මා වාගේ ලඟින් උන් මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ...
කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දැතක පැටලී උන්නේ....
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ....
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ....
මා වාගේ ලඟින් උන් මා වාගේ...
කීවේ දුක් කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ...
කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
කාලෙකින් ලස්සන සින්දුවක්...........කෝ කතාව .......
ReplyDeleteහ්ම් ..........පින්තූර දෙක දැක්කම කතාව හිතට දැනෙනව අයියා..රමණි සහ කමල් . මිය ගිය අතීතයක නොමැකුන සුවඳ. ඒත් සමහර අතීත කතා වල දාන එකයි හොඳ...
ReplyDeleteආහ්....... මොකද මේ රතු මාක්... භයානකයි ...
ReplyDeleteඅදමයි ගීතය නම් ඇහුවේ. ආපහු පාරක් අහලා බලන්න ඕනා හරියටම ඔලුවට වැදුනේ නෑ පළවෙනි පාරම. :D
ReplyDeleteකලබලෙන්දෝ...?
ReplyDeleteකොමෙන්ටුව තුනට කඩලා මොකෝ... හෙහ් හෙහ් හෙහ්...
හ්ම්ම් අන්ශ් නංගී මොන වැඩ තිබ්බත් මේ පැත්තට ගොඩ වෙනවා නේ..? ස්තූතියි..
ReplyDeleteඅයියා.. කතාව නැතුව සිංදුව පාලුයි වගෙ.. සිංදුව නන් මරු ඇ.....:-D
ReplyDeleteඑලාස් පසන් මල්ලී..!
ReplyDeleteඅයියා කොහේ ගිහින් හිටියාදෝ... හුග දවසකට පස්සේ දෑක්කේ..
ReplyDeleteහෙ හෙ..
පදමාලාවයි තනුවයි නම් පිස්සු හදවන්න පුලුවන් තරම් එකක් . . .
ReplyDeleteඅවාසනාවට සින්දුවේ ට්‍රැක් එක පරන නිසාද කොහෙද ඒක අහනකොට අර ලස්සන වචන ටිකයි තනුවයි එක්ක ඒකාත්මික වෙලා රසවිඳින්න බැරි උනා බන් . . .
මේකේ ඔරිමජිනල් එක හොයා ගන්න ඇහැක් නම් . .. !!
සින්දුව බාගෙන හතර පස් පාරක් අහලා ලස්සන නම් තිස්ස අයියට කිඹුහුම් යයි.. නැත්තම් මම ඇවිල්ලා බොරුවට කමෙන්ට් එකක් දාලා යන්නම් ලස්සනයි කියලා... :D
ReplyDeleteපින්තූර දෙක කතාව කියනවා වගෙයි. මීට කලින් අහල නම් නැහැ. ලස්සනයි.
ReplyDeleteමැණික්
කතාව නැති උනත් සිංදුව ලස්සනයි.
ReplyDeleteලියන්න ගියොත් ලියවෙන නොලිවිය යුතු කතාව පූර්විකාව සොරාගෙන වගේ කියලා හිතුනා. ඒ වෙනුවට පින්තූර දෙක කතා කරයි සිතේ...
ReplyDeleteරමණී රංගනයෙන් පණපෙවූ ආජුතපර සින්දුව කවදත් ඇය රසික සිත් තුල ජීවමාන සිතුවමක් කලා.
මමත් ඇවිත් කතාව තමා හෙව්වෙ ඒත් පින්තූර කතාව කියනව .................
ReplyDeleteදැන්ම අහන්න වෙන්නේ නැහැ ලොක්කා..5වෙනිදා වෙනකල් ඉන්න වෙනවා
ReplyDeleteරවා..උඹනං........
මේ සිංදුව මම නම් මුලින්ම ඇහුවෙ ඉසුරු ජයරත්න ගෙ ගායනාවක් විදිහට. පස්සේ දවසක රූපවාහිණි වැඩසටහනකදි තමයි දැනගත්තේ මුල් ගායනය ඔහුගේ පියාගේ කියලා. එදා මට ඒක අදහන්නත් බැරිවුණා. ඒ විදිහේ තනු ඒ කාලයේ හැටියට වෙනස් ආරක් වෙන්න ඇති.
ReplyDeleteඅද තමයි මම නියම ගායකයාගේ කටහඬින් ඇහුවේ. මොනව වුනත් ඉසුරු නම් ගීතයට පුදුමාකාර සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා.
(කමල්-රමණි කතාව මට නම් මතකයක් නෑ. අනිත් අය කතා කරනවා තමයි අහල තියෙන්නේ. මම එතකොට හුඟක්ම පොඩියි.භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජුතපර ගීතයට නම් මම ඒ කාලේ ඉඳලම හරි ආසයි )
ෂාහ්.... නියමයි.... අමතක වෙලා තිබුනු සින්දුවක්.... කාලයක් ආදරය කරපු ගීතයක්.... දැන් අහෙන්නෙම නැති ගාණයි..... ඒ වගේම රමණිගේ පින්තූරය.... මාව 1988 දිහාවට ඇදගෙන ගියා..... මගේ ජීවිතයේ සොඳුරු මතකයන් රැසක් එක්ක.....!
ReplyDeleteඋඹට පින් !
@දුමී...
ReplyDelete"රමණිගේ පින්තූරය....මාව 1988 දිහාවට ඇදගෙන ගියා...."
අනේ මංදා බං..උඹ මොනවා කියනවද කියලා...?
සින්දුව එක දිගටම 6 පාරක් ඇහුවා... මේක ගොඩක් පරණ ගීතයක්.... මගේ මොකක් හරි මතකයන් එක්ක සම්බන්ධයි.... ඇස් දෙක පියාගෙන සින්දුව අහගෙනම ඒ මොකක්ද කියලා මතක් කරන්න උත්සාහ කරත් ඔළුවට එන්නෙ නෑ....
ReplyDelete@මාරයා, උඹ හිතන විදිහට නෙමෙයි... ඊට වඩා ගොඩක් සුන්දර අත්දැකීමක්.... ඒ කාලේ මම අවුරුදු 14ක කොළු ගැටයෙක්....!
When I saw the words on your fb it's not familiar to me, but when I listen it . . . yeah I love this song very much. Thanks Tissa.
ReplyDeleteහප්පා ඔව් ඉලං මල්ලී... වැඩ කටයුතු වැඩි වුණා නෙව...
ReplyDeleteඔව් දුක්ස් මේකේ හොඳ කොපියක් නෑනෙව... තියෙන්නේ ඉසුරු (ටී එම් ගේ පුතා) කියන එක...
රවෝ.... ගියා...!
මැණික්: ඔව් කියන්න දෙයක් ඉතුරු වුණේ නැ ඒ කථාවේ...
ප්‍රසන්න: ස්තූතියි මචෝ..
මාරූස් මොකෝ ආයේ බිල පාලනයද...හ්ම්ම්ම්...
ඔව් ලකී ඒක හරි... මේක අමුතුම තණුවක් තමා... කාගෙදෝ කියා නොදනී තණුව...
ඒකනේ ඩීන් මහත්තයෝ.. අන්තිමට ඒක ඛේදාන්තයක් වුනා නෙව...
නිශ්ට නම් ජීවිතයෙන් "දිය දෝතක්" වාගේ ඇති මෙව්වා..
හැබෑව දුමී හැබැව...අපිට හිතෙන්නේ රූපය විතරයි අතීත සිද්ධි වල මතකයන් එක්ක ගැට ගැහිලා තියෙන්නේ කියා ... නමුත් හඬවලුත් සුවඳවලුත් මතකයන් එක්ක ගැට ගැහි ඇත්තේ...
මට හිතුනා ආකස කුසුම මේක නොහා තියෙන්න බැ...
මාත් මේ ගීතය අහලා තිබුණේ ඉසුරුගේ ගායනය. ඒ වගේම වචන දැක්කට ගීතය මතක් වුණේ නෑ. මොකද ගීතය ඒ තරම් සවනට හුරු නැති නිසා. මටත් ආජු තපර සිංදුවට වඩා දෙයක් නම් මතක නෑ. සිංදුව නං හැබෑවටම ලස්සනයි. ස්තුතියි තිස්ස අයියා...
ReplyDeleteමෙන්න මේ සින්දුවෙම ටිකක් හොඳ කොපි එකක්...
ReplyDeletehttp://www.mediafire.com/?8bhxhzdvdwt
මේ ඉසුරු ජයරත්න වර්ෂන් එක...
http://www.mediafire.com/?m2mz4nzmjgw#2
upload කරපු එක්කෙනාට thank you වේවා...
හප්පා... පැතුම් ඒකනම් නියමම නියමයි ටී එම් ගේ වර්ෂන් එක...
ReplyDeleteඔබටත් බොහෝ ස්තූති වේවා...