පෙම් සුවඳයි මංගල සිරිදෙයි...



 
පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැලවෙති තුරු සෙවණේ....

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....

පෙම් සුවඳයි....

අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා... 

පෙම් සුවඳයි.... 

 
 

[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.

"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]

21 comments :

  1. සිංදුව ගෙදර ගිහිල්ලා අහන්නම්..වැලන්ටයින් දවසට නෝනාට තෑග්ගක් වගේ...

    ReplyDelete
  2. // මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන
    මම ඔබෙ රුව අඳිමි හඳේ
    ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....//

    හ්ම්ම් මොන තරම් ආදරණීයද ?

    ReplyDelete
  3. Lassana parana sindhuwak...
    Sindhuwak satahanakuth ooni thamayi dooo :-) dooo kiwwe aadhareata hondhadha :-O

    ReplyDelete
  4. දවසට ගැලපෙන ගීය. සත්‍ය ප්‍රේමයට පූජාවක් වගේ

    ReplyDelete
  5. බොරු මොකටද මමනං අදමයි ඇහුවේ සින්දුව...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හැපි වැලන්ටයින් දිනයක් වේවා..තිස්ස..

    මේ සින්දුව අහලා ඒක කියන්න අමතක වුනොත් එහෙම..:))

    ReplyDelete
  7. අද සෙට් වීමක් තියේ. හෙට නීලගේ මාස්ටර් සර් . . (රුචාලා බලන් ඉන්නවා උඹ අනිවා එයි කියලා) අනිද්දට තමා සින්දුව අහන්න වෙන්නේ මචෝ

    ReplyDelete
  8. ඇත්තටම සුපිරි ගීතයක්.. සැරදේවා පෙම්වතුනි...

    මේ සින්දුවයි අර ප්‍රේම කරමු සැවොම එක්වෙලා ගීතයයි එකට අහලා බලන්න ඕන වෙනසේ තරම....

    ReplyDelete
  9. ගීතයටත් පසුබිම් කතාවලටත් ස්තුතියි තිස්ස.. අර කතවෙ හැටියට ජෙනට් රේඛාවෙ රඟපෑවානම් අපිට තවත් ප්‍රවීන නිලියක් නොලැබෙන්න තිබුණා..

    ReplyDelete
  10. //පෙම් ගඟුලේ දිය බුං ගසලා
    අපි කිමිදෙමු නාමු ප්‍රියේ....//

    මේක නම් කරලා බලන්ට ඕනි.:D:D:D

    ඔබ දෙපලට සුබ ආදරවන්තයින්ගේ දවසක්!!!

    ReplyDelete
  11. දවසට ගැලපෙන නියම ගීයක්.. ගෙදර ගිහිං තමා අහන්න වෙන්නේ...

    ReplyDelete
  12. සින්දුව වගේම පසු සටහනත් නියමයි.
    ඔක්කොටම වැඩිය අර උඩිං දාල තියෙන කොලේ කොහෙන්ද හොයාගත්තෙ තිස්ස අයියා.

    ReplyDelete
  13. "කියන දේ නාහ යන තෝ මඟදි කොටියම කාපිය" කියල මම ලියපු මේ කතාව දැක්කද? උඹව කොටිය කාපිය කිව්වෙත් අන්න එහෙමම තමා. ස්තූතියි තිසා.

    "රතදර" කියන වචනෙ නියම තෙරුම දෙන රතු දල්ලක් හම්බුවෙලා තියෙන්නෙ. දැක්කම කිළිපොලා යනව...!

    ReplyDelete
  14. අනේ ඔව් , මාත් හරිම ආසයි මේ පසුබිම් කතා කියවන්න. බොහෝම ස්තිතියි

    ReplyDelete
  15. ප්‍රේමය,ආදරය යනු වචන මාත්‍රයක් වුවද එම සත්වයා එකට බැඳ තබන හුය වූ කලී එම වචන මාත්‍රයන් තුළ ගැබ්වී ප්‍රේමයෙන් බැඳෙන්නාවූ එකිනෙකාගේ සම් මස් නහර ඇට ඇටමිදුළු විනිවිද දුවන එක්තරා ධර්ම තාවයක් යැයි සිතමි.අපි සසර පුරාවට ඇදගෙන යන්නාවූ මේ බැඳීම් ඇතැම්විට අපට හුරුපුරුදු බැඳීම් යැයි එක්වරම හැඟෙන්නේ ඒ නිසාවෙනි.එනයින් හැඟෙන්නේ අප මුල්වරට හමුවූයේ නම් මේ භවයේදී පමනක් නොවන බවමය.අනන්ත සසරේදී අප නොයෙක් අයුරින් හමු වී ඇත.
    සසරේ පුරුදු ලෙසින් මේ වසන්තයේදීද ඔබ මා යළිත් හමුවූ බැව් මෙමට දැනේ..මේ උදා වී ඇත්තේ වසන්ත සමයක්මැයි..ඉදින්..
    ප්‍රේම කතාවෙන්..ආලිංගනයෙන් තොරව මේ මොහොත හිඳින්නේ කෙසේදැයි අසමි..එන්න..ප්‍රියාවිය මේ ප්‍රේම සාගරයේ කිමිදෙන්න..ඒත්....

    "පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
    එය දෙනතුරු ඉවසන්නා
    එය දෙන තුරු ඉවසන්නා...."

    මේ..

    සුලා..

    ReplyDelete
  16. අද දවසට ගැලපෙන ප්‍රේමය උතුරා ගිය ගීතයක්.

    ReplyDelete
  17. අදමයි ඇහුවේ....
    මරුනේ....

    ReplyDelete
  18. තිස්ස අදටම ගැලපෙන ගීයක් නොවැ දමල තියෙන්නෙ. ගොඩාක් ස්තූතියි මේ ආදරණීය සටහනට.

    ReplyDelete
  19. ගීතය ලස්සනයි.
    තොලුත් සිත්ගන්නා සුලුයි (කොලේ) ;)

    D.P.

    ReplyDelete
  20. පායන සඳ සේ මෝරයි අහසේ ගීතයත් අශෝකා චිත්‍රපටියේ ද?

    පි.එල්.ඒ සෝමපාලත් හින්දි තනු කොපි කරලා තමන්ගේ නම දගත්තු පොරක්!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets