සරා සොඳුරු මල් පැටලී බිඳී නොයන ජීවිතයයි....

මේක "හන්තානේ කතාව" චිත්‍රපටියේ ගීයක්...පේරාදෙණිය කැම්පස් එක පසුබිම් වෙච්චි චිත්‍රපටියක්... රඟපාන්නේ ස්වර්ණයි විජයයි... හරිම සුන්දර චිත්‍රපටියක්... කියන්නේ නන්දයි, වික්ටරුයි... එක කාලෙක කේමදාස මාස්ටර් පැටලිලා හිටියා ඩබ් ඩී අමරදේව මාස්ටර් සහ ඩබ් ඩී ආරියදාස අතර හබයකට... ඒ වෙලාවේ හබය ගැන කියන ගමන් මේ සිංදුව ගැනත් කිව්වා... මේක මුලින් කියන්න හිටියේ වික්ටර් නෙවෙයිලු... ගණුදෙනු ප්‍රස්නයක් නිසා, එයාව හලලා වික්ටර්ව ගත්තලු... වික්ටර්ගේ මුල්ම කාලේ කටහඬ දැනටත් වඩා හරිම මිහිරියි... ඔබත් ආසද බලන්න... මේකේ පද වැල් ඉස්පාසුවෙන් කියවන ගමන් අහන්න... සසල හා නිසල හදවත් දෙකක් ගැන නේද මේ කියන්නේ....?

සරා සොඳුරු මල් පැටලී, බිඳී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී, සිහින සදන ජීවිතයයි

කැකුලු සිනා මුතු එලියේ අඳුරු ළෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ... සැලේ…

වනේ මලට හද විමනේ, බඹරු වඩින ජීවිතයයි
පිපාසතවු මරු කතරේ, පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ, අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ... නිවේ...

කුණාටු මැද බොල් අහසේ, එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන, අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමනයි… සැලේ මහද සැලේ... සැලේ…

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න
Read More!

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නෑවෙනා...

දුම්රියක හඬ පසුබිමට ඇරන් නිර්මාණය වෙච්චි ලස්සන ගී දෙකක් මගේ මතකයේ තියනවා... එකක් මේක... අනික රූපා ඉන්දුමතී ගයන "විදුලි දුම්රියේ චංචල නාදය..." මම කෝච්චි වල නම් වැඩිය ගොහින් නෑ.... හැබැයි ඒ කාලේ බස් එකේ එකට වාඩි වෙලා ඇවිත්, ඈ බැහැලා යනකොටනම් ඉවසන්නම බෑ... මේ ගීය පෙම්ව්තියටම නොවූවත්, දුරස්ත ප්‍රේමයක් ගැන කතාවක්... කදිම තනුවක්, කදිම සංගීතය... රස විඳලම බලන්න

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය, ඇයගේ සුවඳින් නෑවෙනා...
ආලකමන්දා පුරයකි ආදර, පුරහඳ දහසක් පායනා...

දිවයන තුරුවැල්, හිනැහෙන දියවැල්, දිව මල් දිව සලු තාරකා...
ඇගේ දෙනෙත් මැද මා නෙත් ගිනිගෙන, චංචල මංගල චාරිකා...

රිය නැවතුන සඳ, දෑත වනා ඈ යන්න ගියා මැකිලා....

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා,
කෝ රණ මොණරුන්, මිහිලොල් බඹරුන්, ගුමු ගුමු පෙම් ගී ගායනා...
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා....

කැරකෙන රියසක ගොරහැඩි හඬ මැද හදවත කලඹයි වේදනා...
යලි හෙට දවසේ, සැන්දෑ යාමේ ඇගේ නුවන් යුග වාසනා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...

"සොඳුරු සිත"ලියන "වත් " ක්ණස්සල්ලෙන් වාගේ... කණස්සලෙන් උනත් අපූරු බ්ලොග් සටහනක් දාලා තිබ්බා... මට ශ්‍රීමතිගේ තවත් අපූරු සිංදුවක් මතක් උනා....මෙබඳු සිතිවිලි එන්නේ ප්‍රෙම්ට හැර වෙන කවුරුන්ටද...?



අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...
අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ...

චන්දන සුවඳින් නැහැවී හිමගත වණ අරණ තුලින්
ඔබ මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉසලා..

සතුටු සුවය තුරුලු කරන් නිදහනයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

පියමඳහස මුව මුකුලු මවා...

අපේ රටේ ගීත රචක, ගායක යුගලයන් ඉන්නවා නේද...? සුනිල් ආරියරත්න / නන්දා මාලිනී, මහගම සේකර / අමරදේව, රත්නශ්‍රී / දිවුල්ගනේ... එතකොට ප්‍රේමකීර්ති... දෙයියනේ, ඒ මනුස්සයා කොච්චර නම් ලස්සනම ගී කී දෙනෙකුට ලිව්වද...? වික්ටර්, ශ්‍රීමතී, මර්වින්, ෆ්‍රෙඩී ඒ අතරින් විශේෂයි... ශ්‍රීමතී තිලකරත්න කියපු ගී වැඩි හරියක් ලියා ඇත්තේ ප්‍රේමකීර්ති... මේ ගීතය මගේ මව මා කුඩා කාලයේදී මුමුණවා මට තාමත් මතකයි... මේ වාගෙ පද අහන්නවත් ලැබෙනවද අද..."මගෙ තනි කම පිස ලවන පබා..." අහන්න ලැබෙන්නෙත් වෙන වෙන පබාලා ගැන නේ...
බලන්න ප්‍රෙම් ගේ ප්‍රතිභාව මේ ගීය අහලම... (මොන හිතකින් මේ මනුස්සයාට වෙඩි තිබ්බද දෙයියනේ....?)

පියමඳහස මුව මුකුලු මවා...මඳ සුලඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ළවන පබා... මට ගෙන එනුමැනවි සඳේ...
සියපත් මත ඔබෙ සුවඳ උලා... වන බඹරුන් ඉගිල ගියා...
පවසනු මැන මට මියුරු කතා... ඔබෙ හිස මගෙ උකුලෙ තියා...
මගෙ සිත ලඟ මල් පොකුරු දරා... ඔබෙ කටහඬ ඇසෙන පැයේ...
නිදිබර නෙත නිදි නැතිව අයා... මා කළඹයි සොඳුරු රැයේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
Read More!

ජන්ම භූමි වන්දනා...

අද හිතට යන්තමින් සැහැල්ලු දවසක්... ඔය කතිරයකින් ගොඩක් දේවල් කියන්න බෑ... මේ අවදානම්
අවස්ථාවේ අපේ මිනිස්සු යමක් තේරුවා... රට ගැන, මිනිස්සු ගැන යම් හැඟීමක් හිතෙන වෙලාවේ, ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ මධුරතම තනුවක්... වික්ටර් රත්නායක ගේ හඬින්... මගේ දේශපාලන මතය එක්ක ඔබ එකඟ නොවුනත් ගීතය රසවිඳින්න.. මට මගේ ජන්ම භූමිය උතුම්ය....

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

සූර්‍ය රාජයා ඇදී, ‍රැස් විදා වඳී උදේ..
සිව් මහා ගඟුන් රිදී, ගී ගයා වයා ඇදේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

මේ බිමේ පොලෝ තලේ, පෑගුනත් ලැබේ බලේ..
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...ලොව රම්‍ය භූමි වූ...

ජන්ම භූමි වන්දනා, පුණ්‍ය භූමි වූ...
මාතෘ භූමි වන්දනා, ස්වර්ණ භූමි වූ...
ලොව රම්‍ය භූමි වූ...ලොව පුණ්‍ය භූමි වූ...

සිංදුව අහන්න... බාගන්න ඕන්නම්...
Read More!

ඔබට වසඟ වූ දෑසක අබිමන්...

ඒ කාලේ මට අවුරුදු 21 යි... කැම්පස් යන්න සූදානම... කවදාවත් තරුණියකට ඇහැ නොගිය මට ඇය වෙත
ඇහැ ගියා... මාස ගනනාවක් හිතේ තියාගෙන ඉඳලා ඉඳලා ඔන්න ඇයගේ කැමත්ත විමසුවා... ඔන්න ඔය කාලයේදී මගේ මුවේ ‍රැව් හුන් ගීයක් තමා මේ... සනත් නන්දසිරිගේ මනස්කාන්තම ගීයක්... රේඩියෝව දැම්මොත් යන්නේම ඔහුගේ "මමනම් ආසයි අහන්න නයනා..." තමයි... සනත්ගේ කොපමණ ලස්සන ගී තිබ්බත්... අහලම බලන්න... ඔබේ වින්දනය සටහන් කරලත් යන්න...
(එතකොට කෝ ඇය..? "පෙර දිනයක මා පෙම්කල යුවතිය මා පුතු නලවනවා...")

ඔබට වසඟ වූ දෑසක අබිමන්, සඟවා විසිතුරු තුරුණු ලයේ...
සුසුම් කුණා‍ටුව ගලා ගියාදෙන්, එය මට සුවයකි කුමාරියේ...

කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස, තාමත් රහසකි ඔබට ලඳේ...
පාලු හුදකලා තාපය අතරේ, සතු‍ටු උදානය සිතක ඇඳේ...

ඔබ වෙත ඈ‍ඳෙන සිතිවිලි දැවටී, නිදිබර හදවත අවදි කලා...
මා පැතු ආදර සිහිනය එපමණි, චංචල සිත අද නිහඬ වෙලා...

සිංදුව අහන්න...
Read More!
 
Blogger Wordpress Gadgets