ඈත කඳුවල ගලන දොල බඳ...


කලින් පෝස්ට් එකේ වුනු සංවාදය මගේ හිත පැහැර ගත්තා...නිර්ණාමික කමෙන්ට් ගැන පොදුවේ මගේ පැහැදීමක් නැතිවුනත්, ඒ තැනැත්තා හැබැයි කවුරු වුනත් යහපත් සංවාදයකට මග පෑදුවා... හිතේ නරකක් නපුරක් නැතිව, මට තේරුණු විදිහට...

සිතින් නොසිතින් හිටියත්, මාලු දැල අදින්නෝ, තම වීරිය අවංකවම දැලේ වරපට මත මුදාලිය යුතුමයි... නැතිනම් සියලු දෙනාගේම අඩු වැඩි වන වීරියත්, කාලයත් අපතේ... කලින් වතාවක කිව්වා වාගේ, මම කිහිප වතාවක මාලු දැල් අදින්න අත් උදව් දීලා තියනවා... ලේසි වැඩක් නෙවෙයි.... රිද්මය නොබිඳිය යුතුයි... නැත්නම් අනෙක් අයගේ ශක්තිය විසින් ඔබව ඉවතට තල්ලු කරනවා... මෙහෙයවන්නාට සවන් දියයුතුයි... නැත්නම් පි‍ටුපසට ඒමත් පැත්තට ඒමත් කල යුත්තේ කොයි වෙලාවේද කියා තේරෙන්නේ නෑ... අවංකව ශක්තිය මුදා හල යුතුයි.... අඩමානෙට අල්ලන් හිටියොත් තමන්ගේම අත කැපෙනවා... අපිත් පුංචි පහේ දැලක් ඇද්දා නේද?

ලක්ෂ්මී පෙරෙරා හා මැතදී අප අතරින් වියෝවූ රෝහිත විජේසූරියන් ගායනා කල මේ මනරම් ගීතය මගේ හිතේ කොණක තැන්පත්ව තිබුණා....

ඈත කඳුවල ගලන දොල බඳ...
ගොලුවෙලා හද ආදරේ...
වසන්තය යලි උදාවනදා...
පතන්නෙමි ඔබේ ආදරේ...

ළහිරු එළියේ කුරුල්ලන්ගේ මියුරු ගී රද ආදරේ...
අපට එක්විය නොහැක එනමුදු සදා නොමියයි ආදරේ...

සැන්දෑ අඳුරේ පුරුදු බටලී රාව මතුකල ආදරේ...
ඇසේ කඳුළැලි සුසුම් අතරින් නිවෙයි හද පිරි ආදරේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...

44 comments :

  1. ලස්සනයි අයියා ගීතය෴
    මම මේක හොරකමි කරනව෴
    පින්තූරෙත් හරිම හැඩයි෴

    ReplyDelete
  2. පූර්විකාව පවන් සලයි! ගීතය නද තලයි, සුපිරි හතයි.

    ReplyDelete
  3. හ්ම් හ්ම් ..........
    මොකද අප්පා නැකි වෙලා වගේ....

    "වසන්තය යලි උදාවනදා...
    පතන්නෙමි ඔබේ ආදරේ...
    වසන්තය තියෙන්නේ හිතේ.. හිතේ නැතිව ගතේ විතරක් වසන්තය තිබිල පලක් නැහැ. අනික හිතේ වසන්තයක් නැති කෙනා ගේ ගතේ කොහෙද වසන්තයක්...

    "අපට එක්විය නොහැක එනමුදු සදා නොමියයි ආදරේ..."
    ම් ම් ... යිකක් හිතන්න වෙන දෙයක්...

    "ඇසේ කඳුළැලි සුසුම් අතරින් නිවෙයි හද පිරි ආදරේ..."
    මේ තමයි නියම අරුථ. ආදරයක් කරන්න ඕනි හිත නිමෙන්න මිසක් හිතක් ගිනි ගන්නවත් , හිතක් ගිනි තියන්න වත් නෙමෙයි.

    මේ දේවල් කීවෙ අයියට නෙමෙයි හොඳද..
    ගීතය ගැන මගේ අදහසයි කීවේ...

    ReplyDelete
  4. ගීයේ වදන් මතක නැති උනාට සරළ තනුව නම් ඔළුවෙ කොහේ හරි තිබුනා. වදන් වල අරුත ගත්තම තනුවෙ සරළ සුන්දරත්වය වැඩි වැඩියෙන් දැනුණා.

    ReplyDelete
  5. නිර්ණාමික කමෙන්ට් ගැන පොදුවේ මගේ පැහැදීමක් නැතිවුනත්, ඒ තැනැත්තා හැබැයි කවුරු වුනත් යහපත් සංවාදයකට මග පෑදුවා... හිතේ නරකක් නපුරක් නැතිව, මට තේරුණු විදිහට...

    Thank you Tissa..

    Another nice song.. Thanks again..

    No comments this time...

    ReplyDelete
  6. @තිස්ස

    මමත් එකගයි. සාමානයයෙන් Anon comment කරන කෙනෙක් ගාව නොතිබෙන සංයමයක් එයාගෙ පිලිතුරු වල තිබුනා. කොච්චර profile හදාගෙන තිබුනත් අපි හුගදෙනෙක් එක්තරා විදිහක Anon තමයි.

    @Anon

    වැරදිලාවත් අපේ comment සැර වැඩි වුනානං සොරි වෙන්න ඕනා ආයිබෝං ( ඒක මේ උපන්ගෙයි මූලග්ගිනිය නෙව). අපිත් ඉතිං හැමදාම අලුතිං යමක් ඉගෙන ගන්නවා නොව. අකමැත්තම් නැත්නං , කැමති විස්තර ටිකවත් දැම්ම නං, අපටත් බලාගන්න.

    ReplyDelete
  7. හරිම ලස්සන ගීතයක් අයියේ. හුඟක් රසවින්දා... ස්තූතියි ඔබට

    ReplyDelete
  8. @wath: හොරකම් කරන්න මගේ දෙයක් නෙවෙයිනේ...
    කවදත් වාගෙම ඉතින් වත් ගේ කථාව කෙලින්..

    @ගල්මල්: සරල වුනාට ලස්සනයි ගීය නේ...?

    @nethu: පිදුම ගොලුවූ කවි සිතට....

    @Ano: අපිත් එක්ක ඉන්න... ඔබ දැන හඳුනාගන්න කැමතියි... මම මෙතන tissa1969@yahoo.com...

    @Siribiris: ආයිබෝං... ම්ම්ම්... ටිකක් විස්තර දැන ගත්තහම හිතට කිට්‍ටුයි නේද... ලියන දෙයක ඇති හැඟීම් වල "බර"වඩා හොඳින් තේරෙනවා.... නැත්නම් ටිකක් විතර අකුරු ටිකක් විතරයි සිරිබිරිස් අය්යේ... සංවාදයට මග පාදන බව හැබෑව.... මා කියා දෙය ඔබටත් ඔබ කියන දෙය මටත් වඩා හොඳින් පැහැදිලි වෙනවා... විස්තරයක් දන්නවනම්...
    (උපන්ගෙයි මූ.... හපොයි මං හිතුවේ මෙතන මට විතරක් තියෙන ලෙඩක් කියලා... එකම රෑනෙ කුරුල්ලන්ට තියන ලෙඩ අම්මපා...)

    @msenarath: මම ඔබේ ගෙවල් පැත්තෙත් ගියා... නිර්මාණශීලී නිවහනක් නේ එතන... පිලිවෙලයි...

    ReplyDelete
  9. වසන්තය යලි උදාවනදා...
    පතන්නෙමි ඔබේ ආදරේ..

    Hmmm......

    @Siribiris ... No hard feelings.. I think I met very nice group who enjoy songs and their thoughts..

    Thanks all, for the nice conversation.. Siribiris, Yogi, Freedom, Sula, Gal mal Coral, Wath and Nethu...
    Thanks again

    @ Tissa.. I will write about me later..

    Who am I?? "අතීතය අනාගතය පසෙක ලා වර්තමනයේ ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්,"
    අපි දෑනට එහීම තියමු...

    All the best!

    ReplyDelete
  10. අනාගතය කෙසේ වෙතත් සහෝ, අතීතය පසෙකලා වර්ථමානයෙ ජීවත් වන්නට දරන උත්සාහය බොහොම හොඳ දෙයක් වර්ථමානයට වඩා අතීතය ක‍ටුක නීරස අසුන්දර මතකයක් නම්. එවිට ඔබට අතීතය පසෙකලා වර්ථමානය විඳිය හැකියි. සුන්දර වින්දනීය අතීතයක් ඇති අයෙකුට එය එසේ නොවෙයි. ඒ අය අතීතයෙ සුන්දරත්වය නැවත අනුස්මරණය තුලින් හෝ එය වර්ථමානයේ සැබෑවටම අත්ව්ඳින්න උත්සාහ කිරීමෙන් වර්ථමනය ව්ඳිනවා.

    මේ හද ගී පොතේ අප අහන අතීතයේ අපි රස විඳපු ගී අද වත්මනෙහි අපට ඇසෙන ගී වලට වඩා අගනේ යැයි සිතන පිරිසකුත් මේ හද ගී පොත වටා රොක්ව සිටිනවා. අතීතයෙ ඒ ගී වල රස නොවිඳි අයෙකුට වර්ථමානයෙ ඇසෙන ගී රසයෙන් මත් විය හැකි වුවත්, ඒ රස හොඳින් දැනුණු අයට එම අතීතයෙ ඇසූ ගී පසෙකලා වත්මන් ගීයෙන් මත් වෙන්නට බෑහැ.

    However, I like the way you wobbled the rythem of "Hadha Gee Potha" without damaging its harmonious melody.

    Stay with us buddy.

    ReplyDelete
  11. @ Pali.. You hv a different view...
    වර්ථමානයට වඩා ක‍ටුක නීරස අසුන්දර මතකයක් නම්. එවිට ඔබට අතීතය පසෙකලා වර්ථමානය විඳිය හැකියි.

    My අතීතය was wonderful, because I enjoyed it..

    That is not the point, Whether your past was good or bad, it is gone, there is nothing good or bad you can do about it. Future.. we don't know.

    But the present, look around, how wonderful it is.. this moment, can you see the real beauty..

    Good to enjoy the music without getting addicted, as far as you know the limit, you are fine. Don't you think?

    ReplyDelete
  12. ඉතින් හරිනේ.... වර්තමානය සතුටින් ගෙවන කෙනාගේ අතීතයත් සතුටුදායක වෙනව ඉඹේම. ඈයි අද තමයි පස්සෙ කාලෙක හෙට වෙන්නේ ...
    වර්තමානය තමයි අතීතයට යන්නේ...

    එයා හරි ෴

    ReplyDelete
  13. @ Wath... එතකොට ආනගතය... මොකද හිතෙන්නේ.

    ReplyDelete
  14. අද සතුටින් ඉන්නව නම් අනාගතය ගැන කුමන කතාද? අද සතුටින් ඉන්න කෙතා හෙටත් සතුටින්.
    හෙට මැරෙන්නත් පුලුවන්. මොනා කරන්නද? ඒව නතර කරන්න නම් time machine එකක් ගේන්න වෙයි...

    ReplyDelete
  15. වැදගත්ම දේ තමයි ලැබිල තියෙන දෙයින් සතුටු වෙන එක. නොලබුනයි කියල මක් කරන්නද? හැබැයි ඉතින් උත්සාහයක් නොදී නතර වෙන කෙනත් මෝඩයා.....
    පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනි...
    අපි කවුරුත් දන්නෙ නැති වුනාට අපි ළඟ තියෙන ගොඩක් දේවල් අනිත් අය ළඟ නැති වටින දේවල්. ඒත් අපි වැඩිය බලන්නෙ අනුන් දිහා. අනුන් බලන්නේ අපි දිහා.
    මට ඒතෙනුත් සතුටු වෙන්න පුලුවන් ක්‍රම තියනව.
    උදාහරණයක් කීවොත්...
    අපේ කාර්යාලයේ ඉන්නව කිරි පැණි කන්න හරිම ආස කෙනෙක්.
    ඉතින් මම කරන්නේ අපේ ගෙදරට කිරි පෑණි ලැබුනම ටිකක් එයාටත් අරන් යනව....
    එයා ඒව හරි ආසාවෙන් කනව.එයාගේ සතුට දිහා බැලුවම මටත් සතුටුයි...
    ඉතින් අනාගතය කියන්නෙත් හෙට උදාවන අද දවස නේද?
    ප්ලෑන් ගහල කඩා වැටෙනවට වඩා එන විදිහට මූන දෙන්න මම කැමති.

    ReplyDelete
  16. @ Tissa, hope I'm not spoiling your blog..

    ReplyDelete
  17. @ Wath... I'm with you, but not 100%

    If you are in the present, your thoughts are fully enjoying the the present moment, then you see where your thoughts and energies are moving.

    There is no place for the future nor the past..

    Worth a try, don't you think?

    ReplyDelete
  18. මම ඇයට ප්‍රේම කරමි…ඊයේද,අදද,හෙට දිනයේද,කාළ නිර්ණයක් නොමැතිවද,සීමා මායිං හෝ දිගක් පළලක් නොදැන උවද..ඇගෙන් ලැබෙන ආදර සංග්‍රහයන්ට,චණ්ඩ රළු පරළු භාවයට දිවි දෙවැනි කොට ආලය කරමි…

    ගෙවූ ගිම්හානයේදී ඈ මට වද දුන් තරම්..!විෂ කැටි වූ වියළි එහෙත් උණුසුම් සුළං රැල්ලෙන් මා පෙලා දැමුවාය…ගතේ දාහය…සා පිපාසාව නිවාගැනීමට එකදු ඉඩක් නොතබා පැන් පොදකින් තොලකට දොවා ගැනීමටද තහංචි දැමුවාය…නමුදු මම ඇයට ආලය කෙලෙමි…

    ඒ කටුක වූ ගිම්හානය කෙළවර වසන්තයේදී ඈ හා අතිනත ගැනීමට සිහින මවමි…

    ඒ වාසනාවන්ත වසන්තයේදී ඈ…..

    බිම් කළුවර තුරන්ව මෙලොව එළි පෙහෙළිවන නිමේෂයේ උඩැක්කි,තාලම්පට වීණා වයනු ඇත….නා නාවිධ වර්ණයන්ගේ සුපුෂිපිතව සුවඳ විහිදුවන මාලා දාම වලින් මා පුදනු ඇත…හිරු ක්ෂීර සාගරයේ කිමිදෙන හෝරාවේ මහදේ අපූරු සිත්තම් රටා මවමින් සුපුරුදු බට නළා රාවයන්ගෙන් දෙසවන් සනහා මා නිදිගන්වනු ඇත…ඉදින්..මම ඈ කෙරෙහි අප්‍රමාණ වූ ප්‍රේමයෙන් වෙලෙමි…හෙමි හෙමින් වියෙන ඇයගේ මංගල වේලයේ මුහුණ සඟවා ගමි…සිහිනයේ සිහින සොයමි…නමුදු එය සිහිනයක්ම බව හඟිමි…මෙමට පමණක් ඈ හිමි නොවෙන බව දනිමි…නමුදු ඇයගේ ආදරයට ලොබ බඳිමි…



    සුලා..

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ඇය නමින් සොබාදම් කුමරිය නම් වන්නීය……..!

    ReplyDelete
  19. @සුලා: පංකාදුයි යාළු

    ReplyDelete
  20. මට නං හිතෙන්නෙ මේ අපේ ඇනෝ කොලුවා, තාම බූට් එකක් එහෙම කාලා නෑ වගේ. හෙහ්..හෙහ්..

    හැබැයි කොලුවො, ජීවිතේ කියන්නෙ, සැප, දුක, බලාපොරොත්තු ඇතිවීම්, නැතිවීම් ඉ‍ටුවීම් ඔය ඔක්කොම තියෙන කලවම් අච්චාරුවක් වගේ දෙයක්. කාලයක් යනකොට ඔය හැමදෙයක් ගැනම උපේක්ශාවෙන් බලන්න ඉබේම පුරුදු වෙනවා. දවල් හීන බැලීමක්වත්, ගිය හකුරට ඇඩීමක්වත් මං මේකෙන් අදහස් කරන්නෙ නෑ. ඒවගේම " හෙට මැරුනත් හිතට සැපයි, අද ජොලි කරලා" සංකල්පයත් හැමතිස්සෙම හරියන්නෙ නෑ. මං එහෙම කියන්නෙ අත්දැකීම් වලින්.

    මධයම ප්‍රතිපදාව කොලුවො, මධයම ප්‍රතිපදාව......

    ReplyDelete
  21. ඉහතින් මා තැබූ සටහන ගීතයත් සමග රසවිඳින්න......ඔහු මිහිලිය වෙනුවෙන් ගී ගයයි.....ඇය...ඒ ගීයේ තානමයි....

    රසවතුනේ ...! මම හරිය..??

    සුලා...

    ReplyDelete
  22. හදවතට තදින් දැනුණා.. තිසා අයියේ...

    ReplyDelete
  23. @ Siribiris... Thanks Siribiris for the advice. You are a wonderful friend..

    ReplyDelete
  24. බොහොම අගනා අදහස් හුවමාරුවක්.. මම මොකුත් නොකියා හිටියට ආසාවෙන් දෙපැත්තටම සවන්දීගෙන ඉන්නෙ..

    @වත්: අපිත් ආසයි කිරිපැණි කන්නනං... :)

    ReplyDelete
  25. කිරිපැණි කන්න කවුද ආස නැත්තෙ? මේ අපි වැඩ කරන තැන්වල නැහනෙ බං ඒ වගේ හිත උණුවෙන යාලුවො. කිරිපැණි තියා එක ලොසින්ජරයක් ගෙනත් දෙන්න එකෙක් නැහැ නෙව.

    ReplyDelete
  26. තිස්ස අයියෙ මේ ඔයාට දාන පළවෙනි comment එක ඔයාගෙ හැකියාව ගැන මම අමුතුවෙන් කියන්න ඔනි නෑ ඒක උපරිමයි හැමෝම කියනව වගේ ඉස්තරම්
    මම මේ comment එක දාන්නෙ ඔය "සුලා" කියන කෙනාට එයා මේ බ්ලොග් එකට විතරද කොහෙද එන්නෙ සමාවෙන්න මම මේ කැත වැඩේ කරනවට මම ගොඩාක් හිතල ගත්ත තීරනයක්

    සුලා නුඹ උපරිමයි දවස් දෙකක් මගේ ඇස් වලට කදුලු ගෙනාව ඒ කරපු පවට උඹට බොලොග් එකක් ලියන්න ලැබෙන්න ඕනි......

    Sula..

    You perfect........ No comment..

    තිස්ස අයිය මට සමා වෙන්න වෙන කරන්න දෙයක් නැති නිසයි මෙහෙම කැත වැඩක් කරේ ආයෙත් කියනව මට සමා වෙන්න....

    ReplyDelete
  27. මට "නුහුරු නුපුරුදු රහස පිළිබඳ" ගීතය මතක් වුණා... තනුව ඒකම නොවුනත් කිට්ටුයි නේ...

    ස්තුතියි තිස්ස සහෝ....

    ReplyDelete
  28. @Tissa... I didn't get a reply from you.. It is ok

    I realized this not the place for a discussion about "the present moment" and what I learnt in my life. Anyway, this is "Hadha Gee Potha", so let me switch my thoughts....

    ReplyDelete
  29. @Ano : සංවාදයට යන්න ඇරලා මමත් බලං හිටියා අපේ Buratheno මල්ලී වාගේ... ඔබේ අදහස් සටහන් කරන්න කිසිම බාධාවක් නෑ.... මම ටිකක් කාර්‍ය බහුලව හිටියා ප්‍රමාදයට හේතුව එයයි... සීමාවක් ඇති වින්දනය... සීමාවක් ඇති සිහින දැකීම... වර්‍තමානය විඳීම.... තමා මගේ හුරුව... දැනට එයින් අපහසුවක් වෙලා නෑ...ඒ නිසා ඒ හුරුව අතහරින්නත් හිතක් නෑ...

    @සුලා: මෙන්න තුන් හිතකින් වත් නොදකපු හීනයක්... මම ආසා කරන ජාතියේ... සුලා අපිව ඇබ්බැහි කරවනවා....

    @සන්සරසිදු: එක හීනයක් පොලවට පාත් වුනා.... පාඩමක් ඉගෙන ගෙන තව හීනයක් ගොඩ නගමු..

    @පාලි: උඹේ හීනයත් සඵල කරගෙන... අපේ සින්දු කඩෙන් අපිව හීන වලින් මුසපත් කරනවා නේ...?

    @පසන්: මල්ලි... මොනවද මල්ලි ඔයා මේ කියවන දවල් හීන... මොනවටද සමාව ඉල්ලන්නේ.... හැබැයි සුලා ගේ බ්ලොග් ලියවිල්ල හීනයක්ම තමයි... ඒ සුල‍ඟේ නවතැන මෙතන... හීනයක් වාගෙම...

    @චතුර: මටත් ඒ ගීතයේ තනුව හීනෙකින් වාගේ මේ ගිතය හ සමාන බව දැනුනා ඔබේ අවදි කෙරීමෙන් පසුව...

    ReplyDelete
  30. ඈත කඳුවල ගලන දොල බඳ...
    ගොලුවෙලා හද ආදරේ...
    වසන්තය යලි උදාවනදා...
    පතන්නෙමි ඔබේ ආදරේ...

    Let me comment on this...

    නොලෑබුන ආදරයකට පසු නොතෑවි, තියන ආදරය විදිනව නම් කොතරම් අපුරුද?

    වසන්තයේදි ආදරය එනවනම් එවී.
    ඉට වඩා අද තියන ආදරය කොතරම් වටිනවද?

    ඒත් අද ආදරයක් නෑත්නම්, තියන වෑඩක් බලගන්නවා.....

    What do you think??

    ReplyDelete
  31. තියන ආදරය වටිනවා කියන්නේ... ආදරයට ලොල් නිසානේ.... නේද...?
    ආදරයක් නැත්නම් ඒ ලොල් බව සමහන් කරගෙන ඉන්න පුලුවන් නම් හොඳා...
    මටනම් බෑ... ඒ නිසා පතනවා....

    ReplyDelete
  32. ආදරයට ලොල් නිසා... හරි

    ආදරයක් නෑතිනම්... තව නෑති දෙවල් කොච්චර තියනවද...

    ආදරය තිබිය යුතුමයි කියලා හිතෙනව නම්, පතන්න...

    එත් ඔබෙ නියම ආදරය ලෑබෙනකොට, ඔබ කොහෙට හරි පෙටලිලා ඉවරයි...

    එතකොට, කියන්න වෙන්නෙ...

    ඈත කඳුවල ගලන දොල බඳ...
    ගොලුවෙලා හද ආදරේ...
    වසන්තය යලි උදාවනදා...
    පතන්නෙමි ඔබේ ආදරේ...

    ReplyDelete
  33. ලොල් දේවල් ලබා ගන්න හීන දකිනවා...
    බයිසිකලයක් ලබාගත්තා කියලා පේරගෙඩියක් එපා වෙයිද... ඒකට වෙනම උත්සාහයක්...
    පුලුවන් දේ ලබා ගන්නවා...
    ලැබගත්ත දේ පරිස්සන් කරගන්නවා...
    ආයේ "නියම"යක් හොයන්නේ මොකටද....

    ReplyDelete
  34. @ නාඳුනන හිතවත,
    ඔබ ඔය කියන නියම ආදරය,
    ලබපු එක ද ?
    ලබන එක ද ?
    ලබන්න තියෙන එක ද ?
    කියල දැනගන්න විදිහ පොඩ්ඩක් කියමුද ?

    ReplyDelete
  35. අන්න නියම තැනට් ආ ව.

    තමන්ගේ එක පරිස්සම් කරන්නෑතුව මොකද මෙ කරන්නෙ?

    ReplyDelete
  36. @ Tissa.. ලැබගත්ත දේ පරිස්සන් කරගන්නවා...
    ආයේ "නියම"යක් හොයන්නේ මොකටද....
    That is also right...

    @ Sansarasidu..
    එක දෑනගන්න විදියක් නෑ කලින්... ලෑබුනාමයි දන්නෙ..
    එතකන් කලබල වෙන්න එපා... මගෙ අදහස...

    ReplyDelete
  37. @ නාඳුනන හිතවත,
    ඔය "ලෑබුනාමයි දන්නෙ.. " කියන එක සාපේක්ෂයි නේද ?

    කෙනෙකුට ඒක ලබපු එක.
    තවෙකෙකුට ලබන එක..
    තවත් කෙනෙකුට ලබන්න තියෙන එක...

    එහෙම නෙවෙයි ද ?
    එහෙම ගත්තහම "එතකන් කලබල වෙන්න එපා" කියන එක තේරුමක් නැති කතාවක්..

    මට පේන්නේ අපේ මිත්‍රයට නම්, ලබන්න තියෙන එක වගේ...

    ReplyDelete
  38. @Ano:

    "If you are in the present, your thoughts are fully enjoying the the present moment, then you see where your thoughts and energies are moving. There is no place for the future nor the past.."

    when I read your words above, these came into my mind...

    system analysing වලදී අපි ඉගෙනගන්නවා 'theory of holism', ඒ කියන්නෙ 'whole is more than the sum of it's parts'. උදාහරණයක් විදියට කියනවානං යම් system එකක sub-components වෙනවෙනම අරගෙන study කලාට අපට ඒ system එකේ true picture එක දකින්න බෑ. ඒ sub-components හා ඒවා අතර තියෙන communications, logical flow, data flow සියල්ලේම එකතුවක් තමා whole system එක කියන්නෙ. හරියට අපි අතක් සිරුරෙන් වෙන්කරගත්තා වගේ. අතක ක්‍රියාකාරිත්වය දැනගන්න ඕනෙනං ඒක සිරුරට බද්ධවෙලා තියෙද්දි අධ්‍යයනය කරන්න ඕනෙ, නැත්තං ඒක නිකම්ම නිකං මාංශ ගොඩක් විතරයි.

    දැං අපි මේ theory එක ජීවිතය නමැති system එකට ආදේශකලොත් ඔයාගෙ දැක්ම හරියට මේ වගේ...

    ජීවිතය = වර්ථමානය + වර්ථමානය + වර්ථමානය........

    නමුත් වර්ථමානය කියන්නෙ මොකක්ද? මම හිතන්නෙ වර්ථමානය කියන්නෙ අතීතයේ ප්‍රතිඵල සහ අනාගතයේ අඩිතාලම නේද? ඒක අපට මෙහෙම කියන්න පුළුවනි...

    වර්ථමානය = අතීතය + අනාගතය + ඒ දෙක අතර තිබෙන communications

    එහෙම නේද? අපට අතීතය හා අනාගතය ගැන කතානොකර වර්ථමානය ගැන පමණක් කතාකල හැකිද? එ‍හෙම කලොත් අපට whole picture එක මගඇරෙන්නේ නැද්ද? වර්ථමානය කියන්නේ අතීතය හා අනාගතය අතර තිබෙන communications වල එක්නිමේශයක් විතරක් නෙවෙයිද? මම පොඩි උදාහරණයක් ගන්නම්. හිතන්න අපි වර්ථමානයේ සිංදුවක් අහමින් රසවිදිනවා කියලා. හිතන්න ඒ සිංදුව නිසා අපට සමීප අපේ අතීත අත්දැකීමක් මතක් වුනා කියලා. එතකොට අපි ඒ සිංදුව වැඩියෙන් රසවිදින්නෙ නැද්ද? මමනං කියන්නෙ වර්ථමානය රසවිදීම උදෙසා අපට අතීතය හා අනාගතයත් අත්‍යවශ්‍යයි කියලයි. ඔබ වර්ථමානය රසවිදිනවා වෙන්න පුළුවන්. නමුත් ට්‍රයිකරන්න ඒකට අතීතය හා අනාගතයත් මුසුකරගන්න. එතකොට රසය තවත් වැඩිවේවි.

    ඉතිං මේ සියල්ලෙන් පස්සේ මගේ දැක්ම අනුව ජීවිතය නමැති system එක මෙන්න මෙහෙමයි...

    ජීවිතය = අතීතය + වර්ථමානය + අනාගතය + ඒ සියල්ල අතර තිබෙන communications

    පලි: ලිපිය too long and too much technicle ද මන්දා. එහෙමනං sorry වෙන්න ඕනේ...

    ReplyDelete
  39. හීනදැකීම ගැන කියනවානං, මමනං දරුණුගනයේ හීනදකින්නෙක් සහ ජීවිතයේ ගලායෑම පවතින්නේ අප දකින හීන තුලයි කියන එක විශ්වාස කරන්නෙක්...

    ReplyDelete
  40. @Ano & Ano: ඒ Anoත් මේ Anoත් හැර තවත් Ano ලා සිටීද...?
    මට තේරුනේ නෑ ඒ අහපු ප්‍රස්නේ....? මට ඇනුම් පදයක්ද මන්දා කිව්වේ....

    @සන්සරසිදු:
    "කෙනෙකුට ඒක ලබපු එක.
    තවෙකෙකුට ලබන එක..
    තවත් කෙනෙකුට ලබන්න තියෙන එක... " ටිකක් දියුණු කල්පනාවක් මල්ලී මේක... මට කවදාවත් හිතිලා නැති... මේක නිකන්ම සාපේක්ෂ කතාවක් නෙමෙයි නේද...? තමන්ගේ කැමැති අකමැති දේ ප්‍රක්ෂේපණය කරලා ගන්න තමන්ගේම පිලිඹිබුවක් වාගේ නේද... ආඩම්බරයි මල්ලී ගැන...

    @Buratheno: හප්පට සිරි... මේ අර මම දන්න රසිකයා Buratheno ද...? ස්මස්ථයම එකට අරන් කරන විග්‍රහ වලට එකඟයි... ඉතාම දාහක ද්‍රව්‍ය දෙකක් වන ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා ඉතා පටහැණි ගුණයෙන් යුතු ජලය හදන්න වාගේ... විශ්ලේෂණය වෙනුවට සංස්ලේෂණය අපට උරුම හුරු පුරුදු සිතුවිලි රටාවයි...
    දකිමු එක්ව සිහින දරුණු... මම ඔබ ලඟම...

    ReplyDelete
  41. @Buratheno:
    ලස්සනට ජීවිතය හා විද්‍යාව යාකර පාලම තැනූවා. අගේය යාලු.

    ReplyDelete
  42. @පසන් මල්ලියේ,
    සතුටුයි මල්ලියේ...උඹේ ඇගයීමට.....මම් දන්නව උඹේ හිතත් ලස්සනයි...ඒක නිසානේ හැඟුම්බර වෙන්නේ...මේ මහ පොලොවට,සතා සිව්පාවාට,ගහට කොලට වගේම මේ මනුස්ස වර්ගයාටම ආදරය කරණකොට තමන්ගේ හිතත් ලස්සනවෙනවා බං....හිත මනුස්සකමෙන් පිරෙන කොට හිතිවිළි ගලනවානේ වක්කඩ කැඩුවාහේ...කලින් මං කියලා තියෙනවා වගේ ඔය බ්ලොග් සුමේ කොරන්න බෑ බං මට....කොහොම උනත් මේ අඩවියේ වගේම දුකාගෙ අඩවියෙත් මාව හමුවෙතෑකි...මතකනේ....

    මේ
    සුලා..

    ReplyDelete
  43. @යාළුවනේ,
    සමා වෙන්න ඕනෑ ඕං......තර්ක කොරන්ඩ මං වැඩි කැමැත්තක් නැහැ ආයිබෝං...ඒත් බොලාගේ අදහස් ,සැසඳුම්,විසඳුම් එකක් නෑර කියෝනව හොඳේ...ජීවිතයට ගන්න දේවල් එමටයි නෙව...

    සුලා..

    ReplyDelete

 
Blogger Wordpress Gadgets