ලංකාවේ සංගීත සම්භවය සොයා ගිය සී ද එස් කුලතිලකයන් මහා ගවේෂණයකට පසුව එනමින්ම පොතක් පල කර නවතින්නේ නැත. ඒ ඇසුරින් හේ නිර්මාණකරණයේද යෙදෙන්නේය. ඒ දල්වන පහන් එළි නව නිර්මණකරුවන්ට එලිදැක්වූවා පමණක් යැයි මම නොසිතමි. නිර්මාණකරණයේ යෙදීමට පෙර ශාස්ත්‍රයට අමතරව ඒ ශාස්ත්‍රයන් බිහිවූ පසුබිමද හැදැරීමේ වටිනාකමද ඒ හා සමානව ඔහු කියාදෙයි. නිර්මාණ බිහිකරන්නේ කා වෙනුවෙන්ද යන්න, ගබ්සාව, දැවැද්ද, දේව-අදේව වාදය වැනි පිළුණු මාතෘකා වුවද පෙට්ටගම් ඇවිස්සීමෙන් අහඹු ලෙස වටිනා දෑ හම්බ නොවන්නේද නොවේ. ගුණදාස කපුගේ ගේ හඬෙහි මා දකින විසේසයකි. පොඩියක් එහා මෙහා කරගෙන ඒ හඬ අපේම හඬක් කරගත හැකි ඉඩ කඩ ඉතා වැඩිය. 'අඳුරේ ඉන්නෙමි ලොවම එපාවී..' සිට 'සිටු කුමාරියේ නුඹට සීත අගුනයි...' හරහා ඕනැම ගීයක් සෘතියේ පිහිටා හෝ නැතිව අනායාසයකින් අපටම ගායනා කල හැකිය. ඒ හා සමාන හඬක් මීලඟට ඇත්තේ සේනානායක වෙහෙරලියැද්දයන්ටය. නිර්මාණකරනයේ යෙදෙන්නට පෙරම විකිනෙන්නට පටන් ගත් නිසා දෙවැනුව කී හඬ පොදු ජනයාගෙන් ඉවත්ව ඇතැයි හඟිමි. 'නංගීට බැඳපු මල් වියන..' පමණක් ඉතිරිව ඇත...
කලා විචාරය ගැන මා දන්නා අලබෝලයක් නැත. මම රසිකයෙක් පමණක්ම වෙමි. විචරකයා යනු නිර්මාණය රස විඳීමට උත්තේජනයක් ලබාදෙන්නෙකුයැයි කදිම නිර්වචනයක් සහෝදර බ්ලොග් කරුවකු වන නලීන් දිල්රුක්ෂ කියා තිබුණි. රස විඳීමේ දී සිතන පතන දෑ බෙදාහදා ගැනීම ආනන්දයෙන් ප්‍රඥවට යා හැකි තවත් ක්‍රමයකි.
ඔපෙරාව යනු ගීත නාටක බව අසා ඇත්තෙමි. ලංකාවේ ගීත නාටක කලාවක් තිබුණාදැයි ඇසුවොත් ඔපෙරා ගැන සිතා නම් උත්තර බැඳීමට බැරිය. එහෙත් දෙපානෝ, මූදු පුත්තු ඇසුරෙන් නම් එවන් ඔපෙරා හා ඊටත් කලින් සන්නි යකුමේ, කොහොඹා කංකාරීයේ ඉඳන් මනමේ නාඩගම දක්වාම මටනම් ගීත නාටක ඇත. බෙදා වෙන්කිරීම් ශාස්ත්‍රඥාණය ඇත්තවුන්ට හා විචාරකයින්ට භාර කරමු. අපට 'ඔපෙරා' වචනය නිර්මාණත් සමඟ හඳුන්වාදෙන්නේ ආචාර්‍ය කේමදාසයන්ය. 'කැන්ටාටා' යන වචනයත් ඊට පසු හෙතෙම හඳුන්වාදුන්නා මතකය.
ඊට බොහෝ කලකට පෙර එනම් 1963 දක්වා පෙර කාලයක කේමදාසයන් නිමැවූ 'කැලෑමල්' ගීත නාටකයේ ගීත පබැඳුම් කිහිපයකට, විමලවීර පෙරේරා නම් තරුණයෙක් සහභාගී වෙයි. ඔහු අල්ලපු ගමේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයානන්ගේ බාල පුතුය. පවුලේ ජ්‍යේෂ්ඨයා විමලසිරි පෙරේරා වන අතර ඔහුද සරසවියේ ආරම්භක කතුවරයෙක් වී ඇත. 1963 කැලෑමල් ගීත නාටකය නිපදවූ කේමදාසයන් ඊට සැහෙන කලකට පසුව ඔපෙරාවක් නිමැවීම වෙසෙසින්ම පැසසියයුතුය. තම නිර්මාණ බැංකුව හිඳෙන්නට පෙර හේ පටන් ගත් තැනින් ඉදිරියටම ගිරි දුර්ග තරණය කර රටේ ජනතාවට පල නෙලා දෙමින්ම, ඔහුගේ ගමන ගොස් ඇත. නමුත් 1963 දී ඔහු කැන්ටාටාවක් නිමැවූවානම් [ඒ පරිචය එවකට ඔහුට ගුත්තිල පඬිට ලැබුණු ගුලි මෙන් ලැබුණායැයි මොහොතකට සිතමු] ඒ කෙසේ ජනයා වැලඳ ගනුදැයි සිතීම භින්න රුචියුත් ඔබට භාර කරමි.
විමලවීර මහත්තයා ගැන කථා කිරීම ආශ්වාදජනකය. මාලිනී ෆොන්සේකා මුලින්ම රඟපෑ චිත්‍රපටිය පුංචි බබාය. තොරානා සමාගම එහි හොඳ කොපියක් වෙලඳ පලට නිකුත් කොට ඇත. මනරම් ගී ගොන්නකින් සමන්විත එහි තිර රචකයාද විමලසිරි මහත්තයාය.
"ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තොත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ..."
ගීයද ඔහුගේ කදිම නිමැවුමකි..
අද පලකරන මේ ගීය පාන්දරක අසිරිය ගැන කියාපාන්නකි... මගේ සිත් ගත් යෙදුම නම් 'තණ කොල' නොකියා 'තණ ගොබ' යැයි කීමය... පරිසරය ගැන අපූරු හැඟීමක් රචකයාට තිබී ඇත. කේමදාසයන්ගේ සංගීත මුසුවේ පසුබිමින් අසෙන බෙර නදත් කඩින් කඩ හැඬවෙන වයලීනයත් මේ ගීය කීවතාවක් අසුවද එපා නොවේයැයි සිතීමට කාරණාය. ධර්මදාස වල්පොලයන්ගේ හඬ තාරුණ්‍යයෙන් පිරී ඇත්තේය. මේ නිර්මාණකරනයට බට සියල්ලන්ගේම තුරුණු බව අරුණෝද වැණුමකින් හෙලිකලා වැණිය.
උදෙන්ම නැගිට, හිස්බඩ වතුර කෝප්ප දෙක තුනක් හෝ බී, වැසිකිලියට ගොස් බඩ නිදහස් කරගන්නා අද දවසේ තරුණ නිර්මාණකරුවනුත් එවන් අරුණෝදයක විශ්මය දකිත්නම් අපේ දරුවන් හැබෑම වාසනාවන්තයන්ය..!
සිරිකත එන මග ලා තණ ගොබ මත පිණිකැට අතුරාලා...
පිරිවර කඳුගැට ඈතින් හිනැහෙයි - මිහිදුම් සළු පොරවාලා...
හිරුරැස් කැටිවෙනවා - ජෝතිය දිලිසෙනවා...
තොල්පෙති පොපියනවා - සිරිදුව හිනැහෙනවා...
රතු සියපතෙකින් නිල් මහනෙලකින් කෙමියට පැණි පිරිලා...
මීමැසි තුඩකින් කඩිසර වැඩෙකින් ඒ පැණි මී පැණි වීලා...
පෙල පෙති පෙළගැසිලා - රජ පෙරහැර යනවා...
සිලිසිලි හඬ නංවා - රහසක් මුමුණනවා...
අඹ දළු ලෙලවා නෙක මල් නලවා සීත සුලං හමලා...
ජය සක පිඹලා වෙණ තත වයලා - හේවිසි බෙර හඬවාලා...
සිරිකත කැඳවනවා - ඇය පෙර මග එනවා...
සිලි සිලි හඬ දීලා - මගේ ගම පිබිදෙනවා...
ගීතය අහන්න... ඕන්නම් බාගන්න....

අම්මෝ ඇති යන්තම්... මගේ තවත් ප්‍රියතම ගීතයක්! බොහොම ස්තුතියි.
ReplyDelete(කලින් පෝස්ට් එක දාපු දවසේ ඉඳන් තාම කමෙන්ට් එකක් දාගන්න වචන ගලපගන්න බැරුව ඉන්නෙ.සමහර වෙලාවට කමෙන්ට් එකේ බාගයක් කොටලා අල්ලලා දානවා)
හෙහ් හෙහ් හෙහ්...
ReplyDeleteකොමෙන්ට් මොටෝ - සින්දුව ඇසුවාම මදෑ අප්පේ!
අනේ මමනම් අහල නැ.. දැන් අහන්නත් බෑ.. මට අහන්න තරම් උපකරණ නෑනෙ... වෙන දවසක අහන්නම්... මන් මේ විසුතර ලියල තියෙන ඒව ගැන දන්නෙත් නෑ... මට මතකෙ තියාගන්නත් බැ.. කොහොම මේව මතක තියා ගන්නවද මන්දා... පොතක් වත් දකුණු පැත්තෙ... නෑ නෑ නැතිව ඇති ;)
ReplyDeleteඒක නෙමේ... අර ඉස්සර ලස්සන ලස්සන අත්තර දාන සුලා කෝ?
මේක චිත්‍රපට ගීයක්ද? වෙන ගීතවලට වඩා වෙනස් වගේ දැනෙනේ සංගීතය නිසා නේද?
ReplyDeleteපද රචනය ලස්සනයි....ගායකයාගේ හඬත් කීවා වගේ තරුණ ජීවයෙන් පිරිලා. (වචන හොරකම් කරගත්තේ තිස්සගෙන්මයි ):D
බලන්ට උදෑසනත් සමාන කරලා තියෙන්නේ ගැහැනියකට නේද? මම කීවේ ගීයේ මුලු අර්ථයම ගත්තාම හොඳේ.
තනෝජා: හපොච්චියේ නෑගොඩ!!!!
ReplyDeleteපලිපාන මැතිනිය: මේක ගීත නාටකයක - ඔය විස්තර දාල තියන කැලෑ මල් නාට්ටියේ...
නැතිව නැතිව - බාලිකා ලොව මැලවුණදා මුලු ලොවටම කෙලවෙනවා කීවේ ඒකනේ අර සිත්තරපටියක ;-)
. නිර්මාණකරනයේ යෙදෙන්නට පෙරම විකිනෙන්නට පටන් ගත් නිසා දෙවැනුව කී හඬ පොදු ජනයාගෙන් ඉවත්ව ඇතැයි හඟිමි. 'නංගීට බැඳපු මල් වියන..' පමණක් ඉතිරිව ඇත...
ReplyDeleteඅන්න ඒ ටික මගෙ කණ පුරා ඇහුණා. දේශපාලනයෙන් ගිහින් වාණිජකරනය උනාට පස්සෙ ගමනක අවසානය අපි දැක්කා.
තැටිය ටිකක් පරණ නිසාද කොහෙද ගියේ මිහිරට වඩා සන්ගීතය වැඩියෙන් ඇහෙනවා වගේ . පද පෙළ අලංකාරයි . ජෝතිය කියන්නේ මොකක්ද . ඇත්තටම නොදන්නා වචනයක් .
ReplyDeleteඔපෙරා කියල නම ඇහුවේ නැතත් අර කිව අපට එවැනි දේ තිබුනා .
පුංචි බබා නම් බලල තියෙනව .
ඔය මොනවා වුනත් අර කලින් ලිපියෙන් පස්සේ යහතින් ඉන්න එක ගැන නම් සතුටුයි
ඔපෙරා කිව්වම මතක් වුනේ..
ReplyDeleteමේ ලදී අහුවුනානේ ලංකාවේ සීන් එකක් ගැන ඉස්ස්සර ලියපු ඔපෙරා එකක්. මෙන්න මේක http://en.wikipedia.org/wiki/Les_p%C3%AAcheurs_de_perles
යූ ටියුබ් එකේ සමහර පොඩි වීඩියෝ නම් තියෙනවා ඕනේ නම් අහල බලන්න.
සිරා ඩුවට් එකක් නම් තියෙනවා Perl Fishers Duet අහන්න වටිනවා
තිස්ස මල්ලි, ඔන්න අපේ ගමේ කෙනෙක් මේ. මම උපන්නෙ රත්තනපිටියෙ. අපේ තාත්තලා, විමලසිරි පෙරේරා එක ගමේ උදවිය. අද නම් ඒ ගේ තාප්ප බැඳලා පාළුවට ගිහින් වගේ තියෙන්නෙ. ඉස්සර අපි ඉස්කෝලෙ යත්දි අපි එක්ක කතා කරල එහෙම ඉන්න බොහොම නිරහංකාර මහත්මයෙක් එයා.
ReplyDeleteඑයාගෙ දරුවො අපිත් එක්ක සම වයසෙ පාසැල් ගියෙ. දැන් නම් අපි ඈත් වෙලා නිසා වැඩි විස්තර දන්නේ නෑ. මිස් නම් ඉන්නව මහ ගෙදර මයෙ හිතේ.
මේ නම් අපේ ගමේ සිරියාවම තමයි. අදටත් ඔය පිල්ලෑව හරියෙන් යන කොට උදේ පාන්දරම මේ විස්තරෙ දකින්නට පුලුවන්.
සිරිකත එන මග ලා තණ ගොබ මත පිණිකැට අතුරාලා...
පිරිවර කඳුගැට ඈතින් හිනැහෙයි - මිහිදුම් සළු පොරවාලා...
හිරුරැස් කැටිවෙනවා - ජෝතිය දිලිසෙනවා...
තොල්පෙති පොපියනවා - සිරිදුව හිනැහෙනවා...
ඈතින් සිරිපාදෙ කන්දෙ හෙවනැල්ල වැටිච්ච කඳුවලල්ල එක්ක මේ මිහිරි උදෑසනක ලස්සන නිතරම විඳගන්න පුලුවන් ගමක් නොවැ මේ ගම.
ධර්මදාස වල්පොලයන්ගේත් ප්‍රේමසිරි කේමදාසයන්ගේත් සුසංයෝගය මේ ගීයට මොනතරම් අලංකාරයක් එක් කරලද? බොහොම පින්! මෙවන් ගීත යලි යලිත් අපි අතරට ගෙනෙනවාට.
මමත් කැමති සිංදුවක් කාලෙකින් ඇහුවෙ
ReplyDeleteතිස්ස අයියට පිං සිද්ද වෙන්න.......
කපුගේ ගෙ හඬ ගැන කියපු ටික නම්
ඇත්තම ඇත්ත තමා.
තිස්ස අයියා දැනටත් අහනවද මන්දා
නැත්තම් අහල බලන්න නරකම නෑ අද හැටියට
http://www.kirulaonline.com/
සරත් : ඒකනේ මහත්තයෝ. ප්‍රශස්තියෙත් ක්‍රමයක් ඇත. ඒත් තමන්ගේ සලකුණ පිහිටුවාගන්න කලියෙන්ම එහෙම කලාම රසිකයන්ගෙ හිත් පෑරෙනව. අමාරු කාලෙක තමන්ගේ හැකියාව විකුණුවට ඉතින් මක් කරන්නද - ඔය වකුගඩ්ඩ විකුණලත් හදිසියට සල්ලි සොයාගන්න අය ඉන්නව නෙව . දැන් ඉතින් වෙහෙසෙන්නේ නැතිව මුදල් සොයන්න කාටත් නොයෙක් ක්‍රම ඇත. නැතිවන දේ ගැන ඒ අයට සැලකීමක් නැත.
ReplyDeleteබින්දි: ප්‍රභාසම්පන්න බව කියලයි මම දන්නේ - සින්දු කියූ කෙනා නෙමේ ඈ? කටදෑ ඔය පුංචි බබා කීවේ දැන් :-)
Grey : අඩේ ඒකේ සැහෙන්න විස්තරයක් තියනව නෙව...
මම උන්නේ 'එව්ජින්' නාඩගම ගැනදෝ කියල මේ කියන්නේ - සොයා බලන්ට ඕන
Chandi: අන්න first hand information . අපට හම්බවෙන්න පුලුවන් වේවිද එයාලව වෙලාවක අක්කේ?
නිශ්: නිශ් ඉතින් හොඳ රසවතා නෙව... ඔව් විඩෙන් විඩේ ඕකයි තරු එෆ් එම් එකයි අහනව - ස්වදේශීය සේවේ තමා වැඩිපුර අහන්නේ මලේ...
පුංචි බබා චිත්‍රපටිය මට බලන්න බැරි උන, බලන්න ආසාවෙත් ඉන්න චිත්‍රපටියක් .
ReplyDeleteගීතයත් රස වින්ද . අමතකව තිබුන ගීතයක් .ගීත සංකල්පනාවත් ගොඩක්ම ලස්සනයි ගායනය වගේම .
සිංදුව ඇහීම පසුවට, විස්තරය නම් බොහෝම අගේය.
ReplyDeleteකලින් පොස්ටුවට සටහනක් ලියන්න ඕනෑම විය, කනෙක්ෂන් එක හරස් වුනි.
විස්තරයේ නම් ගොඩක් දේ හිතන්න තියේ..සින්දුව නම් මගේ හිතට එතරම් ඇල්ලුවේ නෑ..සමහර විට කට හඬට වැඩි ඉඩක් දීලා සින්දුවේ සමබරතාව නැතිවෙලා කියලා හිතෙනවා..
ReplyDeleteමම පාසල් යන කාලේ නතර වෙලා හිටිය බෝඩිමේ අංකල්ගේ (සෝමෙ අයියා) ප්‍රියතම ගායකයා ධර්මදාස වල්පොල. ඒ නිසා එයාට පිං සිද්ධ වෙන්න ධර්මදාස වල්පොලගේ ගීත සියල්ලම වගේ මොන විදිහකට හෝ අහන්න ලැබුණා. ගුවන් විදුලියේ ධර්මදාස වල්පොලගේ ගීතයක් ප්‍රචාරය වුනොත් සෝමෙ අයියට වැඩිම වුනොත් මිස් වෙන්නේ පේලි දෙකයි. ඉතිරි ටික කොහොම හරි රෙකෝඩ් කර ගන්නවා. මේ ගීතයත් මම ඇහුවේ සෝමෙ අයියා හවසට හීනියට අඩියක් ගහල කළුවරේ ඉඳගෙන රසවිඳින වෙලාවට, ලෑලි බිත්තියෙන් මෙහා පැත්තේ ඉඳගෙන 'පාඩම්' කරන ගමන්.
ReplyDeleteසෝමෙ අයියටයි මටයි ගීත රස විඳීමේ ක්‍රම දෙකක් තිබුණේ. කොච්චර ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් වුනත් සෝමෙ අයිය ගීත ඇහුවේ නිශ්ශබ්දව. ම් ම් කියල තාලෙ අල්ලනවවත් ඇහිලා නෑ. ඒ වුණාට ගීත ගායනා කිරීමේ හැකියාව ඍන අගයක තියෙන මම ගීත රසි වින්දේ පුළුවන් හැම වෙලාවකවම ගායකයාට සමගාමීව ගීතය ගායනා කරමින්. ඒක දන්න නිසා වෙන්න ඇති (සමහරවිට) සෝමෙ අයියා මම අහගෙන ඉන්නවා කියල දැනුන හැම වෙලේම හැම ගීතයක්ම දෙවරක්වත් එක දිගට ප්‍රතිවාදනය කරනවා.
මම වචන වරද්දනකොට නිවැදි වචනේ හයියෙන් කියනවා. මේ ගීතයේ මට වැරදුනු තැන් දෙකක් තිබුණා. 'පිරිවර කඳුගැට ඈතින් හිනැහෙයි - මිහිදුම් සළු පොරවාලා...' පදයේ මිහිදුම් සළු පොරවා.. කියල මට කියවෙන්නේ. ඊ ළඟට 'ජය සක පිඹලා වෙණ තත වයලා - හේවිසි බෙර හඬවාලා...' පදයේ බෙර හඬලා කියල කියන්නේ. ඒත් ඒ ප්‍රමාණයම තියෙන 'මීමැසි තුඩකින් කඩිසර වැඩෙකින් ඒ පැණි මී පැණි වීලා...' පදය වරදින්නේ නෑ.
තිසා ඔබනම් නියමම සහළානයෙක්. මේ ගීතය සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණේ. ඒ ගීතයත්, ඒ සමග බැඳුනු මගේ ජීවිතේ අත්දැකීමකුත් නැවතත් මතක් කරල දුන්නාට ඔබට පිං සිද්ධ වේවා.
(අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැනැ විලිකුළු කිරළාන
පැසී නැම කරල් රත්හැල් සහළාන
වඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන
39. කවිය සැලළිහිණි සංදේශය,ශ්‍රී, රාහුල හිමි)
ගිම්හානී: සිත්තරපටිය තොරානා එකේ තිබේ - ඔබ උපයන මුදලින් පුංචි රුපියල් 750කින් ඒ ඩී වී ඩී පට ඔබ සතු කරගත හැකියි ;-)
ReplyDeleteගල්මල්: හපොයි මහත්තයෝ - ආවත් මදෑ ඔබ ඔය අව් අස්සේ..
රූ: මේ ගීයට දැන් අවුරුදු පණහක් රූ නෝනේ - හඬ, සංගීතය, තාක්ෂණික පැත්ත ගිලිහිලාම ගිහිල්ලා - මට දැනුනේ මේක දළදා පෙරහැරේ ගීයක් / කවි ගායනාවක් වාගෙයි
බන්ධුල: බන්ධුල මහත්තයගේ මඩිස්සල්ලෙන් හුණු බිංදක්වත් තාම එළියට දාලා නෑ කියලයි මට හිතුනෙ ඒ රසාලිප්ත අතීත කථාව ඇහුවම. ඒ මිනිස්සු නිහඬවම අපේ ජීවිත වලට මොනතරම් දේ එකතු කරල තියේද නේද මහත්තයෝ?
අපිට ගිහින් හමුවෙන්නට පුලුවන් වේවි මල්ලි. කවුරු ගෙදර ඉන්නවාද? කියල දන්නෙ නැහැ, නමුත් සොයා බලන්නට පුලුවනි මහ ගෙදර ඒ පැත්තෙම නිසා. විස්තර දන්වන්නම්.
ReplyDeleteදැන් යනවා දෙරණේ ඩ්‍රීම්ස්ටාර් කියලා රියැලිටි ශෝ එකක්... ඒකේ පසුගිය සතියක ගියා 60 දශකයේ ගීත.. පටන් ගත්ත වෙලේ ඉඳන් මතක් වුනේ තිස්ස අයියාව.. වාදක මඬුල්ලත් ඔරිජිනල් මියුසික් දෙන්න උපරිම උත්සාහය දෙනවා.. මේ තියෙන්නේ ඒ වැඩ සටහනේ මම ආස කරපුම ගීතය.. චූටි කොල්ලෙක් කියන්නේ....
ReplyDeletehttp://www.youtube.com/watch?feature=player_embedded&v=-DEkbpkJ8wA
තිස්ස අයියගේ පෝස්ට් සහ දෙන සින්දු ගැන මොනවානම් කමෙන්ට් කරන්නද? නිකන් කේමදාසගේ සංගීතයක් ගැන අජිත් මුතුකුමාරණගේ විචාරයක් වගේ තියේවි...
ප.ලි. හැබෑට අර තනෝජා අක්කා ඇහුව වගේ කෝ හලෝ සුලෝ....
Chandi: යසයි - ජයවේවා... [කල් ඇතිවම ඉස්තූතිය අක්කේ]
ReplyDeleteඅභීත: ඔය ප්‍රෝග්‍රෑම් එක ගැන අකාස කුසුමුත් මට කීවා.. මේ දාල තියන ලින්ක් එකේ තරුණයගෙ කටහඬත් නිකම් පෙරලා වාගේ නේ? හරිම අපූරුයි. ඉතිරි එව්වත් බලන්න ඕනේ. ස්තූතියි ලින්ක් එකට අභීත.
ධර්මදාස වළ්පොල මගෙත් ප්‍රියතම හඩ ස්වරයක් තිසා අයියේ. මතකනේ මීට කලින් මම මෙයාගෙ සිංදුවක් ඉල්ලලා තියෙන්නේ.
ReplyDeleteඊළගට උදෑසන ගැන, හප්පේ මට නම් පාන්දරින් නැගිටින්න හිතෙන්නෙම නෑ ..ඒ උනත් අපේ ගම්වල ඇත්තන්ට උදෑසන කියන්නෙම දවසේ සෞභාග්‍යමත්ම කාලය නොවැ. කුමාරතුංග මුනිදාස ලියපු 'ඇසෙන්නෙ 'කා කා හඬ හැම පැත්තෙන් ' කියන ගීතය තමයි උදෑසන ගැන මට දැනෙනම ගීතය.
එතකොට අර බින්දි අහලා තිබුණනේ 'ජෝතිය' ගැන ඔය වචනෙ මම මුලින්ම දැනගත්තේ කුඩලිගමගෙ වැස්ස කවි පන්තියෙන් ..ඒකේ එක තැනක් තියෙනවා 'ජෝතිය ලැගුම් ගත් ළා තණ පිටිය උඩ 'කියලා. එතන නම් ජෝතිය කියන්නේ කාන්තිය කියන එකයි. මම හිතන්නේ මෙතනත් එහෙමම තමයි.
ජෝතිය ජෝතියා කියලා කියන එක හරි නැහැ නේද තිස්ස මහත්මයා. ඔබ වැනි අයකු මෙවැනි අඩවියක අනිත් අයත් උසිගන්වගෙන ඇයි අපේ කලාකරුවන්ට ගරහන්නේ.. මේක මටනම් කිසිසේත්ම ඉවැසිය හැකි දෙයක් නොවේ...
ReplyDeleteජෝති පාල මහත්මයා කියන්න.. මහත්මයා කියන්න...
:)
( ජෝතිය කියන වචනේ යෙදෙන්නේ දිදුලන..දිස්නේ ගසන..දීප්තිමත් කියන අරුතත් එක්ක... වීදුරුවකට හෝ ජල තලනකට හෝ වැටෙන හිරු රැස් පරාවර්ථනය වීමෙන් උපදින ඇස් කඩාගෙන යන දීප්තිමත් ගතියත් ජෝතිමත් යනුවෙන් යෙදෙන වග කොහේ හරි කියෝලා තිබුනා... )
රතූ: හැබෑටම ඒ සින්දුව මට දෙන්ට බැරි වුණානේ :-(
ReplyDeleteවර්ණවත් බව, ප්‍රභාෂ්වර බව, කාන්තිමත් බව, ඔය ඔක්කොටම යෙදෙන වග දැක තියේ.. මමත් උදයට බොහොම කැමති කෙනෙක්.. හැන්දෑව දුක්මුසු බවක් ගෙන එනවා..
මාරයා මහත්මයා: වරක් සෙරෙප්පු සුප් හෝ රස බලන්නෙමැයි ප්‍රශස්ති ගායනා කල ගරු ඇමැත්තෙක් අමරදේව මහත්මයාට 'ඈ ගොයියෝ ඔය සින්දු කිය කිය ඉන්නේ රක්සාවක් කරන්ට කැමත්තක් නැද්ද - ඊටත් වඩා අර "යසෝ කැලුම් වර ජෝතිය.." කිය කිය ජෝතිපාලට අඩන්තේට්ටම් කරන්ට කොල්ලෝ කෙල්ලන්ට [යසෝ / කැලුම්] කථා කර කර ඇනුම් පද කියන්නේ ඇයි...' කියල ඇහුව කියල රයිගම් රාල ලියා තිබ්බා 1980 ගනන් වල... ;-)
ලස්සන සිංදුවක්.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ගොඩවැදුනේ ආයෙම එන්නම් ලස්සන සින්දුවක්
ReplyDeleteතවත් මියුරුතම ගීතයක්! අපූරුයි තිස්ස මහත්තයො, ඕබතුමාට වැඩි වැඩියෙන් සින්දු දමන්නට කාල වේලාව ලැබේවා යන්න එකම පැතුමයි!
ReplyDeleteගීතය අසා බාගත්තෙමි. සරල මියුරු රසයක් වින්දෙමි.
ReplyDeleteD.
තිස්ස මේ සුපිරිම අඩවියක්නේ දැන් හැමදාම එනවා මේ පැත්තට.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
Praසන්ன: ස්තූතියි මචෝ..
ReplyDeleteකෝරලේ මහත්තයා: ආයුබෝවන්ඩ කියල පිලිගත්ත එහෙමනම් - කදිරාගෙන් පරේසමෙන් යන එනකොට :-)
Naleen Dilruksha: ඔබ කවුදෑ කියලනම් ඉතින් දැනගත්තා කලින්ම - ස්තූතියි සහෘදයා
මේක කලින් අහල තිබුනෙ නෑ. තිස්සට ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට. උදෑසන ගැන ලියවිච්ච සින්දු කියන කොට මට මතකෙට එන්නෙම කරුණාරත්න දිවුලගනේ මහත්මයගෙ 'ගමට කලින් හිරු' ගීතය.ඒක තියෙන්නෙ අම්ම ගැන මිසක් උදෑසන ගැන නොවුනත්, උදෑසනින් නැගිටලා අපිට ඉස්කෝලෙ යන්න කලින් කාල යන්න බත් උයල, කෑම ලැස්ති කරල, ඔක්කොම ගෙදර වැඩ ටික කරල එයත් රැකියාවට යන අම්ම නැතුව උදෑසනක් ගැන හිතන්න බෑ. ඒ නිසා වෙන්නැති උදෑසන ගැන කියපු ගමන් මට අම්ම ගැන කියන ඒ සින්දුව මතකෙට එන්නෙ.
ReplyDeleteඅර අයිවෝ ඩෙනිස් මහත්මයගෙත් තියෙනව නේද මේ වගේ සින්දුවක් (මෝඩ කතාවක් නම් ගනන් ගන්න එපා හරිද) අර ම්හිකත නලවාලා ද කොහෙද කියල එකක්.. මට මේ සින්දුව අහද්දි ඒක මතක් වුණා.. මම හිතන්නේ අර අන්තිමට තියෙන ලා කෑල්ල නිසා වෙන්න ඇති..
ReplyDeleteමුහුදු: අම්මලා ඉතින් හිරුටහ් කලින් අවදිව හිරුට පස්සේ නිදාගන්න උදවිය තමා... කොහොම වෙන්කරනද ඒවත් එක්ක බැඳුනු අනෙක් දේවල්.. ස්තූතියි මචන් ලස්සන අදහසට
ReplyDeleteපැතුම්: මොකද පැතුමෝ උඹ කියන එව්ව ඉතින් අප කොහොමත් ගනන් නොගෙන ඉන්නේ නෑ නෙව - හරි නේන්නම් මුල අග දෙකම එකවාගෙ තමා දෙකේම...
අද බහුතරයක් තරුණ නිර්මාණකරුවන් අතින් අපේ දරුවො වාසනාවන්ත වෙයි කියල නම් පේන්නෙ නෑ තිස්ස..කණගාටු උනත් පේන්න තියෙන ඇත්ත ඒකයි..වෙනස්ම කාලෙක, දේශෙක, සංස්කෘතියක වෙනස්වම ගැහෙන හදවත් වලින් ඉපදෙන නිර්මාණ වලට වචන ඔබ්බලා භින්න වෙච්ච හරයන් එලි දක්වන්න ඔවුන් දඟලන උත්සාහය හාස්‍යජනකද පිළිකුල් සහගතද දුක්ඛදායකද කියලා හිතෙන්නෙ ඒ වෙලාවෙ අපේ හිතේ තියෙන ගැස්ම අනුවයි.. බහුතරයකගේ තත්වය ඒකයි..සුළුතරයක් මෙයින් වියුක්ත වෙලා ඉන්නවා..ඒකෙන් වත් අපි බලාපොරොත්තුව නැති කර ගන්නෙ නැතුව ඉමු නේද ?
ReplyDeleteහ්ම්ම්.. හරිම හෘදයංගම කොමෙන්ටුවක්නේ වෙනී..
ReplyDeleteමෙව්වට කෙටි උත්තර කොහෙද නේද?
මම ඉතින් පුලුවන් හැමදේම කරන්න බලනවා මගේ කිට්ටුවන්තයන් හරහා..
රටම හදන්න බෑ නෙව - කිට්ටුවන්තයෝ හරහා වත් අපට ඒ වාගේ පසුබිමක් හදාගන්න උත්සාහ කරනව..