අකලට වට මහ වරුසාවක් සේ...| තොල ගෑ අමාවේ රහා..

A වෙත.

මේ ලියුම ලියන්නේ කථා කරලා කිව්වොත් මට මේක කියන්න බැරි වෙන නිසා. කිසිම හේතුවක් නැතිව මාව නිකන් කඩමාල්ලක් වාගේ අමතක කරලා ඔහේ හිටිය අවුරුදු ගනන, ඔයා, ඔයාගේ දියුණුවට ගමන් කරන්න යොදාගත්තට මම ඒ කාලේ ගතකල හැටි දන්නේ මම විතරයි. මෝරලා තිබිච්ච නැති මගේ හිත ඇතුලට, මම දුර්වල හැඟීම් බරවුණු වෙලාවක් බලලා රිංගපු ඔයාව, මට මගේ ලෝකෙම වුණා.

 ඒ සියලු දේම එහෙම්මම් තියෙද්දී, මෙහෙම මගේ ලෝකෙට ආවේ ඇයි ආයෙමත් අනාරාධිතවම?
මම දැන් නිවී සැනහිච්චි පවුල් ජීවිතයක් ගතකරන බව ඔයා හොඳින්ම දන්නවා, එහෙම නැත්නම් ඔයා ඒක උවමනාවෙන්ම අමතක කරනවා.

මට ඇත්ත කියන්න, එදා මගේ මුහුණට මුණගැහුණේ හොඳිනම සැලසුම් කරලා නේද? ඒක අහම්බයක් නෙවී නේද? අවාසනාවට මගේ හිත එදාත් දුර්වල වුණා අතීතයේදී වාගෙම. ඉන් පස්සේ මට මුහුණ දෙන්න වුණු දේවල් කියලම මේ ලියමන නවත්තන්නම්.

කවි ලියන්න තියා හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැති මගේ අතින් එදා ගෙදර ඇවිත් කවියක් ලියැවුණේ කොහොමද කියලා මම වත් දන්නේ නෑ. අපේ අතීත මතකයන් වාගෙම, අල්මාරියේ යටින්ම ගහලා තිබිච්ච කවිය ලියවිච්ච කොලය, හැඳුනුම් පත නැතිවෙලා කාමරය අනික් පැත්ත දදා සොයාපු ඔහුගේ අතට පත්වුණා. වෙනදා ගෙදරින් පිටත්වෙලා ආපහු යනකොට මගේ බෙල්ල බදාගෙන අඬන මනුස්සයා එදා "මම ගිහින් එන්නම්" කියලා විතරයි කීවේ. ඒ ඇස්වල හැන්ගිච්ච කඳුලු බින්දු මම අඳුනනවා හොඳින්ම. පව්, ඒ මනුස්සයාට එහෙම කරන්න තියා හිතන්නවත් වටින්නේ නෑ. කෙනෙක්ගේ පළමු ආදරේ - අමතක නොකල හැකි ආදරේ - වන්දිය මම ගෙවනවා. වෙනදට දවස ගානේ කථා කරපු මනුස්සයා දැන් කෙටි පණිවිඩයක් විතරයි. ඒ හිත රිදිලා. එයා එහෙම ඉන්නේ එහෙම උණාම බව මම දන්නවා. කරුණාකරලා අයේ මට කථාකරන්න උත්සාහ කරන්න එපා. පණිවිඩ එවන්නත් එපා. අහසින් පාත්වුණා වාගේ මූණ ඉස්සරහට එන්නත් එපා දෙයියනේ. මට නිවී හැනහිල්ලේ ඉන්න දෙන්න. මට මේක මෙතනින් නවත්තන්න ඕනේ.

මීට B
-------------------------------------------------------------------------------------------------------------
C වෙත

ඔයාට පුදුමත් ඇති මම ඔයාට ලියුමක් ලියන එකට නේ...? පුලුවන්නම් මට කථාකරන්න මේ ලියුම කියවලා... ඔව් මම දන්නවා ඔයා අහයි ඇයි ආයේ කථා කරන්න එපා කියපු මමම මෙහෙම ලියුම් ලියන්නේ කියලා නේ...? නමුත් අනෙක් හැමෝටම වඩා යාලුවෙක් විදිහට මට ලංවෙච්චි ඔයාට විතරයි මේක කියන්න පුලුවන්... අසීමිත නිදහසක් බුක්තිවිඳිත්දිත් මම ඔයා එක්ක යාලුවෙක් විදිහට ඉන්න උත්සාහ කලේ, මම මේ ගමන ආවේ වෙන අරමුණක් නිසා බව ඔයා දන්නවා... ඒක ඔයාට ඉහිලුම් නොදෙන කාරණයක් වුණත් මට අර මණුස්සයාගේ මූණ මතක්වෙණකොට එහෙම නොවී ඉන්න බැරි වුණා.. ඒත් මම එහෙම ලොකුවට හිතා හිටි දේවල් බිඳවැටෙන්න ගියේ එක මොහොතයි... මා වෙණුවෙන් කවදාවක්වත්ම එලියට නොආපු කවි සිත් දැන් පහලවෙන්න පටන් අරන්... මෝටර් ස්පෙයාර්ස් කඩේ නිශාන්ත අයියා මුණගැහිච්ච් වෙලාවක කථාවේ ඉතිරි හරිය සම්පූර්ණ කරගන්න මට පුලුවන් වුණා...
ඔයා අහලා ඇතිනේ අර සින්දුව..."මගේ මුවින් මම ලොවට කියා ඇත..." දැන් මට කෙනෙක් එක්ක කථා කරන්නවත් මූණ බලන්නවත් හිතක් නෑ... ඔ‍ෆිස් එකෙන් ආපු ගමන් කොහේ වත් නොයා මේකේ අතුලටම වෙලා ඉන්නවා... රෙස්ට්ටොරන්ට් එකේ බාර්මන් මට පොඩි පිහිටක් වෙලා තියනවා තාව කාලිකව... ආත්මාර්ථකාමී ඉල්ලීමක් උනත් වෙලා තියේනම් කථාකරන්න...

මීට D




අකලට වට මහ වරුසාවක් සේ...
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ...
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක...
ඇයිදෝ යළි ආවේ...

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ...
සතු‍ටු කඳුලු නුවනත සිඳුනාදෝ...
ආදර අතීත නටඹුන් අතරේ...
මන්දිර මැව්වාදෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා...
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා...
රජෙකුට හිමිවුන මා දැන් ‍රැජිනකි...
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ...
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ...
විමසන වදනට පිලිතුරු දෙන්නම්...
ලඟකදි ලබන දිනේ...

------------------------------------------------------------------------------------------------
තොල ගෑ අමාවේ රහා...
තොලට හුරු වෙලා...
නොකරණු චෝදනා...
මා අසරණයි...
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ...

මහද හඬන හඬ ලොවක් පුරා...
ඇසුනොත් කියයි....
මගේ මනාප ඇගේ මනාප රෑ දෙපොලක නිදයි....
මා කොතැන කොහි ගියත් එන්නේ ගෙටයි...

නැවත හෙටද එයි දිනක් ලඳේ...
එදිනත් මගෙයි....
ඔබ නිසාම දුක් වුනාට හදවත හඬයි...
ඒ කඳුලු හඬ දෙතැයි දෙනුවන් කියයි...

Read More!

මා වාගේ ලඟින් උන් මා වාගේ...

මා වාගේ ලඟින් උන් මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දැතක පැටලී උන්නේ....
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ....
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ....

මා වාගේ ලඟින් උන් මා වාගේ...
කීවේ දුක් කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
Read More!

ආලේ මිහිර පෙන්නා... | හෙලේ වලේ ලෝ එලමා...

මින් අවුරුදු දහයකට දොලහකට පමණ පෙර යුරෝපීය රටක පුහුණුවක් සදහා යාමට මට අවස්ථාවක් ලැබුණි... මාස එකහමාරක පමණ කාලයක් ගතවන ඒ පුහුණුවට මගෙන් පසු යාමට ලැබුනේ අලුතින් පත්වූ මගේ කලමණාකාරවරයාටය... රාජ්‍ය සේවයේදී විදේශීය පුහුණු වලට ඇති පොරය දන්නේ රාජ්‍ය අංශයේ සේවය කල අයම පමණි... යන්නාවූ රට ආර්ථික වශයෙන් ලංකාවට වඩා ඉහල තැනක ඇත්තක් නම් මේ පොරය ඉතාම උග්‍රවේ...

මෙවැනි බොහෝ පුහුණු පාඨාමාලා අවසානයේ සංස්කෘතික දැක්මක් අනිවාර්‍ය වේ... සහභාගී වන්නන්ද තමතමනට ආවේණික සංස්කෘතිකාංගයක් එලිදැක්වීමද කලයුතු වන අවස්ථාද සුලභ වේ... ඊලඟට පුහුණුව සඳහා යායුතුව තිබූ මගේ කණිෂ්ඨ සගයාද පසෙකට තල්ලු කොට, මේ ගමන ගොස් පැමිණි කලමනාකරු, ගමන් විස්තර විමසනාතුරේදී මෙවැණි කථාවක් අප හමුවේ තැබීය... "බලන්නකෝ මේ හැම රටකම මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ කියලා ඉදිරිපත් කරන්න යමක් තියනවා.. අපිට මොකුත් නෑනේ...!"
------------------------------------------------------------------------------------------------------
1950 අග භාගයේ චිත්‍රපට ගීතය අරක්ගෙන තිබුණු ඉන්දියානු ආවේශයට නොබියව මුහුණ දුන් තවත් එක් අසහාය කලාකරුවෙක් නම් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය... 1958 "එකමත් එක රටක" චිත්‍රපටියේ සිට 1994 "යුවතිපති" චිත්‍රපටය දක්වා චිත්‍රපට දහතුනකට පමණ හේ නොබියව ස්වතන්ත්‍ර තණු නිර්මාණය කලේය... පලමු, දෙවනි චිත්‍රපට ගී ජනප්‍රිය නොවුනද 1959 දී "The Fabulous Señorita" (හින්දි - "අල්බේලා" - රාමචන්ද්‍ර 1951) ඇසුරෙන් නිපදවුනු "ගැහැණු ගැට" චිත්‍රපටයේ එන "ආලේ මිහිර පෙන්නා..." නැමැති මේ ගීය අදද බොහෝ කන්කළුය... මා මේ ගීයට තවත් ප්‍රිය කරණ තවත් හේතුවක් නම් මේ ගීය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්ම සර්පිනාව වයමින් ගායනාකරනවා මා අසා තිබීමය... පසුබිමින් ඇහෙන සතුන්ගේ නාද පලමු වරට අත්හදා බැලීමක් ලෙස ගීයට එක්කල බව ඔහු එදා කීවේය... එච් ආර් ජෝතිපාලයන් හා ඇන්ජලීන් ගුණතිලකයන් ගේ බොහෝ සොඳුරු තාරුණ්‍යයේ කටහඬද මේ ගීයට මුසු වී ඇත්තේය... ගීයේ පද නිර්මාණය සිසිරකුමාර මානික්ක ආරච්චි කලාකරුවාණන්ගෙනි...

"හෙලවෙන කොට වැල් පාලම...", "යුද්දෙට මං ගියා..." ඇතුලු ගීත ඇති හෙන්රි ජයසේනයන්ගේ "හුණු වටයේ කථාවේ සංගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේය... මේවායින් බොහෝ කලකට පසුව වුවද පද රචනය කොට තණු නිමවා කාංචනා සඳමාලී විසින් ගයන්නා කරවන්නට යෙදුන "හෙලේ වලේ ලෝ එලමා..." ගීතයද, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්, රුසියාවට ශිෂ්‍යත්වයක් ලැබ ගොස් ආපසු පැමිණ "ස්වර හතරක් තියාගෙන අපේ සංගීතයෙන් මොකක්ද කරන්න පුලුවන්...?" යැයි ඇසූවනට මුවින් නොබැන දුන් පිලිතුරු වලට තවත් ජීවමාන සාක්කියකි...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා...
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා...
හෝ....ඕ...

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා...
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා...
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා...
හෝ....ඕ... ම්ම්ම් ම්ම්ම්....

මුව පැටවුන් හා රඟන නිදැල්ලේ....
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ...
ගිජිඳුන්ගේ ආලෙන් වනමල් සිනාසේ...
ආදරේ රසේ ඒ තමා ලොවේ...
ආලේ මිහිර...

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා...
ඒ ප්‍රේම කිරුල ඔබේ හිසේ පලන්දා...
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්...
විඳිමු ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර....

---------------------------------------------------------------------------------

හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හෙලේ වලේ ලෝ එලමා.... ලේ ලකඩි ලේලෝ....
හේලයියා හේලා... හේලවලේ හේලා....
හේලයියා හේලා... හේලවලේ හේලා....

ඕරුද ලොකු මෝරූ... දඟලපි ලඟ පාරූ....
ඇදපන් දැල මාරූ... නොදොඩන් කයිවාරූ...
අඟුලෝ සාවාලයෝ කකුලුවෝ වට්ටාලයෝ...
හුංගොද ලොකු සාලයෝ... ඉන්නවා තව කීලයෝ..

හෙලේ වලේ ලෝ එලමා...

හුරුල්ලෝ ක‍ටුවල්ලෝ... තොණ්ඩයෝ කාරල්ලෝ....
බෝල්ලු කිරලාවෝ... ඉන්නව ලොකු දැල්ලෝ....
හුලුන්නෝ කන්නාවෝ... කලන්දෝ කට්ටාවෝ...
මරින්නෝ අයිරාවෝ... නගරයො පොරකෑවෝ...

හෙලේ වලේ ලෝ එලමා...

කොළඹ යවන මාලූ... ඔහෙ ඇදපන් යාලූ....
මඩියත් තදවීලූ... බරටම දැනුනේලූ....
ගින්නටි හඳපානෝ... කෑහැකි සිරිමානෝ...
හොයි ඇදපන් බෑනෝ.... මණ්ඩඩි අතපානෝ....

ගීත අහන්න... .
Read More!
 
Blogger Wordpress Gadgets