tag:blogger.com,1999:blog-6686961339369224565.post7731307332178312173..comments2024-01-06T18:15:46.447+04:00Comments on හද ගී පොත...: ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...තිස්ස දොඩන්ගොඩhttp://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6686961339369224565.post-11360838076015092402010-07-27T08:17:30.246+04:002010-07-27T08:17:30.246+04:00@හරී: ෂහ් ඔබත් අපූරු රසවතියක් නොවෑ.... ඔවුන් දෙදෙන...@හරී: ෂහ් ඔබත් අපූරු රසවතියක් නොවෑ.... ඔවුන් දෙදෙනාම තමා මම එදා එහෙනම් දුටුවේ... කොච්චර අවංක ආදරයක්ද...! ආසම ඇඳුමක් ගලවලා වෙනත් එකකට සිත්ව ඒක ලාගන්නවා වාගේ ගැහැණු පිරිමි සිත් වෙනස් වෙන කාලෙක...

ඉක්මනට තියමු එහෙමනම්... ඔබලා ඉන්නා තැන් දුකා දන්නවා ඇතිනේ...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-10275162722328118922010-07-27T08:05:12.200+04:002010-07-27T08:05:12.200+04:00ඉක්මනට පැදුරක් තියන්ඩෝ,,,,, සිංදු අහන්න අපි එනෝ,,...ඉක්මනට පැදුරක් තියන්ඩෝ,,,,, සිංදු අහන්න අපි එනෝ,, හරී,,,,,,,,,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16515967341982439212010-07-27T08:02:05.886+04:002010-07-27T08:02:05.886+04:00සෝමතිලක ජයමහ තරුණයා කාලෙ ( ගුවන් විදුලියෙ රැකියාව ...සෝමතිලක ජයමහ තරුණයා කාලෙ ( ගුවන් විදුලියෙ රැකියාව කරන කාලෙ වෙන්න ඕනැ ) එක්තරා තරුණියකට විවාහ යෝජනාවක් ගෙනාවා. ඇය අකැමති උනාලු. වයලීනයක් හොයන මුවාවෙන් ඇගේ ගම් පැත්තෙත් ආවලු. කොහොමින් කොහොම හරි ඊටත් වසර 20කට විතර පස්සෙ( ඊට වැඩි මිසක් අඩු නෑ ) අර තරුණිය (එතකොට තරුණ නෑ අප්පා ) විභාග දෙපාර්තමේන්තුවට ගිහින් තියෙනවා කැනඩාවෙ ඉන්න එයාගෙ මල්ලිගෙ සහතිකයක් ගන්න. එතනින් වැඩේ නොකෙරුණු ( පමාවූ ) නිසා එහි මුල් පෙළ පුටුවකට පැමිණිලි කරන්න ඇය ගිහින්.
ඔන්න එතකොටයි දෙදෙනා නැවත හමු උනේ, ඒ වෙනකොටත් මේ දෙදෙනාම අවිවාහක නිසා මල්සරා විද්දලු . ( ආදරේට වයස් සීමා නැහැ ලුනේ ) මට මතක විදිහට අවුරුදු 45ත් ඉක්මිලා මෙයාලා විවාහ වෙනකොට.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12815695725845503562010-07-25T22:39:53.514+04:002010-07-25T22:39:53.514+04:00අනිවා... හම්බවෙමු කවදහරි දවසක අයියා...අනිවා... හම්බවෙමු කවදහරි දවසක අයියා...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-22233882034235886522010-07-25T18:40:23.884+04:002010-07-25T18:40:23.884+04:00ෂහ් ලස්සන මතකයන් තියනවානේ "පුතා" මල්ලිටත...ෂහ් ලස්සන මතකයන් තියනවානේ "පුතා" මල්ලිටත්... දවසක හමුවෙමු...අපේ ම මව්බිමේදී...OK...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-89940330536300391502010-07-25T18:27:17.286+04:002010-07-25T18:27:17.286+04:00අදමයි ඕං අයියගෙ බ්ලොග් එකට ගොඩවුනේ... මේක කොටන වෙල...අදමයි ඕං අයියගෙ බ්ලොග් එකට ගොඩවුනේ... මේක කොටන වෙලාවෙත් මං අහගෙන ඉන්නේ "අපි ආයෙත් හමු නොවුනානම්" සිංදුව..
මං අහල තියෙන විදිහට සෝමතිලක ජයමහ කියන්නේ බොහොම සරල මනුස්සයෙක්... අපි පොඩි කාලේ වීරයෝය කියලා හිතාගෙන හිටපු කලාකාරයෝ සල්ලියි බලයයි ඉස්සරහ දියවෙලා යද්දි නියම ජීවිතේ කියන්නේ මේකයි කියල පෙන්නපු මනුස්සයෙක්...
ලොකු හාදයාට සිංදු කියපු කතන්දරෙ කියවද්දි මතක් වුනේ.. අපේ තාත්තත් නංගිටයි මටයි නින්ද යනකම් සිංදු කියනවා.. නංගි වැඩියෙන්ම කැමති "චන්ඩි කමට රන්ඩුවක් වෙලා..."කියනවට ඇයි එකෙ තියෙනවනෙ "අයියට ගහලා..." කියලා කෑල්ලක්.. ඉතින් ඔය සිංදුව තුන් හතර පාරක්වත් කියන්ට වෙනවා තාත්තට... තැන්කූ වේවා අයියා ටික වෙලාවකට හරි ලංකාවට යන්ට උදවු කරාට...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-82850186584601243842010-07-18T21:06:04.548+04:002010-07-18T21:06:04.548+04:00සෝමතිලක ජයමහ කියන්නේ මගෙත් ප්‍රියතම ගායකයෙක්... ඔහ...සෝමතිලක ජයමහ කියන්නේ මගෙත් ප්‍රියතම ගායකයෙක්... ඔහු ගැයූ ගී වලින් සොඳුරු නොවන ගී කියා දෙයක් සොයා ගත නොහැකියි... එතරම්ම ඔහුගේ හඬ , පද හා තනු හැඟුම්බරයි... සොඳුරුයි... " යාලු බාල සඳේ " එවන් සොඳුරුතම ගීයක්... අද යුගයේ එවන් සොඳුරු ගී බිහි නොවන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයක්... ??????????ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-80209906450269315392010-07-18T17:24:50.197+04:002010-07-18T17:24:50.197+04:00සුලා, ස්තුතියි, දිගු පිලිතුරට, එහි සියල්ල ඈතුලත්.....සුලා, ස්තුතියි, දිගු පිලිතුරට, එහි සියල්ල ඈතුලත්...

නිමිත්ත නිරතුරුවම දෙන තිස්සටත් ස්තුතියි...

මම හිතනවා තිස්ස ගේ ගී පොතයි, සුලා ගේ සන්කල්පනවයි..
අපුරුවට ගෑලපෙන, විරල සම්මිශ්රනයක් කියලා...
එයට බොහොදෙනෙක් මා සමග එකන්ග වෙවි...

මම
"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-48993184438773973472010-07-18T11:20:10.445+04:002010-07-18T11:20:10.445+04:00සුලා... මල්ලියේ: "සබඳ ඔබේ හද අංජලිකරණීයයි...&...සුලා... මල්ලියේ: "සබඳ ඔබේ හද අංජලිකරණීයයි..."තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-11290844544151567642010-07-18T10:35:52.751+04:002010-07-18T10:35:52.751+04:00තිස්ස මහත්තයෝ අළුත් පරණ සිංදුවක් නැතෙයි...වලාමේ .....තිස්ස මහත්තයෝ අළුත් පරණ සිංදුවක් නැතෙයි...වලාමේ ..නිවාඩු ගොහිල්ල මාසයක් හිටිය...දැන් ආපහු ඇවිල්ලත් දෙමාසයක්ම ගෙවුණා නෙව..අපි පව් නේද අප්පා...?

ඉලංදාරියා,මේ මොහොත,

ඇත්තටම යාළුවනේ නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට අත්දැකීම් බහුල වියයුතුයි..විශේෂයෙන්ම ලේඛකයෙකුට...යමක් ලියන්න පුළුවන් උන පලියට එයා ලේඛකයෙක් වෙන්නෙ නැහැ...අනුන්ගේ අත්දැකීමක් උනත් තමන්ට සිදුවුණු දෙයක් විදිහට ලියන්න පුළුවන් පරිකල්පණ ශක්තියක්ද තියෙන්න ඕන..සංයමයක්ද තිබිය යුතුයි...තමා කරන්නේ කුමක්ද යන්න ගැන තක්සේරුවක්...අඩුම තරමේ එයින් සමාජයට සිදුවන්නේ යහපතක්ද..අයහපතක්ද යන වගවත්...සමහර ඈයො ලියන්නෙ පලිගැනීමට නැතිනම් වෛරයෙන්...මේ සයිබර් අවකාශයේ සමහර උදවියගෙ අඩවි වලට එබෙන්නත් මොකද්ද වගේ...මොකද මාතෘකාවෙන්ම කියවෙනවා උන්ගේ හදවත...කණ්නාඩියකින් දැක්ක වගේ..හොඳම වචනය උතුරලා ගඳ ගහන "වැසිකිළි"වගේ...
යාළුවනේ...ගම්පෙරලියේ මාතරහාමිනේ ගේ චරිතය මතකද???...තමන් තුළටම යොමුවුණු මනසක් තිබුනු බවට කතාකාරයා විස්තරකරනවා...මමත් අන්න ඒවගේ ප්‍රාණියෙක්..සමාජයේ ඒ ඒ සංඝඨක වල ජීවත්වන අයවළුන්ගේ නානාප්‍රකාර ගැටළු මා තුලින් දකින්නට උත්සහකරණ කෙනෙක්...ඉතිං සමහරවිට මා ලියන සිදුවීම් ස්වාභාවික සංසිද්ධි විදිහට ඔයාලට හැඟෙන එක වලක්වන්න බැහැ...ඒ කියන්නෙ මං සාර්ථකයි...මම විඳිනවා නිහතමානී සතුටක්..!
ඕං ඉතිං මේ අඩවිය හිමිකරුවාට මගේ ගවුරවය පුදකළයුතු වෙනවා...මගේ සිතිවිළි අවදිකරන්නෙ උන්නැහැ නෙව...නිමිත්ත දෙන්නෙ ඔහුයි...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-62621689999149815362010-07-18T08:45:31.657+04:002010-07-18T08:45:31.657+04:00සොමතිලක ජයමහගේ අපුරු ගීතයක්... ස්තුතියි, තිස්ස
&q...සොමතිලක ජයමහගේ අපුරු ගීතයක්... ස්තුතියි, තිස්ස

"පොඩි පුතු ගේ සිනා වැලයි, පොඩිපුතුගේ කතා පෙළයි..."
ඔහුගේ, මම කෑමතිම ගීතය..

සුලා ගේ රචනය ගෑන යමක් සදහන් කල යුතුමයි..
එය එතරම්ම සුන්දරයි...

සුලා මෙවා උම්බෙ නිර්මානයන්ද? නෑතිනම් තවකෙකුගේ ජීවිත අත්දෑකීම්ද?....

මම
"මෙ මොහොත"
"The Present Moment"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-51570051909144889602010-07-17T14:07:12.297+04:002010-07-17T14:07:12.297+04:00හෙහ් හෙහ් හෙහ්...මරු උත්තරේ මචෝ...!!!
ඔව් ඔබත් එක්...හෙහ් හෙහ් හෙහ්...මරු උත්තරේ මචෝ...!!!
ඔව් ඔබත් එක්ක එකඟ විය හැකියි මටත්... !!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-56079658854157108822010-07-17T11:37:59.376+04:002010-07-17T11:37:59.376+04:00තිස්ස.
සන්ෆල්වර් සමඟ ප්‍රබුද්ධයන් ගී ගැයීම සරළවම ...තිස්ස.

සන්ෆල්වර් සමඟ ප්‍රබුද්ධයන් ගී ගැයීම සරළවම ගතහොත් මගේ පෙම්වතිය වෙනකකු සමඟ යෑම වැනි වේදනා දෙන කරුනකි. අනිවාර්යයෙන්ම සන්ෆ්ලවර් සංගීතයට මම අකමැති අතර ඒ ගැන ඔබේ උදාහරණයට එක්සිතින් එකඟ වෙමි.

කපුගේ ගේ සිංදු ඇසිය යුත්තේ අප පමණක් නොවේ. වෙනත් රසවින්දනයක් ඇත්තෝද එය විඳිය යුතුය. ඔවුන්ට ගැලපෙන ලෙස එය ඉදිරිපත් කල යුතුය. ඒ එක පැත්තකි.

කපුගේගෙ ( මේ නමින් නියෝජනය වන්නෙ ඒ ගායකයන් කුලකයමය ) සිංදුවලට හරි වටිනාකමක් කැසට් නිෂ්පාදකයන්ගෙන් ලැබුනේ නැත. සිංග්ලංකා හෝ අනෙකුත් රේඩියෝ නාලිකා ඒ සාධාරනය ඉටුකරානම් ඔවුන්ට සන්ෆ්ලවර් සමඟ ගැයීමට පෙර නැවත සිතන්නට හය්යක් ලැබෙන්නට තිබුනි. ඒ තවත් පැත්තකි.

අපි රෙකෝඩ් බාර් වලින් සිංදු තෝරා කැසට්වපට වලට නොගසා කෙලින්ම කැසට් පට මිලදීගත්තේනම් කැසට් නිෂ්පාදකයාටද බිය නැතිව හොඳ මිළක් කරන්නට හිකිව තිබිනි. කොපි කිරීමේ පහසුකම බහුලව නොතිබූ ඒ යුගයේ CD එකක ඇති උසස් තවයත් ගීතවලට ඇති ඉල්ලුමත් නිසා උපුල් ජයසිංහට ඒ දේ කරන්නට හැකිවිය. එහෙත් අද අමරදේව සන්ෆ්ලවර් සමඟ ගැයුවද CD 500ක් වත් විකුනාගැනීමට නොහැකිවන නිසා එදා කපුගේට තරමවත් ඔහුට ගෙවීමට අද උපුල්ටද බැරිවෙනු ඇත. මේ තවත් තත්වයකි.

කුඩු නොවික්කද අරක්කු හා සිගරට් විකිනීමට ඇත්තේ ඒවා මස් හා කිරි තරමකට හෝ ගුණ නිසා නොව යම්තරමකට හරි සැවොම ආතල් ගතයුතුනිසාවෙනි. ඒ වෙනස්ම තත්වයකි.

අනවශ්‍ය වාදයෙන් මිතුරා නැත්නම් ජය අහිමිවේ! මම ඔබ වැනි සුන්දර මිනිසෙකු අහිමිකරගැනීමට අකමැත්තෙමි. එනිසා මේ ගැන මෙහි මින්මතු යමක් නොලියමි. මේ අලුත්ම තත්වයයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-49671504065639669302010-07-17T09:08:00.563+04:002010-07-17T09:08:00.563+04:00තිස්ස අය්යේ හරිම ල්කස්සන් අසිදුවක්......මම පදටික ක...තිස්ස අය්යේ හරිම ල්කස්සන් අසිදුවක්......මම පදටික කියෙවුවා...මගෙත් ප්‍රියතම ගයකයන් අතරින් එක්කෙනෙක්...

සුලා අයියාට කරන විවෘත අරාධනාවයි.....!!!!!!!!!!!!!11

සුලා අයියේ ඔයත් බ්ලොග් එක්ක් ලියන්න්කෝ කරුනා කරලා..ලියන්න පුලුවන්නම්...හරිමහොදයි.....ඔයාගේ ...ජිවිතෙනුත් ගොඩක් අයට ගොඩාක් දේවල් ගන්න තියනවා වාගේයි......ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-68945243433562242422010-07-15T18:33:03.429+04:002010-07-15T18:33:03.429+04:00අනිවාර්යයෙන්ම මල්ලී...!!!අනිවාර්යයෙන්ම මල්ලී...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-16141405100010697962010-07-15T18:31:25.917+04:002010-07-15T18:31:25.917+04:00තිස්ස අයියා, අපි දවසක හමු වෙමු. ලංකාව මහ ලොකු රටක්...තිස්ස අයියා, අපි දවසක හමු වෙමු. ලංකාව මහ ලොකු රටක් නෙවෙයි නෙ?මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-50636996057635090902010-07-15T18:25:14.400+04:002010-07-15T18:25:14.400+04:00ෂහ් ඔබව මුණගැහෙන්න බැරි වීමේ දුක දැන් තදින් දැනේ.....ෂහ් ඔබව මුණගැහෙන්න බැරි වීමේ දුක දැන් තදින් දැනේ....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-54876915431213362552010-07-15T18:20:16.386+04:002010-07-15T18:20:16.386+04:00කාලෙකට පස්සෙ තිස්ස ඇවිත් වගේ! මමත් පහු ගිය කාලෙටම ...කාලෙකට පස්සෙ තිස්ස ඇවිත් වගේ! මමත් පහු ගිය කාලෙටම වැඩිය ආවේ නෑ. මගේ ප්‍රයතම සිංදුවක් තමයි මේ සින්දුව. මේක අහන විට අමුතුම හැඟිමක් සිතට ගලා ගෙන එනවා. ඒක අහිමි වූ සුන්දරත්වයද, එහෙම නැතිනම් උපේක්ෂාවද එහෙම නැතිනම් මොකද්ද කියල කියන්න අමාරුයි.

අප ආදරවන්තයන් වූ යුගය ගෙවී ගිහින් වැඩිහිටියන් ලෙස හමු වෙනවා. ඇය සිටින්නේ ඇය දරුවාත් අතින් දර්රගෙන. මමත් විවාහකයි. ඇය නැතිවුනාට මට ලැබෙන ආදරයේත් අඩුවක් නැහැ. අපේ ඒ සුන්දර පවුල් ජීවිත වල වූ ප්‍රහර්ෂය ලොවට හඬ ගා කියන්නට කෙරෙන අහිංසක ඇරයුමක් මේ ගීතයෙන් කෙරෙනවා.

බොහොම ස්තූතියි මේ ගීතය අරන් ආවට. විභාග පීඩාවෙන් පිළී ඉන්නා විටෙක වුවත් මේ ගීතය ගෙන එන්නේ මහත් අස්වැසිල්ලක්.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-63475963342942501242010-07-15T12:46:44.766+04:002010-07-15T12:46:44.766+04:00වසර දහයක් ,සමහරවිට ඊටත් වඩා ජීවිතය හා බැඳුණු ඇත්තව...වසර දහයක් ,සමහරවිට ඊටත් වඩා ජීවිතය හා බැඳුණු ඇත්තවශයෙන්ම ජීවිතයම උනු පාසැල් මෑණියන් හැරදා ඉන් නික්මෙනදිනය මා හිතන්නේ හැම පුද්ගලයෙකුටම අමතක නොවන දිනයක්...

ඉදින් ඔහුගේ මුවින් ගැයෙනා මේ ගීය අතීතයේ සොඳුරු මතකයන් අතරට අපව නොගෙනයාවිද????

නිල් තන පලසෙහි ගැටුණු දෙපාවයි..
කෝළ හැඟුම් කෙළි කවට සිනහවයි..
මල් නැටුමයි කලගෙඩි නැටුමයි..
මගේ දෑස තුල යළිත් ඇඳේවිද..

පියමන් කෙරුවෙමු මහවන මැද්දෙන්...

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-12714810671984739492010-07-15T11:55:43.143+04:002010-07-15T11:55:43.143+04:00@ප්‍රියන්ත: කියලා වැඩක් නෑ මල්ලී...දැන්නම් මේ තනිය...@ප්‍රියන්ත: කියලා වැඩක් නෑ මල්ලී...දැන්නම් මේ තනියම ඉන්නකොට ඔයා කියාපු සින්දුව පුදුම කාන්සියක් ගෙන එනවා... මෙව්වා නම් අපට කවමදාවත් ඇතිවෙන එකක් නෑ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-31393821492248661382010-07-15T11:45:15.118+04:002010-07-15T11:45:15.118+04:00මමත් ගොඩත් ආස කරන ගායකයෙක් තමා මේ සෝමතිලක ජයමහ. ඔහ...මමත් ගොඩත් ආස කරන ගායකයෙක් තමා මේ සෝමතිලක ජයමහ. ඔහුගේ කටහඬේ පුදුම සෞම්‍ය බවක් තියනවා. දවසම උනත් අහන් ඉන්න පුළුවන්. මං මේ සිංදුව නම් කලින් අහපු බවක් මතක නෑ. මං ආසම හවස් වේගන එන වෙලාවට ඔහුගේ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" සිංදුව අහන්න. මං හිතන්නේ මං ඒ සිංදුව සිය දහස් වාරයක් සවස් කාල වල අහල ඇති. ඒත් කවදාවත් ඇතිවෙලා නම් නෑ. අනෙක මේ ගායකයාගේ තියන නිහතමානී කම.
මේවා මකත් කලාට අය්යට දහස් වාරයක් තුති.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-20033464230210934232010-07-15T10:53:02.823+04:002010-07-15T10:53:02.823+04:00හම්ම්... Grey කියන කථාවට එකඟ වෙන්න පුලුවන් කියලා ...හම්ම්... Grey කියන කථාවට එකඟ වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා... ඔව් නැත්නම් ඒවට අදායමක් ලැබෙන්නේ කොහොමද නේද... හ්ම්ම්ම් ස්තූතියි මම කල්පනා නොකල මානයක් ඔස්සේ මාව ගෙන ගියාට...

ඔන්න ආයෙමත් ආරුලු බූරුලු කල්පනා වෙනවා.... දැන් කුඩු ගහන්න කැමති මිනිස්සු ඉන්නවා කියලා කුඩු විකුණුවොත්... ? මේ රුචිකත්වයන් සම්බන්ධ දේවලට මෙහෙම තර්ක කරන්න එක එක අතකට හරි නෑ කියලත් හිතෙනවා... කුඩු ගහන එකේ සරීරයට අගුණක් තිබ්බට සාස්පානක් පෙරලුනා කියලා මක්ක වෙයිද කෙනෙක් එයට ප්‍රියනම් නේද...

හොඳ අදහස් Grey, Pali, උපශාන්ත....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-91515364410613072592010-07-15T10:38:30.768+04:002010-07-15T10:38:30.768+04:00අනේ මන්දා, ගීතයේ අයිතිය තියෙන්නේ එයාලටනම්, මම දකින...අනේ මන්දා, ගීතයේ අයිතිය තියෙන්නේ එයාලටනම්, මම දකින විදිහට ගීතයට ඕනේ දෙයක් කරන්න අයිතිය එයාලට තියෙනවා. මමත් ටකරන් සද්ද තියෙන සින්දුවලට කැමති නෑ, නමුත් අපේ රසිකයෝ ඉන්නවා ඒවට කැමති. ඉතින් කලාකරුවෙක් එක රසික කොටසකට පමනක් සීමා නොවී අනිත් අයවෙතටත් යන්න හදන්න, මුදල්, ප්‍රසිද්දිය වගේ ගොඩක් දේවල් හේතු වෙන්න පුලුවන්. නමුත් මටනම් ඒකේ වැරැද්දක් නෑ. සින්දුව දෙවිදිහටම තියෙනවා, අපි කැමති එකක් අහන්න, අනික එයාලගේ සින්දු එයාල කැමති විදිහට කියන්න පුලුවන් වෙන්න ඕනෙනේ නේද?Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-23858490122450386702010-07-15T09:07:31.673+04:002010-07-15T09:07:31.673+04:00එහෙම පුලුවන්ය කියලා තමයි මමත් හිතන්නෙ. කලාකරුවන්ට,...එහෙම පුලුවන්ය කියලා තමයි මමත් හිතන්නෙ. කලාකරුවන්ට, රජයට, ව්‍යාපාරිකයන්ට වගේම රසික අපිටත් යමක් කරන්න තියෙනව නේද ඒ සම්බන්දයෙන්??Palihttps://www.blogger.com/profile/18000701330221099004noreply@blogger.comtag:blogger.com,1999:blog-6686961339369224565.post-78801923063386016482010-07-15T07:57:09.451+04:002010-07-15T07:57:09.451+04:00@චතුර: සහතික ඇත්ත... එකකට එකක් නොදෙවෙනී...!
@Pali...@චතුර: සහතික ඇත්ත... එකකට එකක් නොදෙවෙනී...!

@Pali: මටනම් ඒ සින්දු අහනකොට සාස්පාන් ගොඩක් අස්සේ බලලෙක් දඟලනවා වාගේ මචෝ දැනෙන්නේ... මොකවුනත් ඒ මට දැනෙන හැටි... ඊලඟට සමාජ ආර්ථික ප්‍රස්න... මම මුලිනුත් කිව්වේ ඒකයි පාලියෝ... මිනිස්සු පහසු ක්‍රම වන අල්ලස්, දූෂණ, වංචා වලින් අමතර ආදායමක් හොයන්න පෙලඹෙන්නෙත් මේ හේතුව නිසාම නේද...? සන්ෆ්ලවර්ලට නිර්මාණ විකිණීම මම ඒ ගොඩටම දාන්නේ නෑ, නමුත් හේතුවයි ප්රතික්රියාවයි බැලුවහම වැඩි වෙනසක් නෑ නේද...? හැමෝම උත්සාහවන්ත වුනොත් (තුන්ලෝකෙටම බැන බැන වෛර නොකර ඉඳ) සහ උපේක්ෂාවත් හැකි පමණින් හිතට ලංකර ගත්තොත් එහෙම ඔතෙනට නොයා ඉන්න බැරි වෙයිද මචං...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com