"සිංදු පහයි පයිට් දෙකක් ඇති 'ජීවන ගංගා' චිත්‍රපටිය, පවුලේ ඇත්තේ කෙට්‍ටු තුන් දෙනෙක් නම්, කෑලි තුනේ එක පුටුවේ හිඳ හිරිකිතයක් නැතිව බැලිය හැකි, 'පවුලේ' වර්ගයේ එකකි. එහි ඇති 'නුපුබුදු තැඹිලි මල්' දර්ශන එකකින් දෙකකින් වත්, සිකැරට් අරක්කු බොන දර්සන කිහිපයකින් වත්, කාගේ වත් හිරි ඔතප් බිඳෙන්නට කාරණා නැති තරම්ය. ෆරීනා ලායිගේ මනස්කාන්ත රැඟුමකුත් ඇත. රොබින් ප්‍රනාන්දු හා විල්සන් කරූ අතර 'තග දාන' දර්සනය, කාලෙකින් අසාගත හැකි දෙබසකින් වර්ණවත්ය. ඉන්පසු 'ඩුෂා...!' ලෙස සටන ඇරඹේ. 'තාන තිනානේ තරඟෙට ගහන රබානේ - රණ මොණරු නටවලු තරඟෙට කිඳුරු විමානේ - දොන් දොන් දොන් දොන් දොන් හරමානිස් - බලාගෙනයි දැලේ වැටෙයි කොලඹ සුවාරිස්' - යන සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක. 1974 දෙසැම්බර් 20 තිරගත වූ මේ සිත්තරේ දයානන්ද රුද්‍රිගු ගේ අධ්‍යක්ෂණයකි. භයානක ලෙස ඇස් ලොකු පූජිත මෙන්ඩිස්ද මෙහි සටන් ජවනිකාවකට පණපොවයි. ඇම් ඩී චන්ද්‍රපාලයන් රඟපාමින් තමාගේ 'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දුටු දා පටන් බැඳි ආලේ' ගීය ලක්ෂණට ගයනවාද බලාගන්නට පුලුවන. දැවන්ත නළු නිළි කන්දරාවක හා දක්ස ගායන, වාදන, සංගීත මඩුල්ලක සහභාගිත්වයෙන් නිපැයූ මේ සිත්තරේ, ඔබ සිකරැට්, අරක්කු, බීර සඳහා වැය කරන චූටි රුපියල් හයසීයක් ගෙවා නුගේගොඩ අනුලා ගෑණු ඉස්කෝලේ ලඟ ඇති තරංගා ඕඩියෝ වෙතින් මිලදීගෙන තමන්ගේ වාගේ නිමාඩු පාඩුවේ බලත හැක."
අතරින් පතර දර්සන...
හද ගී පොතට 'ජීවන ගංගා' වැදගත් වන්නේ යම් කාරණයක් නිසාවෙනි. ඒ විශාරද දායාරත්න රණතුංගයන් චිත්‍රපටි ගීතයට කල එලි බසින්නේ 'ජීවන ගංගා' චිත්‍රපටිය තුලින් වීම නිසාය. පසුබිම් සංගීතය රොක්සාමි මාස්ටර් අතින් අලංකෘත වී ඇති අතර ජස්ටින් සිල්වා හා දයාරත්න රණතුංගයන් එක්ව ගී සඳහා සංගීතයෙන් දායක වී ඇත. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මල්ලිකා පෙරේරා, දයාරත්න රණතුංග, නාලිනී රණසිංහ, අමරා රණතුංග යනාදීන්ගේ ගායනා වාණිජ චිත්‍රපටියකට සුදුසු සරල විනෝදාස්වාදයක් සපයයි. ආනන්ද සරත් විමලවීරයන් හා උපාලි ධනවලවිතානයක් ගී රචනාවෙන් දායක වී ඇත. එහෙත් සරල ගීයක්ම ලෙස මා නොගන්නා පහත ගීය ආනන්ද සරත් විමල වීරයන්ගේ හා දයාරත්න රණතුංගයන්ගේ ප්‍රතිභාවන් පිලිබඳ සාක්ෂි දරනවායැයි හිතේ. පහත පද පේළි බලන්න...
ජය කේලි බන්දන - සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී - පොබයන
අංජන නෙත් යුග - රන්මසු රන්දන
අනුරාගී මදහසිනී - වොරඳන
කවුරුද තී සොඳුරී - කිව මැන - කවුරුද තී සොඳුරී
රාජ රාජ රාවණ පරපුරෙහී - පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී - කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී - කිව මැන - කවුරුදු ඔබ රජුනී
පියරාජ අණසක - පිටුපාල සපැමිණ - තඹවන් බිම සොයමී නිවහන
චංචල තොල් යුග - මින්දද රංගන - කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී විජලිඳු - මම වන්නෙමි මධුරී
ඈත ඈත නිල් වනපෙත් කමණී - රාජ ඉසුරු සලසයි රජතුමණී
යක්සේනා බල සුන්කරලමිනී - රාජ කිරුළු හිස පලඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී - අඹර මිහිතලයට රැගෙන එමී
දස රාජ දහමින - හෙළ දූව සුරකිමු - වනු මැණ පිළිසරණා කුමරිය
රන්මිණි මන්දිර දෙන්නෙමි දොර හැර - තී මාගේ අගරැජිනී මියුලැසි
සරසමු රන්දීපේ - දද බැඳ - සරසමු රන්දීපේ
නන්දන රූ සිරිනී - පොබයන
අංජන නෙත් යුග - රන්මසු රන්දන
අනුරාගී මදහසිනී - වොරඳන
කවුරුද තී සොඳුරී - කිව මැන - කවුරුද තී සොඳුරී
රාජ රාජ රාවණ පරපුරෙහී - පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී - කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී - කිව මැන - කවුරුදු ඔබ රජුනී
පියරාජ අණසක - පිටුපාල සපැමිණ - තඹවන් බිම සොයමී නිවහන
චංචල තොල් යුග - මින්දද රංගන - කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී විජලිඳු - මම වන්නෙමි මධුරී
ඈත ඈත නිල් වනපෙත් කමණී - රාජ ඉසුරු සලසයි රජතුමණී
යක්සේනා බල සුන්කරලමිනී - රාජ කිරුළු හිස පලඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී - අඹර මිහිතලයට රැගෙන එමී
දස රාජ දහමින - හෙළ දූව සුරකිමු - වනු මැණ පිළිසරණා කුමරිය
රන්මිණි මන්දිර දෙන්නෙමි දොර හැර - තී මාගේ අගරැජිනී මියුලැසි
සරසමු රන්දීපේ - දද බැඳ - සරසමු රන්දීපේ
නව සිනමා චිත්‍රපටි සමාගම විසින් ඩිජිටල් තාක්ෂණයෙන් නැවත එළිදක්වා ඇති මේ චිත්‍රපටිය මා හට තෝරා දුන්නේ මාගේ බිරිඳයි. එයින් ඉහත කී ගීය සම්පූර්ණයෙන් උපුටාගැනීම නීතිප්‍රකාරව කල නොහැකි නිසාවෙන් තැවෙනා කල්හී, මා විසින්ම අවුරුදු තිහකට පමණ පෙර කැසට් පටියකට ගුවන් විදුලියෙන් පටිගත කල මෙම ගීය හමුවිය. තැනින් තැන ශ්‍රවණ තත්වයේ බාධාවන් ඇත්තේ කැසට් පටියේ පැරණි කම නිසාය. චිත්‍රපටියේදී නාලිනී රණසිංහයන් හා එක්ව ගැයූවද පහත හඩ ගොණුවේ ඇත්තේ පසුකාලීනව අමරා රණතුංගයන් හා එක්ව ගැයූ ගීයයි...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක.
ReplyDeleteඑච්චර ඉක්මනට ඒක වෙනවද :D
නියම විස්තරයක් තිස්ස අයියා.
ඔය චිත්‍රපටි වල ඔහොමනේ කාලය හකුලුවා පෙන්වන්නේ :-)
ReplyDeleteඅද තතමයි මමත්දැන ගත්තේ මේක චිත්‍රපට ගීතයක් කියලා.
ReplyDeleteමම කැමතිම ගීතයක්
ස්තුතියි
සෝනියා දිසාගේ ලස්සන ඒ කාලේ... අපි චිත්තරපටි බලන්න ගන්නකොට මෙයා අම්ම, නැන්දා චරිත කලේ...
ReplyDelete//'නුපුබුදු තැඹිලි මල්'//
අනේ මන්ද මේ දර්සන මොන වගේද කියලා.... ගීතයත් අහලා නෑ.. ගෙදර ගොහින් අහන්නම්.. අර ඇඩ් එක ඇහුවහම නං දැම්ම චිත්‍රපටිය අරං බලන්න හිතෙනවා...
සුසර: ඒක නෙවෙන්නම්, අපේ ගෙදර ඇත්තන්ගේ තෝරා ගැනීම තමා :-)
ReplyDeleteතිසර: අමාරුවෙන් කපල කොටල ඕං ඔය ට්‍රේලර් එකක් හදල දාල ඇති - අතරින් පතර දර්සන කියල - ආං ඒකේ ඇති
අනෙක ඔය තොටගමුවේ රාහුල හාංදුරුවංගේ කවියක කෑල්ලක් නෙව තිසර
"නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්"
දඟ යුග - ජංඝාස්ථි යුග්මය - shinbone pair :-)
මේ සින්දුව අහන්න තේරුම් ගන්න නම් සිංහල ඩික්ෂනේරියක් ඕන වෙයි වගේ...ඔය කියපු කඩේට ගිහින් බලන්න ඕනෑ චිත්‍රපටිය ගන්න පුළුවන්ද කියලා..
ReplyDelete:D
අපි කොල්ලො ටික වේයන්ගොඩ සීගිරි හෝල් එකේ මේ චිත්‍රපටය බැලුවා මතක් වුණා 1974 දි .
ReplyDeleteමේ ගීතයට අපි ඒ කාලේ පිස්සු වැටිල හිටියෙ.
ඉමිහිරි මතකයක් සමගින් වටිනා ගීතයක් ලබාදීම ගැන තිස්සට බොහොම ස්තූතියි.
අර කිවුවත් වගේ බලාන්ටකො සෝනියාගෙ ලස්සන ඒ කාලෙ..
ReplyDeleteඅනේ මන්දා නුපුබුදු තැඹිලි මල් කිවුවහම මං හිතුවා ඔයිට වඩා ඇතිය කියාලා.. අනෙක මේ 1974 කාලේ.. ;)
මුලු ෆිල්ම් එකම බැලුවා වගේ. අර මුලින් ඉන්න නලුවද පස්සේ ගිහින් අර කවුද වැඩියෙන් හිනාවෙන එක්කෙනෙක් එක්ක බියර් බොන්නේ. බියර් බීවාම වැඩි වෙනවලුද?:)
ReplyDeleteපියානෝ ගහනකොට රබන් සද්දේ ඇහෙනවා නේද හී හී...
අර බෝයි ලස්සනට නටනවා.
ඒ කාලෙත් කට්ටිය 'මම ඔයාට ආදරෙයි ' කියලා නේද?:D:D:D
වෙනස්ම විදියක සටහනක් තිස්ස...
මම කීවේ හරිම රසවත්...
රූ: ආදරයෙන් මුසපත් වුණහම ඔව්ව නිකම්ම තේරෙනව කියලයි ඉරිසින්නාංසෙලා කියල තියෙන්නේ
ReplyDeleteයන්ට යන්ට - එතැන ඕසෙට තියේ ඔව්වා :-)
Halapa Kade: මේං රිදී තිරේම බලාපු මහතුන් කෙනෙක් - ඒ කාලේ හදාපු එකක් කියලනම් හිතෙන්නේ නෑ අප්පා ඒ සින්දුව - අකාලික එකක්
Buratheno: සෝනියා බර්ගර් සම්භවයක් ඇත්තියක් කියලයි කියන්නේ - ඒක වෙන්ටෑ - ඇයි අග්‍රා සජීවනීත් හොඳා නෙව?
පලිපාන මැතිනිය: ඒකනේ එයාම තමා - ඒ වැඩේට ගිහිල්ල පවුලත් කඩාන හිට හිරෙත් යනව - ට්‍රේලරේ හොඳට රස විඳල වාගේ...
ඔය වචන තුනක් අකාලිකයි නෙව - ගොලු කෙනෙකුට පවා කියනු හැකි :-)
"නුපුබුදු තැඹිලි මල් - ඇගෙ දඟ යුගට මනකල්"
ReplyDeleteදඟ යුග - ජංඝාස්ථි යුග්මය - shinbone pair :-)
මචන්, දන්නේ නැති හින්ද අහන්නේ, 'ජංගිය' හැදුනේ මේකෙන් නේද ?
manjula
හොරෙන්ම කියෝලා ගියාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනානේ ..
ReplyDeleteඅපොයි මේ අර විජය කුවේණිට බැල්ම දාපු සින්දුවක්නේ ..
මේ මෝඩිත් ඉතින් තියෙන අහු වුනානේ . සින්දුව නම් සරල ගීයකට වඩා වෙනස් තමයි. සිත්තර පටිය නම් බලල නැහැ .
ඔය අනුෂා හෝල් එක දැන් හරිම කබල් වෙලානේ . ඔය අනුෂා කියන බෝඩ් එකේ '' අ ''යන්න දැකල ඒ කාලේ අකුරු කියෝපු පොඩි එකෙක් අන්න අම්මේ අයන්න කියල බස් එකටම ඇහෙන්න කෑගහපු කතාවක් මන් අහල තියෙනවා .
'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දුටු දා පටන් බැඳි ආලේ' . හ්ම්ම්ම් හරි අපූරුයි ඒ ගීතයත්. ඒ කාලේචිත්‍රපටි වල ෆරීනා ලායිගෙ නැටුමක් වරදින්නෙ නැහැ.
ReplyDeleteමැණික්
කවදා බලපු පික්චැර්ද අප්පා! :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මෙම නිර්මාණ දෙස සහ අද නිර්මාණ දෙස බලන්න. තාක්ෂණය උසස්. නමුත්, බොහෝමයක් නිර්මාණ අර්ථ ශූණ්‍යයි.
ReplyDeleteතිස්ස අයියා මෙන්න ෆිල්ම් . පයිට් 3 යි , සින්දු හයයි , කොස්ටියුම් 12යි .කොමේඩි 4 යි .
ReplyDeleteරසවින්දෙමි
manjula : අනේ මන්ද මන්ජුල :-)
ReplyDeleteබින්දි: අහුවුණා නේන්නම් - පණ්ඩුකාභය නොවෙන්න විජයලටම ගිය රට වෙනව
හයියෝ 'අනූෂා' සැහෙන්න දූෂණය වෙලා
දවසක් මම පයිට් පිලිං එකක් බලන්න ගිය වෙලාවෙක් පොලේ මනුස්සයෙක් ඇවිත් යාලුවාගේ නම හයියෙන් කථා කරලා 'ගාමිණී - තරාදිය කොහෙද තියල ආවේ බං...???' කියල ඇහුව :-)
මැණික්: මැණික්ට ඉතින් ' රන් මැණිකේ මගේ ' සින්දුව අපූරු නොවුණනම් තමා පුදුමේ..
අඩවි රජ: ඉඳ හිට සොයන් බලන්න - එකල රාජ සම්පතේ තරම පෙනේවි :-)
JP: අන්න JP - formula එක !!!!
මේ ගීය මාත් අහලා තියෙන්නෙ දයාරත්න රණතුංගයන් හා අමරාගේ ගීයක් ලෙසයි තිස්ස. නාලිනී රණසිංහ කියාපු බව දන්නෙ නෑ. ඇගේ ගීත කීපයක්ම මම කැමති ඒවා තියෙනවා. මළවුන් ගේ නගරයේ ඔබයි මමයි හමුවුනා........... අබේවර්ධන බාලසූරිය සමඟ ගයන ගීය ට හරිම කැමතියි. මේ චිත්‍රපටය ලඟකදී රිදී ටීවී එකේ පෙන්වූවා. ස්තූතියි ! සටහනට.
ReplyDeleteපුදුම වැඩක් චන්දි අක්කේ - මම මේ කමෙන්ට් එක කියවන කොට "මළවුණ්ගේ නගරයේ" ගීය - ගුවන් විදිලියේ යනවා - හිතන්න පුලුවන්ද???
ReplyDelete[ඒක කියන්නේ නිරංජලා එක්ක අක්කේ හැබැයි - ඒත් මෙතන නාලිනී රණසිංහ ගේ ගීගොඩක් තිබේ - වර්ගයක් තෝරන්න කියන එකේ ඒ නම සොයන්න - ගීත ලැයිස්තුවම ලැබේවි]
මං මේ සින්දුව කලින් අහපු බවක් නම් මතක නෑ... එතකොට එහෙනම් මේක තමයි දයාරත්න රණතුංගගෙ පළමු චිත්‍රපට ගීය...
ReplyDelete'රන් මැණිකේ මගේ..' සින්දුවට නම් මම ආසයි... ඒක පුංචි කාලෙ මාමලා හෙම කියනවා අහල තියෙනවා... අර ඇඩ් එක නම් මරු.... හොඳට රස වින්දා... බොහොම ස්තුතියි ඒකත් එක්කම පෝස්ටුව දැම්මට...
නියමයි මම තවමත් හිතාගන්න බෑ ඔයා කොහොමද රසායන ඉන්ජිනේරුවෙක් උනේ කියලා
ReplyDeleteගාමිනී
Miyuru: ජයවේවා මියුරු - ඒක නාට්‍ය ගීතයක් ලස්සනයි තමා
ReplyDeleteගාමිණී: ආයිබෝවන්ඩ ගාමිණි! පිට රටක ඉඳන් වුණත් ඔයගොල්ලෝ මේව රස විඳින එක තමා වටින්නේ වැඩියෙන්ම..
අර ඉංජිනේරු කථාව නම් මමත් දන්නේ නෑ කොහොම වුණාද කියල කියල ගාමිණී.. :-)
සිංදුව නොඅසා පෝස්ටුවද හරියට නොකියවවා කොමෙන්ට් එකක් දමමි.. ඉඳල හිටල එහෙමත් කරන්න ඕනේ..
ReplyDelete