මැතක සිට ඇසෙන්නට ලැබෙන වචන සමූහයක් නම් "ගේය පද රචනය"ය... ඉස්සර කීවේ සරලවම ගී පද රචනය කියාය... කවදාක කොහොම කොයි තැනකද මෙය සිදුවූයේ.... ඒ ලස්සන බව සැබැවි.... "සුභාවිත ගීතය" කියාද අසන්නට ලැබේ... නූතන ගීයට නම් සතර කොටසක් අවැසිය; ගීය ලියන්නාත්, තණුවක් [tune - අපට පරම්පරා දෙකකට කළින් උදවියට 'චූන්' වූයේද මෙයමය] යොදන්නාත්, ගයන්නාත්, සංගීත සංයෝජකයාත්ය...
කවිය ගීයෙන් වෙන්වන තැන සමහර අවස්ථාවලදී ඉතා සියුම්ය...
"සඳ දිය කොට - කිරිවතුරෙන්...
ඒ දියරෙන් - මුව දෝවා...
දිව මතුරක් වන් - නැළැවිලි ස්වරයෙන්....
මතකයි මා - නැළවූවා....
දොයි දොයි දොයි - දොයිය බබා...
බයි බයි බයි - බයිය පුතා..."
වික්ටර් රත්නායකයන් ගීයක්; කවියට නගා ගායනා කොටද පෙන්වයි... "
කිරි වෙහෙරට මල් නෙලුවට - මගෙ මතකය මට සුවඳයි..
මල් අරගෙන ගිය ඔයාට - සම්මා සම්බුදු සරණයි"..
ශශිකා නිසංසලා ගේ මේ ගීය මට ඇහෙන වාරයක් පාසා මතක් වන්නේ 138 පිටකොටුව බස් රථයට මහරගමින් ගොඩනැගෙන නූස්, පිලිවෙලට හැඳ පැලඳි මැදිවියපත් විරිඳු ගායකයාය... "
ඊලඟ නැවතුමෙන් බසිමි - වැස්සක් එන්නට වාගෙයි..
සල්ලි දුන් නොදුන් සැමටම - සම්මා සම්බුදු සරණයි..."
දෙන්නාටම ඇවසි නම් තනු මාරු කරගත හැකිය...
පොදු පිළිගැනීම නම් ගායනය සඳහා විරචිත පද මාලා ගේය පද ලෙස ගැනීමය... ඒත් ඒ සියුම් සීමාව මගේ දැනුමට හසු නොවේ...
කන්දේ දෙයියන්ට පින් දීපන් නෑනෝ...
පින් දෙඤ්ඤං අයියණ්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කාපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤං අයියන්ඩී එල්ලඤංකෝ...
කවියක්ද ගීයක්ද..???
මෙය වාග් විද්‍යාව හරහා විසඳාගත යුතු ප්‍රස්නයක් යැයි සිතමි... සමහර කවි කෙලෙසකවත් ගී බවට පෙරළනු නොහැකි බැව් සාශ්ත්‍රඥානය ඇත්තවුන් කියනු අසා අත්තෙමි..
සංගීත රත්නාකරය, නෘත්‍ය රත්නාකරය, සංගීත පාරිජ්ජාත වැනි ග්‍රන්ථ හැදැරීමෙන් මෙව්වාට යහමින් උත්තර සම්පාද කරගන්නට කැමැත්තනට ඉඩ ඇත්තේය. ඒ සද් කාරිය වියතුන්ට තබා සරල රසිකයන් වෙන මා වැන්නවුන්ට ගෝචරවන ගී ගයන ගායකයෙක් ගැන ලියැවුණු වර්ණනාවක් ගැන කියන්ටය මේ සැරසිල්ල ; අර අඬහැර පෑවේ එතැනට එන්නය..
මේ මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනය....
""ක්ලැරන්ස් ගේ ගී තනු ඔහුගේ ගී පද රචනාවලට වඩා ප්‍රශස්ත මට්ටමේ ඒවාය. මේ ගී තණු බිහිවී ඇත්තේ පද රචනාවත් සමගමය. පද මාලාව නිර්මාණය වෙද්දීම තනුව නිර්මාණය වී ඇත. නැතහොත් තණුව නිර්මානය වෙද්දීම පදමාලාව නිර්මාණය වී ඇත. නිර්මාණද්වයම ඔහුගේය. එනයින් ඔහු 'වාග්ගේයකාර' නම් වෙයි. 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් දෙකම කල හැකි තැනත්තාය. මේ නිසාදෝ ඔහුගේ ගී වල තනු, පදමාලාව හා අත්‍යන්තයෙන් බැඳී සිටී. ඒවා පදමාලාවේ අරුතට සාකල්‍යයෙන්ම ගැලපෙයි. සෞන්දර්‍යාත්මක බවින් ද යුක්තය""" - පිටුව 103 - ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය - සුනිල් ආරියරත්න.
තවද "සිහින් සිනිඳු දුහුල්" - නැමැති ගීපදමාලාව ගැන බන්දුල පද්මකුමාර නැමැති විචාරකයා 1973 අප්‍රේල් 23 විසිතුර පත්‍රයට මෙසේ ලියූ බවක් එම පොතේම 101 පිටේ මෙසේ සඳහන් වේ...
අවිවාදිතය... ඉන්ද්‍රානී පෙරේරා ගයන මේ ගීය අසා ඔබම තීරණය කරන්න...
සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැගී...
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී...
පලඟැටි ගී තනුව අනුව මලක් මත නැගී...
සඳ කුමරියේ පිණි කැට නා නැවත යනසැටී...
සිහින් පියලි මතට නැගී නැටුම් නට නටා...
දුහුල් සිනිඳු පිනි කැට මත දෙපා හෙල හෙලා..
කුමරු සොයා යනවිට වන සිරිය බල බලා..
හිරු කුමරුන් කඳු අතරින් එබෙයි හිනැහිලා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
කවිය ගීයෙන් වෙන්වන තැන සමහර අවස්ථාවලදී ඉතා සියුම්ය...
"සඳ දිය කොට - කිරිවතුරෙන්...
ඒ දියරෙන් - මුව දෝවා...
දිව මතුරක් වන් - නැළැවිලි ස්වරයෙන්....
මතකයි මා - නැළවූවා....
දොයි දොයි දොයි - දොයිය බබා...
බයි බයි බයි - බයිය පුතා..."
වික්ටර් රත්නායකයන් ගීයක්; කවියට නගා ගායනා කොටද පෙන්වයි... "
කිරි වෙහෙරට මල් නෙලුවට - මගෙ මතකය මට සුවඳයි..
මල් අරගෙන ගිය ඔයාට - සම්මා සම්බුදු සරණයි"..
ශශිකා නිසංසලා ගේ මේ ගීය මට ඇහෙන වාරයක් පාසා මතක් වන්නේ 138 පිටකොටුව බස් රථයට මහරගමින් ගොඩනැගෙන නූස්, පිලිවෙලට හැඳ පැලඳි මැදිවියපත් විරිඳු ගායකයාය... "
ඊලඟ නැවතුමෙන් බසිමි - වැස්සක් එන්නට වාගෙයි..
සල්ලි දුන් නොදුන් සැමටම - සම්මා සම්බුදු සරණයි..."
දෙන්නාටම ඇවසි නම් තනු මාරු කරගත හැකිය...
පොදු පිළිගැනීම නම් ගායනය සඳහා විරචිත පද මාලා ගේය පද ලෙස ගැනීමය... ඒත් ඒ සියුම් සීමාව මගේ දැනුමට හසු නොවේ...
කන්දේ දෙයියන්ට පින් දීපන් නෑනෝ...
පින් දෙඤ්ඤං අයියණ්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කාපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤං අයියන්ඩී එල්ලඤංකෝ...
කවියක්ද ගීයක්ද..???
මෙය වාග් විද්‍යාව හරහා විසඳාගත යුතු ප්‍රස්නයක් යැයි සිතමි... සමහර කවි කෙලෙසකවත් ගී බවට පෙරළනු නොහැකි බැව් සාශ්ත්‍රඥානය ඇත්තවුන් කියනු අසා අත්තෙමි..
සංගීත රත්නාකරය, නෘත්‍ය රත්නාකරය, සංගීත පාරිජ්ජාත වැනි ග්‍රන්ථ හැදැරීමෙන් මෙව්වාට යහමින් උත්තර සම්පාද කරගන්නට කැමැත්තනට ඉඩ ඇත්තේය. ඒ සද් කාරිය වියතුන්ට තබා සරල රසිකයන් වෙන මා වැන්නවුන්ට ගෝචරවන ගී ගයන ගායකයෙක් ගැන ලියැවුණු වර්ණනාවක් ගැන කියන්ටය මේ සැරසිල්ල ; අර අඬහැර පෑවේ එතැනට එන්නය..
මේ මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනය....
""ක්ලැරන්ස් ගේ ගී තනු ඔහුගේ ගී පද රචනාවලට වඩා ප්‍රශස්ත මට්ටමේ ඒවාය. මේ ගී තණු බිහිවී ඇත්තේ පද රචනාවත් සමගමය. පද මාලාව නිර්මාණය වෙද්දීම තනුව නිර්මාණය වී ඇත. නැතහොත් තණුව නිර්මානය වෙද්දීම පදමාලාව නිර්මාණය වී ඇත. නිර්මාණද්වයම ඔහුගේය. එනයින් ඔහු 'වාග්ගේයකාර' නම් වෙයි. 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් දෙකම කල හැකි තැනත්තාය. මේ නිසාදෝ ඔහුගේ ගී වල තනු, පදමාලාව හා අත්‍යන්තයෙන් බැඳී සිටී. ඒවා පදමාලාවේ අරුතට සාකල්‍යයෙන්ම ගැලපෙයි. සෞන්දර්‍යාත්මක බවින් ද යුක්තය""" - පිටුව 103 - ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය - සුනිල් ආරියරත්න.
තවද "සිහින් සිනිඳු දුහුල්" - නැමැති ගීපදමාලාව ගැන බන්දුල පද්මකුමාර නැමැති විචාරකයා 1973 අප්‍රේල් 23 විසිතුර පත්‍රයට මෙසේ ලියූ බවක් එම පොතේම 101 පිටේ මෙසේ සඳහන් වේ...
"මෙවනි ගී නිර්මාණ කණ්ඩායම් ගී අතර විරලය. එයට හේතුව සංගීතය පිලිබඳ පුළුල් දැනුමත් ජීවිතාවබෝධය හා සියුම් වින්දන ශක්තියත් සමග ප්‍රතිභා ශක්තිය ද ඇති සැබැ කලාකරුවන් සංගීත කණ්ඩායම් අතර විරල වීමයි. එවැනි හැකියාවන් හා දැනුමක් ඇති ක්ලැරන්ස් විජේවර්ධන, කණ්ඩායම් ගී නිර්මාපකයින් අතර පෙරමිනේ සිටී..."
සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැගී...
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී...
පලඟැටි ගී තනුව අනුව මලක් මත නැගී...
සඳ කුමරියේ පිණි කැට නා නැවත යනසැටී...
සඳ කුමරියේ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ...
කලකට ඔබේ වත පෙන්වා නැවත හැකිල යේ....
කුමරු සොයාගන්නට ඔබ නෑ සැරසෙන්නේ...
සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ....
සිහින් පියලි මතට නැගී නැටුම් නට නටා...
දුහුල් සිනිඳු පිනි කැට මත දෙපා හෙල හෙලා..
කුමරු සොයා යනවිට වන සිරිය බල බලා..
හිරු කුමරුන් කඳු අතරින් එබෙයි හිනැහිලා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
ඔය එක එක මාධයකාරයො හදාගන්න වචන නේ අයියෙ.. දැන් ඔය කොයි කවුරුත් කියන්නෙ 'දුවා දරුවන්' කියලා එකක්, තේරුමක් තියෙනවද නැද්ද දන්නෙත් නෑ ඔහේ කියෝනවා.. :)
ReplyDeleteමේ සිංදුව නං එලස්, මං මීට කලින් අහලම නෑ.. ඕන්න අපි බෑවා, පිං..!!
අදත් ලස්සන සින්දුවක්..මම ආසම ගායිකාවන් දෙදෙනාගෙන් එක්කෙනෙක්..මීට කලින් අහලා තිබුනේ නෑ..
ReplyDeleteපසුබිම්න් ඇහෙන්නේ three sisters හඬද?
මේ ඔරිජිනල් සින්දුව නෙමේ. මේක දැන් අවුරුදු 10කට විතර කළින් කරපු ඇනස්ලි-ඉන්ද්‍රාණි ටොප් 20 ඇල්බම් එකෙන් අරන් තියෙන්නෙ. ඔරිජිනල් එක මීටත් වඩා ලස්සනයි. පසුබිමින් ඇහෙන්නෙ අයිරාංගණී පෙරේරගෙ හඬ.
Deleteබුරා: නිල වෙදකමත් කල්ලා තියෙදෑ! නිලවලින්ම අල්ලන්නේ?
ReplyDeleteරූ : හෑබෑව මයේ අතින් අඩුපාඩුවක් වුනා රූ, ඉන්ද්‍රානී සමග ත්‍රී සිස්ටර්ස් තමා
මෙන්න තවත් ඉන්ද්‍රානිගේ දැන් ප්‍රචාරය නොවනම ගීයක් රූ
ReplyDeletehttp://hadageepotha.blogspot.com/2010/05/blog-post_12.html
ගේය පද කිව්වම ගේය නොවන පදත් තිබිය යුතුය. ගේය නොවන පද කවි විය නොහැකිය. මන්ද කවි යනු විරිතක් අනුව බැඳි පද නම් ඒවා ගැයිය හැකි නිසාය . එහෙත් පුරාණ කාව්‍ය කරණයේ කෙල පැමිණි කිවියන් කල දුෂ්කර බන්ධන ආදියෙහිනම් ගායනය කල නොහැකි කවි තිබිය හැක. කෙසේ වුවද එම ශාස්ත්‍රය පිලිබඳ ප්‍රාමානිකයෝ විරලයහ.
ReplyDeleteජන කවි හා ජන ගී විෂයෙහිනම් කවියත් ගායනයත් එක වර ඇති වුනැයි සිතිය හැකිය මන්ද ඒවා බොහෝ විට මිනිසුන්ගේ එදිනෙද කටයුතු සමග බද්ධ වී ඒවායේ රිද්මය කැටිකොට ඇති නිසාය.
ඔබ උපුටා ඇති කුළතිලක මහතාගේ පර්යේෂණ ගීතයක් වන බඹර කවි ආශ්‍රිත
කන්දේ දෙයියන්ට පින් දීපන් නෑනෝ...
පින් දෙඤ්ඤං අයියණ්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කාපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤං අයියන්ඩී එල්ලඤංකෝ..
ගීයද එවැන්නකි
එම අරුතින් බලන කල ගීත ලියා සංගීතවත් කොට ගයන වාග්ගේයක්කරයන් හැමවිටම සාර්ථක විය යුතුය. එහෙත් එය එසේද නොවේ
ඒ ඒ කාරියෙහි ප්‍රවීනයන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු එකතු වී බිහිකළ ගීත බොහොමයක් සාර්ථකය. එපමණක් නොව පැරණි සාහිත්‍යයේ මහරු මිණි වන පැදි ඉතාමත් කන් කළු ගීත බවට පත් වූ අවස්ථා ද එමටය. ගායනයට ඉතා අපහසු සීගිරි ගීතද සුනිල් සාන්තයන් ගයා ඇත .
මෙහිදී නොකියාම බැරි තවත් කතාවකි
එය මහගම සේකරයන් ගැනය
අපරටේ ජාතික ගීය තේරීමේදී එතුමාගේ රත්නදීප ( මට මතක හැටියට ) ගීතය සලකා බලා ජනරජ ව්‍යවස්ථාවේ යම්යම් කරුණු ඇතුලත් වනලෙස එය වෙනස් කරදෙන්නයි කීවේලු
එවිට සේකරයෝ ජනරජ ව්‍යවස්ථාවට තනුවක් යොදා ගයා ගන්නැයි කියා ගෙදර ගියේලු
ගේය පද හා ගේය නොවන පද ගැන පද බඳින්නට ඔබටත් මටත් වඩා බොහෝසෙයින් දැන උගත් පිරිසක් සිටියත් කිසිවෙක් ඒ ගැන නොලියති නොකියති නැතහොත් ලියන කියන ඒවා පල නොකරති අද මාධ්‍යයෙහි හැටි එසේය.
ඉතින් ඒ නිසාම ඔබේ උත්සාහය පැසසුම් ලැබිය යුතුමය
ගීතය ද විරල බව නිසාම අගනේය
අයියගේ කතාවට පූර්ණ එකඟතාවය පළ කරනවා....අද වෙද්දී ඇතැම් නිර්මාණකරුවෝ හිතාගෙන ඉන්නේ වචන ටිකක් දාලා කවි කිව්වම ඒක රීමික්ස් කරා කියලා.....අහන්න ඉන්න එවුනුන් ඒකටම හරියන හින්දා සිංදු විතරක් එළියට එනවා ගීත යට ගිහිල්ලා....මේ සිංදුව සුපිරි....මමත් බෑවා එහෙනම්...
ReplyDeleteආයිබෝවන්ඩ සුසර මහත්තයෝ.. මරු වෙලාවට නෙව ගොඩවැදුනේ අහල පහලක හිටියනම් විටක් හප හපා පැය ගනන් කථා කර කර ඉන්න තිවුණා.... ඒ තරම් වටින කතා බහ මෙව්වා...
ReplyDeleteඔබ, මා හිස් තැන් තිය තිය ලියූ ලියමන බොහෝ සම්පූර්ණ කළා...
කුලතිලක මහත්තයාගේ ගීයට ඒ සක්‍රිය සබැඳියෙන් ගිය හැකි...
අපූරු ගීයක් කල හමල්මරූ සීගිරි ගීයට මේ සබැඳියෙන් ගිය හැක...
http://hadageepotha.blogspot.com/2010/02/blog-post_17.html
ඔබනම් මේවා බොහෝ අසා ඇත... පැමිණෙන අනෙක් අය පිණිස ලීවෙමි..
වැව් ගංගා සිඳෙන කල මඩකඩිත්තක් වුව රැක ගමු.. බොහෝ තුති...
මකුළුවා: "සිංදු එළියට එනවා ගීත යට ගිහිල්ලා" නූතන ප්‍රස්ථා පිරුළු - ජය!
අවංකෙන්ම සින්දුවනම් ඇහුවමයි... අපි එදා කතාකලා වගේ සින්දු හිට් වෙන්නෙත් හිට් නොවෙන්නෙත් කොහොමද කියල හරි පුදුම හිතෙනව මේ වගේ සින්දු ඇහෙනකොට......
ReplyDeleteකවි සින්දු කරන්ට නම් වික්ටර් තරම් හපන් තනු නිර්මාපකයෙක් මම දැකලම නෑ...
මේක කොහොමද...
"සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සි..හි.නේ. . . . . ඒ.ඒ..
නෙත් දෙකින් අරන් එනු මැන හඳපා...ආ..නේ..."
මෙන්න කවිය... සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන හඳපානේ.
ඉන්ද්‍රාණි පෙරේරගේ ගීත වලට මමත් ගොඩක් ආසයි,,අද තමා මේක ඇහුවේ තිස්ස අයියේ..
ReplyDeleteත්‍රී සිස්ටස්ලගේ ගීතය උනාට මූලිකවම ඉන්ද්‍රාණි ගේ හඬ නේද? තිස්ස. මම මේ ගීතය ගොඩාක් කාලෙකින් තමා අද ඇහුවේ. පින්! ඔබට. කොච්චර සුමට වදක් පෙලක් ද මේ ගීතයේ තියෙන්නෙ.
ReplyDeleteඒ වගේම මතකය ඇසුරෙන් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී...... මට පමණක් ඒ පින නැත්තේ යැයි නිරතුරු වැලපුනෙමී........ අම්මා ........යයි කීමට කෙනෙක් නොමැත සොයමී....... මම ඉතාම ආසාකරන ගීයක් ඉන්ද්‍රාණි මහත්මියගේ.
පුලුවන් නම් අමරා රණතුංග මහත්මිය කාලෙකට පෙර ගැයූ ආදර සතුටු සුසුම්........ පවන් රොද සීතල රැයක සෙමෙන්..... ජීවන කවුලු දොරින් යහන් වැද මා හද අවදි කරන්.... ගීය මට දෙන්න බොහෝ පින් ඔබට. ඔබේ මේ සත්කාරය සැමදා දිලේවා! චිරාත් කාලයක් පවතීවා!
ඈත අතීතයේ අහපු බවක් හීනෙන් වගේ මතකයි . ත්‍රි සිස්ටර්ස්ලා ගේ හඬ හරිම මිහිරියි . . . අපි නිවාඩු කාලෙට දවල් 11 ට හරි 11.30 ට හරි කණ්ඩායම් ගී අහපු පරම්පරාවෙනේ.
ReplyDeleteසපතේරු උන්නැහේ: උඹලනම් ලකී මචෝ, ඔහේ ඉන්නව නෙව ඉඳහිට ඔය වාගේ සෙට් වෙන්නෙ සෙට් එකක්..
ReplyDeleteමේවා නම් තාම හිට් කියලත් වෙලාවකට හිතෙනවා මචෝ
උදාහරනේ නම් පංකාදුයි - හිතාගන්නවත් බැ නේද?
ඩිලාන්: ඉන්ද්‍රානී නම් ගෝල්ඩන් වොයිස් තමා... චන්ද්‍රලේඛාට ඒ තත්වේට එන්න තිබ්බ අවස්ථාව නැති කරගත්තාදෝද කියා සිතේ...
චාන්දි: මිනිස්සුන්ගේ රුචිකත්වයන් පෙළගැහෙන හැටිනම් හරිම අපූරුයි... මටත් හිතුනේ ඔබතුමියට හිතිච්ච දේමයි... හරිම සුමට වදන් පෙළක්...
ඉතිරි ගී දෙකටම අපේ ගෙදර ඇත්තනුත් ඔය විදිහටම මනාපයි...
ඔන්න ඔබ ඉල්ලූ මමත් බොහෝ කැමැති 'ආදර සතුටු සුසුම්' ගීය - 'ඔබ කැමති ගී' පිටුවට ඇතුල් කලා...
මෙතැනින් 'ඔබ කැමති ගී' පිටුවට ගොස් රස විඳින්න - ජය!!
බින්දි: අන්න හරි!!! එහෙම තමා හිත යටම මෙව්වා තැන්පත් වුණේ... 'හීනෙන් වාගේ' - ඒක තමා වචනය!!!!
කලින් නොඇසූ ලස්සන සිංදුවක්.
ReplyDeleteඔක්කෝම විස්තර තියෙන ඒව කියෝල සින්දුවත් ඇහුව... මට ඒ තරම්ම ආස හිතෙන් විදියෙ සින්දුවක් නෙවෙයි...
ReplyDeleteඅර වික්ටර් ගැන සපතේරු උන්නැහේ කියන එක නං සම්පූර්ණ ඇත්ත.. වික්ටර් කවියක් සින්දුවක් මොකක් වුණත් ලස්සන තනුවක් දාල ආස හිතෙන විදියට කියනව...
මම නම් ගීයක මුලින්ම රස විඳින්නෙ තනුව.
ReplyDeleteපුද්ගලිකව මම හිතනවා කොච්චර විෂිශ්ට පද රචනාවකට වුනත් රසවිඳින්න පුලුහන් තනුවක් නොවටුනොත් එතන ගීයක් බිහිවෙන්නෙ නෑ කියලා.
එතනදි වචන නිර්මානය වෙනවා....
ඕකට මක් කොරන්නද ඉතින්
ගීය අහපු බවක් හිතේ කොහේදෝ මුල්ලක රැඳිල තියේ........
අය්යෙ,
ReplyDeleteසිරි සිරි නාදෙන්
වැටෙනා වැහි පොද
මන බඳිතී බෝමා
නුඹ සිහිවෙයි පෙර සේමා....
කියල තියෙන සින්දුව ඔබ කැමතිම ගී තීරයට දාන්න පුලුවන්ද...
අය්යෙ,
ReplyDeleteසිරි සිරි නාදෙන්
වැටෙනා වැහි පොද
මන බඳිතී බෝමා
නුඹ සිහිවෙයි පෙර සේමා....
කියල තියෙන සින්දුව ඔබ කැමතිම ගී තීරයට දාන්න පුලුවන්ද...
බොහොමත්ම ස්තූතියි! තිස්ස මල්ලි.
ReplyDeleteදුක තමා තිස්ස අයියා..අද අහන්න වෙන්නේ නැහැ..5 වෙනිදා දහවල වෙනකල් කනෙක්ෂන් එක සීමා සහිතයි...
ReplyDeleteවචන ටික කියවලා ගියාව වැඩක් නැහැ..කොහොමත් බොලා දෙන ඒවයේ පද කියවලා කවදාවත් තාලේ අල්ලන්න බැහැ..අහන්න ගත්තම තමා වැඩේ තේරෙන්නේ..අර ධිවර ගීතය මතකනේ..මොන යකාටද හිතන්න පුළුවන් ඒක සින්දුවක් කියලා අහනකල්ම...
මේකත් පුළුවන් වෙච්ච ගමන් අහන්නං...
ඔන්න මමත් ආවා. මේ පැත්තේ මීට පෙරත් ඇවිල් ගියා ඒත් සටහනක් ලියන්න තරම් වෙලාවක් තිබුණෙ නෑ.
ReplyDeleteක්ලරන්ස් ගී තනු හැදුවෙ බොක්ස් ගිටාරයෙන්. ඒ නිසාම ඔහුගෙ හැම ගී තනුවක්ම ගිටාරයෙන් වර්ණවත් කරනවා. මේ ගීයෙත් මුල්තැන ඉන්ද්‍රානිගෙ හඬටත් බොක්ස් ගිටාරයටත් ලැබෙනවා. ගිටාරයෙන් ගී තනු හදන අය ඉතාමත් විරලයි. අදටත් අපට ඉන්නෙ කසුන් කල්හාර සහ නාලක අංජන කුමාර සහ මහින්ද බණ්ඩාර විතරයි ගිටාරයෙන් වැඩක් ගන්න පුළුවන් අය අතර.
ඒ වගේමයි ක්ලැරන්ස්.ඒ තනු තවමත් මතකයේ රැදෙනවා
මං අහලා තියෙනවා.. ක්ලැරන්ස් ලඟට තනු හදාගන්න ඕන අය හවසට සැට් වෙනවලු.. සිංදු වතුර ටිකක් එහෙම බීලා කාරිය.. වැඩේ පටං ගන්නවලු.. පද රචනය අතට අරගෙන රැකෝඩරය ඕන් කරලා ක්ලැරන්ස් තාලයකට කියාගෙන යනවලු.. අනේ ඕක තමයිලු ඉතිං තනුව..
ReplyDeleteප්‍රේමකීර්තියි, ක්ලැරන්සුයි, ජෝතියි මට හිතෙන්නේ අපේ කලා ලෝකෙට වැරදිලා ආපු මිනිස්සු.. ඒ මතක ඇත්තටම හීන වගේ.. ඒ මිනිස්සු ගැන ලෝබයෙන් හිතේ ද්වේශයක් ඇති වෙනවා.. ඒ හින්දා අපි ඒවා අමතක කරමු...
අයියට පිං.. ලස්සන සිංදුවට.. අහලා ඇති.. ඒත් වැඩි මතකයක් නෑ..
ප්‍රසන්න : ස්තූතියි මචෝ
ReplyDeleteචේජනා: වික්ටර්ට ඉතින් චේජනා කැමතියි නෙව කොහොමත්...
ආ ඔන්න අර 'කෙකටිය යායේ පිණිපොද' සින්දුව දැම්මා ඕං ඔබ කැමති ගී තීරුවට...
නිශ්: එකඟයි ඉන්තේරුවෙන්ම - ඔය පරණ අලුත් හින්දි ඉංග්‍රීසි බෙංගාලි සින්දු වලට අප කැමැති වෙන්නේ ඒ නිසා නෙව..
මාරයා: ඔහ් ඒකත් එහෙමද - හ්ම්ම්ම්...
දයානන්ද: ස්තූතියි දයානන්ද ඔබේ අඩවියේ මම දාපු කමෙන්‍ටුවට ඔබ දාපු පිලිතුරත් අපූරුයි... එකතු වී යමක් කරමු - ජය!!
චතුර: අන්න කාටත් බොක්කටම වදින තනු නිමැවෙන එක විදිහක් ඇ... මරු.. ජෝති ගැනත් ලියන්නම ඕනැ කියා සිතේ...
ඒත් මේ කතාවට මම ඔක්කොටම වඩා රුචියි
"ඒ මිනිස්සු ගැන ලෝබයෙන් හිතේ ද්වේශයක් ඇති වෙනවා.." ලේසි නෑ ඕක තේරුම් ගන්න... ස්තූතියි මල්ලි
උදේ පාන්දරම සින්දුව ඇහුව... තැන්කූ
ReplyDeleteක්ලැරන්ස් විජේවර්ධන, වික්ටර් රත්නායක වගේම ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර්ස් මං ඒ කාලෙ ඉඳන්ම කැමති ගායක ගායිකාවෝ. යටම තිබුන සින්දුව අහල බැලුව. කලින් අහල තියෙන මතකයක් නං නෑ.
ReplyDeleteහදවතේ රිද්මය තමන්ටම ආවේණික වෙනවා වගේම එයට බලපාන කරුණු කාරනා රාශියක් තියෙනවා. ඒ රිද්මයට යන කවි හෝ සින්දු , කවි හෝ සින්දු ලෙසම හිට් වෙනවා. වර්තමානයෙ මේ දෙක අතර තියෙන සීමාව බොහෝම සියුම් වෙලා..සමහර විට දෙකම එකක් වෙලාදෝ කියලා හිතෙනවා. අනිත්‍ය වෙච්ච හදවතේ රිද්මය එක්ක යන කවි සින්දු දෙකටම පැවැත්මේ කාල සීමාවක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ ශිල්පියා කොතරම් දුරට සර්වකාලීන රිද්මයක් ටච් කලාද කියන එක මත තමයි. මන් උත්සාහ කරනවා වින්දනය කරන්න වික්ටර් වගේම ශිහාන් වගේම Michael Jackson එක භාවයකින් ඇසුරු කරන්න.රිද්ම රටා පරාසය හුඟක් ඉහලයි නමුත් කරන්න පුළුවන්. ඔබේ ලිපිය කියෙව්වහම ඒ වගේ ව්‍යායාමයකට සෑහෙන දෙයක් ගන්න පුළුවන් තිස්ස.
ReplyDeleteපොස්ටුව පලකර විනාඩි ගනනාවකින් ඇවිත් ලස්සන කතිකාවක මුලපිරීම දැක ගියෙමි. නැවත එනවිට සුසර මහත්මයා අපිව සෑහෙන දුරක් අරන් ගිහින්. බොහෝ කරුණු කාරනා වලින් අපිව දැනුවත් කර මතක අලුත් කර හැමටම බොහෝම ස්තුතියි.
ReplyDeleteකැලැරන්ස්, ඉන්ද්‍රාණි, මාලේවන හවුල නිසා අපේ කණ්ඩායම් ගීත කලාවට ඇතිවූ තල්ලුව මෙතෙකැයි කියන්න බැරි තරම්. එයින් වඩාත් කැපී පෙනෙන කරුන ඔවුන්ගේ ගී පදමාලාවන් හි ගැබ්වී ඇති සරළ සුගම වදන්, අපේකම හා සංගීත සංකලනය කියන එකයි මගේ අදහස. රුවන් පුරය, කලු මාමේ, මොංගෝ නැන්දා, සිරිමල් අයියේ ඒ ගනයේලා කිව හැකි උදාහරන කිහිපයක් විතරයි.
ක්ලැරන්ස්ගේ ගීත රචනයේ ගැබ්ව ඇති අපේ වටාපිටාව ගැන ඔබේ පොස්ටුවෙන් කියවද්දි මගේ මතකයට ආවේ කරුණාරත්න අබේසේකරයින් ගේ පුවත් සාකච්ඡාවක් ගැන.
තම කුළුදුල් පුතා උපන් මොහොතේ කරු අයියාගේ හිතේ ඇතිවූ අදහස රොහල් ඇදේ පැත්තක වාඩිවී කුරුටු ගා රෑ දෙගොඩ යාමේම තම මිතුරෙකු අතේ පිටත් කර යැව්වාලු උදේ නිකුත්වෙන පුවත් පතක පල කරන්න. උදෙන්ම කවි පෙල පලවූ පුවත් පතත් අතේ තියාගෙන කිහිප වතාවක්ම පදපෙල කියවමින් රොහල් වාට්ටුවේ ඒ මේ අත ඇවිදින ගමන් ඔහු කල්පනා කරනවාලු ලස්සන තනුවක් යොදලා කොහොමද මෙ පදපෙල ලස්සන සින්දුවක් කරන්නේ කියලා. අහවලා ලවා ගීතවත් කලොත් අනෙක් කෙනා තරහවේවි යනාදී දහසක් ප්‍රශ්ණ අතරේ කරු අයියා ගිලීලා ඉන්න වෙලාවක හති ද දා ක්ලැරන්ස් දුවගෙන ආවාලු. කරු අයියාට සුබ පතා, කැලැරන්ස් පින්සෙන්ඩු වෙනවා ලු "ඕනම ගානක් දෙන්නම් පත්තරේ දාපු කවිය මට දෙනවද කරු අයියේ" කියමින්. කරු අයියාට කියන්න බැරි තරම් සතුටුයි ලු ක්ලැරන්ස් ඉදිරිපත් වීම ගැන.
කරු අයියා කිව්වලු "මං දහ අතේ කල්පනාකරනවා මෙ කවිය කා ලව්වා සින්දුවක් කර ගන්නවා ද කියා, මල්ලියේ උඹත් ඒකම ඉල්ලලා පින්සෙන්ඩු වෙනවා"
කරු අයියා ගොඩාක් සතුටු වුනාලු මෙ ගීතයේ නිමවුම ගැන (අහන්නත් දෙයක්යැ..)
තවත් විශේෂ දෙයක් කරු අයියා සඳහන් කර තිබුනා, ක්ලැරන්ස්ගේ පුරුද්දක් තිබුනාලු දවසේ පලමු කාර්යය උදෙන්ම පුවත් පත්වල පල්වෙන කවි ඔක්කෝම කියවීම. ඉන් අපිට තේරුම් ගන්න පුලුවනි ක්ලැරන්ස් අපේ හිටිය තැන.
ඉහත සඳහන් කලේ කරු අයියා විසින් රචනා කර දිලීප පොඩි පුතු ගීතය, සංගීතය හා ගායනය ක්ලැරනස් විජේවර්ධන
ReplyDeleteපදපෙල:
දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගේ උකුල් යහනේ
කුමරයාණෙනි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් සඟවා ගෙන අත් බාලොලි ලොල් ගීතේ
මහද විමානයේ තැන්පත් කල ලේ බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ
This comment has been removed by the author.
ReplyDeleteමෙන්න ක්ලැරන්ස් විසින් පදරචනා කර සංගීතවත් කර ඉන්ද්‍රාණි පෙරේරා ගයන සුරතල් දූ පොඩිත්තක් ගැන කියන ලස්සන ගීතයක්.
ReplyDeleteදිල්හානී දුවණී:
දිල්හානී දුවණී නාඩා නිදියන්නී
නිවසට සුරතල් ආලෝකය දී නාඩා නිදියන්නි
දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණිය සුරතල් දිල්හානී
රන් ඔංචිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරිපැණි පුරවාලා ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනලයින් දැක ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණෙ ලස්සන දැකලා සිප ගන්නට සිතුණා
(පොඩි වැරදීමක් වුන නිසා කලින් කොමන්ටුව නිවැරදි කරන්න මැකුවා)
කොමෙන්ට් එක දැකලා උදෙන්ම ආවෙ තිස්ස.
ReplyDeleteමම හද ගී පොතට එනවා, නමුත් කොමෙන්ට් දාන්න නොයන්නෙ උඹ ලියනා විෂය කරුණු වලට මම තරමක ආගන්තුකයෙක් නිසයි. නොදන්න දේට කොමෙන්ට් දාන එක හත්තිලව්වට ගහපු කලාබරයක් වගෙ වෙන්න පුලුවන්නෙ.
නමුත් මම සෑහෙන දෙයක් නිහඬව ඉගෙනගෙන තියෙනවා. සමහර දේ උඹ කිව්වට පස්සෙ තමයි මතක් වෙන්නෙ අඩේ එහෙමත් එකක් තියෙනවා නේද කියලා.
ඒ කමෙන්ට් එකට දාපු පිළිතුර මෙතනටත් ගැලපෙනවා.
henryblogwalker the Dude
තිස්සයියා වෙනදා දෙන සිංදු වගේ මේ සිංදුවත් මම මීට කලිං අහලා නෑ..
ReplyDeleteමේ වීඩියෝ එකේ 6.09 ටයිම් එක බලන්න සිරා පැහැලිදි කිරීමක් තියෙනවා...
http://www.youtube.com/watch?v=c4tm_HiUmLM