හදේ පිපෙන බැති මල් ගෙන...





හදේ පිපෙන බැති මල් ගෙන
සෙනේහයේ පිණි දිය ඉස
ඔබේ මුදු දෙපා අභියස
තබා පුදන්නම්..
තබා පුදන්නම්...

ඔබේ ගෙලට මුතු මාලා
සයුරෙන් මතු වේ වලා
ඔබේ පිනට රන් මිණි කැට
පොළවෙන් මතුවේ...
පොළවෙන් මතුවේ...

මවුනි ඔබේ විරු දරුවන්
වැළලූ මිහි දෙරණ පුරා
ගත සිත සිත දිරියෙන් පුබුදන
රුවනකි ඇත්තේ...
රුවනකි ඇත්තේ...

22 comments :

  1. ඔෆිස් එකේදී මේ වගේ පෝස්ට් එකක් දැක්කම ඇඬෙනවා.. නිදහසේ අහන්න බෑනේ. මේකෙන් මං ලොකු පින් කමක් කර ගත්ත.. යූ ටියුබ් එකේ දවසක් අමරදේවගේ 'ඇසේ මතුවන කඳුලු' සින්දුව අහද්දි මේ වගේ කමෙන්ට් එකක් දැක්කා.
    //Chandra Weerasinghe 4 months ago
    Thanks Dinura!! Hope you would one fine day find the song ( a samooha gaayana) - Hade pipena bathi mal gena -Senehaye pinidiya isa - mage himige paa abhiyasa thabaa pudannam.....I do not want to die without listening to this song My wish is really controversial to Buddha Dhamma.Yet hope you would help me //

    මේක මුලින්ම දැකපු ගමන් කරේ ඒ පුද්ගලයට හද ගී පොතේ ලින්ක් එක මේල් කිරීමයි. මං ඔහුව දන්නේ නෑ. ඒත් සින්දුවකට තියෙන කැමැත්ත ගැන දන්නවනේ.. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හප්පා බොහොම සතුටුයි කමි...!
      යහපත් වැඩක් කලේ ඔබ...

      Delete
  2. ඒ කාලේ දවස තිස්සේ ඇහුවත් එපා නොවුණු සිංදු මේවා. ස්තුතියි තිස්ස

    ReplyDelete
    Replies
    1. අද ඉතින් කොයි දේටත් ඉස්පාසුවක් ඇතෑ

      Delete
    2. කාලෙකින් ඇහෙන්නෙ. ඇයි අප්පා අද ඉන්න් අයට මෙවායෙ වටිනා කමක් නොදැනෙන්නෙ. ස්තූතියි තිස්ස මල්ලි.

      Delete
  3. කෝ අප්ප මුද්දරේ.

    ReplyDelete
    Replies
    1. ඒක කලින් දවසක දැම්ම ප්‍රස්න්න මල්ලී "සිප එන සමණළ මුදුනින්"

      Delete
  4. තිස්ස අයියා.. බොහෝමත්ම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ජයවේවා මල්ලී... ඊලඟ අවුරුද්දේවත් මෙව්වා ගැන පත්තරේට දාන්ටෝ ;-)

      Delete
  5. මම මේ ගීතය අද අහන්නෙ :) බොහොම ස්තුතියි තිස්ස අයියට.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙමින් හෙමින් දැනුම එකතු කර ගනිමු එකිනෙකාවත් නේද?

      Delete
  6. හැමදාම වගේ කලින් අහල නැති සිංදුවක්...
    විස්තරයක් නැති නිසා අද අපි අතරමං. සිරිමාවෝ සමග ගීතයේ සම්බන්ධය පහදන්න බැරිද...

    ReplyDelete
    Replies
    1. සිරිමාවෝ තමා ජනරජයේ පළමු අගමැති
      එතුමිය සමග සිටි වාමාංශිකයින්ද පසුබිමින් සිට විශාල වැඩ කොටසක් කලා මේ අධිරද කිරුළ ගලවල දාන්න
      ගීතය නම් මව්බිම ගැනයි... එතුමිය මව්බිමට සේවයක් කල කෙනෙක්...
      එතුමිය ලංකා මෑණිගේ සුජාත දියණියක්!

      Delete
  7. මම කල්පනා කලේ අද තියෙන තාක්ෂණයත් එක්ක මේ ගීත නැවත ඩිජිටල් විදිහට පටි ගත කලොත් කොච්චර හොඳද කියලයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඊයේ රෑ සුරම්‍ය රාත්‍රිය වැඩසටහනේ හිටියේ බන්දුල විජේවීර හා නන්දා පතිරණ
      ඉස්තරම්ම වාද්‍ය වෘන්දයකුත් හිටියා... ඔරිජිනල්ම ගානට හොඳටම ලයිව් ගැහුවා
      හොඳ තාක්ෂණයක් එක්ක ස්ටුඩියෝ එකක මේවා නැවත හැදුවොත් නම් පංකාදුයි..
      මොකද කියන්නේ අතගහමුද වැඩේට???

      Delete
  8. තිස්ස, මෙහි ඔබ අපට මතක් කර දෙන පැරණි ගී එදා අප ආශාවෙන් සවන් දුන් එහෙත් අද නොඇසෙන, සදාතනික වටිනාකමක් ඇති ගීතයි.
    ඔබ මේ ගී කොහෙන් මතකයට නගා ගන්නේද, කොහෙන් සොයා ගන්නේදැයි නොදනිමි.
    එසේම ඔබ කුමන රැකියාවක් කරන කෙනෙක් දැයි මම නොදනිමි.
    එහෙත් ඔබට සුදුසු කලාවට, විශේෂයෙන් ගීත කලාවට සම්බන්ධ රැකියාවක් යයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. වේලාපත්කඩේට වෙලාව බැලූ තැනැත්තා අතින් අඩුපාඩුවක් වී ඇතැයි මටද සිතේ :-)

      සමහර විට මා මේ දැන් කරන රැකියාවට සාධාරණය මා අතින් ඉටු නොවනවාද නොදනී :-)

      ඒත් මේ සියල්ල මතකයේ තැන තැන ඇත්තේ අපට මේවා ඇසෙන්නට, නිවසට විදුලි බලයවත් නොතිබූ කාලයක රේඩියෝවක් ගෙන තැබූ අම්මාටත් අප්පච්චීටත් පින් සිදු වෙන්නටය..
      ඔබත් මේවා හොඳ හැටි රසවිඳීම ගැන බොහෝ සතුටුය.

      Delete
  9. තිස්ස, මාත් මේ සින්දුව හොයාගන්න ගොඩාක් උත්සහ කළා. ඔබට ගොඩාක් ස්තුතියි!!

    ReplyDelete
    Replies
    1. කෘතවේදීත්වය පල කලාට ස්තූතියි දමිත්

      Delete
  10. better if you could mention names of the lyricist & music composer..music is composed by Sitarist Piyadasa Athukorala

    ReplyDelete
  11. මේ ගී ය බාගත හැකිද

    ReplyDelete
  12. මේ සමූහ ගීතය කවුරුන් විසින් ගායනා කරන්නේ දැයි කාරුණිකව සටහන් කරන්න
    මෙය 1970 - 1975ව

    ReplyDelete

 
Blogger Wordpress Gadgets