අඹරේ අද නැත පුන්සඳ....

"ඕ... අද එන්න පරක්කු වුනා නේ...?, අද ඇප්‍රේසල් එකක් කරන්න තියන හින්ද රෑ වෙනකල්ම ඔ‍ෆිස් එකේ... එපා වෙලා හිටියේ..."
"අයියෝ මේ චූටියාට සනීප නැති වෙලානේ... එයත් එක්කම නින්ද යනකල් ගොඩක් වෙලා ඉන්න වුනා ඇඳටම වෙලා... මොකද අද අනෙක් යාලුවෝ නැද්ද..."
"ඒ මොකද්ද ඒ කතාව... චූටියාට දැන් කොහොමද..."
"හ්ම්ම්... එයාටනම් සනීප වෙයී....."
"මොකද අද හරහටම කථාව... "
" මගේ මොන හරහක් ද... ඒක නෙවෙයි කවදද ඉතින් ගම් පලාතේ යන්නේ...."
"ඇයි මොකටද අහන්නේ....?"
"නෑ ඉතින් ඔයා යන්නේ ඔයාගේ සුදු මැණිකේ බලන්නනේ..."
"ඔව් ඉතින්....?"
"හරි හරි අපෝ මම විහිලුවක් කළේ....මේ අද වැල් වටාරම් ගොඩක් බෑ හරිද... මට ඉස්සරහට නිතර ඔන්ලයින් එන්නත් බැරිවෙයි...."
"එහෙනම් අද මොකද ආවේ...."
"හපෝ.... මොකද ඔය මූලග්ගින්න...?"
"මම ඉතින් එහෙම තමයි..."
"හරි හරි එහෙනම් මම යනවා අදට... ඕන වෙලාවක මට ලියන්නකෝ.... අමනාප නෑනේ...?"
"හ්ම්ම්..."

අඹරේ අද නැත පුන්සඳ.... කෑලි කැපෙන ගනඳුර මැද....
එන්න සොඳුර පාලුව බිඳ පැල් කවි කියමු...
සඳය කියන කොමළ අඟන තරු දරුවන් සමඟ නිදන...
අමාවකේ පොහොය මෙදින පාලුව ඒකයි...
පාලුව ඒකයි....

ඇල් හාලේ බතක් උයා... කිරි හොද්දක් ලිපේ තියා....
මුලුතැන්ගෙයි දොරග තියා එන්න මිහිරියේ....
එන්න මිහිරියේ....
සිරි පොද ටික ටික වැටෙනව... චිරි චිරි චිරි හඬ ඇහෙනව...
සුලඟ කවුලුවෙන් එබෙනවා.... හොඳටම සීතයි...
හොඳටම සීතයි....

ඈත කොවුල් දූතිකාව.... ගයයි ඇගේ ගීතිකාව....
එන්න මගේ රූපිකාව... ඉන්න මා ලඟින්....
ඉන්න මා ලඟින්....
අහස යකින්නියක වගේ... ඈ විදුලිය දත් නියවයි...
ගොරහැඩි ලෙස හෙණ හඬ දෙයි.... හද ගැස්සෙනවා...
හද ගැස්සෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

34 ප්‍රතිචාර:

චේජනා said...

සෙනෙහස සොම්නස
පිරුණ කැදැල්ලක
ගෙවෙන දිනක් වෙත
මවන සිහින ‍රැස
ඉ‍ටුවෙන දින අත ළඟම
වගේ...

පියඹා යන සිත
නවතාගන්නට
දරන නොහිම් තැත
අකුරු අතර ඇත....
කතරේ ගතවන
අවසන් දින ටික
විදුලි වේගයෙන්
පියඹා සැඟවෙන්
පතමි ඉතින් මම

තිස්ස දොඩන්ගොඩ said...

ඔහ්... ANOVA කවි සිතට කරදරයක්කරලා නෑ වාගේ...මෙන්න ඉස්සර කාලේ වාගේම උණු උණු සටහන්... මරණ දැන්වීම දාපු දා වාගෙම...

nethu said...

Time can never mend
the careless whispers of a good friend
safe journey and a happy vacation.....

චේජනා said...

එදා වගෙම reply එක දානකනුත් බලාගෙනත් හිටිය ඔන්න අදත්...
;-)
ඔයාට තාම හොඳට මතකයි නේද අය්යෙ එදා මගෙන් නැති වුණාට අනිත් කට්ටියගෙන් බැනුම් ඇහුව හැටි එහෙම.,..

චේජනා said...

ඒත් අද මගේ අක්ක මගෙ කමෙන්ට් දෙක අතරෙ කමෙන්ට් එකක් දාල...
එදා ට වඩා අද තියෙන වෙනසත් මට අක්ක කෙනෙක් ඉන්න එක නෙ.. ඉතින්

ගල්මල්-Coral said...

කියලම තියෙන එකේ "...වැල් වටාරම් ගොඩක් බෑ..."

සින්දුව සුපර්!

යෝගී... said...

හිත බලාපොරොත්තුවෙන් පිරිලා.. හුදකලාවේ කාංසියෙන් ගෙවන අන්තිම දවස් තුන කොහොම ඉවසන්නද ?

හිත විඩාවෙන් ‍මිරිකිලා , නොතේරෙන පුදුම උද්‍යෝගයක් දැනුනත්...
මහන්සියට හෙම්බත්වෙලා , හැමදාම උදේට අමුතු ජවයක් දැනුනත්.

වෙලාව නතරවෙලා ද...
කාලෙ ගෙවාගන්නේ කොහොමද .. බලාපොරොත්තුවෙනුත් ආදරයෙනුත් පිරුණු ඒ මුහුණු මතක්වෙනකොට...

මාස ගානකට පස්සෙ දැක්කාම පොඩ්ඩ මොනව කියයිද ? ඒ ලස්සන මොහොත අත ළඟ තියාගෙන නින්දක් කොහෙද ?

හ්ම්ම්... මේ හැමෝටම වගේ මටත් ඔයවගේ අත්දැකීම් තියෙනවා. ඒ විදවිල්ලත් මං දන්නව.මේ දවස් කීපය ඉක්මනිනුත් ගතවෙලා නිවාඩුව හෙමිනුත් ගතවෙලා යේවා...

තෙරුවන් සරණිං පරිස්සමිං ගිහිං එන්න ලැබේවා !...

-ජය

තිස්ස දොඩන්ගොඩ said...

@ නෙතු: "though it's easy to pretend.....

@චේජනා: කාලය මැව් වෙනසක අරුමේ...

@ගල්මල්: මාව බ්ලාස් යැව්වා නේද...?

@යෝගී: "මේ දවස් කීපය ඉක්මනිනුත් ගතවෙලා නිවාඩුව හෙමිනුත් ගතවෙලා යේවා..." = මගේ පරම පැතුම එයයි... එමගට මා විසික්කා කරන්ටෝ....

nimanthi said...

අහා දැන්නේ දන්නේ බුදු සරණයි පරිස්සමිං ගිහින් එන්න අයියේ..

ප. ලි. අනේ ඉතිං අපිවත් මතක් කරලා ..ඔය කට්ටිය එකතුවෙලා යන එන ගමන් බිමන් වල පොටෝ එකක් එහෙම දැම්මට කාරියක් නැහැ ඕන්

තිස්ස දොඩන්ගොඩ said...

@නිමන්ති: හපෝයි ... තව පැය බර ගානක් තියනවා....!!!!

දිල් said...

ඔය පැය ටිකත් ඉක්මනින් ගෙවිල යාවී නේද නිමන්ති අක්කා... ආව් ...ආව්...තිස්ස අයියගෙ සතුට බලන්නකෝ..........

තිස්ස දොඩන්ගොඩ said...

@දිල්: යන්නේ නැ‍තෝ.... මේ පැත්තේ ඔක්කෝම නතරවෙලෝ...!!

ඉන්දික උපශාන්ත said...

කාලය දිගම ගුවන්තොටුපොල ඇතුලෙදියි, කොලඹට යනතුරුයි තමා. ඊට පස්සෙ ඉතින් මිහිරි සිහිනෙකින් අවදි වෙලා නිදි ගැට කඩ කඩ ආපහු එන්න තමයි තීනෙ. ප්‍රිස්සමින් ගිහින් එන්න. සුභ ගමන්!

මාරයාගේ හෝරාව said...

අම්මෙ ඇති යන්තං..
අයියේ උඹට මෙ අපිට එහෙම කියන්න අමතකයි නේද..?

ඒකෙන් මෙකෙන් කමක් නෑ අර බෝතලේ පරිස්සම් ඇති තැනක පැක් කර ගන්ට ඔන හරිය..?

nimanthi said...

අයියෝ කියලා වැඩක් නැහැ දිල් :-)))
ඔය පැය බර ගාන ඉක්මනට ගෙවිලා යාවි..තිස්ස අයියේ

තිස්ස දොඩන්ගොඩ said...

@ඉන්දික: පුදුම වැඩක් ඉන්දික... මම අදම ඔබේ නිවහනටත් ගොඩ වැදුනා... අපූරු තැනක් එතැන... යන එක එපා වෙනවා එන එක මතක් වෙනකොට....

@මාරයා: අනේ බුදු මල්ලියේ ඇයි එහෙම කියන්නේ... ගිය ඉරිදා තමා අනුමැතිය හරියටම ලැබුනේ.... ඒ කලමනා නං හරි... තැනයි වෙලාවයි තමා.... සටහන් කොරගන්ට තියෙන්නේ...

දිල් said...

තිස්ස අයියේ...මතක ඇතිව අර " බෝතලේ " එන ගමන්ම ජනේලයෙන් එලියට විසික් කරන්න.....ඕව් උස්සන් එන්න එපා..බර වැඩිවෙනවනෙ ;p

Ansh Lucky Sri Jay said...

අප්පේ, පරිස්සමින් ලංකාවට සැපත් වෙන්නය කියලා කියනවා එහෙනම්.
:)

නිශාචරයා Nishacharaya said...

සුභ ගමන්... පරිස්සමින් ගිහින් එන්න...

Siribiris said...

සුබ ගමන්

තිස්ස දොඩන්ගොඩ said...

@දිල්: අනේ මන්දා... කාගේ හරි ඔලුවෙවත් වැදිලා තුවාල වුනොත්... ගෙදර ගෙනැල්ලම විසි කරමු නේ...?

@Ansh නංගී, නිශාචරයා, Siribiris අයියා: දන්නවද මේ සුභ පැතුම් මට කොච්චර වටිනවද කියලා...? අර ගමේ යනකල් බෝඩිමේ යාලුවෝ පාරට ඇවිත් කඩුල්ල ලඟ බලං ඉන්නවා වගේ... බොහොම පින් මා ගැන හිතනවට.... මට මේ හිතවත් කම් රටක්, ලෝකයක් වටිනවා...

wath said...

ආව් ආව්......

මල් හිනාව පාට පාට
පෙම් කතාව කිව කීව
මේ කතාව කාගේ කීව
තිස්ස අයිය කීව කීව

දවසට පැය 24යි
අතේ ඇගිලි 14යි
ගණින්න බැරි තප්පරයයි
අයියට දැන් කලබලයයි

අහස් යානේ ආසනයයි
දැන්ම ඉදන් වාඩි වෙලයි
බොසාව දැන් වහ කදුරුයි
කකුලක් දැන් මහරගමයි

UAE ආව අයිය
හිත සිරිලක තිව අයිය
තව දින කීයෙයිද අයිය
පරිස්සමින් එන්න අයිය

තෙරුවන් සරණයි

තිස්ස දොඩන්ගොඩ said...

මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි...
කර්ණාටකයේ වුනු දේ මතකයි...?
ගෙට ගොඩ වෙනකල් හැම අස්තීරයි...
කොයි වෙලේ එයි මරු නොම දැනගන්නයි...

මාතලන් said...

කීවෙනි හනීමූන් එකද....? හොහ් ..... හොහ්....

Siribiris said...

ඕං, ඕං, මටත් තද වෙනවා මේ මාතලං ගොයියා අහන ඕන්නැති පුරස්න වලට.මොකද කියන්නෙ ලොක්කා, දෙන්නද රිටන් එක?
අපි මෙහෙම කියමු "දෙවේලේ දකින කුකුලාගේ කරමලය සුදය"

එක නොවෙයි පොඩි pre-check එකක් දාමුද?

Vacation mood – checked
මාරයාට බෝතලේ-checked
All systems ready to go – checked
Ammo- loaded

FIRE!

Pali said...

සුභ ගමන් මචෝ....‍රැට්ටවත් මුණ ගැහිලා අපෙ අර වැඩේට මොකද වෙන්නෙ කියලත් බලපං.

තිස්ස දොඩන්ගොඩ said...

අය්යෝ සිරිබිරිස් අය්යේ මට හොඳටම හිනා Ammo කතාවට...
Going to miss you guys for few days...

Pali said...

Have fun and enjoy your vacation buddy.

දුකා said...

මම දැන් අවුරුදු කීයක් තිස්සේ පිටරටද . . . කී පාරක් නම් එනවා යනවාද . . ඒත් අදටත් යන්න දවස් ෆික්ස් කලාම කරපු දවසේ ඉඳන් නින්ද යන්නේ නෑ . . යන කලින් දවසේ නම් කොහොමටවත් නින්ද යන්නේ නෑ . . .

කස්ටියම එක්ක මෙහේ ඉන්න මට එහෙම නම් තනියෙම හිටපු උඹට කොහොම වෙන්න ඇද්ද . . මට හිතා ගනන් පුලුවන් . .

අහ් අද උදේ කතා කරන්න ට්‍රයි කලා උඹ බිසී වගේ තේරුනු නිසා එස්. එම්. එස් එකක් එවලා සුභ පැතුවා. ලැබෙනන් ඇතිනේ . . .

එහෙනම් සුභ ගමන් කිව්ව හොඳේ . . . . !

තිස්ස දොඩන්ගොඩ said...

@Pali: බොහොම ස්තූතියි මචෝ...
@දුකා: ලැබුනා සේරෝම මචෝ... පොඩියක් ඉතින් clearing up... කෝල් එක ලැබෙන වෙලාවේ ෆෝන් එක තිබුනු තැන නෙමෙයි හිටියේ.... සුභපැතුමට ස්තූතියි.....

Anonymous said...

This is specially for you.. Tissa.

"Rukaththana Mala Mudune.."

http://www.youtube.com/watch?v=2B-HDEBHoBg&feature=related

Hv fun!
Enjoy your vacation!

මම,

"මෙ මොහොත"
"The Present Moment"

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

පළමුව රසවත් සිංදුව ලබා දුන්නට ස්තුතියි. රසවත් නිවාඩුවක් ගෙවන්න ලැබෙන්න කියලා පතනවා.....

sri said...

හ්ම්......තිස්ස අය්යා ආව කියලා ඔන්න චතුෂලාට මාර හැපී....ඔයාත් එයාලට ගල් පොල්ගෙනත් දෙනවා නේද තිස්සයියා....

තිස්ස දොඩන්ගොඩ said...

@චතුර + Ano : බොහොම පිං කල්පනාවට..

@Sri :මොන පිස්සුද නංගියේ... ගල් පොල් හිතුවෙවත් නැත.....

Post a Comment

 
Blogger Wordpress Gadgets