ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

හුලවාලි චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති නෙව... මේ හුලවාලී කියන්නේ රොඩී ‍රැහේ නායකයා... රොඩීන් කියන්නේ රාජකාරි ක්‍රමය මත පදනම් වූ කුල පරපුරක, කිසිවෙක් ඒ තම පරපුරට සම්මත වූ සිරිත් විරිත් වලට පටහැනි යමක් කල විට පලවා හැරි, ඈයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්ය කියා මම කියවා තිබෙනවා... ඔවුන්ට නිෂ්පාදනයේ යෙදෙන්ටත්, උඩු කය ආවරණය කිරීමත් තහනම් වුනාලු... තව තැනෙක කියවෙන හැටියට ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි යම් දඩයම් කාර ගෝත්‍රයක්...

පුරාණ ජනකථාවල හැටියට පැරකුම් රජ්ජුරුවන්ගේ මුලුතැන්ගෙට මුවමස් සපයන දඩයම් කාරයාටත් දවසක මුවෙකු සොයාගන්න බැරිව මුණ ගැසුනු දරුවෙකුගේ මස් ගෙනැවිත් දී තිබෙනවා... ඒ මස් ආහාරයට ගත්තු පැරකුම් රජුගේ දියණියට කෙසේ හෝ මේ මසෙහි විශේෂ රසක් දැනිලා හැමදාම ඒවා ගේන්න මස්වැද්දට අණ කලාලු... රටේ දරුවන් එකින් එක අතුරුදන් වෙනකොට, පැමිණිලි එනකොට, රජතුමා මේ ගැන සොයා බැලුවලු... කාරණව කොහොම හරි දැනගෙන සියලු රාජ වස්ත්‍රාභරණ ඉවත් කොට චණ්ඩාල කුලයේ ඇත්තකු ගෙන්වා පාවා දී තම කුලයෙනුත් මාලිගාවෙනුත් පලවා හැරියාලු... ඉන් පසු ඔවුන් රොඩී කුලයට වැදගත්තද රජකුමරියක් නිසා ඔවුන් ඇයට විශේෂ තැනක් දී තියනවා... ඔවුන් ගේ පූජා ගායනාවන්ට මේ රත්නවල්ලි කවි එකතු වන්නේද එහෙමයි කියා කථාවකුත් තියනවා...

මේ රත්නවල්ලිය අනුරාධපුරේ තෙලඹු ගසක් ආස්‍රව වාසය කිරීම නිසා එතැන රොඩී ජනයා පූජා පවත්වන ස්ථානයක් වන්නට ඇති... දු‍ටු ගැමුණු රජතුමාට "ඔබේ නමින් සෑය බඳිමි, විමාණයෙන් බසිනු මැනවි..." කියා කියන්නට වෙන්න ඇත්තේ අර ජනයාගේ විස්වාසයන්ට එකහෙලා විරුද්ධව කටයුතු නොකල නිසා වන්නට පුලුවන්... "හොඳයි ඔබේ නම යොදන්නම් වැඩේ කරගන්න ඉඩ දෙන්නකෝ ..." කියලා පොඩි පහේ සම්මුතියකට එන්ටෑති.... .

ඊට අමතරව, පසු කාළෙක කතරගම දෙවියෝ බවට පත්වෙච්චි මහසෙන් දෙවියන්නේ බිරිඳත් රත්නවල්ලි (පසුව වල්ලි අම්මා...?) නමින් හැඳුන්වුනාලු... බුදුන් දවස මෙරට හිටි කුම්බා නම් යක් රජුගේ දුවත් වල්ලිරාණි හෙවත් රත්නවල්ලී නමින් හැඳින්වී තිබෙනවා...

ඒ මොක වෙතත් මේ රත්නවල්ලි කවි නම් බොහොම මනෝ රම්‍යයි... ඇයගේ තේජසත්, බිය උපදවන ස්වභාවයත්, ඇඳුම් පැලඳුම් වල තිබුණු ස්වරූපයත් පිලිබඳ අපූරු චිත්‍රයක් අපට මවා දෙනවා...

නිල්බර නිල් රුකට නැගිලා උන්නු ලියේ...
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ...
නිල්බර එ නිල් අතු පැහැපත් ලාපු ලියේ...
නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ...

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ...
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ...
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ...
පැරකුම් රජුගෙ දුව නව රත්නවල්ලියේ...

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ...
බීත කරන රෝ දුක් ලෙඩ නැතිද ලියේ...
රාසි ගනන් මුතු මාලා ඇන්ද ලියේ...
ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

65 comments :

  1. තිස්ස අයියගෙත් මාර රසාංග නේ තියෙන්නෙ.. මරු ලිපිය.. සින්දුව නං අහල තිබුනා.. ඒත් මේ විස්තරේ දැම්මම තමයි හරියට තේරුනේ.. චිකන් උනාට සතා දන්නෙ නැතුව නෙව අපි කන්නෙ ගොඩක් වෙලාවට.. :)

    ජයවේවා.. ඔහොම යං... මේං අපිත් බානවා!!

    ReplyDelete
  2. දු‍ටුගැමුණු රජතුමාගෙ කාලෙ අර තෙලඹු ගහේ සීන් එකේ ඉන්නෙ ස්වර්ණමාලි නේද.. එයයි රත්නමාලියි සේම් ද?

    ReplyDelete
  3. හහ් හහ් හහ්... ඒක කිව්වහම මතක් වුනේ අපේ එකෙක් දවසක් ඩෝප් මරගාතේ...හරි හරි යකෝ පෝක් තමයි මොන මස් ද කිය කියා වලියටම ආවලු...!

    ReplyDelete
  4. රතනවල්ලී - -> රුවන් වැලි කියන එක තමා ගන්න පුලුවන් කියලා මට හිතෙන්නේ... පාලියට හරවලා මහානාම හාමුදුරුවෝ හරහා එනකොට "ස්වර්ණ මාලී" උනා වෙන්න පුලුවන්... කොයි එකවත් හරියට ඉගෙන ගත්තේ නෑ නෙව... යකඩ කෑලි අතගගා හිටියා මිසක...

    ReplyDelete
  5. සුදු වැද්දා පොතේද කොහෙද ඔය රත්නමාලි කතාව තියෙනවා. ස්වර්ණමාලි කියන්නෙ දේවතාවියක්ලු නේද? අර දුටු ගැමුණු රජ්ජුරුවෝ කිව්වැයි කියන්නේ " ඔබේ නමි සෑය බඳිමි,, විමානයෙන් බසිනු මැනවි කියලා .
    මේ සිංදුවත් කලින් අහලා නැහැනේ.

    ReplyDelete
  6. ඇයි අපච්චියේ ඔය ඕනැතරම් එළු මස් කියලාත් දැන් දෙන්නේ බළු මස් එහෙම......කතරගම දෙවියො...එහෙමත් නැත්නම් ස්කන්ධ කුමාර...කියන්නේ මහසෙන් දෙවියොද?...මම නම් දැන ගත්තේ අදයි ඔය කතාව...

    ReplyDelete
  7. @ හරී: අර රාජ දෝනියක් හින්දා රොඩී ඇත් ‍තෝ විශේෂ සැලකිලි දක්වාපු හින්දා පිටින් බැලූ දු‍ටු ගැමුණු රජුට ඒ කුලයේ විශේෂ කාන්තාවක් විදිහට දකින්න ඇති... මට තේරෙන අහලා තියන කථා වල හැටියට...

    @Shadow/හේමලයා: හෙහ් හෙහ් ඒ ගේම් වලට ඉතින් කාලයක් කියලා නෑ නෙව...
    ඔය ලංකාවේ තිබිච්ච දේව ඇදහිල්ලයි ඉඳියාවෙන් ආපු දේව ඇදහිල්ලයි කලවං වෙලා හැදිච්ච එකක් දැන් ඔය තියෙන්නේ මයේ හිතේ... උපුල්වන් දෙවිඳු ඇදහිල්ල හෙමිහිට විෂ්ණු ඇදහිල්ල වුනා වාගේ, මහසෙන් දෙයි හාමුදුරුවෝ ඇදහිල්ලත් ස්කන්ධ කුමාර ඇදහිල්ලට යට වුනාද මන්දා...

    ReplyDelete
  8. ලස්සන සිංඳුවක්. මම අදමයි මේක ඇහුවෙ. ස්තූතියි !

    ReplyDelete
  9. ඔව් සුදු වැද්දා පොතේ රත්නවල්ලී ගැන කතන්දරේ තියෙනවා ගැස්පා පිගුවේරටයි එඩ්මන් ටයි රොඩී ගෑණු කෙනෙක් සාස්තරයක් කියන කතාවකුත් එක්ක

    ReplyDelete
  10. ආ තව එකක් ,රත්නවල්ලී කාව්‍යය කියල ලස්සන කවි පොතක් තියෙනවා. ඒකෙ ඔය සම්පූර්ණ කතාවම තියෙනවා

    ReplyDelete
  11. @ මුතු පබා : මම ඔබතුමියගේ අඩවියටත්.. ගොඩවුනා...ඔබතුමිය බොහොම පරණ බ්ලොගර් කෙනෙක් නොවෑ... මමනම් මේ දමන්නේ අනුන්ගේ සිංදු ... නමුත් ඔබ තුමිය වාගේ නිර්මාණ කරුවෙක් නෙමේ... එ නිසා ඔබගේ පැමිණීම ගෞරවයක් කොට සළකමි...

    එකේ තිබ්බ ගී දෙකෙන් "සඳුට රහසේ" ගීතය හරිම ලස්සනයි...

    මෙතැනට එන අනෙක් අයටත් ආරාධනා කරනවා එහි රස විඳින්න..මෙතැනින්

    ReplyDelete
  12. @චානක: මගේ ස්තූතිය... ඒ වාගේ ඔය කාරනා කාරනා දන්න අය අනෙක් අයටත් දැනගන්න කිව්වානම් අගෙයි තොරතුරු...

    ReplyDelete
  13. අය්යා බ්ලොග් එක නම් නියමයි. ඔයා moratuwa university eke chemical karapu kenek neda? for more details contact me dilantha@chempro.org

    ReplyDelete
  14. මාත් කීප වතාවක්ම අහාලා තියෙන ගීතයක් උනත් එපා වෙන්නේම නැති එකක් මෙක..

    ස්වර්ණමාලී රුවන් මැලි වී පසුව රුවන් වැලි වූ බව තමා අයියේ මම අහලා තියෙන විදිය.
    ථූප වංශයේ ඔය රුවන්වැලි සෑයත්..එහි නිර්මාණ කාර්යයත් දුටු ගැමුණු රජු ගැනත්, සම්බුද්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණයත් ගැන බොහෝම අපූරුවට විස්තර කරලා තියෙනවා කියලා තමයි මගේ මතකය කියන්නේ..

    හැබැයි ඉතින් මම ථුපවංශය කියෙවුවෙ මට වයස දහයක් එකොළහක් විතර කාලේ නිසා හැම දේම හරියටම මතක නැහැ.

    ReplyDelete
  15. @Thushara : ඔයාට මේල් එකක් දැම්මා මල්ලී..

    @මාරයා: ඔය තියෙන්නේ ... කාරනා එකතු කරලා පිලිගත හැකි කථාවක් හදාගන්න පුලුහන් වෙයි වාගේ...
    අප්පද බොල අවුරුදු 11 දී ථූප වංශය කියෙව්වද...? එහෙමනම් ආයේ මොනවද... පේන්නෑ මේ අපේ හුඹස් කටවල් වෙලා තියන හැටි...

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කටින් කට එන කොට කපුටො හත් දෙනෙක් වමනෙ දැම්ම වගේ ගොඩක් කතා වෙනස් වෙනව කතා එකට පැටලෙනව. අලුත් කතා හැදෙනව.. ඔහොම තමයි. ථුප වංශෙ මහා වංශෙ වුනත් ලීව කෙනාගේ මතිමතාන්තර එයා කැමති අකමැති දේවල් එක්ක කතා වෙනස් වෙන්න ඇති...

    අයිය.. ගහක කොහොමද ගැහැණු කෙනෙක් ජීවත් වෙන්නේ. ගැහැණු කෙනෙක්ට ගහක් අයිති වෙන්න නම් පුලුවන්...

    දෙවියන් වුනත් ඇයි ගැහැණු දෙන්නෙක් තියන් ඉන්නේ. දෙපැත්තෙන් තියන් ඉන්නව ලොක්ක වගේ... මම නම් අකමැති ඒ වැඩේට.... අපි ඒ වගේ අයට දෙවියන් කියල කියන්නේ නැහැ නේ.. රජ්ජුරුවන්ටත් අන්තංපුරයක් හිටිය තමයි... ඒ ඉතින් රජ්ජුරුවො නේ...

    රජුන්ටත් හොදයි නම්
    දෙවියනේ නුඹටත් හොදයි නම්
    මනුස්ස අපි කරාම ඇයි මේ තහන්චි

    මිනිස්සු හිතින් මවා ගන්න අමුතු රූප වලට පණ පිහිටවල තමයි දෙවියන්ව ඇති කරල තියෙන්නේ...

    මහසෙන් දෙවියන් නම් කමක් නැහැ කියමු. ඒ ඇත්ත අපේ රටට කල දේවල් වල හැටියට දෙවියෙක්ම තමයි වෙන්න ඕන....

    අයිය දන්නවද ලංගාවේ නවග්‍රහයෝ ඔක්කමල එකම තැන ඉන්න එකම දේවාලේ තියෙන්නේ මාතර දෙවුන්දර...

    ඉතින් අයිය වෙද වගේම ගීතය නම් හරි අගෙයි.....

    ReplyDelete
  18. රත්නවල්ලි දෝ යෞවනියේ නුඹ
    පහන් තරුව පුන් ගාඩි රැහේ
    සිහින් සිනිදු වැරහැළි සේලේ මල්
    පරවී යනවා දූවිල්ලේ
    දුර ඇවිදින අතරේ සංසාරෙ.......

    ෴ දිවුලගනේ මහත්මයා ෴

    ReplyDelete
  19. @ wath

    කතාවෙ කියවෙන හැටියට රත්නවල්ලී වෘක්ෂ දේවතාවියක් වෙලා ඉපදුණාලු. ගහේ ජීවත් වෙලා තියෙන්නෙ මිනිස් ආතෙම් ඉන්දෙද්දි නෙවෙයි.

    "මහසෙන් දෙවියන් නම් කමක් නැහැ කියමු?"
    එතකොට රාසිං දෙවියො ??

    මොකක්ද අප්පේ ඒ දේවාලෙ. හින්දු කෝවිල් වලනම් ඕනෙ තරම් ඔය ඉන්නෙ නවග්‍රහයො එකම තැන.

    ReplyDelete
  20. @ Wath: මාත් මේ ඒකම තමා කියන්නේ... එතකොට 1: 2 අනුපාතයට බෙදාගත්තහම හරි ... අනෙක මේ පිටරට වල ඉන්න අපි වාගේ අයට මොනතරම් සහනයක්ද...

    හැබෑටම වත් නංගියෝ ඔව්වයේ ඇත්ත නැත්ත හොයනවට වඩා එව්වා ආස්‍රයෙන් බිහිවෙච්චි සාහිත්‍ය කලාංග වලට නම් මම හරිම ආසයි... අර දේවාලය මොකක්ද හැබැටම... අපට පින්තූරු ටිකක් එහෙම එවන්නකෝ... දැන් ප්ලූටෝව අහක් කල නිසා දේවාලෙට මක්කද වුනේ...? මගේ යාලුවෝ එකෙක්වත් අර 3 X 3 = 9 ගල් අල්ලපු මුදු වලින් එකක් වත් මොඩිෆයි කලේ නෑ....

    ReplyDelete
  21. @චානක: හරි හෙමින් සීරුවේ කථාව එලි පෙහෙලි වෙන්නේ...

    උඹ ඒ අස්සේ නිලයකුත් ඇල්ලුවා නේද..? රාසිං දෙයියෝ මතක් කරලා....

    ReplyDelete
  22. නවග්‍රහයන්ට යුරේනස්, නෙප්චූන් , ප්ලූටෝ, පෘතුවිය අයිති නෑ. ඒ වෙනුවට තියෙන්නෙ ඉර, හඳ, රාහු, කේතු


    නිලයක් ඇල්ලුවාය කියන්නෙ මේක ගැනද ?
    http://status-chanaka.blogspot.com/2008/12/blog-post.html

    ReplyDelete
  23. කොට්ටප්පරි රතනසාර...! ඒකවද...! මගෙයි නොතේරුංකම.... හෙනං මුං මේකයි ගල් ගැලෙව්වේ නැත්තේ මුදුවල....!!

    ReplyDelete
  24. මම දන්න විදිහට නව ග්‍රහයන් පුරාණයේ ඉදල එකම ස්ථානයක වෙන් නොකර ඇදල තියන එකම තැන දෙවුන්දර තමයි.ලංකාවේ දකුණු කෙලවර. එතනලු රාම රාවණ යුද්ධෙ තිබ්බෙ...

    මම දෙවියන් වදින්නෙ නැහැ. නමුත් වැඩිට සෙනග නැති වෙලාවය දේවාලේ අකුලට ගිහින් දේව රූල දිහා ගොඩක් වෙලා බලන් ඉන්නව. කොච්චර බැලුවත් අලුත් මොනාහරි හැමදාම දකින්න තියෙනව..

    දෙවියන්ව හදල තියෙන්නේ වැරදි කරන මිනිස්සුන්ව බය කරල තියා ගන්න කියලයි මම හිතුවේ...

    ආයේ ගියොත් පින්තූර අරන් දාන්නම්...

    නව ග්‍රහයන්ට ප්ලූටො නැහැ මයෙ හිතේ


    සදු
    කුජ
    සිකුරු
    බුධ
    ශනි
    වන්දූ
    රවි
    ගුරු
    රාහු/ කේතු ජායා ගුහයෝ

    නව ගුහයන්ට ප්ලුටෝ නැහැ අයියේ

    ReplyDelete
  25. මෙතනින් දෙයක් ඉගෙනගෙන යනවා ඔන්න. ස්තූතියි ඔබට

    ReplyDelete
  26. ගොඩක් හින්දු කෝවිල් වල නවග්‍රහයො එකට ඉන්නෙ ඔය යස අගේට

    ReplyDelete
  27. නව ග්‍රහයෝ...

    රවි
    වන්ද්‍ර
    කුජ
    බුධ
    ගුරු
    ශුක්‍ර
    ශනි
    රාහු
    කේතු

    මීට අමතරව තමයි
    ප්ලූටෝ
    යුරෙනස්
    නැප්චූන්...

    ඔය රාහු කේතුත් ග්‍රහයෝ නෙවෙයි ඡායා ග්‍රහයෝ පමණයි.

    ඒ කියන්නේ පෘතුවිය ඉරු වටා යන කක්ෂය පෘතුවිය වටා සදු යන ගමනේදී ඇති වන කැපුම් ලක්ෂ දෙක තමයි රාහු සහ කේතු කියන්නේ...

    ReplyDelete
  28. තිස්ස අයියා...

    රත්නමාලි සහ රත්නවල්ලි කියන්නෙ දෙන්නෙක් නෙවෙයිද..?? රත්නවල්ලි කියන්නෙ පැරකුම් රජුගේ දුවනං එයා කොහොමද ගැමුණු රජුගේ කාලෙට යන්නෙ..?? ගැමුණු රජුගේ කාලයේදී සැඩොල් කුලයක් තිබුන නමුත් රොඩී කුලයක් ගැන අහන්නට ලැබෙන්නේ නෑ නේද..?? රත්නමාලි (ස්වර්ණමාලි) කියන්නෙ ප්‍රාදේශීය දෙවිකෙනෙක් වෙන්න බැරිද..?? එහෙමත් නැත්තං බුදුදහම පැමිණීමට කලින් තිබුන බහුදේවවාදී යුගයේ සිටි තවත් දේවතාවියක් වෙන්න බැරිද..??

    මහේශාක්‍ය දෙවිවරු විසින් අල්පේශාක්‍ය දෙවිවරුන්ව ගිලගැනීම හැමදාමත් සිද්ධවුන දෙයක්. උපුල්වන් දෙවි විෂ්ණුට යටවුනෙත් මහසෙන් (මහාසේන) දෙවි ස්කන්ධට යටවුනෙත් එහෙමයි. නමුත් මට පේනවා මෙතන පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනව මහසෙන් සහ මින්නේරිය දෙවියන් අතර. මේ දෙන්නා එක්කෙනෙක් නෙවෙයි. මහසෙන් රජු මියගියාට පස්සෙ මින්නේරිය දෙවියන් නමින් දේවත්වයට පත්වුනා. නමුත් මහසෙන් දෙවි කියන්නෙ ඊටත් පෙරාතුව සිට දකුණුලක සිටි ප්‍රාදේශීය දෙවිකෙනෙක්.

    ReplyDelete
  29. @මකරා..,

    රාසිං දෙයියො මොකක්ද බං වීභීෂණත් දෙයියො වුන රටේ...

    ReplyDelete
  30. දැනුම පොතට ගොඩාක් දේවල් එකතු කර ගත්තා. අඩවියෝ ඇත්තන්ට මෙන්ම සම්මාදම් වූ හැමටම පිං.

    ReplyDelete
  31. රත්නවල්ලිය ගැන ඒ දවස්වල අහල තිබුණත් දැන් ඒ මතකය හරියට වළාකුළු වලින් බර වෙච්චි අහසක් වගේ...

    රත්නවල්ලිය කියන්නෙ ස්වර්ණමාලියටමද ?
    මට නම් ඒ ගැන සැකයි..

    ReplyDelete
  32. රනේ යටග සැවුළිඳු දද ගලපාය
    පෙනේ දකුණ මහසෙන් දෙව් රද පාය

    මේක සැළලිහිනියෙ කවියක අන්තිම පද දෙක.. මට මුල පද මතක් වෙන්නෙ නෑ...මේ කවියෙ මහසෙන් දෙව් රද පාය කියන්නෙ නම් කතරගම දේවාලෙට ලු...

    රත්නවල්ලි සහ ස්වර්ණමාලි දෙන්නෙක් කියල තමයි මගෙ විශ්වාසෙ නම්.. හැබැයි මේ වෙලාවෙ ඒක ගැන සාධක මුකුත් නම් මතක් වෙන්නෙ නෑ...

    හරී කියනව වගෙ සුදුවැද්දා පොතේ රත්නවල්ලි කතාවට හුරු කතාවක් තියනව මටත් මතකයි...ඒත් ඒ කුමාරි නම් අන්තිමට රජ කුලයෙම ඇගේ පෙම්වතා ඇවිත් පහත රටට ගෙනියනව, ඒ වෙනකොට පහත රට තියෙන්නෙ ලංදේසි පාලනේ නිසා.. ඒ නිසා ඒ කතාව ත්නවල්ලි ගැන ම වෙන්න බෑ... කියලයි මට හිතෙන්නෙ.. ඒකෙ ආභාෂය අරන් ලියවිච්ච කතාවක් වෙන්න ඕනෙ පොතේ තියෙන කතාව...

    ReplyDelete
  33. @ චේජනා

    1.
    ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
    රනේ යටග සැවුළිඳු දද ගළපාය
    අනේ ලකර කළ පුර අප නර පාය
    පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය

    2.
    රත්නවල්ලීයි ස්වර්ණමාලියි කොහොමටත්ම එක්කෙනෙක් වෙන්න බැහැනෙ. පරාක්‍රමබාහු රජ්ජුරුවො හිටියෙ පොළොන්නරුව රාජධානියෙ. පොළොන්නරුව රාජධානියක් වුණේ දුටුගැමුණු රජ්ජුරුවො හිටපු අනුරාධපුරේට පස්සෙනෙ.

    3.
    ඔයා ඔය කියන්නෙ සුදු වැද්ද කතාවෙ රජ්ජුරුවන්ගෙ ලේලිගෙ කතාව. රත්නවල්ලී ගැන කියවෙන්නෙ චූටි අතුරු කතාවක් විදිහට වෙන තැනක . ගැස්පා පිගුවේරටයි එඩ්මන් ටයි රොඩී ගෑණු කෙනෙක් සාස්තරයක් කියන කතාවකුත් එක්ක. එතන සාස්තර කියන්න කලින් රොඩී අය රත්නවල්ලී කව්‍යය කියවනවා. ඒත් එක්ක තමයි විස්තරේ තියෙන්නෙ.

    ReplyDelete
  34. Chanaka
    මගේ මතකෙ ගොඩක් පැටලිලා... ඔයා ගොඩක් පැහැදිලි විස්තරයක් ලියල නෙ... ස්තුතියි...

    ReplyDelete
  35. @Buratheno

    You must be correct. Rathnawalli and Swarnamali can't be one and the same person. Swarnamali should be a minor goddess.

    Also Katharagama Deviyo was not the King Mahasen during whose reign, Minneriya tank and many irrigation systems were built. This is a regional ruler said to be contemporary to Lord Buddha.

    Sorry for not writing in Sinhala.

    ReplyDelete
  36. @ ෂහ් මරුම සාකච්ඡා මණ්ඩපය... දෑන් බලාගෙන ගියහම ලංකාව ගැන ඉතිහාසය ගැන උනන්දුවක් තියන අය, යමක් කමක් දන්න අය හදාරන්නේ වෙනම විෂයයන්, ඉන්නේ ලංකාවෙන් පිට... එහෙම නැත්නම් මෙතෙනට මෙව්වා ගැනම දුර දිගට හදාරපු - විෂයක් හැටියට - උන්නැහෙලා මෙතනට එන්නේ නැතිවද...?

    මේ සම්බන්ධ මුලාස්‍ර ලිපි දෙකක් ජාලයෙන්ම පහසුවෙන් කියවිය හැකි බලන්න පුලුවන්...
    එකක තියනවා "පරාක්‍රමබාහු" යන්න ලංකාවේ රජුන් අතර පොදු නාමයක්ය කියලා... මෙතැනින් බලන්නකෝ... එතකොට යුගවල ප්‍රස්නය විසඳෙයි නේද...? මොකද ඒ අප කියන පොළොන්නරු පැරකුම්ම නොවෙන්න පුලුවන්.. ඊලඟට අපී රාජාවලිය විමසා බැලුවොත් දුටුගැමුණුට පෙර පැරකුම් කෙනෙක් සිටියාදෝ යන්න බලත හැක...

    තවත් හොඳ මූලාස්‍ර ලිපියක් මෙතැනත් තියනවා...

    ඒ දෙකිනුත් මේ ජනවහරට එලියක් ලැබෙයි කියා ඉතනවා...

    මහසෙන් දෙවි / ස්කන්ධ කුමාර පලහිලව්ව ඊලඟට බලමු...

    ReplyDelete
  37. මගේ අවබෝධෙට අනුව නම් දු‍ටුගැමුණු රජතුමාට කලින් සිංහල රාජවලියෙ පැරකුම් රජවරු නැති වෙන්න ඕනෙ.
    මොකද පොළොන්නරු යුගයෙ ඉන්නෙ පලවෙනි පරාක්‍රමබාහු රජතුමා නෙ. දු‍ටුගැමුණු රජතුමා අනුරාදපුර යුගයෙ නෙ.. (අය්ය දාල තිබ්බ ලින්ක්ස් නම් තාම කියෙව්වෙ නෑ හැබැයි.. ඒව ඉතින් රෑට තමා කියවන්න වෙන්නෙ...කියවන්නෙ නැතිව ලිව්ව කියල බනින්නෙපා.. මම ඉතිහාසෙ දන්න හැටියට ලිව්වෙ.)

    ReplyDelete
  38. නංගී හරි රාජාවලිය බලා ඔහොම එකක් කරන්න බැරිවෙයි... එහෙමනම් අර "පැරකුම්" යන්න රජුන්ට පොදුවේ යෙදූ "His Excellency" වාගේ කියලා හිතන්න වෙනවා මගේ කථාව සාධාරණී කරනය කරන්න... බලමු ඇසූ පිරූ තැන් ඇත්තන්ගේ විචාරක්ෂිය යොමුවෙයිද කියා...

    ReplyDelete
  39. හ්ම්..දැණුම කට්ටියත් එක්කම බෙදාගත්තට ස්තූතියි...
    ජයවේවා!!!

    ReplyDelete
  40. ඉතිහාසය ගැන දැනුම දුරුවලයි තිස්ස අයියා... ඒත් මේ සංවාදය දිගටම රසවිදිනවා කියන්නයි ඕනවුනේ... හැබැයි රුවන්මැලි මහා සෑයට ස්වර්ණමාලී මහා චෛත්‍යය කියලා කියනවා නේ.. පැහැදිලිව කියන්න තරම් තේරුමක් නෑ...

    ReplyDelete
  41. මගෙ අම්මෝ ග්‍රහ පූජාවක් තියන්න පුළුවන්. කට්ටියගේ ග්‍රහයන් ගැන දැනුම එකතු කළාම. ඔය දෙවියන් ගැනනම් විවිධ කතා තියනවා නේද? හුඟක් වෙලාවට දෙවියන් වෙලා තියෙන්නේ බොහොම වැදගත් විධියට මිනිස්සුන්ට සෙවය කරපු අය බවක් තමා හැ‍ඟෙන්නේ. කාන්තාවකට ගහක් උඩ ඉන්න බෑ කියන එක අද කාලෙට ගැලපුනාට මම හිතන්නේ අතීතයට වලංගු වෙන්න බෑ. උදුම්බරා දේවිත් ගහක් උඩලුනේ හිටිය කියන්නේ(ජීවත් උනා නෙවේ) දැන් කෙල්ලො ගස් නගින්ට බය උනාට ඉස්සර ගස් උඩ ජීවත් උනාද නැද්ද කියන්න සාධක නෑනේ. මේවයි කියන්න ආපු එකත් අමතක උනා. පරණ සින්දුව අහන්න දුන්නට ස්තුතියි. ඒවගේම සිංදුව අහල තිබුනට මේ වගේ ඒවටා බැඳුනු කතන්දර අහන්න ලැබෙනවාය. බලන් ගියාම අපි කාගෙත් ඉතිහාස දැනුම අවුල් සහගතයි නේද? තමන් කියනදේ තමන්ටම විශ්වාස නෑ.

    ReplyDelete
  42. මහා පැරකුම්, දෙවන පැරකුම් ... හයවන පැරකුම් ලෙස පැර්කුම් රජවරු 6 දෙනෙක් ඉඳල තියෙනවා. 6 වෙනි පැරකුම් තමයි ලංකාව අන්තිමට එක්සේසත් කළේ. හැබැයි මේ කියන රොඩීන්ගේ කතාවෙ එන රත්නවල්ලී කියන්නෙ මහා පැරකුම් රජ්ජුරුවන්ගෙ දුවලු.

    කතරගම දෙවියොයි මහසෙන් දෙවියොයි ගැනනම් දන්නෙ නෑ. හැබැයි මට මතකයි කොහේ හරි ගාථාවක තියෙනවා කදීර මහාසේන නරින්ද කාරිතං කියල. කදිර් කියන්නෙ කතරගම දෙවියන්ට කියන තව නමක්

    කෙල්ලො ගස් නගින කතා ගැන කියනවනම් සාලිය කුමාරයට අශෝකමාලා හම්බ වුනෙත් ගහක් උඩ ඉන්දෙද්දි :D

    ගස් උඩ ජීවත් වෙන තව කට්ටියක් ඉන්නවා. එයාලට කියන්නෙ නාවි කියල. එයාල ඉන්නෙ පැන්ඩෝරා කියන ග්‍රහලෝකෙ (Avatar Film )

    ReplyDelete
  43. උඹත් මාර පොරක්නේ බං... මට මේ ලඟකදී ඉඳලා මාර මාර පොරවල් සෙට් වෙනවා එස්බීයූ එකේ... පෝස්ට් එක රසවින්දා මදිවට කමන්ට් කියවලා බොහෝ දේ ඉගෙනත් ගත්තා... ස්තූතියි...

    ReplyDelete
  44. @Sampath: ආහ් අපේ සංවේදී සහෘදයත් ගොඩවැදිලා තියෙන්නේ...ආයුබෝං කිව්වා එහෙමනං...

    @තනෝජා: මගෙත් එහෙම තමා නංගියේ... බද්යූදීන් මහම්මූද් අධ්‍යාපන ඇමතිතුමාට ජයවේවා.... මේ චානකලා බුරාතීනෝලා මාරයාලා මේව්වා ගැන වියත් ලෙස කථාකරන කොට ආසාවේ බෑ...ඒ දරුවෝ අපට වඩා බොහෝ ඉදිරියෙන්...

    @priyantha.ඒ.බී. : තමන්ගේ දේ උගන්නනේ නැතිව ඉස්සෙල්ලා, රට රාජ්ජ වල දේ උගන්නන්න තතනන එකෙන් තමා මේ විනම්බෑසිය වුනේ...

    @චානක: හැබැටම කොහොමද අප්පා මේ සේරෝම හැදැරුවේ...? පසුබිම ටිකක් විස්තර කලානං..අපේ දරුවෙකුටත් වැඩක් ගන්න පුලුහං වෙයි ආයුබෝවන්ඩ...

    @කුෂාන්: කියලා වැඩක් නෑ... මම දැක්කා මේ ලඟදී පොරක් මෝටර් සයිකලයක් modify කරලා තියන හැටි... මේ බ්ලොග් ලියන පොරක්ම... මැක්සා වැඩක්... මෙතැනට ගියොත් බලත හැකි.. හැකියාවන් පිරුනු බුවාලා මචෝ...

    ReplyDelete
  45. ඔය අරෙහෙන් මෙහෙන් කියවපුව තමයි. අමුතුවෙන් හැදෑරීමක් කියල කළේ නෑ. මම ඔය අහුවෙන හැම දෙයක්ම කියවනවා. බත් පාර්සලයක් පත්තර කොලෙකින් ඔතල තිබ්බොත් බත් කකා ඒ පත්තර කොළෙත් කියවනවා. දැන්නම් අන්තර්ජාලයෙන් තමයි වැඩිපුරම කියවන්නෙ

    ReplyDelete
  46. අය්යෙ, ඔන්න ඔයා දාපු ලින්ක් දෙක ම මම බැලුව.. ඒ එකක තියෙන විදියට "පැරකුම්" රජවරුන්ට පොදු නමක් කියල කියන්නෙ හයදෙනෙක් විතර ඉඳි නිසා කියලයි මට හිතෙන්නෙ, නැතිව common පවිච්චි කරපු ගරු නමක් නෙවේ කියල.... ඒක

    අනික මේ රොඩී කියන මිනිස්සුන් ව මම නම් කවදාවත් ම දැකල නෑ..කවුරුහරි දැකල තියෙද මේ අයව... අහිකුණ්ටක කියන මිනිස්සු ව නම් මම දැකල තියෙනව.. දැන් රොඩී කියන මිනිස්සු කෝ.. ඒ කුලය අහෝසි වෙලා සමාජයත් එක්ක මිශ්‍ර වෙලා ගිහින් ද දැන්... එහෙම නැත්නම් අහිකුණ්ටක කියන්නෙ රොඩී කියන්නෙ එකම ද...

    ReplyDelete
  47. රොඩී සහ අහිකුණ්ටික කියන්නෙ දෙකක්. අහිකුණ්ටික කියන්නෙ තැනින් තැනට ගොස් ජීවත් වන ජන කොටසක්. රොඩී අය අඩු කුලයේ වුණාට ඒ අයට ස්ථීර ගම්මාන තිබිලා තියෙනවා. ඉංග්‍රීසීන්ගේ කාලෙ රොඩීන්ට තිබ්බ තහනම් ගොඩක් අයින් කළාලු.කුළ භේදය නැති වෙලා යනකොට ඒ අයත් අනිත් සමාජයටම එකතු වෙන්න ඇති.

    සැළලිහිණි සන්දේශයයි, පැරකුම් රජවරුන්ගෙ දූවරුයි දෙවිවරුයි ගැන කියවෙච්ච නිසා තව කතාවක් මතක් කරන්නම්.

    සැළලිහිණි සන්දේශය ලියවෙලා තියෙන්නෙත් පැරකුම් රජකෙනෙක්ගෙ දුවෙක් වෙනුවෙන්. 6 වෙනි පැරකුම් රජ්ජුරුවන්ගෙ දුවට කොලු පැංචෙක් ලබා දෙන්න කියලා විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක් තමයි සැළලිහිණි සන්දේශයෙන් යැවෙන්නෙ.

    අනිත් පැරකුම් රජවරු 4 දෙනාටත් දූවරු හිටියද දන්නෙ නෑ

    ReplyDelete
  48. 1. රොඩී සහ අහිගුණ්ඨික කියන්නෙ දෙකක්. අහිගුණ්ඨික කියන්නෙ ජන කොට්ඨාසයක් වන අතර රොඩී කියන්නෙ කුලයක්. හරියට ගොවිගම කුලේ, කරාව කුලේ කියනවා වගේ. උඩරට පැතිවල තාමත් යම්තරමකට තිබිය හැකිවුනත් කුලක්‍රමය අහෝසිවෙලා යද්දි මේවාත් බොහෝදුරට නැතිවෙලා ගිහිං..

    2. නියම විදියටනං කතරගම දෙවි කියන්නෙ මහසෙන් දෙවියන්ට තමා. නමුත් පසුකාලීනව හින්දු ආගමේ බලපෑමත් එක්ක මේක මාරුවෙනවා ස්කන්ධ (හෙවත් කාර්තික) ‍දෙවියන්ට. දැන් තියෙන කතරගම දේවාලෙ මුලින්ම හැදුවෙ ගැමුණු රජු මහසෙන් දෙවියන් නමින්. මට මතක විදියට ගැමුණු රජු අවසන් යුද්ධෙට යද්දි මහසෙන් දෙවියන් විසින් යම් විවරණ දීමක් සිදුකරනවා මේ ස්ථානයේදි. ඒ වෙනුවෙන් තමා දේවාලය පිහිටවන්නෙ..

    පලි: මකරා කිවුවා වගේ මේවා දැනගත්තෙ ඉස්කෝලෙ ගිහිං විතරක් නෙවෙයි. දන්න දා ඉදං ගෙදර තිබුනෙ කියවන පරිසරයක්. අම්මා, තාත්තා, නැන්දලා මාමලා හැමෝම එහෙමයි. ගමේ ගියත් ගෙදර පොත් පුරවලා හරියට පුස්තකාලෙ වගේ. ඉතිං යන්තං අකුරු කියවන්න පුළුවන් කාලෙ ඉදං ලොකු ලොකු පොත් කියවපු එක තමා විනෝදාංශෙ වුනේ..

    ReplyDelete
  49. නියම ම විස්තරයක් ලැබුන ඔයාල දෙන්නගෙන්.. ස්තුතියි..

    ReplyDelete
  50. @ වේජනා..

    "අනේ ලකර කළ පුර අප නර පාය
    පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය.."

    මෙතන මහසෙන් දෙව් රද පාය කියන්නෙ කතරගම තියෙන කතරගම දේවාලෙට නෙවෙයි. මේ කියන්නෙ කෝට්ටේ (ජයවර්ධන පුර) තියෙන කතරගම දේවාලෙ ගැනයි. බලන්න 3වන හා 4වන පේළි දෙකම. "අපේ නගරය අලංකාර කරන මහසෙන් දෙවියන්ගේ පාය (දේවාලය) බලන්න" කියලනෙ කියන්නෙ. මේ කවිය තියෙන්නෙ ගමන පටංගන්නකොට සැළලිහිනියාට කියන මගවැනුම් වලයි..

    http://epothgula.org/selalihiniya/sel-full/

    ReplyDelete
  51. වැදගත් ලිපියක් අයියේ හුගාක් දේ තිබුනා ඉගෙනගන්න...ජය ඔබට

    ReplyDelete
  52. Buratheno

    සැලලිහිනියෙ මම ආසම කරන කවි ටික ඔක්කොම ඒ ලින්ක් එකේ තියෙනව නෙ.. thank u

    ReplyDelete
  53. තවත් දෙයක් මතක්වුනා. බලන්න ඒ කවියෙ 2වන පදය. "රනේ යටග සැවුළිඳු දද ගළපාය.." ඒ කියන්නෙ සැවුළන්ගෙ ලකුණ සහිත කොඩි.. ස්කන්ධගෙ ලකුණ මොණරා වුනාට මහසෙන් දෙවියන්ගෙ ලකුණ සැවුළා (කුකුළා).. ඒකනෙ රැපියෙල් තෙන්නකෝන් ලිවුවෙ "මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා" කියලා..

    ReplyDelete
  54. උණුසුම් පිළිගැණීමට බෙහෙවින් ස්තූතියි! තිස්ස.. :)

    ReplyDelete
  55. පොච්චියේ මෙ කතා බහ දුර දිග ගිහින් තියෙන තරමක්.

    අර කවුද අහළා තිබුනේ රොඩී කුලය ගැන..මට මතක විදියට ඒ ගැන එදා හෙළ දිව (රොබට් නෝක්ස්) පොතේ වෙනම පරිච්ඡෙදයක් තියෙනවා.

    ReplyDelete
  56. සිංදුවක් ගත්තම කොයි තරම් තේරුමක් තියෙනවද, ඇත්තටම තිස්ස අයියේ අපි සිංදු ඇහුවට තේරුම හිතන්නැහැනේ.

    ReplyDelete
  57. දහඅට වන්නම් වල සිංදු ටික අහන්න ආසයි. දාන්නකෝ තිස්ස අයියේ ඒ ගැනත් post එකක්.

    ReplyDelete
  58. @Jeewani: නෑනේ නංගියේ මා ගාව...
    ආ ඇයි මේ ඔයාගේ Profile එක නැත්තේ... ඉස්සර බ්ලොග් එකකුත් තිබුනා නේද...? දැන් මකලද ඒක...?

    ReplyDelete
  59. http://hadageepotha.blogspot.com/2010/08/blog-post_12.html?showComment=1281629111074#c9066198846758990445

    ඔන්න ඔය කොමෙන්ටුවේ කියා තිබෙන කොට්ටප්පරි රතනසාර කතාව මොකක්ද තිස්ස අයියේ ?

    ReplyDelete
  60. තේරුම නම් හරියට දන්නෑ මල්ලී - අර සබඳ පබිලිස් එකේ ජයලත් මනෝරත්න නිතරම කියාපු එකක් - මොකක් හරි ගැමි වහරක් වෙන්නෑති - යම් තේරුමකුත් නැතිවාම වෙන්න බෑ.

    ReplyDelete
  61. හී හී. මේ සින්දුව ආපහු අහන්න ආපු වෙලේ පරණ කමෙන්ට් ටික ඔක්කොම කියෙවුවා :)

    ReplyDelete
  62. චානක මල්ලීත ලොකු දායකත්වයක් දැරුවා මගේ බ්ලොග් එකේ හරවත් කථාබහට
    ස්තූතියි ඒකටත් බොහොම

    ReplyDelete
  63. ඒක නෙවෙයි තිස්ස අයියෙ. නැද්ද මේවර කෙළියෙ කවි ගායනාවක් එහෙම ? තියෙනවනම් දාන්නකො

    ReplyDelete

 
Blogger Wordpress Gadgets