ගංගා කඳුහෙල් පසු කරලා..ඇල්ලේ රිදී දිය නාලා..
පියා ගෙදර ආවා.. ආවා...
පියාදරය ආවා...
පාර බලා ඔබ එනතුරු සිටියා ආදරී... ආදරී...
දකිනා තුරු ඔබ මා නම් සිටියේ සෝකෙනී... සෝකෙනී....
රන්වන් කරළින් බරවීලා.. සැළෙනා ගොයම් මනහාරා..
බලන් ඉන්නකෝ මේ සිරියා.. සෙමින් තුරුළු වීලා..
පුන්සඳ කාළෙට ආදරයේ රස ඒ නැගී... ඒ නැගී...
ලස්සන ගම්බද පැල්වල සම්පත මා දනී... මා දනී...
ලස්සන පුන්සඳ නැග එනවා... විලේ කුමුදිනී හිනැහෙනවා..
අපේ ආදරේ රස නංගා ගලා යාවි ගංගා..සිංදුව අහන්න..
ගායනය: ඉන්ද්‍රානි විජේබණ්ඩාර

33 ප්‍රතිචාර:
ස්තුතියි! බෙදාහදා ගත්තාට,
ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මියගේ මෙම ගීතය ඇසූවේද අදයි.
කෙසේ වෙතත් ඇයගේ ගීවලින් මගේ ප්‍රියතමයන් රේඛාව චිත්‍රපටයේ ගීතයි.
(සුදු සඳ එළියේ, වෙසක් කැකුළු)
:D
කෝ කතාව. කතා නැති සින්දු අපිට එපා. එපා........එපා....
තිස්ස මැතිඳුනි, ඔබට නැවත වරක් හද පිරි තුති!
එකල ඇසූ ගුවන් විදුලි ගීයක් නැවත රසවින්දෙමි.
මේ ගීතය ලිව්වේ කරුණාරත්න අබේසේකරයන් ද? සංගීතය කාගේ ද?
මට නම් හිතෙන්නේ හින්දුස්තානි තනුවක් බවයි.
ආදරේ ආදරේ නොවෙයි ආදරී ආදරී...............කොහෙන්ද අප්පා මෙව්ව හොයා ගන්නෙ? පොඩිකාලෙ ඇහුවට පස්සෙ ඇහුවෙ
බලන් ඉන්නකෝ මේ සිරියා............
හිත අතීතයට ඇදී ගියා....ඔබ කරන අගේ ඇති මෙහෙයට පිං...
අදමයි මේ සිංදුව ඇහුවෙ.. ලස්සන සිංඳුව.. :)
මේ පාර සින්දුව බා ගන්න බැරිද?
@පොත් ගුල්ලා: සාමන්‍යයෙන් උඩුගත කරන අඩවියේ අවුලක්
ඊමේලය tissa1969@yahoo.com එකට එව්වනම් සින්දුව එවන්නම්
සින්දුව ගැන විස්තර මම දන්නේ නෑ නෙව
රැස්: ඉන්ද්‍රානිගෙයි සිසිරගෙයි එකතුව හරි විසාලයි
රූ: "මල් සිනා නගන්න සුසුදු ආදරේ....."
සොසී: "හැමදාම එකවාගේ නැති ජීවිතේ...."
ඊ මේල් කවිකාරි: ඔබතුමියට බොහොම ස්තූතියි අඩුපාඩු හදා දුන්නට
ස්තූතියි මුතුපබා!
කාන්තාරේ නිමල් මහත්තයටත් ඉස්තූතියි
තිස්ස අයියාගෙන් නිතරම ලැබෙන්නේ කලින් අහලා නැති සිංදුනේ. ඒත් කතාව නැතිව සිංදුව ලුණු මිරිස් නැතිව කිරිබත් කෑවා වගේ තමා.....:(
අනේ ලස්සන සිංදුවක්. මේ ගායිකාවට තියෙන්නේ පුංචි ලමයෙකුගේ කටහඬක්නේ. මෙයාගේ 'සුදු සඳ එලියේ සහ වෙසක් කැකුලු' සිංදු දෙකට මමත් හරිම කැමතියි. :)
මට මේ සිංදුවේ ඇහෙන්නේ ඇල්ලේහිදී දිය නාලා වගේ. ඇයි දන්නේ නෑ මේ හිමින් තුරුලුවීලා ඉන්ට කියන්නේ නේද? :D:D:D
ඒ උනාට සිංදුව අහනකොට පොඩි දුකකුත් හිතට එනවා.
අහ් "ප්‍රියා"දරයත් ගොඩවෙලා තියෙන්නේ
ම්ම්ම් මමත් ගොඩක් කැමති ඉන්ද්‍රානිගේ කටහඬට
අර වචනේ එහෙමයි කියල මටත් හිතේ ඔන්න හදනව එහෙමනම්
වෙනද කතන්දර මහත්තය ඇවිල්ල මෙව්ව සුටුස් ගාල හදල දෙනව - අද සිල් අරන්ද මන්ද
පොඩ්ඩි කලබලෙං කොරස් පෙරලගෙන Aggressive ලං වෙනවට වඩා එහෙම හොඳා. තිස්සගෙ සිංදු වලිං ඉගෙනගන්ට දේ බොහොමයි.
මට නං ඇහෙන්නෙ රිදී දිය කියල. ලස්සනට ගොවි බිරිඳකගෙ හැඟීම් ලියල තියෙනවා කවියා. ගායිකාවගේ කටහඬේ ඇති බොළඳ ස්වාභාවයට කැපෙන පද මාලාවක්
තිස්ස අය්යා ගෙදර ගිහින් ..ලස්සන සින්දුව .
මට මේ ගීතය හොයලා දෙන්න පුළුවන්ද?
ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා ගායකයානණි මන බඳිනා - නීලා වික්‍රමසිංහ
සිංහල නූර්ති හැමදාම ඉල්ලන්නේ මාලඟ නැති සිංදු :-(
"සෝ ලතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතුදවසේ... මතුදවසේ..."
මම හිතන්නේ නිරංජලා කියන්නේ මේක
පොඩි කෝමල 'ආ!" කෑල්ලක් තියෙනවා කෝරස් ලයින් දෙවෙනි සහ හතරවෙනි පාරට කියන්න කලින්.
මට මතකයි මේ සින්දුව. මං අලිය ද, වදුර ඳ, කුරුල්ල ද!
"ආ" ඔය ආවේ!!!!!
මොකෙක්වත් නෙමේ, කොටියා :-)
ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන බොහෝ ගීත වල වචන සහ සංගීතය සිසිර සේනාරත්නයන්ගේ මම හිතන්නේ මේ ගීතයත් එහෙමමයි
ලස්සන සිංදුවක්.
:)
// මොකෙක්වත් නෙමේ, කොටියා //
සික් විතරක්, ඔහොමත් කියනවද මූණ බලාගෙන මං අහන්නෙ.. :))
වත් කියනවා වගේ කතා නැතිව සිංදු විතරක් අපට එපා එපා එපාමයි.. අර ලස්සන පූර්විකා නැතිව මේක දැන් හරිම පාළුයි..
ගොඩාක් කලකින් මේ ගීතය ඇහුවෙ .
ස්තූතියි තිස්ස අය්යෙ .
ඊ-මේල්-කාරී හරි!
ඇල්ලේ රිදී දිය නාලා තමයි නිවරදි වචන.
පින්තූරේ නිකන් කඳු හෙල් ගංඟා සහිත මැප් එකක් වගේ එකක් දාල තියෙන්නෙ සිංදුවට මැච් වෙන්න ද?
වචන නැත මට
කියන්නට ඔබ ගැන
එතරම්ම සොඳුරුයි
ඔබේ හද ගී පොත
තිස්ස, පියා ගෙදර ආවා? ඒ කියන්නෙ තාත්තා? එහෙමද ප්‍රියා ගෙදර ආවාද දන්නෙ නෑ නේ?
henryblogwalker the Dude
කෝ අද ලිපිය.......... :(
Whats up Tissa?
කාලෙකට පස්සෙයි ඇහුවේ . . . බොහොම ස්තුතියි ඔබට තිස්ස. මමත් හරි කැමති මියුරුතම ගීයක් . . .
ඇල්ලේ රිදී දිය නාලා . . . පියාදරය ආවා
Post a Comment