උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා...

මගේ යුග දිවියට වසර දහතුනක් අද සපිරෙනවා... මගේ කුලුඳුල් ප්‍රේමයට වසර විස්සක් පිරුනෙත් මේ මාසෙමයි... ඇයට යම් තිලිණයක් දෙන්න මට උවමනාව තිබුනා... ඇයව විස්මයට පත් කරන්න උවමනාව තිබුනත් එයට වඩා ඇයගේ කැමත්ත අනුවම යමක් ‍තෝරා ගන්න ඉඩ දෙන්න මට හිතුනා... ඊයේ ටවුමට යන විදිහට දෙන්නත් එක්කම එලියට බැස්සට, මගදී සියලුම සැලසුම් වෙනස් කොට හිමින් සීරුවේ ඇයව තැනකට එක්කන් ගියා...නැත්නම් කවදාවත් කරන්න ඉඩ දෙන්නේ නෑ... ඇයට රුචි යමක් තොරාගන්න කිව්වා, මංගල මාලය ‍තෝරාගත් දිනයේ වාගේම... නමුත්... ඒ ඇයමයි... අවුරුදු දහතුනකට පස්සෙත්... චාම් අලංකාර මුදුවක් ‍තෝරාගන්න ඇයට ඒ හැටි වෙලාවක් ගියේ නෑ... අදත් එහි මිල මගේ සූදානමෙන් භාගයයි...

අද උදේ ඇයට එය පළඳවා "ස්තූතියි හැමදෙයක් වෙනුවෙන්ම..." තෙත් වූ දෙනෙතින් කීවෙමි...
යුගදිවියක උපරිම සන්තුෂ්ටිය අත් වින්දෙමි...

උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා....
දෙපස මල් යහන් ආසිරි දසත පතුරලා...

නැකත යන සුබයි... ඔහු පෙරට පය තබයි...
ලොවම ජය ලබයි... යන ගමන ඇය සුබයි...
මිහිරි පෙම් කතා රහසින් කනට කොඳුරලා...
සෙනෙහෙ ගඟ ගලයි හදවත් ඉවුරුතල තලා...

සිහිල උණුසුමයි... පැල ඇතුලෙ එක තමයි...
අමිල හදවතයි... අගේ අමිල හදවතයි...
ඔහු පතන සැනසුමයි...ඔහු පතන සැනසුමයි...
තිලිණ කොට පිදූ පිවිතුරු හදවතක් විනා....
නොමැත ඇය සතූ සම්පත් මුතු මැණික් ගෙනා....
මුතු මැණික් ගෙනා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.

56 comments :

  1. ඔන්න මගෙන් සුභ පැතුම්..
    චිරාත් කාලයක් ඔය විදිහටම යෙහෙන් ඉන්න ලැබේවා කියලා පතනවා.
    (මේ සිංහල වැඩ කරනවද මන්දා, මම මේ කොල්ලුපිටියේ පැත්තේ කඩේකින් ටයිප් කරන්නෙ, එළියට ආව ගමන් නිසා.)

    ReplyDelete
  2. ආදරණීය ම සුබ පැතුම්..

    ReplyDelete
  3. සුබ පැතුම්.............

    ReplyDelete
  4. තව තවත් සුන්දර දේ ලොවට බෙදා දෙන්නටත්, සුන්දර දේ එක්ව අත් විඳින්නටත් උඹලා දෙන්නටම ආවඩා ආයුබෝ වේවා !!!

    ReplyDelete
  5. මගෙනුත් උනුසුම් සුභ පැතුම් මචං . . .

    ReplyDelete
  6. මගෙත් උනුසුම් සුබ පැතුම්....

    ReplyDelete
  7. මගෙනුත් උණුසුම් සුභ පැතුම්..!!!!!!

    ReplyDelete
  8. "එහෙම විරල කෙනෙක් ඔබෙ සහකරුනම්,
    ඔබ සෑබෑ වාසනාවන්තයෙක්..."

    ඔබව සාදා සතුටින් තියන්න එයම උදව් වෙවි...

    එවන් විරල කෙනෙක්,
    තමුන් ගේ හිතට හරියන කෙනෙක්..
    ඊටත් වඩා, තමුන් අන්ගසම්පුර්නයි කියල හිතෙන කෙනෙක්.. ලෑබුන තිස්ස ට..

    මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!

    මම
    "මෙ මොහොත"
    "The Present Moment"

    ReplyDelete
  9. අක්කටයි අයියටයි උණුසුම් සුබපැතුම් අපි දෙන්නගෙනුත්...කෝ අපිට පාටි?

    ReplyDelete
  10. අනේ හරිම සුබ අනාගතයක් වෙන්න ඕනි ඔය දෙන්නටම....

    ReplyDelete
  11. සුභ පැතුම්. තව අවුරුදු 100ක් විතර දෙන්නටම සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා.( මුනුබුරු මිණිබිරියො 500ක් විතර එක්ක)

    ReplyDelete
  12. අපෙන් උණුසුම් සුභ පැතුම්!

    සොයුරා ඔබ දන්නවනේ අද නිවාඩු දවසේ පින්දෙන්න, ආසිරි පතන්න ආදි බොහෝ දේ සඳහා නිස්කලංකව කාලයක් වෙන්කරන දවස. ඉතිං ඒ මොහොතදී අද විශේෂයෙන් ඔබ දෙදෙනා හා පුතුන් දෙදෙනා වෙනුවෙන් පැතුවා... විශේෂයෙන්ම ඉදිරි දිනවලදී අවැසි කරන දහිරිය පතා. මේ විශේෂ දිනය ගැන දැන ගෙන සිටියේ නැහැ. ඔන්න ගෙදර ඇවිත්.. අර උදේ සංවාදය බලන්න උත්සාහ කරන කොට පුදුමයක්...

    ReplyDelete
  13. මගෙන් ඔය දෙන්නාටම සුබ පැතුම් අයියේ... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    June 25, 2010 9:58 AM

    ReplyDelete
  14. උණුසුම් සුභ පැතුම්....ජීවිතේ සුන්දරද මෙතරම්...

    ReplyDelete
  15. සුබ පැතුම් ඔබ දෙදෙනාටම!!!

    ReplyDelete
  16. මගෙනුත් සුභ පැතුම්. තව ගොඩක්ම කල් සතුටින් යෙහෙන් වැජබෙන්නට

    ReplyDelete
  17. මමත් සුබ පතනවා.

    ReplyDelete
  18. සාදාකල් සතුටින් යුගදිවිය ගෙවේවා....

    මගෙන් සුබපැතුම්...

    ReplyDelete
  19. ඉතිං ඕං මගෙනුත් සුභ පැතුම්.....!

    සුලා...

    ReplyDelete
  20. ජය සැප සතුට වාසනාව සදාකල් ‍රැඳේවා!

    ReplyDelete
  21. තිස්ස අයියට අපෙනුත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  22. ඒකත් හරි වැඩේ නේද? රයිගමයයි ගම්පොළයයි දෙන්නාටම විශේෂ දවසක් නේද? (නම් දෙක හොඳයිද ඊට වඩා හොඳ දෙකක් දාන්නද?) එක්කෙනෙක් 2010 ජූනි 25, 13 වෙනි වෙඩින් ඇනිවර්සරි අනිත් එක්කෙනාගේ ෆර්ස්ට් බ්ලොග් ඇනිවර්සරි එක. හොඳයි හොඳයි දෙන්නාටම අපේ සුභ පැතුම් !!!!!

    දෙන්නාටම ඉතිං එකම කොමෙන්ටුව දෙන්න හිතුවා. හැබැයි අයියේ එකක් කියන්න ඕනේ මම දැක්ක දෙයක් මම හරිද මන් දන්නේ නැහැ. මම උපකල්පනය කරනවා මේ ඔයා දාලා තියෙන පිංතූර දෙක ඔයාලාගේම ඒවා කියලා. බලන්න වෙඩින් එක දවසේ දෙන්නාගේ අත් වල පෙනුම වෙනස්. ඒත් පස්සේ දාලා තියෙන අත් දෙක හරියට පේන්නේ එක්කෙනෙකුගේ අති වගෙයි. ඒ ටිකම ඇති ඔය දෙන්නා එක්ව ආ මග අපට පැහැදිලි කරන්න. මම අහලා තියෙනවා ආදරෙන් බැඳුනාම ඒ ඒ අයගේ පෙනුමත් සමාන වෙනවා කියලා. ඒකේ ඇත්තක් ඇති ඒකට හේතුව හැම තිස්සේම තමන් ආදරය කරන කෙනාගේ මුහුණ හිතේ ඇඳිලා තියෙනවානේ.

    ඉතිං සුදු පැඟිරෝ. ඔයාගේ ආදරණිය පැඟිරිත් එක්ක මේ හිටියා වගේම ආදරෙන් සෙනෙහසින් විශ්වාසනීයව සසරාන්තය දක්වාම යෙහෙන් වැජඹෙන්න වාසනාව ලැබේවා !!! ඇස්වහක් කටවහක් ඉරිසියාවක් නොම වේවා!!! සතුට සැපතම ලඟා වේවා !!! කියලා රන් සහ දිල් මුළු හිතින්ම සංතෝෂයෙන් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  23. තිස්ස අයියේ, මගෙනුත් සුබ පැතුම් ..... ගොඩක් දවසට blog එක බැලුවට අද තමයි comment එකක් දාන්න හිතුනේ. සංවත්සරයට සුබ පතන්නේ නැතුව කොහොමද?

    ඒ එක්කම ඉහත ගීතයේ පොඩි නිවැරදි කිරීමකුත් කරන්න අවසර. "පැල ඇතුලෙ එක තමයි" කියන එකේ කිසි තේරුමක් නෑනේ. ඒක "පැල ඇතුලෙ එක සමයි" කියල නිවැරදි වෙන්න ඕනේ කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
  24. මචෝ හැබෑවට අද උඹේ මගුල් ඇනිවසරිය . . මගේ බ්ලොග් ඇනිවසරිය . . .අන්න බලපන් අර කෙල්ල අපි දෙන්නට ලස්සන නම් දෙකක් දාලා . . . අහුවෙච්චාවේ කෝ රන්දිල් නගේ උබව . .

    ReplyDelete
  25. මම නම් ආවේ පරක්කුවෙලා. වෙනද වගේම අදත් ආවේ සිංදුවට comment එකක් දාන්න. ඒත් අද ලස්සන වෙනසක්. හැමදාම සිංදු වලට comment දානවනේ ඉතිං අද නොදැම්මම මොකද? ඒත් අයියගේ මගුල් ඇනිවසරියට මගෙන් උනුසුම් සුභ පැතුම්!!!!
    මුළු ජීවිත කාලයම
    උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා....
    දෙපස මල් යහන් ආසිරි දසත පතුරලා..
    සතුටින් ගෙවන්නට ආසිරි
    /ප්‍රියන්ත ඒ.බී

    ReplyDelete
  26. ෂා...තිස්ස අයියේ හරි අපූරුයි නේ..! ඔන්න අපෙනුත් සුබ පැතුම්.....[ඔයාලත් එහෙනම් 1990 දි මුණ ගැහුණු දෙන්නෙක්..? හොඳයි හොඳයි...:)]

    ReplyDelete
  27. @සචී
    අහ් ඇත්තම නේන්නම්..සචී කිව්වාම නේ මම ඒක දැක්කේ...
    හ්ම්ම්ම්ම් මටත් විශේෂයිනේ 1990. අවුරුදු විස්සකුත් ගතවෙලා ගිහිං නේද දැන්???
    අර ඔයා දවසක් කිව්වා වගේ අරුම පුදුම සමානකම් නේ අපිටත් තියන්නේ :-))))

    ReplyDelete
  28. අනේ බං අයියේ..
    උඹ ආවාත් හරි මට වැඩ වැඩි උනත් හරි.
    උඹ මක්කෙයි කොරන්නේ කියලා හොයලා බලන්ටත් ඉස්පාසුවක් නැතිව ගියා.

    ඉතින් මුලින්ම උඹටත් අක්කණ්ඩිටත් සුභ පතනවා...
    මුළු ජීවිත කාලයම එක්ව ගෙවන්නටත්..
    සතුටින් සිටින්නටත්..
    දුකක් නොවන්නටත්..
    මෙ භවයේ විතරක් නෙවෙයි සසර ගමන පුරාවටම එකටම බැඳිලා සරන්නටත්...

    (මඩ ටිකක් ගහන්නේ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ බං අයියේ... ඔන්න ඔහේ ඔය බරබාගේ ඇදගෙන පලයංකෝ..)

    ReplyDelete
  29. @ දුකා,

    ඇයි බං අයියේ මොන තරම් ලස්සන නම් දෙකක්ද? අර මොකටද මාව අහුවෙද්දෙන්කෝ කියන්නේ? :D

    ReplyDelete
  30. හපෝයි....අර නංගිලා දෙන්නෙක් කිව්වට පස්සෙයි මටත් ඔය දින වකවානු ගැන නිනව්වක් ආවෙ. යකෝ මගෙත් ඔය කරුණු කාරණා දෙකම ඉෂ්ඨ සිද්ධ වුනේ 1990 සහ 1997 අවුරුදු වලනෙ. බලපංකො මචෝ ඒකෙත් හැටි :)

    ReplyDelete
  31. බොහොම ස්තූතියි හැමෝටම... මගේ වටිනාම වස්තූන් නම් මගේ පවුල හා මගේ මිතුරනුයි... දුකේදීත් සැපේදීත් මා හැර නොයන...

    ReplyDelete
  32. මම පරක්කුයි වගේ.......ඒත් ඉතිං තිස්ස අක්කටත් තිස්ස අය්යටත් සුභ විවාහ සංවත්සරයක් වේවායි මමත් සුභප්‍රාර්ථනා කරනවා ඕං............(සින්දු අහලා අක්කගේ කන් දෙකත් ඇහෙනවා අඩුද මංදා..හී...හී..)

    ReplyDelete
  33. අයියට උණුසුම් සුබ පැතුම්!


    අයියේ පුලුවනන්ම් මට මේ සින්දුව හොයල දෙන්නකො.......

    මම ආසම සිනදුවක් මේ....

    ගංගා..... එන්නකෝ ගංගා
    මං බලන ඉන්නෙ ඔබ එනතුරු ගංගා...
    Artist - Abewardana Balasuriya..

    ReplyDelete
  34. ඇනෝ මාව පරීක්ෂා කරන්න හදනවද...? එච්චර වැඩකට ඇති උත්සාහයක් නෙවී මට හිතෙන්නේ... සමහරුන්ට මේ වාගේ උන්මාදයන් තියනවා... මම සින්දු සොයාගන්න විදිහ ඔබට දැන ගන්න අවශ්‍යනම් කෙලින්ම කියන්න ඇනෝ... මගේ උත්සාහය නිතර දෙවේලේ නො ඇසෙන සින්දු නැවතත් ප්‍රචලිත කිරීම විතරයි... වැටෙන කමෙන්ට්ස් ගනනවත්, හිට්ස් ගනනවත්, Followers ලා ගනන වත් නොවේ මට වැදගත්... මම පරන සිංදු දන්න එකම කෙනා වීමේ ආසාවකුත් මට නැහැ... විනෝදෙට කරන මේ වගේ වැඩ වල අස් කොන් සොයන්න එපා හැංගිලා ලැජ්ජාවක් නැතුව.... ඔබ වඩා හොඳ දෙයක් කරන්න... මම කියන්නේ කේන්තියෙන් නෙවේ... මේ ඔබේ පලවෙනි උත්සාහයත් නොවන නිසාවෙනි... නිර්නාමිකත්වයට මුවා වෙලා ලැජ්ජා නැති වැඩ කරන්න එපා කරුණාකරලා... මම මේ කියන්නේ මොකද්ද කියලා ඔබ හොඳින්ම දන්නවා....

    ReplyDelete
  35. යංතං වැඩක්පලක් කරගන්න පුළුවං උනාම කරන පළවෙනි වැඩේ මේක...
    දෙන්නටම හදවතින්ම සුබපතනවා!...
    කතාකරලම සුබපතන්න උත්සහ කළත් මොකක් හරි හේතුවකට ඒක
    වැලකිලා ගියානේ...චිරාත් කාළයක් සුවෙන් සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා..

    ReplyDelete
  36. තිස්ස අයියා, මොකක්ද ඇනෝ කේස් එක..?? වලියක්ද..??

    ReplyDelete
  37. No no malli... not at all.... nothing serious... thanks for the concern...

    ReplyDelete
  38. අනේ මට සුභ පතන්න පරක්කු වුනානෙ අයියා... ඔය දෙන්නටම හද පතුලෙන්ම සුභ පතනවා... සියළු යහපත් සිතුම් පැතුම් සඵල වේවා කියලා!!!

    මාර වැඩේනෙ අයියා.. මමත් ඉතින් සහතිකේ අත්සන් කලේ ඔය අවුරුද්දෙ ඔය මාසෙම තමා... අවුරුදු 13ක්?.. අද ඊයෙ වගේ....

    ReplyDelete
  39. මොකද තිස්ස ඇනෝලා ඇනයක් වෙලාද??

    පුලුවන්නම් ඔය ඇනෝලට අර ප්‍රෙමකීර්ති ලියපු ෆ්‍රෙඩී සිල්වා ගායනා කරන "පාංකිරිත්තා" සිංදුවත් හොයල දීපං මචෝ.

    ReplyDelete
  40. අයියේ මං හිතන්නේ අයියට මාව මතක ඇති....
    එද කැම්පස් එකේදි මුන ගැහුනේ ධනිකත් එක්ක......
    කෝ ඉතින් කතා කරන්නවත් වුනේ නෑ නේ....
    කොහොම වුනත් අයියට සුබම සුබ අනාගතයක් ..............
    :)))))))))))))

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. කැලේ රජ්ජුරුවෝ; සිංහයා ලෙඩ වුනාම කැලේ සත්තු ඔක්කොම ගියා ලෙඩා බලන්න. එත් නරියා ආවෙ නෑ. ගොනා එහෙම සිංහයත් එක්ක ගතු කිව්ව. කොහොම හරි දවස් ගානකට පස්සෙ නරියා ගියා ලෙඩා බලන්න. සිංහයාට ටිකක් තද වෙලා; පමාව ගැන. ඇහුවා
    “ඇයි තෝ මෙච්චර දවස් ආවෙ නැත්තෙ“ කියල.
    “රජතුමනි හැම එකාම ආව තමා ඔබ තුමා බලන්න, එත් කවුරුවත් බේතක් හේතක් ගෙනාවද ඔබ තුමාට“.
    “හරි උඹ ගෙනාවද?“
    “ඒකනෙ රජතුමනි. මම හොයාගෙන ආව හොඳම බේත.“ ......
    ඇහැට කඳුලක් පුරන්නෙ නැතිව බලන්න පුළුවන් බ්ලොග් එකක් නෙමේ මචං මේ හද ගී පොත. අඩුම ගානෙ නාහෙවත් බර වෙනවා. ....
    මචං මටත් එයා මුණ ගැහෙන්නේ 1990දීමයි. (එහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි). ඒත් මචං අපි ටිකක් ඉක්මන් වෙලා. ටිකක් නෙමේ. වසර 4ක් විතර. උඩට උඩු වියන්, පාවඩ පයට ඇතුරුවේ 1993 දී. එදා ඉඳන් හැම දවසකම මිහිරි පෙම් කතා රහසින් කනට කොඳුරලා, .....
    සෙනෙහෙ ගඟ ගලනවා. මට හිතාගන්නවත් බෑ මචං මේ ගෑනු කොයි තරම් දක්ෂද කියල තවමත් ඒ පාවඩ, උඩුවියන් බඳින්න තරම් සුන්දරයි.
    මචං, උඹේ සටහන් කියවන විට බර වුනේ මගේ නාසය පමණයි. ඇය හැමදාම කඳුළු හැළුවා. අන්තිමටම නතර කරගත්තෙ වෛද්‍ය චරිත් ෆොන්සේකා ලවා ශල්‍යකර්මයක් කරවාගෙන. පසුගිය සති දෙකම රෝහලයි නිවසයි අතර දුර හරි අඩුයි.
    ඔබ පතන සැනසුමයි,
    මා පතන සැනසුමයි,
    ඒ දෙකම එක තමයි.
    එය, තිලිණ කොට පිදූ පිවිතුරු හදවතක් විනා,
    නොමැත ඒ අය සතූ සම්පතක් වෙනා.

    සෑම දිනයක්ම විවාහයේ සැමරුමක් වේවා...!

    ReplyDelete
  43. දෙන්නටම මගෙත් හදපිරි සුභ පැතුම්....
    "මම"
    මම දන්නේ නෑ

    ReplyDelete
  44. i wish you happiness, joy, and everlasting love. sorry for the delay ayya

    nethu

    ReplyDelete
  45. I wish you happiness, joy and everlasting love

    sorry for the delay

    nethu

    ReplyDelete
  46. තිස්ස මහත්තයෝ......

    අනේ දැන් ඉතිං අපි ගීත සාගරය පෙරළමු නේද???...ඔය සාංකාව යන්නත් එක්කල මේ යාළුවොත් එක්ක පොඩි සංඩුවක් එහෙම අල්ලමු අප්පා....
    අපිත් හරි පව් නේද අයියෝ...??? තමුන්නැහැත් පව්තමා ඉතිං...

    යාළුවනේ මොකද කියන්නෙ..දාමුද පහක්.....!!!

    "මේ ලෝකතලේ සුරකින සිරි විශ්ණු දෙවනේ...
    රැකදෙනු මැන අපෙ තිසා ගොයියගෙ ගීත සාගරේ..."

    සුලා..

    ReplyDelete
  47. තිස්ස මහත්තයෝ......

    අනේ දැන් ඉතිං අපි ගීත සාගරය පෙරළමු නේද???...ඔය සාංකාව යන්නත් එක්කල මේ යාළුවොත් එක්ක පොඩි සංඩුවක් එහෙම අල්ලමු අප්පා....
    අපිත් හරි පව් නේද අයියෝ...??? තමුන්නැහැත් පව්තමා ඉතිං...

    යාළුවනේ මොකද කියන්නෙ..දාමුද පහක්.....!!!

    "මේ ලෝකතලේ සුරකින සිරි විශ්ණු දෙවනේ...
    රැකදෙනු මැන අපෙ තිසා ගොයියගෙ ගීත සාගරේ..."

    සුලා..

    ReplyDelete
  48. ඇත්ත තමයි සුලා....ලොක්කා එනකල් අපිවත් ගීත සාගරේ කළඹමු.

    බිඟු වැළපීලා...මල් පරවීලා
    තරු ගිලිහිලා...සඳු සැඟවීලා
    අඳුරේ වෙලීලා....මග නොපෙනීලා
    තිසා ගොලු වෙලා
    අප තනිවෙලා.....

    ReplyDelete
  49. රත්තරන් තිසෝ අපේ රත්තරන් තිසෝ
    උඹයි අපිව ගීතවත් කළේ
    පියඹලා ගිහින් ලැගපු කූඩුවෙන් මිදී
    හනික වරෙන් පියඹලා තිසෝ

    ReplyDelete
  50. මන්ද නේන මන්ද නේන කාරණාව..යන්න අපේ වන්දනාව ..
    අපිට හරි පාළුයි ළමයෝ.....//

    ලංකාවට ගියාතමයි...මාසයක්ම හිටියා...
    කූඩුවේම ගාල්වෙලා ..ඒ ටිකදොහ ගෙවුණා..

    ආයෙත් දැන් ඇවිත් මෙහේ..ටිකදොහක්ම ගෙවුණා..
    ලියන්නෙ නැහැ කතාව නැහැ...හොරු අරංද මන්දා...

    ජීවිතයේ හැටි එහෙම තමයි...මක්කයි අපි විඳලා..
    පටන් ගනිමු දින ගනින්න..වරෙං තිසෝ දුවලා...

    මන්ද නේන කාරණාව..යන්න අපේ වන්දනාව ..
    අපිට හරි පාළුයි ළමයෝ.....//


    සුලා..

    ReplyDelete
  51. හුට්ට පටස් මෙතන ජොලි සාගරයයි නොවැ.. මං හිතන්නෙ තිසා ලොක්කා තවමත් ගමන් මහන්සියට ගිමන් නිවනවා වෙන්ටැ සද්ද බද්ද නැත්තෙ.. ෆේස්බුක් එක පැත්තෙනං කැරකි කැරකි ඉන්නවා දැක්කා ඕං.. :)

    ReplyDelete
  52. ඇස ‍රැඳුන ‍රැඳුන තැන්වල මුව මඩල හිනැහුනා
    පවුල බලලා ආවම අප මතක නැතිවුනා

    ReplyDelete
  53. එන්න මද නලේ ... ගොස් පවසන්න දුක අපේ
    බිඳින්න හැකි ඔබට පමණි .... නිහඬ බව මුගේ

    දිවා ‍රැයේ ගොලු වෙලා.....හද ගී පොත ගල් වෙලා
    කියන්නකෝ අපෙ දුක මුගෙ කණට කොඳුරලා

    ReplyDelete
  54. මුලදි බැන්ද ආදරයක මිහිර දැනී
    සැන්සීම සොයමු හද ගී පොත වට කරන්
    නිහඬ වෙලා හිටියත් තව කොයි තරම්
    අපි දාලා යන්නෙ නැහැ අපෙ සුදු රත්තරන්

    සුදු නංගිලා හිටියත් කොතරම් මෙහේ
    ඒ සැවොම නොවේ උඹ ගැන විපරම් කලේ
    බැරිම තැනයි සුලයි මමයි මේ ලෙසේ
    හද ගීපොත තරමක් උණුහුම් කලේ

    ශෝකය දුක ආවත්......

    ReplyDelete
  55. අනේ තිස්ස අයියෙ සමාවෙන්න ඕනෙ සුභපතන්න මෙච්චර ප්‍රමාද උනාට.
    දෙන්නටම උණුසුම්ම උණුසුම් සුභපැතුම්! :D

    එදා මාව බලලා යන්න ආවට බොහෝමත්ම ස්තූතියි! අයියෝ ඒ වුනාට ටිකක් හිතට හරි නෑ අයියත් එක්ක photo එකක්වත් ගන්න බැරිවෙච්ච එකට. ඒත් ඉතිං ඔහොම අයියාව කාලෙකට පස්සෙ හම්බෙලා කතා කර කර හිටපු එකම මදෑ නේද? ;)
    අර මට දීපු ගැජමැටික් එකටයි ගොඩේදි කාපු බීපු ඒවටයිත් ගොඩාක් ස්තූතියි හොඳේ! ඒවනම් කවදාවත් අමතක වෙන්නෑ. හි හි.. :D :D :D

    එහෙනං ඔන්න දෙන්නට ආයෙමත් ජයෙන් ජයම පතනවා. සසර සරනා තුරාවට සුවෙන් සැපෙන් වෙසෙන්නට වාසනා ලැබේවා!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets