A වෙත.
මේ ලියුම ලියන්නේ කථා කරලා කිව්වොත් මට මේක කියන්න බැරි වෙන නිසා. කිසිම හේතුවක් නැතිව මාව නිකන් කඩමාල්ලක් වාගේ අමතක කරලා ඔහේ හිටිය අවුරුදු ගනන, ඔයා, ඔයාගේ දියුණුවට ගමන් කරන්න යොදාගත්තට මම ඒ කාලේ ගතකල හැටි දන්නේ මම විතරයි. මෝරලා තිබිච්ච නැති මගේ හිත ඇතුලට, මම දුර්වල හැඟීම් බරවුණු වෙලාවක් බලලා රිංගපු ඔයාව, මට මගේ ලෝකෙම වුණා.
ඒ සියලු දේම එහෙම්මම් තියෙද්දී, මෙහෙම මගේ ලෝකෙට ආවේ ඇයි ආයෙමත් අනාරාධිතවම?
මම දැන් නිවී සැනහිච්චි පවුල් ජීවිතයක් ගතකරන බව ඔයා හොඳින්ම දන්නවා, එහෙම නැත්නම් ඔයා ඒක උවමනාවෙන්ම අමතක කරනවා.
මට ඇත්ත කියන්න, එදා මගේ මුහුණට මුණගැහුණේ හොඳිනම සැලසුම් කරලා නේද? ඒක අහම්බයක් නෙවී නේද? අවාසනාවට මගේ හිත එදාත් දුර්වල වුණා අතීතයේදී වාගෙම. ඉන් පස්සේ මට මුහුණ දෙන්න වුණු දේවල් කියලම මේ ලියමන නවත්තන්නම්.
කවි ලියන්න තියා හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැති මගේ අතින් එදා ගෙදර ඇවිත් කවියක් ලියැවුණේ කොහොමද කියලා මම වත් දන්නේ නෑ. අපේ අතීත මතකයන් වාගෙම, අල්මාරියේ යටින්ම ගහලා තිබිච්ච කවිය ලියවිච්ච කොලය, හැඳුනුම් පත නැතිවෙලා කාමරය අනික් පැත්ත දදා සොයාපු ඔහුගේ අතට පත්වුණා. වෙනදා ගෙදරින් පිටත්වෙලා ආපහු යනකොට මගේ බෙල්ල බදාගෙන අඬන මනුස්සයා එදා "මම ගිහින් එන්නම්" කියලා විතරයි කීවේ. ඒ ඇස්වල හැන්ගිච්ච කඳුලු බින්දු මම අඳුනනවා හොඳින්ම. පව්, ඒ මනුස්සයාට එහෙම කරන්න තියා හිතන්නවත් වටින්නේ නෑ. කෙනෙක්ගේ පළමු ආදරේ - අමතක නොකල හැකි ආදරේ - වන්දිය මම ගෙවනවා. වෙනදට දවස ගානේ කථා කරපු මනුස්සයා දැන් කෙටි පණිවිඩයක් විතරයි. ඒ හිත රිදිලා. එයා එහෙම ඉන්නේ එහෙම උණාම බව මම දන්නවා. කරුණාකරලා අයේ මට කථාකරන්න උත්සාහ කරන්න එපා. පණිවිඩ එවන්නත් එපා. අහසින් පාත්වුණා වාගේ මූණ ඉස්සරහට එන්නත් එපා දෙයියනේ. මට නිවී හැනහිල්ලේ ඉන්න දෙන්න. මට මේක මෙතනින් නවත්තන්න ඕනේ.
මීට B
ඔයාට පුදුමත් ඇති මම ඔයාට ලියුමක් ලියන එකට නේ...? පුලුවන්නම් මට කථාකරන්න මේ ලියුම කියවලා... ඔව් මම දන්නවා ඔයා අහයි ඇයි ආයේ කථා කරන්න එපා කියපු මමම මෙහෙම ලියුම් ලියන්නේ කියලා නේ...? නමුත් අනෙක් හැමෝටම වඩා යාලුවෙක් විදිහට මට ලංවෙච්චි ඔයාට විතරයි මේක කියන්න පුලුවන්... අසීමිත නිදහසක් බුක්තිවිඳිත්දිත් මම ඔයා එක්ක යාලුවෙක් විදිහට ඉන්න උත්සාහ කලේ, මම මේ ගමන ආවේ වෙන අරමුණක් නිසා බව ඔයා දන්නවා... ඒක ඔයාට ඉහිලුම් නොදෙන කාරණයක් වුණත් මට අර මණුස්සයාගේ මූණ මතක්වෙණකොට එහෙම නොවී ඉන්න බැරි වුණා.. ඒත් මම එහෙම ලොකුවට හිතා හිටි දේවල් බිඳවැටෙන්න ගියේ එක මොහොතයි... මා වෙණුවෙන් කවදාවක්වත්ම එලියට නොආපු කවි සිත් දැන් පහලවෙන්න පටන් අරන්... මෝටර් ස්පෙයාර්ස් කඩේ නිශාන්ත අයියා මුණගැහිච්ච් වෙලාවක කථාවේ ඉතිරි හරිය සම්පූර්ණ කරගන්න මට පුලුවන් වුණා...
ඔයා අහලා ඇතිනේ අර සින්දුව..."මගේ මුවින් මම ලොවට කියා ඇත..." දැන් මට කෙනෙක් එක්ක කථා කරන්නවත් මූණ බලන්නවත් හිතක් නෑ... ඔෆිස් එකෙන් ආපු ගමන් කොහේ වත් නොයා මේකේ අතුලටම වෙලා ඉන්නවා... රෙස්ට්ටොරන්ට් එකේ බාර්මන් මට පොඩි පිහිටක් වෙලා තියනවා තාව කාලිකව... ආත්මාර්ථකාමී ඉල්ලීමක් උනත් වෙලා තියේනම් කථාකරන්න...
මීට D
අකලට වට මහ වරුසාවක් සේ...
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ...
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක...
ඇයිදෝ යළි ආවේ...
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ...
සතුටු කඳුලු නුවනත සිඳුනාදෝ...
ආදර අතීත නටඹුන් අතරේ...
මන්දිර මැව්වාදෝ...
සොවක් නැතේ නොසිතනු මැන සංකා...
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා...
රජෙකුට හිමිවුන මා දැන් රැජිනකි...
සතුටයි කිරුළ අපේ...
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ...
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ...
විමසන වදනට පිලිතුරු දෙන්නම්...
ලඟකදි ලබන දිනේ...
මේ ලියුම ලියන්නේ කථා කරලා කිව්වොත් මට මේක කියන්න බැරි වෙන නිසා. කිසිම හේතුවක් නැතිව මාව නිකන් කඩමාල්ලක් වාගේ අමතක කරලා ඔහේ හිටිය අවුරුදු ගනන, ඔයා, ඔයාගේ දියුණුවට ගමන් කරන්න යොදාගත්තට මම ඒ කාලේ ගතකල හැටි දන්නේ මම විතරයි. මෝරලා තිබිච්ච නැති මගේ හිත ඇතුලට, මම දුර්වල හැඟීම් බරවුණු වෙලාවක් බලලා රිංගපු ඔයාව, මට මගේ ලෝකෙම වුණා.
ඒ සියලු දේම එහෙම්මම් තියෙද්දී, මෙහෙම මගේ ලෝකෙට ආවේ ඇයි ආයෙමත් අනාරාධිතවම?
මම දැන් නිවී සැනහිච්චි පවුල් ජීවිතයක් ගතකරන බව ඔයා හොඳින්ම දන්නවා, එහෙම නැත්නම් ඔයා ඒක උවමනාවෙන්ම අමතක කරනවා.
මට ඇත්ත කියන්න, එදා මගේ මුහුණට මුණගැහුණේ හොඳිනම සැලසුම් කරලා නේද? ඒක අහම්බයක් නෙවී නේද? අවාසනාවට මගේ හිත එදාත් දුර්වල වුණා අතීතයේදී වාගෙම. ඉන් පස්සේ මට මුහුණ දෙන්න වුණු දේවල් කියලම මේ ලියමන නවත්තන්නම්.
කවි ලියන්න තියා හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැති මගේ අතින් එදා ගෙදර ඇවිත් කවියක් ලියැවුණේ කොහොමද කියලා මම වත් දන්නේ නෑ. අපේ අතීත මතකයන් වාගෙම, අල්මාරියේ යටින්ම ගහලා තිබිච්ච කවිය ලියවිච්ච කොලය, හැඳුනුම් පත නැතිවෙලා කාමරය අනික් පැත්ත දදා සොයාපු ඔහුගේ අතට පත්වුණා. වෙනදා ගෙදරින් පිටත්වෙලා ආපහු යනකොට මගේ බෙල්ල බදාගෙන අඬන මනුස්සයා එදා "මම ගිහින් එන්නම්" කියලා විතරයි කීවේ. ඒ ඇස්වල හැන්ගිච්ච කඳුලු බින්දු මම අඳුනනවා හොඳින්ම. පව්, ඒ මනුස්සයාට එහෙම කරන්න තියා හිතන්නවත් වටින්නේ නෑ. කෙනෙක්ගේ පළමු ආදරේ - අමතක නොකල හැකි ආදරේ - වන්දිය මම ගෙවනවා. වෙනදට දවස ගානේ කථා කරපු මනුස්සයා දැන් කෙටි පණිවිඩයක් විතරයි. ඒ හිත රිදිලා. එයා එහෙම ඉන්නේ එහෙම උණාම බව මම දන්නවා. කරුණාකරලා අයේ මට කථාකරන්න උත්සාහ කරන්න එපා. පණිවිඩ එවන්නත් එපා. අහසින් පාත්වුණා වාගේ මූණ ඉස්සරහට එන්නත් එපා දෙයියනේ. මට නිවී හැනහිල්ලේ ඉන්න දෙන්න. මට මේක මෙතනින් නවත්තන්න ඕනේ.
මීට B
-------------------------------------------------------------------------------------------------------------
C වෙතඔයාට පුදුමත් ඇති මම ඔයාට ලියුමක් ලියන එකට නේ...? පුලුවන්නම් මට කථාකරන්න මේ ලියුම කියවලා... ඔව් මම දන්නවා ඔයා අහයි ඇයි ආයේ කථා කරන්න එපා කියපු මමම මෙහෙම ලියුම් ලියන්නේ කියලා නේ...? නමුත් අනෙක් හැමෝටම වඩා යාලුවෙක් විදිහට මට ලංවෙච්චි ඔයාට විතරයි මේක කියන්න පුලුවන්... අසීමිත නිදහසක් බුක්තිවිඳිත්දිත් මම ඔයා එක්ක යාලුවෙක් විදිහට ඉන්න උත්සාහ කලේ, මම මේ ගමන ආවේ වෙන අරමුණක් නිසා බව ඔයා දන්නවා... ඒක ඔයාට ඉහිලුම් නොදෙන කාරණයක් වුණත් මට අර මණුස්සයාගේ මූණ මතක්වෙණකොට එහෙම නොවී ඉන්න බැරි වුණා.. ඒත් මම එහෙම ලොකුවට හිතා හිටි දේවල් බිඳවැටෙන්න ගියේ එක මොහොතයි... මා වෙණුවෙන් කවදාවක්වත්ම එලියට නොආපු කවි සිත් දැන් පහලවෙන්න පටන් අරන්... මෝටර් ස්පෙයාර්ස් කඩේ නිශාන්ත අයියා මුණගැහිච්ච් වෙලාවක කථාවේ ඉතිරි හරිය සම්පූර්ණ කරගන්න මට පුලුවන් වුණා...
ඔයා අහලා ඇතිනේ අර සින්දුව..."මගේ මුවින් මම ලොවට කියා ඇත..." දැන් මට කෙනෙක් එක්ක කථා කරන්නවත් මූණ බලන්නවත් හිතක් නෑ... ඔෆිස් එකෙන් ආපු ගමන් කොහේ වත් නොයා මේකේ අතුලටම වෙලා ඉන්නවා... රෙස්ට්ටොරන්ට් එකේ බාර්මන් මට පොඩි පිහිටක් වෙලා තියනවා තාව කාලිකව... ආත්මාර්ථකාමී ඉල්ලීමක් උනත් වෙලා තියේනම් කථාකරන්න...
මීට D
අකලට වට මහ වරුසාවක් සේ...
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ...
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක...
ඇයිදෝ යළි ආවේ...
පෙරදා මෙන් හද මල් පිපුණාදෝ...
සතුටු කඳුලු නුවනත සිඳුනාදෝ...
ආදර අතීත නටඹුන් අතරේ...
මන්දිර මැව්වාදෝ...
සොවක් නැතේ නොසිතනු මැන සංකා...
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා...
රජෙකුට හිමිවුන මා දැන් රැජිනකි...
සතුටයි කිරුළ අපේ...
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ...
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ...
විමසන වදනට පිලිතුරු දෙන්නම්...
ලඟකදි ලබන දිනේ...
------------------------------------------------------------------------------------------------
තොල ගෑ අමාවේ රහා...
තොලට හුරු වෙලා...
නොකරණු චෝදනා...
මා අසරණයි...
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ...
මහද හඬන හඬ ලොවක් පුරා...
ඇසුනොත් කියයි....
මගේ මනාප ඇගේ මනාප රෑ දෙපොලක නිදයි....
මා කොතැන කොහි ගියත් එන්නේ ගෙටයි...
නැවත හෙටද එයි දිනක් ලඳේ...
එදිනත් මගෙයි....
ඔබ නිසාම දුක් වුනාට හදවත හඬයි...
ඒ කඳුලු හඬ දෙතැයි දෙනුවන් කියයි...
ගොඩ කාලෙකින්. :)
ReplyDeleteපලවෙනි සින්දුව නම් මට වෙන්න පුළුවන් දරුණුමදේ. කවදාවත් ඔය වගේ හමුවීමක් වෙන්න එපා කියලා මම නම් ප්‍රර්ථනා කරන්නේ.
දෙවෙනි එකනම් අහල නෑ. අද ගෙදර ගිහින් අහන්න ඕනේ.
අපොයි කියලා වැඩක් නෑ ග්‍රේ....
ReplyDeleteමේ දවස් වල නිතරම අහන සින්දුවක්... කොහොම ද? ..අහඹුවක් කියල මම දන්නව අයියා. ඒත් පුදුමයි... මේ සින්දුවත් එක්කම තව මේ දවස් වල හිතේ දුවන සින්දුවක් තමයි...
ReplyDeleteඋන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”
“ ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
කොහොම වුනත් , C සහ D අතර සම්බන්ධකම යහළු මිතුරුකමේ සීමාවන් නොයික්මවන්නත් ,
B සහ D අතර .. පෙර පැවති හොද සිත වර්ධනය වන්නත් කියලා ප්‍රාර්ථනා කරමු ....
එහම වෙනවා නගේ.. දුකාටයි මටයිත් එහෙම කීප වතාවක් වෙලා තියෙනවා...
ReplyDeleteප්‍රාර්ථනා ඉටුවේවා...!!!
ආහ් අහන්නත් බෑරි වුනානේ... සොඳුරු සිතට තිත තියලා කවිකාරියක්ව කැන්දන් එන්නද මෙතෙන්ටත්...?
ReplyDeleteඅනෙක අර දාලා තිබුණු සින්දුව.. ඒක මමත් කැමති එකක්...
තිස්ස අයියා,
ReplyDeleteගොඩ දවසකින් මම කමෙන්ට් එකක් දානවා.. මේ පැත්තෙ ආවෙ නැතුව නෙවෙයි, ඒත් මගෙ හිතට වදින විදියෙ සිංදුවක් තිබුනෙ නැති නිසා මොකුත් ලියන්න හිතුනෙ නෑ.. අද දාලා තියෙන නිරංජලාගෙ සිංදුවනං මම බොහෝම කැමැති එකක්.. තැන්කූ.. :)
බුර්ස්: අනේදෑ කියන්නේ... මොකට නිකං එල එල කියලා යන්නේ මොටෝ නෙව... :-)
ReplyDeleteහිතේ මනාපයක් නැත්නම්...
ආ ඒක නෙමේ අද හැන්දෑවට ලක ලෑස්ති වෙලාදෑ..?
මමත් මේ පළමු ගීතයේ පදවැලට වගේම තාලයටත් හරිම කැමතියි. ඒත් තුන්වෙනි කොටසේ මුල් පදය "ලොවක් නැතේ..." නොවෙයි "සොවක් නැතේ" කියන එකයි හරි කියල මට නම් හිතෙන්නේ.
ReplyDeleteමැණික්
ම්ම්ම් ඔව් ඔබ හරි මැණික්.. දෝසය සදමි...
ReplyDeleteගොඩ කාලෙකින් අයියා....
ReplyDeleteපූර්විකාව ටික ටික කියවගෙන යද්දි... අනේ මන්දා අයියා.. ගොඩ දෙනෙක්ගෙ අත්දැකීම්...
මම නම් ප්‍රාර්ථනා කරන්නෙ කවදාවත් මොනම විදියකින්වත් හමු නොවේවා කියලා....
හ්ම්ම්ම්...!!!
ReplyDeleteඕකම වෙන්නෑති අර ගුණදාස කපුගේ කියන සින්දුවක තියෙන්නේ..
"සසර පුරා සරණ තුරා...
දුවන පනින දඟලන සිත...
දමනය කර සුවපත් වෙයි...
නුවණක් ඇත්නම්..." කියලා...
නමුත් ලේසි නෑ වැඩේ නේ..?
අපි හුඟ දෙනෙක්ගෙ ඇත්දැකීමක් නේද?
ReplyDelete@පිණිබිඳු: පේන හැටියට...! ඒ වෙලාවට ආයේමත් ඒ පරණ ස්පාක් එකම දැනෙනවාද?
ReplyDeleteලස්සන සිංදුකුලකයක්.. :D :D එලය.
ReplyDeleteකාන්තාවෝ තුන්දෙනෙක්ගේ සාමුහික ප්‍රයත්නයක් මේ ගීතය.
ReplyDeleteපේන්නේ නැද්ද ආඩම්බර කම
"රජෙකුට හිමිවූ මා දැන රැජිනකි . .
සතුටයි කිරුල අපේ . . "
පද රචනය තමාලි පීරිස්ගේ අම්මා අර ප්‍රසිද්ද නිවේදිකාව දයා ද අල්විල්ස්ද??
සංගීතය නන්දා මාලනී.
ගායනය නිරංජලා සරෝජනී. . .
නියම සින්දුව මචන් . . මගේ ප්‍රියතම ගීතයක් . .
අනේ අර වත්ට දීපු පිලිතුරේ "මටයි දුකාටයි එහෙම වෙලා තියෙනවා' කියපු එක තේරුනේ නෑ බන් . .
ආඩම්බරකමද යටි හිත වහගන්න දරන වෑයමක්ද බං ඒ...?
ReplyDeleteඔය කීවේ අපූරුවට සුල මුල..උඹ හරි බං.. ඒ තුන්දෙනාගේ තමා..
තමාලි පීරිස් නම් කුසුම් පීරිස් ගේ දුව...
දායාද අල්විස් නම් ප්‍රේමකීර්ති ගේ පළමු බිරින්දෑ නේ...?
මතකනේ
"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට...
හීනෙක දැවටී ඔබ එනවා..."
ඇයි බං අපි දෙන්නටම එකම සිංදුව ලඟ ලඟම කී වතාවක් නම් මතක් වුනාද..?
අහ් ඔව් නේ සින්දු දෙක තුනක්ම . .
ReplyDeleteහරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙලා ලංකා tune ගිහින් නිරන්ජලාගේ ගී කීපයක්ම රස වින්ද. හරිම ආසා ගීතයක් ..පසුගිය දෙවතාවේම තිබුනේ මගේ ප්‍රියතම ගීතයන් නොවූ නිසායි කිසිවක් නොකීවේ.
ReplyDelete..දවසක් වත් ආදරේ කලහම සම්පුර්ණයෙන් අමතක කරන්න බැහැ. චායාවක් වගේ හරි මැරෙන කන්ම හිතේ ඉන්නවා. එත් ඉතින් ජිවිතේ සතුටින් බෙදා ගන්න කෙනෙක් ලැබුනට පස්සේ අනවශ්‍ය හැලහැප්පිලි හදා ගන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ. .එත් ඉතින් හිතත් හරිම පුදුමකාරයිනේ. නැත්නම් මේ වගේ ලස්සන ගී බිහි වේ ද?
.
දෙවෙනි ගීය නම් මට වාක්‍ය රචනාවක් වගේ. [ඒ වුනත් අර ගෙදර එන කතාව නම් සහතික ඇත්ත ..ලඟදි බලපු Its complicated චිත්‍රපටිය මතක් වුණා. තරුණ කාලයේ පවුල දාල ගිහින් වයසට ගියහම ගෙදර එන මහත්තයෙක් ගැන කතාවක්. ]
නිරන්ජලාගේ තව ලස්සන සින්දුවක් තියනව නිතර නෑසෙන .
"සුදු වැලි මතුපිට දිය බිඳු ඉස ඉස ..
වැලි සෙල්ලම් බත් පිසූ අතින් ..'' මම පොඩි කලේ හරිම අසයි ඔය ගියට
.. නිතර නෑසෙන ගීතයන් මතක් කරනවාට ඔබට තුති.
..චමිලා ..
හරිම අහඹු සිදුවීමක් ..මේ ළඟදිත් ඔය සින්දුව මතක් වෙලා ලංකා tune ගිහින් නිරන්ජලාගේ ගී කීපයක්ම රස වින්ද. හරිම ආසා ගීතයක් ..පසුගිය දෙවතාවේම තිබුනේ මගේ ප්‍රියතම ගීතයන් නොවූ නිසායි කිසිවක් නොකීවේ.
ReplyDelete..දවසක් වත් ආදරේ කලහම සම්පුර්ණයෙන් අමතක කරන්න බැහැ. චායාවක් වගේ හරි මැරෙන කන්ම හිතේ ඉන්නවා. එත් ඉතින් ජිවිතේ සතුටින් බෙදා ගන්න කෙනෙක් ලැබුනට පස්සේ අනවශ්‍ය හැලහැප්පිලි හදා ගන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ. .එත් ඉතින් හිතත් හරිම පුදුමකාරයිනේ. නැත්නම් මේ වගේ ලස්සන ගී බිහි වේ ද?
.
දෙවෙනි ගීය නම් මට වාක්‍ය රචනාවක් වගේ. [ඒ වුනත් අර ගෙදර එන කතාව නම් සහතික ඇත්ත ..ලඟදි බලපු Its complicated චිත්‍රපටිය මතක් වුණා. තරුණ කාලයේ පවුල දාල ගිහින් වයසට ගියහම ගෙදර එන මහත්තයෙක් ගැන කතාවක්. ]
නිරන්ජලාගේ තව ලස්සන සින්දුවක් තියනව නිතර නෑසෙන .
"සුදු වැලි මතුපිට දිය බිඳු ඉස ඉස ..
වැලි සෙල්ලම් බත් පිසූ අතින් ..'' මම පොඩි කලේ හරිම අසයි ඔය giyata
නිතර නෑසෙන ගීතයන් මතක් කරනවාට ඔබට තුති.
..චමිලා ..
@සුලැඟිල්ල: ස්තූතියි පින්ක්ස්...
ReplyDelete@ චමිලා: දෙවනි ගීයේ තනුව හරිම අමුතුයි.. මම හිතන්නේ තණුව හදලා පද යෙදුවාද මන්දා... ඒ තනුවට මම බොහොම ආසයි... වචනනම් ටිකක් ගොරහෑඩියි තමා...
අනේ කරුණාකරල සිංදුව තියෙනවනම් උඩුගත කරන්න.
ReplyDeleteඅනේ තිස්ස අයියෙ කරදරයක් නැත්නම් වෙලාවක දීපිකා ප්‍රියදර්ශනීගෙ "මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න" ගීතයට පූර්විකාවක් ලියන්නකො.
ReplyDelete@AmilaDG :සමාවෙන්න අමිල මේ පාර කලබලේ පෝස්ට් එක වැටිලා තියෙන්නේ...
ReplyDeleteමෙන්න බාගන්න ලින්ක් එක..
http://www.divshare.com/playlist/849262-dab
@පිණිබිඳු: හපොයි දෙයියනේ...
මට වඩා මේ කාරියට බොහෝ දක්ෂ කීප දෙනෙක් කියන්නම් කෝකටත්...
- දුකා - සුලා - ජීවිතේ මල් - වත් -
අපි බලමු මේගොල්ල අපිට උදවු කරයිද කියලා පිණිබිඳු...
තව ඉල්ලීමක් තියනවා. මම පොඩිකාළේ අහපු සිංදුවක්. යන්තම් ගීතයේ අර්ථය විතරයි මතක තිබුනේ. නමුත් මෑතකදි බස්එකකදි යන්තම් වගේ එම ගීතය ඇහුනා. ඇහුනු විදියට මම දිනපොතේ ලියාගත්තේ
ReplyDelete"ප්‍රේමයයි වෛරයයි අතර ඇති ඒ වෙනස කෙස්ගසකට සමයි
බිඳුනුදා ප්‍රේමයේ පුදසුන ඔහුගේ ආගම වෛරයයි..."
කරුණාකරල ඒ ගීතය ලඟ තියෙන කෙනෙක් මට ලබා දෙන්න. පුළුවන්නම් මෙහි පළ කරන්න.
ස්තූතියි
තිස්ස, ලස්සනම සින්දුවක් නිරංජලාගෙ, අනික් එක නම් මට මතකයක් නැහැ, ඒත් ලස්සනයි, ස්තූතියි,
ReplyDeleteනිරංජලාගේ සිංදුව නම් ප්‍රිය කරන සිංදුවක්.... අනික නම් අහලා නෑ.. හැබැයි ඒකෙත් අපූරු ගතියක් තියෙනවා.... ගායකයාව හිතාගන්නත් අමාරුයි... ටිකක් ප්‍රියා ගේ කටහඬ වගේ.. ඔවු! මං හිතන්නේ ප්‍රියා තමයි.. දන්නවනම් කියන්නකෝ... කොහොම හරි සිංදු දෙකම ගත්තා.. ස්තුතියි අයියා...
ReplyDeleteපහු වෙලා බ්ලොග් එක පැත්තේ ආවේ ඒකට සොරි වෙන්න මුලින්ම..
ReplyDeleteමුල් සිංදුව නම් ආයේ කිලා වැඩක් නෑ වදිනවා බොක්කටම.. දෙවෙනි සිංදුවේ නම් පද වලට වඩා තනුවේ පොඩි ගතියක් තියෙනව නේ..
ජය වේවා..!!
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
හප්පා ඒකනම් රසවත් අවුරුදු සුපැතුමක්...
ReplyDeleteඔබතුමාටත් පවුලේ අයටත් හිතවතුන්ටත් ආනන්දයත් ප්‍රඥාවත් නොමදව ලබන්නාවූ නවවසරක්ම වේවා...
සුබ අලුත් අවුරුද්දක් වේවා තිස්ස අයියා.. මේ දවස්වල බිසී වෙන්ටැ, වැඩි සද්ද බද්දයක් නැත්තෙ..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් මල්ලියේ...
ReplyDeleteබලමු කලණ මිතුරු සිත් වැඩ කරන හැටි...
පෝස්ට් එකක් ලිය ලියා සිටියා පමණි...