින් වැඩේ නොකෙරුණු ( පමාවූ ) නිසා එහි මුල් පෙළ පුටුවකට පැමිණිලි කරන්න ඇය ගිහින්.
ඔන්න එතකොටයි දෙදෙනා නැවත හමු උනේ, ඒ වෙනකොටත් මේ දෙදෙනාම අවිවාහක නිසා මල්සරා විද්දලු . ( ආදරේට වයස් සීමා නැහැ ලුනේ ) මට මතක විදිහට අවුරුදු 45ත් ඉක්මිලා මෙයාලා විවාහ වෙනකොට.

හරී said...

ඉක්මනට පැදුරක් තියන්ඩෝ,,,,, සිංදු අහන්න අපි එනෝ,, හරී,,,,,,,,,,,,

තිස්ස දොඩන්ගොඩ said...

@හරී: ෂහ් ඔබත් අපූරු රසවතියක් නොවෑ.... ඔවුන් දෙදෙනාම තමා මම එදා එහෙනම් දු‍ටුවේ... කොච්චර අවංක ආදරයක්ද...! ආසම ඇඳුමක් ගලවලා වෙනත් එකකට සිත්ව ඒක ලාගන්නවා වාගේ ගැහැණු පිරිමි සිත් වෙනස් වෙන කාලෙක...

ඉක්මනට තියමු එහෙමනම්... ඔබලා ඉන්නා තැන් දුකා දන්නවා ඇතිනේ...?

Post a Comment

 
Blogger Wordpress Gadgets