දහඩිය මුතුලැල් උර පලඳින්නයි...!

වෛද්‍යවරුන්හට තමන් අතින් සිදුවන වෘත්තීමය අතපසුවීම් නිසා ලබන දඬුවම් වලින් මූල්‍යමය ‍රැකවරණයක් ලැබීමට රක්ෂණ ක්‍රමයක් ඇත්තේය. ලංකාවේ මෙය ප්‍රචලිත හෝ ආරම්භ හෝ වූයේ මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එරෙහිව රියන්සි අර්සකුලරත්න මහතා (පසුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වර) විසින් ගොණුකරන ලද නඩුවෙන් මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට රුපියල් මිලියන පහක පමණ දඩ මුදලක් ගෙවීමට පසුව යැයි මගේ කල්පනාවය. නගාරන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය කෙසෙල් ගෙඩියක් ලෙලි ගසන්නාක් මෙන් පසා කරගෙන අනෙක් දුම්රියේ රියැදුරු සියදිවි හානි කරගත් පසු දුම්රිය වෘත්තීය සමිතීන් නැවතත් වැඩට බැස ඇත. නැනෝ කැබ් රථ කොලඹ නගරයට හඳුන්වාදීමෙන් පසු ත්‍රි රෝද රථ රියැදු‍රැන් විසින් මහත්ම උද්ඝෝෂණයක් නගනා ලදී. රජයේ රෝහල් වල ඇටෙන්ඩන්ට් වරියන් විසින් දැන් අඳිනු ලබන්නේ හෙදියන් අඳින නිල ඇඳුමට සමාන එහෙත් පාටින් ලා කහ ඇඳුමකි. මෙය ඔවුන් දිනාගත්තේ බලවත් වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහාය.

තම දහදියෙන් උපයන ශ්‍රමය සැබැවින්ම අභිමානයට කාරණයකි. එහෙත් එය කේවල් කලයුත්තේ ශ්‍රමාභිමානය ඔපනංවනා අයුරෙන් මිස තමන් අයිති වන අනෙකුත් කුලකයන් පීඩාවට පත්වන අයුරින් නොවේමය. අදටත් ප්‍රබල සක්‍රීය වෘත්තීය සංගමයකට පිටිබලය වන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ අසූව දශකය අගභාගයේ වරද්දාගත් කාරණයනම් මෙයමය. පසුව යම් රූපාන්තරණයක් පෙන්වූ ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ටී බී ඉලංගරත්නයන්ගෙන් පසු ලංකාවේ ඛණිජ තෙල් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන්නම් තම දායකත්වය අනෙක් සියලු දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් පසුගාමීව සිටි වකවාණුවේ උපරිමව දක්වන ලදී. මෑත කාලයේ සිදුවූ හෙජින් ගිවිසුම [අනාථ ගිවිසුම - දැන් මෙයට බාර කරුවෙක් නැත...!] හා බාල පෙට්‍රල් කාරණා සම්බන්ධයෙන්, ජාතික පුවත්පත් කෙතරම් තිබුණද, වාර්ථාකරුවන් වාර්ථාකරණයේදී හා විග්‍රහයේදී කෙතරම් පඳුර වටේ කැරකුනද,මා දු‍ටු හොඳම විග්‍රහය කෙරුණේ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ කථා දෙකකිනි. "ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්" යන දෙපිට කැපෙන කථාවේ එක් පැත්තක් නම් "ගමේ හැටියට මුලාදැනියා" වීමය. පංතියේ මොනිටර්ගේ සිට සියලුම නායකයින් පාලකයින් තේරෙන්නේ අපාතරින්මය... සක්‍රීය වෘත්තීය සමිති ක්‍රියාකරිත්වයකට සාමාජිකයන්ගේ වෘත්තීමය දැනුමද බෙහෙවින් ඉවහල් වේ...

ලංකාවේ විශ්ව විද්‍යාල වල තෘතීය අධ්‍යාපනය මැයින් බොහෝ විෂයන් ඉගැන්වේ. මේවා සැබැවින්ම රටට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මිත ඒවාද යන්න බලවත්ම ප්‍රස්නයකි. එය එසේ විය යුතුමද යන්න ගැන වෙනම "සිම්පෝසියමක්" වුවද පැවැත්විය හැක. "විශ්ව විද්‍යාල ඇත්තේ විශ්ව දැනුම ලබාගැනීමටය" යන සුරතල් වැකිය අප විසින් චිරාත් කාලයක් සුරකිනු ලැබ ඇත්තේය. ඉතා දුෂ්කර පලාතකින් පැමිණ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලැබ දැන් පීඨාදිපතිවරයකු වී සිටින මහැදුරුතුමෙකුත් සහභාගී වූ ‍රැස්වීමකදී ඔහු විසින් "our students do not have adequate management skills" කී කල්හී, විශ්ව විද්‍යාලයේ නවක වදය ලබන කල අපට පුනුරුච්ඡාරනය කරන්න කී කුණුහබ්බ ගොන්නක්ම මගේ කටට ආවත් ඒ එළියට නොදමා වලකා ගත්තේ ඉතා අපහසුවෙනි. කළමණාකරණය කරන්නට නිෂ්පාදනයක් තිබිය යුතුය. නිශ්පාදනයක් කරන්නට එයට පුරුදු පුහුණු කරණු ලැබූ ශ්‍රම බලකායක් අත්‍යාවශ්‍යමය.. ඒ ඔස්සේ ගොඩනැගුනු, ඔපමට්ටම් වූ ශ්‍රමයෙන් අපට, රටට, අපේ මිනිස්සුනට ගැලපෙන නව නිපැවුම් උවමනාමය. ඒ සියල්ල පසෙක දමා විශ්ව විද්‍යාලය තුල සෙමෙස්ටර් ක්‍රමයක් ඔබා දරුවන්ට ඉස්පාසුවක් නොමැතිවම විෂය මොඩියුලයන් නිම කිරීමට බලකෙරෙන්නේය. ඉන්පසු අපේ ලමයින්ගේ දස්කම් මදියැයි ලමුන්ටම දොස් කියති.

අද අදේ මගේ සුපවයිසර්වරයා වෙත යම් ව්‍යාපෘතියක් ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන් මගේ කණස්සල්ල ප්‍රකාශ කල විට කීවේ " ..yes I agree with your point, but we can't choose our parents, can you..?" හැබෑව... වටපිටාව කුමක් වුවද අද දවසේ අප අත ඇති එක් වගකීමක් නම් අප ලබනා වෘත්තීය හැකියාව උපරිමයෙන් මුවහත් කරගැනීමයි... ඉනික්බිති, ඒ ඒ මාර්ග ඔස්සේ ඊලඟ පරපුරට ඉදිරියට ඒමට මංපෙත් හෙලි පෙහෙලි කර දීමයි... ඒතුලින් ඔවුන්ට රටට දිය හැකි උපරිම දායකත්වය ලබාදීමට උදව් දීමයි... යම් දිනෙක, පිරිසක් වෙණුවෙන් තීරණ ගැනීමේ, ඒවා ක්‍රියාවට නැංවීමේ, අවස්ථා ඒ දරුවනට උදාවණු ඇත... එදාට ඔවුන් අප දැල්වූ කණාමැදිරි එළියෙන් රටම බබලවනු ඇත...


දහඩිය මුතුලැල් උර පලඳින්නයි...
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ...

පිටරට අතපා සිත කය සතපා...
වින්ද නිගා නැති වෙන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

අද බිම හෙළනා දහඩිය බින්දූ....
ගයාවි අපගේ නිවහල් සින්දූ...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

චන්ද්‍රාණි ගුණවර්ධන / ඩෝල්ටන් අල්විස් / ලයනල් අල්ගම

24 comments :

  1. සින්දුව නම් මීට කලින් අහලා නෑ.චිචාරය නම් ටොප් එකට ලියලා තියෙනවා

    ReplyDelete
  2. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    ReplyDelete
  3. පූර්විකාව ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  4. කුඩා කාලයේ ආදරයෙන් රස විඳි ගීයක් මෙසේ ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි.
    ඉස්සර ගුවන්විදුලියේ දෙවන සේවයේ සැමදාම උදෑසන ප්‍රචාරය වන ගී අතර මේ ගීයත් එකක්. ඩෝල්ටන් අල්විස් ශූරීන් ලියූ දේශාභිමානී ගීත හරිම අර්ථවත් වගේම තදින් හිතට දැනෙන ගීත.
    ගීතයේ නම දුටු විගස කියවීම පසුවට තබා ගීය ශ්‍රවනය කර රසවින්දා. පසුවයි ඔබ ලියූ දෑ කියවූවේ. මෙහෙම කිව්වට සමාවෙන්න. ලියා ඇතිදැයින් සිතේ ඇතිවන්නේ පසුගාමී සිතුවිල්ලක්. රට ගැන අභිමානයකට වඩා කලකිරීමක්. ඒ නිසා එය ගීය රසවිඳීමට බාධාවක් බවයි මට නම් දැනුනේ. ඔබ ලියූ දෑ වැරදියයි එයින් මා අදහස් කරන්නේ නෑ. නමුත් ගීතයෙන් දෙන්නට උත්සාහ කරන හැගීම එයින් වළකනවා. මේ මගේ පුද්ගලික අදහස පමණයි.
    මෙවන් ගීයක් නැවත අසන්නට සැලැස්වීම ගැන ඔබට අනේක වාරයක් ස්තුතියි. පිං!

    ReplyDelete
  5. @ Praසන්ன: ස්තූතියි මචෝ.. හැමදාම මේ පැත්තේ ඇවිත් තල්ලුවක් දීලා ගියාට...

    @පොත්ගුල්ලා: හ්ම්ම්... දිනෙන් දින අඩුතක්සෙරු වන කේවල් වන ශ්‍රමාභිමාණයේ කථාව එහෙමයි කියා මට හිතුනේ මචෝ... ඒ වාගේ පරිසරයක තනි තනි අප කලයුතු එක් දෙයක් හැටියටයි ඒ අදහස මතුකලේ.. ජිග්සෝ පසල් එකේ කෑලි ටික ඔක්කොම එක්වුනු දවසක අපට ඔය ගී හෑබෑ අරුතෙන්ම කියන්න පුලුවන් වේවි නේද...?

    ReplyDelete
  6. හැමදාම වගේ තිස්ස අයියා පූර්විකාවනම් ලියලා තියනවා නියමෙට....සින්දුව නම් කලින් අහලා පුරුදු එකක් නෙමේ...අදමයි ඇහුවේ...

    ReplyDelete
  7. ස්තූතියි දිල් නගේ...

    ඉස්සර වාගෙම ආයෙත් සිංහල වෙබ් අවකාශයේ නංගීව දකින්නට ලැබීම බොහොම සතුටක්...

    ReplyDelete
  8. සින්දුව නම මාත් අහලා නෑ අයියේ කලින්. ඒත් විචාරයනම් හොදටම හිතට වැදුනෙ අපිත් ඔය මල මගුල් සෙමෙස්ටර් ක්‍රමයෙ නිසා අමාරුවෙ වැටුනු අය නිසා.ඔයා ඔය කියන්නෙ අපේ AGM එකේදි වුන දේ ගැනද?කියලා වැඩක් නෑ අයියේ ඔය වැඩේ නම්.ලෙක්චර්ස් වලට යන්නයි,අසයින්මන්ට් කරන්නයි,විභාගයි එකතු වුනාම බාහිර වැඩ කරන්න වෙලාවක් නැති තරම්. ඒත් කරන අයත් නැත්තෙම නෑ.හොද බ්‍රයිට් කේස් නම් ඒ වැඩත් කරන ගමන් කාල්ස් එකත් ගොඩ දාගන්නවා.සමහරු නම් පාඩම් කරනවා විතරයි.වෙන වැඩකට එන්න කිව්වත් එන්නෙ නෑ.එතකොට හැමදාම වැඩ කරන්නෙ එකම කට්ටිය.

    ඒත් දැන් අපේ පාලකයන්ටත් ඕනෙ ලමයි අතර දුරස්තබාවයක් ඇති කරන්න නේ.ඉතින් ඒ අයටනම් සෙමෙස්ටර් සිස්ටම් එක හොදට ගැලපෙනවා.

    ReplyDelete
  9. // එදාට ඔවුන් අප දැල්වූ කණාමැදිරි එළියෙන් රටම බබලවනු ඇත...//
    හැමදාම වගේ හිතන්න දෙයක් මේ සින්දුවෙත් පොස්ටුවෙත් තියනවා.
    මම නම් හිතන්නේ රටක් විදිහට අපිට හැමදාම ලාභ ලැබෙන ලෙස විකිනිය හැකි නිෂ්පාදනයක් තිබුනේ නැහැ.
    අපේ රටේ සම්පත් හැමදාම අමුද්‍රව්‍ය විදිහට තවත් රටකට වැඩි ලාභ ලැබෙන ලෙස විකිනීම පමණයි සිදුවුනේ.

    රට බැබලීමට නම් නිවහල් චින්තනය අත්‍යාවශයයි.

    ReplyDelete
  10. හෙහ් හෙහ් හෙහ් නිසුපා එදා හිටියානෙව...!
    මතකනේ මම අනෙක් පැත්තට ඒක ඇහුවම දීපු උත්තරේ...?
    ලමයි ඉන්න බෝඩිංවල, කන කෑම වල තත්වේ නොදන්නවා වාගේ කථාකලේ...
    පස්සේ කෑම කන වෙලේ විස්කි බෝතලයක් එහෙම විවෘත කරගෙන මට කියනවා මේක නිකම්ම පටන් ගත්තු දෙයක් නෙමෙයිලු ඇමෙරිකාවෙයි කැනඩාවෙයි හොඳින්ම ක්‍රියාත්මක වෙන ක්‍රමයක්ලු... මම කෑම පිටඋගුරේ ගියොත් ඒකත් මටමනේ කියලා නිශ්ශබ්දව හිටියා...
    අධ්‍යාපන විධික්‍රම සකස් කරන්න ඕනේ, පවතින ඕනෑම තත්වයක් තුල කොහොමහරි මතුවෙන අය වෙනුවෙන්ද එහෙම නොවන අතිමහත් බහුතරයක් අය වෙනුවෙන්ද කියා ඒ වෘත්තිකයිනට තාම නොතේරේ...
    කැම්පස් එකේ ලමයින්ගේ බාහිර වැඩකටයුතු අඩුවීම ගැන වෙනම පෝස්ට් එකක් දැමිය යුතුය නගේ...

    ReplyDelete
  11. රූ : කථා දෙකක් නෑ... අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය වුනත් රටට ලාභයක් එන විදිහට ගනුදෙනු කරවන්න පුලුවන්නේ... අපේ රටේ මිනිසුන්ගේ කුසලතාවය අනෙක් දකුණු ආසියාතික මිනිස්සුන්ගේ හැකියාවන් එක්ක බැලුවම කැපී පෙනෙනවා... ඔවුන් කරන රස්සාව මොක වුනත්... මැද පෙරදිග ඉන්නා අපේ අය ඒකට දෙස්දේවි... නුපුහුණු ගෘහ සේවිකාවන් දහදෙනක් වෙනුවට හොඳට මුවහත් කල සූදානම් කල එක් වෘත්තිකයෙක් ඊට සමාන හෝ වැඩි ප්‍රතිලාභයක් රටට ගෙනදේවි...
    මැද පෙරදිග ඉන්නා අපේ දුකා ඇතුලු ප්‍රමාණ සමීක්ෂකයින් [quantity surveyors] සමූහය මේ වැඩේ හොඳින් කරනවා... ඒක මුලින් මැද පෙරදිගට ගිය අපේ අය විසින් හෙමින් හෙමින් ගොඩ නැගූ දෙයක්... ඔවුන් ලංකාවට එවන විදේශ විනිමයෙන් රටට කොපමණ සෙතක් වේද...?

    ReplyDelete
  12. ඔව් අයියේ ඒක ගැනනම් වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා.බලමුකො ලියන්න ඕනෙ ඒවත්.
    අද අයියාගෙ නිවාඩු දවස නේද?

    ReplyDelete
  13. අපිත් ඉතින් උදා ගී අහල දවස පටන් ගත්තු පරම්පරාවේ කට්ටිය නිසා ඔය ගීය අහල තියනව . ඒත් පොඩි කාලෙට පස්සේ අදමයි ඇහුවේ . තිස්සට පින්.

    විචාරය සින්දුව එක්ක ගත්තත් නැතත් අපුරුයි . අපේ රට කර්මාන්ත වලින් දියුණු කරන්න සම්පත් මදි . කෘෂිකර්මාන්තයෙන් ස්වයන් පෝෂිත වෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් වැඩිවෙන ජනගහනෙත් එක්ක ඒක මදි . කුට්ටි කල පොල් ඉඩමකින් පර්චස් දහයක් අරගෙන යන්තම් ගෙයක් දොරක් හදා ගත්ත මනුස්සයම පොල් ඉඩම් විනාශ කරනවට එරෙහි වෙන එක කොච්චර ප්‍රායෝගිකද මන්ද . රටේ පිහිටීමයි ස්වභාවික සුන්දරත්වයයි ප්‍රයෝජනයට ගන්න හැකි නම් අගෙයි නේද . සංචාරක කර්මාන්තය තව දියුණු කරන්න පුළුවන් නම් හොඳයි. මැලේසියාවේ තියෙන හැම දේම අපේ රටේ තියනවා . ඒත් නිකන් එයාල ඇඩ් දාන්නේ ඒගොල්ල විතරයි ආසියාව කියල . ඔන්න මන් නම් සැහෙන කට්ටිය අපේ රට බලන්න එව්වා . එහෙමවත් උදව්වක් කරන්න ඕනනේ අපේ රටට .ගොඩක් අය කියන්නේ හැමදේම හොඳයි . පාරේ යන්න තමයි බය කියල .

    අපේ මොළවලට ලෝකේ හොඳ තැනක් තියනව . මමත් තිස්ස එක්ක එකඟයි. පුහුණු ශ්‍රමිකයින් ට වැඩි අවස්ථා ලැබෙනවා . මෙහෙ ඉන්න ලංකාවේ කීපදෙනා ඉතාම දක්ෂයි . මේ වගේ රටක ඉහ ගහන් ඉන්න පුළුවන් දක්ෂයින්ට විතරයි. [ මන් නම් නෙමේ] . ඉන්දියන් කාරයෝ කොච්චර දක්ෂ වුනත් ''අන්ඩෝ''නෙමේ ශ්‍රී ලන්කන් කිව්වම වැඩිය ලෙන්ගතුයි මෙයාල .

    කවදත් කියන පරිදි සිංගප්පුරුව වගේ කරන්න නම් ඒ සිංගප්පුරුවේ අනික් දේවල් වලටත් අපි කැමති වෙන්න ඕන. ඒ වගේ තද නීති රීති වලට යටත් වෙන්න අපි කැමති වෙයිද .

    වෙන වල්පල් ලිව්වේ . කැම්පස් ගැන ඉතින් කියන්න තියෙන්නේ . ඉතාම දක්ෂයෝ ටිකනේ ඔතනට යන්නේ . බොහොමයක් දෙනා ජිවිතේ ජය ගන්නවා . ඉතුරු බහුතරය ට යන කල තමයි දුක .

    වැඩකරන ගමන් ඉගෙන ගන්න තව අවස්ථා වැඩි වෙන්න ඕන. උදේට ගෙදරක හරි වැඩ කරලා හවස ඉගෙනගන්න ...උදේ වරුව ඉගෙන ගෙන රෑට අමතර රස්සාවක් කරන්න ...ඒවගේ තත්වයක් ඇති රටක් තමයි දියුණුයි කියන්නේ

    ReplyDelete
  14. බින්දි සොයුරිය, රටේ ලෝකේ කරක් ගහපු, ලෝකයේ වේගවත්ම ආර්ථිකයක ජීවත් වන ඔබවැනි අයට මේ තත්වය හොඳින් තේරේ... ඔබ අපේ කතිකාවේ වපසරිය ලස්සනට පුළුල් කලා... හැබෑටම කැම්පස් ළමයි නම් මොනවා හරි කරගනීවි... අනෙක් අය... අපේ "ටෙක්නිකල් කොලේජස්" නමින් ප්‍රසිද්ධ කාර්මික විද්‍යායතන කලෙකදී ඉතාම හොඳ මට්ටමේ ශ්‍රමිකයින් රටට බිහිකලා... ඇයි ඒවාට අද අඩු පිලිගැනීමක්...? ඉංගිරිසියෙන් නූගන්වන නිසාද...? රස්සා ඇති තැන් වලින් ඒවාට පිලිගැනීමක් නැති නිසාද.. එසේත් නැත්නම් රස්සා ඇත්තේ නිශ්පාදන ක්ෂෙත්‍රයේ නොව, කලමණාකරන අංශ වල පමණද...?
    කයිවාරුවක් නෙමේ සොයුරිය, මමත් ගිය හෑම රටකම අපේ රටේ මිනිස්සුන්ට ඔය පිලිගැනීම තියෙනවා... දකුණු අප්‍රිකාවේ කොනකම තියන කර්මාන්තශාලාවකදී එහේ අවුරුදු 30ක් විතර වැඩකල බ්‍රිතාන්‍ය ෆෝමන් වරයෙක් ඒක මගේ කණටම කරලා කීවා.. "I know you guys, not like those bl...y Indians.." කියලා.. ඒකෙන් උපරිම පල නෙලාගැනීම ඔබ කලා වාගෙම අපි එක් එක්කෙනාත් සතු වගකීමක්...

    ReplyDelete
  15. වැදගත් අදට අවශ්‍ය අදහස් දැක්වීමක් , මේ පිළිබඳ සමාජ පෙළඹවීමක් ඇති කරන්නට මෙවැනි “පුළිඟු“ හේතු වෙනවා නම් , පිලිපීනයන් , ඉන්දියන් ජාතිකයින් මුල් අද්දවාගෙන ඇති විදේශ රැකියා සම්පත් වලින් අපේ අයට නිසි ඵල නෙලන්නට ලැබේවි එය රටට සම්පතක් ...හොඳ සමාජ විග්‍රහයක් ..

    ReplyDelete
  16. නියම ලිපියක් තිසා

    කොමෙන්ට්ස් ටිකත් නියමයි . .

    සින්දුව පුංචි කාලේ නිතර රේඩියෝ එකෙන් අහපු එකක් . .

    ස්තූතියි ආයේ අහන්න සැලැස්සුවාට . .

    ReplyDelete
  17. අඩේ මේ ෆොටෝ එක දැක්කම මගේ පුංචි කාලේ මතක් වුණා...

    අපේ තාත්තත් බැත මනින්න කලින් වඳිද්දී මම ඔහොම බලන් ඉඳලා තියෙනවා... :(

    ReplyDelete
  18. අඩේ මේ ෆොටෝ එක දැක්කම මගේ පුංචි කාලේ මතක් වුණා...

    අපේ තාත්තත් බැත මනින්න කලින් වඳිද්දී මම ඔහොම බලන් ඉඳලා තියෙනවා... :(

    ReplyDelete
  19. පොඩිකාලේ ඇහුවාට පස්සේ ඇහුවේ. බොහොම ස්තුතියි අයියා. විචාරයත් සිංදුවට දෙවැනි නෑ.

    අප ලබාගත් දැනුම ලබා ගැනීමට අපි කාපු කට්ට මතු පරම්පරාවත් කන්න ඕනි කියලා හිතන අයත් ඉන්නවා නොවැ..

    එහෙම වුණාම ඉතිං ඉදිරියට යාමක් නෑ. ග්‍රීස් ගහේ අන්තිමට කොඩිය ගන්නේ මුලිං ග්‍රීස් පිහදාපු අය නෙවෙයි නොවැ..

    පෙර උන් අය සිටවූ අඹ ගස් වල
    පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
    අපෙන් පසුව එන අයටත් එම පල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

    ReplyDelete
  20. හ්ම්..කාලෙකින් මේ පැත්තෙ ආවේ..
    අදහස් ගැලපීම මරු...
    මේ සිංදුව ඉස්සර උදේ පාන්දර ස්වදේශීය සේවයේ නිතර යනව මතකයි..
    ඒත් කාලෙකින් අහන්න බැරිවුණා...
    ජයවේවා...!!!

    ReplyDelete
  21. තිස්ස අයියේ, ඔයා ඔය අන්තිම ඡේදේ කියපු කතාව නම් හරි කියලයි මම නම් හිතන්නේ... අපි කරන්න ඕනේ එකම වැඩේ ඕක තමයි.. ආණ්ඩුවටවත් දේශපාලනේටවත් ,පවතින ක්‍රම වලටවත් දොස් කිය කිය ඉන්න එක මහ තේරුමක් නැති වැඩක්... තම තමන් ගේ අතින් වෙන්න තියෙන දේ හරියට නොකර තියෙන සිස්ටම් එකට බැන බැන ඉන්න එක තමා ගොඩක් වෙලාවට අපි කරන්නේ.... ඊට පස්සේ ඔහේ මැරිල යනවා... එහෙම නොකර තමන්ගේ වැඩ ටික හරියට කරගෙන ඉන්න මිනිස්සු තමනුත් ගොඩ ගිහින් තමන් එක්ක ඉන්න තව පිරිසකුත් ගොඩ දානවා.... එහෙම මිනිස්සු හැමදාම සතුටින්...රටටත් ආදරෙයි.. රටට වැඩකුත් කරනවා.... බනින මිනිස්සු කරන එකම දේ බනින එක විතරයි.... අපි තීරණේ කරන්න ඕනේ අපි ඉන්නෙ ඔය මොන ගොඩේ ද කියල... (ගොඩක් වෙලාවට අපේ කකුල් දෙක තියෙන්නේ ඔය තැන් දෙකේම නේ.... හික්)... අපි හැමෝගෙන් ම බැනුම් වලට අපතේ යන ඔය 50% ත් නොබැන වැඩ කරන ගොඩට දාගන්න උත්සාහ කලොත් රටයි අපියි ඔක්කොම බබලයි (ලයිට් නැතුව)

    ReplyDelete
  22. ස්තූතියි මහෙෂ්: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ඔබට මේ කතිකාව හොඳින් ගෝචර වේයැයි දනිමි... පිලිපීන ජාතිකයින් හෙද සේවාව ලොකේ වැඩි හරියක අල්ලගෙන ඉන්නේ...

    දුකා: උඹට මචෝ මෙව්වා අමුතුවෙන් ඉතින් කියන්න දෙයක් නෑනේ...

    බීටල්: හප්පා... එහෙම නම් ඔබටත් කැත්ත උදැල්ල හොඳට හුරු දැතක් ඇති නේ...?

    චතුර: කියල වැඩක් නැ මල්ලී.. ලංකාවේ රස්සාව කරන කාලේ ඔබ දෙවැනි පේළියෙන් කියා තිබූ හොඳින් අත්විඳා...

    සම්පත්: සෑහෙන කාළෙකින් නෙවෙන්නම්... ජයවේවා...

    පැතුම්: පැතුම් මල්ලී කතාව ට නියමම අවසන් සටහ්න තැබුව... "ලයිට් නැතුව" කියාපු එකනම් කැපිල්ලක් වගේ ...හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete

 
Blogger Wordpress Gadgets