"යළි පුබුදමු ශ්‍රී ලංකා" නමින් සිංහලෙන් 2002 වසරේ කල එළියට බට "Regaining Sri Lanka" නම් වැඩ පිළිවෙලෙහි මූලිකම පරමාර්ථය වූයේ අධික ණය බරින් මිරිකෙන අප රට, නුදුරෙහිම එන බරපතල ආර්ථික අගාධයකින් ගලවා ගැනීමය. මෙය අනූව දශකයේ අග භාගයේ සිදුවූ ආසියානු මකරුන්ගේ කඩාවැටීම් වලින් ගොඩ ඒමට ඔවුන් අනුගමනය කල ලිබරල්වාදී ක්‍රියා පටිපාටීන් අප රටට හඳුන්වාදී අනාගත උවදුරකින් අප ගලවාගැනීමේ චේතනාවෙන් කෙරෙන්නක් බැව් එවක ශ්‍රී ලංකා රජයේ අග්‍රාමත්‍යතුමා වැඩසටහන එළි දක්වමින් පැවසීය.
සිංහලෙන් පුබුදමු යන්න නිද්‍රාවට පත් යමක් ප්‍රස්තුත කර භාවිතා කල හැක. ඉංගිරිසියෙන් "Regaining" යන්න පමණක් ගෙන, එහි අරුත "අත්පත් කරගැනීම" ලෙසද ගතහොත්, ඒ නැවත අත්පත් කරනුයේ ගිලිහී ගිය යමක් විය හැක. මේ මුකුළිත හෝ ගිලිහුණු 'යම' හරි හැටි ප්‍රකාශ නොකිරීම මෙබඳු වැඩසටහන් නිර්මාතෲන් අතින් නිතරම මගහැරෙනා කරුණකි.
අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය ලෙස එන අණන සූත්‍රය, පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් දක්වයි. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි. අණන සුඛය පසෙකලා ණය ගැනීමට ගොස් පුද්ගලයාද, පවුලද, ගමද, රටද 'අනන සුඛය' බුක්තිවිඳීමට පත්වීම වැලැක්විය නොහැක.
ණය වීම හෝ ණය ගැනීම නොයෙක් ලෙස කල හැක. සංකල්ප, චින්තන, ක්‍රම සහ විධි ලෙසින්ද ණය ගත හැක. අයිස් බකට් අභියෝග සමගින් අප රට බිහිවූ අමුමිරිස් අභියෝගයටද සමගාමීව 'නෑමක්' හෝ 'කෑමක්' නොමැති තවත් අභියෝග සමූහයක් අන්තර්ජාලයේ පැතිරීම සිදුවුණි. මේවා වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදුනොවීමද විශේෂත්වයකි. තවත් එබඳු අභියෝගයක් වූයේ "තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කල පොත්" දහයක් නම් කිරීමේ අභියෝගයයි. තමන් ඒවා නම් කල පසු තවත් පස් දෙනෙකුද එසේ කිරීමට නම් කිරීමද කල යුතුය. අභියෝග බාරගත් නිර්භය මිනිසුන් බොහෝ දෙනෙකු තම ජීවිත වලට බලපෑම් කරගෙන ඇත්තේ නොරට වියතුන්ගේ ග්‍රන්ථ පරිවර්ථනානුසාරයෙන් බව එයින් මොනවට පසක් වුණි!
"සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම" ලෙසින් ලියමනක් ලියන, මෙරට සෙනරත් පරණවිතාන වියතාණන් මෙසේ කියයි:
පාලියට නැගීම නිසා අභාවයට පත්, භාවිතයෙන් තුරන් වූ ග්‍රන්ථ ලෙස 12 වන සියවසේ වේදේහ තෙරුන් විසින් රචිත රසවාහිනී, ශ්‍රී මේඝවර්ණ රජු දවස ලියැවුණු එළු දළදා වංශය, ආදී පොත් දක්වා ඇත. තවද:සිංහලෙන් පුබුදමු යන්න නිද්‍රාවට පත් යමක් ප්‍රස්තුත කර භාවිතා කල හැක. ඉංගිරිසියෙන් "Regaining" යන්න පමණක් ගෙන, එහි අරුත "අත්පත් කරගැනීම" ලෙසද ගතහොත්, ඒ නැවත අත්පත් කරනුයේ ගිලිහී ගිය යමක් විය හැක. මේ මුකුළිත හෝ ගිලිහුණු 'යම' හරි හැටි ප්‍රකාශ නොකිරීම මෙබඳු වැඩසටහන් නිර්මාතෲන් අතින් නිතරම මගහැරෙනා කරුණකි.
අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය ලෙස එන අණන සූත්‍රය, පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් දක්වයි. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි. අණන සුඛය පසෙකලා ණය ගැනීමට ගොස් පුද්ගලයාද, පවුලද, ගමද, රටද 'අනන සුඛය' බුක්තිවිඳීමට පත්වීම වැලැක්විය නොහැක.
ණය වීම හෝ ණය ගැනීම නොයෙක් ලෙස කල හැක. සංකල්ප, චින්තන, ක්‍රම සහ විධි ලෙසින්ද ණය ගත හැක. අයිස් බකට් අභියෝග සමගින් අප රට බිහිවූ අමුමිරිස් අභියෝගයටද සමගාමීව 'නෑමක්' හෝ 'කෑමක්' නොමැති තවත් අභියෝග සමූහයක් අන්තර්ජාලයේ පැතිරීම සිදුවුණි. මේවා වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදුනොවීමද විශේෂත්වයකි. තවත් එබඳු අභියෝගයක් වූයේ "තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කල පොත්" දහයක් නම් කිරීමේ අභියෝගයයි. තමන් ඒවා නම් කල පසු තවත් පස් දෙනෙකුද එසේ කිරීමට නම් කිරීමද කල යුතුය. අභියෝග බාරගත් නිර්භය මිනිසුන් බොහෝ දෙනෙකු තම ජීවිත වලට බලපෑම් කරගෙන ඇත්තේ නොරට වියතුන්ගේ ග්‍රන්ථ පරිවර්ථනානුසාරයෙන් බව එයින් මොනවට පසක් වුණි!
"සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම" ලෙසින් ලියමනක් ලියන, මෙරට සෙනරත් පරණවිතාන වියතාණන් මෙසේ කියයි:
"සිංහල අටුවා ග්‍රන්ථ, ඒවායේ පාලි පරිවර්තනත් සමග, ලංකාවේ විහාරාරාමයන්හි 12 වැනි සියවස දක්වා භාවිත විය. එහෙත් අප සාකච්ඡා කරන යුගාරම්භයේදී සිංහල අටුවා ග්‍රන්ථ භාවිතයෙන් ඈත් වන්නටත් බුද්ධඝෝෂගේ පාලි පරිවර්තන වඩ වඩා ව්‍යවහාරයට පත් වන්නටත් පටන් ගැනිණි. අටුවා ග්‍රන්ථ ලියැවුණු පැරණි සිංහල භාෂාව, ඒ කාලය වන විට තේරුම් ගැනීමට අසීරු තත්වයක පැවතීම ඊට එක් හේතුවක් විය. ඒවා එදා පැවති සිංහල භාෂාවට හරවා ගැනීම පහසුවෙන් කරගත හැකිව තිබුණු බැවින් ඉහත සඳහන් කල හේතුව ප්‍රධාන නොවූ බව පෙනේ.
ලංකාවේ විහාරාරාමයන්හි 11වැනි ශතවර්ෂයේදීත් ඉන් පසුවත් බුද්ධඝෝෂ ගේ පරිවර්තනයට වැදගත් තැනක් දීමේ ප්‍රධාන හේතුව වූයේ එකල ලියලමින් පැවති එක්තරා විශ්වාසයකි. විදේශයකු විසින් පළ කරනු ලබන අදහස වඩා වැදගත් ලෙස සැලකිය යුතුයි යනු ඒ විශ්වාසයයි.
බුද්ධඝෝෂ විසින් පවා ගෞරවාදරයෙන් සඳහන් කරන ලද පුරාණ සිංහලාචාර්‍යවරුන් රහතන් වහන්සේ හැටියට නම් කරන ලද නමුත්, අනුරාධපුර රාජධානියේ පරිහානියෙන් පසු ඇතිවූ තත්ත්වය අනුව රහතන් වහන්සේ නමක් වුවද ස්වදේශිකයකු වීම මදිකමක් ලෙස සැලකීම සිරිතක් විය. එවක් පටන් ස්වදේශික රහතුන්ගේ අදහස් පවා සඳහන් වූයේ විදේශික බුද්ධඝෝෂ ගේ මතය ලෙසිනි"
"මෙසේ පාලි ත්‍රිපිටකය හදාරන විට ඉදිරිපත් වූ දුෂ්කරතාවලදී පාලියෙන්ම ලියන ලද විස්තර ප්‍රයෝජනයට ගතයුතු විය. එහෙත් සාමාන්‍ය ශිෂ්‍යයකු ගේද ඇතැම් විට සාමාන්‍ය ගුරුවරයකුගේද පාලි දැනීම, පාලි අටුවා ග්‍රන්ථ තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එහෙයින් ඒවායේ සඳහන් දුෂ්කර පද සිංහල භාෂාවෙන් විස්තර කොට 'ගැටපද' නම් වූ ශබ්ද මාලා සැකසිණි.
පාලි ත්‍රිපිටකය විස්තර කැරුණු පාලි අට්ඨකථාවන් තේරුම් ගැනීමට මේ ගැටපද භික්ෂූනට උදවු වු බව නිසැකය. එහෙත් ඒ භික්ෂූන් ගැටපද වලට නියම කෘතවේදීභාවයක් දැක්වූ බව පෙනෙන්නට නැත. සිංහල ගැටපදයක් අතේ අතැතිව උපාසක උපාසිකාවන් විසින් දකිනු ලැබීම පවා තමන්ගේ තත්ත්වයට මදිකමක් ලෙස ඒ භික්ෂූහු සලකන්ට වූ හ. එසේ හෙයින් එම ගැටපද ටීකා(උප-අට්ඨකථා) ලෙසින් නැවතත් පාලියට පරිවර්තනය කොට 'සාරත්ථදීපනී' ආදී අලංකාර නම් තැබූහ."

"මෙසේ සිංහල ග්‍රන්ථ පාලියට නැගීමේ පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ එකල ව්‍යවහාරයෙහි පැවති සිංහල භාෂාව හෝ නොදත් විදෙස් වැස්සන්හට ඒ ග්‍රන්ථවල සඳහන් කරුණු කියවන්නට මග සැලැස්වීමයි. මේ පරිවර්තනකරණය නිසා ලෝකයාගේ ප්‍රයෝජනය පිණිස පරිවර්තනයට භාජනය වූ වැදගත් සිංහල ග්‍රන්ථ නැති වී නොගියේ නම් පරිවර්තනය කිරීම ප්‍රශස්ත ක්‍රියාවක් ලෙස මීට වඩා අගය කල හැකිව තිබිණි"
"ගාමීණි හෝල් පොත් කඩ" නමින් ප්‍රසිද්ධ පැරණි පොත් කඩ වල රාක්ක පවා මුලුමණින්ම ආක්‍රමණය කර වැජඹෙන, විදෙස් බසින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතීන්වල මුල් කෘතීන් වලටද, පැරණි සිංහල ග්‍රන්ථ වලට අත් වූ ඉරණම අත් නොවේවායි මම ඉත සිතින්ම පතමි!
නූතන සිංහල පාඨක ජීවිත වලට කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිවූ ග්‍රන්ථ රචකයකු, නාට්‍ය කරුවකු, වියතකු වන දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනය කොට එළිදක්වන ලද නාට්‍ය ද්විත්වයකි 'මධුර ජවනිකා' හා 'ආනන්ද ජවනිකා'.
'මධුර ජවනිකා හෙවත් හිංගල වංශය' හා 'ආනන්ද ජවනිකා' නාට්‍ය නිමවා නොනවතින ගුණවර්ධනයන්, නාට්‍ය පෙල ඇතුලත් අපූරු ග්‍රන්ථ යුගලයක්ද නිර්මාණය කරයි. කිසිදා ඉංගිරිසි නවකථාවක් හෝ කියවා රසවිඳ නැති මට, මේ ග්‍රන්ථ යුගල 'මැජික්' වන්නේ එවායෙහි ඇති උපග්‍රන්ථ නිසාවෙනි.
ගුණවර්ධනයන්ම කියනා පරිද්දෙන්ම මේවා ශාස්ත්‍රීය පර්යේෂණ නොව, නාට්‍ය සම්පාදනයේදී සොයා බලා දැනගත් දෑ එකලස් කිරීමකි. අප වියුණු සටහන් විෂය ක්ෂේත්‍රය වන සැඟව ගිය ගී අතරට රැස් දහර එල්ල කරන්නටද මේ නාට්‍ය යුගලයෙන් බිහිවුණු ගී යුගලක් සමත් වෙයි.
ආදී ආනන්දීයන්ගේ ආරාධනයෙන්, ආනන්ද විදුහලේ ශත සංවත්සර උත්සවය සඳහා, ආනන්දයේ උපත හා වර්ධනය ගෙනහැර පාමින් කල වාර්තාමය නාටකයකි "ආනන්ද ජවනිකා". ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස් සටනට දිරිදුන් චූලාලංකාර තායි මහා රාජයාණන්ගේ [King Chulalongkorn] සුහද නාමයට "ආනන්ද ජවනිකා" ග්‍රන්ථය, ගුණවර්ධනයන් ගෞරවයෙන් පිලිගන්වයි.
අප හද පුබුදු කරනා පළමු ගීය ගැයෙන්නේ ආනන්ද ජවනිකා නාටකයේ අවසානයේයි. මෙම ගීයෙන් 1914 ප්‍රථම වරට සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි දෙපක්ෂය පහලොස් දහසක් පමණ එක්කාසුවී වික්ටෝරියා පාක්හි පැවැත්වූ අවුරුදු උත්සවයේ විසිතුරු කම, සංකේතාත්මකව ඉදිරිපත්වේ. ගීයේ පළමු පෙල නිමවා ඇත්තේ 1883 ප්‍රංශයේ උපන් රෝමානු කතෝලික පියතුමකු වන ගරු ජෝශප් මොන්තඤ්ඤොං පියතුමා විසිනි.
1910 දී පමණ ලංකාවට පැමිණෙන පියතුමා නාගොඩ, වැලිවිට, වෙන්නප්පුව, පමුණුගම, හල්පෙ, යන ස්ථානවල සේවය කොට පසුව කුරුණෑගලට නුදුරු මීසමක ප්‍රධානියා වශයෙන් පත්වී ඇත. ධර්ම ග්‍රන්ථ රාශියක් සිංහලෙන් ලියූ, සිංහලට අතිශයින් ප්‍රියකල මෙතුමා කොළඹදී ස්වර්ගස්ථවීමට ප්‍රථම දේව මෑණියන්ට යාඥා කර ඇත්තේද සිංහලෙනි! සැළළිහිණිය ආදී නොයෙක් සිංහල ග්‍රන්ථ වල ඇති දුශ්කර බන්ධන සහිත කවි බඳු කවි ගෙතීමටද එතුමා දක්ෂයකු වී සිටි බව කියැවේ.
එතුමා විසින් විරචිත 'ආරණ්‍ය වැණුමක්' ප්‍රබන්දය ඇසුරෙන් පළමු පෙල ගෙන, පැරණි ගැටපදාචාර්‍යවරුන් ගත් මගම යමින්, අරුත් පැහැදිලි කරමින්, එයට මනරම් දෙවැනි පෙලක් එක්කරන්නේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. තණුව බන්දුල විජේවීරයන්ගෙනි. වරහන් තුල ඇත්තේ මුද්‍රිත පොතේ ඇති පදයි.
මල්ලී පුබුදු රජස වැදිය වසමින් මඩ වාලුකා
වෙල්ලී කුබුදූ විලස ලදිය දිනමින් කිඩ ලාසිකා
අල්ලී මොවුදූ සදිස විදිය අඳිමින් දඩ මාලිකා
පල්ලී පුලුදූ අනස බුදිය සොයමින් කිඩ ජාලිකා
පිපුන සමන් මල් රේණු සලා ලා සුවඳයි වැල්ල පුරා
නටන [තුරු]ලෙසින් වැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා
[බුදින]සරන සිතින් [රං]ලොල් රාං කුරුල්ලා නරකයි විදිනු මරා
සුදන [ලෙසින්]බැතින් [දැන්]මල් [සමගි දමින් අපි]දමින් එතීලා බැඳෙමුයි භේද හැරා
දෙවැනි ගීතය එන්නේ "මධුර ජවනිකා" නාටකයේ එළාර රජතුමාට කථකව මුණ ගැසෙන අවස්ථාවේදීයි.
"කථක: එහෙනං ඔබ වහන්සේ මේ අපේ එළාර රජ්ජුරුවෝ!
එළාර: දැන් කොහොමද... අපේ මිනිස්සු තවමත් කලබල කරනවද?
කථක: අනේ දේවයන් වහන්ස ඔබවහන්සේට බොරුවක් කියන්න ඕනෑයෑ. ඔය පිටරටවල කියන කිසිම කලබලයක් මෙහෙ නෑ. තියෙන්නෙ එකමුතු වෙන්න තියන කලබලයක්. දැන් බලන්න, අපි ජාත්‍යන්තර තත්වෙට එන්ඩ ඕනෑ කියලා කොච්චර ලස්සන කුමාර හෝටල් හදනවද පිටරට මිනිස්සු මෙහාට ගෙන්න ගන්ඩ. ඒ වුණාට අපේ සාමාන්‍ය මිනිස්සු ඕවට අඩියක්වත් තියන්නෙ නෑ. හැබැයි ඔබවහන්සේලාගේ ජාතියෙ කෙනෙක් හේම හෝටලයක් දැම්මොත්, දිවා රෑ නොබලා එව්වට යන්නේ..! ජාත්‍යන්තර වෙන්ඩ ඉස්සෙල්ලා අපි ජාතික වශයෙන් එකමුතු වෙන්ඩ ඕනෑ කියල තමයි ඒකෙ අදහස.
එළාර: ඒක නේන්නං බලමුකෝ මේ දිව්‍යලෝකේ පත්තරවල උණත් පළවෙන ආරංචි වැරදි ඇත්තට
කථක: ඔව්ව ගැන කලබල වෙන්ඩ ඕනැ නෑ දේවයන් වහන්ස... මොකක්ද ඔය උරේ?
එළාර: ආ මං ලඟ තියනව හොඳ බෙරයක් මේ උරේ... මේකට තමා තාවිල් බෙරය කියන්නෙ. ඒ කාලේ අපි මේක මෙහෙමයි හැදුවෙ ඔය ගොල්ලන්ගෙ දවුල් බෙරේ ආශ්‍රයෙන්
කථක: ඔබ වහන්සේට පුළුවන්ද ඕක ගහන්ඩ.. ඇහුවට සමාවෙන්ඩ
එළාර: ගහන්ඩ විතරක් නෙමේ, සින්දුවකුත් කියන්නම් ඕනෑ නම්
කථක: කොච්චර එකක්ද, දෙමළ භාෂාවෙන්ද කියන්නෙ?
එළාර: ඔව්, ඒ වුණාට මම ඉස්සර වෙලා පටන් ගන්නම් සිංහලෙන්
කථක: මොනව! ඇත්තට!! ඔබ වහන්සේ නම් පුදුමයි
එළාර: පුදුම වෙන්ඩ දෙයක් නෑ. මම රජ කරපු කාලෙ ඔය ප්‍රතිපත්තියම තමා මං අනුගමනය කළේ. සිංහල මිනිස්සු වැඩියෙන් ඉන්න රටේ සිංහලට මුල් තැන දෙන්න ඕනෑ නෙ.
කථක: මට නං පුදුමෙනුත් පුදුමයි
එළාර: මටත් පුදුමයි ඔහේ සිංහල මිනිහෙක් වෙලා ඕකට පුදුම වෙන එක ගැන!
කථක: ඔබතුමාගේ සින්දුවේ මාතෘකාව මොකක්ද?
එළාර: මම කියන්න යන්නේ අපේ පත්තිනි මෑණියන් ගැන. ඒත් ඒක පටන් ගන්නේ බුදුහාමුදුරුවන්ගෙ ගුණ සිහි කරලා. ඒ මොකද මේ රටේ වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෝනේ. ඒකත් අපි සලකන්න එපායෑ
කථක: ඔබ වහන්සේ නම් ඇත්තටම පුදුමයි
එළාර: ආයෙත් ඉතින් පුදුම කථාවක් ඇදල ගත්ත. ඕක තමා සිංහල මිනිස්සුන්ගෙ වැරැද්ද. සිහිකල්පනාව නැති එක. මතක නැද්ද මගෙ ගුණ යහපත් කම ගැන මතක් වෙන්න, අනුරාධපුරේ එළාර සොහොන බැන්ද හැටි දුටු ගැමුණු රජ්ජුරුවො?
කථක: අනේ ඒක නේන්නං. ඔබ වහන්සේව මරණයට පත් කරපු එක මටනම් දැන් වැටහෙන්නේ අපි කරපු බරපතල වැරැද්දක් කියලා
එළාර: දැන් ඉතින් ඔය පහු ගිය එව්වා ගැන කම්පා වෙලා වැඩක් නෑ. ඉදිරියටවත් හිතේ තියාගන්නවා හොඳයි. එහෙනං අපි සින්දුව පටන් ගම්මු. මේක ඇවිල්ලා මේ වන්දනා කරුවෝ පයින් වන්දනාවේ යන කොට කියපු වයි නඩේ කවි. අපේ පත්තිනි මෑණියෝ තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් වින්ද දුක් කරදර මේ කවිවලින් කියවෙනවා"

තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානා
තෙන තෙන්දි නානා - තෙන තෙන්දි නානා
එක් සමයෙකි සාවෙකු වී මුනි සඳ
දුක් නොව ඇඟ මස් දන් දෙන ලෙස සොඳ
වික්‍රම පෑවේ ගින්නට පැන ඉඳ
සක් දෙවි ඇන්දේ සා ලප සඳ මැද
ඔරු සමයෙක මුනි මුසල පුරන්දේ
කරුනින් නන්නුඩ සැඩ සතුරුන්දේ
නෙරුප්පුලේ උළු පූඩිත්තරින්දේ
මුරුගන් කූඩිල් එල්ලත සුරිඳේ
පරිවර්තන බහුලවන්නේ සංස්කෘතික කාන්තාරයයක් වන අප රටෙහි, සාකච්චාවට, නිර්මාණයට බඳුන් විය යුතු විවිධ සංකීර්ණ ප්‍රස්න, චර්‍යා, ඇවතුම් පැවතුම්, ඔසවා තැබිය යුතු සිතුම් පැතුම්, නව සංකල්ප, නිර්මාණ නැති නිසා වුව හැක. පොත් සාප්පු වෙත යන මා, හැඳ යන්නේ තරමක් ජරාජීර්ණ වූ කළිසමකි. ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක!
ඔය කියන "මල්ලී පුබුදු " සින්දුව මට ජීවිතේට තේරුණේ නෑ (අහලා තියෙන්නේත් දෙතුන් පාරයි), සින්දුවක් කියන්නේ අඩු ගානේ වචන ටිකවත් තේරෙන්න එපායැ!
ReplyDeleteහ්ම්ම්ම්... ඒකියන්නේ ලංකාවේ ගොඩ දෙනෙකුට හින්දි තේරෙනව කියන එකයි සෑහෙන කාලෙක ඉඳලා...
Deleteමට ඉස්සර පරම්පරාවල ඈයෝ තාමත් හින්දි සින්දුවලට වහ වැටිලායි ඉන්නේ.
Deleteරාජ්‍ය ප්‍රතිපත්ති ණිසා අපි ඒකෙන් බේරුණා. නමුත් හින්දි සින්දුවලට ඒ අයගේ හිත ගියේ (ලක්‍ෂ්මීකාන්ත්, ෆෙයාරිලාල්ලා ගේ, නෙෘෂාඩ් ලා ගේ) සංගීතයටයි, රාෆී, කිෂෝර්, මුකේෂ්, ලතා, ආශා ලාගේ කටහඟටයි. කිසිසේත්ම පදමාලාවේ අරුතට නොවෙයි.
මේ මල්ලී පුබුදු කියන සින්දුවේ එහෙම ලකයක් මට නං පේන්නේ නෑ.
මේ දවස්සල ෆුල් ශාස්ත්‍රීය මූඩ් එකේ ඉන්නෙ නේද.??
ReplyDeleteසාහිත්‍ය ගවේෂණය හා සාහිත්‍යයේ ඉතිහාස ගවේෂණය.. අර පාලියෙන් ලියාපුවා තේරෙන්නෙ නැති නිසා ඒවාට සිංහලෙන් ලියාපු අටුවා ආයෙමත් පාලියට පෙරැලීම නම් පංකාදු පහයි.. :-D
මොනවා හරි මූඩ් එකකින් හිස්තැන් පුරව ගන්න එපායෑ බුරා!
Deleteඉංගිරිසි පොත් වලටත් ඒ විනාසෙම වේවිද? සිංහලට හරවලා ආයෙ ඉංගිරිසියට හැරවෙයිද? ;-)
ඔය අන් බසකින් කතා කිරීම උගත් බව හා උසස් බව පෙන්වීමට යොදාගත්තු දෙයක් මිස වෙනෙකක් නෙවෙයි නෙවැ තිස්ස අයියා.. ඉස්සර කාලෙ පාලි, සංස්කෘතයෙන්, නුවර යුගයේ අවසාන කාලෙ වෙද්දි දෙමළෙන්, ඊටපස්සෙ (හා දැන් කාලෙ) ඉංගිරිසියෙන්.. අනික ඉතිං ඕක සිරිලාංකීය අභිමානයක් හා අනන්‍යතාවකුත් නෙවෙයි නෙවැ.. 19වන සියවසේ රුසියානු රදලයො ප්‍රංශ බාසාවෙන් කතා කලා මහන්තත්ත කම පෙන්නන්ට.. ඉංගිරිසියො ග්‍රීක් ලතින් ඉගෙනගැනීම උසස් කුලවතුන්ගෙ අධ්‍යාපනයෙ අනිවාර්ය අංගයක් කලා..
Deleteභාෂාවක ප්‍රධානම භාවිතාව අදහස් දැක්වීම වුනාට භාෂාවකින් ඊට වඩා තව වැඩගන්ට පුළුවන්.. :-D
// ඉංගිරිසි පොත් වලටත් ඒ විනාසෙම වේවිද? සිංහලට හරවලා ආයෙ ඉංගිරිසියට හැරවෙයිද? //
එහෙම නොවුනත් සිංහලෙන් ලිවීම නම් ක්‍රමයෙන් තුරන් වෙලා යාවි කියලා හිතෙනවා.. හේතු කීපයක්ම නිසා;
1. සිංහල කියන්නෙ කොහොමත් ලෝකයෙන් තුරන්වෙමින් යන භාෂාවක්. පාඨකයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙනවා.
2. සිංහල පාඨකයින් පොත් මිලදී ගන්නවා අඩු නිසා මාකට් වැලියු එක අඩුයි. පොතක් ගහන එක පාඩුයි. අවංකවම කියනවා නම් ඉංගිරිසි පොතක් සිංහලයට පරිවර්තනය කරනවාට වඩා ලාබයි දෙමළට පරිවර්තනය කරන එක. මාකට් එක ලොකුයි.
3. භාෂාවේ ගුණාත්මක බව ගැනත් ප්‍රශ්න තියෙනවා (ලේඛනයේ හා පරිවර්තනයේ දෙකේම). ඒ නිසා ඉන්න පාඨකයින් පවා හැලී යාමේ සම්භාවිතාවක් තියෙනවා.
මෙහෙම බැලුවොත් අනාගතේදි ලංකාවෙ පොත් ලියන ලේඛකයින් පවා ඉංගිරිසියෙන්ම ලියන්ට පුරුදු වේවි!!
මාකට් -> මා-කට්!!
Deleteමිනිස්සුන්ට පොත් කියවීමට පුරුදු කරන්නට හැකි හොඳම තැනක් වන පුස්තකාල වලින් මිනිස්සු ඈත් වී ඇතැයි මම සිතමි.ලංකාවේ පුස්තකාලයකට සාමාජිකයෙකු ලෙස බැදෙන්නට ඇති දැඩි අපහසුව ගැන මම ලියූ කමෙන්ටුවකට පිලිතුරක් ලෙස කෙනෙකු කිව්වේ පිට රටකට වීසා ලබා ගන්නා එකත් ඊට වඩා පහසු බවයි..ඒ කතාව සීයට පන්සීයකින් ඇත්තය.ඉතිං සිංහල හිතනවාට වඩා වේගයකින් ලොවෙන් තුරන් වී යනු ඇත.
Deleteමචන් දොඩන්,
ReplyDeleteඋඹගේ මේ ශාස්ත්‍රීය වියමන විශිෂ්ඨයි.
ඔබ උපුටා දක්වන පරණවිතාන පඬිරුවනගේ ''සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම'' ලිපිය නව මානයක් කෙරෙහි මා සිත යොමුකරවන්න යෙදුනා. එනම් සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම කුමක් වනු ඇතිද යන්න්නයි.
එය සංවාදයට බඳුන් කලයුතු මාතෘකාවක් බව දැනෙන හෙයින් දම්පාට දේදුන්න හි පොස්ටුවක් ලෙස කෙටි ලිපියක් පලකොට සංවාදයට විවර කොට ඇත.
මෙයට උත්තර ජීවන - පියසේදී දම්පාට දේදුනු ලඟ පලකලා!
Delete[ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක! ]
ReplyDeleteගබිරියෙල් ලා, කොයිහලෝ ලා ඉහල තට්ටුවල වැජඹෙන්නත් දූවිලි වැකුනු පහලම තට්ටුවල ගුණවර්ධනලා ඉන්නත් හේතුව මොකක් වෙන්න ඇති කියල ද තිස්ස අයියා හිතන්නේ ?
මේ සිංදු නම් ජීවිතේටම දැක්කෙත් අදයි ඇහුවෙත් අදයි .. :) මල්ලි පුබුදු කෑල්ල දැකල අර පොත් අභියෝගේ ගැන ටික කියවනකොට මම හිතුවේ මේ පුබුදු කියල මල්ලි කෙනෙක් තිස්ස අයියට අභියෝග කරලා මේ පොත් ගැන කතන්දරේ තිස්ස අයියා සම්භාව්‍යය විදියට ලියනවා ඇති කියල ... හෙහ් හෙහ් ..
ඔය පරණවිතාන මහත්තයම කියා ඇත්තේ පැතුම්:
Delete"විදේශයකු විසින් පළ කරනු ලබන අදහස වඩා වැදගත් ලෙස සැලකිය යුතුයි යනු ඒ විශ්වාසයයි"
අභියෝගයට නම් ලක් වුනා. ඒක එතනදීම එකලාසයක් කලා
අද සටහන නම් කියවන්ට අමාරුයි අප්පා...:(
ReplyDeleteඕවා හොඳ ඔය බූරලා වගේ අයට.:P
ෂහතික ඇත්ත... මගේ දිවත් උළුක් උනා... :D
Deleteපෝස්ට් එක කියවලා දිව උළුක්වෙන්නෙ කොහොමද මාර්ස්? උඹ අර පොඩිකාලෙ සිංහල පාඩමේ 'හඬ නගා කියැවීම' කරනවා වගේ පෝස්ට් කියවන්නෙ හඬ නගා ද? :-P
Deleteපාඩං කොරනව ඇති - ඒත් බාගෙට කියවා ඇත්තේ වාගේ ;-)
Deleteබූරලා කියන එකනම් අජූවයි - බුරාලා කීවම හොඳා - අරුත් කිහිපයකි! :-)
Deleteලියලා තියෙන ඒවා යකාට පලච්චේ... ඒත් අර අන්තිමට දාලා තියෙන මධුර ජවනිකාවේ සිංදු පොජ්ජනං මාත් මනාපම එකක්... මට ඕකේ වචන මක් කරලවත් හිතාගන්න බැරි උනත් තාලේ අදටත් මතකයි... බන්දුල විජේවීර එහෙම සීන් එකේ හිටියා කියලත් මතකයි...
ReplyDeleteඔය මධුර ජවනිකාවේ නාට්‍ය පිටපත පොතක් හැටියට ගහලා නැද්ද.. සල්ලි දීලා අරං හරි කියවන්ට ඕන එකක් ඕක... (මට සාමාන්‍යෙයන් නාට්‍යයක් බලනවාට වඩා නාට්‍ය පිටපත කියවන එකේ රසයක් දැනෙන ලෙඩක් තියේ.. :D )
ඇයි පොඩි තැන මේ මෙහිම ලියා ඇත්තේ:
Delete"මධුර ජවනිකා හෙවත් හිංගල වංශය' හා 'ආනන්ද ජවනිකා' නාට්‍ය නිමවා නොනවතින ගුණවර්ධනයන්, නාට්‍ය පෙල ඇතුලත් අපූරු ග්‍රන්ථ යුගලයක්ද නිර්මාණය කරයි"
මම කලින් මල්ලි පුබුදු සින්දුව අහල තිබ්බත් කකා කියනව වගේ ඒකෙ සමහර වචන මොනවද කියල දැනගත්තෙ තිස්ස අයිය ලියල තියෙන ඒවයින්.
ReplyDeleteසාහිත්‍යනං ඉතිං සමහරවිට අර සිංහල ටෙලි නාට්‍ය වගේ තමයි.
ආනන්දෙට සියවසක් ගිය තැන හැදුනු නාට්‍යයක්නේ මේක
Deleteඒ කාලේ ඕවා ගැන උනන්දු ආනන්දීයෝ දන්නව ඇති ඔය ගැන
පියතුමාගෙ කවිය මෙබඳුනම්, දේවමෑණියන්ට කළ යාඥාව කෙබඳු ඇද්ද? :D
ReplyDeleteකොහොම වුණත්, කවියට යොදා ඇති තනුවනම් ඉතාම මිහිරියි.
යුග ගණනාවක් සම්බන්ධ කරගෙන ලියවුනු අපූරු ලිපියක් තිස්ස අය්යා.
බන්දුල විජේවීර නිසොල්මනේ අඬහැර නොපා පෙළහර පාන්නෙක්!
Delete[ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක! ] -
ReplyDeleteඅඩුම ගානේ පහල තට්ටුවකට වෙලාවත් ඉන්න එක ලොකු දෙයක් මේ යන යැවිල්ලට. ඉදිරියෙදි පල්ලෙහා තට්ටුවයි,පොත් ටිකයි එලියටම විසිවෙයිද දන්නේ නැහැ. එදාට අපිට කලිසම් නැතුවම පොත් සාප්පුවලට යන්න බැරියයි.
දවසේ කොමෙන්ටුව!!!
Deleteආනන්ද ජවනිකා හිතේ මැවුනා. කිව්වත් වගේ 'මල්ලි පුබුදු ' සින්දුවේ තේරුමනම් දන්නේ නෑ . පුළුවන් නම් හොයලා දාන්නකෝ
ReplyDeleteමේ ලිපියෙම ඒක කියා තියනවා:
Delete"එතුමා විසින් විරචිත 'ආරණ්‍ය වැණුමක්' ප්‍රබන්දය ඇසුරෙන් පළමු පෙල ගෙන, පැරණි ගැටපදාචාර්‍යවරුන් ගත් මගම යමින්, අරුත් පැහැදිලි කරමින්, එයට මනරම් දෙවැනි පෙලක් එක්කරන්නේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. තණුව බන්දුල විජේවීරයන්ගෙනි. වරහන් තුල ඇත්තේ මුද්‍රිත පොතේ ඇති පදයි."
මම නරි බෑණා නැරඹුවෙ කුඩා කාලෙදිමයි මම හිතන්නේ ඒ කාලේ ඉන්න ඇත්තේ එහි මුල්ම නළුවොයි. මට ඒකෙ සිංදු සිංහබාහු නාඩගමේ සිංදුවලට වඩා නැගලා ගියා. අදටත් එහෙමයි. දයානන්ද ගුණවර්ධනට මොකද උනේ?
ReplyDeleteමටත් එතුමගෙ නිමැවුම් වල ලකයක් තියනව.
Delete"එතුමා සුරපුර වැඩියනෙ - අපේ තියෙන අහේතුවට"
පොත් සාප්පුවකට ගියාම මමත් ඉස්සරවෙලාම යන්නෙ පරිවර්තන පොත් ගොඩ අවුස්සන්න. ඒ ඇයි දන්නවද? නියම සිංහල සාහිත්‍ය තියෙන්නෙ ‘මල් පොත්‘ තට්ටුවකට යට වෙලා නිසා. ඒ තට්ටුව හාරල වටින පොත් හොයා ගන්න අපේ දුවන ජීවිතත් එක්ක අපිට වෙලාවක් නෑ. වටින මැණික් අපිට හොයා ගන්න බැරි වෙන නිසාම පොළොවට පස් වෙලා යනව.
ReplyDeleteපරිකල්පන ඊ-වොලී පින්තූරයක් දාන ඉන්නෙ ඇයි කියා තේරේ :-)
Deleteමේක දැන් දවස් තුන හතරක් ආයි ආයි කියෝනව. තාම බැරි උනා කොතනින් පටන් අරන් කොතන්ට වෙනකල් වදිනවද කියල හරියටම හොයා ගන්න.
ReplyDeleteවෙනම ගැටපදයක් ලියල දෙන්න කියල ඉල්ලනව මේ ගැටේ ලිහා ගන්න.
"අකුරු කොටන ඔය දෑතට දෙවි රැකවරණයි"!!
අනෙ අප්පේ ආයිබෝවංඩ වදින්ඩ ලියන්ඩ නෑ දස්කං
Deleteඑව්වට පේටන්ට් තියනා අය ඉන්නව
ගැටයක් නෑ - සොබසාවට යන කල හා විමංසාවක් ඉතරයි!
Dear Tissa
ReplyDeleteExcellent addition. To me Dayananda Gunawardena is a genius and Madhura Javanika is one of the greatest Sinhala dramas ever. Similarly Bak Maha Deege remains one of the best Sinhala films. Some information about him is available at http://www.dayanandagunawardena.org/ but not enough. Though some of the scenes of Madhura Javanika are available on YouTube “තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානා” is not one of them. Try as much as I may, I could not find a DVD either. So this post is very valuable to me. By the way what are the titles of the two books by Dayananda Goonawardena?
ඔබතුමාට බොහොම ස්තූතියි හරවත් ප්‍රතිචාරයකින් සංග්‍රහ කරනවට අපට නිතරම
Delete"මධුර ජවනිකා" රූපවාහිනියේ සුනිල් සරත් පෙරේරා යුගයේදී බලන්න ලැබුණා රූපවාහිණියෙන්ම
නාට්‍ය දෙකේම ඩී වී තැටි නැති එකනම් කණගාටුවට කරුණක් අප කාටත්
රූපවහිනියේනම් වී එච් එස් පටි ඇතිවා නිසැකයි
පොත් වල නම් මෙහෙමයි
1. හිංගල වංශය හෙවත් මධුර ජවනිකා - විසිදුනු ප්‍රකාශකයෝ - දැනට මුද්‍රණයේ හෝ පිටපත් නැත - විශ්ව විද්‍යාලීය පුස්තකාලයකින් පිටපතක් ලබාගතිමි
2. ආනන්ද ජවනිකා - සර්වෝදය විශ්ව ලේඛා - රාවතාවත්ත මොරටුව - තව පොත් දෙකක් ඉතිරිව තිබුණා මේ සැප්තැම්බර් වල එතැන පොත් සාප්පුවේ. මම ගත්තෙත් එතැනින්
Agree with you - Dayananda Gunawardena is a genius - That was an era when there were paintings painted on the stage . Dayananda Gunawardena, Sugathapala de Silva, Bandula Vithanage, Dharamasiri Bandaranayake are the leading painters. Alas, where are we now - one by one we lose them - no replacements. Where are we heading to. I feel hopeless when I think.
Deleteමේ නම් ලැයිස්තුව ඉස්සරහට දික්කරන ක්‍රමයක් පෑදෙන්නේ නැති එකයි දුක සමන්මලී
Deleteනාට්‍ය කියන්නේ උද්ඝෝෂණ, ඇනුම්පද, උපහාස, ප්‍රහසන වලින් විතරක් පිරිල දැන්
යම් ගවේෂණාත්මක නාට්‍ය තැනෙන්නෙම නෑ
අශෝක හඳගම මේ මාවතේ හිටිය - දැන් ඒ හඳගමත් නෑ
ජයන්ත චන්ද්‍රසිරිත් නෑ
Many thanks Tissa
ReplyDeletePlease call me Lasantha (Obathuma makes me feel like a politician!) I used to enjoy Bak Maha Deege, almost every weekend. A glass of red wine with Bak Maha Deege; I was in haven. Unfortunately all the websites that used to have the film have now taken it off, perhaps due to copy rights issues. Thankful if you could upload the original versions of Aadara Hangum and Malakin Malakata, ideally with the clip of the film. The way Dayananda Gunawardena weaves romance, excitement, probity, virtue and innocence into these songs is sheer genius. By the way, Silumina runs Prof Sunanda Mahendra’s autobiography, where Mr Gunawardena features a lot. Thinking about Dayananda Gunawardena reminds me of a line in the Neinage Suuduwa segment of Madhura Javanika – “එතුමා සුරපුර වෙඩියේ අපේ තියෙන අහේතුවට”.
බලමුකො මේ දේසපාලන මහත්වරු හින්ද අපට මේ හොඳ වචනත් නැතිව යන හැටි :-)
Deleteඔය "එතුමා සුර පුර..." කියන එක මමත් දැම්ම මෙතනම ප්‍රතිචාරයක :-(
හොඳයි මේ අඩවියේ පිටුවක් තියනව "ඔබ කැමති ගී" කියල - එතැනට දමන්නම් "බක්මහ දීගේ සින්දු ටික"
මේ ආත්මයෙම නිවන් දකින්න ඔනා (හබයි බොහොවක් කල් මේ බ්ලොග් එක කරල)
Deleteපළමුව මට මේ ගීය -"මල්ලී පුබුදූ" - මේ පෝස්ටුවේ තිබුණු දැකීමෙන් ඇතිවූයේ ඉහවහා ගිය ප්‍රීතියකි - ඇත්තෙන්ම ඔබේ මේ බ්ලොග් එක හද ගී පොත ලෙස හැඳින්වීම කෙතරම් උචිත දැයි මට සිතෙන්නේ මෙවන් සිත් ගත් වෙන කෙසේ වත් අසන්නට බැරි ගී මෙහිදී අසන්නට ලැබීමය - අනෙක මේ ගී හා සබැඳි අපූරුවූ ලිවිල්ලය . ඔබට බොහෝම පින්.
ReplyDeleteස්තූතියි සමන්මලී!
Deleteදයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණ සුවිශේෂය - මධුර ජවනිකාත් - ආනන්ද ජවනිකාත් - බක් මහ දීගේත් මට හරියටම කියාගන්නට නොතේරෙණ එහෙත් මහත් අපූර්ව රස මවන ආනන්දනීය රැඟුම් ය. ඒවායෙහි ගැයුම් ද එසේමය. ඒවා රැඟුම් ගැයුම් සපිරි සිතුවම් සේය. මේවා මනසෙහි ඇඳි සිතුවම් බොඳව යා නොහැකි තරම් තිරය.
ReplyDeleteමල්ලී පුබුදු ගීතය අහල පුරුදු බවක් මතක නැහැ.
ReplyDeleteඒ උනාට සෑහෙන හුරු පුරුදු ගතියක් හිතට දැනුණා, මේ ලියල තියෙන කරුණු ඔක්කොම ආපහු මුල ඉඳල බලල තව දුරටත් තේරුම් ගන්න ඕනේ.
"මමත් හැම තිස්සෙම වගේ ගන්නේ පරිවර්ථන, එහෙම වෙන්න හේතුව පරණ සිංහල පොත් වලට අමතරව ලාභ ආදර කතා ඇරෙන්න හොඳ අලුත් පොත් අඩුයි කියන මානසිකත්වයෙන් මම ඉන්න නිසා වෙන්න ඕනේ."
හැබැයි ස්වයංජාත, භවතුරු යට, සෙන්කොට්ටන්, දුම්බර නිළමේ සහ සීරුමාරුව වැනි රසයක් තියෙන අලුත් කතා පොත් මම අත අරින්නෙත් නැහැ. ඒ පොත් මම ගත්තා, සහ රස වින්දා.
නමුත් හැමදාම වැඩිපුර ගැනෙන්නේ පරිවර්තන...
තිස්ස අයියාගේ පෝස්ට් එකේ අවසාන කොටස කියෙව්වම මුලින්ම දැනුනේ ලැජ්ජාව කියන හැඟීම. ඒකට හේතුව අපි උඩින් පල්ලෙන් රස විඳින්න හුරු වෙච්ච කොට්ඨාශයක් නේද කියල හිතිච්ච නිසා.
අපි කියවන පරිවර්තන පොත් වල මුල් පොත් අපේ පොත් වගේ නැතිවෙන එකක් නැහැ කියල මට හිතනවා.
ඒත් ෂුවර් නැහැ, ලෝකේ දැන් දුවන්නේ සල්ලි උඩනේ.
ඔව්වයේ වටිනාකමක් දැන් උන්ටත් තියෙනවද දන්නේ නැහැ
හැබැයි ඔය විදෙශියෝ කියන බහුතරයකට අපේ උන්ට තියෙන මොලේ අමාරුව නැහැ කියල මම හිතනවා. උන් උන්ගේ දේවල් අගයනවා.
නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ විදේශිකයෙක් ආවොත් ඌ කියන එකට එහෙයි කියාගෙන ඉන්න,
පුදුම කාලකන්ණි මානසිකත්වයක් තමයි අපිටත් තියෙන්නේ.
ජය හා සතුට
මමත් උඩින් පල්ලෙන් රස විඳින කෙනෙක්ම තමයි ලොකූ
Deleteහෙමින් හෙමින් ඒ හැව ඇරලා ටිකක් වෙනස් විදිහේ වින්දනයක් ලබාගන්න මමම දරපු උත්සාහයක් තමා මේ මුලු බ්ලොග් එක පුරාම තියෙන්නේ
මුලින්ම මේක දුකක්ය කියල තේරුම් ගන්න කියලනේ කියල තියෙන්නේ නේද?
එතන ඉන්නව කියන්නේ මාර්ගයට වැටිල කියලනේ නේද?
සී සී අයියා කැතයි වැඩේ, හරි නැහැ හොඳේ,
ReplyDeleteසාමාන්‍යයෙන් ලකේට අඳින පළඳින ඔයා, දයානන්ද ගුණවර්ධනයන්ගේ පොත් හොයන්න යන්න විතරක් කබ්සිකබ්ල් කලිසමක් ඇඳගෙන යනවා කියලා එතුමා උන්න කාලෙක එතුමා දැන ගත්තා නං එහෙම කණගාටුවක් නොදැනී තියෙයි කියලා කාට ද සහතික වන්න පුළුවන්?
ඇරත් ඔයාලා වගේ සාහිත්‍යයට ලැදි උදවිය ජැන්ඩි පහට ඇඳලා කරලා,
ඔය කොළඹ තියෙන ප්‍රසිද්ධ පොත් සාප්පු ඔලට ගිහින් සතියකට සැරයක් දෙසැරයක් අහලා කරලා හෙව්වා බැලුවා නං මේ සඳහන් කරලා තියෙන පොත් ගැන,
ආන්න එතකොට මාකේස්ලා කොයියෝලා ස්වතන්ත්‍ර ලිවීම පැත්තකින් තියලා දයානන්ද ගුණවර්ධනයන්ගේ පොත් සිය බසට පරිවර්තනය කිරීමේ මහඟු කාර්යයට අත පොවන හැටි දැක ගැනීමේ භාග්‍යය අපට උදා වන්න තිබුණා. දැන් එතකොට කවුද වැරදි? :D
C C I R කියා පටන් ගත් ඔබේ උපහාසය හොඳ හැටි විඳගත්තෙමි! යසයි :-)
Deleteමම වසන්ත. ගුණවර්ධන මහත්තයාගේ බාල පුතා. අනේ මට බනින්න නං එපා එතුමගේ විස්ථර http://www.dayanandagunawardena.org/ එකට දාලා නැහැ කියලා. මම තාත්තාගේ නිර්මාණ වල විස්තර ඔක්කොම ස්කෑන් කරලා වෙබ් එකට දාන්න සූදානම් කරනවා www.naribena.com තවත් එකක්. රාජකාරි වැඩ නිසා ඒක පසු වෙනවා සමාවෙන්න. මධුර ජවනිකා පොත නැවත විසිඳුනු මුදුණය කලා. මේ දවස් වල එතන ප්‍රදර්ශනයක් තියෙනවා. ආනන්ද ජවනිකා පොත ඕනැනම් මට ඇමතුමක් දෙන්න නැත්නම් web contact us එකට ඊ මේල් එකක් දාන්න.
ReplyDeleteඅන්තිම කොමෙන්ටුව දැක්කාම තාත්තා ආනන්ද ජවනිකා නාට්‍යෙය් “වැල කෑ පබිලගේ“ ජවනිකාවට ලියපු දෙබස් ටික මතක් උනා. “ගොඩයෙක් හඳුනා ගන්න හැටි“. සුන්දරයි. :)
ඔබට බොහොම පින් වසන්ත මහත්මයා
Deleteඅන්තර්ජාලය දියුණු මෙකල ඒ වාගේ වැඩක් කිරීම ඉන්තේරුවෙන්ම සද්ක්‍රියාවකි
හරි සතුටුයි වසන්ත....යමක් පාඨකයින්ට ඉතුරුකරන්න.
Delete