මේ වේදනා... මේ චේතනා... විඳිනා..

නන්දා පතිරනගේ කටහඬ අපේ ආරයට කදිමට ගැලපෙන්නක්... ඇගේ ගී ස්වල්පයත් සිංහල ගී අතර මුතු මාලයක් වාගෙයි... "ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ...", "යලි උපදින්නම් අලුත් කෙනෙකු වී...", "මගේ දෑස මගේ කියා ඔබ පවසනවා...", "මල් වනේ රෝස කැකුලු... "බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්ට එපා..." ඒ අතරින් මම ආසාම කරන ගීත... ඇගේ මේ සියලු ගීත තොරානා ලේබලය යටතේ එන, එක තැටියකින් (ලන්ද දිගේ ) මේ දිනවල ලබාගන්න පුලුවන්... ඇයට කරන ගෞරවයක් වශයෙන් අද ගීතය මම බාගන්න දමන්නේ නෑ.... මම දන්නවා රස්සාවක් කරන කාලෙක වුනත් මටත්, ගී තැටියක් මිලදී ගන්න මාස දෙක තුනක් සල්ලි එකතු කරන්න වුනා... ඒ වාගේම මේ ගායිකාවටත් අසාධාරනයක් වෙනවා මේ දිනවල අලෙවි වෙන තැටියක තියන ගී කවුරු හරි නොමිලේ බාගන්න දුන්නම... මේක තේරුම් යයි කියලා හිතනවා...
ටී එම් ජයරත්නයන් සමග ගයන මේ ගීය, කුලරත්න ආරියවංශයන්ගේ පද වැලක්, ස්ටැන්ලි පීරිස් සංගීත වේදියානන්ගේ මියුරු තණුවක්....

ඒ පද වැල් මොනතරම් මිහිරිද... "ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...."
උගුර හිරකරන, නෙත් කෙවෙනි තෙත් කරන, ඇගේ ආදරේ මට නිරතුරුවම මතක් කරදෙනවා....

මේ වේදනා... මේ චේතනා... විඳිනා...
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සීත සෝ සුසුම්... පාවි පාවි යයි...
හදවත අරණේ...
දෑස පාලුවෙන්... වේදනා නගයි...
ඔබ නැති යහනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

රෑක ඒ නුවන්... තාරකා පිපෙයි...
සිතුවිලි උයනේ...
වේදනා ලොවින්... රෑ පහන් කරයි
ඔබ නැති සිහිනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සිංදුව අහන්න..

44 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

අප්පේ කොහොම ස්තුති කොරන්නද මන්දා මේ ලස්සන ගීත අපිට අහන්න සලස්වනවට....

Ansh Lucky Sri Jay said...

මේක ලස්සන සින්දුවක් නෙ.
මම අදමයි ඇහුවේ.

වැම්පයර් said...

මේක මරු සින්දුව.. මරේ මරු...

ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

තිස්ස දොඩන්ගොඩ said...

@Shadow/හේමලයා: ඇත්තටම මේ සින්දු මේ රේඩියෝ චැනල් වල
යන්නේ නැත්තේ මොකද මචෝ...?

@Ansh:නංගියා සීඩී එක ගත්තානම් තවත් කැමති වෙයි...

@වැම්පයර්: ආයේ ඉතින් උඹෙ ටේස්ට් එක අහන දෙයක්ද...

දුකා said...

දම්මිගෙයි සුගත්ගෙයි පින්තූරේ දැක්කාම මාව හොල්මන් වුනා . .

මම හිතුවා උඹෙයි මගෙයි ටෙලිපති සීන් එක මේ පාරත් වැඩ කරලා කියලා . .

ඒ ගැන වැඩි විස්තර අද හවසට වැඩ ඇරිලා යන ගමන් කියන්නම් (අපේ මාරයාට සම්බන්ධ සීන් එකක්) . . .

මේ ගීතය හරිඅම් අපූරුයි මචන් . . ඒත් මට හිතෙන්නේ නන්දා ගේ කටහඬ මේ වගේ ගීතයකට වඩා ලන්ද දිගේ, බින්දු බින්දු මල් වැස්සේ, බකිනි ගහේ වගේ ගීතවල බීට් එකට යි මැච් වෙන්නේ කියලා . . .

තිස්ස දොඩන්ගොඩ said...

@දුකා: හරියටම හරි මචෝ මගේ අදහසත් ඒකමයි... තරමක වෙනකස් ගීයක් හින්දා තමා මේක දාන්න හිතුනේ..ඇරත් වඩිය ජනප්‍රියත් නෑනේ... මේක...

වැප් said...

හපොයි ලංකාවේ නොහිඳත් මේවා හොයාගෙන අපිට දෙනවට ගොඩාක් පින් අයියා

ගල්මල්-Coral said...

ඇය ගයන ගීත මා ගොඩාක් ප්‍රිය කරනවා. බොහෝම ස්තුතියි මෙ ගීතයට, ඒ වගේම බාගත කරගන්න ඉඩ සලස්වනවාට වඩා ගීතය මිලදී ගන්න කල ඉල්ලීම ගොඩාක් අගේ.

ඒ කාළයේ හිතේ රැඳුන ගීයක් වුනා නන්දා පතිරණ මහත්මිය සමඟ එඩ්වඩ් ජයකොඩි මහතා ගයන බිංදු බිංදු මල් වැස්සේ ගීතය. මේ ගීතය එඩ්වඩ් ජයකොඩි මහතා බොහෝ ජනප්‍රිය වූ කැරකෙන රෝදේ ගීතයටත් පෙර ගැයූවක් හැටියටයි මට මතක.

ගීතයේ ගැමි ගී ආර හා ගායන ශිල්පීන් දෙදෙනාගේ එකතුව මොනතරම් ලස්සනද...

බිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පැදි පෙළ:

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතු පිට ලිස්සනවා පය පැකිළේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් මැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිළෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමින් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

(මෙ ගීතය මෑතකදී ම විසින් ෆෝරමයක සාකච්චාවට භාජනය කලා, පැදිපෙල ඒ සඳහා සැකසූවක්)

ගල්මල්-Coral said...

මේ ගීතවලින් අපේ සිත්වලට ගෙනෙන සහනය සුළුපටු නොවේ. ඒ පදපේලි වලින් මවන නිස්කලංක පරිසරය මොනතරම් නම් සුන්දරද... අද අපි ගෙවන යාන්ත්‍රික ජීවිතයට එය මොනතරම් නම් සහනයකද? ඒ නිසාවෙන්ම ඒ ගීතවල වටිනාකම අද ඉමහත්...

තිස්ස මහත්තයෝ ලඟ ඇති මේවගේ ගීත ගොඩ අපේ කට්ටියට අහන්න සලස්වන කාර්යය ගැන බලමු.

තිස්ස දොඩන්ගොඩ said...

@වැප්: බුලත් විටක් වුනත් බෙදාගෙන කනකොට තියන ජොලිය මල්ලියේ ඉතින් බොලා දන්නවානේ...

@ගල්මල්: ආයේ ඉතින් කියලා වැඩක් නෑ...
අර කාරණය ඔව් ඔව් බලමු ඉස්මනින්ම වෙලා තියන හැටියට...

රවා said...

තිස්ස අයියා, බිදුණු පෙමට නාඩන් මා නැගෙනියනෙ.. කියන දෙ පුදුම සින්දුවක් එක තමයි තවම අහන්නෙ..ඉට පස්සෙම් මෙ පැත්තෙ ආවෙ නැහැ. අද ගත්ත මෙ සින්දුව, තව ටික කාලයක් අහලා එන්නම්.

wath said...

ෂා ........ ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සසසසසනයි ...

තිස්ස දොඩන්ගොඩ said...

@රවා: උඹත් මහා පුදුම චරිතයක් මල්ලියේ...උඹේ හිතේ දිගක් පලලක් මට හිතාගන්නවත් බෑ....

@වත්: සොඳුරු සිතේ සොඳුරු බව වැඩිවේවා...

හෙළයා said...

පුදුම විදිහට දැනෙන ගිතයක්නේ. ඇයි දැන් මේවා මරන්න හදන්නේ මිනිස්සු ? :(

තිස්ස දොඩන්ගොඩ said...

@හෙළයා: අනේ මන්ද බං... අපි උඹලවත් ඔය වගේ දෙයක් කරලා එකෙක් දෙන්නෙක් හරි රස විඳීම හුරු වුනොත්... ලොකුවට නෙමේ... පොඩියට...

හෙළයා said...

ඔබතුමා මේ ගීත නැවතත් කරලියට ගෙනෙන්නට උත්සාහ කිරීම මං ඉතාමත් ඉහලින් අගය කරනවා. අද ගීතය බාගත කිරීමට නොදීමත් මං අගය කරනවා. මොකද ඕවා නිකම් බාගෙන සමහරැ විනාශ කරලා දානවා.
මමත් පෞද්ගලිකව මේ ප්ලේයර් එක ගීත ලබාදීමේදී භාවිතා කලත් බාගත කිරීම වලක්වන්න මේ ප්ලේයර් එකේ හැකියාව ඉතාමත් අඩුයි. යම් එක් මෘදුකාංගයක් භාවිතා කරන අයට මෙය ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්. නමුත් එක් වරක් " වැම්පයර් " සොයුරා ඉදිරිපත් කල යාහූ ප්ලේයර් එක එයට එරෙහිව ක්‍රියාකරන බව මට සිතුනා. හැකිනම් ඔහුගෙන් ඒ පිලිබඳ අසාබලන ලෙස මා ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
ඔබට ජය

තිස්ස දොඩන්ගොඩ said...

බොහොම ස්තූතියි මචෝ... ඒක මම දැනගෙන හිටියේ නෑ... මාව දැනුවත් කලාට ආයෙමත් ස්තූතියි... ඒ පිලිබඳව අපි වැම්පයර් ගෙන් විමසමු... අපිට උදවු කරයි....
හැබැයි මට හොඳින්ම හැගුන දෙයක් නම් මේ MP3 අහනවාට වඩා නියම AUDIO CD එක අහද්දී දැනෙන රස පරිපූර්ණ බවයි...

වැම්පයර් said...

කොල්ලනේ.. යාහූ මීඩියා ප්ලේයර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මුකුත් සොෆ්ට්වෙයා ඕන නෑ.. නිකන් රයිට් ක්ලික් කලා, බෑවා!

ම්ම්... මම හොයන්නං මොකද්ද කරන්න පුලුවන් කියලා.... ඔව්... මම මේ ළඟදි මූණු පොතේ සුනිල් ශාන්තගෙ සින්දුවක් දැම්මා, ඔරිජිනල් රෙකෝඩින් එකක්. ඒක මගේ යාලුවෙක් මොකද්ද සොෆ්ට්වෙයාර් එකකින් රිමික්ස් කරලා ආයෙ දාල තිබුනා.. මගේ මල අතේ!

දැන් ඌ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නෑ... මොකද ඌට වඩා සුනිල් ශාන්ත මගේ යාලුවෙක් නිසා!

ඒ සින්දුව.. කෝකිලයන්ගේ කෝකිල නාදේ..

ඕව් තිස්ස අයියා කියපු එකත් හරි.. මගේ ළඟත් තියෙනව ඔය තැටි ලොට් එකක්.

sansarasidu said...

@තිස්ස අයියා,
තවත් පළවෙනි වතාවට අහපු ගීයක්!
නෑඹුල් රසවිඳීමත් අපුරු හැඟිමක් ඇති කරවනවා.
බොහොමත්ම ස්තූතියි ඔබට...

@ වැම්පයර්,
"දැන් ඌ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නෑ... මොකද ඌට වඩා සුනිල් ශාන්ත මගේ යාලුවෙක් නිසා!"
උඹ නම් මාර කොල්ලෙක් බං... සොරි වැරදුනා... මාර වැම්පයරයෙක් බං !

sansarasidu said...

ප.ලි.

එකක් අමතක වුණා... ඇත්තටම තිසා අයියේ මේ ගීතය බාගත කරගන්න නොදී ගී තැටිය මිලදි ගැනීමට කළ පෙළඹවීම මමත් හරිම ඉහළින් අගය කරන බව කියන්න ඕන.

Buratheno said...

@වැම්පයර්..

ඕක අපි ඉස්සර ස්කූල් බස් එකේ ගහන සිංදුවක්නෙ. "කෝකිලයන්ගේ.. මචං.. කෝකිල නාදේ.. මචං.. පපර පපර පපර පපර පපර පං.."

තිස්ස දොඩන්ගොඩ said...

@ වැම්පයර් + සන්සරසිදු + බුරතිනො: නියම කතන්දර ටික... "ඌට වඩා සුනිල් ශාන්ත මගේ යාලුවෙක් නිසා!" නැගලම යන කථාව... ඊලඟට ස්කූල් බස් එකට සුනිල් ශාන්ත ආවේ කොහොමද බුරාතෙනො ගේ කාලේ... අන්න පොයින්ට් එක... ඒ සින්දු නිකන්ම මුවග ලෙලදුන්නේ කොහොමද පාසැල් සිසුන්ගේ පවා...? දැන් ඇහුවම රීමික්ස් කරන්නේ හරි රැප් කරන්නේ හරි ඇයි...? ලොකුවට හිතන්නේ නැතුවම ප්‍රස්න තුලම උත්තරත් තියනවා...

ලමයින් ලොකු මහත් කරන කොට මෙව්වා ගැන පොඩි අවධානයක් හරි දෙමව්පියෝ දෙනවනම් මේවා ජාතික ව්‍යසනයන් කරා නොයන බව මගේ විශ්වාසයයි... දැනුන් තේරුම් ඇති කාලේ ඉඳලම තමන්ගේ දේවලට ගරහන නසරානියෝ බිහි වෙන්නේ දෙමව්පියන් ගේ නොසැලකිල්ල නිසාමයි කියලයි මමනම් හිතන්නේ...

priyantha.ඒබී said...

පින් සිද්ධ වේවා අය්යට මට උදේ පාන්දර මේ ගිතය අහන්න දුන්නට. ඉස්සර මම දවස පටන් ගත්තේ කතන්දර කියනවලා. එත් දැන් දිනලතා ඒවා නැති නිසා උදේම කරන්නේ නවි සිංදු හොයන් එක. ඒකට පැය බාගයක් ගියාට ලැබෙන නැවුම් ගතිය නිසා පැය 7ක් 8ක් එක දිගට යන්න පුවවන්. කිව්වත් වගේ මමත් අද තමා මේ පළවෙනි වතාවට ඇහුවේ. ගායනයට කිසිම ආකරයකින් නොගැලපෙය අය සිංදු මරණකොට මේවා කනට අමෘතය. නැවතත් ස්තුතියි.

තිස්ස දොඩන්ගොඩ said...

@ප්‍රියන්ත: මල්ලිගේ කටේ මසුරන් දාන වටිනවා ඒ මුලින්ම කියපු කතාවට... ඒ වාගේ ගීයකින් දවසටම ලැබෙන ගැම්ම නම් කියලාම වැඩක් නැහැ... ගිය සිකුරාදා වැම්පයර්ගේ පෝස්ට් එක නිසා ඒ දවසම මිල්ටන් එක්ක... අවුරුදු දහයක් තිස්සෙ පාන්දර 5.15 ට එලියට බැහැලා රස්සාව කරන්න ගිය කාලේ ඔලුව ‍තෝන්තු නොවී තියාගන්න ඒ ගී මට බොහොම උදව් වුනා... ඒ විතරක්ද, රෑ වැඩ මුර කරන වෙලාවට සෙන්ටිග්‍රේඩ් හයසීයට විතර පත්තුවෙන උදුන්, බාර් පනහකට හතලිහකට ප්‍රෙෂර් වෙන බොයිලර්, හතර වටින් පහලට එන ගෑස්, එක්ක පාන්දර දෙකට ඇහෑරගෙන ඉන්නත් උදව් වුනා...
සයුරින් එහා ඉන්න මට, ඔබවැනි මිතුරන් සමීප කරවන්නත්, ඒ ගී, අද උදව් වෙනවා... ඒවා අපට දායාද කල කලා කරුවන්ට අපි සදා ණය ගැති නොවමුද ඉතින්...?

හරී said...

ප්‍රියන්ත කිව්වා වගේ මමත් දැන් දවසේ ගීතයක් හොයාගෙන වරුවක් විතර ඒක අහනවා. අයියා මේ සිංදු කොහෙන් හොයා ගන්නවාද මන්දා, ජීවිතෙට අහල නැති ඒ හරිම ලස්සන සිංදු. පුරුද්දක් විදිහට මම ආරාධනා වැඩසටහන අහනවා. ඒ දැන් ඒකෙත් යන්නෙ එකම සිංදු,,

මාරයාගේ හෝරාව said...

අනේ මන්දා බං අයියේ..මොනවා කියන්නද මන්දා...

ඉලංදාරියා said...

පින් ඔයාට අය්යේ මේ කරන් වැඩේට....මම පද පෙල රසකරකර කියව උවා......

තිස්ස දොඩන්ගොඩ said...

@හරී: ඔව් අරාධනා වඩසටහනටත් එකම් සිංදු දැන් යන්නේ.. වැඩසටහන කරන කෙනා රස්සාව විතරක් කරන කෙනෙක් වෙන්නෑති... හිතන්න ඔයා ඒ වැඩසටහන ප්‍රචාරය කරානම්...? එහෙම නැත්තම් ගී සම්පාදක වුනානම් (ඉස්සර "සම්පාදක ‍තෝරයි" කියලා පොඩි වැඩසටහනකුත් තිබ්බා..) ඔයා ලස්සන ගී හොයාලාම ප්‍රචාරය කරයි නේ... මම සංගීතයේ මුල් පොත වත් නොකියවූ අයෙක්.. නමුත් මේ බොහොමයක් ගී මගේ කණට නිරායාසයෙන්, දවස පුරා "ඔන් " කර තුබූ රේඩියෝවෙන්, කණ වැකුණ ඒවා... කරන්න දෙයක් නැත... මෙහෙම හරි ප්‍රචාරය කරමු නගේ... (ගල්මල් අයියාත් යෝගියාත් දත් නියවා ඔන්ලයින් රේඩියෝවක් පටන් ගන්නා තුරු ඉඳී... කාල වේලාවත් නැති කම හරස් වී ඇත... ඉක්මනටම පටන් ගත යුතුය...)

@මාරයා: මොකද මාරයෝ මේ...?

@ඉලංදාරියා: සිංදුව ඇහුවේ නැත...?

Jeewani said...

ම්්.... හරිම ලස්සනයි අයියා
ආ.... ඔයා නෙවෙයි ඔයා post කල සිංදුව.

මේ සිංදුව ඔයා දන්නවාද අයියේ, මම වැම්පයර් අයියාගෙනුත් ඇහුවා, එයා තවම හොයනවා,
නොයෙල් ගුණරත්නගේ

සැනසී නුවන් තලාවේ හිදිමී දිවා රැයේ.....
කලතා ඔබයි ගෙනාවේ
මදිරා පෙරා සුපෙම් කුසලානේ

ගලනා ගංගාවේ රැලි නංවා ගී ගැයුනාවේ
වැලලී ගියා අතීතේ හමුවේවා යළිත් වසන්තේ
හඩනා වීනාවේ අදරයේ ගී ගැයුනා වේ.....
මලසේ පිපී දසන්තේ ඔබ වේවා මගේ වසන්තේ....

සමහර පද අඩු ඇති හැකිනම් හොයලා දෙන්න........

ඔබට සදා ජය..!!!

තිස්ස දොඩන්ගොඩ said...

ඔය සින්දුවත් මාලඟ නෑ... අපි පැදුරු පාටි වලට නොවරද්දන සිංදුවක්...

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මේ වගේ අතීත මතකයන් මතක් කරන උඹට බොහෝම ස්තූතියි. ඉස්සර අවසක රෙඩියෝ එකේ ඇහිච්ච සින්දු ආපහු හොයාගෙන අහනකොට ඒ සිංදු ඇහිච්ච සංදියට ඉබේම යැවෙනවා බං.

තිස්ස දොඩන්ගොඩ said...

@කුෂාන්: අර කව්දෝ ලේඛිකාවක් "අතීතකාමය" කියන්නේ ඕකට වෙන්නෑති බං...!

හරී said...

ගල් මල් අයියලාගේ පැතුම් ඉක්මනින්ම සඵල වේවා!!!!!!!
මට තෝරන්න දුන්නොත් මම තෝරන්නෙ මම කැමති සිංදු,,,

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

වෙන්නත් පුළුවන්... හැබැයි මං දන්න විදිහටනම් අතීතකාමය කියන්නේ ඒ දවස වල කරපු එළ වැඩ, ජයග්‍රහණ, හම්බවිච්ච ප්‍රශංසා වගේ දේවල් ගැන දැන් හිත හිත ආතල් ගැනීම. ඒක එච්චර හොඳ දෙයක් නොවෙයිලු බං. එහෙම උනොත් අළුතෙන් ජයග්‍රහණයක්, අළුත් වැඩක් කරන්න ලැබෙන්නේ නෑලු. :-)

තිස්ස දොඩන්ගොඩ said...

හප්පට සිරි එහෙමද...? මං හිතන්නේ උඹ හරි...

Anonymous said...

හැබෑවටම ඉතිං මේවගේ රසවින්දනයක් ලබන්න මේ අඩවියටම එන්න එපාය...

සුලා..

wath said...

හා අයියා.......

මම මේ සින්දුවක් හොයල හොයල බැරිම තැන තමයි මෙ‍හෙට ගොඩ වුනේ...

බලන්න මේක..

කඳුළු බින්ඳු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒව මීට පස්සේ
එකතු වෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ කල් මතකද කල්ප කාල තිස්සේ

සනත් නන්දසිරි....

මට දුකින් ඉන්න එපා ලු. කට්ටිය කියනව.. අනේ අයිය මම සතුටින් ඉන්නව මේ සින්දුව හොයල දුන්නොත්.

වැම්පයර් said...

සහෝදරී මේං...පරණයි හැබැයි ...

http://www.mediafire.com/?d1pg9tcm21dwmb0

දෙසිත බැඳී ක‍ටුක මගේ ගව් ගණනක් ආවා
දෑඟිලි බැඳ පෝරුව මත එමග පෙහෙලි වූවා
දෙහදක හඬ එකම හඬක් ලෙස සවනත ගාවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා... අපි අපේම වේවා...

හම්මේ... මාරම පද රචනයක් මේකෙ තියෙන්නෙ...

දුමී said...

තිස්ස මචෝ, මේක නම් නියම සිංදුවක්. අම්මපා අදමයි ඇහුවෙ. මේ කමෙන්ට් එක දාන්න කලින් තුන් පාරක්ම ඇහුවා. කවුද මේකෙ මියුසික් කරල තියෙන්නෙ ? මට සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම සෙන්ස් වෙන්නෙ ඕනෙම සිංදුවක මෙලඩි එක. ඕනෙම මියුසික් කරන එකෙක් එහෙමයි මම හිතන්නෙ. මේක සිරා යුනික් මෙලඩි එකක්.

වැම්පයර් said...

ලිව්වෙ නං කුලරත්න ආරියවංස මහත්තය මයෙ හිතේ

තිස්ස දොඩන්ගොඩ said...

උඩ පූර්විකාවේ තියනවා විස්තරේ...
කුලරත්න ආරියවංස / ස්ටැන්ලි පීරිස්...

nethu said...

හ්ම්....... කලෙකින් ගිමන් නිවමි... ඔබට බොහොමත් තුති...

තිස්ස දොඩන්ගොඩ said...

ගිමන් ඇතත් ගිමන් නිවී දැනේද ඒ සඳුන් සිසිල..?

ගල්මල්-Coral said...

@ජීවනි:
නංගි සොයපු සින්දුව තවම හම්බවුනේ නැතිනම් පහත දී ඇති URL එකට ගිහින් රික්වෙස්ට් කරන්න.

http://www.seegiri.com/forum/showthread.php?t=38

මෙය seegiri.com (සීගිරි.කොම්) හි ෆෝරම් එකකි. ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පලමුව රෙජිස්ටර් වෙන්න ඕනෙ, ඒක හරිම ලේසියි. උත්සාහ කරලා බලන්න. උදව්වක් අවැසි නම් කියන්න.

Post a Comment

 
Blogger Wordpress Gadgets