රූප් තෙරා මස්තානා - Your beauty intoxicates me..!!

අද නං අමාරුවෙන් එළියට පැන ගත්තෙ... මොකද කරන්නෙ අද?
මටත් ප්ලෑන් එකක් නෑ...
එහෙමනම් යමු ෂොපින් පාරක් දාන්න...
යමු....

මේක කොහොමද...
ම්ම්ම්... බලන්න ෆිටෝන් කරන් එන්න...
හරි... කොහොමද...??
ම්ම්ම්ම්... ලස්සන ටිකක් වැඩියි වාගේ....
හපොයි ඉරිසියද???
ටිකක්...!

--------------------------

උදේ ඉඳන් එල්ලන් ඉඳපු  මුදු මාල තැළි පිළි ගලවල දැම්මම හම්මේ.... නිවන් නිවන් ගියා වාගෙයි...
ඒ වුණාට ඒව එක්ක පින්තූර වලට ලස්සනට හිටියා ඔයා...
ඔව්.. ඩ්‍රෙස් කල කෙනා හොඳට කලා වැඩේ...
වොෂ් එකක් දාගෙන එන්න එහෙමනම් ඉතිරි ටිකත් බලන්න....................
හපොයි තියන හදිසියක්.......!!

---------------------------

අනේ මේ.... අරන් ආව රෙදි මදි වගේ... චූටියා ටිකක් දවසක් තියාගනී වෝඩ් එකේ මෙයාලා... ඉක්මණට ගිහිල්ලා අරගෙන එනවද තව රෙදි ටිකක්...
හරි හරි අරන් එන්නම්... අමාරුද ගොඩක්? හොඳටම තෙහෙට්ටු පාටයි... මූණ සුදු මැළි වෙලා...
ඔව්... සෑහෙන්න මහන්සි වෙන්න වුණා... දැන් ටිකක් ඇලවෙන්න ඕන...  තව ටිකකින් බේබි රූම් එකට යන්න ඕන කිරි දෙන්න ආයේ... ඔයා ඇඳුම් ටික අරන් එන්න ඉක්මණට...
හොඳයි... ඒත් ඇයි මේ අතේ කට්ටක් ගහලා...ප්ලාස්ටරේකුත් දමලා...?
ඒවා කියන්නම් පස්සේ.... ඉක්මණට ගිහින් එන්න....

-----------------------------

ස්කෑන් එකකට ගන්න වෙයි කියල කියනව ඩොක්ටර්... දැන් ඉතින් ඕක තියාගෙන ඉඳලත් වැඩක් නෑනේ... ඔන්නොහෙ අයින් කරල දාමු අනේ... මේ වේදනාව මට සැරින් සැරේ විඳින්න බෑ...
අනේ මන්දා... හැම තැනම කැපුම් අන්තිමට ඇඟේ...
ඒ වගේද මේ වේදනාව...?
සිහි නැතිකරලලුද කරනව කියන්නේ කරන්න වුණොත්...?
ඇයි සිහිය නො එයි කියල බයද ආයෙත්...?
මොනව කියනවද මන්ද... ඉන්න මම වීල් චෙයා එකක් අරන් එන්නම්... ඔහොම යන්න බෑනේ...

-----------------------------

අයියේ අක්කට ටිකක් අමාරුයි වාගේ.... දැන් සුමාන දෙකක් වුණානේ අයි සී යූ එකේම... ටිකක් කම්ප්ලිකෙට් වෙලා වාගේ රිමූව් කරන්න කරපු මුල් ඔපරේෂන් එක...
මට ඔතැනට එන්න හිතෙන්නෙ නෑ නංගී.. අක්ක හිටියැයින් බාගයයි... සේලයින් එකක්වත් දෙන්න කට්ටක් වත් ගහන්නෙ කොහොමද ඔය සරීරෙට දැන්..
ඒකට කමක් නෑ බලල එන්න... එයාට ආත්ම ධෛර්‍යය එනව ඔයා හිටියම... උදේ පොඩි දුවයි මිණිපිරියි ආවමත් හිනාවෙලා හිටියා...

-----------------------------

මහත්තය දවස් කීයක් තියාගන්නද වැඩේ කරන්න ඕන...??
ලොකු දුව එන්නේ අනිද්දාලු... එදාට වෙනකල් තිවුණම ඇති... මේ.. මේ... මම ෆොටෝ එකක් දෙන්නම් ඒ වාගේ තියෙන්න හදන්න හැකිද?
මහත්තය මේක ෆියුනරල් පාලර් එකක්... බියුටි පාලර් එකක් නෙමේනේ.... මහත්තය ඉන්නෙ ගොඩක් දුකින් තමා... ඒත්... මේ කාගෙත් ඉරණම මහත්තය...

------------------------------

"කායෝයං කුණපෙ ජාතෝ - කුණපෙ කුණපෙ රතො
ඉන්ද්‍රජාලක රූපොච බාලානමභිපත්ථිතො
අමෙජඣපොත්ථකොවායං  චිත්තිතො බාල නන්දිතො
වත්තිංස විධ කොටඨාසෝ - කෙස ලොමාදිකො අයං"

"මේ ශරීරය මුතුවකින් මැණිකකින් රනකින් රිදියකින් නිමියේ නොවෙයි....
උත්පල පදුම පුණ්ඩරිකාදීන් මෙන් අභ්‍යන්තරයෙහි සුචිපවිත්‍ර තැනක උපන්නෙත් නොවෙයි...
මවුකුස නැමැති කුණපයෙහි පණුවකු මෙන් උපන්නේය....
එසේ උපන්නා සරාගී පුරුෂ නැමැති කුණපය තෙමේ තමාට වඩා අන් කුණපයෙහි ඇලුම් කරන්නේය...
ඉන්ද්‍රජාලයෙහි පෙනීගිය රූපයක් බඳුවූ අස්ථීර වූ මේ රූපය අඥාන ජනයෝ ස්ථීරසාර දෙයකැයි ප්‍රාර්ථනා කෙරෙති....
මෙසේ මේ ශරීරය කෙසලෝමාදී වූ දෙතිස් කුණප කොටසින් යුක්ත ඇතුලෙහි කසළ පුරා පිටත සිතියම් කළ ප්‍රතිමා රූපයක් වැන්න...
එසේ පිළිකුල් වූ ශරීරය අඥාන ජනයන්ට සන්තොෂ එළවන්නේය....."

- නන්දි වාණිජ වස්තුව - සද්ධර්මාලංකාරය - පූජ්‍යාචාර්‍ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර







35 comments :

  1. හරි සන්තෝෂයි ... ඇයි අයියා කෙටි නාට්‍ය පෙන්නලා මාව බය කරන්නේ

    ReplyDelete
    Replies
    1. බය කරන්නේ සසර බය ඔයිට ලොකු නිසා
      කෙටියෙන් පෙන්නන්නේ සසර කෙටි කරගන්ට
      ;-)

      Delete
  2. පෝදා සිතුවිලි ...මුලින් හිතුනේ විවාහ සංවත්සරයක් කියල

    ReplyDelete
    Replies
    1. :-ඪ්
      සසර පරාජේ දැක පරමාදේ පිනෙහි යෙදේත්වා...!

      Delete
  3. දැන් වෙසක් එකට 'බොදු ගී දන්සල්' දෙන එක නවත්තලා දාලා, 'වෙසක් නාට්ටිය' පෙන්නන්ට තියා ගත්ත ද?

    ReplyDelete
    Replies
    1. මේ පාර දන්සැල් නවත්තන්ටය කීවා නෙව..!

      Delete
  4. හුඟක් හාමුදුරුවරුන්ට වඩා හොඳින් තිස්ස කියල තියනව

    ReplyDelete
    Replies
    1. අනාගතේදී මහරගම _____ හිමි කියල කෙනෙක් උන්නොත් මීටත් හොඳින් කියන්න උත්සාහ ගන්නම් ;-)

      Delete
    2. මොකද බං සාදු කියන්නෙ. කොහොමද අපේ තිස්සයියා සොරි හාමුදුරුවො සිවුර කරේ තියාගෙන තාප්ප උඩිං සෘද්දියෙන් වඩිනකොට.

      Delete
    3. මහරගම දොඩන්තිස්ස ස්ථවිර - The pioneer blog-evangelist

      Delete
  5. ඔබ මීට අවුරුදු ගණනකට කලින් පැවැසුදැ මට මතකය. කෙළවර දුකක්බව වටහාගෙනම ජිවිතය පමාවි හො පටන්ගැනිමට ලැබීම මා ලැබු ජයකි. මෙහි කෙලවර මා වඩාත් හොදින් දන්නෙ මා තවම ඇයට අවශ්‍ය විටක ඇය සමග ඇගෙ යහනට වි ඇයව සනසන බැවිනි...

    ReplyDelete
    Replies
    1. "ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
      සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
      මා ඔබ දුටුවා
      ඇයට නොවේ
      ඔබට පමණි ඔබ ආදරේ..."

      Delete
  6. බණ කියනවනං ඔන්න ‍ඔහොමයි කිව්වලු කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දැන් "බ" යන්න පැත්තට ගිහින් "අ" යන්න ඇවිල්ලානේ....!

      Delete
  7. ඔන්න ඕකයි තත්වය. දැන් අපිත් බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හදිසි ආපදා තත්වයක් ආවේ නැත්තම් තව වෙසක් කූඩු තිහක් හදද්දි සේරම කෙරුවාල් නවත්තලා යන්ඩ ලෑස්ති වෙන්න ඕනේ....

    ReplyDelete
  8. අනාගතයත් පෙනිලා වගෙයි!
    හැබැයි සැමියාට කලින් බිරිඳ මිය යන්නේ ඉතා කලාතුරකින් නේද?

    ReplyDelete
    Replies
    1. "...මේ.... කාගෙත් ඉරණම මහත්තය"

      Delete
  9. 'නාම ගොත්තං නජීරතී' ඔන්න ඕක නිසා තමයි ලොකුම ප්‍රශ්න ටික ඇතිවෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් හිතන්න ඕන කථාවක් ජී ඇස්...
      හැමදාමත් ඔබේ පරිකල්පනය ඉහලින්ම අගය කරමි!

      Delete
  10. Live like today is your last day on this world because one day it will be...

    (අද දවස ජීවිතයේ අවසන් දවස යැයි සිතා ජීවත් වන්න. එක් දිනක් සැබැවින්ම ජීවිතයේ අවසන් දවස වනු ඇත...)

    ReplyDelete
    Replies
    1. වටිනා රූල්ස් ඔෆ් තම්බ්...!

      Delete
  11. කතාවක් ලෙස රස වින්දා මිස වැඩි දුර හිතන්න ගියෙ නෑ. කෝමත් තව හිරේ විලංගුවෙ වැටිලත් නැති එකේ ඕව හිතල බෑ.
    හිාර් වැට්ල අච්චුවක් දෙකක් කද්දි තමා ඕව මතක් වෙන්නෙ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මූණ දීලම තේරුම් ගත්තම හොඳා
      පැනල යන්න වුවමණා නෑ

      Delete
  12. අනිවා මේකනං අපෙ නැන්දම්මට පෙන්නන්න හොඳා

    ReplyDelete
    Replies
    1. හපොයි... රවුටරේ ආයු කාලය අඩුවේවිද?

      Delete
  13. මේ සිනමා පටය "හතර මහ නිධානය" නොව "හතර කේන්දරේ" සිනමා පටයයි.මුල් ගායනය ජීවරාණි හා නාරදයන් විසිනි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි කියා මමත් සිතනවා...මේ ගීතයේ සංගීතයත් නාරද දිසාසේකරගේමයි කියා කියනවා. ඇත්තද මන්දා.

      Delete
    2. නමුත් මෙහි තිබෙන ගීතයේ හඩ විශාරද සුජාතා අත්තනායකයන්ගේ නේද

      Delete
  14. uba tama UAE da natinam lankaweda ??

    ReplyDelete
  15. පෝදා දහම් පඩුර.

    ReplyDelete
  16. බණ නම් කියා යුත්තේ රිදෙන්නමය කියා සිතිනි

    ReplyDelete
  17. කවදාවත් අහල නැ මේ ගීතය නම් ... ඒත් මේ අදහස අපිට අම්මා කියලා දුන්නේ පෙර පාසල් යන කාලේ උදේ පාන්දර තණකොල වලට වැටිලා තිබුණු පිනි බින්දු හිරු එළියත් එක්ක අතුරුදහන් වෙනහැටි පෙන්වන ගමන් "ජීවිතේ නම් තණ අග පිනි බිඳු වැන්නේ " කියලා....අපි පෙර පාසැල් ගියේ කන්ද උඩරට සීතල පළාතක රේල් පාරවල් අතරින් වැටිලා තිබුණු කෙටි පාරවල් ඔස්සේ...

    ReplyDelete
  18. අට ලෝ දහම.........

    බොහෝම සරලව හිතන්න සහ යන්න තියෙන පාරක්.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets