නිල් වන ලන්දේ මල් මකරන්දේ...

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුලු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආලමතින් මන්තොස වඩනා

ගිරිකුළු උරමඩලින්ද
තෙදබල නෙතු කැල්මෙන්ද
නුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද
රෑන වලා මුහුලින්ද
දියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ
නේක තැවුල් හද සින්දේ
පෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා
පියොයුරු වටකුරු ලීලා
සැනහෙමු පෙම් සිතුලෝලා
වන අරණේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් - නන්දා මාලිනී / 'මුවන් පැලැස්ස 2'

30 comments :

  1. මං ‍එකදෝ............ පස්සේ කියවන්නම්.................

    ReplyDelete
  2. හප්පේ දුවගෙන ඇවිත් කොමෙන්ට් එක දාලා බැලුවහම කියවන්න තියෙන්නේ වදන් පෙල විතරයිනේ. කෝ විස්තරේ?

    ReplyDelete
  3. ජීවිතේ කවියක්.... :)

    ReplyDelete
  4. තිස්ස අයියා හොඳටෝම බිසී වගේ...අද විස්තයත් නෑ...සින්දුවට වඩා කැමති තිස්ස අයියගෙ විස්තරය කියවන්න....

    කලින් අහලා නැති සින්දුවක්...

    ReplyDelete
  5. ඇත්තට පූර්විකාව නෑනේ...සින්දුව ඇහුවා...මාර ලස්සනයි..ශෘංගාර රසැති ගීයක්..ම්..ම්

    ReplyDelete
  6. ජීවිතේ සිත්තමක්..................:)

    ReplyDelete
  7. ජීවිතය රස විඳින කෙනාට ඒක ගීතයක්, කවියක්, සිත්තමක්...
    දුක් කරදර එනකොට මැදහත් සිතින් ඒවා විඳගන්න එව්වායින් පන්නරයක් ලැබෙනවා නේ?

    සමහර ගී කවි සිත්තම් හිතට දැනෙන සිතුවිල්ල ඒ හැටියෙන්ම විස්තර කලා වාගේ දැනිලා නැද්ද???

    ReplyDelete
  8. ඇත්තෙන්ම මේ ගීයට විශේෂ යමක් නොලිව්වා කියලා අඩුවක් දැනෙන්නේ නැත්තේ කියන්න ඕන හැම දේම බොක්කටම දැනෙන විදිහට ගීතයේ පද පේලි අතරෙම ලියවිලා තියෙන නිසා වෙන්න ඕන.

    ReplyDelete
  9. එහෙම කරන්න එපා අයියේ,සිංදුවක වදන් බලලා යන්න හද ගි පොතට එන්නේ නැහැනේ. ලස්සන මියුසික්, ඒකේ එක තැනක වරමාති සුභ චරිතේ ගීතයේ තාලයත් තියෙනවා නේද? ගොඩක් අහලා පුරුදු තාල තියෙනවා. ලස්සනයි සිංදුව. ඒත් ඉතිං ඔන්න සිංදුව විතරක් නං මදි ඈ...............

    (පුහ්..... ඉඳලා හිටලා ඇවිල්ලා කරන ඉල්ලීම් බලපල්ලාකෝ නේද?) :D

    ReplyDelete
  10. අහලා තිබුනේ නැති සින්දුවක්...හරිම ලස්සනයි. මට නම් පේන්නේ ජීවිතයම රැඟුමක් කියලා....:D

    ReplyDelete
  11. හ්ම්ම් අහලා බැලුවා. ලස්සන සින්දුවක්,,

    ReplyDelete
  12. නියම සිංදුවක් තිස්ස අයියේ....ලස්සනයි

    ReplyDelete
  13. පද බැලීමි... හඬ නොඇසීමි...

    ReplyDelete
  14. විචාරයක් ලියන්න නම් ගීය අහලා විඳින්න ඕනි ! ගීතයම වුනහම ආයි විචාර ලියන්නෙ මක්කටෙයි ?

    ReplyDelete
  15. අහලා තිබුණත් නිතර නෑහෙන.. ලස්සන ගීයක්.. ස්තුතියි අයියා..

    ReplyDelete
  16. කලින් අහලම නෑ....... හරිම ලස්සනයි " ලස්සනයි කියන එකට වඩා හොද වචනයක් මතක් වෙන්නෙ නෑ "
    මොක්ද්ද මුවන් පැලැස්සට තිබෙන සම්භන්ධතාවය මේ ගීතයේ ...

    ReplyDelete
  17. දුකා: අන්න හරි මචෝ......

    රන්: හ්ම්ම්ම්.... ඒකත් එහෙමද....
    දැනුයි මට නිනව් වුනේ - 'වරමාතී සුභ..' තියෙනවා නේන්නම්

    පොඩි කුමාරිහාමි: ඕං තවත් මානයක්...

    වර්ණා: නිර්මාපකයින් තු‍ටු වෙනු ඇත බෝ...

    මකුළුවා: මේක් මේ නන්දා මාලිනියගේ 'රන් කෙන්දෙන් බැස' සීඩී එකේ මලේ. ඒකේ තව ලස්සන සින්දු තියේ.

    තනෝජා: පද කොහොමෙයි?

    වෙනී: අන්න පොයින්ට් එක වෙනී - සියලු රස සමගින් ;-)

    චතුර: ඒකනේ චතුර - මොකද මන්දා එකම සින්දු සෙට් එක කරකවන්නේ රේඩියෝ චැනල් වල

    සමීර: මේක යසපාලිත මහත්තයාගේ 'මුවන්පැලැස්ස 2' සිත්තර පටියෙන් සමීර

    ReplyDelete
  18. ජීවිතයම ගීතයක් කියමන උපරිමයි.

    මේ ගීතයේ දෙබස් හැටියට මාරුවෙන් මාරුවට කියන රටාව මෙනතරම් නම් අලංකාරද... කාලෙකට පස්සේ ඇහුවේ,ගීතය උපරිමයෙන් රසවින්ඳා. බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  19. ලස්සන සිංදුවක්. නියමයි.

    ReplyDelete
  20. පළවෙනි වතාවට ඇහුවෙ... හරිම ආස හිතුන... බාගන්න ඕන...
    මේකට ළඟින් යන තාලෙකට ඉස්කෝලෙ යන කාලෙ කවි වගයක් කිව්ව මතකයි... මොනවද කියල මතක නෑ....
    ගොඩාක්ම ස්තුතියි...

    ReplyDelete
  21. අපේ වෙලාවට දැං නෑනේ මේ වගේ වන අරණවල්......

    ReplyDelete
  22. පලවෙනි වතාවට තමයි මමත් මේ සින්දුව ඇහුවේ
    විස්තරෙත් තිබුනනං තමයි තවත් ලස්සන

    තිස්ස අයියේ ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවායි පැතුම් මගෙන්...!!

    ReplyDelete
  23. පරණ තැටි කඩේකට ගිහින් තියෙන පාටයි . අහල තියෙන බවක් මතකයේ නැති ගීතයක් . මුවන්පැලැස්ස බැලුව නම් මතකයි. හරිම පොඩි කාලේ . තිස්ස අය්ය මේ පරණ චිත්‍රපට සින්දු දාන හැම විටම මට අපේ තාත්තව මතක් වෙනවා . මුවන් පැලැස්ස බලන්නත් ගියේ තාත්ත එක්ක .
    ලස්සන සින්දුව . ඔන්න බලන්න ඔය ටික වෙන රචකයෙක් ලිව්වා නම් 18 + දාන්න වෙන්න තිබුනා. සංයමයක් ඇති කලාකරුවන්ට කොයිදේත් ලස්සනට ඉදිරිපත් කල හැකි බවට හොඳ උදාහරණයක් .

    ReplyDelete
  24. මගේ මතකය හරි නම් මේකෙ රඟ පෑවේ රොබින් ප්‍රනාන්දු හා ශ්‍රියානි අමරසේන.

    ReplyDelete
  25. චන්ද්‍ර කින්නර ජාතකය ආශ්‍රයෙන් ලියවුන ගීතයක් වගේ. හරිම කලාත්මකයි. ස්තූතියි! තිස්ස මේ පැරණි ගීත තිලිණයට.

    ReplyDelete
  26. රයිටෝ.... මාත් බෑවෙන්න දැම්මේ....!!

    ReplyDelete
  27. සිංදුව පටන් ගන්න කලින් ඇහෙන බෙර සද්දෙ ඇහුනම සිංහබාහූ එකේ ගල්ලෙන් බ්‍රෝකන් ලෙන් දොර ඕපන් මතක් උණා... 01.10 ඉඳල 01.16 විතර තියෙන මියුසික් කෑල්ල (මොන වන්නම ද කියල දන්නෙ නෑ) ඇහෙනකොට වෙනමම රසයක්.. මරු සිංදුවක්...

    ReplyDelete
  28. හම්මේ ඔන්න අලුත් අවුරුද්දේ ආවාමයි මගේම අඩවියටම

    ගල්මල් මහත්තයෝ ඉතින් තුති ආවට මේ පැත්තේ

    ප්‍රසන්න: හැබෑව මගෙත් හිත අල්ලලා ගිය එකක් තමා

    මියුරු: එහෙම ඌරුවක් තියේ වාගේ හිතෙනවා මටත්

    ඔබ නොදුටු ලොවක්: ඒකනම් ඔබ විතරක් නෙමේ එහෙමනම් අපිත් නොදුටු ලොවක් එහෙමනම්

    ලොකු පුතා: බොහොම තුති සුබ පැතුමටත් - ඔබටත් එසේම වේවා.

    බින්දි: අනේද කියන්නේ බින්දි - මසුරන් දාන්න වටින කථාව

    නිහාල් ගුරුසිංහ: ඔව් මහත්තයෝ ඔබ හරි

    චාන්දි: ඔබතුමියටත් ස්තූතියි මේ පැත්තේ ආවට

    සොරෝ: එලසි

    පතුම්:රවුමක් ගහලා හරි තැනට ආවා නේද - අර සර්ච් කලහම අතෙනට යන්නේම මොකද දන්නේ නෑ නේද

    ReplyDelete
  29. මගේ කැමතිම ගීතයක්. ගීතයේ තනුවට කොච්චර ආසද කියනවනම් දහපාරක් විතර එක දිගට අහපු අවස්ථා එමටයි.
    බෙදාගත්තට පිං

    ReplyDelete

 
Blogger Wordpress Gadgets