පසුගිය සැප්තැම්බර් නමවන දින ඇරඹුණු කුජ මාරුවක් ගැන ඵලාඵල සාකච්ඡාවක් අද උදේ මගේ නෙත ගැටුනා... පහත ඇත්තේ ඒ සංවාදයේදී තරුණයකු විසින් පලකල අදහසක්...
"මට නම් හිතෙන්නේ මෙච්චරයි..... ඉපදුනානම් කවදා හරි මැරෙනවා... ඒක හෙට උනත් එකයි, අද උනත් එකයි, දැන් උනත් එකයි, එන්න කියලා කෝල් එක ආවම මොන වැඩේ තිබුනත් අපි යන්න ඕනේ.... ඒක ගැන හිතලා හිත හදා ගත්තාම ඔය මොන මඟුල මාරු උනත් හිතට ගානක් නෑ..."
කුඩා කල කියවූ රුසියානු පරිවර්තනය කෘතියකට මගේ සිත දිවගියා... ඒකේ නම "අපේ කාලයේ වීරයෙක්"... කථාවේ එක් අවස්ථාවක කථා නායකයා උඩඟු මාන්නක්කාර තරුණයෙක් සමග ගැටුමක් ඇතිකරගන්නවා... ගැටුම සමථයකට පත් කර ගැනීමට ඔවුන් තෝරාගන්නේ රුසියානු රූලේට් ක්‍රමයට සමාන ක්‍රමයක්... තරුණායාට මුල් වෙඩිල්ල කථානායකයාට තැබීමට අවස්ථාව ලැබෙනවා... මානාධික ඔහු කථා නායකයා දිහා බලා රිවෝල්වරය අහසට එල්ල කොට කොකා ගස්සනවා... ඉන්පසු කකුලක් පිට කකුලක් දමාගනිමින් පුටුවක ඉඳගන්නා ඔහු යම් ඇට සහිත පලතුරක් සපමින් ඇට කටින් එළියට වීසිකරමින් කථානායකයා කොකා ගස්සන තුරු බලා ඉන්නවා, ...
කථා නායකයා ඒ වෙලාවේ මෙහෙම කියනවා... "ඔව් මම මේ අවස්ථාව දැන් පාවිච්චි කරන්නේ නෑ... මම දවසක මේ උණ්ඩයත් රැගෙන ඔබ හමුවට එන්නම්..." කියා... අවුරුදු ගණනාවකට පසු අර තරුණයා විවාහ වෙනවා... විවාහ දින සන්ධ්‍යාවේ රිවෝල්වරයත් අර උණ්ඩයත් රැගෙන කථානායකයා තරුණයා හමුවීමට යනවා... සුදුමැළිවණ තරුණයා දණින් වැටී ජීවිතය අයදිනවා...
ජීවිතය ගැන, තමා අවට සමාජ වටපිටාව, ආගම්, දේශපාලන න්‍යායයන්, සංස්කෘතික අංගයන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් අදහස් පලකිරීමට පෙර ඒවායේ දිග පලල පිලිබඳ පරිචයක් ලැබීම අවශ්‍යයි කියා මට හිතෙනවා... පරිගණකයක්, අන්තර්ජාල පහසුකමක් තිබූ පමණින්මම කෙනෙකුට සමාජයට බලපෑමක් කළහැකි ලියන්නකු වේ යැයි අධිතක්සේරුවකට පැමිණීම ඒ තරම් සාධාරණ නෑ... අන්තර්ජාලයේදී තමන්ට රුචි ඕනෑම දෙයක් ලිවීමට නිදහස ඇතත් ලිවීමේ අභ්‍යාසය සම්පූර්ණ වන්නේ තවත් කෙනෙකු එය කියවූ විට පමණි... අතථ්‍ය සත්‍යයෙන් මිදී සැබෑ ජීවිතයම ස්පර්ශ කල යුතුය... අකුරු කරන වචන වල ඇති සැබෑ බර අන්‍යයන්ට සංවේදනය කල හැකි වන්නේ ඒලෙස තෙම්පරාදු වූ සිතුවිල්ලි ගොන්නක් හරහා පමණි... නිසඟ ප්‍රතිභාවක් කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි...
අන්තර්ජාල පුවත් කඩමාලු හරහා විසිරෙන විසිහතර පැයේ ඕපාදූප, අපේක්ෂා භංගත්වයන්ම තැනින් තැන නැවත නැවතත් කට් ඇන්ඩ් පේස්ට් වී පැටව් ගස්සවනු ලබයි... අවසානයේ පුරුෂාර්ථ නැති සමාජයක් අප විසින්ම බිහිකරනු ලැබ ඇත්තේය... ගුණදාස අමරසේකරයන්ගේ "දෙපා නොලද්දෝ" කථාව එදාට වඩා අද තරුණ සිත පිලිඹිබු කරන කැඩපතක් වැනිය...
පෙම්පාලා රැ දිවා...
සැළෙන, ලෙළෙන, ඇලෙන, ගැලෙන, බැඳෙන, රැඳෙන, සිහින මවන...
සමණල රංචුව සේ...
සංතෝසෙන්....
හිතන, පතන, සොයන, බලන, මිහිරි සුවය, විඳිමු ලබමු...
චංචල මේ ලෝකේ....
අත්වැල් බැඳගනිමු...
සිත් සේ සතුටු වෙමු...
විදුලිය තාලේ පියඹන කාලේ...
එන්නේ නෑ....
පෙම්පාලා රෑ දිවා...
මීවිත අතට ගමූ....
ගීතයේ රසය බොමූ...
ජීවිත ගමනේ මාවත මැදනේ...
මේ ඉන්නේ....
පෙම්පාලා රැ දිවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
ගායනය එම් එස් ප්‍රනාන්දු
"මට නම් හිතෙන්නේ මෙච්චරයි..... ඉපදුනානම් කවදා හරි මැරෙනවා... ඒක හෙට උනත් එකයි, අද උනත් එකයි, දැන් උනත් එකයි, එන්න කියලා කෝල් එක ආවම මොන වැඩේ තිබුනත් අපි යන්න ඕනේ.... ඒක ගැන හිතලා හිත හදා ගත්තාම ඔය මොන මඟුල මාරු උනත් හිතට ගානක් නෑ..."
කුඩා කල කියවූ රුසියානු පරිවර්තනය කෘතියකට මගේ සිත දිවගියා... ඒකේ නම "අපේ කාලයේ වීරයෙක්"... කථාවේ එක් අවස්ථාවක කථා නායකයා උඩඟු මාන්නක්කාර තරුණයෙක් සමග ගැටුමක් ඇතිකරගන්නවා... ගැටුම සමථයකට පත් කර ගැනීමට ඔවුන් තෝරාගන්නේ රුසියානු රූලේට් ක්‍රමයට සමාන ක්‍රමයක්... තරුණායාට මුල් වෙඩිල්ල කථානායකයාට තැබීමට අවස්ථාව ලැබෙනවා... මානාධික ඔහු කථා නායකයා දිහා බලා රිවෝල්වරය අහසට එල්ල කොට කොකා ගස්සනවා... ඉන්පසු කකුලක් පිට කකුලක් දමාගනිමින් පුටුවක ඉඳගන්නා ඔහු යම් ඇට සහිත පලතුරක් සපමින් ඇට කටින් එළියට වීසිකරමින් කථානායකයා කොකා ගස්සන තුරු බලා ඉන්නවා, ...
කථා නායකයා ඒ වෙලාවේ මෙහෙම කියනවා... "ඔව් මම මේ අවස්ථාව දැන් පාවිච්චි කරන්නේ නෑ... මම දවසක මේ උණ්ඩයත් රැගෙන ඔබ හමුවට එන්නම්..." කියා... අවුරුදු ගණනාවකට පසු අර තරුණයා විවාහ වෙනවා... විවාහ දින සන්ධ්‍යාවේ රිවෝල්වරයත් අර උණ්ඩයත් රැගෙන කථානායකයා තරුණයා හමුවීමට යනවා... සුදුමැළිවණ තරුණයා දණින් වැටී ජීවිතය අයදිනවා...
ජීවිතය ගැන, තමා අවට සමාජ වටපිටාව, ආගම්, දේශපාලන න්‍යායයන්, සංස්කෘතික අංගයන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් අදහස් පලකිරීමට පෙර ඒවායේ දිග පලල පිලිබඳ පරිචයක් ලැබීම අවශ්‍යයි කියා මට හිතෙනවා... පරිගණකයක්, අන්තර්ජාල පහසුකමක් තිබූ පමණින්මම කෙනෙකුට සමාජයට බලපෑමක් කළහැකි ලියන්නකු වේ යැයි අධිතක්සේරුවකට පැමිණීම ඒ තරම් සාධාරණ නෑ... අන්තර්ජාලයේදී තමන්ට රුචි ඕනෑම දෙයක් ලිවීමට නිදහස ඇතත් ලිවීමේ අභ්‍යාසය සම්පූර්ණ වන්නේ තවත් කෙනෙකු එය කියවූ විට පමණි... අතථ්‍ය සත්‍යයෙන් මිදී සැබෑ ජීවිතයම ස්පර්ශ කල යුතුය... අකුරු කරන වචන වල ඇති සැබෑ බර අන්‍යයන්ට සංවේදනය කල හැකි වන්නේ ඒලෙස තෙම්පරාදු වූ සිතුවිල්ලි ගොන්නක් හරහා පමණි... නිසඟ ප්‍රතිභාවක් කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි...
අන්තර්ජාල පුවත් කඩමාලු හරහා විසිරෙන විසිහතර පැයේ ඕපාදූප, අපේක්ෂා භංගත්වයන්ම තැනින් තැන නැවත නැවතත් කට් ඇන්ඩ් පේස්ට් වී පැටව් ගස්සවනු ලබයි... අවසානයේ පුරුෂාර්ථ නැති සමාජයක් අප විසින්ම බිහිකරනු ලැබ ඇත්තේය... ගුණදාස අමරසේකරයන්ගේ "දෙපා නොලද්දෝ" කථාව එදාට වඩා අද තරුණ සිත පිලිඹිබු කරන කැඩපතක් වැනිය...
පෙම්පාලා රැ දිවා...
සැළෙන, ලෙළෙන, ඇලෙන, ගැලෙන, බැඳෙන, රැඳෙන, සිහින මවන...
සමණල රංචුව සේ...
සංතෝසෙන්....
හිතන, පතන, සොයන, බලන, මිහිරි සුවය, විඳිමු ලබමු...
චංචල මේ ලෝකේ....
අත්වැල් බැඳගනිමු...
සිත් සේ සතුටු වෙමු...
විදුලිය තාලේ පියඹන කාලේ...
එන්නේ නෑ....
පෙම්පාලා රෑ දිවා...
මීවිත අතට ගමූ....
ගීතයේ රසය බොමූ...
ජීවිත ගමනේ මාවත මැදනේ...
මේ ඉන්නේ....
පෙම්පාලා රැ දිවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
ගායනය එම් එස් ප්‍රනාන්දු
නාකින්ගේ පරණ ලෝකය තරුණයින් විසින් සුණුවිසුණු කර අනාගතයට පියමං කරනවිට නාකින් විසින් නගනු ලබන දුර්වල හඬ "අත්දැකීම"යි.
ReplyDeleteතිස්ස අයියා හැමදාම මාසෙකට එකක් ලිව්වා..ඒත් අගොස්තු ලිව්වෙ නැ.විරාමයකින් පස්සෙ ලියපු මේ ලිපිය හැමදාම කියන ලියන සින්දුවට වඩා එහාට ගියා..මාත් මේ ටිකකට කලින් අර තරුණය වගේ ජිවිතේ බොහොම සරල කරල බොඩිමේ උන්ට ලොකු ලොරියක් යැව්වා..එත් දැන් තමා තෙරෙන්නෙ..තිස්ස අයියගෙ මේ රුසියන් කතාව මාව කරකවල දාල උස්සල පොලේ ගැහුවා.
ReplyDeleteසින්දුව බාන්න බැ..බයිට් ඉතුරු කරගන්න ඕනි..තිස්ස අයියට සමහර විට ෆෙස් බුක් එකෙ මාව මුණ ගැහුන මතක ඇති.
මාතෘකාව දැක්කම මතක් උනේ දේශයෙන් දේශේ, පස්සෙ කතාව කියෙව්වම සීටී ගෙ "පරවුණ මල් නැවත් නැතේ පිපෙන්නේ" සින්දුව.
ReplyDeleteඔන්න භූතයෙක් උදෙම්ම දොළ ඉල්ලල ගිහින් තීන්නෙ!
"ජීවන ගමනේ මාවත මැද" කියන්නේ කොයි හරියේද?
ReplyDeleteහතලිහේ, පනහේ?
"විදුලිය තාලේ පියඹන තාලේ" කියන එකත් මට තේරෙන්නේ නෑ.
ඒ කියන්නේ කම්බි දිගේ යනවා කියන එකද?
අර තරුණයාගේ ඔලුවට අඟලක් ඉහලින් තොප්පිය පාසාරු කරගෙන යන්න වෙඩිල්ලක් තියනවා නේද ?
ReplyDeleteපැන්ඩා: අගෝස්තුවේ ලියවිලා නෑ නේන්නම් මලේ... මේක මම රටාවකට ලියනා එකක්ම නෙමේ... මොකද අප්පේ පැන්ඩාව මතක නැත්තේ..?
ReplyDeleteඉන්දික: ඉන්දික ඒ සින්දු දෙකම මරු නේද... ?
"සඳළුතලේ නැත හැරිලා බලන්නේ..." ;-)
කසූ: ඕක එම් එස් මහත්තයාමද මන්දා ලියා ඇත්තේ...
මට හිතෙන්නේ ඒ කාලේ වාගේ ගත හැකි නේද...?
"පියඹන තාලේ" කීවට මට හිතෙන්නේ විදුලි වේගෙන් පියඹන කාලය ගැන කීවා කියලා...
චානක: අන්න හරි... ඇසූ පිරූ තැන් ඇත්තෙක් නෙව චානක...?
ඒ පොත ටිකක් නීරසයි අග හරියට යනකොට.. කියවා ඇති අය හමුවුනේ ටිකයි...
කියන්න කාරනා බොහෝමයි...ඒත්..බලමු කොච්චර කියන්න හැකි වෙයිද කියලා...
ReplyDeleteමුලින්ම ගීතය ගැන කියනවනං... මටත් දැන් කාලෙක ඉඳන්ම ගීතයක් ලිවීමේ උණක් තියෙනවා.. ඒත් හැමදාම ඒ ගැන හිතලා මං නිකං ඉන්නවා...
ගීතයක් කොහොම වෙන්න ඕනද කියල මට තාමත් තේරෙන්නේ නැහැ..කවදාවත් ඒක මට තේරුං යයිද කියලා කියන්නත් මං දන්නෙ නැහැ.
වෙලාවකට හිතෙනවා පදවැල තමා ගීතයකට මූලික කියලා.. ඒත් ආයෙම කල්පනා වෙනවා මොනවා ලිව්වත් ඒකේ සංගීතය ..තනුව නිසා තමා ගීතයේ සුවිශේෂිත්වය ඉස් මතු වෙන්නේ කියලා.. ඒ දෙකම තියෙද්දී කල්පනා වෙනවා ඇතැම් තැනකදී සාර්ථක උනත් බොහෝ තැන වල ගායකයාගේ ප්‍රතිභාවය නැත්නම් කොහේද ඒක ගීතයක් වෙන්නේ කියලා...
අමරදේව මාස්ටර්ගේ "ආරාධනා" හරි "වසන්තයේ මල් පොකුරු නෙලා" එතකොට "අතීතයෙන් ගඟ"කියන ගීත ගත්තත්..
රූකාන්තගේ "දවසක් දා හැන්දෑවක" ගීතය ගත්තත්...
ඒ විතරක්ද ෆ්‍රෙඩී සිල්වා ගයන "කුණ්ඩුමණී" ගීතය ගත්තත් මට ඔය දේ හිතෙනවා.. ඔහොම හිතන්න ගිහින් අන්තිමේදී අවසාන තීන්දුවක් නැතිවම මගේ අදහස තව ටිකක් පස්සට යැවෙනවා...
දැන් මේකේ පද වැල දැක්කම මට මේක මොන තාලෙකට කියනවද කියලා හිතා ගන්නත් බැරිව ගියා..ඒත් ඇහුවට පස්සේ..? මේ ගීතයේ වටිනාකම ආවේ කොතනින්ද..?
.....................
ඔය කුජ මාරු කතාව ගැන මොනවත්ම මට ලියන්න විදියක් නැහැ. මොනද මං ඒක ඇතුලේ ඉන්න හින්දා...
ඒත් බොහෝමයක් වෙලාවට එවැනි දේවල්වලට පැහැදිලි කිරීමක් දෙන්න වචන සිය දහසක් භාවිතා කරනවට වඩා මං කරන්නේ නිහඩව ඉන්න එක..මොකද කිසිම දෙයක් බලෙන් දෙන්න මං ලෑස්ති නැති හින්දා සහ ඔය අයියා අරගත්ත කතාවේ තරුණයාට උත්තරය දෙන්න වෙලාව ඒක නොවන නිසා.. මොකද හිස් කලේ හෙල වෙනවා වගේම තමා අයියේ බොරවතුරෙන් හරි පිරුනු කලේකට ආයේ දෙයක් පුරවන්නත් ඉඩක් නැති නිසා..
ඒත් දවසක් එනවා හෙල්ලිලා පෙරළිලා කලේ ටිකක් හිස් වෙන එදාට ඒකට දෙයක් පුරවන්න පහසුයි.. පහසු අවස්ථෘව එනකල් නිකං ඉන්නවා මිස වලි කාගෙන ඒකට දෙයක් පුරවන්න දඟලන්න තරං මං පරාර්ථකාමීයෙක් නොවන නිසා...
ඒ ටික මදෑ...
අවසාන වශයෙන් තව කතාවක් කියන්නං.. අයියටත් සමහර විට දකින්න ලැබිලා ඇති මං ලියපු "මගේ ගුරු" කියන පෝස්ට් එක..
ඒක මං ලිව්වේ අපේ ගමේ හිටිය බොහෝම අහිංසක වින්කල් බාස් කෙනෙක් ගැන..ඉගෙන ගෙන තිබුනේ දෙකේ පන්තියට විතරයි. තරුණ වයසෙදී මානසික ආබාධයකට ලක්වෙලා මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර පවා ලබලා තියෙනවා...ඉන්නේ එකම පුතයි...
පුතා ඉගෙන ගත්ත දේකුත් ඒ හැටි නැහැ..ඒත් මොනවා හරි සම්බන්ධයෙන් කතාවක් යද්දී පුතා කියනවා මෙහෙම..
"අනේ තාත්තේ ඔයා මොනවද දන්නේ..? ඔයා ඉස්කෝලේ ගියේ කීයටද..? අනික් ඔයා පිස්සන් කොටුවෙත් හිටියනේ.. මේ ලොකේ හිනස්සන්නේ නැතිව සද්ද නොකර ඉන්න"
තාත්තා කියනවා..
"ඔව් ඔව්..මං පිස්සන් කොටුවේ හිටියා තමා..ඉගෙන ගත්තේ දෙකේ පංතියට..." එච්චරයි ඔහු නිහඩ වෙනවා...
පුතාට පහු කාලෙක වාහන කිහිපයක් එහෙම ගන්න පුළුවන් කම ලැබෙනවා.. ඒ හැම එකක් පිටිපස්සෙම තාත්තා ඉන්නවා... ඔවා ඉතිං වාහනනේ.. යකඩනේ.. ඉතිං කැඩෙනවනේ.. ඔන්න කැඩුනම පුතා රටේ ඉන්න වෙද්දු ගේනවා... ඒත් ලෙඩේ හරියට අල්ල ගන්න බැරිඋනාම මගේ පැත්තට හැරෙනවා.. මං මේ පුතාගේ තාත්තා එක්ක බොහෝම හිතවත් කියලා දන්න හින්දා කියනවා...
"චතුෂ.. ගිහින් තාත්තට එන්න කියනවකෝ.."
මං ඉතිං ගිහින් කියනවා.. උන්දැත් එනවා සරමේ අත්දෙක පිහ පිහ.. ඇවිත් එන්ජිම දුවවන්න කියලා කණ පොඩ්ඩක් ඒ පැත්තට අල්ලගෙන ඉඳලා තත්පර විස්සකින් තිහකින් කියනවා "අහවල් තැන ගලවලා අන්න අර කෑල්ල බලනවා..ඒක මෙන්න මේ විදියට ගෙවිලා ඇති.. අළුතින් දානවනං හොඳයි..නැත්තං ඕකේ අනිත් පැත්ත මාරුකරලා උනත් සති දෙකක් තුනක් දුවා ගන්න බැරි නැහැ..."
ඒ කියලා උන්දෑ යනවා ආයෙමත් අත් දෙක සරමේ පිහදාන ගමන් මගේ පැත්තට හැරිලා හිමිහිට "පිස්සොත් ඉන්න හින්දා හොඳා" කියලා... මං හිනා වෙනවා.. අර පුතා ඔළුව කසලා අහක බලං හිනා වෙනවා...
ආයේ ඉතිං අරක ගැලෙව්වාම අර කිව්ව දේට වඩා දශමයක්වත් වෙනස් නැහැ...
මාරයා: හැබෑටම මේ සින්දුව මහ අමුතුම තනුවක්...
ReplyDeleteඅර තරුණයාගේ කථාව මමත් අවතක්සේරු කලේ නැහැ මාරයෝ... ඒ දරුවට නිගරුවක් කරන්නත් අදහසක් තිබුනේ නෑ... කියන්න උවමනාව තිබුනේ ලියන කියනා දේවල කෙසේ වෙතත් හිතනා දේවල "බර" වයසත් එක්ක වෙනස් වෙන බවයි... ඒ නිසා ප්‍රත්‍යක්ෂ ලෙස අදහසක් එළියට දාන්න කලින් ඒවා ගැන යම් සාධාරණ තක්සේරුවක සිටීම යුතුයි නේද..? ඒකයි මගේ අදහස... රටේ ලොකේ යහමින් ගැටුණු ඔබේ කථාවම ඊට උදාහරණයකි..
තිස්ස,
ReplyDelete"ලංකාවෙන් මලක් පිපී සැලෙන්නෙ"
"ප්‍රේම කුරුල්ලා පියාඹා ආවා රත්නපුරේහී කුඩු තනාලා"
බිම්බරක් සෙනඟ ගැවසුණ චන්ද්‍රසෝමයා ඉපදුන"
හපොයි අපි සිංහල ගීතයට මෙන්න වින කටිනෝ....
කවුද අප්පා තිස්සයියේ මේ සිංදුව කියන්නේ...
ReplyDeleteමට නම් හැබැයි එච්චර ඇල්ලුවේ නෑ...
මේකට මාරයගෙන්ම උදාහරනයක් ගන්නවනං
ReplyDelete"කෙනෙක් ඉහලට යන්න යන්න පේනව වැඩියි, එතකොට තීරණයක් ගන්න කලින් හිතන්න ගොඩක් දේ තීනව" වගේ කතාවක් කේන්දර ගැන පෝස්ට් එකක දාල තිබ්බ. ඒ කිව්ව වගේ වයසට යන්න යන්න පේනව වැඩියි, එතකොට හිතනවත් වැඩියි!
සිංදුවේ අමුතු ගතියක් මට නම් දැනුනා... කොහෙන් හොයා ගන්නව ද මන් ද මේ වගේ සිංදු...
ReplyDeleteඅපි මොනවද දන්නේ කියල අවංකවම හිතල බැලුවම හිතෙනව දන්න මඟුලක් නෑනේ කියල... හැබැයි දන්නව කියල හිතාගෙන නේද මේ ඉන්නෙ කියල හිතෙනවා... ඉන්න කම් ඉතින් එක එක අවස්තාවට ගැලපෙන විදියට දන්න දේ නොදන්න දේ ඔක්කොම අවුල් කරගෙන අපිත් මේ ගමන යනවා... කවුද හරි කවුද වැරදි කියන එක සාපේක්ෂයි කියලයි මට හිතෙන්නේ...
කිසිදෙයක් හරිත් නෑ.. වැරදිත් නෑ.... විදියට ඉන්න පුරුදු වෙන එක හොඳයි කියලයි මම මේ දවස් වල හිතාගෙන ඉන්නෙ..(පස්සෙ කොහොම වෙයි ද දන්නෑ...)
කාරනා දෙකක් කියන්න කැමතියි.
ReplyDelete01. මම නං අර තරුණයාගේ කතාවේ වරදක් දකින්නේ නැහැ. අවංකව හිතල බලන්න. ඒ කියල තියෙන්නේ ජීවිතේ යතාර්ථය නේද? ග්‍රහ මාරු කොහොම සිදු වුනත් මරණය වලක්වන්න බැරි දෙයක් බවත් එයට අප නොබියව මුහුණ දිය යුතු බවත් ඔහු කියනව. ඉතින් එහි ඇති වරද මොකද්ද? කොහොමටත් ඔය ග්‍රහ මාරු ගැන බිය වෙන්නේ ආත්ම ශක්තිය අඩු අය. හෙනහුරා නරියට පැරදුනු කතාව අහල නැද්ද?
02. තිස්ස මහත්මා කියන කතන්දරේ එන්නේ අපේ කාලයේ වීරයෙක් පොතේ නෙමේ. ඇලෙක්සැන්දර් පුෂ්කින් ගේ "බේල්කින් ගේ කතා" නමැති පොතේ "වෙඩි තැබීම" නමැති නව කතාව.
@ පොත් ගුල්ලා
ReplyDeleteහෙනහුරා නරියට පැරදුනු කතාව අහල නෑ. අනේ කියන්නකෝ ඒක
මමත් ඔය කුජ මාරු කතාබහ නම් දැක්කා.ඒත් පළාපල අහන්න ගියෙත් නැහැ. බැහැර කලෙත් නැහැ.
ReplyDeleteඅවංකවම මගෙත් ඕවා ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ..ඒත් අපිට විශ්වාසයක් නැති වු පමණින් කිසිම දෙයක් බැහැර කල යුතු නැහැ කියන මතයෙ තමයි මම ඉන්නෙ..මම ජ්‍යොතිෂය අවිශ්වාස කල පමණින් මට පුලුවන්ද විවාහයට නැකතක් නොබලා ඉන්න..එහෙම නැත්නම් දරුවා උපන් වේලාව එතරම් වැදගත් නැහැ කියලා අමතක කරලා දාන්න..
එකක් තමයි අපේ ජීවිත හැම විටම පරායත්තයි. යමෙකුට ස්වාධීන වෙන්න පුළුවන් යම් සීමාවකට විතරයි. අනිත් එක අපේ ව්‍යවහාර ඥානයට ගෝචර නොවන හැමදේම නොවැදගත් හෝ මිත්‍යාවන් විදියට සැළකීම මුළාවක්. සිත දියුණු කර නොගත් අපි වැනි අයට අපේ සිත මෙහෙයවන්න පුළුවන් යම් කිසි සීමාවක විතරයි. හරියට කුඩා පොකුණක ඉන්න මාළු වගේ.....
ආ සිංදුව ලස්සනයි..ඇම් එස් ප්‍රනාන්දු මහත්තයගෙ සිංදුවලට මම කවදත් කැමතියි.." ඔබට තියන ආදරෙ මම කියාලා දෙන්න " ගීතය තමයි මගෙ ප්‍රියතම..
බොහොම කලකින් , අමුතුම ආරක ගීතයක් සහ පෙළගැස්මක් අරන් ඇවිත්......
ReplyDeleteආ මම නම් පලා පල අහනවා...
ReplyDeleteකවුද අකමැති හෙට වෙන්නේ මොකක්ද කියලා.. ගොලුවෙක්ගෙන් උනත් අහගන්න...
කාලෙකින් ඇවත් ටොකු කිහිපයක් ඇනලා නේද :DDD
තිස්ස අයියා මම බ්ලොග් ලියන එක ගොඩක් අඩු කරෙත් මෙන්න ඔයා ඔය උඩ විස්තර කරන හේතුව හින්දයි. අපි ඔයාලගෙ වයසට එද්දි අපිට පපුවට එකඟව මෙ අදහස් මෙහෙන්මම කියන්න, ලියන්න, තියන් ඉන්න පුලුවන් නම් එදාට ලියනවා කියලා හිතන් ඉන්නවා. ඔයා එක කිපවතාවකදිම මට අවබොද කරලා දෙන්න උත්සහා කරත්, මට තෙරුම් ගියත්, ඇඟ ඇතුලට යන්නෙ නැහැ පෙර පින් මඳි හින්දා එහෙමත් නැත්තම් තරුණ හිතෙ තරුණ ගතෙ තියන පුහු ආවෙගය හින්දා. පොඩි කාලෙ ඉදම්ම ලොකු උන්ගෙ කටවල් උඩ බලන් ඉදලා ඉදලා හැමදාම මගෙ අදහස් මගෙ වයසෙ මිනිස්සු එක්ක තිබුනෙ නැහැ. ඔයා ඔය කියනදෙ තෙරුම් ගියත් කාලය තමයි හැම දෙම තිර්ණය කරන්නෙ..
ReplyDeleteඅවුරුදු 25 - 30කට කලියෙන් මේ සින්දුව ඇහිල තිබුනට මෙච්චර ලස්සන බවක් මතක තිබුනෙ නෑ. අපූරු සන්ගීතය. තිස්ස මහත්තයව වැඩිපුර දකින්න නැත්තෙ කාර්ය බහුල ඇති. ගිය අවුරුද්දට වඩා සින්දු දැමෙනව අඩුයි වගේ. කොහොම උනත් නෝඇසෙන සින්දු අහන්න සලස්වනවට (අපූරු පූර්විකාවකුත් එක්ක) පින්!
ReplyDeleteහැමදාමත් වගේ වැඩිය නොඇසෙන සිංදුවක් පූර්විකාවකුත් එක්ක දැම්මාට ස්තුතියි. සිංදුවත් ලස්සනයි.
ReplyDeleteහ්ම්ම්ම්....... මට හිතුනේ අයියේ තරුණ කාලේ බැඳීම් අඩුයි. වගකීම් බර නෑ. ඔහේ ගෙවෙන ජීවිත නිසා ඔහොම හිතනවා. ඒත් බැඳීම් වගකීම් යුතුකම් වැඩි වෙලා ඒවා ඉටු කරන්න ඕනි නේද කියලා කල්පනා වෙනකොට තව දවසක් හරි වැඩිපුර ඉන්න උත්සාහ කරනවා. ඒකනේ කැස්ස හැදුනත් දෝස්තර හොයන් දුවන්නේ. ඇත්තටම ඔහොම හිතන කෙනෙක්නම් ලෙඩක් හැදුනත් ඉඳියි කියලයි හිතෙන්නේ.
ReplyDeleteමාරයියා නම් ඉතිං කවදත් ඕවට නිහඬනේ.
සිංදුවත් ඇහුවා. අමුතු තාලයකට ගැයෙනවා වගෙයි.
කාලෙකින් ආවේ මේ පැත්තේ.....
අනේ මන්දා තිස්ස මහත්තයෝ . .
ReplyDeleteමමත් ගොඩක් වෙලාවට අර තරුණයා වගේ හිතනවා කියලයි මට හිතෙන්නේ . . .
උපන් හැමකෙනාම මැරෙනවා . . ඒක අදද හෙටද තව අවුරුදු 20ක්ද 50ක්ද කියලා කාටද කියන්න පුලුවන් . . .
අනාගතේ මේ තරම කාලයක් ජීවත් වෙනවා කියලා උපකල්පනය කරගෙන අනාගතය ගොඩ නඟන්න වර්තමානයේ සතුට මොහොතකටවත් නැති කර ගන්න මමත් කැමති නෑ . . .
මම වයසට ගියා උනත් පරිනතවෙලා නැතුව වෙන්න ඇති නේද ඇත්තටම . . . ?
සින්දුව ඇහුවේ නම් අදමයි . . .ස්තූතියි
සැඟවුන ගීයක් ..ස්තුතියි
ReplyDeleteහොද මාතෘකාවක් සාකච්චාවට!
ReplyDeleteඇත්තටම බලනකොට, අපි ඔක්කොම අපේ විශයවල විසාරදල උනත් අන්තිමේ බලද්දි අපි දන්න දෙයකුත් නැතිතරම් කියල හිතෙනව.
ග්‍රහ මාරු, කෙන්දර, නැකත් ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්! මම විස්වාස නොකලත්, ඒව කෙරන්ඩ අරින එක (ලොකු පරිමානෙ බාදාවක් නොවෙනවනම්)මගෙ සිරිත. නැතිනම් මොනදේ වැරදුනත්, ඒ නැකත් නොබලපු නිසා, ග්‍රහ මාරු ගනන් නොගත්ත නිසා කියල අනෙක් අය කියයි. (මේක ගෙදර, පවුලෙ සමගියට උනත් බාදාවක් වෙන්ඩ පුලුවන්)
අපේ ජීවිතේ එක එක වයසවල් වලදි 'මරණය' ගැන අපේ තියන අදහසත් වෙනස් වෙනබවයි මට හිතෙන්නෙ. තරුන වයසෙදි වගකීම් නැතිකොට "ඕනෙ මගුලක්" කියල හිතුවත්, වගකීම් වැඩිවෙද්දි "මැරෙන්ඩ හිතන්නෙ" බයගුල්ලොයි කියල මට හිතෙන්නෙ. (මනසික අසනීපෙකට එහෙම හිතීම වෙනමම කාරනයක්) ලමයි ලොකු මහත් වෙලා, වගකීම් ඉවර වෙච්ච දවසක වෙනමම විදිහකට හිතෙන්ඩත් පුලුවන්.
ජීවිතයෙ අන්තිම දවස් වලට ආපුවහම, කෙනෙකුට හුස්මගන්ඩ අමාරු උනහම, බෙහෙත් දිදී ජීවිතය දික්කරන්ඩ හදන එක මට හිතෙනව අපේ ආත්මාර්තකාමී කමදෝ කියලත්. (හැබැයි මේක වලන්ගු වෙන්නෙ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල ඉන්න අයෙකුට විතරයි). අපි රට්‍ටු - ලෝකයා මොනව හිතාවිද කියල සමහර වෙලාවට දෙමාපියන්ව තව ටිකක් 'ජීවත් කරවන්න' හදනව සමහර වෙලාවට ඒක එයාලට දුකක් බව දැන දැනත්.
ඔන්න මට හිතුන හැටි. මම හිතන්නෙ මේ වගේ දේවල් විව්ර්තව කතා කලොත් අපිට ටිකක් පුලුල්ව හිතන්ඩ පුලුවන් වෙයි කියලයි
හ්ම්ම්ම් මීට අවුරුදු පහකට කලින් තීරනයක් ගත්ත්දි මට හිතන්න තිබ්බ දේවලුයි. අද ඒ තීරනේම ගත්දි හිතන්න තියෙන දේවලුයි මතක් උනා.
ReplyDeleteඔය කියපු කෙනාගෙන් තව කාලෙකදි ආපි ඕක මතක් කොරලා අහමු උඹ අද මොකද කියන්නෙ කියලා.....:)
බැඳීම් අපිව හිරකරනවා අප්පා.......................
@චානක අරුණ මුණසිංහ
ReplyDeleteසෙනසුරා නරියට පැරදිච්ච කතාව මෙතනින් බලන්ඩකෝ
http://malmakaranda.blogspot.com/2011/09/blog-post.html
@ඉන්දික: "ලංකාවෙන් මලක් පිපී.." හෙහ් හෙහ් හෙහ්...පස්ඨ...
ReplyDelete@සොරෝ: එම් එස් ප්‍රනාන්දු නෙව... හ්ම්ම්ම් එහෙමද..?
@ඉන්දික: ආන්න ඒක තමා මට කියන්න ඕනැ වුනෙත්, හරි වැරැද්දට වඩා...
@පැතුම්: එකඟයි ගොඩාක් දුරට පැතුම්, මමත් හිතන විදිහට ප්‍රත්‍යක්ෂව දැනගන්න කලින් විවෘතව තියාන ඉන්න එක හොඳයි මම හිතේ...
@පොත් ගුල්ලා:
1: ඒකට යථාර්තය කීම කෙසේ වෙතත් අවසන වෙන්නේ ඒක බව නම් අපට පේනවා... මම ජ්‍යෝතිශය ගැන හිතන්නේ කාලගුණ වාර්ථාවක් හැටියට, මම හදාරා නැති කරුණු බොහොමයක් එකතුවෙලා ප්‍රථිඵල දෙන දෙයක් හැටියට... ජීවිතේට පොඩි වෙනස් දැක්මකින් දෙන මාර්ගෝපදේශයක් ගැනීම ආත්ම ශක්තිය පිලිබඳ ප්‍රස්නයක්ම නෙවි නේද.. යම් ලෙඩකට කොච්චරනම් එකකට එකක් වෙනස් ප්‍රථිකාර විධි තියේද, සිංහල, ආයුර්වේද, හෝමියෝපති, චීනකටු,බටහිර ඇලපති..
2.පොත්ගුල්ලෙක් කීවම අහන්න එපායැ...ඒක හරි ඇති... පොත්ගුල්ලෙක් කියන්නේ මේ වාගේ සාකච්ඡාවලට "අමිල" වස්තුවක්... ;-)
@luckey : මා කිව්දේ ඔබ එක මිටකට ගත්තා... නියමයි...
"ඔබට තියෙන ආදරේ"... ආයේ ඉතින්...!!!!
@වැප්: ඒක සරල ඇත්ත නේද...? හපොයි ටොකු නැත... හිතෙන දේ ලීවේ...
@රවා: මම හිතන්නේ එහෙම ලීවට කිසිම අවුලක් නැ... ඒත් එව්වායෙ බර පසුව වෙනස් වෙන්න පුලුවන් කියන දැනුම තුලම නේද මලේ... ඔයාගේ පරිකල්පනය බොහෝ කරුණු වලදී මගේ දැනුම අභිබවා යන්නක්... එහෙම අයත් ඉන්න පුලුවන්... දැනුම --> අවබෝධය --> ප්‍රත්‍යක්ෂය... මෙහෙමද මාර්ගය...?
@Praසන්ன: ස්තුතියි ප්‍රසන්න බොහොමත්ම...
@හා පැටික්කි (MS): A+
@දුක්ස්: ඒකේ කිසිම අවුලක් නැ දුක්ස්... ඒ හිතන විදිහෙන් උඹට අවුලක් වෙලා නැනේ... ඒ කියන්නේ උඹ සම්බන්ධයෙන් ඒ හිතන විදිහ සාධාරණයි...
@bindhi: ස්තූතියි බින්දි..
@නිශ්: ආයේ කුමන කථාද..!!